අරුන්දී 10

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයගේ කතාව)

10 වන දිගහැරුම

💘
💘
💘
💘

අරුන්දී කිසිදු වචනයක් ගලපාගත් නොහැකිව ඔහේ ඇසෙන් වැටෙන කදූලු ගලා යන්නට දි බිම බලාගෙන සිටියේ හිතේ සතුටටයි..

එක් වරම විහග පහත්වී ඇයව ඔහුගේ දෝතට ගත්තේ කුඩා ලදැරියක් දෝතට ගන්නාක් සේය..

පසුව ඔහු සෙමින් ඈතින් පෙනුන මේසය ලගට ඇයවත් ඔසවාගෙන යන්නට විය..

ඇය ඔහුගේ ගෙල වටා අත දමා ගත්තේ තව තවත් ඔහුගේ උනුසුම ඇයට ඕනී කරන නිසා බව දැනගෙන උන්නේ ඇය පමනයි..

මොකද්ද කරන්නේ ඔයා??

ඇය ඔහුගේ මුහුන දෙස බලා ඇසුවේ කනට ඇසෙන නොඇසෙන තරමිනි..

එවලෙහි ඔහුත් ඇය දෙස බැලූහෙයින් ඔහුගේත් ඇගේත් මුහුනු අතර පරතරය හුස්මක තරම් වන්නට විය..

ඔහුගේ හුස්ම පොද ඇගේ මුහුනට වැටෙන තරමට ඔවුනොවුන් ලන්ව සිටියෝය..

ඔහු කිසිත් නිදොඩා ඇයව ගෙන ගොස් පිටුවේ ඉද ගැස්සුවේ ඉතාමත් පරිස්සමටය..

පසුව ඔහුත් අනෙක් පසින් ගොස් ඇයට ඉදිරිපස පුටුවේ හිදගන්නට විය.. ඔහු කෙලින්ම ඇගේ මුහුන දෙස බලා මද වේලාවක් සිටියේ ඒ මුහුනේ සුන්දරත්වයට ඔහු වශී වූවාක් මෙනි…

ඇය තවමත් බිමට බර කරගෙන සිටි මුහුන හෙමින් ඔසවා ඉදිරිය බලත්ම ඔහු ඈ දෙස බලා සිටින බව දැක ඒනෙත් වලින් ඇගේ නෙත් ඉවතට ගන්නට හැදුවත් එය අසාර්ථක වූයේ ඒ තරමට ඔහුගේ බැල්ම තියුනු වූ නිසාමය..

ඇය දෙස බලා සිටි ඔහු සෙමින් මුව විවර කලේය..

අරුන්දී…….
ඇත්තටම මම මේ දේ ඔයාට කියන්න ගොඩාක් දවස් කල්පනා කලා…. ඒත් ඔයා ඉන්න තත්වෙත් එක්ක එහෙම දෙයක් කියන්න මට හිත දුන්නේ නෑ..
මොකද ඊට වඩා ඔයාගේ කකුල් දෙක ගැන හිතන්න අපි හැමෝම වෙහෙසුන නිසා…

ඔයා දන්නවද ඔයා හරිම අහින්සකයි අරුන්දී… මම කැමති ඒ අහින්සක කමට.. එහෙම නැතුව ඔයාගේ ලස්සනවත් සල්ලිවත් නෙවෙයි..

මට සමා වෙන්න මම මේ වෙලාවෙ ඔයාට වැරදි යෝජනාවක් කලා කියලා හිතෙනවනම්..
ඒත්….එත්… අරුන්දී….මම….ඔයාට ගොඩාක් ආදරෙයි…..ඇත්තමයි මම ගොඩාක් ආදරෙයි.

ඔහු එසේ කියන විට ඇය ගේ දෙනෙතින් කදුලු වැටෙන්නට පටන් ගත්තේ ඉබේටමය..ඒ නෙත් දෙක මැනික් කැට දෙකක් මෙන් දිලිසෙන්නට වූයේ ඇසේ පිරි කදූලු නිසාමය..

කමක් නෑ ඔයා කල්පනා කරලා බලලා කියන්න මට.. ඔයා දෙන ඕනෙම උත්තරයක් මම බාර ගන්න ලෑස්තී…

කිව් ඔහු ඈත මුහුද දෙස බලා ගත්තේ ඇයට යමක් සිතීමට ඉඩ සලසමින් මෙනි.

විහග…….
මට…තේරෙන්නේ නෑ මොකක් කියන්නද කියලා… මට…මට තවමත් මේක හීනයක් වගේ…

මම වගේ අබ්බගාත කෙල්ලෙකුට ඔයා වගේ කෙනෙක් ගේ ආදරේ මහමෙරක් වගේ විහග….
ඒත් ඔයාට මාව බරක් වෙයි…මගෙ පන නැති කකුල් දෙක ඔයාට ලැජ්ජාවක් වෙයි…

කට කට…..
ඔහු එසේ කියමින් ඇය දෙසට හැරුනේ ඔහුගේ මුවට දබර ඇගිල්ල තබාගෙනය..

කවදාවත් මට ඇහෙන්න ආයේ ඔය කතාව කියන්න එපා හොදේ…
මට ඔය කිසි දෙයක් වැඩක් නෑ..
මම ආදරේ කරන්නේ ඔයාගේ ඔය ලස්සන හිතට.. අවන්ක කමට.. අහින්සක කමට…
මට කියන්න …හොද ලමයා වගේ… ඔයා මගේම වෙනවා නේද??

ඇය හෙමිහිට මුහුන බිමට හරවාගත්තේ තවත් ඇගේ දෙනෙත්වලට උනන කදුලු ඔහු දකීද යන සැකයෙනි..

ඔහු ඒ සැනින් ඇගේ මේසය උඩට වන්නට තබාගෙන සිටි අත් දෙකේ ඇගිලි මැදි වන ලෙස ඔහුගේ අත්ලෙන් අල්ලා ගත්තේ එක එල්ලේ ඇගේ මුහුන දෙස බලමිනි…

මේ අහන්න අරුන්දී…. මම කොහොම හරි ඔයාගේ කකුල්දෙක සනීප කරනවා.. මං ගැන විශ්වාස කරන්න… ලන්කාවේ බැරිනම් පිටරටක ගිහින් හරි මම ඒ දේ කරනවා…

මම ආදරෙයි ඔයාට……

මම..ත් ඔ…යා..ට ආ..ද.රෙ.යි… විහ..ග..

ඇය සෙමින් කිව්වාය…

ඔහු අල්ලගෙන සිටි ඇගේ අත ලාවට මෙන් මිරිකාගෙනම ඇය දෙස බලා සිටියේ මද සිනහවක්ද මුවෙහි නගාගෙනය..

ඇයද ඔහුදෙස බලා හිනැහුනේ සිතේ බලාපොරොත්තු රාශියක්න්පොද බැදගෙනය…

හ්ම්ම්…මට තිබහයි… අපි මේක බොමුද?
කිව් ඔහු අසල තිබූ ඔරේන්ජ් ජූස් වීදුරු දෙකෙන් එකක් ඇය ඉදිරිපිට තබන ලදී…

බොන්න ලමයෝ…

එසේ කිව් ඔහු ඉන් එක් උගුරක් බිව්වේය…
අරුන්දීන්ද ඇගේ වීදුරුවෙන් උගුරක් බී එය නැවත මේසය උඩ තැබුවාය..

තරහද මගේ එක්ක??

අනේ මම මොකටද තරහා වෙන්නේ..

නෑ…බොරු කියලා එක්කගෙන ආවාට??

ඇය සිනාසුනා.මිස කිසිවක් නොකීවාය..

ආ ඒ කියන්නේ තරහයි නේහ්…
ඔහු සිනාසෙමින් ඇසුවේ තවත් බීම උගුරක් බොන ගමන් ය..

න්…නෑ…. තරහ නෑ…

ඇත්තමයි අරුන්දී මම…. මම ආස ඔයාගේ ඔන්න ඔය අහින්සක කමට… ඔය අහින්සක ඇස් දෙක මාව පිස්සු වට්ටපු නැති එක විතරයි..

අනේ පිස්සා මාවත් එහෙම තමයි… ඔයාගේ කරුනාව සෙනෙහස ,
ඊටත් වැඩිය මම වගේ කෙල්ලෙකුට මේ කරපු උදව මේ හැම දේම එක්ක මමත් දන්නේම නැතුව ඔයාට අදරේ කරලා…. ඇය ඔහු දෙස බලා සිතුවාය..

මොකො හිනාවෙන්නේ???

නෑ….මට තාමත් මේක හීනයක් වගේ විහග… මම වගේ කෙල්ලෙකුට ඔයා මේ තරම් ආදරේ කරන එක….

ඇයි ඔයාගේ මොකද්ද අඩුව… ඔයා තමයි මට මේ ලෝකේ ඉන්න හොදම කෙල්ල…
මම කොහොම හරි ඔයාගේ කකුල් සනීප කරනවා අරුන්දී… ඒක මගේ පොරොන්දුවක්…

කිව් ඔහු ඇගේ අතින් අල්ලා ගත්තේ මේ අල්ලා ගත් අත අයේ කිසිදිනක අත් නොහරින බව තරයේ සිතාය…

කෝ ඉතින් ඕක බොන්න….

කිව් ඔහු ඇය වෙත බීම වීදුරුව ලන් කලේය.. ඇය ඔහු අල්ලගෙන සිටින අත එසේම තබා ගනිමින් සෙමින් අනෙකතින් බීම වීදුරුව ගෙන බීම උගුරක් බිව්වාය..

මෙලෙසින් දෙදෙනාම හෝරා දෙකක් පමන හෝටලයේ රැදී සිට නිවස බලා ආවේ නැවුම් බලාපොරොත්තු සිතේ පොදි බැදගෙන බව නම් නොරහසකි…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

අරුන්දී විහග සමග සම්බන්දයක් ගොඩනගාගත් බව දැන වඩාත්ම සතුටු වූයේ සමරදිවාකර වන ඇගේ පියාය…

ඔහු ඇගේ ඔලුව අතගාමින් කියා සිටියේ විහග ගේ දෙමාපියන්ට ඔවුන්ගේ නිවසට එන්නට දිනයක් කතා කරගමුයි කියාය…

දුව මේ දේවල් දැන්ම ඉදලා කතා කරගන්න ඕනේ.. ඒක නිසා විහගට කියන්න එයාගේ දෙමව්පියෝ එක්ක ඇවිත් කතා කරගමු කියලා..

හරි තාත්ති මම එයාට කියන්නම්…
එසේ කිව් ඇය රෝද පුටුව අතෙන් පදවාගෙන කාමරය දෙසට ගියේ විහගට කතා කිරීමේ බලාපොරොත්තුවකිනි…

ඇය ඇද උඩ තිබූ මොබයිල් එක අතට ගෙන විහගගේ අන්කය එබුවාය..

හෙලෝ කියන්න බබා…

ආ… විහග මට ටිකක් කතා කරන්න ඕනී.. ඔයා free ද??

අනේ සුදූ මම වෝඩ් විසිට් එකක ඉන්නේ.. මම රුම් එකට ගිහින් ඔයාට ගන්නම්ද??

හරි හරි එහෙනම් මම තියන්නම්..

ඕකේ…..

ඔහු දුරකතනය විසන්දි කල පසු ඇය තම මොබියිල් එක අතේ තියාගෙනම ජනේලයෙන් ඈත බැලුවේ සිතේ නැගුන සැහැල්ලුව නිසාම දිගු හුස්මක්
හෙලමිනි…

දැන් මාස හයකට විතර කිට්ටු වෙනවා විහග එක්ක යාලු වෙලා.. මම කොයි තරම් වාසනාවන්තද කියලා දැන් මට තේරෙනවා එහෙම ආදරයක් ලබන්න…

එයා මන් ගැන කොයි තරම් හිතනවද..
කොයි තරම් නම් හොයල බලනවද?
වෙලාවකට පිස්සුවෙන් වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ…
හිතා ගන්නත් බෑ මේ කකුල් පන නැති කෙල්ලට එහෙම ආදරේ කරයිද කියලා..

ඇය මෙලෙසින් පෙර ඔහුත් සමග ගත කල සිදුවීමක් මතක් කලේ ආසාවෙනි.

එදින විහග අරුන්දිව මුහුදු වෙරලට එක්ක යාමට කතිකා කරගත්තේ නිදහසේඇය සමග මොහොතක් හෝ ගත කරන්නට සිතාගෙනය.

බබා… තව ටිකකින් මම එනවා…ලෑස්ති වෙලා ඉන්න…

හරි මම දැනටමත් ලෑස්ති ලමයෝ…ඔයා පරිස්සමට එන්නකෝ..

දුරකතනය තබා පැය භාගයක් යන තැන විහග ගේ දොරකඩම වාහනය නැවැත්වූවේ ඇය බලාපොරොත්තුවෙනි..

ඇය ඇද උන්නේ ලා නිල් පැහැයට හුරු ලේස් සහිත ගවුමකි..
එහි අත්දෙක වැලමිට ලගට වන්නට දිග වූ නිසා ඇයගේ ඇගේ හැඩය මනා ලෙස ඉස්මතුව පෙනුනි..
කඩා දමන ලද කොන්ඩය විහග කවදත් ප්‍රිය කරන ලද්දකි…

ඔහු නිවසට ඇතුලු වන විටම ඇය රෝදපුටුව පදවාගෙන ඉදිරියට ගියේ මුහුනේ සිනහවක්ද සමගය…

යමු….
ඇය කිව්වාය…

ඔහු කිසිත් නොකියා ඇය දෙසම බලා සිටියේ ඇගේ සුන්දර බව ඔහුව ගොලුවෙක් කල නිසාය..

මොකද අනේ… ගිලින්න වගේ බලාගෙන ඉන්නේ?
ඇය දෑස් පුන්චි කර ඔහුගෙන් ඇසුවාය..

ගිලින්න හිතෙනවනේ මෙහෙම දැක්කම..
හරි යමුකෝ මම අල්ලගන්නම්කෝ..

කියමින් ඔහු ඇගේ රෝද පුටුව තල්ලු කරගෙන කාරය අසලට ගියේය..

ඇයව හෙමින් දෝතින්ම ඉස්සු ඔහු ඉදිරිපස අසුනේ ඉදගස්වන විට ඔහුහේ මුහුන ඇගේ මුහුනේ වැඩුනේ නොදැනුවත්මය..

ඒ මොහොතේ දෙදෙනාටම කෝල බවක් දැනුනත් දෙදෙනාම ඒ හැගීම පාලනය කරගත්තෙ සිනහවකිනි..

විහග කාරය පනගන්වමින් ඉදිරියට ධාවනය කරන්නට විය…

ලස්සනයි….
ඔහු රිය පදවන ගමන් ඇය දෙස බලා කිව්වේය..

Thank you….
ඇය පැවසුවේ ඒ දීප්තිමත් දෑසින් දෑස් ඉවත්ට නොගෙනමය..

අදවත් මට …දෙනවද ….?

මොකවද??
ඇය සිනහ මුහුනක් මවාගෙන ඇසුවාය..

දන්නෙම නෑ… දුන්නේ නැත්තම් බලෙන් ගන්නේ….

ආ… මේක හරි වැඩක් නේ….කොහොමද එහෙම බලෙන් ගන්නේ…?

ගන්න විදිහ මම දන්නවා….

හිනැහෙමින් කිව් ඔහු එක අතක ස්ටියරින් වීල් එකේ තබා අනෙක් අතින් ඇගේ අත අල්ලා ගත්තේ ඉතාමත් සෙනෙහසිනි..

ඔවුන් ගල්කිස්ස මුහුදුවෙරල ආසන්නයට එන විට අවට පරිසරයම අදුරුව ගියේ වැස්සක් අත ලගම බව හැගවීමට මෙනි…

අනේ වහින්න වගේනේ බබා…

ඉතින් හොදයිනෙ… වැස්ස වහිද්දි මරුනේ…

ආ… එහෙමද… මෙයත් දැන් ගානට වැඩී.. ඩොක්ටර් කෙනෙක් නේද.. මීට වඩා serious වෙන්න ඕනීනේ…

ඇයි දෙයියනේ ඩොක්ටර් කෙනෙක් උනත් මමත් මනුස්සයෙක් නේ… මටත් හැගීම් දැනීම් තියෙනවනේ…

කියමින් ඔහු ඇය දෙසට හැරුනේ ඇගේ නහයද එක් අතකින් මිරිකමිනි.

අයියෝ වහිනවනේ විහග……

ශිට් ඒකනේ… මදැයි මගේ මැණිකව beach එක්කගෙන ආවා….. දැන් මොකද කරන්නේ..

අනේ මට ගෙදර යන්න නම් බෑ ආයේ… මම ආසයි beach එකට…. රැලි එකින් එක නොනවත්වා එද්දි හරි ආසයි ඒවා දිහා බලාගෙන ඉන්න… අනේ මටයන්න බෑ…

හරි හරි අම්මේ… කව්ද කිව්වේ දැන් යනවා කියලා… අපි අර අයිනකට වෙන්න කාර් එක නවත්තලා ටිකක් කතා කරලා යමු.

අම්මෝ… බෝම්බේ වගේනේ වෙලාවකට මෙයා..

පිස්සා… අර.. අතන හොදයි…එතනට හොදට බීච් එක පේනවනේ…

හ්ම්…එතන හොදයි තමා….

කියමින් විහග තම රතය මුහුදු වෙරල හොදින් පෙබෙන ස්තානයකට වන්නට නතරකලේය…

පිටතින් මහා වර්ශාවක් ඇද හැලුන නිසා අවට පරිසරයත් හරි හැටි පැහැදිලිව නොපෙනේ…

අනේ අර බලන්න විහග…. අර ඈත නැවක්ද ඒ තියෙන්නේ…. මෙහෙට වගේම එතනටත් වහිනව ඇතිනේහ්….

බලන්නකෝ මුහුද කොච්චර සැරද කියලා…
අම්මෝ මම ඉස්සර හරි බයයි රැල්ල පාගන්න… මෙහෙම වැස්සක් නම් ගොඩ කාලෙකට වැස්සේ නෑ නේද??

විහග ස්ටියරින්ග් වීල් එකට අතක් තබාගෙන තොර තෝන්චියක් නොමැතිව කියවන ඇය දෙස බලා සිටියේ හිතේ පිරුන ආදරයකිනි…
පොඩි ලදැරියක් මෙන් මේ සුන්දරත්වය විදිමින් ඇය කෙතරම් සතුටක් ලබනවාද යන්න හැගෙන විට ඔහුට කියා ගත නොහැකි සතුටක් මෙන්ම මිහිරක් ගෙන දුනි..
ඇය අද වෙනදාටත් වඩා ලස්සනට පෙනෙන්නේ තම හිතේ ඇය කෙරෙහි ඇති ආදරය තවත් වැඩි වී ඇති නිසා නොවේද??

මොකද අනේ කතා නැත්තේ..??

ඔහු කල්පනාවෙන් මිදුනේ ඇගේ හඩටය..

න්..නෑ… මම මේ බැලුවේ පිස්සුද හැටිද කියලා..

මටද??? මේ මගේ හැටි….
ඇය සිනාසී ඔහුගේ කම්මුලක් මිරිකුවාය..

අවට සීතලත් වැස්සත් හේතුවෙන් පෙම්වතුන් වූ ඔවුන් දෙපලටම යම් උනුසුම හැගීමක් ගෙන ආවේ ඔවුන්ටත් නොදැනීමය…

අරුන්දිගේ ඒ ස්පර්ශයෙන් පවා විහගගේ පිරිමි සිත පිබිදුනේ ඔහුටත් නොදැනීමය…

ඔහු ඇගෙන් නෙත් ඉවතට නොගෙන ඇගේ කෙලිලොල් කම වින්දේ ඉතාමත් ආදරයක් සිතේ නැග එන ගමන් මය..

එක් වරම මහ හඩින් හෙනයක් පිපිරීම නිසා අරුන්දී ක්ශනිකව විහගගේ සිරුර දෙසට පහත් වූයේ එතරම්ම ශබ්දයක් ඉන් නැගුන නිසාය..

ඇය එලෙස මද වේලාවක් සිට හෙමින් හිස ඔසවත්ම දුටුවේ ඔහුගේ නෙත් දෙකයි.. ඔවුන්ගේ මුහුනු හුස්මක දුරින් තිබුනෙන් දෙදෙනාම ඒ නෙත් තුලින් සෙව්වේ ආදරයයි..

තමුන්ගේ පපුවට තුරුලුව සිටින තම පෙම්වතිය මෙවන් සීතල වූ වෙලාවක මෙලෙසින් දකින විට ඕනෑම පෙම්වතෙක් බලාපොරොත්තු වන ඒ අනුරාගී හැගීම විහග තුලින්ද මතුවන්නට ගතවූයේ මොහොතකි..

ඔහු ඇගේ දෑස් වලි ඔහුගේ දෑස් ඉවතට නොගෙනම හෙමින් පහත් වී තම වෙව්ලන දෙතොල් ඇගේ සිනිදු රෝස පැහැ දෙතොල් මත තබා තෙත් කලේ දැඩි සෙනෙහසකිනි…

ඇයද ඔහුගෙන් මේ මොහොතේ බලාපොරොත්තු වූයේ මෙයයි…
එහෙත් සම්ප්‍රදායික්ලෙස පිරිමියා ඉස්සර විය යුතු යැයි සිතන මනසින් ඇය තම හැගුම පාලනය කරගත්තේ අසීරුවෙනි.

ඔහුගේ මෙම සිප ගැනීමෙන් අමන්දානන්දයට පත් ඇය ඒ සිප ගැනීමට කැමැත්තෙන් ඔහුත් සමග මද වේලාවක් දෙතොල් සිප ගත්තේ මුලු ආත්මයම ඔහු වෙනුවෙන් ලබා දෙන ගමන්‍ ය..

උමතුවෙන් මෙන් ඇගේ පහසින් මත් වූ විහග සෙමින් ඇගේ දෙතොලින් තම දෙතොල් මුදාගෙන ඇගේ ගෙල පෙදස සිපගත්තේ ඇගේ මුවින් සිහින් කෙදිරියක් නැගෙන ගමන්‍ ය…

පසුව ඔහු එලෙසින්ම ඇයව තම පපුවට තුරුලු කර ගත්තේ අප්‍රමාන ආදරයක් හිතේ කැටි කොටගෙනය…

මම ගොඩාක් ආදරෙයි රත්තරන් …
ඔහු එලෙසින්ම සිට සෙමින් ඇයට පැවසුවේය..

මමත් ගොඩක් ආදරෙයි මගේ මහත්තයෝ…..

ඇය ඔහුගේ උනුසුමින් මිදෙන්නට ලෝබ කමින් එලෙසින්ම ඔහුට තව තවත් තුරුලුව කිව්වාය..

හැම දාම මගේ ලගින් ඉන්න.. මට එච්චරයි ඕනෙ…
ඇය අවසන් වචන පේලිය පැවසුවේ හැඩුම් ස්වරයෙන්‍ ය…

ඔහු ඇගේ මුහුන සෙමින් ඔහු දෙසට හරවා ගත්තේ මලක් මෙන් පරිස්සමටය.. ඉන් පසු ඒ දෑස් දෙස බලා මද වේලවක් සිට කටහඩ අවදි කලේය..

නෑ මැණික මම ඔයාව මලක් වගේ බලා ගන්නවා.. ඔයා ඉක්මනින්ම ඔයාගෙම කකුල් දෙකෙන් ඇවිදිනව.. ඒ දවස වැඩි ඈතක නෑ…
මම ගොඩාක් ආදරෙයි ඔයාට… මාව විශ්වාස කරන්න…

මම දන්නවා රත්තරන් … ඒක… ආදරේ කියන්නේ මොකද්ද කියලා මම අදුනගත්තේ ඔයාගෙන්….

විහග සෙමින් ඇගේ මුහුනට එබුනේ ඒ දෙතොල් තවත් වරක් සිප නොගෙන අතහැරීමට ලෝබ සිතූ බැවිනී..
😘😘😘😘😘

ආ…ආ.. මොනවද කල්පනා කරන්නේ??

ෆෝනුත් අතේ තියාගෙන හීන ලෝකෙක හිටියේ නේහ්….

ඇය තිගැස්සි දොර දෙස බැලුවේ විභාශාගේ හඩිනි…

න්..නෑ… කෙල්ල….අයියා කතා කරනකල් බලාගෙන හිටියේ..

ඇයි අප්පේ කොච්චරවත් කතා කරන ටික මදිද??
ඇය සිනාසෙමින් ඇද උඩින් ඉද ගත්තේ ඇසක්ද ඉගිමරමිනි.

අර අර දැක්කනේද මනමාල හිනාව මෙයාගේ… මෙහ් කියනවා අයියා කිස් එකක් දුන්න එකක් නේද හිත හිත හිටියේ….??

පිස්සුද අනේ මෙයාගේ කට වැඩී දැන්….

එහෙනම් පිස්සුවෙන් වගේ හිනා වෙවී ඈත බලාගෙන හිටියේ…

විභාශා එසේ කියත්ම අරුන්දිගේ දුරකතනය නාද විය..

ඒ විහග බව දැනගත් විභාශා හුන් තැනින් නැගිට ගියේ ,,

අපෝ ඕන්න ඉතින් එයටත් ඉන්න බෑනේ මෙයාට කතා නොකර.. පුදුම ලව් එකක් තමයි දෙන්නගේ තියෙන්නේ…….කියමිනි..

අරුනදී කට ඇද කරමින් සිනාසීම ඇමතුමට කතා කලාය..

අනේ සොරි බබා එවලේ මම වෝඩ් එකේ හිටියේ…

හ්ම්…..දැන් ෆ්‍රී ද???

ඔව් ඔව් මේ ඇයි කතා කලේ ඉස්සරවෙලා..??

මේකයි.. අපේ තාත්ති කිව්වා ඔයාලාගේ අම්මිලාව මීට් වෙන්න දවසක් දාගන්න කියලා…
ඔයා ගෙදරත් එක්ක කතා කරගත්තද??

ම්…..ම්….හරි මම කතා කරගෙන ඔයාට කියන්නම්කෝ හොදේ…

තාත්තට ඕනී ඇති දෝනිව ලස්සන මනමාලියක් වෙලා ඉන්නව බලන්න.. ඒකයි මේ හදිස්සිය..

ඉස්සර නම් මට එහෙම හීනයක් තිබුනා.
ඒත් කකුල් පන නැති මට එහෙම ලස්සන මන මාලියෙක් වෙන්න බෑනේ මහත්තයෝ ..

අනේ බබා මම ඔයාට එහෙම දෙයක් හිතලා නෙවේ කිව්වේ.. ඔයාගේ කකුල්සනීප වෙනවා.. ඒක මට sure..

මට නම් තියෙන්නේ වෙන හදිස්සියක්…
ඒ මොකද්ද??

මෙහෙම බෑ ඒක මම හම්බවුන වෙලාවක කියන්නම්කෝ…
එසේ කිව් ඔහු හිනැහෙන්නට විය..

මෙයා හරියට වල් වෙලා අනේ… නරකයි…

හරි හරි මම දැන් තියන්නද බබා… පස්සේ කතා කරන්නම්ද??

හා….. බුදුසරණයි …

ඇය ඇමතුම විසන්දි කලේ හිනාවෙමිනි…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

විහග තමන්ගේ වාට්ටුවට යාමට සැරසෙන විටදී ඔහුට ඇමතුමක් ආයෙන් ඔහු මදක් නැවති සාක්කුවේ තිබූ දුරකතනය අතට ගත්තේය…

මේ කව්ද??

හෙලෝ….
………………………
ඔව් විහග තමයි….
……………………………………….
එහෙමද කව්ද ඒ කෙනාගේ නම??
…………………………..

හරි හරි මා දැන්ම එන්නම් හොස්පිටල් එකට..

එසේ කියමින් විහග කලබලයෙන් තම සහයිකාවට කතා කලේය…

නර්ස් මට හදිස්සියේ canser hospital යන්න වෙනවා… මම එනකල් වෝඩ් එකේ වැඩ පොඩ්ඩක් manage කරගන්න…

එසේ කියමින් ඔහු කාරයේ යතුර අතට ගෙන ඉක්මනින් පිටත් වන්නට විය….

11 කොටසෙන් හමුවෙමු

ඔන්න අද කොටස නම් ටිකක් දිග මදි ලමයි…
බිසී ටිකක් මම…🤗

Sorry ටිකක් රෑ උනා
මොකද හිතෙන්නේ කතාව ගැන..
ඔයාලගේ ප්‍රත්චාර වලටනම් මට හරිමසතුටුයි..

මේ කොටසත් කියවලා අදහස් ලියාගෙනම යන්න හොදේ..??
හෙට බලමු ඇයි විහග කලබලෙන් ගියේ කියලා😇

බුදුසරණයි ඔයාලට 😇😇

Leave a Reply

Your email address will not be published. Required fields are marked *