අරුන්දී 09

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

9වන දිගහැරුම
👇
💘
💘
💘
💘

ඔව් ඩොක්ටර් ??
විහග එසේ කියමින් වෛද්‍යවරයා අසලට ගියේ කුතුහලය පිරි මුහුනෙනි..

විහග මේකයි මේ girl ගේ මේ තත්වය ටිකක් critical case එකක් …
හරි යන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්..
මම පුලුවන් තරම් උත්සහ කරනවා…

මම දන්නවා ඩොක්ටර් … අපි පුලුවන් උත්සහයක් ගමු..

ඔව් බොහොම හොදයි විහග මේ තත්වේ තේරුම් අරගෙන තියෙන එක.. හරි day after tomorrow එන්නකෝ therapy වලට එක්කගෙන.. ගොඩක් දුරට හරි යයි…

ඕකේ ඩොක්ටර් … thanks again …

මෙසේ කියමින් විහග කාමරයෙන් එලියට ආවේ කෙසේ හෝ අරුන්දිගේ කකුල් දෙක හොද කරනවා යන්න තරයේ අදිටන් කරගනිමිනි..

ඔහු එලියට පැමිනෙන විට අරුන්දී සහ චන්ද්‍රා එලියට වී කතා කරමින් සිටිනු දැක ඔහු එම ස්තානයට ගියේය..

හරි අපි යමු එහෙනම්….

ඇයි පුතේ ඩොක්ටර් ඉන්න කිව්වේ..?
චන්ද්‍රා බියපත් වූ දෑසින් යුතුව ඇසීය..

න්..නෑ… ආන්ටී ඩොක්ටර් කිව්වෙත් කොහොම හරි මේක සනිප කරමු කියලා තමයි…

අවදානමක් තියෙනවා තමයී.. ඒත් මට විශ්වාසයි අරුන්දිගේ කකුල් දෙක ඉක්මනින් සුව වෙනවා කියලා…

එසේ කිව් ඔහු හිස පහලට හරවා අරුන්දී දෙස බැලුවේ ඉමහත් සෙනෙහසකිනි.

ඇයද ඔහු දෙස බලා සිට මුහුන බිමට හරවා ගත්තේ ඔහුගේ ඒ බැල්ම දෙස තව දුරටත් බලා සිටීමට නොහැකි නිසාය..

පසුව ඔවුන් නැවත නිවස බලා ඒමට රෝහල් භූමියෙන් පිටතට ආවෝය..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

මෙලෙස දින සති මාස ගෙවී ගොස් අනතුරින් පසු අවුරුද්දක් පමන ගෙවුනි.

ඒ අතරතුර කාලයේදී අරුන්දිගේ ජීවිතේ බොහෝ සෙයින් රෝද පුටුවේ ජීවිතේට හුරුවී තිබුනි…

මුල් කාලයේ සිතේ තිබූ පසුතැවිල්ල කල් යත්ම යත්ම ඇය ඊට හුරු වන්නට වූවාය..

ඩොක්ටර් අබේසේකර ගේ ප්‍රතිකාර වලින් යම් තරමක සුවයක් ලබා සිටි ඇයට තවමත් දෙපයින් නැගී සිටින්නට තරම් ශක්තියක් නොවීය..
ඇය දැන් මේ ජීවිතේට හුරුය..

මේඅතර කාලයේදී විහග ඇගේ සිතට බොහෝ සේ ලන්ව සිටීම ඇයට තවත් සතුටක් ගෙන දෙන්නක් විය..

මයන්ත වෙනුවෙන් වැටුන කදුලු සිදී ගොස් විහග නිසා සතුටු සිනහා සෑම විටම ඇගේ මුහුන සරසන්නට විය..

කල් යත්ම විහගගේ සිතේ මෙන්ම අරුන්දිගේ සිතේද ඔවුනොවුන් කෙරෙහි යම් නුහුරු හැගීමක් මෝදුවීගෙන එන බව දෙදෙනාටම තේරුනත් ඔවුන් එකෙකුවත් ඉස්සර නොවීමට වගබලා ගත්තෝය..

දිනක් අරුන්දි සමග විහග කකුල් දෙක සදහා සිදුකරන තෙරපි ප්‍රතිකාරයක් සදහා පෞද්ගලික රෝහලට පැමිනියේය..

දැන් දැන් ඔවුන් දෙදෙනා පමනක් ප්‍රතිකාර සදහා යන්නේ විහග ඒ තරමටම සමීප මිතුරෙක් වූ නිසාමය..

ප්‍රතිකාර ලබාගෙන ඔවුන් නැවත නිවස බලා එන විට බොහෝ රෑ බෝ වී තිබුනේ ප්‍රතිකාර ලබන ස්තානයේ බොහෝ සෙනග රැදීසිටීම හේතුවෙනි…

විහග කාරය පදවාගෙන එන අතර තුර අරුන්දීන්දෙස බැලුවේ නිකමටය..

මොකෝ අරුන්දී … බය වෙලාද ඉන්නේ…?

න්..නෑ…. එහෙම දෙයක් නෑ… මට හරි දුකයි මගේ ජීවිතේ ගැන…

ඒ මොකෝ එහෙම කියන්නේ??

නෑ බලන්න දැන් අවුරුද්දකුත් වෙන්න ආවා තවම මට අඩියක් උස්සලා අඩියක් ගන්න බෑ…

ඔයාලත් මම නිසා ගොඩක් වෙහෙසෙනවා.. ඒවා දකිද්දි මටහරි දුකයි ඩොක්ටර් ..

මෙහ් අරුන්දි මම එදත් කිව්වනේ මට ඩොක්ටර් කියන්න එපා කියලා…
විහග කියන්න ලමයෝ..

අනේ….මට එහෙම කියන්න මොකද්ද වගේ ඩොක්….ටර්….
ඔය ආයෙත් ඩොක්ටර් ගානවා… තේරෙන්නෙම නැද්ද ආ…??

හරි හරි අනේ….
ඇය සිනාසී ඔහු දෙස බැලුවාය…

කොහොමත් ස්නයු වර්දනය ටිකක් හෙමින්නේ ලමයෝ සිද්ද වෙන්නේ…
එතකොට ඉතින් අපිට ඕනි ඉක්මනට මේ හැමදේම සිද්ද වෙන්නේ නෑ…පොඩ්ඩක් ඉවසලා ඉමු…

ඩොක්ටර් අබේසේකරත් කිව්වනේ recover වෙන්න ටිකක් කල් යනව කියලා..

හ්ම්ම් මමත් ඒ විශ්වාසෙන් ඉන්නේ බලමුකෝ..

මෙලෙසින් ඔවුන් බොහෝ දේ කතා කරමින් නිවස අසලටම එන විට රාත්‍රී9 ට පමන ඇත..

විහග කාරය නිවස ඉදිරිපිට නවත්වා බැස විත් ඩිකියේ තිබූ රෝදපුටුව තල්ලු කරගෙන අරුන්දීව බස්සවා ගැනීම සදහා දොර අසලට ආවේය…

කාරයේ ඇය සිටින පැත්තේ දොර හැරගත් ඔහු වෙනදා මෙන් ඇයව දෝතින් වඩා ගෙන රෝද පුටුවේ ඉන්දවූයේ ඉතාමත් පරිස්සමිනි…

ඇය ඉදගත් පසු ඔහුගේ මුහුන දෙස බැලුවේ ස්තුති කියන්නාක් මෙනි..

මේ කරන දේවල් වලට මම කොහොම ස්තුති කරන්නද කියලා මට තේරෙන්නේ නෑ විහග..

අම්මේ ඇති යන්තම් විහග කියලා කිව්වා…

ඔහු හිනහා වෙමින් කීවේ ඇයවත් සිනහා ගන්වමිනි…

ඔයා ඉක්මනින් සනීප වෙන්නකෝ ඊට පස්සේ බැරියෑ කල ගුන සලකන්න..

ඔහු යටැසින් බලා ඇයට කිව්වේ මුවග සිනහවක්ද නගමිනි..

ඇය බිම බලා ගත්තේ ඊට දීමට තරම් උත්තරයක් ඒ මොහොතේ සිතට නොනැගුන නිසාය..

ඔයා මං වගේ කෙනෙකුට මේ කරන උදව්වට මම ඔයාගේ කකුල්දෙක ලග වැටිලා කලගුන සැලකුවත් මට මදි විහග…

ඒ තරම් ගෞරවයක් මගේ හිතේ ඔයා ගැන ගොඩනැගිලා ඉවරයි.. ඒක මට කියාගන්න තරම් ශක්තියක් නෑ..

ඇය ඔහුගේ මුහුන දෙස බලාගෙනම සිතුවාය..

මොකෝ ගෙට යන්න කල්පනාවක් නැද්ද? කල ගුන සලකන හැටි කල්පනා කරනවා වගේ…

සිනාසෙමින් කිව් ඔහු ඇයව රෝද පුටුවේ තියාගෙන ගේ දෙසට තල්ලු කලේය..

ඔවුන් ගෙතුලට ඇතුල් වන විට දුටුවේ සමරදිවාකර රූපවාහිනිය නරබමින් සිටින වගය…

චන්ද්‍රාද ඔහු අසලින් ඉදගෙන රූපවාහිනිය දෙසටම නෙත් යොමා සිටි බැවින් අරුන්දි හා විහග ගෙතුලට එනතුරුම ඔවුන්ට ඒ ගැන අවදානයක් නොතිබිනි..

ආ පුතාලා අද පරක්කු උනා නේද??

ඔවුන් දුටු විට සමරදිවාකර රූපවාහිනිය දෙසි නෙත් ඉවතට ගෙන ඇසුවේය..

ඔව් තාත්තී අද තෙරපි වලට ගොඩක් කට්ටිය ඇවිත් හිටියා…
ඩොක්ටර් විහග නිසයි මේ තරම් හරි ඉක්මනින් එන්න පුලුවන් උනේ…ස්ටාෆ් නිසා…

හ්ම්ම්ම්.. පුතාටත් මහන්සි ඇති….

නෑ…අන්කල් අපිට හොදට හුරුයි ඉතින් නිදි මරලා….

එහෙනම් අන්කල් මමත් යන්නම් දැන්…
එසේ කිව් ඔහු අරුන්දී දෙස බැලුවේ යන්නට තරම් හිතක් තමා තුල නැති බව කියන්නට මෙනි…

අරුන්දී සිනාසී හිස සැලුවාය..

විහග පිටව යන තුරු බලා සිටි අරුන්දී නැවත ගේ දෙසට හැරෙන්නට යන විට සමරදිවාකර ඇය අසලට පැමින රෝදපුටුව තල්ලු කරගෙන ඇගේ කාමරයට එක්කගෙන යන ලදී..

එසේ ගොස් ඇයව උස්සා ඇද මතින් තබා ඔහුද ඇදේ ඉද ගත්තේ මුහුනේ බැරෑරුම් කමක් මවාගනිමින්‍ ය..

ඇයි තාත්තී..??

දුව මේකයි….මම ගොඩක් දවසක ඉදන් මේ දේ දුවට කියන්න හිටියේ… ඒත් දුව ඉන්න තත්වේ ගැන හිතලා මේ දේ කියන එක සුදුසු නෑ කියලයි මම හිතුවේ..

මොකක් ගැනද තාත්තී??

දුව මයන්ත දැන් දුවගේ ජීවිතෙන් ඈත් වෙලා ඉවරයි නේ…
දුව දැන් හිත හදාගෙන ඉන්නවා ඇති කියලා මම හිතනවා..

පුතාගේ වෙලාවට මේ accident එක උනා.. ඒක ගැන දැන් දුක් වෙලා වැඩක් නෑ…
ඒත් අපිට මෙහෙම දුවගේ වයස යනවා බලාගෙන ඉන්නත් බෑනේ…

එසේ කිව් ඔහු කෙලින්ම ඇගේ මුහුනදෙස බැලුවේ ඇගෙන් පිලිතුරක් අපේක්ශාවෙන් නොවුනත් ඇයට යම් දෙයක් කීමට ඇතිදැයි සිතාගෙනය..

අරුන්දී පියාගේ මුහුන දෙස බලා ගත් වනම සිටියේ ඇයට දීමට තරම් පිලිතුරක් සිතා ගත නොහැකි නිසාය..

මම දන්නවා දුව හිතන දේ…..

තම පියා මේ පවසන්න උත්සහ දරන්නේ තමාට විවාහයක් ගැන නේදැයි අවබෝධ කරගත් ඇයට එක් වරම සිහි වුනේ මයන්තවය..

ඔහුත් සමග අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න දෙමාපිය කැමැත්ත ඇතිව ආරම්භ වුන ඒ සම්බන්දයට අද වන විට අත්ව ඇති ඉරනම ගැන සිතන විට ඇයට විවාහය බිය ගෙන දෙන්නක් බදු වී ඇත..

එතරම් කලක් ආශ්‍රය කරලත් මයන්ත තමාට ප්‍රශ්නයක් ඉතිරි කර යන්නට ගියේ ආදරේ වටිනාකමවත් නොදැන නේද ..

අදටත් ඇගේ හිත මයන්ත තමාව අතහැර යන්නට හේතුව සොයන්නට වෙහෙසෙයි…
එසේ ආදරෙන් පරාදවූ ඇයට තවත් කෙනෙක් විශ්වාස කරන්නට තරම් මානසිකත්වයක් තවමත් හිතේ ගොඩ නැගී නැත්තේය.

එහෙත් තම පියා පවසන අන්දමට තමන් වැනි දෙපා පන නැති අයෙක් භාර ගන්න ඉදිරිපත් වන්නේ කවුද?

මෙලෙසින් බොහෝ ප්‍රශ්න හමුවේ ඇය පිලිතුරු සොයද්දී පියවි සිහියට ආවේ පියාගේ කටහඩත් සමාගය…

ලොකු දූ අහගෙනද ඉන්නේ..??

ආ…ඔ.ව්ව්..තාත්තී…

අනේ තාත්තී මේ මන් වගේ කෙල්ලෙක්ව භාර ගන්නේ කවුද තාත්තී…කකුල් පන නැති කෙල්ලෙක් තව කෙනෙක් ගේ ජීවිතේට මහ බරක්..

අපි කල්පනා කලා දුවට හොද ලමයෙක් හොයන්න…දුවගේ මේ තත්වය තේරුම් ගත්ත හොද උගත් ලමයෙක් හෙව්වොත් දූ කැමති වෙනවද??

ඇයට පියා කිව් දෙය මුලින් නොවැටහුනත් පසුව ඇයට ඒත්තු ගියේ විහග පිලිබද අදහසක් තම දෙමා පියන්ගේ සිතේ ගොඩනැගී ඇති බවයි…

ඇය පියාගේ මුහුන දෙසම එක එල්ලේ බලා මුව විවර කලේ යමක් පැවසීමටය…

තාත්තී කව්රු ගැනද මේ කියන්න යන්නේ…?

මේකයි දූ අපිට දුව බරක් නෙවෙයි… අපි කැමතී දුව අපි ලග හැමදාම ඉන්නවනම්… ඒත්…

එසේ කිව් සමරදිවාකර මුහුන බිමට හරවා ගත්තේ හිතේ වේදනාවකින් බව අරුන්දිට වැටහුනි..

ඇයි තාත්තී ඒත් කිව්වේ..?

මේකයි ..දුවගේ අම්මාගේ එකම හීනය උනේ දුව ලස්සන මනමාලියක් වෙනව දකින්න..
ඒත් එයා ගෙනාපු ආයුශ ඉවර උනා අපි දෙන්නවම දාලා එයාගියා…

ඉතින් පුතේ එයාගේ ඒ බලාපොරොත්තුව අපි ඉශ්ඨ කරමු…
අම්මා ඉන්න තැනක ඉදලා මගේ දූ දිහා බලලා සතුටුවෙයි …

ඔහු එසේ කියනවිට ඇරුන්දිගේ නෙත් දෙකෙන් කදුලු ගිලිහුනේ ඇයටත් නොදැනීමය..

මට තේරෙන්නේ නෑ තාත්තී… මේ තත්වේ උඩ කව්ද තාත්තී මට කැමති වෙන්නේ??

පුතේ මට හිතෙනවා විහග පුතා මේ තරම දූගේ කකුල් සනීප කරගන්න උත්සහ කරන්නේ එයාගේ හිතේ දුව ගැන අදහසක් තියාගෙනද කියලා..

එහෙම අදහසක් තියෙනවනම් අපි ඒකට විරුද්ද නෑ පුතේ..
මොකද හොද ගති ගුන උගත් කම ලස්සන මේ හැම දේම ඒ ලමයා ලග තියෙනවා…

අපි හිතුවේ ඔය දෙන්නා මෙච්චර කාලයක් එකට හිටපු එකේ එහෙම සම්බන්ධයක් ගොඩ නැගේවී කියලා…

ඒත් එහෙම දෙයක් පෙනුනේ නැති නිසයි මම මේ දේ ගැන දුව එක්ක විවෘතව කතා කරන්න හිතුවේ..

හ්ම්ම්…තාත්ති කියන කතාව ඇත්ත තාත්තී..
මේ අවුරුදු එක හමාරටම විහග කරන සමහර දේවල් එක්ක එයාගේ හිතේ මං ගැන අදහසක් තියෙනවා කියලා මට තේරුනා..

ඒත් මම එයාට බලාපොරොත්තු දෙන්න ගියේ නෑ තාත්තී..
මං වගේ කෙල්ලෙක් බදින්න එයා වගේ කෙනෙක් සුදුසු නෑ…
අනික මයන්ත මාව දාලා ගියාට පස්සේ මම බයයි තාත්ති ආදරේට..

ආයෙත් මට ඒ වගේ දුකක් එපා ජීවිතේටම..ඒක මට දරාගන්න බැරි වෙයි..
මයන්ත ගොඩාක් වැරදි කලා..

ඒවා මම දන්නවා.. කවදාවත් මට ආදරේකින් කතා කලේ නෑ..
ඒත් මොන එකක්ද මන්දා මම එයාට ආදරේ කලා…
අනේ මන්දා මම වත් දන්නේ නෑ ඒ ඇයි කියලා තාත්තී..

ඔව් මම දන්නවා දුව… මටත් මයන්තගේ වැරදි වටින් ගොඩින් ආරන්චි උනා…
ඒත් මම ඒවා පස්සේ එලෙව්වේ නෑ..
මේ උන දේ හොදයි කියලයි මට නම් හිතෙන්නේ..

එයා අවන්කවම ආදරේ කලා නම් දුව මේ වගේ තත්වෙක ඉද්දී එහෙම මග ඇරලා යන්නේ නෑනේ…..

මයන්තගේ ආදරේට වඩා වටින ආදරයක් දුවට උරුම.. ඒකයි මයන්තගේ ආදරේ අහිමි උනේ…

අපි බල කරන්නේ නෑ.. දූ හිතලා තීරනයක් ගන්න… ..

එසේ කිව් සමරදිවාකර ඇගේ හිස අතගා කාමරෙන් පිටත්ව ගියේ හිස පහතට නමන් කල්පනාවකිනි..

ඔහු කාමරයෙන් පිටතට ගිය පසු අරුන්දී ඇදගෙන උන් ඇදුම් පිටින්ම ඇදේ ඇලවුනේ මේ කිසිවක් හරියට තෝරා බේරා ගන්නට නොහැකිවය..

තාත්තා කිව්වා හරි. විහග මං ගැන උනන්දුයි කියලා මට මුලදිම තේරුනා..
ඒත් දෙයියනේ එහෙම කෙනෙකුට මං වගේ කෙනෙක් ගැලපෙන්නේ කොහොමද??

එයාගේ තත්වේ හැටියට මට වඩා ගොඩාක් හොද කෙල්ලෙක් බදින්න පුලුවන්…

මයන්ත ලග නොතිබුන කරුනාව සෙනෙහස වගේම ආදරය කියන වචන වල අර්තය මනා ලෙසින් විහග අරුන්දීට ඔප්පු කර පෙන්නුවත් ඇය ඒ කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකලේ ඇය වන් කෙනෙකුට විහග වැනි අයෙකුගේ ආදරය පිලිගැනීමට තරම් සුදුසු නොවන නිසාමය..

වෙලාවකට විහග ගැන මගේ හිතේ අමුතුම හැගීමක් ඇති උනා තමයී.. ඒත් ඒ හැගීම ඔස්සේ යන්න මම බයයී.. ඒ ඇයි කියන්න මම වත් දන්නේ නෑ…

ඒත් මගේ අම්මාගේ හීනේ මම කොහොමහරි සැබෑ කරන්න ඕනේ… එතකොට ඉන්න තැනක ඉදලා අම්මා ඒ දිහා බලලා සතුටුවෙයි..

තාත්තා කියන විදිහට විහග හොද කෙනෙක් තමයි..ඒත්..
අනේ මන්දා බලමු …

මෙලෙසින් ඇය බොහෝ වේලාවක් කල්පනා කරමින් ඇදේ ඇලවී සිටින අතරතුර ඇගේ ජංගම දුරකතනයට ඇමතුමක් එන බව දිටීය..

එහි තිරයේ දිස් වුනේ විහග…ලෙසිනි..

හෙලෝ..

හෙලෝ අරුන්දි…

විහග….. ගෙදර ගියාද??

ඔව් ලමයෝ… මම wash දාලා නිදාගන්න හැදුවේ..

එහෙමද…

මේ…ඒක නෙවේ.. ඩොක්ටර් මට කතා කරලා කිව්වා අනිද්දට ඔයාව එක්කගෙන එන්න කියලා therapy වලට.

අනිද්දා…. අද එහෙම එකක් කිව්වේ නෑනේ..

ඩොක්ටර් ට මම කෝල් කලා හොස්පිටල් එකේ වැඩක් ගැන කියන්න එතකොට තමයි මට කිව්වේ..
අනිද්දා මට leave .. මම එන්නම් ඔයාව ගන්න..හරී..

ආ… මේ…. හා….

ඇයට වචන එක් කරගන්නට නොහැකි වුනේ මේ අනපේක්ෂිත appointment එක නිසාය..

හරි එහෙනම් මම තියන්නම්..

බුදුසරණයි ..

හ්..හරී බුදුසරණයි ඔයාටත්..

ඇය දුරකතනය අතේ තබාගෙනම කල්පනා කලේ දිහග කිව් දේ ගැනය..

මේ කිව්ව therapy එක මොකද්ද අනේ.. එහෙම එකක් ඩොක්ටර් කිව්වෙත් නෑනේ…

බලමුකෝ…. ගිහිල්ලම…

ඇයට ඇගේ දෙපා දෙස බැලුනේ ඉබේටම ය..

කොහොම හිටපු මං ද..ඇයි දෙයියනේ මට මේ තරම් දඩුවමක් දුන්නේ…

එසේ සිතමින් ඇය දෑස් දෙකේ කදුලු පුරවාගත්තේ ඇඩීමට තරම් ශක්තියක් ඇය තුල තවත් නොවූ බැවිනි…

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

විහග පැවසූ පරිදි ඇය උදෙන්ම නාගෙන සූදානම් වූයේ ඩොක්ටර් හම්බවෙන්න යාමටයි…

ඇය තෙත කොන්ඩයේ වතුර බේරෙන නිසා එය වට කර තුවාය බැදගෙන අල්මාරියෙන් ගත් රෝස පැහෑ සිල්ක් ගවුම අතට ගත්තේ එය ඇදගැනීමටය..

ඒයී කොහෙද යන්න හදන්නේ….

ඒ විභාශාය… අරුන්දී හිස හරවා දොර දෙස බැලීය..

ඇයි අද therapy එකට යන්න තියෙනවනේ…
මොකද්ද අදින්නේ කියලා බැලුවේ…

ඔයා ඉතින් මොකක් ඇන්දත් ලස්සනයි නේ සුදූ…
කියමින් ඇය අරුන්දී අසලට ආවාය..

ආ.. ඔය අතේ තියාගෙන ඉන්නේ ලස්සන ගවුමක්… ඕක හොදයී..

මේ එකක් කියන්නද ලස්සනට අදගෙන ගිහින් අර කොල්ලාව පිස්සු වට්ටන්න එපා හලෝ.. පව්…

ඇය එසේ කියා නිහැහෙමින් ඇදේ ඉදගත්තාය.

මොන කොල්ලද…?

දන්නේම නෑ… විහග හලෝ විහග…
ඌ බොක්කෙන්ම ලව් වගේ නේහ්…

පිස්සුද මැට්ටී.. එයාට මම වගේ කෙනෙක් කොහෙද ගැලපෙන්නෙ…කකුල් පන නැති කෙනෙක්…

අපෝ එයාට ඕවා අදාල නෑ මට හිතෙන්නේ.. ඒකනේ බලෙන්ම උස්සල වීල් චෙයාර් එකෙත් තියන්නේ…

විකාර කියන්නේ නැතුව ඉන්නවා… පැහිලා දැන් හොදටම..

බලමුකො බලමුකෝ.. ඔහොම කියන අය තමා පස්සේ මැරීගෙන ආදරේ කරන්නේ…
කෝ එන්න මම ඕක අන්දවන්නම්…

කිව් විභාශා ඇය අසලට විත් ඇගේ අතේ තිබූ ගවුම අන්දවන්නට සූදානම් විය…

අරුන්දීද ඇදගෙන උන් තුවාය ලිහිල් කර අත්දෙක ඉස්සුවේ ගවුම ඇන්දීමට පහසු කරවීමටයි.

රෝස පාට ගවුම ඇයට කදිමට ගැලපුනි..එය ඇන්ද පසු ඇගේ මුහුනට තවත් එලිය වැටුනි.

ශා… ඔය ඉන්නේ…රෝස මලක් වගේ…මට ආවේ නෑනේ අප්පා ඔය සුද..

පිස්සී ඔයා කොයි තරම් ලස්සනද…. එසේ කිව් අරුන්දී කන්නාඩියෙන් තමුන් දෙස බැලුවේය..

විභාශා නිවැරදිය.. තමුන් කොයි තරම් නම් ලස්සනද.. ඒත් මේ කකුල් දෙක..

ඇය එසේ සිතමින් කොන්ඩය මදක් අල්ලා පිටුපසට වන්නට කට්ටක් ගැසුවේ විහග හරි වේලාවටම එන බව දන්න නිසාමය..

ඇය විභාශා සමග කාමරයෙන් පිටතට එන විට විහග ගේ හයිබ්‍රිඩ් රතය ගේට්ටුවෙන් ඇතුලට දැම්මේත් එකටමය..

ඔහු එන බව දැනුන අරුන්දිගේ මුලු ඇගම සීතලවී ගියේ මන්දැයි ඇයටවත් නොතේරුනි..

බඩතුල සමනලුන් පියබන්නාක් සේ කිතියක් ඒ සමගම ඇති වුනේ ඇයගේ මුවට සිනහවක්ම නගමිනි…

අම්මේ මෙයාගේ මූනේ හිනාව…

විභාශා ඇගේ මුහුනට එබෙමින් කිව්වේ සිනාසෙමිනි..

කට වහනවා මෝඩී.. එයාට ඇහුනොත්.. මොනවා හිතයිද..

හිතන්න දෙයක් නෑ එයා නම් හිතලා තියෙන්නේ…

කට වහනවා….
එසේ කියමින් අරුන්දී විභාශාට අතින් අහරක් ගසන විටම විහග ගෙට ඇතුල් විය..

ආ… මොකෝ අක්කලා නන්ගිලා…රන්ඩුවක්ද…?

ගෙට ගොඩ වූ ඔහු එක් වරම අරුන්දි දුටු වනම කියා ගත නොහැකි තරමේ හැගීමක සිතට පහල විය..

ඇය අද ඒ තරම්ම සුන්දරයි…. කොන්ඩෙ කඩලා දාලා වෙනදා නොදුටු අමුතුම සුන්දර බවක් ඈ තුලින් දිස් වේ..

කීමට දෙයක් නොමැතිව විහග ඇය දෙසම තත්පර ගනනක් බලා හිටියේ ඒ රුවෙන් දෑස් ඉවතට ගන්නට ලෝබ සිතුන නිසාය..

අපි යමු එහෙනම් … නන්ගී අම්මට එන්න කියන්නකෝ…

ඔහු එලෙස බලා හිදින විට අරුන්දිගේ සිතේ උපන් ලැජ්ජාවට ඇයෙ විභාශාට එසේ කිව්වේ අවස්තාවෙන් මග ඇරීමටය…

විහගද ඇගෙන් දෑස් ඉවතට ගත්තේ චන්ද්‍රා සාලයට එන බව දුටු නිසාය…

අද පුතා නිවාඩු කිව්වා නේද..
ඔව් ආන්ටි… අරුන්දිව ඒකගෙන යන්න ආවේ…

ඔව් දූ කිව්වා අද therapy එකකට යනවා කියලා.. එහෙනම් දෙන්නා පරිස්සමට ගිහින් එන්න…

නිවසේ අයගෙන් සමුගෙන අරුන්දී සහ විහග කාරය වෙතට ආවෝය..
කාරයේ දොර අසල රෝද පුටුව නවතා විහග එහි දොර ඇරියේ අරුන්දිව නැග්ගවීමටය..

පෙර මෙන්ම ඔහු තම දොතින් ඇයව උස්සා ඉදිරිපස අසුනේ තැබුවේ ඇගේ ඇග තවත් හිරිවට්ටවමිනි..

අනතුරුව ඔහුද රියදුරු අසුනේ වාඩි වී රතය පන ගැන්වූයේ මද සිනහවක් මුනේ නගාගෙනය..

අරුන්දි හිස හරවා ඔහු දෙස බැලුවේ අද වෙනදා මෙන් නොව ඔහු ඉතා සතුටකින් සිටින බවක් මුහුනෙන් පෙනෙන නිසාය..

ඔහු ඇද සිටියේ ඩෙනිම් කලිසමට කොටු කොටු නිල් පාට ශර්ට් එකකි.. එම කමිසයේ අත් දෙක වැලමිට තෙක් නවා ඇති හෙයින් ඔහුගේ කඩවසම් බව මැනවින් ඔප්නැන්වී තිබුනී…

ඉදිරි පස බලා වාහනය එලවන ඔහුගේ අමුතුම සිත් ඇදගන්නා සලු පෞරුෂය අරුන්දිගේ සිතත් ගත්ත දෙකම ඇද බැද ගත්තාය..

වෙනදාට අත් දිග කමිසයත් ටයි පටියත් කලු හෝ අලු කලිසමකි සැරසෙන ඔහුට වඩා අද දකින විදිහ හරි කෙලිලොල් බවකින් යුතු වීම මේ වෙනසට හේතුවයි…

ඇය විහග දෙස බලා හිදින බව දැනුනාක් මෙන් විහග එක්වරම ඇය දෙස බැලුවේය..

ඇය ඔහුගෙන් දෑස් ඉවත්ට ගත්තේ ඒ ඇසිල්ලෙනි…

මොකද අහක බලන්නේ…??

ඔහු ඇසුවේ හිනැහෙමිනි..

න්…නෑ… නිකන්…

නිකන් වෙන්න බෑ…

පිස්සු අනේ… ඇත්තටම අද ඩොක්ටර් එන්න කිව්වද??

හ්ම්ම්….
ඔහුගෙන් පිලිතුර එපමනකි..

ඇය ඉන් එහා යමක් ඇසීමට සිතුවත් එක් වරම් ඇය දුටුවේ රෝහල පිහිටි පාරට නොව වෙනත් අතුරු පාරකට වාහනය හැරවූ බවයි…

මේ…..මේ කොහෙද යන්නේ…..

ඔහුගෙන් පිලිතුරක් නැත…ඔහු ඉදිරිය බලාගෙනම රිය පදවයි..

අනේ විහග කොහෙද මේ යන්නේ….
ඇය පහුවන ගොඩනැගිලි පාරවල් දෙසභිස හරව හරව බලමින් කලබලෙන් ඇසුවාය..

ඔහොම ඉන්නකෝ… බයද??

න්..නෑ… බයක් නෙවේ… ඒත් ඔයා කිව්වේ ඩොක්ටර් appointment එකට යනවා කියලනේ.. ඒකයී..

හරි හරි ලමයෝ මේක ඊට වඩා වැදගත් දෙයක්…

මොකක්??? වැදගත් දෙයක්..??

බලාගෙන ඉන්නකෝ හොද ලමය වගේ…

එසේ කියමින් ඔහු වාහනය පදවාගෙන ආවේ මුහුදු වෙරල අයිනේ පිහිටි මනරම් හෝටලයකටයි…

ඔන්න අපි ආවා…

එසේ කිව් ඔහු කාරය නවතා ඇය දෙසට හැරී කිව්වාය.

මෙහෙ…?මේ කොහෙද???

එන්නකෝ මම කියන්නම්කෝ විස්තරේ…

එසේ කිව් ඔහු කාරයෙන් බැස අනෙක් පසින් පැමින ඇයව එලියට ගන්න සැරසුනි…
අනේ විහග ඔයා මොනවද කරන්න හදන්නේ..

කරන්න හදනදේ බලමුකෝ බැස්සට පස්සේ…කෝ එන්න..

එසේ කියමින් ඔහු ඇයව උස්සා රෝද පිටුවෙන් තැබුවේය..

අනතුරුව එය තල්ලු කරගෙන හෝටලය ඇතුලට ගමන් කරන්නට විය..
හෝටලයේ කොරිඩෝව දිගේ ගමන්ගත් ඔවුන් දෙදෙන එලිමහනකට ආවෝය..

ඉදිරිපස මුහුදු වෙරල මනරම් දර්ශනයක් මවන නිසා මෙය කුඩා පාරාදීසයක් බදු හැගීමක් අරින්දී තුල ඇතිකරන්නට එතරම් වෙලාවක් නොගියේය.

ඇය මේ කිසිත් තේරුම් ගත නොහැකිව විහග ගේ මුහුන දෙස බැලුවේ දෑස් පුන්චිකරගෙනය..

ඔහු සිනාසී ඇයව එක්කගෙන ගියේ ඈත කොනක පිහිටි නොවුන් සදහාම වෙන් කරන ලද කුඩා මේසයක් අසලටයි…

ඇය දුර තියාම ඒ මේසය දුටු අතර මොහොතින් මොහොත ඒ දෙසට ලන් වන විට ඇය දුටුවේ මේසය මත රෝසමල් පොකුරක් තිබෙන බවය..

පසෙකින් ඔරේන්ජ් ජූස් වීදුරු දෙකක්ද තබා ඇති මේසය දුටු වනම ඇගේ සිත ඇද බැද ගත්තාය..

එහෙත් මේ කිසිවක් තේරුම්ගත නොහැකිව ඇය විහග දෙස බැලුවේ ප්‍රශ්නාර්තයක් මුහුනේ මවාගෙනය..

දැන් ඔවුන් මේසය ලගටම පැමින ඇත.. එක් වරම විහග ඇයගේ රෝද පුටුව මේසයට මදක් ඈතින් නතර කර ඇයව එම ස්තානයේ තබා මේසය අසලට ගමන් කලේය..

ඇය වික්ශිප්ත වූ දෑසින් මේ සියල්ලක්ම බලා සිටියේ මොහු මේ කිරීමට යන්නේ කුමක්ද යන්න ගැන කිසිදු අවභෝධයක් නොමැතිවය..

එක් වරම ඔහු රෝසමල් පොකුර සහ තවත් යමක් රැගෙන ඇය දෙසට එනු දැකගත හැකි විය. මුහුනේ මද සිනහවක් නගාගත් ඔහු ඇය වෙත පැමින රෝස මල් පොකුර ඇය වෙතට දිගුකලේ ඇගේ දෑස් දෙක කදුලින් තෙත් කරවමිනි..

ඇය වෙව්ලන දෑතින් එය අතට ගත්තේ ඔහුගේ දෑස් වලින් ඇගේ දෑස් ඉවතට නොගෙනමය…

එක් වරම ඇගේ අතට හසුවුනේ පොඩි කොල කැබැල්ලකි.. එය රතු පාට කොලයක් වන අතර රතු රෝස මල් ගොඩේ එයත් මල් පෙත්තක් යැයි මුලින් ඇය සිතුවාය..

ඇය ඔහුගෙන් දෑස් ඉවතට ගෙන ඒ පොඩිරතු පැහෑ කොල කැබැල්ල දිහ හරින්නට විය.

එහි ලියා ඇති දෙය එක් වරක් නොව තුන් හතර වරක්ම කියවූ ඇය වාවාගෙන සිටි හැඩුම තවදුරටත් වාවගත නොහැකිව ඉකිබිදීමට ගත්තේ විහග ගේ නෙත් වලටද කදුලක් එක් කරමිනි…

“ඔයාව මුලු ජීවිත කාලේටම බලාගන්න මම කැමතී..”💕💕

එහි එසේ සදහන්ව තිබුනි…

10 කොටසෙන් හමුවෙමු.

මොකද හිතන්නේ ලමයී…
අද කොටස හොදද..😘😘
ටික දිගට ලියාගන්න පුලුවන් උනා අද…
Boring උනේ නෑනේ ගොඩාක් දිග කොටසක් උනාම🤔🤔

හරි හරි හෙට බලමුකෝ මොකද්ද උනේ කියලා.. ඔන්න අරුන්දිට මම ආයේ දුක් නොදෙන්න තීරනය කලා..🤗

එහෙනම් කතව ගැන පොඩ්ඩක් අදහසකුත් දාගෙනම යන්න හරිද.. 😍😍

ඔයාලගේ Likes comment දකිනකොට හිතට නිහතමානි සතුටක් දැනෙනව යාලුවනේ..
😘😘
බුදුසරණයි ඔයාලට. 

2 Comments

  1. hello there and thank you for your information – I have definitely picked up something new from right here.

    I did however expertise a few technical points using this site, since I
    experienced to reload the web site many times previous to I could get it to load correctly.

    I had been wondering if your web host is OK? Not that I am complaining, but sluggish loading
    instances times will often affect your placement
    in google and could damage your quality score if advertising
    and marketing with Adwords. Anyway I am adding this RSS to my e-mail and can look out for much more of your respective fascinating content.
    Make sure you update this again very soon.. Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *