අචින්තයි අපේ ආදරේ 10

‘ගුඩ් මෝනින්ග් මැඩම්…සුදු

කන ගාවින් සීනුවක් වදිනවා වගෙ ඈහුනු සද්දෙන් අතේ තිබ්බ කිරි එකත් හැලුනා..මොනා කරනවද මන්දා..

මන් තොල් හපන් එරෙව්වා….මෙයා මුකුත් නොවුනු ගානට චූටියව හිබිනවා…

මැට්ටි…සොරි…ආ මෙන්න

එයාගෙ කිරි එකින් බාගයක් බීලා මට දික්කලා…

මට එපා…ඔයා බොන්න…

මට ඔයාට පොවන්න ඕනි නෑ…මේකේ මෙලෝ රහක් නෑ..මේ බලනවා සීනී මදී

එයා බලෙන්ම මට කිරි එක පෙව්වා…අනෙ මෙයාගෙ බොරූ….

චූටීයෝ…එක්කෙනෙක් තේ එපා කීවා දැන් බලපුවම මන්ඩි ටිකත් බීලා…

එයා චූටියගෙ ඔලුව අතගගා කියනවා…දැන් චූටී ඉන්නෙ බිත්ති කන්ඩිය උඩ…

චූටි සමහර අය බලෙන් තමයි හැමදේම කරන්න එන්නෙ..ලොකු කම වැඩියී..ඔයා නම් එහෙම හැදෙන්න එපා චූටී…

මමත් චූටියගෙ ඔලුව අත ගගා කීවා…

චූටී ටිකක් සුදු උනාම ආප්ප හරි ගනන් නේද…

ආප්ප කන්න හරි පුලුවන් චූටී…ඒ වුනාට ඉසකුඩිච්චි බෑනේ…

මොකක්ද චූටී ඉසකුඩිච්චි කියන්නේ…

ඉසකුඩිච්චි කියන්නෙ චූටීයෝ ඔය ඔලොව උඩ බැදන් ඉන්නෙ අන්න ඒකට..හරියට අර චන්ගුමීලාග්ගෙ කොරියන් කොල්ලො වගෙ ..බමුනෙක් වගේ..

චූටී ඔය ආප්ප මොනා කීවත් මට වැඩක් නෑ කියන්න..මන් කරන්නෙ මට ඕනී දේ…

මටත් එක එක්කෙනාව හදන්න ඕනී නෑ කියන්න චූටී…හුම්..සමහරු හිතන් ඉන්නෙ ලස්සනයි කියලා..ඒත් දකින අපිටනි පේන්නි ලස්සන…

චූටී එට්තනින් නැගිටලා ගිය නිසා අපේ කතාව එතනින් නැවතුනා…ඇත්ත එක අතකින් මට මොකටද එයාගෙ කොන්ඩෙ වැවුවත් නැතත්…මන් එයාගෙ කවුද එයා මන් කියන දේ අහන්න…

එදා දවසම ආයෙ මන් එයාව දැක්කෙ නෑ..මමත් එක එක වැඩ වලට හිර වෙලා..හෙට උදේ නන්ගව නාවන නිසා ඒ වැඩ වලට එයා හිර වෙලා..

පබාලගෙ නෑදෑයො දෙන්නෙක් තුන් දෙනෙකුත් ආවා ගෙදර..සුමනා අම්මා එයාලට මාව අදුන්නලා දුන්නා..හැමෝම කීවේ මන් පබාලගෙ අම්මා වගේලූ..මම් ඉතින් දැකලා නෑනී..එයා ලගදිම එනවලුනෙ .එතකොට මටම බලාගන්න පුලුවන් වෙයිලු..

ඒ ඇවිත් උන්නෙ පබාගෙ ලොකු නැන්දයි එයාගෙ මහත්තයයි දුවයි..ඉතින් මෙයාලට මෙහෙ ඉන්න් ඒ හැටි ඉඩකුත් නෑ..අනික ස්නේහා නන්ගගෙ තනියට නැන්දගෙ දුවත් ඉන්න නිසා මන් කරන්න තියෙන වැඩක් බලලා කරලා දීලා අපේ ඇනෙක්ස් එකට ආවා..

හවස නාලා අපෙ කට්ටිය එනකම් බලන් උන්නා..

කට්ටියට හරි සතුටුයි මන් ආව එකට..ඒත් මන්මොනා හරි දෙයක් ඇතෑරලා ආවා වගෙ මගෙ හිත කියනවා..චූටීයා නම් මාව බලන්න ආවා…මන් සැරින් සැරෙ බැල්කනි එකෙන් එබිලා පිට්ටනියෙ හරි පබා ඉන්නවද කියලා බැලුවත් මන් එයාව දැක්කෙ නෑ..

මගෙ ඇස් එයාව හොයන්නෙ ඇයි…එයා ගැන වද වෙන්නෙ ඇයි කිය්න්න මටම තේරේන්නෙ නෑ…

ඊයේ පෙරේද දවස් ඇත්තටම මතක් වෙනවා..ඇදට නිදාගන්න ඇවිත් දැන් පැයකටත් වැඩියී..අනිත් අය නම් හොදට නිදි..ඒත් අද නින්ද මන් එක්ක තරහා වෙලා වගෙ..ඒ ඇයි…

පබා ඊයෙ වගේම අදත් ගොඩක් රැ වෙනකම් බිබී ඉදීද..මොකට බොනවද මන්දා රටෙ නැති හැම ජහජරාවම..ඕවා බීලා මොනා හරි උනොත්..හුම් ඒත් එයා ගැන ඔච්ච්‍රම හිතන්න තරම් මට මොකක්ද මෙ හැදිලා තියෙන පිස්සුව..

නිදාගන්න කියලා හිතන් ආයෙම පෝන් එක අරගත්තෙ පෝන් එක ඕෆ් කරලා දාන්න..කවුද ඉතින් මේ මහ රෑ මට කෝල් කරන්න ඉන්නෙ..ලබන සතියෙ ගෙදර යන්න ඕනී..අප්පච්චි ඇහුවත් එක්ක නිවාඩු දවස් වැටිලා නිකමටවත් ඇයි ආවෙ නැත්තෙ කිය්ලා…

Modi

මේ කවුද මහ රැ මට මෝඩී කියන්නෙ..

Oya kawda

Ane modi..mataka naha ni…ay giye a

Ay giye ahanne..kawda..kohenda..

Ape gedarin ne modiye..

Oya pabaa dha

Ow e baba thama..

Ah

Ah thamyi..mn call ekak gannam answer karanawa balkani ekata awith…

මේ පබා නෙ..කෝල් කරලා මට බනින්න වගෙ හදන්නෙ..ඒත් එයා කියන කියන හැමදේම මන් කරන්න ඕනීද..

ඇදෙන් බැහලා හිමින් බැල්කනි එකට අවෙ..මගෙ කකුල් මටත් අවනත නැතුව..ඇයි පබාට මම් මෙච්ච්‍ර බය..

පෝන් එක රින් වෙනවා…

හෙලෝ

අනෙ අනෙ මෝඩි මන් නැති වෙලේ ගියා නේද ආ..ඇයි ගියෙ

ඔයාලගෙ නෑදෑයො ඇවිත් නෙ ඉන්නෙ..ඉතින් නන්ගගෙ තනියට ඒ අය ඉන්නවනි..

හුම් හුන්..කැමැත්තක්..හෙට එනවා නේද

කොහිද

හෙට පුන්චි පාටි එකක් තියෙ..නිරූ අක්කට හවස කීවා මන්..කොහෙද සුදු ආප්පෙ පැනල ගිහින්නෙ මන් එද්දි..එක අතකට ඒකත් හොදයි..මල වදෙ..මේ දවස් දෙකෙ උන්නෙ හෙන අමාරුවෙන්..ගද උහුලන්..සුදු ආප්පයක් ගෙ..

හා ඇත්තද..ඉන්නවකො ආයෙම මන් එන්නෙම නෑ ..හොයා ගන්නවකො සුවද කෙනෙක්ව…හුම්

මන් තරහටම පෝන් එක තිව්වා..අපි ඉතින් ගදයි නෙ..හොයා ගනීනේ සුවද එක්කෙනෙක්..හුම්..ඒත් එයා මෙහම කීවා කිය්ලා ඇයි මන් එයාට කියන්න් ගියෙ වෙන කෙනෙක් හොයා ගන්න කියල..මටත් නම් පිස්සු.

ඒ පාර ආයෙමත් රින්ග් වෙනවා .මන් ආන්සර් කරන්න ගියෙ නැ..හැම තිස්සෙම මගෙ හිතම පාරනවා…ඇයි අනෙ..

තුන් වෙනි පාර රින් වෙද්දි මන් ආන්සර් කලා..

මොකද

ටිකක් බැල්කනි එකට එනවා ආයෙමත්

මට බෑ

එනවකො ගනන් උස්සන්නෙ නැතුව

සැරයක් කීවනි මට බෑ

දැන් එනවද් නැද්ද ආ..මන් එන්නද රූම් එකට ආ

මෙයා නම් මාව බය කරලම තමයි හැමදේම කර්‍ගන්න හදන්නෙ..

බෑ කීවට මන් දැන් ඉන්නෙ බැල්කනියෙ..කලුවරෙ දිලිසෙන මේ ඇස් චූටිගෙ..

චූටී

මන් චූටි ලගට ගියා..මොකක්ද මේ පාර්සලෙ ඉස්සෙලා තිබ්බෙ නෑ නෙ..

මෝඩි කෝ ඒ පාර නින්ද ගියාද..

නෑ ..ඉන්නවා චූටී..

ආහ් එලියට ආවද..චූටි ඉන්න තැන මොනා හරි තියෙනවා පේනවද

ම් ඔව් පාර්සලයක්..

හරි ඕක දෙන්න තමයි බැල්කනි එකට් එන්න කීවෙ..ඕක ගන්න..මන් තියෙනවා..ඔය චූටියව එවනව..මට ඌ නැතිව නින්ද යන්නෙ නැ..හෙට රෑ එන්න ඕනී..අපේ ෆ්ලැට් එකෙ ඕපන් බැල්කනි එකට..ඕකෙ ගුඩ් නයිට්…

මන් ගුඩ් නයිට් කියාන්නත් කලින් මෙයා තියලත් ඉවරයි..මොකක්ද මේ පාර්සලෙ..

ඒකත් අරන් රූම් එකට ගිහින් ලයිට් එක දැම්මා..

මොනාද මේ

ආනෙ මේ මේ අර

අනෙ මේ පෙරේඩා මන් බැලුව ගවුම..ඒක ඒක…

මැට්ටි මේ ගවුම ඇන්දම ඔයා ලස්සනට ඉදියි..මේ එක්කම ශූස් දෙකයි බෑන්ගල් එකයි ඉයර් රින් එකක්‍යු ඇති…මේවා ඇදන් එන්න ඕනී හරිද..එදා මන් අතෙ සල්ලි මදි උනා..නැත්තම් එදාම අරම් දෙනවා..මැට්ටිගෙ තේරීම ලස්සනයි..

මෙයා නම්ම්..අනේ..ඇත්තටම මන් මේ ගවුම එදා අතට අරන් ආයෙම දැම්මෙ ඒකෙ ගාන දැකලා..මෙයා මන් බලන් ඉන්නවා දකින්න ඇති…ම්ම්ම් ඒත් ඇයි මන් වෙනුවෙන් මේ දේවල් කරන්නෙ..

පබා ගැන හිත හිතාම මන් නින්දට වැටුනා…තැන්ක්ස් පබෝ..

–මතු සම්බන්දයී— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *