අචින්තයි අපේ ආදරේ 13

අචින්තයි අපේ ආදරේ
13
කකුල ඇදුම් කනවා..ඊයෙට වඩා..ලෙක්චර්ස් වලට යන්නත් ඕනී..දවසක් පාඩු උනොත් ලියාගන්න නෝට්ස් පිරෙනවා…කකුල අද්ද අද්දම මන් බැරි බැරි ගාතේ ලෑස්ති වුනා..කොන්ඩෙ ගොත ගොතා ඉද්දිම පල්ලෙහායින් ඇහුනු සද්දෙ නිසා මන් ඉක්මනට බැල්කනී එකට ගියා…
දෙයියනෙ මෙයාලා ගහගන්නවා නේද…එතන පබාත් ඉන්නවා…සෙනගක් මැද්දෙ උනත් පබාව අදුරගන්න පුලුවන් මට..ඇයි මේ මෙයාලා ගහගන්නෙ…
ඉක්මනට කොන්ඩෙ යාන්තමට ගොතන් මන් පල්ලෙහාට ගියා..වෙනදා තරම හයියෙන් යන්න බැරි උනත් පුලුවන් උපරිමයෙන් මන් එතනට ගියා…
ඇයි මෙයාලා වටවෙලා බලන් ඉන්නෙ ඇයි මෙයාලව නවත්තන්නෙ නැත්තෙ…
දෙගොල්ලොම හරි හරියට ගහගන්නවා..මොකක්ද මේකට හේතූව…
මුන්ට මෙහෙම ගාලා මදි..අපේ ස්කීම් එකට ඇවිත් අපේ කෙල්ලොන්ට කරදර කරන්න..
ඔව් ඔව් මතකද ගිය පාරත් ඕකුන් තමයි අපේ ස්කීම් එකෙ කිකට් ටීම් එක පැරැද්දුවෙ..ගහන්නමයි ඕනී ඕකූන්ට
කියන දේවල අගක් මුලක් නෝතේරුනාට දැන් නම් මෙයාලා හොදටම ගහගන්න බව නම් තේරෙනවා..අපේ ගම්වල නම් වැඩිහිටියෝ මේවා බේරනවා මිසක් මේවට උඩ ගෙඩි දෙන්නෙ නෑ..
පබා එක කොල්ලෙක්ට බිත්තියට හේත්තු කරන් ගහනවාඑයාගෙ පිටිපස්සෙන් තවත් කොල්ලෙක් බැට් එකත් උස්සන් ගහන්න හදන්නෙ ඔලුවට…අයියෝ මේ මෝඩයට පේන්නෙ නෑ නී..ඇයි මෙයා පිටිපස්ස හැරිලා බලන්නෙ නැත්තෙ..
කොච්ච්‍ර පබා පබා කියලා කෑගැහුවත් මේ මෝඩයා බලන්නෙ නෑ නේ…
මන් ඒ මැද්දට පැන්නා…
අහ් නිසිත…
මගේ ලේ වැක්කෙරෙන ඔලුව දිහා බලන පබා මගේ නම කියනවා හීනෙන් වගේ ඇහුනා..
සම්මානී…ඒ පබා මගේ නම කියපු පලවෙනි වතාව…..
නහය කඩාගෙන යන බෙහෙත් සුවද,සිවිලීමෙ කැරකෙන ෆෑන් එක..මන් ඉන්නෙ කොහිද කියලා ඉස්සෙලම මන් කල්පනා කලා..හරි මගෙ ඔලුවට බැට් එක වැදුනා..එතකොටම මගෙ කෑ ගැහිල්ලට හැරුනු පබා අර කොල්ලව තල්ලු කරලා මාව අල්ලගත්තා..මන් ඒ ඇස් දිහා බලන් උන්නා මතකයි..ඇස් දෙක යන්තම ඇරගන්න පුලුවන් උනු හැම තත්පරේදිම පබා මගෙ මූන දිහාම බලාන උන්න මන් දැක්කා…
ඩොක්ට පේශන්ට ශිහිය ඇවිත්..
එහෙමද..
ඩොක්ටත් නර්ස්ලා දෙන්නෙකුත් මාව පරික්ශා කලා..
ඕකේ ශී ඉස් නෝමල් …
හරි මන් නෝමල්..එතකොට කවුද මාව අරන් ආවෙ..සේලයින් එක මගේ අතට සම්බන්ද කරන ගමන් නර්ස් මා එක්ක හිනා උනා..මම අනිත් අතින් මගෙ ඔලුව අල්ලලා බැලුවා..මගෙ නල්ල වෙලලා බැන්ඩේජ් වලින්..ඒ මදිවට කකුලත් ඇදුම් කනවා..ඊයෙ වැදුනු තැන..මමත් ගියානෙ වීරවරියෙක් වෙන්න ඉතිම්..
දොලහට කට්ටිය මාව බලන්න ආවා…නවෝදා,මල්ශා එක්ක සුමනාම්මා..ඒත් කෝ මන් බලන් උන්නු කෙනා නෑ…
මදැයි මන් කෙනෙක්ව බේරගත්තා..එයා අඩු තරමෙ මාව බලන්න වත් ආවෙ නෑ..හුම් ඔහොම තමයි..මට එයා ගැන තියෙන කැක්කුම පබාට නැතිව ඇති ඒකනි…
හවස හරි මාව බලන්න එයි කිය්ලා මන් බලන් උන්න්නත් ඒත් එයා ආවෙ නෑ…ඇයිමෙහෙම..එයා ආවෙ නෑ කියලා මේ හිත රිදෙන්නෙ..මාව එයාට පොඩ්ඩක් වත් වටින්නෙ නැද්ද..සුමනාම්මගෙන් අහන්න ඕන උනත් පබා ගැන මන් අහන්න ගියෙ නෑ..ඕනි නැ අහන්නෙ නෑ නෑ නෑ මයි..එයාට මාව බලන්න වත් ඕනී නැත්තම් මන් මොකටද එයාව අහන්නෙ..
අපරාදෙ මන් මෝඩයගෙ මැද්දට පැන්නෙ…වෙන කෙනෙක්ව එහෙම බේරගත්තා නම් අඩු තරමෙ මට් තෑන්ක්ස් කරන්න වත් ඒ මනුස්සයා ඒවි..පබා කරුනාව දක්වන්නෙ සත්තුන්ට විතරයි වෙන්න ඇති..ඒකනි නිකම් වත් මාව බලන්න නො ආවෙ..
දෙවනි දවසෙ හවස මගෙ ටිකට් කැපුවා..මල්ශා එක්ක මන් ඇනෙක්ස් එකට ගියා..
ස්කීම් එකෙ ගොඩක් අය මාව බලන්න දුක සැප අහන්න ආවත් පබා මන් ඉන්න පලාතට වත් ආවෙ නෑ..ඇයි පබා ඇයි..ගෙදර ඇවිත් වත් ඔයාට මාව බලන්න බැරිද…
ඊලග දවසෙ උදේ මන් ඇදට වෙලා ඔහේ බලාන උන්නා..මේ හැම දෙයක්ම කරලා මන් බලාපොරොත්තු උනෙ මොකක්ද..එයා එයා අඩුම තරමෙ මාව බලන්න වත් ආවෙ නෑ..මාව ඒ තරම්ම නොවටින නිසාද..ඒත් මන් මනුස්සකමට ඒදේ කලා කියලා හිත හදා ගන්නවා..ඒත් වෙන කෙනෙක්ට ඒ දේ වෙන්න තිබුනනම් මන් එහෙම මැදට පනීවීද..
දැන් කකුල නම් හරි..ඊයේ එද්දි නල්ලෙ බැන්ඩේජ් එකත් ගලෝලා නිකම් ප්ලාස්ටර් එකක් නෙ දැම්මෙ..
චූටි ඇවිත් මගෙ ඇදට පැන්නා..
අනෙ චූටි ඔයාට මාව බලන්න හිතුනා එහෙනම්..ඒත් එයා ආවෙ නෑ චූටි ආවෙ නෑ..මන් බලන් උන්නා චූටි..බලන් උන්නා..කොහොමද චූටි එයා මට එහෙම කලෙ..මාව වටින්නෙ නැද්ද චූටි වටින්නෙ නැද්ද..මන් එයා දවස් තුනකින් දැක්කෙ නෑ චූටි..දැක්කෙ නෑ..මට එයා බලන්න ඕනී..එයාට මාව නොදැක ඉන්න පුලුවන් උනාට මට ඉන්න බෑ චූටි මට බෑ..
මන් චූටීවත් වඩාගෙනම සුමනාම්මලාගෙ ඇනෙක්ස් එකට ගියා..සුමනාඅම්මා කුස්සියෙ වැඩක්..පබාගෙ රූම් එක වහල නෑ අද..එයා අනෙ එයා ඉන්නවා..මට ඒ මූන බලන්න ඕනී..ගෙදර ඉදලත් මනුස්සකමට වත් මාව බලන්න ආවෙ නැත්තෙ ඇයි මෙයා..
දැන් මන් යනවද එයා බලන්න..එක්කොත් ඕනි නෑ එයාට ඕනී නැත්තම් මාව බලන්න මට ඕනීත් නෑ..මන් ආපහු හැරිලා යන්න හැදුවෙ..ඒත් සුමනාම්මා මාව දැක්කා..
අනෙ දුවෙ ඔහොම ඇවිදින්නෙ..දැන් අඩුද
හ්ම්ම් ටිකක්සුමනාඅම්මෙ..
හුම් පබාත් දැන් ටිකකට කලින් ආවෙ..පව් මගෙ කොල්ලා..ඇග රිදෙනවා කිය්ලා කෙදිරි ගානවා..මන් මේ තෙල් ටික ගාන්නයි හැදුවෙ..
ආහ් බේබදු කමට බීලා කා එක්ක හරි ගහගෙන වෙන්න ඇති..
හුම්..මන් යන්නම් සුමනාඅම්මෙ..
පුතෙ දැනුයි පබා ආවෙ…
කොහෙ ගිහින්ද..
මන් ඕනවට එපාවට ඇහුවා..
ලොකප් එකෙ ඉදන්..
අරමොකෝ තවත් වලියක් දාගෙන වෙන්න ඇති..හුම්..අපරාදෙ මන් එදා මැද්ද්ට පැන්නෙ..
දූ දන්නවද
මොකක්ද
එදා දූ අර වලිය මැද්දට පැන්නනි..පබාට ගහපු පාර ඔයාටනි වැදුනෙ..පස්සෙ පබා ඔයාව වඩාගෙන දිව්වා..වීල් එකක දාගෙන හොස්පිට්ල් එකක්කන් ගිහින් ඔයාට මුකුත් නෑ කියලා කියන කම්ම එතනට වෙලා දත්මිටි කකා උන්නා..පස්සෙ ඩොක්ට ඔයාට හොදයි කීවට පස්සෙ බැට් එකෙන් ගැහුව කොල්ලව හොයන් ගිහින් ඒ ලමයගෙ ඔලුවෙන් ලේ ගලනකම්ම ගහලා මෙයා..ඒ ලමයා මෙහෙ මන්තිගෙ පුතා..පොලිසියෙන් ඇවිත් රිමාන්ඩ් කලා..අද තමයි ඇප දීලා බේරගත්තෙ දරුවො..
අනෙ ඇත්තටම එහෙමද උනෙ..ශා මන් එයා ගැන වැරදියට හිතුවා..අනෙ මන් නිසානෙ මේ සේරම..
සුමනාඅම්මෙ ඔයා දැන් මොනා කරන්නද යන්නෙ..
මේ තෙල් ටික ගාන්න දුවෙ..පිට පුරා බැටන් පොලු පාරවල්..කොල්ලා පව් මගෙ..අරූ මන්තීගෙ පුතා නිසා වැඩිපුරත් එක්ක මයෙ කොල්ලට ගහලා දුකෙ බෑ ඇදෙ ඉන්න හැටි දැක්කම..
හ්ම්ම් මාත් එන්නම්ද
හා
මන් සුමනාඅම්මා එක්කම පබාගෙ රූම් එකට ගියා..මුනින් තලා වෙලා ඉන්නවා ඇදෙ..පිට පුරා ගුටිකාපු පාරවල්…
සුමනාඅම්මා තෙල් ගෑවා..මන් බලන් උන්නා..මන් ආව බවක් එයා දන්නෙ නෑ ඇස් වහන් ඉන්න නිසා..
රිදෙනවා ආච්චම්මා ටිකක් හිමින් කරන්නකො..
මන් සුමනාඅම්මගෙ අතින් තෙල් එක ඉල්ලගත්තා..මන් ගාන්නම් කියලා ඔලුවෙන් කීව නිසා සුමනාම්මා තේ හදන් එන්න ගියා..
ඇද විට්ටෙ වාඩි වෙලා මන් ඒ නිරුවත් පිටෙ තෙල් ගෑවා..
අනෙ මේ ලේ පිරුනු පාරවල්..මේ දේවල් මන් නිසානි..මටත් නොදැනි මගෙ ඇස් වලින් කදුලු වැටිලා ඒවා ඒ පිට මත බොද වුනා..
පබා මගෙ කදුලු වල උනුහුම දැනිලද මන්දා අනිත් පැත්ත හැරුනා..
සම්මානි..
ඒ ඇස් තියුනු විදියට මන් දිහා බලන් ඉන්නවා..මන් කදුලු පිහිදාගෙන එතනින් නැගිටින්න හැදුවා…
එයා මගෙ අතින් අල්ලගත්තා
සම්මානි ඇයි අඩන්නෙ..
මුකුත් නෑ
මුකුත් නැති වෙන්න බැ කියන්න
මේ තරම් මුදුවට පබා මා එක්ක කතා කලාමයි..මන් පබා දිහා බලන් උන්නා..මට බෑ ඒ ඇස් දිහ එක දිගට බලන් ඉන්න..
පබා
ම්ම්
මට යන්න ඕනී
ම්ම්
යන්න ඕනී
බෑ ඇඩුව හේතුව කියන්න
ඔයා දැකලා
මන් දැකලා??
ඔව්..
ඇයි
ඇයි ආයෙම රන්ඩුවට ගියෙ..
අහ් ඒකද..ඌ ඔයාට තුවාල කලා..ඔයා දන්නවද ඔයාගෙ ඔලුවෙන් කොච්ච්‍ර ලේ ගැලුවද කියලා .මන් සැරින් සැරෙ ඔයාට කතා කර කර ගියෙ සිහිය නැති වෙයි කිය්ලා..මගෙ ශ්‍ර්ට් එක පෙගෙන්න ලේ …
හුම්
ඒත් මට හොද උනානි..අනික ඒ කොල්ලා මට නෙමීනී ගැහුවෙ..ඔයාටට්‍යි..ඇයි ආයෙම රන්ඩුවට ගියෙ
මට ඕනි නිසා..
හුම්
සුදු ආප්පෙ මොකටද මැද්දට පැන්නෙ ආ
මට ඕනි හින්දා
ඒකත් එහෙමද
ඔව්
හා…මෝඩී වීරවරියෙක් වෙන්න වෙන්න ඇති නෙ පැන්නෙ මැද්දට..වසරෙ විරුජන සම්මානෙ ගන්න වෙන්න ඇති
ඔව් ඒකට තමයි
ඒක තමයි මැට්ටි..මෝඩි මැටි හරකි..මොකටද ආ පැන්නෙ මැද්දට
මට ඕනි නිසා..පැන්නෙ නෑ මන්..කවුද මාව තල්ලු කලා ඒකයි දැන් හරිනෙ
ආහ් එහෙමද..මමත් අරූට ආයෙ ගැහුවෙ සෙල්ලමට ..ඌ බෝලයක් කියලා හිතන්..හරිද
හුම්ම්
මැට්ටි
මැට්ටා
දැන් ඔලුව රිදෙන්නෙ නෑ නේද
මන් නෑ කියන්න ඔලුව වැනුවා..
ඔයාට තුවාල රිදෙනවද
නෑ..
හුම්
මෝඩි ආයෙම පනින්න එපා වලියක් යද්දි..තේරුනාද..මට මේ මැට්ටිව පරිස්සම් කරන්න වෙනම ගාඩ් දාන්න වෙයි වගෙ..
ඔයා මොකටද මාව පරිස්සම් කරන්නෙ
ආහ් පරිස්සම් කරන්නෙ නේද අපේ ස්කීම් එකට සුදු ආප්පයක් නැති වෙන නිසා..වෙන මොනාටද .බයිට් කරන්න වෙන කෙල්ලෙක් නැති නිසා..
හා ඒ හින්දද
ඔව්
හුම්..මන් යනවා..
ඉතින් යනවා මන් අල්ලන් උන්නෙ නැ..
අල්ලන් තම්‍යි ඉන්නෙ අතාරිනවා මාව
පබා තාමත් මාව අල්ලන් ඉන්නෙ..
අපෝ වැඩේමයි සුදු ආප්පයක් අල්ලම් ඉන්න..ඕන් ඇතෑරියා
මන් ගස්සගෙන එතනින් ආව..මෙයාගෙ වැඩේම මාව අවුස්සනවාම තමයි..
අයියො මට නාකි ආච්චියෙක්ව තමයි……..
පබා කියපු ඉතුරු ටික මට ඇහුන්නෙ නෑ මන් ගස්සන් ආව නිසා…
—මතු සම්බන්දයි—- 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *