අරුන්දී 26 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

26 වන දිගහැරුම

💘
💘
💘
💘

හලෝ ඩොකා….උබ දැන්ද ආවේ..??

විශ්වගේ හඩින් විහග එක් වරම හැරී පිටුපස බැලුවේ ගැස්සෙමිනි..

විශ්ව උබද…..ටිකක් වෙලා බන්….. ඉදගනින්…

විහග ඇතින් තමාට පුටු දෙකක්ට එහා ඇති හිස් අසුන පෙන්වීමත් සමග විශ්ව එහි ඉද ගත්තේ අරුන්දී දෙස බලගෙනය…

කොහොමද නන්ගී….

විශ්ව අරුන්දී දෙස බලාගෙනම ඉදගන්නා විට ඇසුවේ ඇයව තවත් අපහසු තාවයට පත් කරමිනි…

අරුන්දී කට කොනකින් සිනහවකින් පමනක් පිලිතුරු දී අහක බලා ගත්තේ විශ්ව ගැන කේන්තියෙනි..

ශික් මේ විහගත් ඕනේ නැති දෙයක් නේ කලේ..
මේ යකාව මෙතන ඉදගැස්සුවා… මූ මගේ දිහා කන්න වගේනේ බලන්නේ…
ලැජ්ජාවක් නැද්ද මන්දා විහග මෙතන ඉන්න කොටත් ඔහොම සැරින් සැරේ බලන්න…
විහගටත් යාලුවෝ සෙට් උනාම මම කොහෙද කියලවත් ගානක් නැ වගෙයි…මේ වෙලාවට තමයි මට කේන්ති එන්නේ ….

ඒ අතර වේටර් වරයෙකු පැමින සිසිල් පැන් වීදුරුවක් අරුන්දී ඉදිරිපිට තැබු නිසා ඇය කල්පනාවෙන් මිදුනාය…

විහග ඉදිරියෙන්ද සිසිල් පැන් වීදුරුවක් තැබූ වෙටර් වරයා අනෙක් මේසයට යන්නට වූ අතර අරුන්දී බීම වීදුරුව ගෙන එක් උගුරක් තොල ගෑවාය…

මේ හැම මොහොතකම විශ්ව මිතුරන් සමග කතා කරන අතරතුර අරුන්දී දෙස බලන බව අරුන්දී දුටුවත් ඇය එය ගනනකට නොගෙන සිටියේ මහත් අපහසුවෙනි…

මේ අතර තුර එක් තරුණයෙක් මයික් එකක් ගෙන ශාලාව ඉදිරි පිටට ආවේ සියලු දෙනාගේම අවදානය ඔහුදෙසට හරවා ගනිමිනි…

අරුන්දීද බීම වීදුරුව අතෙහි තබාගෙන ඔහුදෙස බැලුවේ ඔහු මේ සැරසෙන්නේ කුමකටදැයි සිතෙන් සිතනා ගමන් ය..

සුභ සන්ද්‍යාවක් වේවා අද දවසේ මෙතනට පැමින සිටින මගේ දයාබර සහෝදර වරුන්ටත්…ඔවුන්ගේ ප්‍රිය බිරින්දෑ වරුන්ටත්.

ශාලාව තුල සිනහා හඩ පැතිරුනේ ඔහුගේ විහිලු කතා ස්වරූපය නිසායි..

ඔය හිනා වෙන්නේ බිරින්දෑවරු නැති කට්ටිය..හරි හරි… දැන් අපි මේ අවුරුදු පහකට පස්සේ මේ විදිහට හම්බ වෙලා නිකන් පුටු රත් කරන්න මෙතනට ආවෙ නෑනේ සහෝදර වරුනී..

ඒක නිසා සංවිදායක මඩුල්ල පොඩි පොඩි තරග වට කීපයක් ඇරේන්ජ් කරලා තියෙනවා ඔයාලා වෙනුවෙන්…
කට්ටිය කැමතිද???

ඔව්….යනුවෙන් විසිල් හඩ මැද්දේ සියලුම දෙනා කෑ ගැසුවේ අත්පොලසන් දෙමිනි…

හරි එහෙනම් මම කියන්නම් පලවෙනි තරගය මොකද්ද කියලා..

මෙහෙමයි ඔයාලට පේනවනේ මේ මේසේ අපි පෙප්සි බෝතල් දෙක ගානේ තියලා තියෙනවා..
හැබැයි මේ තරගෙට සහභාගි වෙන්න පුලුවන් විසි දෙනෙකුට විතරයි…

ස්වෙච්චාවෙන් විසි දෙනෙක් ඉදිරිපත් උනොත් හොදයි…

එසේ කිව් තරුනයා දෑස් ශාලාව පුරාවටම යොමු කලේ ඉදිරිපත් වන්නන් කව්රුන්දැයි බැලීමට මෙනි…
මොහොතකින් එකා දෙන්නා නැගිට ඉදිරියට යන්නට විය..

විහග යමුද මචන්….විශ්ව විහග දෙස බලා කීව් විට විහග අරුන්දී දෙස බැලුවේ එවිටයි…

අරුන්දී හිසෙන් සන් කර ඔහුටත් යන්නට අවශ්‍ය නම් යන ලෙස ඇගවූයෙන් විහග ඉදගෙන උන් තැනින් නැගිට්ටේ විශ්වද සමගිනි…

අරුන්දී විහගත් විශ්වත් ඉදිරියට යන දෙස බලා සිටියේ හිතට නැගුන නොකැමැත්ත සමගිනි…

මේ විශ්ව නම් මහ ඇනයක් අප්පා..විහගවත් ඇදගෙන ගිය ලස්සන…අනේ මන්දා මේ මිනිහා මොකාට එන්න හදනවද කියලා..

මේ අතර තුර අරුන්දී දුටුවේ තරගය ආරම්භ කිරීමට සූදානම් බවයි..

තරගයට අනූව සිදු කල යුත්තේ එක් බීම බෝතලයකින් බටයක ආධාරයෙන් බීම උගුරක් කටට ගෙන අනෙක් බෝතලයට බටේ ආධාරයෙන් බීම ටික නැවත බෝතලයට දැමීමයි..

ආරම්භ කිරීමට විදානය දුන් කල සියල්ලොම කඩියන් සේ බීම පුරවන්නට විය..අරුන්දීගේ ඇස් ගැටීතිබුනේ විහග දෙසටයි..

සිනා හඩවල් විසිල් හඩවල් අත්පොලසන් හඩවල් ශාලාවෙන් නොඅඩුව ඇසෙන්නට විය…

අවසානයේ එක් තරුණයෙක් තරගයෙන් ජයග්‍රහනය කලේ සියලු දෙනාගේම අත්පොලසන් නද මැද්දේය..

හරි ඊලග තරගය..මේකට නම් තමුන්ගේ ලයිෆ් පාට්නර්ට අඩගහගන්න වෙනවා….
කමක් නෑනේ සහෝදර වරුනී…එහෙනම් තමුන්ගේ ප්‍රියම්භිකාවට එන්නකියන්නකෝ මෙතනට…

අරුන්දී වට පිට බැලුවෙ මේ කුමක් සිදුවන්නේ දැයි සිතා ගත නොහැකිවයි…අනේ දෙයියනේ ..මට නම් බෑ…
මෙසේ සිතමින් අරුන්දී විහග දෙස බැලුවේ ඔරවාගන්නා ගමන් ය..

ඊටත් විශ්වගේ දෑස් වලට විටෙන් විට තමුන් හසු වන නිසා අරුන්දී දැඩි අපහසුතාවයෙන් සිටින්නට විය…

ඇය දුටුවේ විහග ඇය දෙසට එන අන්දමයි…

කමෝන් බබා….යමුකෝ…

අනේ බෑ විහග….මට බෑ….

අනේ සුදු ෆන් එකටනේ…යමු යමු…කප්ල් ඩාන්ස් නේ…

අනේ විහග…බෑ අනේ..මට ලැජ්ජයි…

මොකද මචන් නන්ගී බෑ කියනවද…?

උබ ඇයි ආවේ මෙතෙන්ට??

ඇයි බන් අපි පවුල් වෙලා නෑනේ උබලා වගේ..තනිකඩ අපිට නටන්න වෙන්නේ උඩ බලන් තමයි..

කියමින් විශ්ව සිනාසුනේ අරුන්දී දෙස බලාගෙනයි..
අරුන්දී බිම බලාගත්තේ සිතට නැගි ලැජ්ජාව නිසමයි..

කෝ කෝ යමු යමු…
විහග අරුන්දිට බල කල නිසාම අරුන්දී ඉදගෙන උන් තනින් නැගිට්ටේ සිතට උපන් අමනාපයත් සමගිනි…

තරගය වුයේ පත්තර කොලේ උඩ නටන්නයි…
කකුල පිටතට නොගෑවී නැටීමට සිදු වන අතර වැඩි වේලාවක් එලෙසින් නටන යුවල ජයග්‍රහනය ලබන බව නිවේදකයා නිවේදනය කලේය..

හරි ඔන්න එහෙනම් මියුසික් පටන්න ගන්න…
කියනවාත් සමගම අලන්කාර සන්ගීතයක් වාදනය වීම ආරම්භ වුනි…

සියලෝම තාලයට ඇග නැටවීමට පටන් ගත්තේ එක විටයි..
විහගත් අරුන්දීගේ ඉන වටා අතක් යවා පත්තර කොලේ උඩ නැටීමට පටන් ගැනුනි…

මෙලෙසින් මොහොතින් මොහොත තරග කොන්දේසියට අනූව පත්තර කොලේ ප්‍රමානය පොඩි කරන හෙයින් අරුන්දීත් විහගත් දෙදෙනා එකිනෙකාට වඩාත් ලන්ව නර්තනයෙර් යෙදෙන්නට විය..

ඒ අතරෙ කකුල් බිමට ස්පර්ශ වූ යුවල තරගයෙන් ඉවත් වූ අතර අවසනයේ ඉතුරුවූයේ අරුන්දිලා ඇතුලු තව යුවල තුනකි..

අරුන්දී විහගගේ තුරුල්ලටම වී සිටියේ ඇයට එහා මෙහා වීමටවත් ඉඩක් පත්තර පොඩි නිසා නොහැකි වු නිසයි..

බබා..ඔයා මගේ කකුල් දෙක උඩට නගින්න..

අනේ බබා.වැටෙයිද…

නැ නෑ නගින්න..නැත්තම් අපි දෙන්නම් බිම තමයි…

අරුන්දී සෙමින් විහගගේ කකුල් මත ඇගේ දෙපා දෙක තබාගත්තාය..
මේ මොහොතේ ඔවුන්ගේ හුස්ම දෙදෙනාගෙම මුහුනු වලට වැටෙන තරමට ඔවුනොවුන් ලන්ව සිටුයේය…

අරුන්දි හා විහග අසල සිටි අනෙක් යුවල තරගයෙන් ඉවත් විය…
ඉතිරිවූයේ අරුන්දිලාත් තවත් යුවලකුත් පමනි..

බබා මම ඔයාව වඩා ගන්නම්…නැත්තම් අමාරුයි මේක උඩ ඉන්න…

හ්ම්…ඔව් නැත්තම් අපිදෙන්නම වැටෙයි පත්තරෙන් එලියට…

එක් වරම විගහ අරුන්දීව ඉස්සුවේ ඇයගේ ඇග වටකර තම අත් දෙක යවමින් උඩට උස්සමිනි.
අරුන්දී විහගගේ උරහිස් වලට අත් දෙක තබා ගත්තේ සමබරතාව පවත්වාගෙන යාමටයි…

මෙලෙසින් සුලු වේලාවක් ඔවුන් සන්ගීතයට අනූව නර්තනයේ යෙදුන අතර අරුන්දීත් විහගත් ජයග්‍රහනය කරමින් අනෙක්‍ යුවල තරගයෙන් ඉවත් වන්නට සිදු විය…

සියල්ලෝගේම අත්පොලසන් මැද විහග අරුන්දීව බිම තැබුවේ අත දෙක ගසන ගමන් ය…

විහග වයිපරෙ බරද????

යකෝ පුරුදු වෙයන් දැන්ම ඉදලා වඩන් ඉදලා..

මේ ආදී ලෙස විහිලු තහලු මැද අරුන්දි බිම බලාගත්තේ ලැජ්ජාවට මෙනි…

හරිඒ තරගයත් අවසානයි සහෝදර වරුනී..
ඒකෙන් ජයග්‍රහනය කලේ අපේ ඩොකාත් එයාගේ ප්‍රියම්භිකාවත් තමයී…

සුභපැතුම් විහග….

ශාලවෙන් අත්පොලසන් නාදය නොනවත්වා ඇසෙන්නට විය…

හරි අපේ අවසාන තරගය වෙන්නේ… බැලූන් ඩාන්ස් එක..

මේකත් අපි පොඩ්ඩක් වෙනස් විදිහට කරන්න යන්නේ….
හැමදාම කරනවා වගේ නැතුව අපි හිතුවා තුන්ඩු දාලා එකම නම්බර් එක හම්බවෙන දෙන්නා බැලූන් ඩාන්ස් එක කරන්න ඕනේ…

කෝ මේකට.සහභාගි වෙන අය එන්න ඉස්සරහට…

අරුන්දී විහග සමග ඉද ගැනිමට සූදානම් වන විට විහගගේ යහලුවෙක් ඔවුන්ව නතර කලේය..

කොහෙද බන් යන්නේ…මෙච්චර ලස්සනට නටපු කපල් එක..
මේ ගේම් එක නම් කරන්නම ඕනේ.
ප්ලීස් නන්ගී මේකට ඉන්නකෝ

ඔහුගේ පෙරැත්තය මත අරුන්දීටත් එම ඉල්ලීම ප්‍රතික්ශේප කරන්නට නොහැකිවූ තැන ඇය ඊට සහභාගි වීමට තීරනය කලාය…

හරි දැන් මෙහෙමයි වැඩේ වෙන්නේ..අපි තුන්ඩු කෑලි ටිකක එක වගේ නම්බර්ස් දෙක ගානේ හිටින්න අන්ක කරලා තියෙන්නේ…

ඔයාලා නම්බර්ස් අරගෙන ඔයාගේ නම්බර් එකම තියෙන අනිත් කෙනා එක්ක තමයි ඩාන්ස් කරන්න ඕනේ..තේරුනාද??
නිවෙදකයා තරගය පැහැදිලි කලේය..

අරුන්දී විහගගේ මුහුන දෙස බැලුවේ මේ කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහැකිවයි..

අනේ විහග මට බෑ අනේ..මම යනවා….

හරි එහෙනම් ඔයා ඉදගන්න බබා ගිහින්….කමක් නැ..

අරුන්දී ඒ ඇසිල්ලේන් ඉදගැනීමට යන්නට හැරෙත්ම නිවේදකයා ඇය වෙත ආවේ මයික් එකත් අරගෙනමයි…

අයියෝ…නන්ගි ඔයා මේ ඉවෙන්ට් එකට ඉන්නම ඕනේ…විහග කියපන් බන් උබේ වයිෆ් ට…කමෝන් කමෝන්….

එසේ කියන විට අරුන්දී අක්මැත්තෙන් වුනත් ඊට සහභාගි වන්නට තීරනය කලේ ඔවුන්ගෙන් බේරුමක් නැති නිසායි…

මේඅතර විශ්ව ද ඇය දෙස විටින් විට බලන අන්දම දුටු අරුන්දී ව්හග අසලට කිට්ටු වූයේ ඔරවන ගමන් ය…

හරි ඔන්න එහෙනම් කට්ටිය මේ තුන්ඩුවලින් එකක් තොර ගන්න….

සියල්ලෝම භාජනයක දමා තිබූ තුන්ඩු කැබලි එකින් එක අතට ගත් අතර ඒවා දිග හැරියේ සිනා හඩ මැද්දේන්‍ ය…

මට පහ…කව්ද අනිත් පහ…

මම තුන…..අඩෝ මමත් තුන…

හය……කව්ද හය….මම …මම..

මේ ලෙසින් එකිනෙකා තමාගේ අන්කයට ගැල්පෙන අන්කය සෙවීමට පටන්ගත්තෝය..

විහග ඔයා කීයද??

දෙක බබා….ඔයා??

මේ……අරුන්දී විහග දෙසට කොල කැබැල්ල දික් කලේ මුහුන හකුලුවාගෙනයි..

අම්මා….හත….කව්ද දැන් හත…..බලමුකෝ…

විහග උබ කීයද???

දෙක බන්…උබ….

හරිහරි මාත් දෙක……. නන්ගී??

හත …..කව්ද බන් හත….

මම…….
තිදෙනාම හැරී බැලුවේ හඩ ආපු දිහායි…

විශ්ව උබද හත………

අරුන්දී ලොකු කරගත් දෑස් වලින් විශ්ව දෙස බලා සිටියේ කර කියාගන්නට දෙයක් නැතුවයි….

අනේ මේ මිනිහම මට සෙට් උනේ මොකටද….ශික්…මු මහ මනමාලයා…..විහග මේ මොනවත් දන්නෙත් නෑ…..අනේ දෙයියනේ දැන් මොකද කරන්නේ?…
අරුන්දී කල්පනාවෙන් මිදුනේ නිවේදකයාගේ හඩටයි…

හරි දැන් ඔක්කොටම පාට්නස්ලා හම්බ උනානේ….දැන් දෙන්නා දෙන්න හැදෙන්න එහෙනම්….

ගැහැනු පිරිමි.. පිරිමි පිරිමි…ගැහැනු ගැහැනු ආදී වශයෙන් ජෝඩු සෑදී බැලූනද අතින් ගෙන සියල්ලෝම බලා සිටියේ තරගය ආරම්භ කරනන නිවේදනය දෙන තුරුයි

විශ්ව අරුන්දී ඉදිරියේ බැලූනය අතින් ගෙන සිට ගෙන සිටියේ ඇස් පුන්චි කර ඇයදෙස බලාගෙනමයි…අරුන්දී ඒ බැල්ම ඉවසා ගත නොහැකිව සිතෙන් බනිමින් ඔහුට එරවූයේ වෙන කරන්නට කිසිවක් නොවූ නිසාමය…

විහගට හමුවී සිටියේ ඔහුගේ පාසලේම මිතුරෙකි..
ඔහු අරුන්දී සිටින ස්තානයට මදක් ඈතට වන්නට බැලූනය අතින් ගෙන යහලුවා සමග කතාවක යෙදී සිටියේය..

ඒ මොහොතේම විධානය ලැබුනි…සියල්ලෝම නලලතෙන් බැලුම් බෝලය සමබර කරගෙන තාලයට ඇග සොලවන්නට විය…

මේ අතර විශ්ව අරුන්දී දෙසම බලා හිද කතා කරන්නට විය…

නන්ගී ඔයා ලස්සනට ඩාන්ස් කරනවනේ…

අරුන්දී එය නොඇසුනාක් මෙන් කතා නොකර සිටියේ ඔහු කෙරෙහි අප්‍රසාදයෙනි…

ඇයි ලමයෝ ඔච්චර කේන්ති ගන්නේ….ඔයා ලස්සනයි….

අනේ ඇත්තමයි මේ යකාගේ හොම්බට දෙකක් අනින්න හිතෙනව මට මෙතනදිම…. ශික්….
අරුන්දී සිතෙන් සිතුවේ කේන්තියෙනි..

පොඩ්ඩක් මට ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද නන්ගී…

අරුන්දීට එවලේ නම් ඉවසුම් නැති කේන්තියක් ආවේ ඔහුගේ ඒ කතාවටයි…

ඇය හිතලම ඇගේ නලල බැලූනයෙන් අයින් කරගත්තේ එය බිමට වැටෙන්නට සලස්වායි…

අයියෝ මෙන්න මේ දෙන්නගේ බැලූන් එක වැටුන…කියමින් නිවෙදකයා කෑ ගැසීය..
විහග තවමත් මිතුරා සමග නර්තනයේ යෙදේ…
අරුන්දී එක් වරක් විහග දෙස බලා විශ්වට ඔරවන ගමන්ම ගස්සාගෙන තමා පෙරෙ ඉදගෙන උන් තැනට ගොස් ඉදගත්තේ කේන්තියෙනි…

මොහොතකින් විහගද ඇය අසලට පැමිණ ඉදගත්තේ ඔහුගේ බැලූනයද බිම වැටුන නිසයි..

අරුන්දිගේ වෙනසක් තේරුන ඔහු ඇයදෙස වඩාත් හිදින් බලා කතා කලේය..

මොකෝ බබා ඔරවගෙන..??

අරුන්දී කට කොනෙන් හිනා වුනේ මේ මොහොතේ විහග සමගත් කේන්තියක් ඇගේ හිතට ආව නිසයි…

අපෝ මොකෝ අනේ මේ…මූන එල්ලගෙන ඉන්නේ….

විහග ඇගෙ කර වටා අත දමාගෙන ඇයව තමා දෙසට ඇදගත්තේය..

මොකද මැණික.. ඔහු ඇසුවේ ඇගේ කන අසලටම මුව ලන් කරමිනි…

මොකුත් නෑ බබා..අපි ඉක්මනට යමු…

හරි හරි ඩිනර් අරගත්ත ගමන් ම අපි යමු…කෝ දැන් හිනා වෙන්න…
මම දන්නවා හොර කෙල්ල තරහ වෙලා.ඉන්නේ ඇයි කියලා…

ඇයි???
අරුන්දී පුදුමයෙන් විහග දෙස බැලුවේ ඔහු විශ්වගේ හැසිරීම තේරුම් ගතාදැයි සැකයෙනි..

මම ඔයාව බලෙන් අතනට එකගෙන ගිය නිසානේ…. අනික මම නැටුවෙත් වෙන කෙනෙක් එක්ක නිසානේ…

ඔහු සිනහ වෙමින් ඇය දෙසම බලාගෙන කීවේය…

හරි හරි ආයේ මම ඔයාව දාලා යන්නේ නෑ…කෝ දැන් මූඩ් ෆික්ස් කරගන්න….

මොකෝ දෙන්නා මෙතන ලව් කරනවද??

විශ්වගේ හඩින් අරුන්දී ගැස්සී ගියේ මේ මොහොතේ ඔහු එතනට පැමිනේවියැයි ඇය නොසිතූ නිසයි…

ඔය ඉතින් උබේ කට තමයි කට…

විහග එසේ කියමින් මේසය උඩ තිබූ වතුර වීදුරුවෙන් ටිකක් තොල ගෑවේය..
අනතුරුව රාත්‍රී ආහාරයද ඔවුන් ගත් අතර අරුන්දී වැඩි කතා බහකින් තොරවම ආහාර ගත්තේ විශ්ව හැම මොහොතකම ඔවුන් අසලම රැදෙන්නට උත්සහ ගැනීම නිසා හටගත් කෝපයෙනි…

විහගටත් තේරෙන්නේ නෑනේ මේ මිනිහා වදයක් කියලා..
එක අතකට එයාගේ යාලුවා නිසා එයාට එහෙම හිතෙන්නේ නැතුව ඇති…

මොනවා කරන්නද යන ගමන් වත් කියනවා මේක මට කියපු දේවල්…
අරුන්දී එසේ සිතමින් සිටියේ සිතේ හටගත් නොසන්සුන් කම නිසාමයි..

විහග මම පොඩ්ඩක් වොශ් රූම් එකට ගිහින් එන්නම්…..

හරි බබා..මම එන්නද….??

එපා කමක් නෑ මට යන්න පුලුවන්….

කියමින් අරුන්දී මේසයෙන් නැගිට ශාලාවෙන් පිටතට පැමින ඉදිරියේ ඇති කොරිඩෝව දිගේ වොශි රූම් එක තිබෙන දෙසට යන්නට විය..

ඇය නැවතත් එන්නට එලියට පැමින කොරීඩෝවට පිවිසෙත්ම ඈ දුටුවේ ඉදිරියෙන් තිබෙන පඩිපෙල අසල විශ්ව රැදී සිටින අන්දමයි..

අයියෝ අර මිනිහා මෙතනටත් ඇවිත්..මොන කරදරයක්ද මන්දා…එදා ෆිල්ම් එක බලන්න ගිය දවසෙම මට තේරුනා මූ හොදකට නෙවෙයි එන්නේ කියලා…
දැන් මොකද කරන්නේ…වෙන පාරකුත් නෑ හෝල් එකට යන්න…මූ ඉස්සරහින් මයි නේ යන්න වෙන්නෙ…

අරුන්දී අපහසුවෙන් කකුල් අද්දමින් බිම බලාගෙනම ඉදිරියට ආවාය.. විශ්ව ඇය එන බව දැක ඇය දෙසම බලා සිටියේ මුවෙහි නගා ගත් සිනහවක් සමගිනි…

අරුන්දීට කකුල් දෙක පැටලෙන්නට මෙන් වූයේ සිතේ නැගි චකිතය නිසාමයි..

විශ්ව සිටින තැනට ලන් වෙත්ම ඇගේ හදවතේ වෙගය වැඩි වුනේ ඇගේ කන් දෙකටම එහි හඩ ඇසෙන්නට වීමත් සමගයි…
අරුන්දි විශ්ව පසු කරත්ම විහග කතා කලේය…

නන්ගි……

ඒ හඩ ඇසෙත්ම අරුන්දිගේ ඉවසීමේ සීමාව ඉක්මවූයේ ඉවසා සිටි කේන්තිය පාලනය කරගත නොහැකිවයි..

ප්ලීස් ඇයි මෙහෙම කරදර කරන්නේ…මම ඔයාට මේ හොදින් කියන්නේ…පස්සෙන් එන්න එපා…
අරුන්දී ඔහු දෙස එක එල්ලේ බලා කියා නැවත හැරුනේ එතනින් පිටත්ව යාමටයි…

ඔහොම ඉන්න….
විශ්ව එක් වරම ඇගේ අතකින් අල්ලා ගත්තේ අරුන්දී තවත් අපහසුවට පත් කරන්නට මෙනි..

මේ මිනිහා මොකාටද මේ එන්න හදන්නේ සිතමින් ..ඇය ඔහු ඇගේ අතින් අල්ලා සිටින තැන බැලුවේ පිලිකුලෙන් මෙනි..

එක් වරම ඇය අත ගස්සා ඔහුගෙන් මිදීමට උත්සහකලත් ඉන් පලක් නොවීය..ඔහූ ඒ තරමට තදින් ඇගේ අත අල්ලාගෙන ඇය දෙම බලා සිටියේ සිනහ වෙමිනි…

අත අරිනවා මගේ අත….ප්ලීස්…මොන හයියක්ද ඔයාට මගේ අත අල්ලන්න…
මම විහගට කියනවා තමුසේ මෙහෙම කරදර කරනවා කියලා…

එහෙමද…නන්ගී…..ඔයාගේ ඔය ලස්සන මූනට කේන්තිය ගැලපෙන්නේ නෑ සුදූ…

මේ කරුනාකරලා මගේ අත අතාරිනවා.මම කෑ ගහනවා නැත්තම්….
ඇය ඔහුගෙන් මිදීමට කොතෙක් උත්සහ දැරුවද එය පලක් නොවීය…
එක් වරම විශ්ව තම කලිසන් සාක්කුවෙන් එලියට ගත්තේ ඔහුගේ දුරකතනයයි…

කෑ ගහනවද නැද්ද කියලා මේක බලලා තීරනය කරන්න….

එසේ කිව් ඔහු එහි පටිගත කරන ලද වීඩියෝවක් ඇය වෙත හරවා පෙන්නන්නට විය….

අරුන්දී ඔරවාගත් මුහුනින් ම ඒ දෙස බැලුවේ නිකමටයි…

මුල් හරිය එතරම් පැහැදිලි නොවුනත් ක්‍රමයෙන් ඒ වීඩොයෝව පැහැදිලි වූයෙන් අරුන්දී ඒ දෙස උවමනාවෙන් බැලුවේ කුතුහලයක් සිතට නැගුන නිසායි..
මදකින් ඇගේ ඇස් දෙකම විශාල වූයේ එහි ඇගේ රුව දුටු විටයි….

දෙයියනේ මේ එදා විහගයි මමයි ෆිල්ම් එක බලපු දවසේ ගත්ත එකක් නේද??..මොකක් මේ මිනිහා අපි දෙන්නව විඩීයෝ කරලා..අනේ දෙයියනේ ..ඒකෙත් මාව තමයි හොදටම පේන්නේ…විහගගේ පිටිපස්ස පැත්ත විතරයි පෙන්නේ..ඒත් මාව…දෙයියනේ මාව හොදටම පේනවනේ….

අරුන්දිගේ සියොලගම දහඩියෙන් නැහැවුනේ වීඩියෝව දුටු විට ඇතිවුන තැති ගැන්ම නිසයි…

එහි තිබුනේ ඇයත් විහගත් සිප වැලදගන්නා දර්ශනයකි..
එහිත් ඇගේ මුහුන හොද හැටිම දර්ශනය වන අතර විහගගේ හිස පිටුපස පමනක් පෙනෙනු ඇත..
දකින අයෙකුට පහසුවෙන්ම මේ ඉන්නේ අරුන්දී බව පැහැදිලි වේ..

මෙතරම් අදුරෙ වුවත් වීඩියෝව පැහැදිලිව පෙනෙන්නේ එය පටිගත කර ඇත්තේ නයිට් විශන් ඔන් කිරිමෙන් බව අරුන්දීට වැටහුනි…

ඇය එක් වරම තම අත ගස්සා ඔහුගේ අතින් මුදවා ගත්තේ කේන්තියත් බියත් යන හැගීම දෙකම නිසායි…

විශ්ව තවමත් ඇය දෙස බලා සිටින්නේ සමච්චලයට මෙන් සිනා සෙමිනි…

මොකද කියන්නේ ඔයා..පොඩ්ඩක් මගේ එක්ක කතා කරන්න කැමතී නේද දැන් ??

තමුසේ… තමුසේ හිතුවද මාව බ්ලැක් මේලි කරන්න…තමුසෙගේ රෙදි ගැලවෙන්න මම මේ හැම දේම කියනවා …

කියන්න..හැබැයි එතකොට රෙදි ගැලවෙන්නේ මගේ නෙවේ….ඔයාගෙනේ..බබෝ…..

අරුන්දීට එවලෙයි ඔහු කිව් දේ බරපතල කම තේරුනේ..
කේන්තියට ඇයඑසේ කෑ ගැසුවාට ඇත්තෙන්ම මේ පිලිබදව හෙලි කලොත් ඇගේ ආත්මගරුත්වෙට හානියක් වනවා නොඅනුමානයි…

ඇයි මෙහෙම කරදර කරන්නේ…මොනවද තමුසෙට ඕනේ…..ප්ලීස් ඕක ඩිලිට් කරන්න…ප්ලීස්…
ඇය කීවේ ඇස් දෙකේම කදුලු පුරවාගෙනයි..

ඩිලිට් කරන්නම් හැබැයි මම කියන දේට ඔයා කැමතිවෙන්න ඕනේ….

කියමින් විශ්ව ඇයව තමා දෙසට ඇද ගත්තේ ඇයගේ ඉන වටා අත යවන ගමන්‍ ය..

නොසිතු මොහොතක ඔහු මෙලෙසින් අරුන්දීව ඔහුවෙතට ඇද ගත් නිසා සමබරතාව ගිලිහී අරුන්දී ඔහුගේ ඇගටම වැටෙන්නට ගියේ ඒ මොහොතේදිය…

විශ්ව එක්වරම ඇයව අල්ලා ගත්තේ ඇයව වැටෙන්නට නොදී ඇගේ මුහුන දෙසම බලාගෙනයි…

අරුන්දීත් ඇයටත් නොදැනීම ඔහුගේ ඇගේ එල්ලුනේ අනපේක්ශිතව ඇය වැටීමට ගිය නිසායි…

අරුන්දී………

විහගගේ කට හඩින් තිගැස්සී ගිය ඈ ඉදිරිය බැලුවේ එවිටයි…

වි…විහග්…ග…..😱😱

27 කොටසෙන් හමුවෙමු….

අනේ මට බනින්න නම් එපෝ…😱😱

මේ කොටස මග ඇරලා යන්නම හිතුනේ නෑ අප්පා…😂😂

තරහා නෑනේ කට්ටිය..😘😘

හෙට බලමු මොකද වෙන්නේ කියලා…
ඔයාලා මොකද හිතන්නේ වලියක් වත් යයි ද.ලමයි…??💪💪

හෙට හම්බවෙමු එහෙනම්..ආදරෙයි….
බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *