අචින්තයි අපේ ආදරේ 12

හැමෝම ඉන්නවා ඒත් කෝ පබා…මේ ඇස් එයාවම හොයන්නෙ ඇයි…

පබාගෙ යාලූවෝ සේරම බැහලා වැඩ.කාගෙත් අවදානෙ අපේ ටේබල් එකට..ඇයි ඉතින් කෙල්ලොම පස් දෙනෙක් නෙ…

කෑම බීම වලින් අඩුවක් නෑ..සුමනා අම්මා ඇවිත් මාව එක්කන් ගියා….

පුතෙ මේ ඉන්නෙ මන් කියපු දරුවා..හරියට අපේ නිම්මි වගේ මයි නේද..මේ දරුවා නොහිටින්න මේ විදියට ලස්සනට කරගන්න වෙන්නෙ නෑ…

ම්ම් ඇත්තමයි ඒ වගේ මයි..පොඩ්ඩි තව ලොකු උනාම මේ වගේම ඉදියී…

මේ ඇත්තටම කවුද…මන් සුමනාඅම්මගෙ මූන බැලුවා..

මේ දුවෙ පබාලගෙ තාත්තා..මන් කීවෙ මාසෙකට සැරයයි එන්නෙ කියලා…

අනෙ එහෙමද..හදුනාගැනීම සතුටක්..

ඊට පස්සෙ සුමනාම්මා එතනින් ගිය නිසා අපේ කතාව එතනින්ම නැවතුනා…පබාගෙ තාත්තා එක්ක කතා කරන්න තරම් දෙයක් නැති නිසා එයාට කියලා මන් එතනින් ආවා…

අම්මට සිරි කවුද බන් මේ අප්සරාවි..හදෙන් බැහැපු සුරන්ගනාවියෙක්ද

පොඩ්ඩක් හිටන්..මන් කැමරාවට් හසු කරගන්න කම්..

ඔහොම බෑ ඔහොම බෑ..සෙල්ෆි පාරක් දාමූ මචෝ..

අඩ්ඩඩ්ඩා මේ යේකත් අප්පා ශරි ශරි මේ අපේ ආප්ප ශුඩීනෙ අප්පා..ආව් ආව් බොශා මැරෙයි අප්පා…

ඔන්න සුදු ආප්පෙ අද මන් එක්ක ආ ඩාන්ස්..

පබාගෙ යාලූවො රොත්ත මාව වට කරන්..

කෝ එම්න ශුඩූ අපි දාමු ඩාන්ස් පාරක්..

එක්කෙනෙක් මගෙ අත බලෙන් අල්ලන් මට වද දෙනවා..බීලත් එක්ක ඉන්නෙ අයියෝ…

අයින් වෙයන්..ඇතෑරපන් ඔය සුදු ආප්පෙව..

කොල්ලො ටික වගේම මමත් ඒ හඩ ආව දිහාට හැරුනා…

ආහ් මේ කවුද…

අපි හැමෝම එ කෙනා දිහා බලන් උන්නා…මුලු පාටි එකම මොහොතකට නතර උනා වගේ…

පාටි එක ඉවර වෙද්දි කීය උනාද මන්දා..කෑම කාලා අපි ආවා..ආවා කියනවට වඩා මගෙ පෙරැත්තට කට්ටිය ආවා..කොටින්ම කීවෝත් ඉන්න ඕන කම තිබ්බත් පබා මාව එලෙව්වා..බීපූ කොල්ලො ගොඩේ ඉන්න එපා කියලා ..එයා කියන කියන හැමදේම මන් කරන්නෙ ඇයිද මන්දා..අනික එයා මන් ගැන ඕනවට වඩා ඔච්චරම හිතන්නෙ ඇයි…
ඕනී එකක් අපි නිදියනවෝ..ගුඩ් නයිට්..ඔයාට..
========
රෑ වෙලා නිදා ගත්තු නිසා තවත් නිදි මතයි වගෙ..අද ඒත් කැම්පස් යන්න ඕනී..
සීතලේ නාගෙනම දිග සායට නිල් පාට ටී එක ඇන්දා..කොන්ඩෙ තෙත නිසා ගොතන්නත් බෑ..නිකම් කටුවක් ගහන් බෑග් එකත් දාන් එලියට ආවා…පබා ඔයා ඇහරන්ද දන්නෙ නෑ..මට ඔයා බලන්නත් හිතයි..ඒත් ඔයාලගෙ තාත්තා ගෙදරනි..අනික ඔයා මන් ගැන මොනා හිතාවිද…මැසේජ් එකක් දාන්නත් හිතෙනවා..ඒත් ඕනී නෑ…
එහෙම්ම පාරට නැගලා කැම්පස් ආවා…මගෙ බැජ් එකෙ හොදම යාලූවා මින්දුලී..මින්දුලී මේ දවස් හතරෙ ගමේ ගිහිල්ලා..මමත් මෙහෙ ආවට පස්සෙ තාම ගෙදර ගියේ නෑ..මේ සතියෙ වත් යන්න ඕනී…
මින්දු මොකො බෑග් එක අදින්නෙ..ආ
මන් අම්මට කියලා කජු අලුවා හැදව ගත්තා..මේ ඔයාගෙ පන්ගුව..අනික සුපුන්ගෙ ..යමුද දීලා එන්න…
ම්ම් හා..
කජු අලුවා කෑල්ලක් කටෙ දාගෙනම අපි දෙන්නා ඉස්සරහට ගියා…
සුපුන් කියන්නෙ අපිට වඩා අවුරුදු දෙකක් කැම්පස් ආව කොල්ලෙක්..
සුපුන් උන්නෙ මැයිගස් යට…තනියමත් නෙමී..අර රන් ලගේ සෙට් එකත් එක්ක…
අපිව දැකලා සුපුන් නැගිටලා ආවා…මින්දුගෙ අතින් අල්ලන් කට්ටිය ඉන්න තැනට අපි දෙන්නව එක්කන් ගියා…මින්දු ඔක්කොටම කජු අලුවා බෙදුවා…මන් ඉතින් මෙතනට අවශ්‍ය කෙනෙක් නෙමී නේ..ඒ හින්දා මින්දුට කියලා මන් යන්නයි හැදුවෙ….
මින්දු මන් යන්නම්…
ආ මොනරිට කොල්ලා බලන්න හදිස්සියි වගෙ…
රන් ගෙ කල්ලියෙ කොල්ල්ක් කෑ ගැහුවා…
එයාට එහෙම කෙනෙක් නෑ අනේ…
අහ් බඹරු නැති මලක්…
අපිටත් පුලුවන් ඇති නේ ඇප්ලිකේශන් දාන්න..මොනාද දන්නෙ නෑ ඕන කොලිෆිකේශන්…
අහ් හෙට ලියලා අරන් එන්නම්..අපි යනවා එහෙනම්..
සුපුන්ට කියලා අපි බස් හෝල්ට් එකට ආවා..මින්දු කිරිබත්ගොඩට යන්න ඕනී..ඒ නිසා අපි බස් දෙකක නැග්ගෙ…
======
උදේ ආවත් හරි තාම පෝන් එක ඔන් කලෙත් නෑ කවුද ඉතින් මට එහෙමට කියලා කතා කරන්න ඉන්නෙ..ස්කීම් එකට පාර පයින තැන මාර මාරු වෙවි මන් පෝන් එක ඔන් කලා…අහ් මැසේජ් දයක් විතර ඩුන් ඩුන් ගාලා වැටෙනවා..කවුද මේ…..
දඩාස්…

මගෙ කකුලෙ ගෑවි නොගෑවි ගිය බයික් එකෙ රෝදයෙන් මන් බේරුනේ අනූ නවයෙන්..හිතා ගන්න බැරි උනා මොනාද උනෙ කියලා..කවුද මාව ඇද්දෙ..ඒ කව් රු උනත් දැන් මන් එයාගෙ ඇග උඩ..

මෝඩී දැන්වත් නැගිටිනවා මගෙ ඇගෙන්..මොනා හිතන්ද ඉන්නෙ ආ මන් මෙට්ටයක් කියලද

ආ මේ පබා නේ..
මන් එයාගෙ ඇග උඩින් නැගිටින්න අසාර්තක උතසහයක් ගත්තා..ඒත් නැගිටින්න බෑ..වලලු කර ලගින් ඇදුම් කනවා..

නැගිටිනවකො

අනෙ මට නැගිටින්න බෑ අනේ..අහ්

කෝ බලමූ

පබා මාව ඇගෙන් අයින් කරලා ඉන්දෙව්වා..එහෙම්ම මගෙ සාය ටිකක උඩට ඇදලා කකුල් අල්ලලා බැලුවා..

ආහ් මෙතන නිල් වෙලා..මෝඩී ශිට් අහක බලන්නෙ පාර මාරු උනෙ..මන් නොදැක්ක නම් කෙලින්ම ජයරත්න එකට තමා කෝල් කරන්න වෙන්නෙ මෝඩිගෙ පෝන් එකෙන්ම..

මන් ඔලුව පාත් කරන් අහන් උන්නා..මගේ නෙ වැරැද්ද…

දැන් මෙතන කිකිලියෙක් වගෙ ඔලුව ඔබන් ඉන්නෙ..කෝ කට ආ..කොල්ලා එක්ක මල් කඩ කඩ වෙන්නැති අශිහියෙන් පාර පැන්නෙ..ඒකනි සිග්නල් ලයිට් ඕෆ් වෙලත් පාර පැන්නෙ..මෝඩී අපරාදෙ ඇද්දෙ මන්..මොන මගුලක්ද ආ පෝන් එක ඔබන්න වෙන තැනක් හම්බුනේම නැද්ද..දැන් බලනවා වෙච්චි දේ කකුල නිල් වෙලා..අශිහිය තියෙන…

තොරතෝන්චියක් නැතුව වහින වැස්සක් වගෙ මෙන්න මෙයා මට බැනගෙන බැනගෙන යනවා..ඇත්තටම කවුද මට මැසේජ් එවලා තිබ්බෙ..

මන් එහෙම්ම ඉදගෙන ආයෙමත් පෝන් එක එබුවා..ඒ පාර එයා මගෙන් පෝන් එක උදුර ගත්තා…

අහ් මේ මැසේජ්…

අනේ මැට්ටි

මෙයාගෙ මූන වෙනස් උනෙ මොකෝ..

මැට්ටි දැන්ද උදේ ඉදන් පෝන් ඔන් කලෙ ආ

මන් ඔව් කියන්න ඔලුව වැනුවා..

හපොයි මදැයි මමත් කවදාවත් නැතුව පාන්දර නැගිටලා මැට්ටියෙක්ට ගුඩ් මෝනීන් කීවා…අයියෝ චූටීට ගුඩ් මෝනීන් කීවනම් ඌ මගෙ මූනවත් ලේව කයි…

අහ් මෙයා නිසයි මට මෙහෙම උනෙ ආ..

කෝ නැගිටිනවා මැට්ටි..මටත් හම්බුන්නානෙ කොහිවත් ඉන්න මැට්ටියෙක්ව ඉතින්..කෝ එනවා

පබා මගෙ ඉනට අත දාලා මාව නැගිට්ටුවා…මන් ඒ උරහිස් වල වාරුවෙන් හිමින් හිමින් කකුල් ඇද්දුවා..

අපි මෙ ඇනෙක්ස් එකට නෙමේද යන්නෙ

මෝඩි ඔය කකුල ඕකට දැන්ම බෙහෙත් නොකලොත් රෑට අමාරු වෙයි ..කට පියන් එනවා..

ස්කීම් එක ඉස්සරහා ඉන්න ඩොකටගෙන් බෙහෙතුත් බැදන්..බෙහෙතුත් අරන් එයා මාව අපෙ ඇනෙක්ස් එකට ගෙනල්ලා දැම්මා..

දැන් රිදෙන්නෙ මගෙ කකුල නෙමී..මගෙ හිත…

—මතු සම්බන්දයී— 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *