අරුන්දී 28 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

28වන දිගහැරුම

💘
💘
💘
💘

මුලු රෑ පුරාම නින්දත් නොනින්දත් අතර සිටි අරුන්දී පහුවදා උදෙන්ම නැගිට්ටේ කිසි සේත්ම නිදාගැනීමට තරම් මානසිකත්වයක් ඈ තුල නොවූ නිසයී…

ඇය ඇදේ සිටම ඉහලින් සිවිලිමේ කැරකෙන විදුලි පන්කාව දෙස බලාගෙන සිටියේ ගින්නක් මැද සිටිනවා සේ දැවි දැවිය..

අද මොකකින් මොකක් වෙයිද…. දෙකට අර මිනිහා එන්න කිව්වේ…
ගියේ නැත්තම් ඒ මිනිහා අර වීඩියෝ එක ඉන්ටනෙට් දායි…
මොන මල කරදරයක් කඩා පාත් උනාද දෙයියනේ මට….

අරුන්දී පොරවාගෙන සිටි පොරොනය ඉවත් කර ඇදෙන් බැසීමට ඉදගත්තේ ඇග ඇතුලම හිරිවැටෙන අන්දමේ හැගීමක් සමගිනි…

ඇය අත් දෙක ඇදේ තබාගෙන බිම බලාගෙන කල්පනා කලේ අද දිනයේ සිදුවීමට නියමිත දේ ගැනයි….

ලොකු බේබි….

ඇය තිගැස්සී ගියේ සීතම්මාගේ කටහඩිනි….

අරුන්දී හිස හරවා සීතම්මා දෙස බැලුවේ ඒ මොහොතෙයි…

ඇගේ දැස් දෙකම කදුලින් තෙත්ව ඇති බව දුටු සීතම්මා තේකත් අතැතිව ඈ අසලට ආවේ ප්‍රශ්නාර්ථයක් මුහුනේ මවාගෙනයි..

ඇයි බේබී…අසනීපයක් ද??

නෑ සීතම්මේ….එහෙම දෙයක් නෑ…

එහෙනම් මේ ඇස් වල කදුලු….?

නෑ…නපුරු හීනයක් දැක්කා..බලද්දී මම හීනෙනුත් අඩලා…එක පාරට නැගිට්ටුනේ..තවමත් හිත බයයි සීතම්මේ….

ඇය වචන ගැට ගැසුවේ හෙමින් හෙමිනි…
වෙන කීමට දෙයක් ඇයට මේ මොහොතේ සිතට නොනැගුනි….

ඒකනේ බේබී කියන්නේ හොදට පන්සිල් අරගෙන නිදන්න කියලා…ආයේ නිදනකොට බුදුගුන සිහි කරලා නිදියන්න…

මේ තේක….

තියල යන්න සීතම්මේ….

අරුන්දී සීතමාට වැඩිය මුහුන නොදී වෙනතක් බලාගෙනම කීවේ තවත් ඇයට කතා කිරීමට තරම් මානසිකත්වයක් නොවූ නිසයි..

සීතම්මා කාමරෙන් පිටව ගිය පසු ඇය සෙමින් ඇදෙන් නැගිට්ටේ මේසය උඩ ඇති තේ කෝප්පය අතට ගැනීමටයි..

එහෙත් කිසි දෙයක් බීමට තරම් පිරියක් ඈ තුල නොවීය…
බඩ ඇතුලින් ගින්දරක් නැගෙන්නා සේ හැගීමක් ඇයව දවාලන්නට විය…

ඇය අතට ගත් තේ කෝප්පය නාන කාමරයට ගෙන ගොස් සින්ක් එකට හැලුවේ ඇස් දෙකෙන් කදුලු වැටෙන ගමන් ය…

වෙනදා මෙන් සුපුරුදු ලෙස උදෙන්ම නා ගන්න ඇයට අද එලෙසින් නෑමට තියා සිටගෙන සිටීමටවත් හිතක් නොමැති විය..

මොන දේ කිරීමට ගියත් හවස දෙක මතක වන විට ඇය කොහෙන්දෝ නැති බියකින් සලිත වන්නීය..

ඇදන් සිටි නයිට් ගවුම උරිස් දෙකෙන් පන්නා ඇය වතුර මල යට සිටගත්තේ දෑස් දෙක පියාගෙනයි..

ඇග හරහා සීතල වතුර බින්දු ගලා ගියත් ඇගේ සිත තුල බුර බුරා නැගෙන ගින්දර මූලු ගතම වෙලාගෙන සිටිය නිසා වතුරේ සීතල ඇයට නොදැනුන තරම් ය…

පැයක් පමණ ඔහේ වතුර මල යටට වී සිටි ඇය තුවායක් ගත දවටාගෙන නාන කාමරෙන් එලියට එන විට විභාශා ඇයගේ ඇදේ ඉදගෙන සිටියේ ඇය දුරකතනය ඔබමිනි…

මෙය දුටු අරුන්දී ඉක්මනින් ගොස් විභාශාගෙන් දුරකතනය උදුරා ගත්තේ බියපත් වූ දෑසිනි…

මොනවද හලෝ..ඕක මම ගිලින්නේ නෑ…

විභාශා කිවේ අමනාපයෙනි…

න්..නෑ..පොඩ්ඩි….අයියා කතා කරනවා කිව්වා..ඒකයි ඉක්මනට ෆෝන් එක ගත්තේ…

ඉතින් මස්සිනා එක්ක මම කතා කලාම මොකෝ…පිස්සු ඔයාට නම්….

අරුන්දී කිසිවක් නොකියා මොබියිල් එක සයිලන්ට් මූඩ් දැම්මේ යම් මොහොතක විශ්ව කතා කලොත් එය විභාශාත් දැනගන්නා නිසයි..

මේ අන්න අම්මලා හොටෙල් බලන්න දවසක් දාගෙන…

අරුන්දී එක් වරම හිස හරවා විභාශා දෙස බැලුවේ පුදුමයෙනි..

මොකෝ බය වෙලා…ඔයාලගේ වෙඩ්න් එකට තමයි මැට්ටී…තව මාස හතරයි නේ…අද හෙටම තැනක් බුක් කරන්න වෙයි කියලා අම්මල කියනවා ඇහුනා….

විභාශා ඔහේ කියෙව්වත් අරුන්දී ඒ කිසිවකටත් පිලිතුරු නොදුන්නේ සිතේ ඊට වඩා වද දෙන ප්‍රශ්නයක් තිබූ හෙයිනි..

අක්කි මොකෝ කට වැහිලා…

ආ…නෑ ..මම එන්නම් ඇදුමක් දාගෙන ඔයා යන්න පොඩ්ඩි…

හරි හරි…එහෙනම් පහලට එන්න.

විභාශා පිටව යන දෙස අරුන්දී බලා සිටියේ උනු කදූලු වැල් දෑසට නැගෙන විටයි…

අනේ දෙයියනේ මෙයාලා දන්නවනම් මම ඉන්න ප්‍රශ්නේ…..

අතේ රැදි ගවුම එසේම තබාගෙන ඇය ඇදෙන් ඉදගත්තේ මේ හැමදේම ඇයට පීඩාවක්ම ගෙන දුන් නිසයී…
දිගු හුස්මක් හෙලමින් අරුන්දී ජනේලයෙන් ඈත බලාගෙන බොහෝ වේලා කල්පනා කලේ අද දවසේ ඇයට මුහුන දීමට සිදුවන අවාසනාවන්ත සිදුවීම මතක් කරමින් විදවමින්‍ ය..

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

අරුන්දී කුලී රථයකින් කැසමරා හෝටලය අසලින් බසින විටත් විශ්ව එහි ලොබී එකේ ඉදගෙන සිටියේ කකුලක් පිට කකුලක් දමාගෙනයි…

ඔහු අරුන්දී කුලී රථයෙන් බසින විටම ඉදිරියට පැමිනියේ සිනහවක් මුවෙහි රදවාගෙනයි…

ඇය ඔහු දෙස බලා නොසන්සුන් තාවයෙන් වට පිට බැලුවේ තමා මෙහි ආ බව කාගේ හෝ ඇසකට හසු වෙතී යන බියෙනි…

හොද ළමයා..මම දැනගෙන හිටියා ඔයා එයි කියලා…
විශ්ව එසේ කියමින් ඇය අසලට විත් සෙමින් කීවේ කාටත් නොඇසෙන ලෙසිනි..

අරුන්දී ඔහුට ඔරවා අහක බලගත්තේ ඔහු ගැන ඒ තරමටම පිලිකුලක් සිතේ හට ගෙන තිබූ නිසාය..

යමු…

ඔහු එසේ කියමින් ඉස්සර වූ අතර අරුන්දී ඔහු පසු පසින් ගමන් කලේ ගැහෙන හදවතිනි…
ඔහු කෙලින්ම ගියේ රිසෙප්ශන් එක ලගටයි අරුන්දී මදක් වන්නට ඈතින් සිට බලා සිටියේ ඊලගට කුමක් වන්නට යන්නේදැයි කුතුහලයෙනි…

මට රූම් එකේ යතුර දෙන්න…

ඔහු එසේ කියනවා ඇසෙත්ම අරුන්දිගේ හදවත ගැහෙන හඩ ඇයටම ඇසෙන තරමට පපුවේ ගැස්ම වැඩි වුනි…

අනේ දෙවියනේ මාව බේරගන්න…
ඇය සිතෙන් කන්නලව් කලාය..

විශ්ව කාමරේ යතුරද තව කාඩ් පතක්ද අතින් ගෙන අරුන්දී දෙසට හැරුනේ කට කොනෙන් සිනහවක්ද නගාගෙනයි…

ඔහු හිසෙන් සන් කලේ තමා පසු පස එන ලෙස ඇගවීමටයි..
අරුන්දීද ඔහු පසු පසින් යන්නට වූයේ ජීවිතේ මෙතෙක් ඇය විදී අසීරුතම අවස්තාව මෙය බව පසක් කරගනිමිනි..

විශ්ව කොරිඩොවක් දිගේ ගොස් වසා තිබූ කාමරයක් ඉදිරිපිට සිටගත්තේ අරුන්දී දෙස බලනගමන් ය… එහි කාමර අංක 58 ලෙසින් දොරේ සටහන් කර තිබුනි….

විශ්ව තම අතේ රැදි කාඩ් එක දොරේ පසෙකින් තිබෙන තීරුවක් වැනි කොටසට දමා දොරේ අගුල කැරකවූ විට දොර ඇරුනි..

ඔහු අරුන්දී දෙසට හැරි තම අත කාමරය දෙසට දික් කලේ ඇයට ඇතුලු වන්නට යැයි කියන්නට මෙන් වූ නිසා අරුන්දී ඔහුදෙසම බලා සිටියේ කදුලු දෑසෙන් වැටෙන විටයි…

පිස්සුද ළමයෝ අඩන්නේ මෙතන.
කව්රුත් දැක්කොත් ලැජ්ජාවේ බෑ… එන්න…

ඔහු කාමරයට ඇතුලු වී එහි විදුලි බුබුළු දැල්වීය…

මනාව පිලිවෙලකට එලන ලද ඇදේ සුදු පාට ඇද ඇතිරිල්ලක් දමා තිබුනි…විදුලි බුබුළු වලින් නික්මුන මද ආලෝකය කාමරයට අමුතුම ලස්සනක් එක් කර තිබුනි…
කාමරය තුලින් ආ ඉමිහිරි එයා ෆ්‍රෙශ්නර් සුවද සිතත් ගත්ත පිනවීමට සමත් ය..

එහෙත් මේ කිසිවක් අරුන්දීට සුවයක් ගෙන ආවේනම් නැත..
අරුන්දී කකුලක් ඔසවා කකුලක් ගැනීමට නොහැකිව වාගේ ගල් ගැසී එලෙසින්ම කාමරයදෙස බලා සිටින විට විශ්ව නැවතත් දොර අසලට විත් ඇය දෙස බැලුවේ වට පිට බලන ගමන් ය..

එන්න ළමයෝ..ඔතන හිටගෙන ඉන්නද ආවේ…

අරුන්දී අපහසුවෙන් මෙන් තම දෙපා ඔසවා කාමරය තුලට ආවත් සමගම විශ්ව දොර වසා ලොක් කර අතේ රැදි කාඩ් එක අසල ස්ටූලය මත තැබුවේ ජයග්‍රාහී ලෙසිනි..

මොකද කෙල්ල බය වෙලා… ඉදගන්න….

කියමින් ඔහු ඇදේ කොනකින් වාඩිවුනේ AC එකද ඔන් කරනගමන් ය…

එක්වරම අරුන්දී වාවාගෙන උන් ඇඩුම පිටතට පැන්නේ තව මොහොතකින් ඇයට මොන ආකාරයේ දේකට මුහුන දීමට සිදුවන්නේ දැයි සිතට නැගුන බිය නිසයි..
ඇය දෑතින්ම මුහුන වසාගෙන අඩන්නට පටන් ගත්තේ පොඩි දරුවෙක් මෙනි..

විශ්ව ඉදගෙන උන් තැනින් නැගිට ඇය අසලට පැමින ඇගේ උරහිසකට අතක් තබනවාත් සමගම ඇය ඔහුගේ අත ගසා දැමුවේ කේන්තියෙනි…

තමුසේ මහ ජරා මිනිහෙක් ….ප්ලීස් අර වීඩියෝ එක ඩිලිට් කරන්න… අනේ ප්ලීස් මම වදින්නම් ඒක ඩිලිට් කරන්න.

ඇය එසේ කියමින් අසල තිබූ පුටුවේ ඉදගත්තේ දෑතින්ම මුහුන වසා අඩන ගමන් ය..

හරි හරි පැටියෝ..මම ඒක ඩිලිට් කරනවා…හැබැයි ඔයා මගේ එක්ක ඉන්න කැමතිනම් විතරයි…

ඇය හිස ඔසවා බැලුවේ දෑසින් ගිනිපුපුරු පිටවන තරම් කේන්තියකිනි…

ඔහොම බලන්න එපා සුදූ..ඔය ලස්සන මූනට ඔය බැල්ම ගැලපෙන්නේ නැ…
අර වීඩියෝ එකේ තියෙන විදිහට රොමෑන්ටින් විදිහට බලන්නකෝ…එහෙමනේ අපිත් ආසා..

අනේ අයියේ මම හොදින් මේ කියන්නේ..ප්ලීස් ඔය ක්ලිප් එක ඩිලිට් කරන්න..මට කරදර කරන්න එපා..
මම මෙහෙම ගමනක් ආවේ මේ දේවල් මට කාටවත් කියන්න විදිහක් නැති නිසා.නැත්තම් කෙල්ලෙක් එන ගමනක් නෙවෙයි මේක…
ප්ලීස් මට පාඩුවේ ඉන්න දෙන්න….ඕක ඩිලිට් කරන්න…

මම කිව්වනේ නන්ගී..ඔයා මගේ එක්ක ඉන්න කැමති නම් විතරක් මම මේක ඩිලිට් කරන්නම්.. ඔයා ලස්සනයි කෙල්ලෙ…ඔය ලස්සන මාව පිස්සු වට්ටලා තියෙන්නේ…
එසේ කියමින් ඔහු ඇය ඉදිරියේ කකුල්දෙකට බර දී ඉදගත්තේ මොබියිල් එකද අතේ අතැතිවයි…

කැමතිද??

ඇගේ නිකට අසලින් ඔසවා ඔහු ඇසුවේ අගේ ඇස් දෙසම බලාගෙනය…
අරුන්දී තව තවත් ඉකි ගසා ඇඩුවේ මේ මොහොතේ ඇයට කිසිදු පිලිසරනක් නොවූ බව වටහාගෙන මෙනි…

ඇගේ නිහඩබව පිලිතුරක් ලෙස භාරගත් ඔහුසෙමින් ඇයව පුටුවෙන් නැගිට්ටවූයේ ඇය කෙරෙහි සිතේ ඇතිවූ පහත් ආශාවන් ඉවසාගත නොහැකි නිසාවෙනි..

ඇය ඔහුට අවනත වූයේ වෙන කිසිවක් මේ මොහොතේ ඇයට කිරීමට නොහැකි නිසාවෙන් බව පසක් කරගත් හෙයිනි..

සෙමින් ඇයව ඇදෙන් ඉද ගැස්සු ඔහු ඇය දෙස බලා ගෙනම තමා ඇද සිටි කමිසයේ බොත්තම් එකින් එක ගලවන්නට වූ අතර එය දුටු අරුන්දී නොදැනුවත්ම ඇස් වල කදුලු පුරවාගත්තේ තව මොහොතකින් ඇයට සිදුවන අවාසනාවන්ත ඉරණම ගැන සිතාය..

බොත්තම් සේරම් ගලවා කමිසය පැත්තකින් තැබූ ඔහු සෙමින් ඇය දෙසට විත් ඇයගේ මුහුන අසලට ඔහුගේ මුහුන ගෙන ආවේ ඇගේ මුහුනට ඔහුගෙ හුස්ම වැල් වැටෙන තරමටම ලං වීගෙනය…

ඔහු තම දබර ඇගිල්ලෙන් අරුන්දිගේ මුහුනට වැටුන කෙස් රොදක් ඉවත්කරන ගමන් ඇයදෙස බලාගෙනම කතාකරන්නට විය…

ඔයා ලස්සනයි..නන්ගී……

ඇය පිලිකුලෙන් මෙන් ඔහු දෙස බැලුවේ සිතේ උපන් තරහාත් කෝපත් නිසායි..

එසේ කියමින් ඔහු ඇගේ මුහුනට එබෙන්නට සැරසෙත්ම කාමරයේ දොරට කව්රුන් හෝ තට්ටු කරන හඩ ඇසුනෙන් දෙදෙනාම දොරදෙස බැලුවේ එක විටයි..

ශිට් කව්ද මේ වෙලාවේ…

එසේ තමාටම කියාගනිමින් විශ්ව බිම වැටී තිබුන කමිසය ඇග ලා ගනිමින් බොත්තම් දෙකක් තුනක් පියවමින් දොර වෙත ගියේ ප්‍රශ්නාර්ථයක් මුහුනේ මවාගෙනය…

සර් රූම් සර්විස්…

දොරෙන් පිටත සිට පුද්ගලයෙක් කියන හඩ දෙදෙනාටම හොදින් ඇසුනි..
විශ්ව දොර අගුල කරකවා දොර ඇරියේ ඒ මොහිතේදියි…
ඔහු දොර ඇර එය ඇරගත් පරිදිම එලිය බලා සිටියේ වික්ශිප්ත වූ දෑසින් බව දුටු අරුන්දී ඉදගෙන උන් තැනින් නැගිට්ටුනාය..

විශ්ව කලබල කරන්න හදන්න එපා..you are under arrest …

පොලිස් නිලධාරින් කීප දෙනෙක් ඔහු වට කරගත් අතර ඉන් එක් අයෙක් විශ්වගේ දැතට මාන්චු දමන්ට විය…
ඒ මොහොතේම කාමරයට ඇතුලු වුනේ විහග යි…
ඔහුව දුටු පමනින්ම අරුන්දී දුවගෙන ගොස් ඔහුගේ ඇගේ එල්ලුනේ මහා හඩින් අඩන ගමන් ය…

මගේ මැණික…දැන් ඔක්කොම හරි…බය නැතුව ඉන්න….
ඔහු එසේ කියමින් අරුන්දිගේ හිස අතගෑවේ ඇගේ හිස සිබින ගමන් ය…

මම ඔයාට මොකුත්ම වෙන්න දෙන්නේ නෑ කියලා පොරොන්දු උනා මතකනේ….දැන් ඔක්කොම හරි….

ඒත් සමගම තවත් පොලිස් නිලදාරියෙක් විශ්වගේ ජන්ගම දුරකතනය ඔහු සන්තක කරගත් අතර මේ කිසිවක් හිතාගන්නට නොහැකිව විශ්ව වික්ශිප්තව පිරිස දෙස බලා සිටියේ පුදුමයෙනි…

තෑන්ක්ස් මිසිස් අරුන්දී… ඔයා මේ දේට බය නැතුව ඉදිරිපත් උන නිසා අපිට මෙයාව අල්ල ගන්න ලේසි උනා..

මිසිස් අරුන්දිව විතරක් නෙවෙයි මෙයා තව ගෑනු කට්ටිය කීප දෙනෙක්ම බ්ලැක් මේල් කරලා තියෙනවා මීට කලිනුත් මේ විදිහට..

විශ්ව ව අත් අඩන්ගුවට ගත් පොලිස් නිලදාරියා විහගත් අරුන්දීත් දෙස බලා කීවේ සිනාමුසු මුහුනෙනි..

මිස්ටර් විහග ගොඩක් ස්තුති මේ හැම දෙයක්ම අපි එක්ක එක්තුවෙලා ප්ලෑන් කරලා මිනිහව අල්ලගන්න උදව් කලාට…

පොලිස් නිලදාරීයා එසේ කියන විට විශ්ව කෝපයෙන් අරුන්දීත් විහගත් දෙස බැලුවේ ගිනි පිටවෙන දෑසිනි…

විහග සෙමින් ඔහු අසලට පැමින ඔහුගේ මුහුන දෙස මද වෙලාවක් බලා සිටියේ අනිත් සෑම දෙනාම ඔවුන් දෙස බලා සිටින අතරමයි…

විශ්ව මම කීයටවත් හිතුවේ නෑ උබ මෙහෙම ජරා වැඩ කරන එකෙක් කියලා…
ශික් ලැජ්ජයි උබ මගේ යාලුවෙක් කියන්නත්..
උබ හිතුවේ අරුන්දී උබේ ඔය වීඩියෝ එකට බයේ උබ කියන ඕනෙම විදිහකට නටයි කියලද…
ලැජ්ජයි මිනිහෝ….
උබලා වගේ උන් පිරිමි නෙවෙයි…

විහග එසේ කීවේ කෝපයත් වේදනාවත් සමගිනි…
මිස්ටර් විහග අපි මිනිහා ගැන බලා ගන්නම්.
යමු…

කියමින් පොලිස් නිලදාරීන් කිහිප දෙනා විශ්වත් කැටුව හෝටලයෙන් පිටවන්නට කොරිඩෝව දිගේ ඉදිරියට යන අන්දම අරුන්දී විහගට තුරුලු වී බලා සිටියේ සැනසුම් සුසුමක් හෙලමිනි…

විශ්ව ව මෙලෙසින් පොලිස් දැලට කොටු කරගන්නට විහග සමග එක්ව සැලසුම් කල අන්දම ඇයට නිරායාසෙන්ම මතකයට ගලා ආවේ මාන්චු දමාගෙන අත් අඩන්ගුවට පත්ව ඉදිරියට යන ඔහු දකින විටයි..

ඒ මතකය මෙසේයි……😀😀😀😀

කියන්න බබා..මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ??

විහග රෝහලෙන් පිටවී කෙලින්ම ආවේ අරුන්දීගේ නිවසටයි…ඇයගේ මෙම වෙනස් වීම ඔහුට කිසි සේත් දරාගත නොහැකි නිසා විහග ඉක්මනින්ම රොහලෙන් පිටවූයේ ඒ නිසයි

.ඔහු ඇගේ නිවසට යන විටත් අරුන්දී මිදුලේ තිබෙන ගල් බන්කුව මත ඉදගෙන කල්පනා කරමින් සිටියාය..කොතරම් කල්පනාවෙ ගිලීසිටියාද කියතොත් විහග ඈ ලගටම එන තුරු ඇයට ගානක් වත් නොතිබුනි..

බබා…

ඇය තිගැස්සී ගියේ විහගගේ හඩටයි…
ඔහු දකිත්ම ඇගේ දෙනෙත නැවතත් කදුලින් පිරී ගියේ ඒ රැකවරනය හැමදාම ඇයට තිබෙන බව දැනුන නිසයි…

මොකෝ මේ…
ඔහු ඉදගනිමින් ඇයගේ කර හරහට අතක් දමන ගමන් ඇසුවේය…එහෙත් ඇය කතා කරන තුරු කිසිවක් ඇසීමට ඔහු නොගියේය..

අරුන්දී දුගු හුස්මක් හෙලා කතා කරන්නට වූවාය..

විහග මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ..

හ්ම්….මට ඒක තේරුනා බබා…මොකද්ද ප්‍රශ්නේ?

මාව කෙනෙක් …..බ්ලැක් මේල් කරනවා….

බ්ලැක් මේල් කරනවා…..ඒ කව්ද?? මොකටද?..

අරුන්දී විහගගේ මුහුන දෙස බැලුවේ එවිටයි..ඒ ඇස් දෙක තුල කුතුහලය පිරී ඇය දෙසම බලා සිටින බව ඇය දුටුවාය..

විශ්ව…….

විශ්ව….ඒ කව්ද???

දෙයියනේ ඔයාගේ යාලුවා…..

මොනවා…ඌ මොකටද එහෙම දෙයක් කරන්නේ…?

ඒක තමයි විහග… ඒ මිනිහා මගෙයි ඔයාගෙයි විඩියෝ ක්ලිප් එකක් තියාගෙන මාව බ්ලැක් මේල් කරන්න හදනවා….

අපේ විඩියෝ එකක්…ඒ මොකද්ද බබා…

එදා අපි දෙන්නා ෆිල්ම් එක බලන්න ගිය වෙලාවේ කිස් කරන එකක් ඒ මිනිහා නයිට් විශන් දාලාද කොහෙද වීඩියෝ කරගෙන…
ඒකේ ඔයාව වැඩිය පේන්නේ නෑ…මාව තමයි හොදටම පේන්නේ…
මේ මිනිහා ඒක එදා මට හොටෙල් එකේදි පෙන්නලා කිව්වා එයා කියන දේට කැමති වෙන්න..නැත්තම් ඒක ඉන්ටනෙට් එකට දානවා කියලා…

ඒ වෙලාවේ තමයි ඔයත් එතනට ආවේ මතකද එදා….

විහගට සියලු දේ වැටහුනේ එවිටයි..ඇස් දෙකෙන් ගිනි පිටවෙන තරම් කේන්තියක් ඔහුගේ මුහුනින් දිස් වුනි…

හරි ඒ බල්ලා ඔයාට මොකද්ද කරන්න කියන්නේ එතකොට….??

එයාට…….එයා…ට….

කියන්න අරුන්දී ඌ මොනවද කිව්වේ??

එයාට මගේ එක්ක එකට ඉන්න ඕනේ කියනවා විහග…
ඇය අඩීමට පටන් ගත්තේ විහගගේ උරහිසේ හිස ගසාගෙනයි…

බල්ලා…ඌට කොහෙන්ද එහෙම හයියක්…. ඕකව ලේසියෙන් අත අරින්නේ නෑ මම…ඔයා බය නැතුව ඉන්න බබා..මම හොද වැඩක් කරන්නම් ඕකට…

අපි දැන් මොකද කරන්නේ බබා…මට බයයි ඒකා මගේ ඒ ක්ලිප් එක ඉන්ටනෙට් දායිද කියලා..එහෙම උනොත් වහ කන්න වෙන්නේ…

අරුන්දී එසේ කියන විට විහග ඇගේ මුහුන ඔහු දෙසට හරවාගෙන දෝතින්ම ඒ මුහුන අල්ලාගෙන ඇය දෙස බලා හිද කතා කරන්නට විය…

මේ අහන්න…මම ඔයාට මොකුත් වෙන්න දෙන්නේ නෑ…ඔයා බය වෙන්න එපා….ඕකව කොටු කරගන්න ඔයා එක උදව්වක් කරන්න මැණික… එතනින් එහාට හැම දේම මම බලාගන්නම්….තේරුනාද?

මම ඉන්නවා ඔයාට..මම ඔයා කව්ද කියලත් දන්නවා…ඔය ඇස් දෙකේ කදුලු පිරෙන්න මම ඉඩ තියන්නේ නෑ..විශ්වාස කරන්න මාව.. මගේ කෙල්ලට මේ තරම් දුකක් දුන්නට ඌට මම යහතින් ඉන්න දෙන්නේ නෑ….

විහග එලෙසින් කේන්තියෙන් සිටිනවා අරුන්දි මින් පෙර කිසිදාක දෑක නොතිබුනි…ඔහු කෙරෙහි ඇති වූ විශ්වාසය මත ඇය ඔහුව බදාගෙන තව තවත් ඔහුට තුරුලු වුනේ ඒ සෙනෙහස රැකවරනය ඇයට මහ මෙරක් වූ නිසයී…

ඉන් පසු විහගගේ උපදෙස් මත අරුන්දී විශ්ව හමුවීමට ගිය අතර ඒ වන විටත් පොලිස් කන්ඩායමක් සමග විහග හෝටලයේ රැදී සිට ඇත…

හොටෙල් කාමරයේ හෝටල් කලමනාකරුගේ අනු දැනුම ඇතිව කැමරාවක් සවි කරගත් පොලිසියේ නිලදාරින් නියමිත අවස්තාව එන තුරු බලා සිටියේ යාබද කාමරේ සිටයි..

යම් හෙයකින් විශ්ව අරුන්දිට අතවරයක් කිරීමට පෙලබුනොත් ඒ සදහාද පොලිසියේ පිරිස සූදානම් ශරීරයෙන් සිටියේ එලෙසින් විශ්වගේ අතවරයන්ට ලක්වූ කාන්තාවන්ගෙන් පැමිනිලි බොහෝමයක් පොලිසිය වෙත මීට පෙර ලැබී තිබුන නිසයි…

අවසානයේ අරුන්දිගේ සහය ඇතුව පොලිසිය මෙතෙක් කලක් හොයමින් සිටි කාන්තාවන් බිය වද්දා තම පහත් ආශාවන් ඉටු කරගත් විශ්ව වැනි ගැහැනු හොරෙක් නීතියට කොටු කරගන්නට හැකි විය…

😀😀😀😀😀😂😀😀😀😀😀

මැනික…..ඔයා බය නැතුව මේ දේට ඉදිරිපත් උනේ නැත්තම් අද ඒකා තාමත් නිදැල්ලේ..

විහගගේ හඩින් අරුන්දී කල්පනාවෙන් මිදුනේ ඒ මොහොතෙයි..ඇයට මේ සිදුවුනුදේ හීනයක් මෙනි…
මොහොතකින් සියලු දේ අදුරු වී යාමට තිබුන අවස්තාව විහග නිසා මගහැරගත් බව සිතමින් ඇය ඔහුගේ පපුවට තුරුලු වූවාය.

එකෙකුටවත් ඔයාගේ ඇගට අතක් වත් තියන්න මම ඉඩ දෙන්නේ නෑ…ඔයා මගේ….

ඔය ඇත්තමද මහත්තයෝ …
අරුන්දී සිනාසී විහග දෙස බැලුවේ උතුරා යන ආදරයකිනී….

ඔව් …මින් පස්සේ ඔය ඇස් දෙකේ කදුලු පිරෙන්න මම ඉඩ තියන්නේ නෑ….

ඒ තරමටම ආදරෙයිද මට….

ඔව්…ගොඩාක් ආදරෙයි….කියන්න බැරි තරම්…
විහග එසේ කියමින් ඇගේ නළල සිම්බේ මහත් ආදරයක් හිතේ පුරවාගෙනයි..

මමත් ආදරෙයි මහත්තයෝ ….අද ඔයා නිසා මම බේරුනා…ඒකට පින්…

අරුන්දී විහගට තුරුලු වී කාමරෙන් එලියට ආවේ හිතේ බරක් නිදහස් වූ ලෙසින් නිරවුල් මනසකිනි…

28 කොටසෙන් හමුවෙමු…

කොහොමද ඒක😂😂

කෝ මට බැනපු ළමයි පෝලිමේ එන්න..😂😂

ඇත්තමයි මම ඔයාලට ගොඩාක් ආදරෙයි..ඔයාලා මේ තරමට මගේ කතාව වැලදගෙන කියලා මට තේරුනේ මේ උන සිද්දියත් එක්ක… මේ තරම් මේ චරිත ඔයාලගේ ජීවිතේට ලන් කරගත්තද යාලුවනේ..?සතුටුයි මට..😘😘

හැබැයි දුක හිතෙන දෙයකුත් කියන්නම ඕනේ…ඒක තමයි අරුන්දී කතාව ඉවර වෙන්නත් ලගයි හොදේ…😢.

එහෙනම් හෙට හම්බවෙමු යාලුවනේ.. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *