අරුන්දී 35 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

35 වන දිගහැරුම

පෙර කොටසට👇

අරුන්දී නිවසට ඇතුලු වන විට විහග නිවසට ඇතුලු වීත් හමාරය….
ඇය ඉදිරිපස දොර වසා හැරෙන විට දුටුවේ බිත්ති ඔරලෝසුවේ වෙලාව දෙකයිතිහ ලෙස සටහන්ව තිබූ බවයී…

විහගට කේන්ති ගිහින් වගේ…ඒත් ඒ මොකටද.?

එයා එන්න පරක්කු නිසා මම අවිශ්ක එක්ක ආව එකටද? මම වැරදි දෙයක්ද එතකොට කලේ…
විහග වෙලා යන්නේ නැතුව එතනට ඇවිත්ද ඒ කියන්නේ…

ඇය එසේ සිතමින්ම කාමරයට යන විට විහග කමිසය ගලවමින් සිටියේය..

ඇය ඔහු දෙස බලාම කාමරයතුලට ගොස් අතේ රැදී ගොල්ඩ් පැහැ කුඩා පර්සය රාක්කයෙන් එල්ලා ඇදෙන් වාඩි වුනේ කරාබුවක්ද ගලවන ගමන් ය…

විහග ඇයව ගනන් නොගෙන මෙන් කමිසය ගලවා රාක්කයේ තිබූ තුවායද අතින් ගෙන නාන කාමරය වෙතට පය නගන්නට විය…

විහග….
ඇය උන් තැනම සිට කතා කලත් ඔහු එය නොඇසුන ගානටම නාන කාමරයට ගොස් දොර වසා ගත්තේය…

මෙයාට මොකද්ද දෙයියනේ උනේ..ඇයි මෙහෙම හැසිරෙන්නේ…
මම අවිශ්ක එක්ක ආපු එකට කේන්ති ගිහින් වත් ද??
කෙලින්ම අහනවා..එතකොට හරිනේ..

ඇය දිගු හුස්මක් හෙලා ඇදෙන් නැගිට සාරිය උනා දමා තුවාය තන මතක් ඇද ගත්තේ ඇවිලෙන හදවතිනි..

මොහොතකින් විහග නාන කාමරෙන් එලියට ආවේ තෙත කොන්ඩය එකතකින් ගසන ගමන් ය..
එය දුටු අරුන්දී පුදුමයෙන් ඔහු දෙස බැලුවේ මෙතරම් පාන්දර ඔහු නෑවේ කුමක් නිසාදැයි සිතන ගමන් ය..

ඔයා නෑවද?? පිස්සුද බබා මේ පාන්දර නාන්න..

ඔව් පිස්සු හැදෙයි ටිකක් කල් යනකොට..
ඔහු කීවේ ඇයව ගනනකටවත් නොගෙනයි..

ඔහුගේ පිලිතුර ඇය කිසි සේත්ම බලාපොරොත්තු නොවූවකි…ඇය ඔහු දෙසම බලාගත්වනම බලා සිටියේ කතා කරගැනීමට යමක් සිතාගත නොහැකිවයි..

අනේ ඇයි බබා තරහෙන්??

එහෙම දෙයක් නෑ…

නැත්තේ නෑ…ඔයා හරි වෙනස්..

ඔහු නිහඩය…

ඇය ඇදගෙන උන් තුවාය පිටින්ම ඔහු වෙත ගියේ ඇස් දෙකට කදුලු උනන ගමන් ය..

මෙහ් අරුන්දි ගිහින් වොශ් දාගෙන එනවා…ඔය විදිහට දෙයක් කතා කරන්නත් බෑනේ..

ඔහු කීවේ ඇය දෙසම බලාගෙනයි…
ඇය හී පහරක් වැදුනාක් මෙන් ඔහු දෙසම බලා හිද නානකාමරයට ගියේ කදූලු ඇස් දෙකෙන් බේරෙන ගමන් ඇඩුම වාවාගෙනයි…

නාන කාමරේ දොර වසාගත් ඇයට වාවාගෙන උන් ඇඩුම පිටතට පැන්නේ මහ හඩින් අඩන්නට වීමත් සමගයි…

මේ මොකද්ද වෙන්නේ දෙයියනේ …ඇයි විහග මෙහෙම හැසිරෙන්නේ…
හිතේ තියාගෙන ඉන්නවා විතරයි කෙලින්ම කිව්වනම් මගේ හිත නිදහස්…

ඇය අඩමින්ම වතුර මලින් ඇග සෝදාගත්තේ වතුරේ පහස විදින්නටවත් ඇයට සිතක් නොවූ නිසයි..

ඇය ඉක්මනින් නාන කාමරෙන් එලියට ආවේ විහගගේ මේ වෙනස් වීම කුමක්දැයි අසා දැන ගැනීමටයි..
එහෙත් ඇය දුටුවේ ඇදේ අනෙක් පසට හැරී නිදා සිටින තම සැමියයි…

ඇය සෙමින් ඔහු වෙතට ගොස් ඇදේ ඉදගත්තේ ඔහුගේ උරහිසකට තම දකුනු අත තබමිනි..
එහෙත් ඔහු නිසොල්මනව සිටියේ ඇයව නොදැනුනාක් මෙනි…

ව්..හ..ග..
අනේ ඇයි රත්තරන් ඔයා ඔහොම ඉන්නේ…?
ඇය ඇසුවේ ඇඩුම් ස්වරයෙනි..

මම අවිශ්ක එක්ක ආව එකට ඔයා තරහින්ද ඉන්නේ…අනේ මහත්තයෝ මම එතන ඔයා එනකල් ගොඩක් වෙලා හිටියා..
ඔයාට කෝල් ගත්තට ඔයා අන්සර් කලෙත් නෑ…මහ රෑ හොටෙල් එකේ ඉන්නම බැරි නිසයි අවිශ්ක එක්ක මම ගෙදර ආවේ..
ඒ එන ගමනුත් මම කෝල් ගත්තා ඔයාට ඔයා අන්සර් කලේ නෑ…
ප්ලීස් මම ගැන වැරදියට හිතන්න එපා විහග…
අනේ කතා තරන්නකෝ…

ඇය ඔහුගේ උරහිසෙන් අල්ලා සෙලවූයේ ඔහුගේ නිහඩ බව තවත් දරාගත නොහැකිවයි..

මෙහ් අරුන්දී ගිහින් නිදාගන්නවා…එක එකා එක්ක ආවේ මම එවපු මැසේජ් එක දකින්නේ නැතුව වෙන්න අති…

මැසේජ් එක??

ඔව් ඇයි දැන් කියන්න හදන්නේ ඒක දැක්කෙ නෑ කියලද?

අනේ ඇත්තමයි මම එහෙම මැසේජ් එකක් දැක්කෙ නෑ විහග…

අනේ මෙහ් බොරු නොකියා ඉන්නවා…එතකොට මං එනවා දැක දැකම අරූගේ කාර් එකට නැග්ගේ..ඒක හොදයි ද?

අනේ විහග මොනවද ඔයා කියන්නේ..ඔයා එනවා දැක්කේ නෑ දෙයියනේ …

ඒ වන විටත් විහග අනෙක් පස හැරී නිදාගෙනමෙන් දෑස් පියාගෙන සිටි නිසා අරුන්දී වහාම ඇදෙන් නැගිට තම බෑගයේ තිබූ ජන්ගම දුරකතනය ගෙන බැලුවේ විහග කිව් දේ ඇත්තක් ද කියායි…

ඇගේ ඇස් උඩ ගියේ ඔහු කිව් දේ සත්‍ය බව දුටු විටයි…

“බබා මම ඇවිත් ඉන්නේ කා පාර්ක් එකට එන්න…”

එහි එලෙස සටහන් ව තිබුනි…

මේක වෙන්න බෑනේ…මම මේ මැසේජ් එක රීඩ් කලේ නෑනේ…එතකොට කොහොමද මේක රීඩ් උනේ….
මම මේ මැසේජ් එක විහග කියනකල් දැනගෙන හිටියේ නෑනේ…
මම මොන තරම් වැරද්දක්ද කලේ..එතකොට විහග එතන ඉද්දිමද මම අවිශ්කගේ කාර් එකට නැග්ගේ…

ඇගේ සොයොලගම වෙව්ලා ගියේ විහග තමාව වරදවා වටහාගෙන ඇති බව ඒත්තු ගැන්වීමත් සමගයි…

මේ මොහොතේ නිදහසට කරුනු කිසිවක් ඔහුට අදාල නොවන නිසා ඈ ඇදට ගොස් අනෙක් පසින් නිදා ගන්නට හාන්සි වුයේ අඩන ගමන් මයි…

විහග ගේ ගෙරවීම ඇසෙන විට ඈ තවත් තවත් ඉකි ගැසුවේ හිතට නැගි දුක වාවාගත නොහකිවයි…

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

පසුදා අරුන්දී රැකියාවට ගියේ හදවත පුපුරු ගසන තරමේ වේදනාවකිනි… ඇය උදේ අවදිවන විට විහග රෝහලටත් ගොස් තිබුනි..
විහග ගේ මේ වෙනස් වීම ඇයට කිසි සේත්ම දරාගත නොහැකි වුනේ ඔහුගේ ආදරය ඉදිරියේ ඇගේ දෑස් අන්දව තිබුන නිසයි..
මේ තරම් ආදරයක් දුන්න කෙනෙකුට මෙලෙසින් වෙනස් විය හැකිදැයි සිතමින් ඇය සිතෙන් දහස් වරක් විදෙව්වාය…

ඇය කාර්‍යාලයට ගොස් තම කැබින් එකේ අසුනේ ඉදගත් වහාම විහගට ඇමතුමක් ගත්තේ පිච්චෙන හදවතිනි…
පලමුව ඔහු ඇමතුම ලබ නොගත් අතර දෙවනුව ඈ රින්ග් කරන විට ඔහු ඊට කතා කලේ කෝපයෙනි..

මොකද?? මම වැඩක ඉන්නේ..

අනේ විහග ඇයි මේ??? මොකද්ද වෙලා තියෙන්නේ? මට ඇයි මෙහෙම කරන්නේ??

ඇත්ත නැත්ත මම හරියට හොයාගෙනම ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නම් අරුන්දී..
එතකල් බලගෙන ඉන්නවා..
ඔහු ඇමතුම විසන්දි කලේ එසේ කියායි..

ඇයට තමා අවට පරිසරයම කැරකෙන්නාක් මෙන් දැනුනත් මොබියිල් එක අතේ තබාගෙනම මේසය උඩ තිබෙන ඇගේත් විහගගේත් පින්තූරය දෙස බලා සිටියේ කදුලු පිරුන දෑසිනි….

ඒත් සමගම ඇගේ කාමරයට ෆයිල් ගොඩකුත් ඔසවාගෙන ආවේ මිනුලීයි..

එක්ස්කියුස්මී මැඩම්…

අරුන්දී තිගැස්සී ගියේ ඇගේ කටහඩටයි…
ඇය දෑසේ කදුලු හන්ගාගෙන මිනුලි දෙස බලන්න උත්සහ කලත් එය සාර්ථක නොවිය…

එන්න මිනුලි…
ඇය නාසයේ සොටුත් උඩට අදිමින් කීවේ ඇස්පිය වේගයෙන් ගසන ගමන් මයි..

මැඩම් මේ ෆයිල්ස් ටික අපේ නුවරඑලිය කම්පැනි එකේ රිපෝට්ස් වගයක්..මැඩම් රිචෙක් කරලා දෙන්න..

ආ..හරි මේසෙ උඩින් තියලා යන්න…
අරුන්දී එසේ කීවේ ඇය දෙස නොබලාමයි..

මැඩම් මොකුත් ප්‍රශ්නයක්ද??
මිනුලි එසේ ඇසුවේ අරුන්දිගේ මේ වෙනස වැටහුනාක් මෙනි..

න්…නෑ…හරි ඔයා යන්න මිනුලි…

අරුන්දී නැවතත් දුරකතනය අතට ගත්තේ විහගව ඇමතීමටයි..
තව සුලු මොහොතකින් රැස්වීමකට එලියට යාමට තිබූ නිසා ඇය ඇමතුම ගන්න පෙලබුනේ ඒ හිතේ ගින්දර නිසාමයි..

එහෙත් ඇයට ඒ මොහොතේ ඇයගේ කැබින් එකට ආවේ අවිශ්කයි..

අවිශ්ක

මැඩම් මීටින් එකට මැඩම් යනව නේද අද..

ඔව් තව ටිකකින් යනවා….

බොස් කිව්වා මටත් මැඩම් එක්ක ඒකට යන්න කියලා….

ආ ඔයා නම් අවශ්‍ය වෙන්නේ නෑ නේද අවිශ්ක මීටින් එකට..
ඇය ඇසුවේ දෑස් අකුලාගෙනයි..

ඔව් මැඩම් ඒත් අකවුන්ට් සෙක්ශන් එකෙන් කව්රු හරි කෙනෙක් ව යවන්න කියලා බොස් කියලා එවලා තිබුනා.. ඉතින් මට යන්න කියලා කිව්වා…

එහෙමද …හරි එහෙනම් ඔයා ලෑස්ති වෙන්න යන්න..ඔෆිස් වෙහිකල් එකේ යමු එහෙනම්…

හරි මැඩම්…

අවිශ්ක කැබින් එකෙන් පිටව යන දෙස ඈ බලා සිටියේ හිස් බැල්මෙනි…

අවිශ්ක නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙද්දී ආයෙම එයා එක්ක මීටින් එකකට යන එක හොද මදි නේද..ඒත් මේ මීටින් එක වැදගත් එකක්…

ඒකට අර කිව්වාවගේ අකවුන්ටන් කෙනෙකුත් සම්බන්ද වෙනවනම් හොදයි තමයි..
ඒත් ඒකට අවිශ්කව එක්ක ගියොත් ප්‍රශ්නයක් වෙයිද…
කොහොමත් විහගට මේ දේ කියනවා.එතකොට එයා තේරුම් ගනීනේ…

ඇය එසේ සිතමින්ම විහගට ඇමතුමක් ගත්තාය..
දෙතුන් විටක් රින් කල පසු විහග ඇමතුම ගත්තේය..

ඇයි?

මොකද්ද අනේ තවම් කේන්තියෙන්ද?

කියන එකක් ඉක්මන්නට කියන්න…

මේ..මේ..මම…තව ටිකකින් මීටින් එකකට යනවා..මට..අවි….

ඇය තතනමින් කීමට හදන විට විහග අනෙක් පසින් ඇමතුම විසන්දි කර හමාරය…

මේ මනුස්සයාට මොන යකෙක් වැහිලද..ඇයි මගේ එක්ක මේ තරම් තරහක්..ලගදි ඉදලා එයා වෙනස්..හොදටම වෙනස්…කොයි දේටත් මාව සැකයි…අනේ ඇයි ඒ??මොකද්ද මේ අපිට උනේ??

ඇය නලලෙහි අත හොවාගෙන කල්පනා කලේ වෙන කරන්නම දෙයක් නැති කමටයි…

😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

අරුන්දී විශ්ව සමග ඔෆිස් වාහනයකින් රැස්වීම පවත්වන ස්තානයට යන්නට පිටත් වුනේ දෙක හමාරට පමනි….
රැස්වීමට යාමට තරම් හිතක් නොවුනත් ඇය ඊට සහභාගිවුනේ නොයාම බැරි කමටයි…

කාරය වේගයෙන් ඉදිරියට ඇදෙන විට ඇය ජනේලයෙන්ම එලිය බලාගෙන සිටියේ තම සිතුවිලි වලට ඔහේ පාවෙන්න අරිමිනි…
අවිශ්ක අනෙක් පස අසුනේ සිට ඈ දෙස උවමනාවෙන් බැලුවේ ඇය සමග කතාවක් ඇද ගැනීමට මාන බැලීමක් වශයෙනි…

මල්ලී මේකේ ඒ සී එක පොඩ්ඩක් වැඩි කරන්නකෝ..
අවිශ්ක රියදුරුට කීවේ අරුන්දී දෙසත් බලන ගමන් ය..

ඒ සී එකේ අව්ලක් තියෙනවා සර්…

මේක පෝරනේ වගේනේ..මේ මැඩම්ටත් අමාරුයි…ශටස් අරින්න එහෙනම්…

ඒ මොහොතේ කාරයේ වීදුරු ඇරිය අතර අරුන්දී අවිශ්ක දෙස බැලුවේ හිස් බැල්මෙනි..

මැඩම් රස්නේ නිසා ඇරියේ..කමක් නෑනේ…

ඇය සිනහ වී නැවතත් ජනේලයෙන් පිටත් බලා ගත්තේ ඊට වඩා ප්‍රශ්නයක් ඇගේ සිතතුල කෑමොරදෙන නිසයි..

ඉදිරියෙන් දැඩි වාහන තද බදයක් ඇති බව පෙනුනත් අරුන්දී එය නොතකාම කල්පනා කරමින් සිටියේ විහග ගැනයි…

එක්වරම වාහනය නැවැත්වුවේ වාහන තදබදය නිසායි…
දිග රථ පෝලිමක මැද්දට වන්නට අරුන්දිත් අවිශ්කත් ගමන් කරන කාරය නැවැත්වූ අතර එක්වරම අනෙක් මන්තීරුවේ නවත්වන ලද කාරය දෙස අරුන්දි බැලුවේ එහි හුරු පුරුදු බවක් දුටු නිසයි..

වි..හග…..
ඇය පුදුමයෙන් අනෙක් පස කාරයේ රියදුරු අසුනදෙස බලා කීවේ විහග ඒ මොහොතේ රෝහලේ ඉන්නා බව කි නිසයි…

ඒ මොහොතේම වාහන පෝලිම ඉදිරියට ඇදෙන්නට වූ අතර ඇය විහග ගේ කාරය දෙස බලාගෙනම ජනේලයෙන් බෙල්ල එලියට දමා කෑ ගසන්නට වූයේ කාරය නවත්වන ලෙස කියමිනි…

ඩ්‍රයිවර් කර් එක ඉස්සරහින් නවත්තන්න…

විහග….විහග….

ඇය කොතරම් කතා කලත් විහග ඇය නොදුටුසේ කාරය වේගයෙන් ඉදිරියට ධාවනය කල අතර ඔහු ඈතටම ගොස් නොපෙනී යන තුරුම ඇය ඔහුට ඇමතුම් දුන්නත් ඒ එකකටවත් ඔහු ප්‍රතිචාර නොදක්වන ලදී..

ඇයි මැඩම් …සර් කාර් එක නැවැත්තුවෙ වත් නෑනේ…

අරුන්දී වාවාගෙන උන් ඇඩුම නතර කරගන්නට ඇයට නොහැකිව ඇය මුහුන දෑතින්ම වසාගෙන ඇඩුවේ ඉවසාගත නොහැකි දුකක් හිතේ තද කරගෙනයි..

අවිශ්ක මීටින් එක කැන්සල් කරමු…මාව ගෙදරට දාන්න….
ඒත් මැඩම්…

කිව්ව දේ කරනවා..මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව..

ඕක්..කේ…මැඩම්….මල්ලී මැඩම් ගෙ ගෙදරට යමු..

ඇය නිවසට එන තුරුත් ඇඩුවා මිස කිසිවක් කතා කලේ නැත..අවිශ්කත් ඇයට භාදා නොකර නිහඩවම ආවේ ඒ නිසයි…

නිවස ඉදිරිපිට කාරය නතර කර ඇරුන්දී ඉන් එලියට බසීන්නට යත්ම ඇයට දැනුනේ ඇගේ වට පිටාවම කැරකෙන බවයි..
හිට ගෙන සිටීමටවත් වාරුවක් නොමැති වූ කල ඇය නලලට අත්ල තබාගෙන ඇස් අඩවන් කරගත්තේ කැරකිල්ල දරාගත නොහැකිවයි…

එය දුටු අවිශ්ක අනෙක් පසින් බැස ඇ වෙතට ආවේ කඩිනම් ගමනිනි..

ඇයි මැඩම්..??

න්..නෑ..නිකන් කලන්තයක් වගේ…..

ඇය නලලෙහි අත තබාගෙනම කීවේ කාරයේ දොරත් අත නොහැරමයි…

මැඩම් මම මැඩම්ව ගෙදරට එක්කගෙන යන්නද?

එපා අවිශ්ක මට යන්න පුලුවන්….
ඇය එසේ කියා දොර අත හැර ගේ දෙසට යාමට හැරෙත්ම ඈ විසි වී වැටෙන්න ගියෙන් එක් වරම අවිශ්ක ඇයව අල්ලා ගත්තේය..

ඇයද ඔහුට වත්තන් වූයේ තව දුරටත් සිටගෙන සිටීමට පනක් ඈ තුල නොවූ නිසයි…

අවිශ්ක ඇයව තම සිරුරට වාරු කරවාගෙන සෙමින් සෙමින් ගේ දෙසට ගියේ ඇයේ ඉන වටේ අතකක් යවා වත්තන් කරගනිමිනි…

ඇය අපහසුවෙන් මෙන් ගෙයි යතුර ගෙන දොරගුලු හරින්නට සැරසෙත්ම අවිශ්ක ඉදිරිපත් වී දොර හැරියේය…

ඔහු ඇයව ගෙට එක්ක ගොස් සෝෆාවේ හාන්සි කරවූයේ ඉතා පරිස්සමිනි…

හරි අවිශ්ක තැන්ක්‍යු ..ඔයා දැන් යන්න…

හරි මැඩම්….සර්ට එන්න කිව්ව නම් හරි..මැඩම් මේ තත්වෙ උඩ තනියම ඉන්න එක හොද නෑනේ…

නෑ අවිශ්ක මේක නිකන් කැරකිල්ලක් විතරයි..ටිකකින් හරි යයි.ඔයා යන්න…

හරි මැඩම් එහෙනම් මම යන්නම්….
අරුන්දී එහෙමම දෑස් දෙක පියා ගත්තේ ගතට නැගුන අපහසුව නිසාමයි…

අවිශ්කද එසේ කියමින් දොර වෙත පියනගන විට දුටුවේ විහග ගිනි පිටවන දෑසින් දොරකඩ සිට ගෙතුල බලාගෙන සිටින අන්දමයි..

36 කොටසෙන් හමුවෙමු…..

කලබල වෙන්න එපෝ අවුල ලිහනවා හොදේ😋😋

මට ගොඩක් කනගාටු හිතුනා ඊයේ මම දාපු status එකට එක්කනෙක් nonsense කියලා comment එකක් දාලා තිබ්බා…
ප්‍රශ්නය තමුන්ගේ නොවන තාක්කල් පිලිතුර ධාර්ශනිකයි කියලා තමයි මට එයාට කියන්න තියෙන්නේ..

කතාවේ අන්තිම කොටස් ටික යන්නේ ළමයි…

හෙට හමුවෙමු..බුදුසරණයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *