අරුන්දී 25 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

25 වන දිගහැරු

💘
💘
💘
💘

ඉතින් කතාව කියන්නත් කලින් අඩලත් ඉවරයි නේ ලමයෝ ඔයා…
මට කියන්න මොකද්ද ඔයාට උනෙ…?
මොකද්ද ප්‍රශ්නේ ඩිනායා…

කියන්නම් අරුන්දී හැබැයි මේක අහලා ඔයා මාව කොහොම තේරුම් ගනීද දන්නෑ..
ඒත්..මේ දේවල් තවත් මට හිතේ හිර කරගෙන ඉන්න බෑ අරුන්දී….

හරි ඉස්සරවෙලා ඔයා රිලැක්ස් වෙන්න ඩිනායා…ඊට පස්සේ මට කියන්න …

ඩිනායා මද වේලාවක් තම දරුවා දෙස බලා සිටියේ කතාව කොහෙන් පටන්ගන්න දැයි සිතාගත නොහැකිවයි…

මොහොතකින් ඇය හිස හරවා අරුන්දී දෙස බැලුවේ දිගු හුස්මක් හෙලන ගමන් ය..

අරුන්දී සමහර විට දැන් ඔයා මේ දේවල් දන්නවත් ඇති….නොදන්නවත් ඇති…

ඇත්තම කිව්වොත් යට ගියපු අතීතයක් ආයේ ගොඩ අරගෙන මම ඔයාගේ හිතටත් බරක් දෙන්න හදන්නේ නෑ..ඒත් මට ඕනේ මගේ හිත නිදහස් කරගන්න…

අරුන්දී කිසිවක් නොකියා ඩිනායා දෙසම බලා සිටින්නේ ඇය මේ කීමට තතනන්නේ කුමක්ද කියා සිතන ගමන් ය…

අරුන්දී මයන්ත සර් කියන්නේ මගේ බොස් නේ ඉස්සර..ඉතින් අපි දෙන්නා මීටින් වලට ගියේ එකට..
එකම රූම් එකේ මුලු දවසම වැඩ කරන්නේ…
එකට කෑම කන්නේ…ගොඩාක් දුරට අපි දෙන්නා හැම වෙලේම එකටමයි දවස ගෙව්වේ…
ටික කාලයක් ඔහොම යද්දී මගේ හිතේ සර් ගැන කැමැත්තක් ඇති උනා මම වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඉදෙද්දිම…

ඒත් මම ඒ ගැන සර්ට ඇගෙව්වේ නෑ..මොකද මම දැනගෙන හිටියා ඔයා සර් එක්ක යාලු වෙලා හිටියේ කියලා…

පස්සේ පස්සේ මයන්ත සරුත් මගේ ගැන ටිකක් උනන්දු වෙන්න ගත්ත නිසා අපි දෙන්නා අතර දන්නේම නැතුව සම්බන්දයක් ගොඩ නැගුනා…

ඇත්ත මම මගේ බොයි ෆ්‍රෙන්ඩ් ටත්, මයන්ත සර් ඔයාටත් ලොකු අසාධාරණයක් කලා..ඒ බව අපි දෙන්නම දැන දැනත් අපේ සම්බන්දේ ඉස්සරහට අරගෙන ගියා…

ඩිනායා මේ ලෙසින් කියන විට අරුන්දී කිසිත් නොකියාම ඇය කියන දේ අසා සිටියේ හිස් බැල්මෙනි..

ඔයාට මතක ඇති මයන්ත සර් නුවරඑලියෙ ප්‍රොජෙක්ට් එකකට ගියා…
එසේ කියමින් ඩිනායා අරුන්දී දෙස බැලුවාය..

ඔ..ඔව්…මත..කයි…

එදා එයා එක්ක මමත් එහෙ ගියා… එහෙදි අපි නැවතුන හෝටෙල් එකේ ඩිනර් ඩාන්ස් එකේදී අපිට විහග වත් හම්බ උනා…

ඔව්..විහග මට ලගදි දවසක කිව්වා ඔයයි මයන්තයි නුවරඑලියෙදී හම්බ උනා කියලා..

ඒ කියන්නේ ඔයා මේ දේවල් දැනගෙන හිටියද??

ඩිනායා පුදුමයෙන් අරුන්දී දෙස බැලුවේ ලොකු කරගත් දෑසිනි…..

නෑ විහග මට දවසක් ඔය ගැන කිව්වා…හරි කියන්නකො ඉතින් ඔයාගේ කතාව…

කොහොම හරි මයන්ත සර් ටිකෙන් ටික ඔයාට ලන් වෙනවා කියලා මට තේරුනා..ඒකට මම කොහොමටවත් කැමති උනේ නෑ අරුන්දී.මම සර්ට ගොඩක් ආදරේ කලා…
අන්තිමෙදී මම යාලු වෙලා හිටපු කොල්ලා මාව සැක කරන්න ගත්තා..

මේ අතරේ තමයි ඔයයි මයන්ත සර්රුයි ඇක්සිඩන්ට් උනේ…
ඒකෙන් ඔයාගේ කකුල් දෙකම පන නැති උනාම මයන්ත සර් ඒ ගැන ගොඩාක් දුක් උනා.
මගේ එක්ක එයාගෙ දුක කිය කිය ඇඩුවා..

මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ටත් හොදට සල්ලි තිබුනා..
අපේ ගෙවල් වලිනුත් එයාට කැමති වෙලා හිටියේ…
ඒත් අපි දෙන්න අතර ගොඩක් ප්‍රශ්න ඇති උනා මගෙයි මයන්ත සර් ගෙයි සම්බන්දේ නිසා..

මෙහෙම යද්දී එයා මගේ එක්ක තිබ්බ සම්බන්දේ නතර කලා…
මට කරකියා ගන්න දෙයක් නැති උන නිසා මම කොහොමහරි බැලුවේ මයන්ත සර් ව මගේ පැත්තට නම්ම ගන්න…

ඒ ඔයා වගේ කෙනෙක් බදිනවානම් එයාට ජීවිතේ කොයි තරම් කැප කිරිම කරගෙන දුක් විදින්න වෙනව නේද කියලා හිතට කාවද්දලා කොහොම හරි එයාගේ හිත මගේ පැත්තට හරව ගත්තා.

කොහොම හරි එක දවසක් සර් ලොකූ ප්‍රශ්නෙක ඉන්නේ කියලා මට තේරුනා..ඇහුවට කිව්වෙත් නෑ..
පස්සේ ඔෆිස් එක ඇරුනම මම සර් ව නිදහසේ කතා කරමු කියලා රෙස්ටොරෙන්ට් එකකට එක්ක ගියා..

එතනදි අපි දෙන්නටම සීමාව ඉක්මවලා ගිය නිසා මම සර් ගෙ අතින් …….
ඩිනායා කීමට ගිය දේ ගිලගෙන අරුන්දි දෙස බැලුවේ අසරනවයි…

අරුන්දී හුස්ම හිරවුනාක් බදු හැගීමකින් ඇය දෙස බලා සිටියේ ලොකු කරගත් දෑසින් යුතුවය…

අන්තිමේදි මම සර් ට කිව්වා මාව තනි කරන්න එපා..මට දැන් කව්රුත් නෑ කියලා…. මම ඇඩුවා කකුල් දෙක ලග වැටිලා…
අන්තිමේදී තමයි මම දැනගත්තේ සර් මටත් වඩා අසරන වෙලා කියලා… එයාට කැන්සර් එකක් කියලා එය දැනගෙන තියෙන්නේ එදා උදේ…

අන්තිමට මම ගිනි ගොඩක් මැද තනි උනා කියලා මට හිතුනා අරුන්දී..මේ කිසිම දෙයක් නොදැන ඔයා වගේ අහින්සක කෙනෙකුට මයන්තයි මමයි කරපු වැරැද්ද අපිට පටිසන් දුන්නා වගේ අපි දෙන්නගේම ජීවිත විනාස උනා….

අන්තිමට මයන්ත සර් මාවත් මග අරින්න ගත්තා…පස්සේ මම දැනගත්තේ සර් ඔයාවත් මග ඇරලා කියලා..

ඇත්තටම සර් ට ඕනී උනේ අපි හැමෝගෙන්ම ඈත් වෙන්න කියලා මට තේරුනා…
සර් ජොබ් එකෙන් අයින් උනේ මටත් බොරුවක් කියලා…
එයා මග නවත්තපු ස්ටඩීස් ආයෙම පටන් ගන්නවා කියලා රට යනවා කිව්වා…

මෙහෙම ටික දවසක් යද්දී මට තේරුනා මගේ ඇගේ මොකක්ම හරි වෙනසක් වෙලා තියෙනවා කියලා..අම්මලාට කියන්නත් බෑ…
සරුත් මාව මග අරිනවා…

එයාගේ කන්ටැක් මොකුත් නැති නිසා මම පිස්සියක් වගේ දහ අතේ කල්පනා කලේ මේ දේට මූන දෙන්නේ කොහොමද කියලා..

මට කරගන්න දෙයක් නැති කමටම මම මගේ කලින් බොයි එක්ක ආයෙම සම්බන්දේ පටන් ගන්න හිතුවා…
මොකද මේ වෙලාවේ මට නමට හරි පිරිමියෙක් ඕනේ නිසා..මට මැරෙන්න හිතුන වාර අනන්තයි..
ඒත් මම කොහොම ඉවසුවාද කියලා මට තේරෙන්නේ නෑ…

අම්මලාගේ අකමැත්ත මැද මම කොහොම හරි එයාව බැන්දා…
පස්සෙයි දැනගත්තේ එයා ඉස්සර මට පෙන්නපු හැම දේම බොරුවක් කියලා..
එයාට එහෙමයි කියලා සල්ලි නෑ කියන එක තේරුම් ගත්තේ බැදලා ගිහින් සතියක් විතර යද්දී…එයාගේ හැම දේම බොරු….
බලද්දි එයා නිකන් ඔෆිස් එකක පියන් කෙනෙක්….මාව රවට්ටලා මාව බදින්න හදලා තියෙන්නේ අපේ දේපල වලට..

අන්තිමට එයාටත් එයාගේ බොරු පටිසන් දුන්නේ අපේ ගෙවල් වලින් මේ කසාදෙට කැමති නැති නිසා මට කියලා කිසිම දෙයක් අම්මලා නොදුන්න එකයි…

අන්තිමේදී අපිදෙන්නටම ජීවිතේ කරපු වැරදි පටිසන් දුන්නා…
ඒ වෙද්දිත් මම ප්‍රෙග්නන්ට් කියලා මම දැනගෙන හිටියේ. කොහොම හරි මම එයාව බැන්දේ මගේ දරුවට තාත්තෙක් ඕනේ නිසා…

එතකොට…..මේ බබා…ඔයාගේ හස්බන්ඩ් ගේ නෙවෙයිද ඩිනායා….

මම අද මේ දේ ඔයාට කියන්නේ මගේ හිත නිදහස් කරගන්න…. නෑ..මේ එයාගේ බබා නෙවෙයි…..

එහෙනම්..??

මයන්ත සර් තමයි පුතාගේ තාත්තා…..

දෙයියනේ ……

අරුන්දීගේ පපුව නැවතුනාක් මෙන් වූ නිසා ඇය ඈතින් සෙල්ලම් කරමින් ඉන්න ඩිනායාගේ පුතා දෙස බැලුවේ වික්ශිප්ත වූ දෑසිනි..

ඇය දරුවා දෙසම එක එල්ලේ බල සිටින විට ඇය ඔහු තුලින් දැක්කේ මයන්තගේ මතකයයි…

මයන්තගේ දුබුරු පාට ඇස් දෙක එහෙම්මම දරුවාගේත් තිබුනේ හැම දේම ඔප්පු කරන්නට මෙනි…

මේ කිසිවක් තේරුම් ගත නොහැකිව මුව ගොලු වී සිටි අරුන්දී ඉදගෙන උන් තැනින් නැගිට ගොස් සෙල්ලම් කරමින් සිටින දරුවා වඩා ගත්තේ උතුරා යන සෙනෙහසකිනි….

මුලදී දරුවා ඇයට නුහුරු නිසා දැගලුවත් පසුව ඇයට අවනත වුවා සේ ඇය දෙසම බලා සිනාසුනේ හුරතල් ලෙසිනී…

අරුන්දී නැවතත් ඩිනායා සිටි බන්කුව අසලට දරුවා වඩාගෙන විත් ඔහුව ඔඩොක්කුවේ තබා ඉදගත්තේ හිසත් සිබින ගමන් ය…

මයන්තගේ මතකය අලුත් කරන්නට මෙන් ඔහු ඉතිරි කර ගිය මේ සංකේතය අරුන්දිටත් ඩිනායටත් හදවතට වේදනාවක් මෙන්ම සතුටක් ගෙනාවාට සැකනැත..

ඉතින් ඔයාගේ හස්බන්ඩ් දන්නේ නැද්ද මේ එයාගේ ළමයෙක් නෙවෙයි කියලා…

අරුන්දී ඇසුවේ ප්‍රශ්නාර්තයක් මුහුනේ මවගෙනයි..

නෑ…..එයා මේ මොකුත් දන්නේ නෑ….එයා හිතන්නේ මේ එයාගේ පුතා කියලා… මමත් ඒ රහස ඒ විදිහටම රකිනවා අරුන්දී…

එතකොට මයන්ත දැනගෙන හිටියද එයා නිසා ඔයා ප්‍රෙග්නන්ට් කියලා…

නෑ…එයා දන්නවනම් කීයටවත් මාව මග අරින එකක් නැති වෙයි….

එසේ කිව් ඩිනායා දිගු හුස්මක් හෙලුවේ සිතේ බර යම් තරමකට හෝ සැහැල්ලූනා නේදෝයි සිතමිනි..

ඉතින් ඔයා මේ හැම දේ මට කියන්න හිතුවේ…??

මට මේක මහ බරක් හිතට..ඒකයි..ඔයාටත් මයන්තගැන අයිතියක් තියෙන නිසා මම මේක ඔයාට කිව්වෙ අරුන්දී…
ඔයා අද හොද ජීවිතයක් ගෙවනවා…ඔයාගේ වෙඩින් එකත් ලගයි කියලා දැනගන්න ලැබුනා..

ඒත් එක තැනකදි අපි දෙන්නම අසරනයි නේද..??
මයන්ත ඔයාගෙයි මගෙයි දෙන්නගෙම අතීතේ..ඒත් මයන්තගේ මතකයක් මගේ ලග ඉතිරි කරලා එයා යන්නම ගියා….
මට ඕනේ මගෙන් ඔයාට උන වැරදි වලට සමාව ගන්න..එතකොට මට හිත නිදහස්…

කියමින් ඩිනායා අරුන්දී දෙස ආයාචනාත්මක බැල්මෙන් බැලුවේ දෑසේ කදුලු පුරවාගෙනයි…
පුල්වන් නම් මට එක උදව්වක් කරන්න අරුන්දී…

මොකද්ද??

පුලුවන් නම් මගේ හස්බ්න්ඩ් ට ඔයාලගේ කම්පැනි එකේ රස්සවක් අරගෙන දෙන්න..ලොකු උදව්වක් ඒක මේ වෙලාවේ හැටියට…

එයාගේ රස්සාවෙන් අපි තුන් දෙනාට ජීවත් වෙන්න අමාරුයි..මට රස්සවට යන්නත් බෑ දරුවා බලාගන්න කව්රුත්නැති නිසා…

හරි මම මොකක් හරි කරන්න බලන්නම්…

එහෙනම් මම ගිහින් එන්නම් අරුන්දී…මට ඒ උදව්ව විතරක් කරන්න….

එසේ කිව් ඩිනායා අරුන්දී දෙස මදක් බලා සිට ඉදගෙන උන් තැනින් නැගිට්ටේ දරුවාද වඩා ගන්නා ගමන් ය…
අරින්දී ඇය දෙසම බලා සිටියේ ඇය පත්ව සිටින අසරණභාවය ගැන අනුකම්පාවෙනි..

ඇයගෙන් තමාටත් මේතරම් වැරැද්දක් වෙලා තිබෙද්දිත් අරුන්දී ඩිනායා කෙරෙහි අනුකම්පා කලේ ඒ අතීතය අතීතයටම භාර දෙමිනි…

මේ මොහොතේඅයන්ත වෙනුවෙන් කල හැකිඑකම දේ ඔහුගේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කෙසේ හෝ ඩිනායාගේ සැමියාට රැකියාවක් ලබ දීමයි…

එය කෙසේ හෝ තමුන් ඉටු කරන බවට තරයේ සිතාගත් ඇය ඈතින් නොපෙනීයන ඩිනායා දෙසම බලා සුසුමක් හෙලුවේ අසරන දරු පැටියාකෙරෙහි ඇති වූ සෙනෙහස නිසමයි..

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

විහග එන්න තව විනාඩි පහලවක් පමන යනවා යැයි කිව් නිසා අරුන්දී කන්නාඩිය ඉදිරිපිට සිට තම හැඩ බලමින් සිටියේ ඔහු එනතෙක් ය…

උපතින්ම සුදු පැහැති සමකට උරුමකම් කියූ ඇයට අදින ලද කලුපාට දිග ගවුම මනාව ගැලපුනි…
එහි කර උරහිසෙන් පහලට තිබු නිසා ඇගේ නිරවරනය වූ උරහිස් ඇගේ ලස්සන තවත් ඉස්මතු කරන්නට සමත්විය…

අරුන්දී කොන්ඩය කඩා දමා පැත්තකින් එක් ඉන් කොටසක් ඉදිරියට දැමුවේ කන්නාඩියෙන්ම තමාගේ මුහුනට සිනහවක් නගාගෙන සිනා සෙමිනි..

ඒ මොහොතේ ඇයට ඇසුනේ විහගගේ කාරය ගේට්ටුවෙන් ඇතුලට ගන්න හඩයි…
ඉක්මනින් රත්තරන් පැහැයට හුරු අත්බෑගය අතටගත් ඇය මොබියිල් එකද එය තුලට දමගෙන අඩි උස සෙරප්පු දෙක කකුලේ දමා ගත්තේ පහලට යාමට සිතාය…

ඇය පහලට පඩිපෙලෙන් බසින විටත් විහග ඇය එන තුරු සාලයට වී සිටියේ සමරදිවාකර සමග කතා කරමිනි..
අරුන්දී පඩිපෙල බැහැගෙන එන හඩ ඇසී දෙදෙනාම එක වර ඇය දෙස බැලුවේ හිස හරවමින්‍ ය..

ඇය පහතට එන විට ඇගෙන් දිස් වුන සුන්දරත්වය ඉදිරියේ විහගගේ මුව ගොලු වූයේ, කලු පාට ගවුම තුලින් කැපී පෙනුන ඇගේ ලස්සන නිසා ඔහුගේ දෑස් ඇගෙන් ඉවතට ගන්නට නොසිතුන නිසායි..

දූ ලෑස්තිද….

ඔව් තාත්තී…. එහෙනම් විහග අපි යමු…
ඇය විහග ඩ්ගෙස බලා කීවේ ඔහුගේ හිත තේරුම් ගත්තාක් මෙන් සිනහවක් නගාගෙනය….

එහෙනම් අන්කල් ගිහින් එන්නම්…ටිකක් රෑ වෙයි එද්දි නම්…

හරි පුතා පරිස්සමින් ගිහින් එන්න…කොහොමත් ඔය පාටි රෑ දොලහ එක වෙනක්ල් වත් යනවනේ….

විහග සිනා සී ඉදිරිපස දොරෙන් එලියට බැස්සේ කාරයේ යතුරද ස්ටූලය උඩින් අරගෙනයි..අරුන්දීද ඔහු පිටු පසින් ගොස් කාරයට නැග්ගේ එවිටයි…

යමුද??

හා….

විහග කලු පාට අත් දිග කමිසයට කලුපාටම කලිසමක් ඇද සිටි ඇතර ඔහුගේ බ්ලේසරය කරයේ පසුපසින් එල්ලා තිබුනි…
ඉහලට ජෙල් දමා පීරා තිබූ ඔහුගේ කොන්ඩය නිසා තව තවත් ඔහුට කඩවසම් බව එක්කරන්නට සමත් විය…

දොස්තර මහත්තයාගේ ලස්සන…

ඇයි දොස්තර මහත්තයගේ නෝනාගේ ලස්සන දැකලා පිස්සු වැටිලා ඉන්නේ…
මෙහෙමම ගෙදර එක්කගෙන යනවා හිතුනොත්..

විහග ඇයදෙස බලා සිනාසී කාරය හරවාගෙන ප්‍රධාන පාරට දැම්මේ ටාජ් සමුද්‍රා හෝටලයේ හෝටලය බලා යාමටයි….

දෙදෙනාම හෝටලය අසලටඑන විටත් එහි කාර් පාර් එකේ නා නා විදි වාහන නතර කර තිබූ නිසා ඔවුන්ද වාහනය නතර කර හෝටලයේ ප්‍රදාන පිවිසුම වෙතට ගියේ අත් වැල් බැදගෙනයි…

විහග අරුන්දිගේ අතකින් අල්ලාගෙන ගියේ හිතේ නැගි ආඩම්බරයක්ද උසුලාගෙනයි…

අනේ මට ලැජ්ජයි වගේ…

ලැජ්ජ වෙන්නේ මොකටද මම ඉන්නෙවනේ බබා…

අරුන්දී විහගගේ අතේ එල්ලීගෙනම උත්සවය පැවැතවෙන ශාලාවට ඇතුලු වුනේය.

මදක් අදුරු කරන ලද ශාලාවේ බොහෝ මේස ගැහැනු පිරිමිගෙන් පිරී තිබූ අතර පසෙකින් ඩීජේ එකකින් සින්දු දමා තිබුනී..
මනරම් සංගීතයත් ශාලාවේ අදුරු බව තුලින් ඉස්මතු වුන අමුතුම සුන්දරත්වය නිසා අරුන්දිගේ සිතේ හටගෙන තිබූ ලැජ්ජව කෙමෙන් දුරුවන්නට විය…

දෙදෙනාම ශාලාවට ඇතුලු වන විට ඉදගෙන සිටි බොහෝ දෙනෙක් ඔවුන් වෙතට දෑස් යොමු කලේ තරුන යුවලගේ සුන්දරත්වය බැලීමට වගේයි..

විහග ඔහුගේ අතේ රැදී මේස අන්කය කොතනදැයි ඇස් හරවා බලන විට එක් වරම ඔහුගේ මිතුරෙක් ඔහු ඉදිරියට පැමිනියේ සිනහ මුසු මුහුනෙනි…

අම්මට සිරි විහග….අපේ ඩොකා….වෙල්කම් මචන්…

එසේ කිව් තරුනයා විහගව බදා ගත්තේ සතුටෙනි… ඒ අතර තවත් කිහිප දෙනෙක් පැමිනි අතර පාසල් මිතුරන් එකිනෙකා වැලද ගත්තේ උතුරා යන ප්‍රීතියෙනි…

ඔවුන්ගෙන් සමහරක් අරුන්දීටද අතට අත දී පිලිගත් අතර සමහරුන් සිනහවකින් සතුට ප්‍රකාශ කලේය..

යමන් යමන් ඉදගමු ගිහින්….

කියමින් විහග මිතුරන් කැටුව අදාල මේසය වෙත ගියේ අරුන්දිගේ අත අත නොහැරමයි…

අරුන්දීත් ලැජ්ජාවෙන් පුටුවේ ඉදගත්තේ බොහො දෙනෙකුගේ ඇස් වලට තමන් හසුවන බව දැනුන නිසයී.. ඒ බව දුටු විහග නම් සිතෙන් ආඩම්බර වූයේ එවන් තරුනියකගේ සැමියා වීම කෙරෙහි ඇති වු නිහතමානි සතුට නිසයි…

උබ බැන්දා කියලා ආරන්චියක් ආවා.. ..වයිෆ් නම් ලස්සනයි මචන්…

අරුන්දීට විහගගේ මිතුරෙක් එසේ කියනවා ඇසුනත් ඒ කව්දැයි හරි හැටි නෝපෙනුනි..

මෙසේ මද වේලාවක් සතුටු සාමීචියේ යෙදෙමි සිටින විට අරුන්දීට දැනුනේ ඔවුන් සිටින තැනට මේස දෙකකට පමන එහායින් ඇති මේසයක අයෙක් තමා දෙස ඉතා ඕනෑ කමකින් බලන බවක් ය….

අරුන්දීට ඔහුගේ මුහුන හරි හැටි පැහැදිලි නොවූ නිසා ඇය වඩාත් උනන්දුවෙන් ඔහුදෙස බැලුවේ මේ කව්රුන්දැයි හරි හැටි දැනගැනීමටයි..

දෙයියනේ අර එදා හම්බ උන කොල්ල නේද ඒ… විශ්ව…..

අරුන්දී දෙසම ඔහු බලා සිටි නිසා ඇය ඔහුගේ දෑසින් තම දෑස ඉවතට ගත්තේ ඒ බැල්ම තවත් ඇයට ඉවසිය නොහැකි වූ නිසායි…

මොහිතකින් ඇය දුටුවේ විශ්ව ඔහු ඉදගෙන උන් තැනින් නැගිට අරුන්දීත් විහගත් ඉදගෙන සිටින මේසය අසලට එන බවයි…

සිතට යම් අමුත්තක් දැනුන හෙයින් අරුන්දී එය නොදැක්කාක් මෙන් අනෙක් පස බලා සිටියේ ඔහු එන වග තමුන්ට නොහැගුනාක් මෙනි.

එක් වරම…..

26 කොටසෙන් හමුවෙමු😀

මොකද හිතෙන්නේ යාලුවනේ….බාල්දියක් වැටෙයි වගේ නේ???🤔🤔🤔

අරුන්දිව පාටිවලට එක්කගෙන යන්න එපා කියලා කිව්ව අයටයි කියන්නේ සොරි හොදේ එක්කගෙන යන්නම උනා මට 😂😂 කොහෙද විහගගෙන් බෙරෙන්න බෑනේ යමු කියලා…😋
😋

එහෙනම් හෙට හම්බවෙමු…

බුදුසරණයි … 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *