අරුන්දී 14

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

14වන දිගහැරුම

💘
💘
💘
💘

අරුන්දී විහග සමග රෝහලට ගියේ වෛද්‍යවරයා හමුවීම බලාපොරොත්තුවෙනි.. විහග ඇයත් කැටුව වෛද්‍යවරයා සිටින කාමරයට ඇතුලු වන විට ඔහු කාමරයේ නොසිටින බව දිටීය..

අනේ විහග ඩොක්ටර් නෑනේ….

ඒකනේ බබා… ඉන්න මම කෝල් එකක් දීලා බලන්නම්කෝ…

ඔහු දුරකතනය සාකුවෙන් පිටතට ගෙන.එහි අදාල වෛද්‍යවරයාගේ අන්කය එබුවේය…

හෙලෝ…ඩොක්ටර් මම විහග..

………………………..

ආහ්…එහෙමද…හරි…හරි

…………………

කමක් නෑ….අපි ඉන්නම්…ඕකේ….

ඩොක්ටර් තව ටිකකින් එයි බබා… වෝඩ් එකට ගිහින් ….

හ්ම්……
විහග ඇය අසලම පුටුවේ ඉද ගත්තේ වෛද්‍යවරයා බලාපොරොත්තුවෙනි..

අනේ බබා…මට ඇවිදින්න පුලුවන් වෙයි නේද..?

ඔව් මැණික….දැන් ඔයාට ටිකක් සනීපයි නෙ…
අපි දැන් මේ කරන්න ආවේ ඔයාගේ කකුල් දෙකට හුරුව ලබලා දෙන්න ඇවිදින්න..

අනේ ඒත් මට මෙච්චරයිනේ උස්සන්න පුලුවන් කකුල්…
අරුන්දී අගල් තුනක් පමන තම කකුල් දෙක ඔසවා ඔහුට පෙන්වීය..

හරිනේ මැණික..ඉස්සර ඔය තරමට වත් ඔයා කකුල් ඉස්සුවේ නැනේ…

ඒත් දැන් බලන්න ඔයා ටික ටික උස්සනවනේ… ඔහොම තමයි තව ටික දවසකින් ඔයා හොදට කකුල් දෙක උස්සයි…

අනේ එහෙම වෙනවනම් හොදයි නේද…ඉස්සර වගේ ඉන්න තිබුනනම් මට ඒ ඇති…

කියමින් ඇය විහගගේ අතකින් අල්ලාගෙන ඒ අත තම අත්ලෙන් පිරිමදිමින් ඒ දෙස බලා සිටියාය..

එක් වරම කාමරේ දොර හැරුනේ වෛද්‍යවරයාගේ පැමිනීමත් සමගය..
ඇය ඒ මොහොතේ ඉක්මනින් විහගගේ අත අතඇරියේ එසේ අත්වැල් බැද සිටීම එවැනි තැනකට ඔබින්නේ නැති නිසාය..

සොරී විහග පොඩ්ඩක් වෝඩ් එකට ගියා..

ඉට්ස් ඕකේ ඩොක්ටර් …

දැන් ඉතින් අරුන්දි විහගගේ wife නේ…

ඔහු ඇය දෙස බලා සිනාසී කීවේ පුටුවට බර වෙමිනි….

අරුන්දී සිනහවකින් පිලිතුරු දුන්නාය..

ඔයා හරි ලකී අරුන්දී විහග වගේ කෙනෙක් ලැබෙන්න….මම සුභ පතනවා දෙන්නාටම..

Thank you ඩොක්ටර්
අරුන්දී සෙමින් පැවසුවාය..

හරි එහෙනම් අපි ආව වැඩේ ගැන බලමු….

මෙහෙමයි අරුන්දී ඔයාගේ කකුල් දෙකට දැන් බෙහෙත් වලින් කරන්න පුලුවන් දේ කරලා ඉවරයි..

දැන් තියෙන්නේ බෙහෙත් බොන ගමන් කකුල් දෙකට ඇවිදින්න හුරු කරන එකයි..

ඉතින් ඒකට ඔයාට හොදට හිත ශක්තිමත් කරගන්න ඕනේ මට මේ දේ කරන්න පුලුවන් කියලා.. අපි අද ඉදලම පටන් ගමු වැඩෙ..

එහෙනම් විහග අරුන්දිව practice room එකට එක්කගෙන යන්න.. මට හිතෙන්නේ විහග ඉන්න නම් අවශ්‍යත් නෑ..අපේ නර්ස් ලා බලාගනි ඔක්කොම..

වෛද්‍යවරයා එසේ කියමින් අරුන්දී දෙසත් විහග දෙසත් බැලීය…

අරුන්දී සිනා සුනා මිස කිසිවක් නොකීවේ ඇගේ සිත කෙසේ වත් විහග නොමැතිව මේ දේ කිරීමට යාමට අදි මදි කල නිසාය..

එය තේරුම් ගත්තාක් මෙන් විහග පිලිතුරු බැන්දේය..

කමක් නෑ ඩොක්ටර් ..අද මම යන්නම් මෙයා එක්ක…
පස්සේ හුරු උනාම මෙයා තනියම එතන ඉදීනේ…

කියමින් අරුන්දී දෙස සිනහවකින් බලා කිවේය..

විහග කොයි තරම් මම ගැන හිතනවද…එයා දැනගත්තා මම තනියම යන්න අකමැතී කියලා…මගේ හොද මහත්තයා…
අරුන්දී සිතෙන් කල්පනා කරමින් සතුටු වූවාය..

මෙලෙසින් වෛද්‍යවරයාගෙන් සමුගත් දෙදෙනා practice room එක වෙත යන විටත් එහි රෝගින් දහයක් පහලවක් පමන සිටියේය..

ඔවුන් කාමරය තුලට ඇතුලු වන විට එහි සිටි නර්ස් වරියක් විහග දැක සිනා මුසු මුහුනින් ඔවුන් දෙසට ආවාය..

ආ….ඩොක්ටර් මොකද මේ පැත්තේ..??

මිසී මේ මගේ වයිෆ්… එයාට walkin practice වලට ආවේ…

ආනේ..ඩොක්ටර් බැන්දා කියලා ආරන්චි උනා…ඒත් මෙහෙම…..
ඇය කීමට ගිය දේ වලක්වා ගත්තේ එවිටයි..

අරුදිගේ නෙත් දෙකට කදුලු පිරුනේ ඇයටත් නොදැනීමය..විහග මෙන් කෙනෙකුට තමා ලැජ්ජාවක්ද??

ඇය බිම බලාගත්තේ ඇගේ කදූලු කව්රුන් හෝ දකීවී යන බියෙනි…..

හරි ඩොක්ටර් අපි යමු…කොහොමහරි මිස් ව ඇවිද්දවමු….

ඇය කිව් දේ බරපතලකම ඒත්තු ගියාක් මෙන් හෙදිය එසේ කියමින් කාමරය තුලට ගියාය..

අවශ්‍ය සියලු දේ සූදානම් කරගත් ඔවුන් අරුන්දී නැගිට්ටවීම සදහා සූදානම් විය..

මෙතෙක් කලක් තෙරෙපි ප්‍රතිකාර සදහා යොමු වීම තුලින් ඇයට යම් තරමකට කකුක් දෙක එසවීමට හැකියාව ලැබුන මුත් තනිවම දෙපයින් සිට ගැනීමට තරම් ඇයට හැකියාවක් නොවීය…

එක් හෙදියක් ඇය අසලට විත් ඇගේ වාර්තා පරික්ශා කර බලා සිනා සි ඇය දෙස බැලුවාය..

මිස්ට ඉක්මනින්ම ඇවිදින්න පුලුවන් වෙයි.. අපි ඒකට උදව් කරන්නම්…

ඇරුන්දී සිනා සී ඇය දෙස බැලුවේ රිදුම් දුන් හදවත වසාගෙනය…

මොවුන් මේ අයුරින් තමාට කරුනාව දක් වන්නේ විහග නිසා නොවේද..
නැතිනම් තමාත් එක් ලෙඩෙක් පමනක් බව ඇය තේරුම් ගෙන සිටියාය..

හරි මෙහෙමයි අපි ඉස්සර වෙලාම රෝද පුටුවෙන් නැගිටිමු හොදේ මිස්…අපි උදව් කරන්නම්…

අනේ මට මට…තවම කකුල් දෙක තියන්න බෑනේ…

එහෙම නෙවෙයි අරුන්දි මෙයාලා කියන්නේ හෙමීට නැගිටිමු කියලයි..

එහෙම නැතුව ඔයාටවත් අපිටවත් හිතා ගන්න බෑනේ ඔයාගේ කකුල් දෙකට දැන් කොහොමද කියලා…

හිට ගෙන ඉන්න අමාරුනම් අපි තව ටික දවසක් ඉවසමූ..බය වෙන්න එපා මම ඉන්නවනේ….

විහග ඇයට කීවේ කාටත් ඇසෙන ලෙසිනි….ඔහුගේ උතුම් මිනිස් කම හෙදියන්ද ඒ මොහොතේ තේරුම් ගත්තා විය හැකිය……

හරි කෝ එන්නකෝ මම මේ පැත්තෙන් අල්ලන්නම්..නර්ස් ඔයා අනිත් පැත්තෙන් අල්ලන්න…

ඩොක්ටර් ඉන්න ඩොක්ටර් අපි දෙන්නා මිස් ව අල්ලන්නම් දෙපැත්තේන්…

නෑ මිසී මම මේ පැත්තෙන් අල්ලන්ම්කෝ…මෙයාට මේ බය නෙ තියෙන්නේ….එක අතකට ඒ බයත් සාධාරනයි..ඇවුරුදු එක හමාරක්ම මේ පුටුවෙනෙ ඉතින්…

හරි හරි අරුන්දි කෝ මේ පැත්තෙන් ඔයාගෙ අත දාන්න..බය වෙන්න එපා වැටුනත්…අපි ඔයාට වැටෙන්න දෙන්නේ නෑ….

විහග එසේ කියමින් අරුන්දිගේ අත් ගොබයක් අල්ලා ගත් අතර අනෙක් හෙදිය ඇගේ අනෙකත් ගොබය අල්ලා ගත්තේය..

හරි අපි දෙන්නා දැන් ඔයාව හෙමීට උස්සනවා..ඔයා එක පාරට නැතුව හෙමීට කකුල් දෙකට බර දෙන්න හරී…

හරි මිසී ඔයා ඔය ඇත්තෙන් උස්සන්න…

කියමින් විහග ඇයව අත් ගොබයෙන් අල්ලා උස්සන්නට විය…

අරුන්දී ඔවුන්ගේ ආදාරයෙන් හෙමිහිට නැගිටින්න උත්සහ කලද ඇයට එතරම් වේලාවක් ඇයගේ ඇගේ බර කකුල් දෙකට ලබා දීමට අසීරු වූ හෙයින් විහගගේ ඇගටම බර විය..

අනේ …මට බෑ…විහග….මට ..බැ…..මට කකුල් හිරි වැටිලා..වගේ…
ඇය කියන්නට විය…

එහෙම තමයි අරුන්දි….තව පොඩ්ඩක් උත්සහ කරන්න..ඔයාට පුලුවන් ලම යෝ…

අරුන්දී ඔහුගේ ඇගටම වාරු වී කකුල් දෙකට බර දෙන්නට උත්සහ කලත් ඇය ඊට අසමත් විය…

අනේ…මාව ඉදගස්සන්න විහග…මට අමාරුයි….මෙහෙම ඉන්න…
ඇය විහග දෙස බලා කීවේ අඩමිනි…..

ඩොක්ටර් අපි තව ටිකකින් try කරමු නේද??

ඔව් මිසී එහෙම කරමු…

විහග අරුන්දී දෙස බලා කීවේ දුකිනි…

කොහොම හිටපු කෙල්ලද..අද කොයිතරම් අසරන වෙලාද…. ඔහු සිතුවේය.

විහග සෙමින් අසල තිබූ පුටුවක් ඇදගෙන අරුන්දී අසලින් ඉදගත්තේ රෝද පුටුවේ ඇන්දේ තබාගෙන සිටි ඇගේ අත උඩින් අත තබන ගමන්‍ ය..
හෙදියන් අසල නොවූ බැවින් ඔහු කතා කරන්නට විය..

බබා…මේ අහන්න…මම දන්නවා මේ දේ එකපාරටම අමාරුයි කියලා…ඒත් අපි මොන දේටත් උත්සහ කරන්න ඕනේ ප්‍රතිපල ලබා ගන්න…

ඔයාට පුලුවන් මේක කරන්න..

කෝ මහෙ බලන්න…..මේ……අඩන්න එපා…අඩන්න වෙන්නේ නැගිටගන්නවත් බැරි නම්..ඒත් ඔයාට පුලුවන් අපි තව ටිකකි try කරමු …

අරුන්දි ඔහු කියන දෙය අසා සිටියේ ඇසෙන් කදුලු වැටෙන ගමන්‍ ය…

ඔයා මොනතරම් උත්සහ කරනවද විහග මාව ඇවිද්දවන්න… මමත් ආසයි ආයෙම ඇවිදින්න..

අනේ ඒත් හිට ගන්න කොට කකුල් දෙකම වෙව්ලනවනේ…මට බයයි වැටෙයි කියලා…

එහෙම තමා බබා මුලදි..ඒ ඔයාට තවම හුරු නැති නිසා…අපි බලමුකෝ තව ටිකකින්…

ඒ අතර හෙදියන් පිරිස අරුන්දිත් විහගත් දෙස බලමින් කතා ඔවුනොවුන් හා කතා කරමින් සිටිති..

මාර ඩොක්ටර් කෙනෙක් නේද ඩොක්ටර් විහග.

ඒක තමයි අනේ මමත් බැලුවේ… අර girl ලස්සන උනාට කකුල් දෙක පන නෑනේ ඉතින්..

Accident එකකින් එහෙම වෙලා තියෙන්නේ..පව් හැබැයි…ඒත් ඩොක්ටර් උත්සහය අත අරින්නේ නෑ..බලන්නකෝ දෙන්නගෙ ලව් එක..අර..

ඇය ඇසකින් අරුන්දි හා විහග ඉන්න දෙස පෙන්වූයේ මුවෙ සිනහවක්ද නගාගෙනය…
විහග අරුන්දිගේ අතක් අල්ලාගෙන යමක් කියමින් සිටී…

පව් ඒ කෙල්ලට ඉක්මනට ඇවිදින්න පුල්වන් උනොත් හරි…නැත්තම් ඩොක්ටර් පව්…

ආ…උබට දැන් ඩොක්ටර් විතරයි පව්..ඇයි අර කෙල්ල පව් නැද්ද…

උබ දන්නවනේ ඩොක්ටර් මගේ ඉස්සර ලව් එකක් කියලා. එයා දන්නේ නැති උනාට මම හිතෙන් ලව්….

එක් හෙදියක් සිනාසෙමින් කීවාය..

හා හා මෙ…ඩොක්ටර් දැන් බැදලා හොදේ…උබ වෙන අතක් බලාගන්න…පේන්නේ නැද්ද අර කෙල්ලට පන ඇරලා…

ඒකනේ දුක තමා……

ඔවුන් සිනාසුනේ එකටමය….

විහගත් අරුන්දීත් සිටින තැනට හෙදියන් දෙදෙනෙක් ආවෙ නැවතත් අරුන්දිව නැගිට්ට වීම සදහාය…

ඒ අවස්තාවේදීනම් අරුන්දීට යම් තරමක වේලාවක් ඔවුන්ගේ වාරු ඇතිව සිටගෙන සිටීමට හැකිවිය..

ඇය ඒ මොහොතේ විහග දෙස බැලුවේ මුව සරසාගත් සිනහවකිනි….

ඒකනේ බොරුවනේ කලේ…ඔය හොදට හිටගෙන ඉන්නේ…..

හ්ම්ම්….

මිස් ගෙදරදිත් මෙහෙම කාගේ හරි උදව් ඇතිව පොඩ්ඩක් හිටගන්න බලන්න…එතකොට තමයි පේශි උනත් හයිය වෙන්නේ….

හා…..
ඩොක්ටර්ත් ඉන්නවනේ..උදව්වට….

මෙලෙසින් හෝරා තුනක පමන පුහුනුවකින් පසු අරුන්දී සමග විහග පිටත් විය…

විහග ඔයාට වෝඩ් එකට යන්න වෙයි නේද… මම තාත්තිට කතා කරගෙන යන්නම්..

පිස්සුද එහෙම යවන්න බෑ මැණික…මම ඔයාව ගෙදරට බස්සලා එන්නම්..

අනික අද මට නයිට් එකක් තියෙන්නේ….

හ්ම්….

ඔවුන් දෙදෙනා රෝහලෙන් එලියටවිත් කාරයට නැග නිවස බලා ආවේ විහග නැවතත් රෝහලට යාමට අදහස් කරගෙනය…

විහග ඉදිරිය බලාම වාහනය එලවයි…

මොකද කතා පෙට්ටිය වැහිලා…

ඔහු එක් වරම ඇසුවේ ඇය දෙස බලමිනි.

නෑ….මට ඇවිදින්න පුලුවන් වෙයි නේ ඉක්මනින්ම…

ඔව් ඔව් බබා..හිත හයිය කරගන්න…

මේ..මම අහන්න හිටියේ ඔයාලා night shift ඉද්දි නිදි මත එන්නෙ නැද්ද??

එනවා ඉතින් රෙස්ට් රූම් එකට ගිහින් හොදට වොශ් එකක් දාලා ආවම නිදිමත යනවා ඉතින්..

බබාලා හම්බවෙන්න අම්මලා අමරු වෙලා ලේබර් රූම් දැම්මම තමයි අපිට නිදාගන්න බැරි…

ඒ මොකෝ….

ඇයි ලමයෝ ඒ දවසට රෑ ඉන්න ඩොක්ටර්ට තමයි ඒ වගකීම තියෙන්නෙ..

හ්ම්ම් ඔයා පව්….

ඇයි මම පව්…

නෑ ඉතින් හරි මහන්සිනේ ඔහොම වැඩ කරනකොට…

නෑ බබා දැන් මේ ජීවිතේට අපි හුරු වෙලා ඉන්නේ…

අපි නෙවේ පව් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න අම්ම කෙනෙක් කොයි තරම් දුකක් විදිනවද කියල දකිනකොට පව් හිතෙන්නේ එයාලා ගැන..
අපි ගෑන නෙවේ ..

ඒකනම් ඇත්ත….ඔයාලට ඒවා හුරු ඇති නේද විහග…

ඔව් දැකලා දැකලම හුරුයි ඉතින්….

මෙලෙසින් කතාවෙන් කතාව ඔවු දෙදෙනා නිවස අසලටම ඇව්ත් තිබුනේ ඔවුන්ටත් නොදැනීමය…

ඔවුන් ඩිනායගේ නිවස පහු කරන විට අරුන්දී ඒ දෙස හිස හරවා හැරී බැලුවාය..

ඇයි….?

නෑ…මෙහෙ අපේ තාත්තිලාගේ ඔෆිස් එකේ වැඩ කරන girl කෙනෙක් හිටියා .. ඩිනායා කියලා කෙනෙක් ලගකදි ඉදලා දැක්කෙ නෑ…අපේ engagement එකටත් ආවේ නෑ….ඒකයි බැලුවේ..

මෙයත් හොද ඕපේ..නේහ්….ඉන්නෙ නම් මීයා වගේ ඇන්ටනාව වටේටම දාගෙන ඉන්නේ..
කියමින් විහග ඇගේ කනක් මිරිකුවේ හිනාවෙමිනි.

ඌයි….නෝටියා…..එහෙම නෙවේ අනේ…ඒ කෙල්ල ඔෆිස් එන්නෙත් නැතිලු දැන්…තාත්ති නම් ඕවා අහන්න යන්නේ නෑ ඒ ගෙදරින්.
ආ…එයා මයන්තගේ privet secretary නේ..

අප්පා එහෙමද…හරි හරි ඔන්න මඩම් අපි ආවා..මට යන්නත් ඕනේ ඉක්මනටම…

හරි එහෙනම් පස්සේ කෝල් කරන්නකෝ… කෝ ඉතින් මාව බස්සන්නකෝ…

ඇය විහග දෙස බලා කියන විට විහග කාරයෙන් බසිමින් හිටියේ ඇයව රෝද පුටුවේ තැබීමටයි.

අරුන්දීව නිවසට ඇරලවූ විහග නැවතත් රෝහල බලා ගියේ සැහැල්ලු සිතිනි.

😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

විහග රෝහලට ගොස් තම වැඩ රාජකාරී ඉටු කර පිලිකා රෝහලට ගියේ මයන්ත දැකබලා ගැනිම සදහාය…

ඔහු එහි යන විටත් මයන්ත පරීක්ශන වගයක් සදහා ගෙන ගොස් තිබුනි..

මද වේලාවක් එහි රැදී සිටින විට මයන්ත රැගත් රොදපුටුවක් අයෙකු විසින් තල්ලු කරගෙන එන බව විහග දුටුවේය…

ඔහුගේ සිත කඩා වැටුනේ ඒ මොහිතේදිය..

බෙල්ල පැත්තකට ඇල කරගෙන ඔහේ ඈතක් බලා එන මයන්ත දුටු විට විහගගේ පපුව හෝස් ගා ඇවිලුනි…

දෑස් දෙක යටටම ගිලී ගොස් මුහුන මැලවී ගොස් හිසකෙස්ද බොහෝ දුරට ගැලවී ගොස් අසරන වී සිටින මයන්ත එක් වරම විහග දුටු විටම මුවගට මද සිහවක් මවා ගත්තේ නිතැතින්මය..

විහග මයන්තගේ ඇද අසලට යන විට මයන්තගේ මවත් එහි පැමින සිටින බව දුටුවේ එවිටය…

කොහොමද මයන්ත….

ඔහේ ඉන්නවා විහග…

අම්මේ මේ තමයි අර මම කිව්වේ මගේ යාලුවෙක් ගැන..විහග…. මෙයාගේ ඇදුනුම් කමට තමයි මෙහෙ මට මෙච්චර සැලකිලි..

අනේ පින් සිද්ද වෙයි පුතේ….මේ කරන උදව් වලට….

මයන්තගේ මව හඩමින් කිව් විට විහගගේද හදවත උනු වුනේ නොදැනීමය..

ඕක මොකද්ද අම්මේ…මට කරන්න පුලුවන් ඔක්කොම උදව් මම කරනවා අම්මේ…අපි කොහොම හරි මයන්තව සනීප කරගමු..

අනේ ඔව් මගේ පුතේ…. කොහොම හිටපු දරුවෙක්ද මේ දුක් විදින්නේ..

කොහොමද මචන් අරුන්දී…දැන් ඇවිදිනවද …

නෑ බන් තවම එච්චරටම බෑ…ටිකක් කල් යයි බන්..

ඒ කෙල්ලට දුන්න දුක්වලට මචන් මම මේ ගෙවන්නේ…

දැන් ඒවා කල්පනා කරන්න එපා මචන්..උබ හිත හයිය කර ගනින්….මම ඩොක්ටර් හම්බවෙලා එන්නම්…

හරි මචන්….

යන්නම් අම්මේ..

විහග ඔවුන්ගෙන් සමුගෙන කෙලින්ම ගියේ මයන්තගේ වෛද්‍යවරයා හමුවීමටය…ඔහු එහි යන විට අදාල වෛද්‍යවරයා යම් කාර්‍යක නිරතව සිටියේය..

Excuse me doctor may i come in…

Yes come in vihaga…

විහග ඇතුලට ගොස් අසුනේ ඉදගත්තේ බැරෑරුම් මුහුනක් මවාගෙනය..

ඉතින් විහග යාලුවා බැලුවද…?

ඔව් ඩොක්ටර් මේ බලලා එන ගමන්…

ලෙඩාගේ තත්වේ නම් එච්චර හොද නෑ විහග..

ගොඩක් පැතිරිලා නිසා treatments වලින් ලොකු වෙනසක් වෙන්නේ නෑ…

මට තේරෙනවා ඩොක්ටර් …ඒකම තමයි මට දුක…

කොහොමත් අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි…බලමුකෝ..

මම මේ ටිකහරි කිව්වේ විහග ඩොක්ටර් කෙනෙක් නිසා..නැත්තම් මේවා කියන්න අපි උනත කැමති නෑනේ…

හ්ම්….මම දන්නව ඩොක්ටර් …
එහෙනම් මම යන්නම්….

හරි විහග…කොහොමත තව two or three months වගේ තමයි ඉතින්….

විහග වෛද්‍යවරයා දෙස බැලුවා මිස කිසිවක් නොකීවේ හිතේ වේදනාවටය…

ඔහු කාමරයෙන් එලියට පැමින ඉක්මන් ගමනින් තම කාරය වෙත ගියේ රෝහලට යාම සදහාය..

හිතට නිදහසක් අවශ්‍ය වුවත් තම රැකියාවේ ස්වභාවය අනූව එය තමාට අහිමි වීඇති බව සිතමින් ඔහු කාරය ඉදිරියට පැදවීය….

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

අරුන්දී තම කාමරයට වී ලැප් ටොප් එක ඔන් කරගෙන සින්දු වීඩියෝ වගයක් බලමින් සිටියාය…

රාත්‍රී ආහර ගෙන හොදින් ඇග සෝදා සැහැල්ලු රාත්‍රීඇදුමකි සැරසී සිටි ඇය සින්දු අසන ගමන් තම දෙපා ඇයට පුලුවන් අයුරින් ඔසවමින් පහත දමමින් සිටියේ හෙශිය ශුන් උපදෙස් වලට අනූවය..

පෙරට වඩා ගොඩක් දුරට දැන් ඇයට කකුල්දෙක හැසිරවීම පහසුන්වී තිබීම ඇගේ සත්තුටට හේතුවිය…

එක් වරම ඇගේ දුරකතනයට ඇමතුමක් ආවේ විහග ගෙන්‍ ය…
ඇය එය ලබා ගත්තේ ඇදේ හාන්සි වෙමිනි..

හෙලෝ…

හෙලෝ මොකෝ බබා කරන්නේ..??

නිදා ගන්න හැදුවෙ….ඔයා free ද බබා…?

ඔව් ටිකක් රෙස්ට් රූම් එකට ආවා….එකයි ගත්තේ…

අනේ මහත්තයෝ ඔයා ටිකක් හාන්සි වෙන්න…කමක් නෑ…

හරි හරි ඔයාට ටිකක් කතා කරලා තියන්නම්කෝ අප්පා…මාර හදිස්සියක්නේ තියෙන්නේ….

එහෙම නෙවේ අනේ….ඔයා පව් නේ….

ආ…මම පව් නම් කිස් එකක් දෙන්න… අද දවසටම නෑනේ…

ඒවා දෙන්න තරම් පව් නෑ….

ඇය කට තද කරගනිමින් පැවසුවාය..

එහෙමද….එහෙනම් මම දෙන්නම්….

ඇගේ නිහඩ බවින් විහග යමක් තේරුම් ගත්තාක් මෙන්…

ඔන්න නලලට එකක්……..

හ්ම්ම්ම්ම්…..

ඔන්න..ඇස් දෙකට දෙකක්……

හ්ම්ම්ම්ම්……

මේක ඔයාගේ චූටි නහයට…..

හ්ම්……

මේක ටිකක් දිග එකක්..lips වලට……

හ්ම්ම්ම්ම්……

මේක බෙල්ලට….

හ්ම්………

මේක …..

හා හා ඇති ඇති…..ඔය දුන්නා හොදටම ඇති…
ඇය කීවේ සිනහා වෙමිනි….

ඇයි එපාද???

ඔහු ඇසුවෙත් ඇයව නැවතත් සිනහ ගන්වමිනි…

ආහ් බබා මම කියන්න ගත්තේ අපි දෙන්න කොහේ හරි යමුද weekend එකක….

ෂෝයි අනේ…කොහෙද යන්නේ ඉතින්…

One day trip එකක් ….

නන්ගිවයි මල්ලිවත් එක්කගෙන යමු…
ඒ අරුන්දී ය.

අනේ බබා එයාලා ඕනේද…අපි දෙන්න විතරක් යමුකෝ..

එහෙම හරි නෑනේ විහග.

හා..හා..ඔයාගේ කැමැත්තක්…..

හරි එහෙනම් ඔයාට free දවසක් දාගන්නකෝ…

හරි හැබැයි තව two weeks වගේ යයි හොදේ..

බබා පොඩ්ඩක් ඉන්න නර්ස් කෙනෙක් ඇවිත්..

ඇයි නර්ස්???

ඩොක්ටර් අමාරු උන අම්මා කෙනෙක් ඇවිත් ඩොක්ටර් ට එන්න පුලුවන් නේද දැන්..

හරි මම එන්නම්..ලේබර් රූම් දාන්න පුල්වන්ද දැන්ම…

පුලුවන් වෙයි ඩොක්ටර් ….බ්ලීඩ් වෙන්නත් පටන් අරන්…

හරි එහෙනම් මම එන්නම් එයාව ලේබර් රූම් දාන්න …

බබා …මට දැන් යන්න වෙනවා…පස්සේ කතා කරන්නම්…

හරි බුදුසරණයි …

මෙලෙසින් දෙදෙනා බොහෝ වේලාවක් කතා කරමින් හිද විහග ඇමතුම විසන්දි කලේ හදිසි ගැබිනි මවක් පැමිනීම හේතුවෙනි…

විහග ප්‍රසූතිකාගාරයට යන්නට සූදානම් වී අත් වලට ග්ලවුස් දමාගෙන සූදානම් වනවිට මේ මොහොතේ ඇතුලු කල ගැබිනි මවගේ වෛද්‍ය සටහන් පත්‍රිකාව නෙත ගැටුනි…

*මවගේ නම – ඩිනායා මැදිවක..
එහි සටහන්ව තිබුනි…

15කොටසෙන් හමුවෙමු

ඔන්න අද නම් ටිකයි ලියා ගන්න පුලුවන් උනේ අනේ…😢😢

හොදද අද කොටස….😍

ඔයාලා කතාවට දක්වන ප්‍රතිචාර දැක්කම හරි සතුටුයි ලමයි..ආදරෙයි ඔයාලා හැමෝටම..😘

අදහසකුත් දාගෙනම ගියොත් ඉතින් මට තවත් සතුටුයි …

බුදුසරණයි ඔයාලට 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *