අරුන්දී 02

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

2 වන දිගහැරුම

💘
💘
💘

ආ….තාත්තී……

අම්මේ මගේ කෙල්ලගේ ලස්සන…. කොහේ යන්නද මේ…?

එසේ කියමින් සමරදිවාකර අරුන්දීව තුරුලු කරගත්තේ ඉමහත් ආදරයකිනි…

කලු කලිසමට ගැලපෙන නිල් පැහැ ෂර්ට් එකත් තද නිල් පැහැති ටයි එකත් වගේමඋඩින් කලු පැහැතිම බ්ලේසරය ඇද සිටි ඔහුගේ තේජාන්විත බව මනා ලෙස ඔප් නැන්වී තිබුනි..

ඇයි තාත්තී මයන්ත එනවා කිව්වනේ BNS ලගේ කොන්සර්ට් එක බලන්න යන්න… කෝ එයා? මම හිතුවෙ මයන්ත කියලා..

එසේ කියමින් ඇය කරට උඩින් හිස හරවා ගේට්ටුව දෙස බැලුවේ මුහුන ඇබුල් කරගනිමිනි…

හරි හරි එයා මග එනවා…. පෙට්‍රල් ගහගන්න ශෙඩ් එක ලග නැවතුනා .මගේ එක්කම තමයි ඔෆිස් එකෙන් ආවේ…

එසේ කිව් ඔහු ඇගේ හිස මදක් පිරිමැද නලලට හාදුවක් දුන්නෙය..

අපෝ මේ මොකෝ තාත්තලා දුවලා හුරතල් වෙන්නේ?

කෝ චන්ද්‍රා පොඩ්ඩී…

ඇගේ ප්‍රකාශයට පිලිතුරක් නොදී ඔහු ඇගෙන් ප්‍රශ්නයක්ම ඇසුවේ චන්ද්‍රාගේ හැටි දන්නා නිසාය..

එයා පාඩම් කරනවා.. දැන් මෙයා මේ උඩදාගෙන ගිහින් කීයට එන්නද කල්පනාව?

ඒ වන විටත් ඇරුන්දී දොරකඩට වී මයන්ත එන පෙර මග බලා හිදින්නට වූවාය..

මේ චන්ද්‍රා ආපු ගමන්ම කෑ ගහන්නේ නැතුව මටතේකක් හදලා ගේන්න..

අනික ඒ ලමයා යන්නේ එයා බදින්න ඉන්න කෙනා එක්කනේ…
ගිහින් ආපු දෙන්…

එසේ කියමින් ඔහු කාමරය දෙසට ගියේ අතින් ටයි පටිය බුරුල් කරන ගමන්‍ ය..

එක් වරම ගේට්ටුවෙන් මයන්තගේ කාරය ගෙදර මිදුලට හැරවූයෙන් ඇරුන්දී පඩියක් බැස ඉදිරියට ගියාය..

කලු පාට විට්ස් රතය ගෙදර මිදුලේ නැවැත්වූ අතර අනතුරුව මයන්ත් ඉන් බැස්සේය..

කලු කලිසමකින් හා ලා දම් පැහැ ෂර්ට් එකකින් සැරසී සිටි ඔහු ඊට ගැලපෙන අන්දමින් ටයි පටියක්ද පැලද සිටියේය..

අතින් තම කොන්ඩය සකස් කරමින් එක් අතකින් කාරයේ යතුරද අතින් ගෙන ඔහු අරුන්දී වෙත ආවේ ලොකු කරගත් දෑසිනි…

මෙයා බලන්නකෝ…. ලෑස්තිත් වෙලා…..

ඔව් ඔන් ටයිම් මම රෙඩී….

හ්ම්…හ්ම්… මම ගෙදරට ගියෙත් නැතුව මෙහෙටම් ආවේ මෙහෙන් වොශ් එකක් දාගන්න හිතලා..

අයියෝ ඔයා වොශ් දාන්නත් යනවද දැන්… වෙලා යයිනේ..

ඇයි මෝඩී මට මෙහෙම යන්න පුලුවන්ද?? උදේ ඉදලා ඇදපු ඇදුම…

හ්ම්..හ්ම්…එහෙනම් ගිහින් වොශ් දාගන්න.. යන්…..

දෙදෙනාම ගෙතුලට එන විට සමරදිවාකර තේකක් රස බලමින් සෝෆා එකේ හිදගෙන සිටියේය…

මයන්ත අපේ කෙල්ල බලාගෙන හිටියේ ඔන්න ඔයා එනකල්…

අපෝ එපා උනා අන්කල් ශෙඩ් එකේ පෝලිම…

කීයටද ෂෝ එක??

8.00 වෙද්දිවත් එතන ඉන්න ඕනි අන්කල්.. මම මෙහෙන් වොශ් දාන්න හිතන් ගෙදර යන්නේ නැතුවම ආවේ…

ආහ්හ්… දෝණී මයන්තට වොශ් දාන්න ලෑස්ති කරන්න..

හරි තාත්තී…

එසේ කියමින් ඇය ඔහුට හිසෙන් කතා කලේ ඉහල මහලේ ඇති නානකාමරය වෙත එක්කගෙන යාමටය..

ආහ්.. පුතා ආවද?? හරිඑහෙනම් වොශ් දාගෙන එන්න මම තේකක් හදල තියන්නම්…

හරි ආන්ටි..
කියමින් මයන්ත අරුන්දී පසු පසින් ඉහල මහලට නගින්නට විය..

කොරිඩෝව දිගේ ඉදිරියට ගිය ඔවුන් නතර වූයේ නානකාමරය ඉදිරිපිටය…
මේකෙන් හෝදගන්න..

මේකෙන්? ඇයි ඔයාගේ කාමරේ එක?

ඒක ඉතින් මගේ කාමරේනේ……. ඒකට ඔයාව දැන්ම එක්කගෙන යන්න බෑනේ…

අනේ නිකන් ඉන්නවා මම ඒකෙන් හෝදාගන්නේ..

එසේ කියමින් ඔහු අරුන්දිගේ කාමරය දෙසට පිය මැන්නේ ඉක්මන් ගමනිනි..

අනේ මන්දා හිතුවක්කාරයා…
එසේ කියමින් අරුන්දී ඔහු පසු පසින්ම කාමරයට ගියාය..

ඒ යන විටත් ඔහු ෂර්ට් එක ගලවමින් සිටිඅතර ඒ දුටු ඇය හිටි තැන නැවතී අනෙක්පස හැරුනේත් ක්ෂණිකවය..

එනවා එනවා… මගේ අනාගත නෝනනේ..

මේ දැන් ඔය ඇදුමුත් ගලවගෙන වොශ් දාන්න හදන්නේ අදින්න ඇදුම් ගෙනල්ලද?

ඕහ්.. ශිට් අයියෝ බබෝ ඒව ටික කාර් එකේනේ.. ගේනවද??

මොනවද අනේ. මට දාඩියත් දානව උඩ පල්ලම් ගිහින්ම… කෝ දෙන්න key එක..

ඇය අකමැත්තක් මුහුනේ මවාගෙන ඔහුගෙන් යතුර ඉල්ලා ගැනීමට අත දිගු කලාය..

ඔහු කලිසම් සාක්කුවට අත දමා යතුර අතට ගෙන එය ඇය අතට දෙනවාත් සමගම ඇගේ අතින් ඇද බදා ගත්තේය..

ඉයා… දාඩිය පිටින් මාව බදාගන්නේ…. අත අරින්න්කෝ මයන්ත…

ඇයි දාඩිය ටිකක් ගෑවුනාම මෝකෝ…

එසෙ කියමින් ඔහු ඔහුගේ නලල ඇගේ නලල මත තැබුවේ දෑතින්ම ඇගේ බද වටා අත් දෙක යවන ගමන්‍ ය..

මේහ්… මූන හොදගෙන එන්න අනේ.. මගේ ඇදුමුත් පොඩි වෙනවා…

ඇය ඔහුගෙන් මිදෙන්න දැගලන්නට වූවාය..

අපෝ මුලක ඉදන් හදලා ගන්න වෙන්නේ මේකිව නම්… වෙන කෙල්ලෙක් මෙහෙම වෙලාවට වොශ් දාලද නැද්ද බලන්නේ නෑ..
ඒකට මෙයා….

එසේ කියමින් ඔහු ඇයව අත් හැරියේ අමනාපයෙනි…
හරි හරි යනවා මගෙ අදුම් ටික ගේනවා ඉක්මනට…

ඔයා වල් උනාට මම වල් නෑ…..

කියාගෙනම ඇය කාමරෙන් පිටව ගියේ ඔහුට තවත් මොනවදෝ කියා මුමුනමින් ය..

මයන්ත ඇය ඇදුම් බෑගය රැගෙන එන තුරු කාමරයේ බැල්කනියට ගියේ කාමරය තුල සිටීමට හිත දුන්නේ නැති නිසාය..

ආ…. මෙන්න..

ඇය බෑගය ගෙන විත් ඔහු අතට දෙන විටත් ඔහු සිටියේ බැල්කනියේ වැට අල්ලගෙන ඈතක් බලාගෙනය..

ඇගේ හඩ ඇසුනු ඔහු එක් වරම ඈ දෙසට හැරුනේ ඇද උඩින් තියන්න කියාගෙනය.

ඔයා වොශ් දාගෙන එන්න මම පහල ඉන්නම්.

ඉතින් මොකටද මොඩි පහල ඉන්නේ මෙන්න මෙහෙට වෙලා ඉන්නකෝ..

අම්මේ අපේ අම්මලාට ඕකම ඇති පස්සේ කියවන්න. විකර නොකර ඉක්මනින් එන්න පහලට මම යනවා..

කියමින් ඇය කාමරයෙන් පිටතට ගියාය..

ඇය පිටුපස හැරී යන අන්දම බලා සිටි ඔහු මද සිනහවක් නගා බෑගය තුලින් තුවායත් අරගෙන නාන කාමරය දෙසට ගියේ ඉක්මනින් නා ගැනීම සදහාය..

ඇදුම් සියල්ල උනා තබා වතුර මල යට සිටගත් ඔහුව වතුරින් නැහැවෙන විට නාන කාමරය පුරාවට නෙත් යොමු කලේය..

බිත්තියේ එල්ලා ඇති කන්නාඩිය ඉදිරිපස face wash එකක්.. body wash එකක්.. scrub එකක් ආදී කෙල්ලෙකුගේ සියලු ආම්පන්න දුටු ඔහු body wash එක අතට ගෙන ඉන් ස්වල්පයක් අතට හලා ගත්තේය.

ඉමිහිරි සුවදක් ඉන් නැගුන අතර ඔහුඑය මුලු ඇගේම තවරා ගත්තේ සබන් කෑල්ලක් පෙනෙන්නට නොතිබි හෙයිනි..

එක අතකට වැරැද්දකුත් නෑ.. කෙල්ලෙක් ගේ බාත් රූම් එකක කෙල්ලෙකුට ඕනී ඒවනේ තියෙන්නෙ ඕනේ…

එසේ සිතමින් ඔහු ඉක්මනින් නා අවසන් වී තුවායත් ඇදගෙන නාන කාමරෙන් පිටතට පැමිනියේය..

ඔලුවේ වතුර අතින් ගසමින් බෑගයෙන් ඔහු එලියට ගත්තේ ඩෙනිම් කලිසමත් ලා නිල් පැහැ කොටු කොටු ශර්ට් එකකි..

එය ඉක්මනින් ඇග ලා ගත් ඔහු කන්නඩිය ඉදිරිපස සිටගෙන තම ජෙල් එකෙන් ස්වල්පයක් අත්ලේ තවරාගෙන හිස කෙස් උඩට හිටින ලෙස සකස් කරගත්තේය.

ඉන්පසු ඔහු පහත මහල වෙත ආවේ ඔරලෝසුවද අතේ බදින ගම්න්‍ ය..

අරුන්දී ඒ වන විටත් සෝපාව උඩ හිදගෙන රූපවාහිනිය දෙස බලා සිටියාය..

ආහ්… පුතා ආවද… මේ තේක බීලා ඉන්න.

ආ.. තෑන්ක්ස් ආන්ටි.. පරක්කු උනා… අරූ… අපි යමු..

ඔහු උගුරට දෙකට තේක් බී සාලය් දෙසට ආවේ ඉක්මන් ගමනින් ය..

ලෝබයෝ දෙන්නා මාව දාලා යනවානේ ..

ශනායා එසේ කියමින් සාලයට පැමිනියේ මයන්තට ඇද කරමිනි..

ටිකට් දෙකයි නන්ගි හම්බ උනේ.. ඊලග පාර ෂුවර් එක්ක යනවා…

අපෝ මන් දන්නේ නැද්ද… ලෝබයෝ..

හරි හරි අපි යනවා.. ආන්ටි කෝ අන්කල්..

අන්කල් වොෂ් දාන්න ගියා පුතා.. ඔයාට කියන්න කිව්වා…

හරි එහෙනම් ගිහින් එන්නම් ආන්ටි..
ඩිනර් අපි එලියෙන් ගන්නවා ..

හරි පුතා රෑ වෙන්න කලින් එන්න හොදේ..

හරි…. එයි පිස්සී අපි යනවා..

අනේ මේහ් යනවා ඉතින්.. අල්ලගෙන හිටියා යෑ…

එසේ කියමින් ශනායා කාමරයට ගියාය.. ඇයට ඔවුන් සමග යාමට නොහැකි වීම ඇගේ කේන්තියට හේතු වී ඇත.

අරුන්දිත් මයන්තත් නිවසින් පිට්තට පැමින කාරය වෙත ගියේ එකටමය..

නගින්න අරූ…

එසේ කිව් ඔහු අනෙක් පසින් විත් කාරයට නැග්ගේය..

කාරය නිවසේ ගේට්ටුවෙන් එලියට විත් ප්‍රදාන පාරට දමා නෙලුම් පොකුන බලා ගමන් ඇරබීය..

…………………………………………………………………

Eminem ගේ ගීත් ඇල්බමයක් කාරයේ play වන අතර අරුන්දි ඒ වෙතටම කන් යොමු කරමින් ගීය රස විදිමින් සිටියාය..

එක් වරම තම ඔඩොක්කුව මත තබාගෙන සිටි අත උඩින් මයන්ත ඔහුගේ වම් අත තබත්ම ඇය ගැස්සී ඔහු දෙස බැලීය..

මොකෝ ඔහොම බලන්නේ…

නැ….හ්…මම බය උනා එක පාරටම..

අපෝ පව්ව් බබා… බදින්න ඉන්න මිනිහා අතින් ඇල්ලුවාමත් බය වෙන කෙල්ලෝ ඉන්නවද අප්පා…

ඔහු එසේ කිව්වෙ ඇගේ අත අත හරින්නේ නැතිවමය..

අනේ යන්න.. මම තරහයි…

තරහයි… ඒ මොකෝ… එක පාරට වෙස් පෙරලුනේ…??

මෙච්චර හිටියා මම ලස්සනයිද කියලවත් කිව්වේ නෑ…

ලස්සනයි ලස්සනයි…ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ …

දැන් වැඩක් නෑ මමම කියලනේ මම ලස්සනද කියලා අහගත්තේ…

ඇය ඔහුගේ අත පසෙකට තල්ලු කලේ තරහෙනි..

ආහ්.. ඒක තමයි ගෙදරදිත් මූන එල්ලගෙන හිටියේ.. මට දැන්නේ තේරුනේ…

ඔව් යාලු වෙලා ඉන්න කොල්ලගෙන් ලස්සනයිද කියලා අහන්නේ නැතුව වෙන කාගෙන් අහන්නද… කොල්ලා දැන් ගන්න ඕනේ කෙල්ලව අගය කරන්න…

අපෝ ඔන්න ඉතින් පටන් ගත්තා මට උගන්නන්න. මෙහ් කට වහගෙන යමු නැත්තම් ගෙදර යමු..

ඇය ජනේලයෙන් ඉවත බලා ගත්තේ තව දුරටත් ඔහු සමග වාදයට පැටලීම අනුවන බව හැගීමෙනි..
එය ඔහුගේ හැටිය.. එයට තමා හුරු විය යුතුය..
ඇගේ හිත එසේ කියමින් පහුවෙන කඩ සාප්පු දෙස බලා සිටින්නට විය..

විනාඩි 45 ක පමන පසු ඔවුන් නෙලුම් පොකුන අසලට එන විටත් ගේට්ටුව අසල බොහෝ පිරිසක් එක් රොක් වී සිටියේ ඇතුලට යාම සදහාය..

කාරය කර් පාක් එකේ නවත්වා දෙදෙනාම ඇතුල් වන ගේට්ටුව අසලට ගියේ දැනටමත් ඔවුමන් ප්‍රමාද බව දැනගෙනය..

මේහ් මූන එල්ලගෙන ඉන්නෙ නැතුව පොඩ්ඩක් හිනා වෙලා ඉන්නවා අරූ..
එපා වෙනවනේ…

හරි අනේ… මම මූනු එල්ලගෙන නෑ…

ඇය එසේ කියමින් ඔහුගේ අතේ එල්ලුනේ සෙනග ගොඩේ තමන්ට ඔහුව මග හැරෙතී යැයි බියක් හටගත් නිසාය..

ඔවුන් දෙදෙන ඔවුන්ට වෙන් වූ ආසන වල හිද ගැනීමට යාමේදී ඒ වන විටත් ප්‍රසන්ගය ආරම්භව පැවතුනි.. මුලු ශාලාවම අදුරු කර ඇති අතර වේදිකාව කොටස පමනක් එලිය වී ඇත..

ඔවු දෙදෙනා ඔවුන්ට වෙන්වූ ආසනයේ හිද ගත්තේය.
වේදිකාවෙ සිට තරමක් පිටුපසට වන්නට ඔවුන්ගේ ආසන තිබූ අතර තමන් ලග සිටින කෙනාගේ පමනක් මුහුන පෙනෙන්න ලෙසින් ශාලාවම අදුරේගිලී තිබුනි..

මම ආසම බෑන්ඩ් එක BNS ..

හ්ම්ම් ඒකනේ එක්කගෙන ආවේ…

සුලු වේලාවකට පසු මයන්ත ඇයගේ කර වටින් අතක් දමා ඇයව ඔහු වෙතට ලන් කර ගත්තේය..

මයන්ත පිස්සුද … මෙතන මිනිස්සු ඉන්නවා..

ඉතින් ඉදපු දෙන්… .

මෙහෙම තුරුල් වෙලා මේ වගේ තැන් වල ඉන්න බෑනේ.. අත ගන්න..

අපෝ …. කොලබ උනාට ගොඩේ ගතිමයි තියෙන්නේ…

කියමින් ඔහු අත ඇගේ ඉරහිසෙන් ඉවතට ගත්තේය.
අරුන්දි ඔහුගේ අතැගීලි අතරට තම අතැගිලි යවා අල්වා ගත්තේ ඔහුගේ හිත රිදුනා යැයි සිතූ හෙයිනි..

හොරා දෙකකට පසු ප්‍රසන්ගය අවසන් වු අතර ඔවුන් දෙදෙනාද සෙනග අතර තෙරපෙමින් පිටවීමේ දොරටුව අසලට පැමිනියේය..

Mr මයන්ත….. mr මයන්ත….

සෙනග අතරින් කව්රුන් හෝ මයන්තගේ නම කියනවා ඇසෙත්ම දෙදෙනාම ඒ දෙසට හිස හරවා බැලීය.

ආහ්… ඩිනායා… ඔයාත් ආවද??

ඩිනායා මයන්තගේ පෞද්ගලික ලේකම් වරිය..ඉන්ග්‍රීසි පන්නයට වඩාත් නෑකම් කියන ඇගේ පෙනුම පිරිමියෙක් වසගයට ගැනීමට සමත්කම් දක්වයි.

ඔව් සර්.. ඒකනේ අද මම කලින් ටිකක් යන්න ඇහුවේ..

කොහොමද ශෝ එක enjoy කලාද?

ඔව් සර්.. සර් මේ…?

අහ් සොරි මට අදුන්වලා දෙන්න බැරි උනා මේ මගේ girl friend අරුන්දී..

අරුන්දී මේ ඉන්නේ මගේ privet සෙකට්‍රි ඩිනායා.

හෙලෝ ….nice to meet you

hi nice to meet you too..

හරි ඩිනායා අපි යනවා වෙලා ගිහින් දැනටමත්. ඔයා සදුදා ඔෆිස් එනවනේ..

ඔව් සර් එනවා…

ok then good night

Good night sir

ඇයට සමු දුන් ඔවුන් සෙනග අතුරින්ම කාරය නවතා තිබූ තැනට පැමිනුනු අතර අරුන්දී ඒ වන විටත් ඔහුගේ අත අතහැර නොසිටියේ කලුවර නිසාත් සෙනග එහෙ මෙහෙ ගැවසෙන නිසාත් හිතේ හටහත් බිය නිසාය..

මැඩම් දැන් වත් මගේ අත අත් ඇරලා නගිනවද?

මයන්ත එසේ කිව් විට ඔහුගේ අතට පහරක් ගැසූ ඇය ඉදිරිපස අසුන්ට නැග වාඩි වූවාය..

මයන්තද කාරයට ගොඩ වී එය පන ගන්වාගෙන 138 පාරට දැම්මේ නිවස බලා යාමටය..

මොකෝ කතා නැත්තේ…?

නෑ….නිකන්…

ඇය අතක් ජනේලයේ ගැට්ටේ තබාගෙන අත්ල නිකටට තද කරගෙන මයන්ත දෙස බැලුවාය..

ඔහු ඉදිරිපස බලාගෙන රිය පදවයි..

මේ අර girl ලස්සනයි ..

කව්ද..?

ඔයාගේ privet secretry …

හ්ම්…. ඔයා තරම් නෑනේ ඉතින්…

ඇය සිනා සී නැවතත් ජනේලයෙන් එලිය බලා ගත්තාය..
මයන්ත රිය පදවන අතරතුර් ඇය දෙස හැරී බැලුවේ නිකමට මෙනි..

ඔහුගේ දෑස ඇගේ හිසේ සිට පාදාන්තයතෙක් එක් වරම ගියේ ඇය සිටී ඉරියව්ව සිත් ඇද ගන්නා සූලු වූ නිසාය.

ඇගේ දෑස් පියවී ඇති බව දුටු ඔහු ඇගේ මුහුනේ අමුතුම සුන්දරත්වයක් දුටුවේය..

අඩවන් වූ දෑසත් රෝස පැහැ දෙතොලත් සෙමින් උස් පහත් වන ඇගේ ලැමත් දනහිසෙන් මදක් ඉහලට එසවුනු ගව්ම නිසා නිරාවරනය වූ කකුල් දෙකත් දුටු විට ඔහු ගේ සිතෙහි තරුණ හැගුම් උද්දීපනය වන්නට එතරම් වෙලාවක් ගත නොවුනි..

ඔහු තම පිරිමි සිත පාලනය කොට ගෙන මද දුරක් විත් නිවසට හැරෙන හන්දිය අසල කාරය නවතන්නට විය..

එම ස්තානය මදක් අදුරු ස්තානයක් විය..
වාහනය නතරවීමත් සමග ඇය සෙමින් දෑස් හැරියේ නිවසට පැමිනි බව සිතාය..

මයන්ත ඇයි නැවැත්තුවේ??

ඒ වන් විටත් මයන්ත ඇයදෙස බලාගෙන හිටියේ ඉවසාගත නොහැකී හැගීමකිනි..

නැවැත්තුවේද.. නැවැත්තුවේ මෙන්න මේකට..

එසේ කියමින් ඔහු සෙමින් ඇයගේ මුහුනට එබෙන්නට සැරසුනි..

මේ… පිස්සුද අනේ… අනික මේ පාරේ…

පිස්සු හැදෙනවනේ ඔයාව දැක්කම බබා..Please …

ඔහු එසේ කියමින් ඇයව අතක් යවමින් ඔහු අසලට ඇද ගත්තේය.

ඔවුන්ගේ හුස්ම ඔවුනොවුන්ගේ මුහුනු මතට වැටෙන තරමින් දෙදේනාගේ මුහුනු ලන්වී තිබේ..
ඔහු ඇගේ දීලිසෙන නෙත් යුවල දෙස බලා හිද එක් වරම ඇගේ රෝස පෑහැ දෙතොල් සිප ගන්නට විය.

ඇයට ඔහුගෙන් මිදීමට නොහැකි වූ අතර ඒ පහසට ඇයත් සම වැදුනාක් මෙන් මද වේලාවක් ඔවුන් එලෙසින්ම දෙතොල් සිප ගත්තේය.

ඉන් පසු ඔහු ඇගේ දෙතොලින් මිදී සෙමින් ගෙල පෙදෙස සිප ගැනීමට සැරසෙන විට ඇය ඔහුව නැවැත්වූවාය.

පිස්සුද මයන්ත.. ඔය ඇති… අපි යමු අනේ ගෙදර..

අනේ බබා….ඔහු එසේ කිව්වේ ඇගේ පහස තව තවත් ඔහුගේ හිත ඉල්ලූ නිසාය..

මේ මේක මහ පාර. දැන් අපි යමු මයන්ත..
එකොලහයි වෙලාව..

ඇය දෙස එක එල්ලේ බලා සිටි ඔහු ඇගෙන් ඉවතට ගියේ සිතේ රැදි අමනාපය නිසාම මුහුන හකුලුවා ගනිමින් ය.
නැවතත් ස්ටියරින්ග් වීල් එක මත ඔහුගේ දෑත තබා ගත්තේ කේන්තියෙන් බව ඇය ගත්තාය.

හ්ම්…යමු…

හරියට හරි කේන්ති ගිහින් තමා…
එසෙ සිතු ඇය ඇගේ දකුනත සෙමින් ඔසවා ඔහුගේ බෙල්ලේ පිටුපස හරිය අතින් පිරිමදින්නට විය..

තරහද?

ඔහු කතා නැත. ඉදිරිය බලා වාහනය පදවයි..
ඔවුන් නිවසට ලන් වෙත්ම එක් වරම ඉදිරි පසින් පැමිනි කාරයක් ඔවුන් ඉදිරයට දැමීමේත් මයන්ත තිරින්ග තද කලෙත් එක් වරමය.

මොන හු###ද??

ඔහු කේන්තියෙන් එසේ කියන විටදීම ඔවුන් ඉදිරියෙන්ම හැරවූ කාරය අලුතින් හදූ නිවසේ ගේට්ටුවෙන් ඇතුලට දැම්මේය..

පිස්සෙක්….

අම්මේ ….. නූලෙන් බේරුනේ… එක පාරටම දැම්මා නේ ඒක..

මට හිතෙනව බැහැලා ගිහින් හොද දෙකක් කියන්න…

මේ මේ අපි යමු. මේ මිනිස්සූ අද මෙහෙ පදින්චියට ආවෙත්…

එසේ කිව් ඇය ඔහුගේ අතට ගසමින් එතනින් පිට වෙමුයි කීවාය..

මයන්තගේ කාරය අලුත් නිවසේ ගේට්ටුව පහු කරමින් අරුන්දිලාගේ නිවසේ ගේට්ටුවෙන් ඇතුලට දමද්දිම එක් වරම මයන්තගේ මොබියිල් එක නාද වන්නට විය..

අරුන්දී මේ මහ රෑ ඒ කව්ද යන ප්‍රශ්නාර්තය මුහුනේ මවා ගනිමින් ඔහු දෙස හැරී බැලුවාය..

3 කොටසින් හමුවෙමු..

කව්ද දන්නෑ නේද ඒ කතා කරන්නේ?? මොකද හිතන්නේ කට්ටිය??🤔🤔

ටිකක් දිග කොටසක් type කරගන්න පුල්වන් උනා..
ඔයාලා හැමෝම කතාව එක්ක ඉස්සරහට රැදෙයි කියලා මම හිතනවා යාලුවනේ..😃😃

කතාව ගැන අදහසකුත් එක් කරගෙනම යමු හොදේ..☺️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *