අරුන්දී 12

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

12වන දිගහැරුම

💘
💘
💘
💘
විහග රෝහලට ගොස් එහි වැඩ නිමවා නිවස බලා ගියේ මයන්ත පිලිබද සිත් තැවුලෙනි..

තම හොදම මිතුරාගේ පෙම්වතිය අද තමාගේ පෙම්වතියයි..
එයද මිතුරාගේ ඉල්ලිමකට ආරම්භකලද මේ වන විට ඇය තමාගේ ජීවිතය බදු වී ඇත…ඇයටද එසේමය…

මයන්තගේ ජීවිතය තව එතරම් දුර නොයන බව වෛද්‍යවරයෙක් වූ තමා හොද හැටිම අවභෝධ කරගෙන සිටින හෙයින් හිතට දැනෙන වේදනාව වැඩිය..

ඉක්මනින් මුහුන කට සෝදා තම දෙමාපියන් සමග අරුන්දී පිලිබදව කතා කිරීමට ඔහු තීරනය කලේ මේ අතරය…

ඔහු මවත් පියත් සමග කතා කිරිමට සිතා ඔවුන්ගේ හඩ ඇසෙන කුස්සිය දෙසට ගියේය..
ඔහු එහි යන විටත් මව ගෑස් ලිපේ යමක් හැදි ගාමින් සිටින්නීය..පියාද පුටුවක හිදගෙන මව සමග කතා කරමින් සිටී..

ඔහු කුස්සියේ දොර ලගට යන විට මවගේත් පියාගේත් කතා බහක් කන වැටුනි..
ඔහු හිටි තැනම නතරව ඒ දෙසට කන් යොමන්නට විය..

ඇ…නෝනේ…මම මේ කල්පනා කලේ අපේ ලොකු පුතාට හොද කටයුත්තක් බලමුද කියලා..

ඔව් මහත්තයා දැන් පුතාටත් 29ක් නේ මේ අවුරුද්දට…

කොල්ලෙක් ගෙ නම් වයස ගියාට කමක් නෑ නෝනේ.. කෙල්ලෙක්ට වගේ නෙවෙයි නේ…

ඒක නෙවේ මම මේ කියන්නේ ..මේක අහලා නෝනා කලබල වෙන්නත් එපා….

මොකද්ද මහත්තයා…
ඇය හැදිගාමින් සිටි හොද්ද එසේම තබා ඔහු දෙසට හැරුනි…

මේකයි නෝනා දන්නවනේ අර විල්බට් ….අර මගේ එක්ක එකට කන්තොරුවේ වැඩ කරේ…

ඔව් ඔව් විල්බට් අර කලු කෙට්ටු එක්කනානේ…මම දන්නවා..

මිනිහා දවසක් කලුබොවිල හොස්පිටල් එකට ගිහින් ලෙඩෙක් බලන්න… ඉතින් ලෙඩා බලලා එනගමන මිනිහා අපේ පුතාව දැකලා…

ඉතින් මහත්තයා පුතා ඉන්නෙත් ඒ හොස්පිටල් එකේනේ… ඒක ඉතින් අහන්න දෙයක් යෑ..

හරිහරි නෝනේ…ඒක නෙවෙයි මම කියන්න හැදුවේ…
මිනිහ මට කිව්වා අපේ පුතා ගෑනු ලමයෙක් එක්ක හොදට හිතවත්කමින් කතා කර කර ඉදලා ඩොක්ටර් කෙනෙක්ගේ කාමරයකට ගියා කියලා..

ඉතින්…ලෙඩෙක් වෙන්න ඇති මයේ හිතේ..පුතා ඉතින් බබාලා බලන වාටුවේනේ ඉන්නේ…

එහෙම නෙවේ නෝනේ….ඒ කෙල්ල රෝද පුටුවක ඉදලා තියෙන්නේ…

විල්බට් කිව්ව විදිහට දෙන්නා හරි හිතවත් කමෙක් ඉදලා තියෙන්නේ….

තම සැමියා එසේ කියන විට ඇය කල්පනාවකට වැටුනෙව් මේ කියන කතාව කුමක්ද කියායි.

මොකක් හරි පටලැවිල්ලක් ඇති කරගෙනද දන්නෑ අපේ හාදයා..

අනේ මහත්තයා එහෙම දේකට පැටලිලාද මේ ලමයා…වෙලාවක අහමු අපි…

ඔව් හෙට අනිද්දම අහමු…එහෙම සම්බන්දයක් නෑ කිව්වොත් හොද එකක් හොයමු…

මෙලෙසින් දෙදෙනාගේ කතාව අසා සිටි මයන්තගේ හිත කිව්වේ අරුන්දි ගැන පැවසූවහොත් ඔවුන් කොයි ආකාරයෙන් ක්‍රියා කරයිද යන්නයි….

ඇගේ දෙපා ඔවුනට ප්‍රශ්නයක් වනු නියතයි…

කුමකින් කුමක් වේදැයි සිත සිතා සිටින විට එක වරම පියා කුස්සියෙන් එලියට ආවේය…
විහග පියා දුටු විටම ඔහුදෙස බලා සිටියා මිස කිසිවක් කතා කලේ නැහැ..

ආ…පුතා …අපි මේ….අපි…

පියා කීමට දෙයක් සිතා ගත නොහැකිව ගොත ගැසුවේ ඔවුන් කතා කල දේ විහගට ඇසෙන්නට ඇතිද යන සැකයෙනි…

තාත්තේ මට ටිකක් අම්මයි තාත්තයි එක්ක කතා කරන්න ඕනේ…

මොනව ගැනද පුතේ??? අපිටත් පුතා එක්ක කතා කරන්න නම් ඕනේ..යමුකෝ ඉස්සරහට.

අම්මේ අම්මත් ආවනම් හොදයි…

හරි පුතේ මම එන්නම් මේ හොද්ද ලිපෙන් බාලා ..
ඇය කුස්සියේ සිටම කිවාය.

මයන්ත තමා පියා සමග සාලයට විත් ඉද ගත්ම මවත් කුස්සියේ සිට පැමින ඔවුන් අතරට එක්විය..

ඉතින් මොකද්ද පුතේ කතා කරන්න ඕනේ කිව්වේ….??

මේකයි තාත්තේ……මට අම්මයි තාත්තයි දෙන්නා කතා කරපු එක ඇහුනා..මම කුස්සියට එන්න හැදුවෙත් මේ කාරනේ ගැන කතා කරන්න හිතාගෙනමයි….

තාත්තේ….තාත්තගේ යාලුවා කිව්ව දේ හරි ….මට ගෑනු ලමයෙක් එක්ක සම්බන්දයක් තියෙනවා තාත්තේ..

හැබැයි…එයා..accident එකක් වෙලා එයාගේ කකුල්දෙකම පන නැති උනා….ඒකට බෙහෙත් කරනවා තවමත්….
හරි යයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ….

විහග මේ පවසන දෙය දෙමාපියන් දෙදෙන අසා සිටියේ විමත්යෙන් මෙන්ම ලොකු කරගත් දෑස් වලිනි…

පුතේ….එහෙම ගෑනු ලමයෙක් කොහොමද පුතේ ඔයාට ගැලපෙන්නේ…??

මව ඉවසාසිටීමට බැරිම තැන එසේ ඇසුවාය..

අම්මේ ඒ ගැනු ලමයාගේ අදහස් වලටයි මම කැමති උනේ..
එයාගේ ලස්සනවත් සල්ලිවත් මේ කිසි දෙයක් නෙවෙයි.

දෙන්නට දෙන්නා අදහස් වලින් ගැලපෙනවනම් අනිත් දේවල් මට ප්‍රශ්නයක් නෙවේ අම්මේ…

ඒත් පුතේ….එහෙම ලමයෙක්….

හරි දැන් කව්ද ඔය ලමයා…කොහේ. කෙනෙක්ද??

එයා ඇරුන්දී …අරුන්දි සමරදිවාකර තාත්තේ…

අර සමරදිවාකර groups වල owner එයාගේ තාත්තා….
මම ඒ කිසි දෙයක් බැලුවේ නෑ අම්මේ….
මම බැලුවේ එයාගෙයි මගෙයි අදහස් ගැලපෙනවද කියලා විතරයි…

ඒත් පුතේ මොන තරම් සල්ලි තිබුනත් කකුල් දෙක පන නැති කෙල්ලෙක්ට අපි කොහොමද පුතාව බන්දන්න කැමති වෙන්නේ….

මෙහෙමයි අම්මේ…මම අම්මලාට දුකක් දෙන්න කවදාවත් හිතලත් නෑ හිතන්නෙත් නෑ..

ඒත් අරුන්දි හොද ලමයෙක්… එයාගේ කකුල් දෙක සනීප කරගන්නවා මම කොහොම හරි…

අනේ මන්දා පුතාට අපිට වඩා දැනුම් තේරුම් තියෙනවනේ…
දැන් එතකොට ඒ ලමයගේ දෙමාපියෝ මේක ගැන දන්නවද?

ඔව් තාත්තේ…..දන්නවා…එයාලා කියලා තියෙනවා අම්මවයි තාත්තවයි හම්බව්න්න ඕනේ කියලා..

හ්ම්ම්…ඒකත් එහෙමද …නෝනේ නෝනා මොකද කියන්නේ….

අනේ මට නම් මේ මොකුත් තේරෙන්නේනෑ.. මගේ පුතාට ඊට වඩා හොද කටයුත්තක් කරගන්න පුලුවන්නේ….

විහග මවගේ පිලිතුරට පිලිතුරක් දීමට නොගියේ මේ මොහොතේ ඇයට න්පස්වන දේවල් ඇය නොපිලිගන්නා බව දන්නා නිසාමය…

නෝනේ අපේ කාලේ දැන් ගියා..අද ලමයි ඊට වඩා ඉස්සරහයින් ඉන්නේ…
දෙන්නට දෙන්න ගැලපෙනවනම් මේක පුතාට කරලා දෙමු…

මහත්තයාට පිස්සුද???? මම මේකට පොඩ්ඩක් වත් කැමති නෑ….

නෝනේ ඔයත් ගෑනියෙක්..එහෙව් එකේ තවත් ගෑනියෙක්ගේ අඩුපාඩුවකට ඔහොම දරදඩුවෙලා බෑ…

අනික ඒ ලමයගේ කකුල් සනීප කරගන්න පුලුවන්ලුනෙ..
ඒකට ටිකක් කල් යයි….
නේද පුතා…??

ඔව් තාත්තේ…දැනටමත් ඉස්සරට වඩා ගොඩක් දුරට හොදයි….

හ්ම්…අපි දවසක් දාගෙන එහෙ යමු පුතේ…..නෝනේ නෝනත් ලෑස්තිවෙන්න එදාට යන්න……

අනේ මන්දා මටනම් මොකුත් තේරෙන්නේ නෑ…
කියමින් ඇය කුස්සිය දෙසට ගියේ කනස්සල්ලෙන් බව විහගත් පියාත් දෙදෙනාම දැනගත්තේය..

පුතා දුක් වෙන්න එපා අම්ම ඔය කිව්වට කැමතිවෙයි..
අපි නෙවෙයිනේ පුතාලනේ එකට ඉන්නේ..

හරි තාත්තේ මම අපි අද හෙටම එහෙ යමු…
මට අනිද්දට නම් නිවාඩුවක් ගන්න පුලුවන්.. එදාට දාගමුද..??

හා..පුතාත් පහසු දවසක් ගමු…අනිද්දා හොදයී..

විහග කතා බහ අවසන් කර තම කාමරයට ගියේ සැහැල්ලු සිතෙනි…
මේ තරමින් හෝ මේ ප්‍රශ්නය විසදුන එක හොදයි..

අම්ම ඔය කිව්වට එයත් අරුන්දිට කැම්ති වෙයි…ඇත්ත අම්ම කෙනෙක් විදිහට එයාගේ අක්මැත්ත හරි…

මෙසේ සිතමින් ඉද ඔහු අරුන්දිට ඇමතුමක් ගැනීමට මොබියිල් එක අතට ගත්තේය..

ඔහු ඇගේ අන්කය ඇමතුවේය….

හෙලෝ…..

ආ…විහග මම මේ ඔයාට ගන්න හැදුවා විතරයි….

ඒකනේ ඒකනේ..මට දැනුනා…මගේ මැනික මාව මතක් කරනවා කියලා…

හ්ම්ම්..මම දැන් නිදා ගන්න හැදුවේ…ඉතින් ඇයි කෝල් කලේ…

හරි වැඩක් නේ මට මගේ කෙල්ලට කෝල් කරන්න වෙලාවක් ඕනෙද…??

නෑ නෑ..අම්මෝ…මෙයාගේ සද්දේ…ඉතින්??

මේ මේකයි බබා…මම අම්මලා එක්ක කතා කලා…

ඉතින්????
එයාලා…මො..කද කිව්වේ…විහග…?
ඇය බියෙන් මෙන් ඇසුවාය..

ඔන්න අපි අනිද්දට ඔහේ එනවා…

අනිද්දා???? ඔය ඇත්තමද??

හ්ම්ම්…

හරි මම දැන්ම තාත්තිලාට කියන්නම්…අම්මලා මගේ තත්වේ දන්නවද විහග…

ඔව් මම ඒ හැම දෙයක්ම කිව්වා…එයාලා මාව තේරුම් ගත්තා බබා…

එහෙමද…ඔන්න ඔන්න මූඩ් අප්සෙට් කරගත්තා…අනිද්දා උදේ වරුවේ වගේ එන්නේ හොදේ…

හරි හරි …..කෝ කිස් එකක්.

මෙලෙසින් හොරාවක් පමන දෙදෙනා කතා කරමින් සිට ඇමතුම් තැබුවේ හිතේ බලාපොරොත්තු පොදි බැදගෙන ය..

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

විහග සහ ඔහුගේ පවුලේ උදවිය අද දින පැමිනෙන බැවින් අරුන්දී උදෑසනින්ම නැගිට තම කටයුතු අවසන් කරගත්තේ සිතේ නැගි සතුටත් සමගය..

ඇය අලන්කාර ගවුමකින් සැරසී කන්නඩිය ඉදිරිපිටට ගොස් තම හැඩ බැලුවේ සිනහවක්ද මුහුනේ දවටාගෙනය…

අම්මේ…මෙන්න මෙයාගේ හිනාව….
විභාශා කාමරේදොර අසල හිද කීවේ අරුන්දී දෙසම බලාගෙනය..

අනේ මට නම් බයයි පොඩ්ඩි…විහගගෙ අම්මලා මාව දැක්කම මොනවා හිතයිද කියලා..

ඇයි ඔයාගේ මොකද්ද අඩුව??

විභාශා එසේ කියන විට අරුන්දී තම දෙපා දෙස බැලුවේ ඉබේටමය…

මේ…විකාර හිතන්නේ නැතුව ඉන්න අක්කී….
ඔයාගේ කකුල් සනීප කරන්න පුලුවන්.
හැමදාම ඔහොමනින්න වෙන්නේ නෑ…
අනික විහග අයියා ඩොකානේ…මොන සෙල්ලම දාලා හරි ඔයාව සනීප කරගයි..

හ්ම්….මේ..වෙලාව කීයද දැන්…එනව ඇති එයාලා

නවයට කාලයි.. දැන් එයි…එහෙනම්…

හරි හරි අපි යමු ඉස්සරහට…ඔය මදෑ හලෝ හැඩ උනා…

කියමින් විභාශා අරුන්දිගේ රෝදපුටුව තල්ලු කරගෙන සාලය දෙසට ආවාය…

ඔවුන් සාලයට පැමිනෙන විට සමරදිවාකර ද පුටුවක වාඩිවී සිටියේ විහගලාගේ පැමිනිම බලාපොරොත්තුවෙනි…

දෝනී ඔයා ඇතුලෙන් ඉන්න..අපි කතා කලාම එන්න…
ඔහු අරුන්දී දෙස බලා කිවේ මහත් සෙනෙහසිනි..

ඔව් ඔව් ඔයා ඇතුලෙන් ඉන්න පුතේ..ගෑනු ලමය එයාලා එද්දි සාලේ ඉන්න සිරිතක් නෑ…

කියමින් චන්ද්‍රා ඇයව කාමරයට එක්කගෙන ගියාය.

ඒ මොහොතේ මිදුලේ වාහනයක් නතර කරන හඩ ඇසෙන්නට වූ නිසා අරුන්දී චන්ද්‍රා දෙස බැලුවේ විහග වෙන්න ඇති ලෙසිනි..

ඔන්න ආවාද කොහෙද…දුව මෙතන ඉන්න…මමඑන්නම් එක්කගෙන යන්න..

කියමින් චන්ද්‍රා සාලය වෙත ගියේ කඩිමුඩියේය…

එන්න එන්න..අපි මේ බැලුවා පරක්කු ඇයි කියලා…එන්න ගෙට…

ඉදගන්න ..පුතා ඉදගන්න…

හරි අන්කල්…

ඒ විහගගේ කටහඩයි…

අරුන්දිගේ හදවත ගැහෙන්නට වූයේ මෙය ඇයට නුහුරු ඇත්දැකීමක් වන නිසාමය…
විහග සමග කොතරම් කිට්ටුවෙන් ආශ්‍රය කලත් ඔහුගේ දෙමාපියන් දකින් මුල්ම දිනය අද…

තමාගේ පන නැති කකුල් ඔවුන්ට මදිපුන්චි කමක් වූවොත්..

මොකක් වෙයිද….
මෙලෙස සිතමින් සිටින අතරතුර චන්ද්‍රා කාමරයට පැමිනියේ ඇය එක්කගෙන යාමටයි..

යමු යමු…දූට එන්න කිව්වා තාත්තා…
කියමින් චන්ද්‍රා ඇගේ රෝද පුටුව තල්ලු කරගෙන සාලය දෙසට යන්නට විය…

ඈතින් චන්ද්‍රාදිසින් එක්කගෙන එන සුන්දර තරුනිය දුටු විහගගේ මව ඒ දෙසටම නෙත් යොමා බලා සිටියේ විමතියෙනී..

මෙතරම් ලස්සන ගැහැනු දරුවෙක්ට මේ තරම් දෛවයය හරස් වූයේ කෙසේදැයි ඇය දෙස බලමින්ම සිතුවාය…
අහින්සක ඇස් දෙක ..මුහුනකට..කොන්ඩය..වයසට සරිලන ඇග පත..අතරින් ඇය දුටුවේ ඔහේ එල්ලෙමින් තිබූ අගේ දෙපා යුවලයි..

ඒ මොහොතේ ඇගේ හදවතට නැගි වේදනාව මෙතරම් යැයි කියා නිම කල නොහැක..
ඇයත් මවකි..
මවකගේ හිත මෙවැනි සුන්දර තරුනියකගේ ඉරනම හමුවේ උනු වන්නේ නිතැතින්මය..

ඇය නිවසේදී සිතාගෙන පැමිනී දේ විහගට නොකීවේ තම පුතුගේ හිත රිදවීමට අකමැති වූ නිසා මුත් අරුන්දීව දුටු ඇයට ඇය කෙරෙහි හිට්ග උනු වූයේ අරුන්දිගේ අහින්සක පෙනුම ඉදිරියේය…

මේ ඉන්නේ මගේ ලොකු දූ..අරුන්දී…

සමරදිවාකර ගේ හඩින් විහගගේ මව කල්පනාවෙන් මිදුනාය..

විහග අරුන්දීදෙස බලා සිටියේ සතුටත් ආදරයත් මුසු බැල්මකිනි…
අරුන්දී බිමට හැරී තිබූ නෙත් ඔසවා පිරිස දෙස බලා මද සිනහවක් නැගුවාය…

අපේ පුතා කිව්වටත් වඩා දුව ලස්සනයි අහින්සක පාටයි නේ….

අපේ දුවට පොඩි කරදරයක් උනානේ…ඒකේ ප්‍රතිපලය තමයි මේ …නරක වෙලාව ඉතින්..

ඔව් අපේ පුතා ඔක්කොම විස්තර කිව්වා..
ඔහොමතමයි ජීවිතේ..
කොහොමහරි ඔය දේවල් සනීප කරගමු හෙමීට ..
විහගගේ පියා පැවසුදේ ඔහු තුලද අරුන්දි පිලිබද කැමැත්තක් ඇතිවී තිබූ නිසයි..

මෙලෙසින් පිරිස බොහෝ දේ කතා කරමින් සතුටු වූ අතර අවසානයේ කාගෙත් තීරනය වූයේ අරුන්දිගේ සහ විහග ගේ විවාහා ගිවිසුම ඉක්මනින් සිදු කිරීමටය..

ඒ අනුව දෙපාර්ශවයේම කැමත්ත ඇතිව ලබන මස දිනයක් ඒ සදහා වෙන් කරගන්නා ලදී.

එහෙනම් මිස්ටර් සමරදිවාකර අපි කතා කරගත්ත විදිහට මේ දෙවල් කරමු..එහෙම හොදයි නේ පුතා..

විහග හිනැහුනා මිස කිසිවක් නොකීවේය..ඔහු අරුන්දී දෙස බැලුවේ හිනාවෙන ගමන් මය..

අරුන්දී බිම බලා ගත්තේ කවදත් මෙන් ඒ බැල්ම ඇයටවිද දරාගන්නට නොහැකි නිසාය..
ඒ තරමට ඔහුගේ දෙනෙත් ඇයව ආදරෙන් මත් කරවයි…

විහග ඇතුලු පිරිස පිටව යන දෙස අරුන්දී බලා සිටියේ සිතේ සැහැල්ලුවෙන් හා හද පිරි සතුටකින්‍ ය..

පසුව ඇය තම කාමරය වෙත ගියේ කල්පනා කිරීමට බොහෝ දේ ඇයට දැන් තිබෙන නිසාමය..

🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

අරුන්දීට කොපමන වෙලාවක් නින්ද ගියා දැයි ඇයනොදනී..එක් වරම ඇය ඇහැරුනේ කුසගින්නක් දැනුන නිසාය..
මයන්තලා පැමින ගිය පසු ඇය කිසිවක් නොකෑව බව ඇයට මතක්වුනේ එවිටය…

ඇය ඉක්මනින් බිත්ති ඔරලෝසුව දෙස බැලුවේ වෙලාව දැන ගැනීමටය.

එකයි වෙලාව..
අම්මේ මට හොදටම නින්ද ගිහින්..විහගලා ගෙදර ගියාද දන්නේ නැ..
සිතු ඇය මොබියිල් එක අතට ගත්තේ ඔහු ඇමතීමටය..

ඔහුගෙන් මිස්කෝල්ස් 6ක්…

හානේ එයා කෝ කරලා…
ඇය ඔහුගේ අන්කයට ඇමතුමක් ගත්තාය..

හෙලෝ…

ආ…මැඩම් දැන් ද නැගිට්ටේ…..

ඔව් අනේ මට ඔයාලා ගියාට පස්සේ හොදටම නින්ද ගිහින් ලමයෝ…

ඒකනේ…ඔන්න අපේ අම්මටයි තාත්තටයි දෙන්නටම ඔයාව හිතට අල්ලලා…

අනේ …අම්මලා මොකද කිව්වේ…?

ඔයා ලස්සනයි ලු…අහින්සක පාටයිලු…

එතකොට මගේ කකුල්…..

හා හා කට කට ඒක ගැන් කියන්න එපා කිව්වනේ මම……

හරි හරි මට ඔයා එක්ක හරියට කතා කරන්නවත් බැරිඋනා මහත්තයෝ …

ඒකනේ…කොහෙද කට ලොක් කරගෙනනේ මෙයා හිටියේ….

ආ…මට තව ඩින්ගෙන් අමට්ගක වෙනවා..අම්මලා ගෙදර ආවා ගමන්ම ගියා අපේ වෙලාව බලන්න…ලබන 7 වෙනිදට තමයි engagement එකට දින දීලා තියෙන්නේ…

අනේ එහෙමද..අපේ ගෙදර අයට කිව්වද…?

ඔව් අපේ තාත්තා කෝල් කරලා කිව්වා….මෙහ් මම අද නිවඩුවකුත් දාපු නිසා අපි හවස ශොපින් පාරක් දාමු…

අද හවස??

ඔව්…එදාට අදින්න ලස්සන සාරියක් ගමු…

අනේ මගේ රත්තරන් ඔයා මෙච්චර මම ගැන හිතනවද…

මගෙ කෙල්ල ගැන හිතන්නේ නැතුව වෙන කව්රු ගැන හිතන්නද..

හරි මම හවස එන්නම් ලෑස්ති වෙලා ඉන්න..

හරි….බුදුසරණයි ..

අරුන්දී ඇමතුම විසන්දි කලේ ඇසට ඉනූ කදුලක්ද සමගය..

තමාට මෙතරම් ආදරේ කරන තමාගැන මෙතරම් සොයා බලන ආදරවන්තයෙක් ලබන්න තමාකොයි තරම් පින් කර ඇද්ද…

මෙලෙස කල්පනා කරසිටි ඇය කාමරයෙන් එලියට ගියේ මේ පනිවුඩය නිවසේ අන් අයටද පැවසීමටයි…

😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

අරුන්දී විහග සමග කාරයේ නැග පිටකොටුවේ පිහිටි සාරී මන්දීර් එකට ගියේ තමන්ට ගැලපෙන සාරියක් තෝරගැනීමටය..

රෝද පුටුවක සිටින ඇයවන්තල්ලු කරගෙන විහග කඩය තුලට ඇතුලු වන විට කඩයේ සිටි පිරිස ඔවුන් දෙස බැලුවේ පුදුමයෙනි..

ඇතමෙක් ලග සිටි අනෙකාට අතින් ඇන යමක කීවේය..
තවෙකෙන් විහග දෙස බලා සිටියේ පුදුමයෙනි… තව අයෙක් අරුන්දීදෙස අනුකම්පා සහගත බැල්මෙන් බලා සිටියේය..

මේ සියලුන්දේ මැදි විහග ඇයත් සමග විදුලි සෝපානය ට ගොඩ වූයේ ඉහල මහලට යාමටයි..

සෝපානයේ දොර වැසුන විට අරුන්දී විහග දෙස බැලුවේ ආයාචනක බැල්මෙනි..

මම නිසා ඔයාට ලැජ්ජ වෙනවා විහග…

මේ බබා විකාර කියන්නේ නැතුව ඉන්න…

අනේ මහත්තයෝ ඔයාට ලැජ්ජායි නේද කකුල් පන නැර්හි කෙල්ලෙක් එක්ක මෙහෙම ගමනක් යනවට..

බොරු දේවල් හිතලා worry වෙන්න එපා බබා..මට ඔයාව හොදනම් අනිත් අයගෙන් මට වැඩක් නෑ..

එසේ විහග කියන විට අදාල මහලට ඔදුන් පැමින සිටියෝය..

විහග ඇය තල්ලු කරගෙන උත්සව වලට අදින සාරි දමා තිබෙන ස්තානයකට ගියේය..

එන්න සර්…මොන වගේ සාරියක්ද බැලුවේ….
මිස් ටද??

එහි සේවකයා අරුන්දී දෙස බලා ඈසුවේය…

ඔව් අපිට එන්ගේජ්මෙන්ට් එකකට අදින්න පුලුවන් හොද සාරි ටිකක් පෙන්නන..

විහග කිව් පමනින් සේවකයා රාක්කයේ තිබෙන සාර එකින් එක මේසය උඩට දැමුවේය..

තෝරගන්න ලමයෝ…බය වෙලා වගේ ඉන්නේ..

එසේ කියමින් විහග මේසයඋඩ තිබෙන සාරි එකින් එක බලන්නට විය..

තව ටිකක් පෙන්නනකෝ..අර අතන තියෙන සාරි ටිකත් බලමුද….
ගාන කීය උනත් ප්‍රශ්නයක් නෑ…

විහග එසේ කීවේඈතින් රාකයක් පෙන්නමින්‍ ය..

සේවකයා එහි ගොස් සාරිගොඩක් උසුආගෙන විත් ඔවුන් ඉදිරියේ එකින් එක දිගහරින්න විය..

මේවා හොදම සාරි සෙට් එකක් මහත්තයා..එන්ගජ්මෙන්ට් එකක්ට හොදටම ගැලපෙනවා..
මිස් ලස්සන නිසා ඕනේ පාටක් මිස්ට ගැලපෙනවා..මේක බලන්න…

ඒ අතර අරුන්දී සාරි ගොඩ යටින් තිබූ ලා කහ පාට සාරියක් උඩටඇදලා ගත්තේ එයදුටු පමනිනම් ඇගේ සිත්ගත් නිසාය..

කහ පාට සාරියේ රත්තරන් පාරින් වැඩ දැමා ඇත..
එතරම් ගෝඩිගතියක්ද නොවූ එය ඇගේ සිත ගන්නට සමත් විය…

ලස්සනයි…කෝ බලන්න..විහග සාරියගෙන ඇගේ ඇගට තැබුවේ ආදරයකිනි..

ශා..මිස් ට ඒ සාරියනම් හොදට ගැලපෙනවා..අර කන්නාඩියෙන් බලන්න…හමේ පාටටත් මේක හොදට ගැලපෙනවා…
සේවකයා ඇය දෙස බලා කීවේය..

විහග ඇයව කන්නඩිය ඉදිරියට ගෙන ගොස් සාරිය ඇගට තබා පෙන්නුවාය..

ඇත්තමයි හරිම ලස්සනයි..මේක ඇදපුහාම තවත් ලස්සනට ඉදී…
විහග එසේ සිතෙන් සිතමින් ඇය දෙසම බලා සිටියේය..

මේක ගමු..මේක හොදයි විහග…

ඔව් මේක ලස්සනයි..මගේ බබාට ඉතින් මොකක් ඇන්දත් ලස්සනයි නේ..

කිව් ඔහු සේවකයාට එම සාරිය ඔවුන්ට බිල් කර දෙන ලෙස කීවෙව් සතුටකිනි.

කඩයෙන් එලියට පැමිනි ඔවුන් ඊටම ගැලපෙන ලේ මාල වලලුද තෝරගෙන ඔවුන් දෙදෙනාටම ගැලපෙන ලෙස මුදු දෙකක්දගෙන නිවස වෙත එන දිට රතී 9 පසු වී තිබුනී…

කාරයෙන් බැසිමට පෙර විහග ඇය වෙතට නැමී ඒ දෙතොල් මත ආදරෙන් හාදුවක් තැබුවේ තව සතියකින් ඇය නීතියෙන් ඔහුගේම වන බව සිතමිනි…

13 කොටසෙන් හමුවෙමු….

ඔන්න දෙන්න බදින්න යන්නේ හොදේ…😍😍
සතුටුයි නේද ලමයි.. 😀😀
කලබලේට type කලේ…ලස්සනද මන්දා අද කතාව…🤔🤔

හෙට බලමු දෙන්නගේ engagement එක…💕

ඔයාලා කතාවට දක්වන ප්‍රතිචාර දැක්කාම හරි සතුටුයි අනේ..ආදරෙයි හැමෝටම💟💟💟
බුදුසරණයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *