අචින්තයි අපේ ආදරේ*04

***අචින්තයි අපේ ආදරේ****
04
කොල්ලො ටිකගෙන් බේරීලා මන් ගියා මල්ශලා ගාවට…ආයෙමත් හැරිලා බැලුවා..එතකොටත් කට්ටිය මන් දිහා බලන් ඉන්නවා ..
මොකෝ නිකම්..අරුන් මොනාද කීවේ ආ
මගෙ අතින් අර පබා කියන කොල්ලගෙ ඇගෙ වතුර හැලුනා මල්ශා..ඒකට කට්ටිය කියෝගෙන ආවා..
ඉදා ඒක හරි වැඩක් නෙ..හිතලා කලේ නෑ නේ..හිටින්කො මන් ගිහින් හොදවයින් දෙකක් කතා කරලා එන්නම්..
මල්ශා නිකම් නැගිට්ටෙ කොල්ලො ඔක්කොටම තනියෙන් පහර දෙන්න වගේ..
ඔව් ඔව් යන් මල්ශා අක්කි ..මටත් ඔවුන්ව පේන්න බෑ..ඕන වෙලේක කලු ආප්පෙ කලු ආප්පේ ගානවා යන් අක්කි..
හෝව් හෝව්..බැන්නෙ කාටවත් මෙයාලනෙ මෙතන පුප්පන්නෙ..
නීරූ අක්කිගෙ විදානෙන් දෙන්නා ආයෙම ඉදගත්තා..ඇත්ත මටත් ඕනී නෑ කොල්ලො එක්ක රන්ඩූ වෙන්න..දැනටමත් මට වෙලා තියෙන පාඩූව හොදටම ඇතී…
හරි හරි කලු ආප්ප,සුදු ආප්ප කොත්තු රොටී මේ ඔක්කොම දැන් කාලා ඉමු නේද..දහයාමාරත් වෙලා…
ඇත්තමයි වෙලා යනවා තේරූනෙ නෑ..ගමේදි නම් පාරෙ ඉන්නවා තියා ගෙදරින් එලියට යන්නෙත් නෑ..අප්පච්චි දැනගත්තොත් හොදට බැනුම් අහන්නයි වෙන්නෙ…
අපි ඇනෙක්ස් එකට එද්දී එකොලහ මාරත් පහු වුනා..ඒ එද්දි අර සෙට් එක උඩ ඇනෙක්ස් එකට යන පාර වහගෙන සින්දු කියනවා..නිරූ අක්කි නිසා යාන්තම් ඉඩ ඉල්ලන් ඇනෙක්ස් එකට ආවා…
කොලබ තාමත් නිදාගන්න සුදානම් නෑ වගේ..එලියෙන් ඇහෙන සද්ද ඒක කියා පෑවා..නොනිදෙන නගරය….හ්ම්ම්..මන් නිදියනවා…ගුඩ් නයිට්…
=========
හෙට කැම්පස් පටන් ගන්නවා..ඒ නිසා පොඩි බඩු වගයක් ගන්න මන් පාරට ආවා…අප්පච්චි දුන්නු සල්ලි වලින් තව කීයද ඉතුරු තියෙන්නෙ ..මේ කත් ඉවර උනාම හ්ම්ම්…
පාරෙන් පැනලා ස්කීම් එක ඉස්සරහට ආවා..එතකොට තමයි වයසක ආච්චම්ම කෙනෙක් බොහොම අමාරුවෙන් එලෝලූ මල්ලක් උස්සන් පඩි පෙල නගිනවා දැක්කෙ..උඩට යන්න ලිෆ්ට් එක තිබුනත් මට තාම ලිෆ්ට් එක නුහුරු නිසයි පඩිපෙලින් උඩට යන්න ආවෙ…
ආච්චම්ම ගොඩක් අමාරුවෙන් උඩට යන්නෙ..මන් ගිහින් ආච්චම්මට කතා කලා…
ආච්චම්ම ..
නුපුරුදු ඇමතුම නිසා ආච්චම්ම බය වුනා වගේ..
ආච්චම්ම උඩ කීවෙනි තට්ටුවටද යන්නෙ…
අනේ පුතේ මන් මේ තුන් වෙනි තට්ටුවට යන්නෙ..
අහ් මාත් එහෙටම තමයි..කෝ දෙන්න ඔය බෑග් එක..මන් අරන් යන්නම්..
ආච්චම්ම මන් දිහා ආදරෙන් බැලුවා..
අනේ පුතේ පින්..කොහෙද අපෙ සුද්දා උන්නට මෙහෙමවත් උදව්වක් වත් කරන්වැයි..
ම්ම් හරි ආච්චම්ම කී වෙනි ඇනෙක්ස් එකේද ඉන්නෙ..
තුන්වෙනි එකේ කෙලෝරෙම පුතේ..මට අර උඩ යට යන එකේ යද්දි පෙශර් වගෙ..ඒකයි හති දාගෙන මෙ මහගිරි දඹේ වගෙ පඩි නගින්නෙ..
ම්ම් හරි ආච්චම්ම මන් ඉන්නෙ එහා පැත්තෙ එකේ..එහෙනම් ආච්චම්ම හිමින් එන්නකො..මන් අරන් යන්නම්..ඇවිත් මට කතා කරන්නකො මට..
අනෙ ලොකු දෙයක් පුතේ..
ආච්චම්ම ගානටම එන්න ගියොත් මගෙ කකුලුත් ගෙවෙනවා..පව් මේ ආච්චම්ම ගෙ පවුලෙ අයට පිස්සුද මන්දා..මෙච්චර වයසක කෙනෙක්ව කඩෙ යවන්න..පව් වයසක මනුස්සයා දාඩියෙන් පෙගිලා හති දදා එනවා..අපේ ආච්චම්ම මතක් වෙනවා මට..එයා නම් හොදට නැන්දලාගෙ ගෙදර සැපට ඉන්නවා..ඒකට මේ ආච්චම්ම …
ඉක්මනට පඩි නැගලා..ඇනෙක්ස් එකට ආවා..දැන් ආච්චම්ම ඇවිත් කතා කරාවිනෙ..දොර වහලා හීටරෙ ගැහුවා..මොන හේතුවකටද මන්දා ආච්චම්මට එක්කම මන් තේ හැදුවා..පව්
විනාඩි පහලවකින් විතර දොරට ගහන සද්දෙ ආවා..ආච්චම්ම වෙන්න ඇතී..
මන් දොර ඇරියා..ආච්චම්ම තමයි..
ආහ් ආච්චම්ම ඉන්න..මන් අරන් එන්නම්..ආච්චම්ම දොර අරින්නකො..
හදාපු තේ එකයි එලෝලූ මල්ලයි අරන් මන් ඒ ඇනෙක්ස් එකට ගියා..
එන්න දුවෙ ඇතුලට..
අපෙ ඇනෙක්ස් එකට වඩා මේකේ බඩු වැඩියි..ඇවිදින්නත් ඉඩක් නෑ වගෙ..
ඔතනින් තියන්න පුතෙ..හරි මහන්සියි..
එලෝලු මල්ල පෑන්ට්‍රී එක උඩින් තියලා මන් තේ එක අරන් ආච්චම්මට දුන්නා..
අනෙ පුතා තේත් හැදුවද..මහන්සී පුතෙ..මොනා කරන්නද..අද පුතා හම්බුනෙ නැත්තම් මන් තාම හති දදා ඕක අරන් එනවා..බුදු සරනයි පුතෙ ඔයාට
ඕක මොකක්ද ආච්චම්ම
දූ ඉන්නෙ නීරූපා.මල්ශා..ලමයින් එක්ක වෙන්න ඇති
ඔව් ආච්චම්ම
මේ ලමයා රස්සාවකට යනවද
ම්ම් රස්සාවකට නෙමී ආච්චම්ම ආවෙ..කැම්පස් යන්න..හෙට පටන් ගන්නවා..
අනෙ වාසනාවන්..අර නවෝදා දුව වගෙ..
අනෙ ඔව් ආච්චම්ම
පින් පුතෙ කාලෙකින් රහ තේ එකක් බීවෙ..වැඩ කරලා වැඩ කරලා හති වැටිලා ඉන්නෙ..මන් එපැයි මේවා කරන්න ඔක්කොම
ඇයි මේ ගෙදර අනිත් අය..
ම්ම් කියලා වැඩක් නෑ පුතේ..මේ මගෙ පුතාගෙ ගෙදර..පුතා එන්නෙ මාසෙකට සැරයයි..දරුවො තුන් දෙනා එක්ක මන් මෙහේ
එතකොට ඒ ලමයින්ගෙ අම්මා
දුව රට පුතෙ..මුන්ගෙ ඕනාඑපාකම් ඉශ්ට කරන්න කොච්චර සල්ලි තිබ්බත් මදි..පොඩි කොල්ලා අටේ..පොඩි කෙල්ල හය
පොඩි කෙලී හයේ..උන් දෙන්නව පන්ති ගෙනියන්න ඕනී..දැන් තව ටිකකින් උන් දෙන්නා ඒවි කන්න උයන්න ඕනී..
පොඩි කොල්ලා කෙල්ල කියලා කීවෙ තවත් කව්රු හරි ඉන්නවද ආච්චම්ම
ම් ඉන්නවා නාහෙට අහන්නෙ නැති පෝරීසාදයෙක්..ඌ රෑ තිස්සෙ එහෙ මෙහෙ ඇවිදලා තාම පස්ස උඩ දාන් නිදි ඇති..රටෙ නැති කොල්ලො ලන් කරන් අර ගෑනී එවන සල්ලි නාස්ති කර කර යාලූවන්ට කන්න දෙන්වා..තව ටිකකින් උන් රෑනත් එයි කාලා යන්න..අඩු තරමෙ කඩේකට වත් යනවනම්..
හ්ම්ම් හ්ම්ම් මට තේරෙනව මන් යන්නද ආච්චම්ම හෙට යන්න තියෙන නිසා බඩු ලෑස්ති කරගන්න ඕනී
හොදයි පුතෙ ගොඩක් පින්..
ආච්චම්ම ගෙන් තේ බීපූ කෝප්පෙත් ඉල්ලන් මන් අපේ ඇනෙක්ස් එකට ආවා..
ආච්චම්ම පව්..මොනා උනත් ඔය ඉන්න කොල්ලට බැරිද ආච්චම්මට උදව් කරන්න..පුලුවන් වෙලේට ගිහින් උදව් කරන්න ඕනී ..
ලෙක්චර්ස් වලට ඕන දේවල් හරි..හෙට අදින ඇදුමත් අයන් කලා..ඔක්කොම හරි..මට රැග් එක දේවිද..ඒ ගැන නම් පුන්චි බයක් තියෙනවා ..කමක් නෑ මාත් එක්ක තවත් අය ඉදීවීනේ..
හවස් වරුව ගත උනේ පුන්චි පුන්චි වැඩවලට..රෑට කන්න බතුත් උයලා මන් ඇනෙක්ස් එකේ බැල්කනී එකට ආවා..
අදත් ඉන්නවා අර පබා..අනේ මන්දා ඒ කොන්ඩෙ මට වඩා චුට්ටයි කොට..එයයි එයත් එක්ක ඉන්න අනිත් හැමෝමයි ඔහොම කොන්ඩෙ වවාන ඉන්නෙ ඇයිද මන්දා..ඕන වෙලේක පාරෙනෙ…තාම මගෙ පෝන් එක හදලා දුන්නෙත් නෑ..දකිද්දිත් කේන්තී මට..මන් බලම් ඉන්නවා කියලා කට්ටිය දැක්කද කොහෙද..විසිල් පාරක් ගියෙ ඒ හින්දා වෙන්න ඇති..අනෙ බලන්නමයි වැඩෙ..
ආයෙම හැරිලා රූම් එකට යන්න යද්දි මෙන්න මගෙ යාලූවා ඇවිත්..අනේ අපි දැන් හොදම යාලූවෝ
ආනේ චූටී ඔයාට මාව මතක් උනා නේද..ආ..ඔයා ඉන්නෙ අර ආච්චම්මලා ගෙදර නේද ම්ම්..
චූටි හා කියන්නද මන්දා මියෑව් ගෑවෙ
ඔයා විතරයි චූටී මාව බලන්න වත් එන්නෙ..දවල්ට මෙහෙ හරි පාලූයී..ඉතින් ඒ ගෙදර ඉන්න අයගෙන් ඔයා කාගෙද..පොඩි කෙල්ලගෙද..නැත්තම් පොඩි කොල්ලගෙද..නැත්තම් ආච්චම්ම බැනපු අර පෝරීසාදයගෙද..එයාගෙ නම් වෙන්න බෑ ඔයා හරි හොදයි නෙ..පෝරීසාදයෙක් කීවම මට මතක් වෙන්නෙ පබාව..ඔයා දන්නවද එයාව..අර කොන්ඩෙ වවාගෙන ඉන්නෙ..ඇගපුරාම ටැටූ ගහගෙන..සීගීරී සුකුමාලී වගෙ කොන්ඩෙත් බැදලා කනට කරාබුත් දාලා
චූටී නැට්ට වනනවා..ඒ කියන්නෙ චූටී දන්නවා..චූටී දන්නවා ඇති මේ ස්කීම් එකෙ හැම විස්තරයක්ම..චූටි නොයන තැනක් නෑනේ..මන් චූටීව වඩා ගත්තා..චූටී ගාව හරිම සුවදයි..මොනා ගානවද මන්දා..
චූටී ඔයා හරි සුවදයි අනේ..මොනාද අනෙ ඔයා ගාන්නෙ..මටත් කියන්නකො…
චූටී..
අනෙ මෙයා අදත් ඔන්න දීවනී..කවරු උනත් චූටී ඒ කෙනාට ගොඩක් ආදරෙයි වගෙ..මටත් ඒ වගෙ ආදරෙ කරන්න කෙනෙක් උන්නනම්…
====
සම්මානි ..
ආ මල්ශා ඔයා ආවද
ම් ඔව්..ඔයා අද හොද වැඩක් කලාලු නේද..
ඒ මොකක්ද
අර සුමනා ආච්චම්මට උදව් කලා කියන්නෙ
ආ එයාගෙ නම සුමනද ..හ්ම් ඔව්..පව් අර ලොකු බෑග් එකක් අරන් පඩිපෙල නගිද්දි දුක හිතුනා..
හ්ම්ම් හ්ම්ම්..ඔන්න ඒ උදව්වට වෙන්න ඇති සුමනා ආච්චිට සම්මානි ගැන පැහදිලා තියෙන්නෙ
ඒ කීවෙ
ඔයා මට කීවා නේද පොඩි ලමයින්ට උගන්නන්න වත් තිබ්බනම් හොදයි කියලා
හ්ම්ම් කීවා..
ඔන්න හරි ..සුමනා ආච්චි අහන්න කීවා ස්නෙහටයි සෙනුර මල්ලිටයි ක්ලාස් කරන්න පුලුවන්ද කියලා..අම්මා රටනෙ..සල්ලි දෙයි ඔයාට
ඇත්තටම ද
ඔව් ඔව්..මොකෝ කියන්නෙ කැමතිද
අනේ හා කොච්චර දෙයක්ද
ඔන්න එහෙනම් හරි..හෙට කතා කරගමු
ම්ම් හා
හැබයි එකක්..අරූගෙන් පරිස්සමෙන්
කවුද අරූ
වෙන කවුද..අර නසරානියා තමයි
මොකෙක් ගැන කියෝනවද මන්ද මෙයා..හැබයි මගෙ චූටි නම් ඉන්නෙ එහේ…

—–මතු සම්බන්දයි —- 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *