අරුන්දී 06

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

6වන දිගහැරුම

💘
💘
💘
💘

ඇරුන්දී දෑස් හරින විට දෑස් දෙකම කදුලු වලින් බොද වීතිබූ නිසා අවට පැහැදිලිව පෙනීමට මද වෙලාවක් ගතවිය..

ඇය සෙමින් දැස් විවර කරන විට බොදවූ දෑස් දෙක අතරින් ඇය දුටුවේ පිරිසක් ඇයව මැදි කරගෙන සිටින බවයි.

තවත් මොහොතකින් ඇස් දෙක පැහැදිලි වන්නට වූ විට ඇය දුටුවේ තමන් දෙස බියපත් වූ නෙත් වලින් බලා හිදින තාත්තා කුඩම්මා මයන්ත සහ විභාශා ය.

ඔවුන්ගේ දෑස් කදුලින් තෙත් වී තිබෙනු දුටු ඇය හිස හරවා මයන්ත දෙස බැලූ විට දුටුවේ ඔහුගේ හිස වෙලුම් පටියකින් බැද ඇති අන්දමයි..

ඇය ඔහුගෙන් දෑස් මුදවා වට පිට බැලුවේ ඉන් අනතුරුවය.. කාමරය දෙස බැලීමේදී ඇයට ඒත්තු ගියේ තමන් මේ සිටින්නේ රෝහල් කාමරයක ඇදක් මත බවයි..

ඩොක්ටෙර් පේශන්ට සිහිය ආවා..

ඇයට කව්රුන් හෝ එසේ කියනවා යන්තමට ඇසුනි..හිසෙන් නැගුන දැඩි වේදනාවත් ගතෙන් නැගුන වේදනාවත් අතරින් ඇය සමරදිවාකර දෙස බැලුවේ අසරන දෑසිනි..

මගේ ලොක්කී….. ඔයා අපිව බව කලා මැනික..
ඔහු එසේ කිව්වේ කදුලු පුරවාගත් දෑසිනි.

අනේ තාත්තී ඇයි මේ??? මම හොදින් තාත්තී..

එසේ කියමින් ඇය මයන්ත දෙසට හැරුනේ අපිට මොකද්ද ඒ උනේ ඇයි අසන්නාක් මෙනි..

අරුන්දී අමාරුවක් නෑ නේද?
මයන්ත ඇයගේ හිස අද්දරට විත් ඇසුවේ වෙනදාට වඩා කරුනාවෙනි..

න්…නෑ…. ඇගම රිදෙනවා… හැරියට නිකන් පන නෑ වගේ මූලු ඇගම මයන්ත…
ඇය එසේ කියත්ම කුඩම්මා සහ විභාශා වාවාගෙන සිටි ඇඩුම ඔවුනට නවතාගත නොහැකි විය..

අනේ ඇයි අම්මේ අඩන්නේ… අඩන්න එපා.. මම හොදින්….
ඒයි මෝඩී ඔයත් අඩනවද?
පිස්සි අඩන්න එපා මට අමාරුවක් නෑ…

තාත්තේ ඇයි මේ ඔයාලා බයවෙලා…

ඇය එසේ කියමින් සියලු දෙනා දෙසම බැලූ විට ඇය දුටුවේ ඔවුන් කියාගත නොහැකි වේදනාවකින් ඇය දෙස බලා සිටින අන්දමයී..

ඇයට මේ කිසිත් තේරුම් ගත නොහැකිව මයන්ත දෙස හැරෙත්ම
එක් වරම කාමරයට පැමිනියේ වෛද්‍යවරයකු සහ නර්ස් කෙනෙකි..

ආහ්.. ඔය ඉන්නේ හොදට කතා කර කර…
එසේ කියමින් වෛද්‍යවරයා ඇගේ ඇද අසලට එන විට පිරිස එහෙට මෙහෙට වෙමින් ඔහුට ඉඩ සලසා දුන්නේය..

තෑන්ක්ස් විහග උබ හිටපු නිසා ටක් ටක් ගාල treatments ටික කෙරුනා..

මයන්ත ඔහු දෙස බලා කීවේ ස්තූති පූරවකවයි..

ඕක මොකද්ද මයන්ත අරුන්දී නෙවේ වෙන කෙනෙක් හිටියත් අපි ඔය විදිහටම තමයි සලකන්නේ.. ඒක අපේ වෘත්තියේ වගකීමනේ..

එසේ කිව් ඔහු අරුන්දිගේ දෑසේ පහලින් අල්ලා ඇගිල්ලකින් සම පිටුපසට කර ඇස් දෙකම පරික්ශා කලේය..

තෑන්ක්ස් ඩොක්ටර් අපේ දුවට වෙන මොකුත් ප්‍රශ්නයක් නෑනේ??
සමරදිවාකර එසේ අසමින් අරුන්දිගේ අතකින් අල්ලා ගත්තේ හිතේ තෙරපෙන වේදනාව නිසාමය..

නෑ… නෑ දැන් බයවෙන්න එපා සිහිය ආවනේ…
ඔහු මද සිනහවකින් පිලිතුරු දුන්නෙය..

අරුන්දිට මේ කිසිවක් නොවැටහී ඇය පුදුමයෙන් මෙන් ඔවුන්ගේ සන්වාදය අසා සිටින බව දුටු මයන්ත ඇය ඇමතුවේය..

අරුන්දී මේ ඉන්නේ ඩොක්ටර් විහග… මගේ class mate කෙනෙක්… එයා තමයි ඔයාට treatments කලේ…

ආහ් එහෙමද තැන්ක් යූ ඩොක්ටර් ..

ඇය සෙමින් මදහසක් පෑවේ ස්තුති කියන්නක් මෙනි..

ඕක මොකද්ද අරුන්දී.. කොහොමද දැන් ඔයාට අමාරුකම් වල වෙනසක් තියෙනවද?

ඔලුවයි ඇගයි නම් ටිකක් රිදෙනවා.. ඒත් මට නිකන් පන නෑ වගේ ගතියක් තියෙනවා මට තේරෙන්නේ නෑ ඒ මොකද්ද කියලා..

ඔයා ගොඩක් සතුටු වෙන්න අරුන්දී මෙහෙම හරි ඔයාගේ ජීවිතේ බේරුන එකට.. කාර් එකේ ඔයා හිටපු පැත්තට තමයි ගොඩක් ඩැමේජ් වෙලා තිබුනේ..

ඔය හැම දේම කාලයත් එක්ක විසදෙයි.. ඉවසීමෙන් බලාගෙන ඉන්න..

විහග ඇය දෙස අනුකම්පාවෙන් බලා එසේ කීවේ අසරන කෙල්ලගේ ජීවිතය ගැන අවන්කවම සිතට දැනුන දුකකිනි..

අරුන්දීට සිතුනේ මොවුන් සියලු දෙනාම තමන්ට කුමක් හෝ සගවනවා ලෙසිනි. ඒ බව තව දුරටත් තහවුරු වන්නේ සියලු දෙනාම අන් දෙස බලන්නේ අනුකම්පාව පිරුන දෑසිනි..

තමාට මෙතරම් නපුරුකම් කරන කුඩම්මා දැන් බොහෝ වේලාවක් තිස්සේම කතාවක් නොකර කදුලු සලයි.. විභාශාද එසේමය..

තමාට කිසි දිනක ආදරෙන් සෙනෙහසින් කතා නොකල මයන්ත ඇයට අනුකම්පාවෙන් කතා කරයි.. පියා ඔහුගේ වේදනාව හිතේ තදකරගෙන ඇය දෙස අසරනව බලා සිටී..

එතකොට මේ ඩොක්ටර් මොකද්දඒ කියන්නේ..
කාලයට බාර දෙන්න කියන්නේ මොනවද..
ඇගේ හිගේ හිත ඇගෙන් ම තර්ක කරයි..

මට..මට තේරෙන්නේ නෑ ඩොක්ටර් මොනවද කියන්නේ කියලා.. ඇයි.. ඇයි.. කව්රුත් මට පැහැදිලිව කියන්නේ නැත්තේ..
දැන් මට සිහිය ආවානේ ඉතින් මට ගෙදර යන්න පුලුවන් නේද??

තාත්තේ කියන්නකෝ.. මට ගෙදර යන්න පුලුවන්නේ දැන්.. ඔයාලා බොරුවට බය වෙලා තියෙන්නේ..

මේ බලන්න මට තනියම නැගිටින්නත් පුලුවන්..
එසේ කිව් ඇය ඇදට වාරුවී නැගිටින්නට හැදුවත් ඇයට ඇගේ කකුල් දෙක එසවීමට අසීරු විය..

ඇය පුලුවන් තරම් උත්සහකලද ඇගේ කකුල් දෙක අගලක තරම් ප්‍රමානයක් වත් එසවීමට ඇයට නුපූවන් වීම නිසා ඇය කෑ ගැසුවේ කාගෙත් නෙතට කදුලක් එක් කරමිනි..

අනේ …මේ මොකද… මයනත මේ බලන්නකෝ.. මට…මට කකුල උස්සන්න බෑනේ..
තාත්තේ අනේ… මට කකුල් දෙකම උස්සන බෑනේ.
දෙයියනේ මේ මොකද මේ…. අනේ කව්රුහරි කියන්නකෝ..

ඩොක්ටර් මේ ඇයි මේ…. අනේ …මට …කකුල්දෙක පන නැත්තේ ඇයි…

ඇය උමතුවෙන් මෙන් අඩමින් කෑ ගැසුවේ කාගෙත් නෙත්වලට කදූලු එක් කරමිනි..

අරුන්දී… කලබල වෙන්න එපා…මමකියන දේ අහන්නකෝ..
මම්ම් හිතනවා ඔයා මම කියන දේ තේරුන් ගනී කියලා..

විහග ඇගේ හිස අද්දරට ගොස් ඇයගේ කකුල් දෙකේ exray එකක් එලියට ගත්තේය..

ඔයට වුන accident එකේ හැටියට ඔයාගේ ජීවිතේ මෙහෙමහරි බේරුනේ වාසනාවට..

ඒත් ඔයාගේ කකුල් දෙක වාහනේ හැප්පෙනවත් එක්කම බොනෙට් එක පස්සට ආව ගමන ශීට් එකයි දෙක අතර හිර වෙලා තිබුනේ..

මයන්තටත් සිහිය නැතො වෙලා තිබිලා තියෙන්නේ එයාගේ ඔලුව වැදුන නිසා..

ඔය දෙන්නව හොස්පිටල් එකට ගේද්දිත් ඔයාට සිහියක් තිබුනේ නෑ..පෙර පිනකට ජීවිතේ බේරුනත් ඔයාගේ කකුල් දෙකේ ස්නායු තැලීමක් වෙලා තියෙන නිසායි ඔයාට කකුල් දෙක පන නෑ කියලා තේරෙන්නේ.

මොනවා…….
ඇය ඔහු දෙස අයාගත් මුවින් බලා සිට එක් වරම මහ හඩින් අඩන්නට විය.

මොනවද දෙයියනේ මේ උනේ… මම.. මේ තරම් අවාසනාවන්තද…..
මට ආයේ කවදාවත් ඇවිදින්න බැරිද…

අනේ තාත්තේ මට කවදාවත් ඇවිදින්න බැරි වෙයිද??

මම මේ තරම් පව් කාරියක්ද?? අනේ ඇයි මටම මෙහෙම උනේ….අනේ මම කොහොමද ඇවිදින්නේ???

ඇය දෑතිම මුහුන වසාගෙන අඩන්නට විය..

කලබල වෙන්න එපා අරුන්දී…
ඩොක්ටර් කියනවා කාලයක් යද්දී ස්නායු හරි යනවලු.. එතකල් අපිට ඉවසන්න වෙනවා.. දැන් හොද ලමයා වගේ අඩන්න එපා..

මයන්ත එසේ කියමින් ඇගේ හිස අත ගෑවේ ඇය වෙනුවෙන් උපන් අවන්කවූ දුක නිසාමය..

ඔව් දැන් ඔයා විවේක ගන්න.. අද වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි… අපි පුලුවන් හැම දෙයක්ම කරනවා.. දැන් රෙස්ට් කරන්න හොදේ..

එසේ කිව් විහග කාමරයෙන් පිටව යන්නට සූදානම් වි මයන්ත දෙස බලා හිසෙන් සන් කලේ ඔහුත් සමග පැමිනෙන්නට කියාය..
මයන්තද ඔහු පසු පසින්ම කාමරයෙන් පිට විය..

මචන්… මටත් හරි දුකයි උබේ girl ට මේ සිද්ද වුන දේට..
මොනවා කරන්නද මචන් වෙලාව තමයි..

හ්ම්ම් මට තේරෙනවා විහග… මට තේරෙන්නේ නෑ මොකක් කරන්නද කියලා..
එයාට ආයේ කවදාවත්ම ඇවිදින්න බැරිවෙයිද බන්?

අපි බලමුකො…හොද විදිහට හිතමු හරී… සමහර විට කකුල් දෙක හරි යයි.. එහෙම නැත්තම් ……….
දෙවියන්ට භාරදෙමු මචන් …උබ upset ගන්න එපා…
ඕනේ දේකට මම ඉන්නවා….

විහග මයන්තගේ පිටට තට්ටුවක් දමා කොරිඩෝව දිගේ ඉදිරියට යන්නට විය…
මයන්ත හිස් දෑසින් ඔහුදෙස බලා හිටියේ මේ සිදුවූ සිදුවීම ගැන අගක් මුලක් සිතා ගැනිමට නොහැකිවය..

ඔහු නැවතත් කාමරයට එන විටත් අරුන්දී
අඩමින් සිටියේ තම පියාගේ දෑත අල්ලාගෙනය..

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

දින පහක් පමන අරුන්දී රෝහලේ ප්‍රතිකාර ගත් අතර දිනක් උදෑසනම ඇය අවදිවන විට ඇගේ ඇද පාමුල සිටියේ කුඩම්මාය… ඇය ඇගේ ඇදට හිස තබාගෙන සිටි අයුරින් ඇයට නින්දගොස් ඇති බව අරුන්දී සිතුවාය..

එහෙත් අරුන්දී ඇහැරී ඇති බව ඉවෙන් මෙන් දැනගත් ඇය හිස එසවූයේ ඒ මොහොතේය..

අම්මේ…..

ඇයි පුතේ….

මට .. wosh room එකට යන්න ඕනී…

ඉන්න පුතේ මම හෙමීට ඔයාව ගන්නම්…
කියා ඇය අරුන්දිගේ දෙපා අත් දෙකෙන් ඔසවා ඇදේ පහතට දමන්නට විය..

ඒ දෙපා කිසිදු පනක් නොමැතිව ඔහේ ඇදෙන් පහලට එල්ලෙනු දුටු චන්ද්‍රාට පපුව හෝස ගා පිච්චී ගියේය..

අරුන්දී තම කකුල් දෙක දෙස බලා නැවතත් දෙනෙත කදුලින් පුරවා ගත්තේ වාවාගත් ඇඩුම නිසාමය..

චන්ද්‍රා ඇගේ එක් අතක් අරුන්දිගේ ඉන වටා දමා අසල තිබූ රෝද පුටුව ඇද අසලට ගත්තේ ඇයව එහි ඉද ගැස්වීමටය..

එක් වරම කාමරයේ දොර හැරගෙන ඇතුලුවූයේ මයන්තය..

ඔය මොකද ආන්ටි…..

ආහ් පුතේ…. දූට wosh room යන්න ඕනි කිව්වා. මම මේ එක්කගෙන යන්න හැදුවේ..

ඉන්න ආන්ටි මම උස්සලා තියන්නම්..
එසේ කිව් ඔහු ඇද අසලට විත් අරුන්දිගේ ඇග හරහා දෑත් දෙක යවා ඔහුගේ දෑතින් ඔසවා රෝද පුටුවේ ඉද ගැස්සුවේය..

අරුන්දී ඉතා අසරන ලෙස ඔහු දෙස බැලුවේ පෙර දවස් වල තමන්ට මෙතරම් නපුරු කම් කල සියල්ලෝම දැන් තමාට අනුකමා කරනවා නෙදැයි සිතමිනි..

චන්ද්‍රා ඇයවරැගෙන bathroom එකට යන අන්දම බලා ්සිටි මයන්ත දිගු හුස්මක් හෙලුවේ මේ සිදුවූ දෙය තවමත් සිහිනයක් බදු වූ නිසාය..

කොහොම හිටපු කෙල්ලද… මමත් නපුරු උනා වැඩී….
වෙලාව තමයි….

ඔහු එසේ සිතමින් විහගගේ දුරකතනයට ඇමතුමක් ගන්නට මොබියිල් එක සාක්කුවෙන් එලියට ගත්තේය…

හෙලෝ මචන්..

ආ… කියපන්….

මම දැන් හොස්පිටල් එකට ඇවිත් ඉන්නේ.. උබ එනවද දැන් ..??

ඔව් මචන් තව ටිකකින් මම එන්න හිටියේ කොහොමත්…
පොඩ්ඩක් හිටපන් මම එන්නම්…

මයන්ත දුරකතනය විසන්දි කරන විට චන්ද්‍රා අරුන්දිවත් රැගෙන කාමරයට ආවාය..

ඇය මුහුන කට සොදා අලුත් ගවුමකින් සැරසී සිටියාය..
මේ තරම් ලස්සන කෙල්ලට දෛවය හරස් උන විදිහ…
ඔහුගේ හිත කීවේය..

මයන්ත ඇයව දෑතින්ම ඔසවා නැවතත් ඇදෙන් තිබ්බේ ඉතා පරිස්සමටය.. ඇය ඔහුගේ බෙල්ල වටා දෑත් දෙක යවමින් එල්ලුනේ ඇගේ අසරන කම තව තවත් ඔහුට ඒත්තු යන්නට මෙනි..

මයන්ත….. මට තේරෙන්නෙ නෑ මේ මොනවතම.. මට කවදාවත් ආයේ ඇවිදින්න බැරි වෙයිද???

ඇය හඩන්නට විය.. චන්ද්‍රා ද.කාමරයෙන් එලියට ගියේ ඔවුන්ට නිදහසේ කතා කරගන්නට දීය..

ඉවසලා ඉන්න අරුන්දී.. දැන් විහග එනවා කිව්වා…
සමහරවිට අද ටිකට් කපයි…

ඒ මොහොතේදී විහග කාමරයට ඇතුලු වූයේ තවත් හෙදියක්ද සමගිනි…

කොහොම අරුන්දී.. ඔන්න අද ඔයාට ගෙදර යන්න පුලුවන්..

එසේ කියමි ඔහු මයන්තගේ පිටට තට්ටුවක් දමන්නට විය..

අරුන්දී මද සිනහවක් පෑවා මිස කිසිවක් නොකීවාය..

ඇය විහග දෙස බලා කලපනා කලේ ඔහුගේ කරුනාවන්ත කම ගැනය.. තමා වන් අසරනියකගේ හිත හදන්න ඔහු කොතරම් සැනසිලි වදන් කියනවාද…
කොයි තරම් නම් කරුනාවන්තද… වෙද කමත් හෙද කමත දෙකම ඔහුට උරුමව ඇත..

මේ සිටි දින පහට ඔහු ඇය සමය ඉතා සුහද වූ අතර ඇයට මහත් කරුනාවක් දැක්වීමම ඇගේ සිතට මහත් අස්වැසිල්ලක් විය.. ..

මෙතෙක් ජීවිතේ ඇයට සහනයක් ලැබුනේ තම පියාත් සීතම්මාත් වෙතින් පමනක් වූ නිසා මේ කරුනාවන්ත කම කෙරෙහි ඇය ලෝබ වූවාය..

මොනවද කල්පනා කරන්නේ??

ඔහු එසේ අසත්ම ඇය කල්පනාවෙන් මිදී ඔහුදෙස බලා සිනාසුනාය..

මොකුත් නෑ…. මට ආයේ කවදාවත් ඇවිදින්න බැරිවෙයිද ඩොක්ටර් .??

එහෙම හිතන්න එපා… ඔක්කොම හොදින් විසදෙයි..
ඔන්න ඔයාට අද දවල් ගෙදර යන්න පුලුවන් හරී..

මම යන්නම් එහෙනම්… clinic එකට එන්න දිගටම.. එහෙනම් මයන්ත පස්සේ හම්බවෙමු මචන්..

එසේ කියමින් විහග කාමරෙන් පිටත් වූයේ මද සිනහවක් නගාගෙනමය..

අරුන්දි අපි එහෙනම් ලෑස්ති වෙමුනේද??

හ්ම්ම් ඇය ඕනෑවට එපාවට මෙන් පිලිතුරු දුන්නාය..

අරුන්දී මයන්ත සමග නිවස බලා එන විට දහවල් තුනට පමන විය.. ඔවුන් සමග චන්ද්‍රා ද රෝහලේ සිට පැමිනියාය..

වාහනය මිදුලේ නතර කොට මයන්ත වෑන් රතයේ දොර ඇර ඇයව දෑත් දෙකෙන් ඔසවා අලුතින්ම ගෙනෙන ලද රෝද පුටුවේන් තැබුවේ පරිස්සමටය..

ඉන්පසු පිටුපසින් ඇයව තල්ලුකරගෙන නිවස දෙසට යන්නටවිය..
ඔවුන් දොරකඩට ලගා වත්ම සීතම්මා දොරකඩ අසල සිට ඒ දෙස බලා සිටියේ ඇඩුම් වාවාගෙන කදුලු පිරි දෑසිනි..

ඒදුටු අරුන්දීගේ දෙනෙතටද කදූලු පිරුනේ කවදත් සීතම්මා ඇයට ආදරේ බව ඇය හොදින්ම දන්නා නිසාය..

මගේ ලොකු බේබිව මෙහෙම දකින්න මම ගොඩක් පව් කරලා බේබී.. එසේ කියමින් සීතම්මා අඩන්නට වුවාය.

අරුන්දීටද එවිට ඇඩුම වාවාගන්නට නොහැකිව මහ හඩින් ඇඩුවේ කාගෙත් නෙතට කදුලක් එක්කරමිනි.

මයන්ත අරුන්දීව ඇගේ කාමරයට ගෙනගොස් ඇයව ඇගේ ඇද උඩින් තැබූ පසු ඔහු ඇය අසලින් ඉදගත්තේ ඉමහත් දුකක්.වේදනාවක් හිතේ තද කරගෙන බව ඇයදුටුවාය..

ඔයා දුකින් නේද මයන්ත??

න්..නෑ….අරුන්දී..

එහෙනම් කල්පනා කරන්නේ… මම හොදට බැලුවා ඔයා වෙනදා වගේ නෙවේ.. ඇයී..?

එහම නෑ අරුන්දී… ඔයාට හැමදාම දුකක් දුන්නේ මම… ඒකට අද මම වන්දි ගෙවනවා…
මට සමාවෙන්න.. ඔයා සතුටින් ඉන්න ඕනේ කෙනෙක්…. ඒ සතුට මම ඔයාට දුන්නේ නෑ…
ඒත්…..

ඇයි ඒත් මයන්ත…

නෑ එක්කෝ ඕනී නෑ….. අපි කාලෙට බාරදෙමු මේ හැම දේම…
එසේ කිව් ඔහු ඇයව තුරුලු කරගෙන හැඩීමට පටන් ගත්තේ ඇයවත් පුදුමයට පත් කරමිනි..

අනේ මොකෝ මේ??? ඔයත් අඩද්ද මම කොහොමද හිත හදාගන්නේ…
ප්ලීස් මයන්ත..

ඔයාට ජීවිතේ මම නිසා අඩන්න දෙන්නේනෑ අරුන්දී මම… මට මම කරපු වැරදි වලට දඩුවම් ලැබෙන්න යන්නේ…

ඔයා හොදින් ඉන්න…. මට ඒ ඇති…
එසේ කියමින් ඔහු ඇයවෙතින් ඉවත් වූයේ ඉමහත් වේදනාවෙනි…

මයන්ත… ඔහොම ඉන්න…

එහෙත් ඔහු ඇගේ කීම ගනනකට නොගෙන කාමරයෙන් පිටත් දූයේ දෑසෙ නැගුන කදුලු එක අතකින් පිස දමමිනි…

අරුන්දීගේ දෑස කදුලින් තෙත් උනේ ඇයටත් නොදැනීමය..

මොකද්ද මේ එක පාරට එයාට උනේ… ඉස්සර කොයි වෙලෙත් මට බැනගත්ත කෙනා එකපාරට මෙහම වෙනස් උනේ කොහොමද??
එත් මොකද්ද එයා අන්තිමට කිව්ව දේ තේරුම?? මට සතුටින් ඉන්න කිව්වේ..??

අනේ මන්දා මොකුත් තේරෙන්නේ නෑ …
එසේ සිතමින් ඇය ඇදට බර වූයේ හිතේ වේදනාව යනතුරු හඩමින්‍ ය..

මොකද්ද මයන්ත මට හන්ගන්නේ??

7 කොටසෙන් හමුවෙමු…😀

ඔන්න අද නම් ටිකක් කලින් කතාව දැම්ම..
අද කොටස හොදද ලමයි… 😘

මොකද හිතුනේ කියලා අදහස් කියන්න හොදේ.. ඒච්චරයි ඉතින් මගේ සතුට😇

බුදුසරණයි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *