අරුන්දී 33 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතා

33 වන දිගහැරුම

💘
💘
💘
💘

අරුන්දී පසුදා ඇහැරෙන විටත් විහග සැප නින්දේ පසුවිය…

ඇගේ නිරුවත් සිරුර එක් අතකින් බදාගෙන සුවසේ නිදා සිටින තම සැමියා දෙස ඇය බලා සිටියේ ඒ අහින්සක මුහුනේ කොතරම් නම් හැගීමසමුදායක් කැටි වී තිබේදැයි සිතමිනි…

ඔහුගේ එක් අතක් ඇගේ ඇග හරහා දමාගෙන නින්දෙන්ම තවතවත් ඔහු ඇයට තුරුලුන්වන විට ඈ ඔහු දෙස බලා සිනාසුනේ කට තදකරගනිමිනි…

සෙමින් ඈ ඔහු දෙස බලා සිට ඔහුට ලන්ව සෙමින් ඒ නළල සිප ගත්තේ ඔහු කෙරෙහි ඇතිවූ ඉමහත් ආදරය නිසාමයි…

පසුව සෙමින් ඔහුගේ අත තම ඇග උඩින් ඉවත් කර බිම වැටී තිබෙන තම නිදන ඇදුම අතට ගන්නට නැමෙත්ම විහග ඇගේ අත අල්ලා ගත් නිසා ගැස්සි ඔහු දෙස බැලුවේ දෑස් හකුලුවායි..

එවිට ඇය දුටුවේ ඇය දෙස බලාගෙන මනමාල හිනාවක් නගා සිටින විහගයි..ඔහු ඇහි බැම දෙක උස්සා ඇගෙන් ඇසුවේ මොකද කියා අසන්නාක් මෙනි..

හොරගෙඩියා…බොරුවට නිදි වගේ හිටියා නේහ්??

මමද දැන් හොර ගෙඩියා..මට හොරෙන් හෙමීට ඇදෙන් බහින්න හැදුවේ..
ඔහු කීවේ ඇස් පුංචි කර සිනාසෙමිනි…

කෝ ඉන්නකෝ මේ ඇදුම දාගන්නකල්…

ඔහොම හොදයි..
ඇය අතේ තිබුන නයිට් ගවුම ඇද ගැනීමට උත්සහ කරන විට එක් වරම විහග එසේ කියමින් ඇයව තම තුරුල්ලට ඇද ගත්තේය…

ඇයත් නොසිතූ ලෙසින් ඔහු ඇදගත් නිසා එක් වරම ඔහුගේ පුපුව උඩට වැටුනේ සමබරතාව බිදී ගිය නිසයි…

කොච්චරවත් දුවන්නමයි හදන්නේ???

හා හා මේ බබෝ මොකාටද මේ එන්න හදන්නේ??

විහග ඇයව පෙරලාගෙන ඇගේ මුහුනට උඩින් බලාගෙන සිටින විට අරුන්දී ඇසුවේ ඔහුගේ නළලත් නාසයත් දෙතොලත් එකට යාකරමින් ඇගිල්ල ගෙන යනවිටයි…

එන්න හදන දේ දන්නවනේ…

මේ මේ…

ඇයට කීමට හැකිවුනේ එපමනයි..ඔහුගේ දෙතොලින් ඇගේ දෙතොල සිපගත් නිසා ඇයද ඔහුගේ ග්‍රහනයට නතු වූයේ ඒ පහසට ඇයද ලෝබ වූ බැවිනි…

මෙලෙසින් අනුරාගී හෝරාවකට පමණ පසුව විහග ඇගේ සිරුරින් ඉවත් වූයේ ජයග්‍රාහී මුහුනක් මවාගෙනයි …

ඔහු දෑත් දෙක දෙපසට විහිදුවා ඇදේ දිගා වී සිටියේ ඉහල වහලය දෙස බලාගෙනයි…

ඇරුන්දී දහදියෙන් නැහැවී තිබෙන විහගගේ මුහුන දෙස බලා හිද ඇදෙන් නැගිට ඇගේ අතෙන් ගිලිහුන නයිට් ගවුම ඇදගැනීමට සූදානම් වන විට ඈ දුටුවේ ඇගේ පිවිතුරු බවේ සන්කේතය පෙර දින රාත්‍රියේ ඇදේ අතුරන ලද සුදු රෙද්ද මත සනිටුහන් වී ඇති බවයි…

ඇය ඒ දෙස උවමනාවෙන් බලා හිදින විට විහගද ඈ දෙස බැලුවේ එවිටයි..

ඔහු ඇගේ දෑස් යොමුව තිබූ තැනට ඔහුගේ දෑසද යොමු කල අතර ඒ දුටු දෙයින් ඔහුගේ මුහුනට නිතැතින්ම සිනහවක් නැගුනේ ඉබේටමය…

ඔහු සෙමින් ඇදෙන් බැස අරුන්දී වෙතට ආවේ ඇස් දෙකේ ආදරයත් විශ්වාසයත් යන දෙකම පොරෝගෙනයි…

ඇය ඔහු දෙස බලා සිටියේ තමුන්ගේ පිරිසිදු බව තම සැමියා ඉදිරිපිට ඔප්පු කර පෙන්වීමට හැකී වීම පිලිබද ආඩම්බරයක් සිතේ නගාගෙනයි…

ආදරෙයි මණික..
විහග එසේ කියමින් ඇගේ නළලත සිම්බේ ඇයව ඔහුගේ සිරුරටම තද කරගෙනයි…

ඒ මොහොතේ ඇගේ දෑස් දෙකම කදුලින් තෙත් වූයේ හිතේ සතුටටත් විහග කෙරෙහි ඇතිවුන ආදරයත් යන දෙකටමයි..
ඇය ඔහුගේ මුහුන දෙස බලා කතා කරන්නට විය..

මමත් ආදරෙයි මහත්තයෝ …..

බබා….ඔයා හිතනවද ඒ දේ දැක්ක නිසයි මම එහෙම කිව්වේ කියලා…

ඇය අහිබැම හැකිලුවේ ඔහු කී දේ තේරුම්ගත නොහැකිවාක් සේය..

මම එහෙම සාම්ප්‍රදායික විදිහට කෙල්ලෙක් ගෙන් ඒවගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ මැණික….

අනික මම ඩොක්ටර් කෙනෙක්…ඒ නිසා මම ඔය දේ යාථාර්තය හොදට තේරුම් අරගෙන ඉන්නේ…

මම දන්නවා මගේ මැණික අවන්කයි කියලා..මට ඕනේ එච්චරයි…

එසේ කිව් විහග ඇයව තුරුලු කරගත්තේ ඉමහත් සෙනෙහසක් හිතේ පුරවාගෙනයි..

ඇයද ඔහුට ලෝබ නැතුව තුරුලුවූයේ මෙවන් උතුම් පිරිමියෙකුගේ බිරිද වන්නට තමන් ලැබූ භාග්‍ය පිලිබද සතුටුසිත් ඇතිවයි.

අරුන්දී දෙවන ගමන සදහා රක්ත වර්නයෙන් සැරසුනේ තම සැමියා ඉදිරියේ නිකැලැල් පතිනියක් බව ඔප්පු කලාක් මෙන් වූ නිසා ඇය පෙර දිනටත් වඩා සුන්දරව පෙනෙන්නට විය..

හෝටලයක් පැවති දෙවන දින සාදයෙන් අනතුරුව විහග විසින් සාදන ලද ඔවුන්ගේ නව නිවසට දෙදෙනාම පදින්චියට ගියේ සියලු දෙනාගේම ආශිර්වාදය මැදයි…

මෙලෙසින් ආදරණීය හදවත් දෙකක් විවාහය දන්වාම ඔවුන්ගේ බැදීම එක ලෙසින්ම රැගෙන විත ස්වාමියා හා බිරිද වශයෙන් ඔවුන්ගේ නව ජීවිතයට වසරක කාලයකුත් ගත වන්නටත් විය

👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫

වසරකට පසු…..

සිර මැදිරි තුල ගෙවන ජීවිතය විශ්වට දැන් නම් මහ හිසරදයක් වී තිබේ…

කාන්තාවන්ව රවට්වා පහත් ආශාවන් ඉටු කරගැනීමට උත්සහ දැරීම යටතේ වසරක කාලයක සිර දඩුවමකට යටත්ව සිටි විශ්ව මේ වන විටත් නිදහස් වීමට කාලය එලබී තිබුනි…

ඔහු සිර කරුවන් ස්නානය කිරීමට භාවිතා කරන කෙටි ටැංකියක ගැට්ට මත හිදගෙන බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටින විට එතනට තවත් සිරකරුවෙක් පැමිනියේ අහම්බෙනි…

දෙදෙනාම සුදු පාට කොට කලිසමක් හා අත් කොට කමිසයක් ඇද සිටියේ ඒ ඔවුන්ට උරුම ඇදුම වූ බැවිනි…

අඩෝ උබව මම හැම තැනම හෙව්වා..උබ මෙතන එතකන්…

විශ්ව එවිට හිස ඔසවා බැලුවේ ඒ හඩ ආ දෙසයි…

ආ උබද…

හෙට අනිද්දට උබ නිදහස් වෙනවා නේද??

ඔව්….
විශ්ව පිලිතුරු දුන්නේ ඕනෑවට එපාවට මෙනි…

උබට ඔය තරමට සල්ලි එහෙමත් තියාගෙන මට නම් තේරෙන්නේ නෑ උබ ඔහොම ගෑනු පස්සේ යන්නේ ඇයි කියලා..
අනෙක් සිරකරුවා විශ්ව දෙස බලා කීවේ දෑස් හකුලුවාගෙනයි…

මම ගෑනු පස්සේ යන්නේ නෑ බන්..සල්ලී වලට පෙරේත කමේ ගෑනු මගේ පස්සෙනුයි එන්නේ…ඒත් අරකි මට පස්ස ගැහුවා….

කව්ද??

අරකි අරුන්දී….

ඒ ඒකිගේ තියෙන හොද කමටනේ බන්..අනික බදින්න මිනිහෙක් ඉද්දි ගෑනු පිට එවුන් එක්ක ඉන්න එන්නේ නෑනේ…
එහෙමත් ගෑනියෙක් තමා ඉතින් එහෙම කලොත් කරන්නේ…

මම දනවා බන් ඒක..ඒත් ඒකි මාරම ලස්සනයි…
දැක්ක මුල් දවසෙම මට පිස්සු හැදුනා වගේ බන්…ඒකි ඒ තරමට ලස්සනයි… අන්තිමට ඒකි හොටෙල් එකට එනවා කිව්වම මම හිතුවා ඒකි අර වීඩියෝ එකට බයේ එන්න හදන්නෙ කියලා…

ඒත් බලද්දී ඒකී යටින් ගේමක් දීලා අරූ එක්ක එකතු වෙලා මාව අතටම අල්ලන්න..
ඒකට නම් මම ඒකිට සමාවක් දෙන්නේ නෑ…

ඇයි උබ මොකක් කරන්නද??

බලමුකෝ…හොදින් නැත්තම් නරකින් මම මට ඕනේ දේ කරගන්න එකෙක්… ඒකිගෙන් සැපක් අරගෙනමයි මම පස්ස බලන්නේ…

අනේ බූරුවෝ උබ එහෙම කලොත් ආයෙම මේකේ ලගින්න එන්න වෙයි…
අතැරලා දාපන් බන් ඔය ගෑනු කේස්..
උබට සල්ලී තියෙන එකේ ගෑනූ දාහක් එක්ක උනත් ඉන්න පුලුවන් නේ..
මේ එක ගෑනියෙක් වෙනුවෙන් මොකටද බන් නටන්නේ…

විශ්ව අනෙක් සිරකරුවා කී දේ කනකට වත් නොගෙන තම කකුලේ නියපොත්තක් කඩමින් ඈතක් බලා සිටියේ දිගු කල්පනාවක ගිලෙම්නි..

🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

දිනක් විහග නිවසෙන් රැකියාව සදහා පිටව යාමට සූදානම් වූ අතර අරුන්දී ඔහුගේ ටයි පටිය පලදින අන්දම ඇදේ ඉදගෙන බලා සිටියේ ඔහුගේ ගමන් බෑගය තුලට දවල් කෑම පාර්සලේ දමන ගමන් ය…

සුදු පැහැති කමිසය පිලිවෙලකට කලු කලිසමය යටකර සිටි ඔහු අලු පැහැති ටයිපටිය රාක්කයෙන් ගෙන එය ඔහුගේ ගෙලේ බැද එය අතින් ඉහලට තද කරන විට ඇය ඉදගෙන උන් තැනින් නැගිට ඔහු අසලට ගියේ කොන්ඩයද එක් පසෙකින් ඉදිරියට දමා ගනිමින්මයි..

ඇය ඔහුගේ ඉදිරිපිටට ගොස් ටයි පටිය සකස් කලේ ඒ මුහුන දෙස බලගෙනයි…

ඔහු ඇයව ඉග වටා අතක් යවමින් තම සිරුර දෙසට ඇද ගත්තේ සිනහවක් මුහුනේ මවාගනිමිනුයි..

බබා…

හ්ම්…..

තාත්තා ඊයෙත් කතා කරලා ඇහුවා එයාගේ බිස්නස් වලට ජොයින් වෙන්න කියලා….මම…උත්තරයක් දුන්නේ නෑ..තවම..

එහෙමද?? ඉතින් ඔයා මොකද හිතන්නේ?

තවම හිතා ගන්න බෑ අනේ…ගත්ත ඩිග්‍රී එකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඉතින් ඒකට සම්බන්ද වෙන්න වෙනවා…..
ඇය විහගගේ ඇස් දෙක දෙසම බලා කීවේ බැරෑරුම් ලෙසිනි..

මට තේරෙනවා…ඔයාට ඕනේ මගේ කැමැත්ත අකමැත්තනේ නේද බබා….
ඔහු ඇගේ සිත කියෙව්වාක් මෙන් ඈ දෙසම බලා ඇහුවේ ඇස් පුන්චි කරමින්.

හ්ම්…..

ඔයා බැන්දට පස්සේ ගෙදර නවතින්න කියලා මම කවදා හරි කියලා තියෙනවද…
ඔහු ඇසුවේ ඇගේ මුහුනට වැටී ඇති කෙස් රොදක් ඇගිල්ලකින් පසෙකට කරන ගමන්‍ ය..

ඇය නැත කියන්නට මෙන් හිස දෙපසට වැනුවාය..

එහෙනම් ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න …ඒකට මගේ අකමැත්තක් නෑ….

ඔය ඇත්තමද??? අනේ ඔයා හරි හොදයි..
ඇය ඇගේ අත්දෙක ඔහුගේ ගෙල වටා දාගනිමින් ඒ මුහුනදෙසම බලා කීවේ ඉපිලීයන සතුටකිනි…

එසේ බලා සිටි ඈඇගිලි තුඩු වලින් ඉස්සී ඔහුගේ මුව සිපගත්තේ උතුරන සෙනහසකිනි..

මෙලෙසින් මද වෙලාවක් දෙතොල් අතර ඔවුන් පැටලුන අතර අරුන්දී ඔහුගේ දෙතොල් අතහැර ටයි පටිය අතින් සකස් කලේ තොල් පටක් සපාගෙනයි…

ඔහුත් ඈ දෙස බලාගෙන සිටියේ ඒ මුහුනෙන් දිස් වෙන සතුට විදගන්නා ගමන් මයි..

මම ගිහින් එන්නම් මණික…ඔයා පරිස්සමින් ඉන්න..

හරි දොස්තර මහත්තයෝ…. මම එහෙනම් තාත්තිට දැන්මම කතා කරලා කියන්නම්..

විහගත් සමග ගෙයි දොරකඩට ඈ ආවේ ඔහුගේ බෑගයත් අතකින් එල්ලාගෙනයි..
ඔහු කාරයට නැගී පිටත්ව යන දෙස ඈ බලා සිටියේ මුව සිනහවකින් සරසාගෙනයි..

👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫

විහග පිටත්ව ගිය වහාම අරුන්දී ඇමතුමක් ගත්තේන්ට්ගම පියාටයි..

හෙලෝ තාත්තී..

ආ කියන්න දූ….

තාත්තී මම කතා කලේ ….මේ….

ඔව් කියන්න දූ අහගෙන ඉන්නේ….

මම..තාත්තිගේ බිස්නස් වලට ජොයින් වෙන්න කැමතී…විහගගෙනුත් අකමැත්තක් නෑ….

ආනේ..ඒක කොයි තරම් හොදද…මමත් දැන් විවේක ගන්න ඕනේ කාලේ ඇවිත් දූ.ඒකයි මම දූ එක්ක මේ ගැන කතා කලේ…
අනික මම කැමති මම අමාරුවෙන් ගොඩනගාගත්ත මේ බිස්නස් එක දු භාර ගන්නවනම්..

මම දන්නවා තාත්තී…හරි හෙට මම තාත්තිව ඇවිත් මීට් වෙන්නම්…

හරි දූ… හෙට එන්න එහෙනම්…

අනෙක් පසින් ඇමතුම විසන්දි වූ අතර අරුන්දී අත රැදි රිසීවරය සෙමින් තැබුවේ හද පිරි සතුටෙනි…

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

අංක553

ජේලගාඩ් වරයෙක් උස් හඩින් කතා කල අතර ඒ තම අංකය වන බව දන්නා විශ්ව ඒ දෙසට ගමන් කලේ එක් ඇගිල්ලකින් කම්මුලක් ද කසන ගමන් ය..

ඔහු එතනට යන විට ජේලගාඩ් වරයා හිස ඔසවා ඔහු දෙස බැලුවේ කට 33
කොනින් සිනහවක් මවාගෙනයි…

විශ්ව සපරමාදු….

ඔව් සර්….

අද තමුන් නිදහස් වෙනවා කියලා දන්නව ඇතිනේ නේද?

ඔව් සර්..

හ්ම්….එහෙනම් මෙන්න මෙතනින් අත්සනක් දාන්න….

විශ්ව ඔහු දුන් පෑන අතට ගෙන අදාල පොතේ අත්සනක් දැමුවේ තම නමට ඉදිරියෙනි…..
අත්සන් කල පසු නැවත පෑන නිලදාරියා වෙත දික් කල ඔහු කට කොනෙන් මද සිනහවක් නැගුවේ නෝන්ඩියට මෙනි…

හ්ම්…දැන් යනවා..තමුන් මෙහෙට එන දවසේ ඇදගෙන හිටපු ඇදුම් ආයිත්තම් ඔක්කොම අපි සතුව තියෙනවා…
ඒවා ගිහින් අරගන්න…ගමන් වියදමට සුලු මුදලක් අපි දෙනවා…

එසේ කිව් නිලදාරියා පසෙකින් සිටි තවත් නිලදාරියෙක් දෙසට හැරී විශ්ව ව කැටුව යන ලෙස කී අතර ඔහු යලිත් පොත දෙස බලා තවත් සිරකරුවෙකුගේ අංකයක් අඩගැසුවේ පෙරටත් වඩා උස් හඩිනී…

වසරක සිර දඩුවමකට යටත්ව සිටි විශ්ව සිරගෙයින් එලියට පැමිනියේ අවුල් වූ කොන්ඩයත් අතින් සකසන ගමන් ය…

ඔහු විශාල ගේට්ටුවෙන් පිටතට පැමින් නැවත වරක් සිර ගෙදර දෙස හැරී බැලුවේ ඔලොක්කුවට මෙනි..

අනතුරුව මදක් ඉදිරියට ඇවිදගෙන ආ ඔහු සිනහ මුහුනක් නගා ගත්තේ ඔහු ඉදිරිපිටට පැමිනි තවත් තරුනයෙක් දුටු විටයි..

අදාල තරුනයා විශ්ව ඉදිරියට පැමිණ ඔහුව බදා ගත්තේ පිටටත් තට්ටුවක් දමන ගමන් ය..

යමු මචන්….
ඔහු විශ්වත් සමග පාර අයිනේ නතර කර තිබූ බයික් එකකට නැග්ගේ අත රැදි හෙල්මටයත් විශ්ව අතට දෙන ගමන් ය..

34 කොටසෙන් හමුවෙමු….

කොහොමද කට්ටියට ?? ගොඩක් දවසකින් හම්බඋනේ අපි😍😍

ඔයාලා හැමොටම ගොඩාක් ස්තුති මගේ හස්බන්ඩ් හොස්පිටල් හිටපු වෙලාවේ මගේ එක්ක ඉදලා එයාට ආශිර්වාද කලාට🙏
දැන් ගොඩක් දුරට එයාට සනීපයි…

අද ඉදන් කොහොම හරි දවසට එක කොටස ගානේ කතාව දාන්න උත්සහ කරනවා යාලුවනේ…

එක දවසක් හරි මිස් උනොත් තරහ වෙන්න එපා හොදේ…ගෙදර වැඩ ගොඩාක් එක්ක කතාව දාන්නේ😀😀

කතාව දැන් නම් ඉවර වෙන්න ලගයි හොදද .😶😶

එහෙනම් හෙට හම්බවෙමු…
බුදුසරණයි .. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *