අරුන්දී 29 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

29වන දිගහැරුම

💘
💘
💘
💘

අමිහිරි අතීතයෙන් මිදී යලිත් විහගටත් අරුන්දිටත් සුභ කාලය උදා වුනේ ඔවුන්ගේ විවාහයට පවුල් දෙකේම උදවිය ලහිලහියේ ලැහැස්ති වීමත් සමගයි…

දින දෙක තුනක් වෙහෙසී අවසානයේදී කින්ග්ස්බරි හොටලයේ ඔවුන් දෙදෙනාගේ විවාහා මංගල්ලය ගැනීමට දෙපාර්ශ්වයෙන්ම කැමැත්ත පරිදි තීරනය කලෝය..

අරුන්දිගේ මංගල සාරිය ගැනිමට ඇය විහගත් සමග සාරි මන්දීර් වෙතට යන්නට වූයේ දහසක් බලාපොරොත්තු සිත තුල පොදි බැදගෙනයි…

විහග ඉදිරිය බලාගෙනම කාරය පැදවන්නට වූයෙන් අරුන්දීද ජනේලයෙන් පිටත බලා සින්දුවක් මුමුනමින් යන්නට වූවාය..
ඇගේ මිමිනීම ඇසුන විහග හිස හරවා ඈ දෙස බැලුවේ පුදුමයෙන් මෙනි…

මෙයාට ලස්සනට සින්දු කියන්න පුලුවන් කියලා අදනේ දන්නනේ…

මට සින්දු කියන්න පුලුවන්…ඉස්සර ඉස්කෝලේ යන කාලේ මා හරි ප්‍රසිද්ධයි..

අම්මේ එහෙමද?? එහෙනම් මට ඇහෙන්න සින්දුවක් කියන්නකෝ බබා…

බෑ අනේ ලැජ්ජයි…..

ආ…සින්දු කියන්න ලැජ්ජයි…වෙන ඒවට ලැජ්ජා නෑ….

මේ මේ මොනවද වෙන ඒවා…??

මම මතක් කරන්නද එකින් එක..??

මෙයා නම්……
ඇය ඔහුගේ අතේ භාහුවකට මිට මොලවා පහරක් ගැසුවේ කටත් ඇද කරන ගමන් ය..

ඇයි…..බලමුකෝ එදාටත් ලැජ්ජා වෙයිද කියලා..

කවදටද??

බැන්දට පස්සේ….
විහග එසේ කිවේ ඇය දෙසට හැරී ඇසක්ද ඉගි කරමිනි…

හරි නරකයි…දැන් නන් ගානට වැඩි මගේ දොස්තර මහත්තයා… පුදුම අමාරුවක් නෙ තියෙන්නේ..

නැතුව…මදිද අවුරුදු තුනක්ම ඉවසගෙන හිටියා..
ඇය දෙස වරින් වර බලමින් විහග කීවෙ සිනාසෙමිනි…

ඇති ඇති හොදටම ඇති…මාව ඉතුරු වෙයිද මන්දා …

ඒවා කියන්න බෑ……
දෙදෙනාම හිනාවුනේ එකටමයි….

හරි හරි කතාවෙන් කතාව සින්දුව අමතක උනානේ….කියන්නකෝ මැණික..

අනේ…මොනාද අනේ..දැන් බෑ….

කියන්න කියන්න..මම අහක බලාගෙන ඉන්නම්…එතකොට හරි නේ…

මෙයාගෙන් බේරෙන්න බෑනේ…..මොකද්ද කියන්න ඕනේ….

ම්ම්ම්ම්ම් ඔයා කියන එකක් කියන්න…

අරුන්දී මද වේලාවක් කල්පනා කලේ විහගගේ පෙරැත්තය ඉවතට දැමීමට ඇයටද හිත දුන්නේ නැති නිසයි…

සුපෙම් වී සිතිනා……
සද.. කතාව මා පතනා…..
හැගුම් දී….පෙමිනා……
ඔබ..නිසාම මා…නිවෙනා….
පෙම වෑහීලා…නැහැවීලා…..
සිත මාගේ සුව විදිනා…..
පෙම..පෑහිලා..නැහැවීලා…
සිත..මාගේ සුව විදිනා….

අරුන්දී අවසන් පද පේලිය ගයන විට විහග දෙස බැලුවේ ඇස් දෙකේ ආදරේ පුරවාගෙනයි..
ඒ මොහොතේ විහගත් ඇය දෙස බැලුවේ ඇගේ කට හඩට වශීවූවාක් මෙන් නිසා දෙදෙනාගෙම දෑස් එකිනෙකට පැටලි මොහොතක් නතර වුනි….

ඇය සිනාසී ඉදිරිය බලාගත්තේ එවිටයි…

ඇයි නතර කලේ දිගටම කියන්නකෝ…

සීතේ..රහසින්..ලන්වීලා..
මා හා දෑ..සින් යාවීලා….
ආශා දහසින් මත් වීලා…
මාගේ දෑ..තින් අල්ලාලා…
සීමා මායිම් නෑ ..කීවා…
මාහා ලන්වී ඔබ ආවා…..
පෙම වෑහීලා…නැහැවීලා…..
සිත මාගේ සුව විදිනා…..
පෙම..පෑහිලා..නැහැවීලා…
සිත..මාගේ සුව විදිනා….

මේ වන විට විහග කාරය පාර අයිනේ නවත්වා ඇය දෙසම බලා සිටියේ ඒ ගායනය ඔහුගේ සිත ඇද බැද තබාගත් නිසායි..
ඈ දිහා නොබලා ඉන්නට බැරි තරමට ඇගේ ගායනය ඔහුගේ සිත්ගත්තේය..
ඔහු ස්ටියරින්ග් විල් එකට එක් අතක් තබාගෙන අරුන්දී දෙසම බලා සිටියේ ඇගේ ගායනයට වශී වූවාක් මෙනි…

මාගේ..සිහිනේ..ඉටුවීලා…
ගේනා හැගුමන් උතුරාලා….
පාවී ඇවිදින් සිත දී…ලා…
මාගේ ..පැතුමන්..සරසාලා…
සීමා මායිම් නෑ..කීවා…
මාහා..ලන්වී ඔබ.ආවා…..
පෙම වෑහීලා…නැහැවීලා…..
සිත මාගේ සුව විදිනා…..
පෙම..පෑහිලා..නැහැවීලා…
සිත..මාගේ සුව විදිනා….

ඇය අවසන් ටික ගායනා කලේ විහග දෙස බලාගෙනමයි…

අනේ හරිම ලස්සනයි මැණික….මට හරියට ෆීල් උනා ඒක….මාරම ලස්සනයි..

විහග කියාගෙන කියාගෙන යන විට ඈ සිනා සී ඔහු දෙසම බලා සිටියේ සිතේ හටගත් ආඩම්බරයක්ද සමගිනි…

එච්චරටම ලස්සනද බබා…

ඔව් ළමයෝ …මට ඩ්‍රයිව් කරන්නත් හිතුනේ නෑ…ආසයි අහගෙන ඉන්න…. ඔයා ටැලන්ටඩ් බබා…
එසේ කිව් ඔහු ඇගේ අතකින් අල්ලාගෙන එය ඔහුගේ මුවට ලන් කර හාදුවක් දුන්නේය..

ආයේ මීට පස්සේ මම කාර් එකේ යද්දි සින්දු දන්නේනැ..

ඇයි….?

මෙච්චර ලස්සනට සින්දු කියල ගායිකවක් ඉද්දී මොකටද වෙන අයගේ සින්දු අහන්නේ..

සිනාසෙමින් කිව් ඔහු කාරය පන ගන්වාගෙන සාරි මන්ධීර් වෙත යාමට පිටත් වුනි…

මෙයා බලන්නකෝ..මට වෙන වැඩ නෑනේ මෙයාට ඇහෙන්න සින්දු කිය කිය යන්න…

ඇය සිනහව තද කරගෙන කීවේ ඔහු දෙස බලාගෙනමයි….

බබා..මම කියන්නද දෙයක් ඔයා අපේ වෙඩ්න් එකේදි ඔය සින්දුව කියන්නකෝ…

ඔයා ආසද ….

හ්ම්….හරිම ලස්සනයි මැණික…

පිස්සු කොල්ලා…බලමු බලමු…. ..මේ ඒක නෙවේ ඔයාට මතකද බබා අපි දෙන්නා අපේ එන්ගේජ්මෙන්ට් එකට සාරි තෝරන්න ආපුදවස..

මොකද මතක නැත්තේ බබා……

එදා මම ආවේ රෝද පිටුවෙන් මතකද… අම්මෝ මම කොයි තරම් අසරණ උනාද කියලා දැන් මතක් වෙද්දිත් ඇග හිරිවටෙනවා බබා..

ඒවා මතක් කරන්න එපා අරුන්දී..එව්වා අතිතය විතරයි..දුක්විදින තරමට තමයි සතුටක වටිනාකම දැනෙන්නෙ….දැන් සතුට විදින කාලේ… තේරුනාද??

ඔව්…ඔව් ..ඩොස්තර මහත්තයෝ…

ඇය විහගගේ හිස පිටුපස කොන්ඩය අතින් අවුල් කලේ ඔහුගේ මුහුන දෙසම බලාගනයි..

දෙදෙනාම සාරි මන්ධීර් එකට ආවේ මංගල දිනයට ගැලපෙන සාරියක් තොරා ගැනීමටයි.. පෙරෙ දවස රෝද පුටුවෙන් පැමිනි අරුන්දී අද විහගගේ අතේ එල්ලී කඩය තුලට ආවේ එදා සිද්දියද මතක් කරමිනි..

ලිෆ්ට් එකට ගොඩවූ දෙදෙනා ඉහල මාලය වෙත යන විට ඔවුන් දෙදෙනා පමනක් එහි සිටි නිසා විහග එක් වරම ඇගේ කම්ම්බුලක් සිප ගත්තේ ඇය අහක බලාගෙන ඉන්නා විටයි…

ඒ මොහොතේ ඇය ඔහු දෙස බැලුවේ දත් ටිකත් සපා ගෙන හිනාව තද කරගෙනයි..

මේ මේ මහත්තයෝ බදිනකල් නෝටි වැඩ නැවත්තමු හොදේ….

ඒ මොකෝ….

ඇයි ඉතින් බැන්දට පස්සේ කරන්නත් දේවල් තියෙන්න එපායෑ…

බැන්දට පස්සේ ඉතින් කිස් දිදීම ඉන්නේ නෑනේ බබෝ….

ආ..එහෙමද?? මොනවද දන්නෑ මෙයා කරන්න හිතාගෙන ඉන්නේ….

හිතාගෙන ඉන්නෙද…හිතාගෙන ඉන්නේ….

ඒ වන විට ලිෆ්ට් එක තුන්වෙනි මහල වෙත පැමිනි අතර එහි දොර ස්වයංක්‍රියව ඇරුනි…
දෙදෙනාම ඉන් පිටතට පැමිනියේ සිනා සෙමිනි..ඔවුන් සිනාසුන කාරනය දන්නේ ඔවුන්ම පමනකි…

මංගල සාරි තිබෙන පැත්තට දෙදෙනාම ඇවිද යන්නට වූයේ එන්ගේජ්මෙන්ට් එකට සාරිය තෝරන්නට ආ විට මංගල සාරි තිබෙන පැත්ත ඔවුන් දැනගත් නිසායි..

රාක්ක වල එක් එක් මෝස්තරයට හැඩගැන්වුන සුදු පැහැති මංගල සාරි පිරී තිබෙනු දුටු අරුන්දී ඒ දෙස මහත් ඕනෑ කමින් බැලුවේ හිතේ පිරුන ආසාව නිසමයි..

සර් මොනවද බැලුවේ….?
කඩේ සේවකයෙක් ඔදුන් වෙත ආවේ දෙදෙනාම රාක්ක වල ඇති සාරි දෙස උනන්දුවෙන් බලමින් සිටින විටදීය…

ආ…මේ…අපි ..වෙඩින් සාරි එකක් බැලුවේ…

ලස්සන ඒවා තියෙනවා සර්….මම පෙන්නන්නම්…

මෙසේ කිව් සේවකයා රාක්ක වල තිබෙන සාරි එකින් එක ගෙන ඉදිරියේ ඇති මේසයට දමන්නට විය…

සර්ලා කීයකට වගේද සාරිය බලන්නේ…ගනන් වැඩි ඒවා ඉතින් ලස්සනයි…

ගාන කීය උනත් කමක් නෑ…ලස්සන එකක් පෙන්නන්න..
අරුන්දී කට ඇරීමට පෙරම විහග පිලිතුරු දුන්නේය.

සේවකයා සුදු වර්ණයෙත් විවිද ප්‍රභේද පෙන්නමින් සාරි ගොඩක් මේසය මත තැබීය..

ඔහු වඩාත් උවමනාවෙන් අරුන්දී දෙස බැලුවේ මීට පෙර මතකයක් සිහිහට ආවාක් මෙනි..

මේ මිස් මීට කලින් ආවා නේද සාරි බලන්න…හැබැයි….

ඔහු කීමට ගිය දේ වලක්වා ගත්තේ මීට පෙර ඇය පිලිබද මතකය ඇත්තේ රෝද පුටුවෙන් නිසායි..

ආ..ඔව්.ඔව් අපේ එන්ගේජ්මෙන්ට් එකට සාරි බලන්න ආවා….

ඒකනේ එදත් මම තමයි මිස් ට සාරිය තෝරලා දුන්නේ…. හැබැයි මිස් එදා හිටියේ නම් මෙහෙම නෙවෙයි…

විහග අරුන්දී දෙස බැලුවේ සිනාසෙමිනි…

ඔව් ඔව් මෙයා ඇක්සිඩෙන්ට් එකක් වෙලා ඉන්ජර්ඩ් වෙලා හිටියේ…එදා මෙයා ආවේ රෝද පුටුවෙන්…… දැන් හොදයි..

ඒකනේ සර් මට හොදට මතකයි මේ මිස්ව…
ඒත් සර්ලා ගියාට පස්සේ මෙහෙ ලමයි කතා උනත් එක්ක එච්චර ලස්සන මිස් කෙනෙකුට එහෙම උනේ ඇයි කියලා..
ඊටත් සර් වගේ හොද කොල්ලෙක් මිස්ට ලැබුනේ වාසනාවට කියලා ළමයි කතා උනා..

අද මිස් මෙහෙම ඇවිදිනවා දකිනකොට මට හරිම සතුටුයි….
ලස්සන සාරි ටිකක් ඊයේ ආවා සාම්පල් ගෙනපුවා..මම ගේන්නම්..මිස් කැමති එකක් තෝරගන්න..

එසේ කිව් සේවකයා තරප්පුවක් නැග ඇතුල් කාමරයකට ගියේය…විහග ඇරුන්දී දෙස බැලුවේ එවිටයි…

ලස්සන එකක් තෝරගන්න…ගාන කිය උනත්…

අරුන්දී සිනා සී ඔහුදෙස බැලුවේ මේසය මත තිබෙන සාරී අතින් අල්ලන ගමන් ය..

ඒ මොහොතේම ගිය සේවකයා නැවත ආවේ සාරී ගොඩකුත් අතේ තියාගෙනයි.. ඔහු පැමින ඒ සාරි ගොඩම අරුන්දී ඉදිරියේ තැබුවේ සිනාවීගෙනයි…

මෙන්න මිස් කැමති එකක් තෝරගන්න…
මේවා ඔක්කොම සාම්පල් ආව සාරි..

අරුන්දී ඒ සාරී එකින් එක අතට ගෙන බැලුවේ ඉමහත් ආසවකිනි..

විහග මේක බලන්න…ලස්සනයි නේද??

ඇය සාරි අතුරින් එක් සාරියක් එලියට ඇද්දේ විහග දෙස බලන ගමන් ය..

හ්ම්…ඒකනම් ලස්සනයි…ස්ටොන්ස් අල්ලලා නිසා තවත් ලස්සනයි..

මේක කියක් වගේ වෙනවද?

සර් මේක… හැත්තෑ දෙකක් වගේ වෙනවා..අඩු කරන්න පුලුවන්…

ගාන නම් ප්‍රශ්නයක් නෑ…තව පොඩ්ඩක් පෙන්නනකෝ…

මිස් මේක බලන්න…
සේවකයා එක් සාරියක් අරුන්දී ඉදිරිපිට දිග හැරියේ එහි ලස්සන තවත් ඔවුන්ට පෙන්නන්නට මෙනි…

ශා…ඒක නම් ලස්සනයි ….
අරුන්දී එය දිග අරින ගමන් කීවේ ඇත්තෙන්ම එහි සුන්දරත්වයක් දුටු නිසයි..

ස්ටෝන් වර්ක් එකකින් අලන්කාර වූ සාරිය තැනින් තැන ඇත් දල පාට නූලකින් හැඩ දමා ඇත…
සාරියේ ඉදිරිපස පල්ලුව ගල් වලින් වැඩ දමා ඉතා අලන්කාරව නිමවා තිබූ අතර එහි මෝස්තරයද සිත් ගන්නා සුලු වූයෙන් දුටු පමනින්ම අරුන්දිගේ සිත් ගත්තාය…

විහග මේක නම් ලස්සනයි..මම හිතාගෙන ආවෙත් අයිවරි කලර් එකකින් සාරිය ගන්න…මේකනම් ලස්සනයි…

විහග පිලිතුරක් දීමට පෙර සේවකයා යලි කතා කලේය..

මිස් අපි මේක ඇදලා බලමු..එතකොට තවත් ලස්සනට පෙනෙයි..මිස් ට ගැලපෙනවද කියලා..

එසේ කිව් සේවකයා අරුන්දීට රවුමක් වැනි බන්කුවක් උඩට නගින්නට කියා සාරිය ඇන්දවීම සිදු කලේය..
සාරිය අන්දවා අවසන් වූ පසු ඔහු කණ්ණාඩියෙන් ඇය දෙස බලා සිටියේ ඇයගේ ලස්සන විදින ගමන් ය..

ලස්සනයි මිස්…මිස්ගේ ඇගේ පාටටම ගැලපෙනවා…ඇත්තමයී හරිම ලස්සනයි …

ඇය එවිට විහග දෙස බැලුවේ සිනාහවකින් මුහුන සරසාගෙනයි…
විහග ඒ වන විටත් ඇය දෙස බලාගෙන සිටියේ එම සාරියට ඇත්තෙන්ම ඇය සුන්දරව පෙනුන නිසයි…

මේක නම් ලස්සනයි බබා…අපි මේක ගමු…

හ්ම්ම්…මටත් මේක නම් හිතට ඇල්ලුවා…
මේක කීයද??

මේක නම් ටිකක් ගාන වැඩී…ම්…මේක අසූදාහක් වෙන සාරියක්…ඒත් මිස්ට නිසා හැත්තෑ අටකට දෙන්නම්….

අරුන්දී විහග දෙස බැලුවේ එහිගාන වැඩිදැයි අසන්නාක් මෙනි…

හරි කමක් නෑ..මේක දෙන්න..

විහග එසේ කියන විට අරුන්දී ඔහුදෙස බලා සිටියේ මෙවන් වූ සැමියෙක් ලබන්න තමා කොයිතරම් පින් කර තිබෙනවා යැයි සිතමිනි…

ඇයගේ රුචිටය කිසි සේත්ම විරුද්ද නොවී ඇගේ ආශාවන්ට ඉඩ දෙන මෙවන් මිනිසුන් අල්ප බව ඇය සිතෙන් සිතුවාය…

අරුන්දී මෙහෙ එන්න…

විහග ඈත සිට සිනාවෙමින් කියන විටත් ඇය තවමත් මංගල සාරිය අතේ තබාගෙන සිටියේ විහග ගැන කලපනා කරමින්‍ ය…
ඇය ලැජ්ජාවෙන් ඔහු වෙතට ගියේ තම මංගල සාරිය අතේ දරාගෙනමයි..

මෝකෝ යන්න හිතක් නැද්ද…
ඔයා හොම් කමින් එකට ගවුමක් අදින නිසා ඒකත් ගන්න යන්න ඔනෙ හින්දා ඉක්මන් කරමු ළමයෝ..
අද මේ වැඩ ටික ඉවර කරගමු ..හෙට මට නිවාඩූ නෑ…

හරිහරි මහත්තයෝ අපි යමු..ඇය ඔහුගේ අතකින් එල්ලී කීවේ සතුටිනි..

දෙදෙනාම සාරි මන්දීර් වෙතින් එලියට ආවේ අරුන්දිගේ හෝම් කමින් ගවුම මිලදී ගැනීම සදහායි..
හුරුබුහුටි පෙනුමකින් යුතු දිග රතු ගවුමක් ඇය තෝරා ගත්තේ විහගගේද කැමැත්ත මතයි..
එය ඇන්ද විට ඇයට අමුතුම ලස්සනක් ගෙන දුන් නිසා විහගගේ සිත තව තවත් ඈ කෙරෙහි ඇදගන්නට විය.

දෙදෙනාම ගවුමද මිලදීගෙන කාරය වෙත ආවේ දහසක් ආශාවල් හිතේ පුරවාගෙනයි…

ඒ වන විට අදුර වැටෙමින් තිබුන අතර වැස්සක සලකුනුද පෙන්නුම් කරන්නට විය..

බබා වහින්න වගේ නේද??

හ්ම්..ඉක්මනට ගෙදරට දාන්නම් ඔයාව…

විහග කාරය පන ගන්වන ගමන් කීවේ මහා වැස්සක ලකුනු පෙන්නුම් කල නිසායි…

ඔක්කොම දේවල් හොදට උනා නේද…?

ඔව් මැණික..ඔයා ලස්සන ට ඉදී ඇන්දහම..මට නම් හදිස්සී බලනකල්…

ඔයාගේ ඇදුම් වලට මෙශ්මෙන්ට්ස් දුන්නා නේද??
ඔව් ගිය සතියේ මල්ලී එක්ක ගිහින් ඒවා ඔක්කොම දුන්නා…

අපේ නන්ගිත් පිස්සුවැටිලා ඉන්නේ දෙවනි මනමාලිට ඉන්න…
මනමාලි වෙච්ච මට වත් නැති උවමනාවක් එයාට තියෙන්නේ..ඊයෙත් මම දැක්කා මොනවද පැක් එකක් මූනට දාගෙන ඉන්නවා…

පව් පිස්සු කෙල්ල….
විහග එසේ කියමින් වාහනය පරිස්සමින් පැදවූයේ වර්ශාව ඒ වන විටත් ආරම්භව පැවති නිසයි..

බබා මේ වැස්සේ වාහනේ එලවන්නත් බෑ නේද
අපි කොහෙන් හරි නවත්ගෙන ඉමුද ටිකක් වෙලා…

හ්ම්…ඒකම තමයි මාත් බැලුවේ…අර හරියෙන් නවත්තමු…වෙලා යයිද දන්නෑ ගෙදර යන්න..

වෙලාගියත් මොකද ලමයෝ ඔයා එක්කනේ මම ඉන්නේ…තාත්තී මොකුත් හිතන්නේ නෑ..

විහග සෙමින් කාරය අයිනකට වන්නට නතර කලේ ධාරානිපාත වර්ශාවේ කාරය පැදවීම අවදානම් වූ බව සිතුන නිසයි..

අවට අදුරත් වර්ශාවත් දෙකම හේතුවෙන් සීතල ඔවුන්ගේ සිරුරු වෙලා ගත්තේ කාරයේ දමා තිබූ ඒ සී එකෙන්ද සීතල ගලා ආ නිසයි…

සීතලයි….
අරුන්දී අත් දෙකම වකුටු කරගෙන එලිය බලාගෙන කීවේ අල්ල එකිනෙකට අතුල්ලමිනි..

සීතලද??
එසේ කිව් විහග ඇයව ඔහුදෙසට ඇද ගත්තේ අවට කොතරම් සීතල වුවත් ඔහුගේ සිත ගිනියම් වීතිබූ නිසයි..
ඇය ඔහුට තුරුලු වූයේ සීතලටත් වඩා ඔහුගේ උනුසුමට ලෝබ වුන නිසයි…

පිටතින් වර්ශාවත් සීතලත් මෙන්ම කාරය තුලද අදුර රජ කල නිසා දෙදෙනාගේම හිතත් ගතත් උනුසුම් වූයේ එකිනෙකාගෙ ස්පර්ශය තුලින් මිහිරක් විදින ගමන් ය..

විහග ඔහුට තුරුල් වී සිටින ඈ දෙස හිස හරවා බැලුවේ එවිටයි..
අදුර තුලින් ඇගේ මුහුන පාරේ ලයිට් කනුවක බල්බයක ආලෝකයෙන් ඔහු දුටු විට හිතේ ආශාව මුලු ශරීරයේ නහර වැල් තුලින්ද ගලගෙන ගියේ ඔහුගේ සිත ඔහුටම පාලනය කරගන්නට නොහැකිව වාගෙයි…

ඔහු ඇයගේ මුහුන ඔහු දෙසට හරවාගත්තේ ඔහුගේ පිබිදුන ආශාවන් තවත් මැඩගත් නොහැකි වූ නිසාමයි..

ඒ ඇස් දෙක දිහා මද වේලාවක් බලා සිටි ඔහු ඇගේ දෙතොල් මහපට ඇගිල්ලෙන් සෙමින් පිරි මැද්දේ ඇස් දෙකෙන් ආදරය උතුරන විටයි..

එහෙමම පහත්ව ඇගේ දෙතොල මත ඔහුගේ දෙතොල තැබුවේ හිතේ ආශාව තවතවත් ඈ කෙරෙහිම බැදෙන්නට වූ නිසයි….

ඇයද මෙවන් වූ මොහොතක ඔහුගේ පහස අපේක්ශාවෙන් විටියාක් මෙන් තව තව තවත් ඔහු වෙතටම ලන් වූයේ ඒ තරමේ වත් දුරස් බවකට අක්මැත්තෙන් මෙනි..

ඇගේ දෙතොලින් මිදුන ඔහු ඇගේ ගෙලත් උරිස්සත් අතර හිස හොවා ගත්තේ ඇගේ උනුසුම් වූ ශරීරයේ පහස ඉවසා ගත් නොහැකි ලෙසිනි…

ඇය ඔහුවටා අත් දෙකම දමා තමා වෙතටම ඇද ගත්තේ ඔහුගේ හුස්ම වල් වල උනුසුම ඇගේ බෙල්ලට වැටෙන විට ඉවසිය නොහැකි නිසායි.ඔහුගේ සුසුම් වල වේගවත් බව නිසා ඇගේ සිතද උනුසුම් වූයේ ඒ පහසට ඈ තුලද ආශාවක් නැගුන නිසාමයි..

මද වේලාවකට පසු අරුන්දී කතාකලේ කෙදිරිලි හඩකිනී..

බබා…..මට මේ තරම් ආදරේ ඇයි මහත්තයෝ?

විහග නිහඩයි….ඔහු තවමත් ඇගේ ගෙල අතර හිස හොවාගෙන ගෙල සිප ගනිමින් සිටී..

කියන්න…..
ඇය ඔහුගේ කෙස් අතර ඇගිලි යවමින් ඇසුවේ තවත් ඉවසාගත ් නොහැකිවයි…
ඔහු සෙමින් ඇගෙන් මෑත්ව අවුල් වූ කෙස් අතින් හදන ගමන් ඈ වෙතම.බලා සිට කතා කරන්නට විය…

දන්නේ නෑ…..ඔයාගේ හිත හරි ලස්සනයි..ඔයා අහින්සකයි..ඒ වගේම ලස්සනයි….
මේ හැම දෙයක්ම නිසා මට ගොඩාක් ආදරේ හිතෙනවා මැණික…

ඔයා දන්නවද මම ඇයි ඔයාට මේ තරම් ආදරේ කියලා විහග….

කියන්න බලන්න…මම කවදාවත් ඔයාගෙන් ඒක අහලා නෑනේ…?

ඇය දිගු හුස්මක් හෙලුවේ හිත සැහැල්ලූ කරගන්නට මෙනි…

දන්නවද ඔයාගෙන් තමයි මම ආද‍රේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තේ..
ආදරේට මේ තරම් දෙයක් කරන්න පුලුවන් කියලා.මම දැනගත්තේ ඔයාගෙන් රත්තරන් …
ඔයාගේ ආදරේ නිසා තමයි අද මෙහෙම ඇවිදින්නේ…
ගොඩක් පින් මගේ මහත්තයෝ ..

ඇය අවසන් ටික කීවේ කදුලු පුරවාගෙනයි…

විහග ඈ දෙස බලා සිටියේ ඒ ඇස් දෙකේ සතුටත් එක්ක මොනතරම් හැගීමක් ගැබ් වෙලාදැයි සිතන ගමන්…

ඒ මොහොතේ ඔහුගේ හිතට මයන්තව නිතැතින්ම සිහි වූයේ අද අරුන්දී තමා සමග මෙලෙසින් සිටින්නේ ඔහු නිසා නොවේදෝ යන හැගීමත් සමගයි..

එක් වරම ඔවුන් දෙදෙනාගෙම අවදානය කාරයෙන් එපිටට දිව ගියේ ඉදිරියෙන් ආ ත්‍රීරෝද රථයක් මහ හඩක් නන්වමින් අනෙක් පසින් ආ වෑන් රථයක් ගැටීමත් සමගයි…

ඒත් සමගම ත්‍රීරෝද රතය වටයක් කැරකී පාරෙන් අනෙක් පැත්තට පෙරලී ගියේ විහගත් අරුන්දීත් බලාගෙන සිටියදීමයි..

එය දුටු අරුන්දීගේ කෑගැහිල්ල කාරයෙන් පිටට ටත් ඇසුනාට සැක නැත..
විහග ඉක්මනින් කාරයෙන් බැස්සේ ඒ වන විටත් සෙනග ඒ ස්තානයට පිරෙමින් සිටි නිසයි…

එක් වරම……

30 කොටසෙන් හමුවෙමු…

ඔන්න.ඇක්සිඩෙන්ට් එකක් ලමයි….😢😢

අද පොඩි රොමැන්ටික් කෑලක්.දැම්මා..කමක් නෑනේ…😍😍

කට්ටිය ලෑස්ති වෙන්න වෙඩින් එකට තව ටික දවසයි…

එහෙනම් හෙට හම්බ වෙමු..ආදරේයි ඔයාලට..
බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *