අහම්බෙන් හමු වූ ඔයා… 09

09 කොටස

” අනේ තාත්තා…” මට කියන්න පුළුවන් වුනේ එච්චරයි…චූටි අයියගෙ රූපෙ එන්න එන්න ඇස් මානෙන් ඈත් වෙද්දි අම්මයි තාත්‍තයි මාවත් එක්කන් ත්‍රීවීල් එකකට නැග්ගෙ මගෙ ඇස් වලින් මටත් නොදැනිම කඳුළු බේරෙද්දි…

ඒ ඇයි කියන්න මංවත් දන්නෙ නෑ….
ඇත්තටම මේ වෙලාවෙ අහම්බෙන් හරි මේ දේවල් දැනගන්න ලැබිලා මං ළඟ මගෙ අම්මයි තාත්තයි ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන…මාව එයාලම ඒ ගෙදරින් එලියට ඇදලා දාන්න කලින් මගෙ දෙමව්පියො මාව එයාලා ළඟට එක්කන් යන එක ගැන මට පුංචි හරි සතුටකුයි දැනෙන්න ඕන…
ඒත් මේ හිත හත් කඩකට පැලිලා වගේ….මට ඒ රූපෙ ඇස් මානෙන් ඈත් වෙද්දි එහෙමයි දැනුනේ….ඒ බැදීමට නමක් දෙන්න දන්නෑ මං….සමහරවිට මොනා වුනත් ඒ මගෙ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා නිසා වෙන්නැති….

ඒත් මොනව කරන්නද…නමට මගෙ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වුනත් එයා වෙන කෙනෙකුට හදවතින්ම ආදරවන්තයෙක්….
මාව තාත්‍තලා එක්කන් ආපු නිසා එයාට ශාරාන්‍යාගෙ වෙන්න තවත් ලේසී…
චූටි අයියට උත්තරයක් දෙන්න බැරුව ඉන්න ඇත්තෙ මං නිසා…
අදිති….ඔයාට මේ මොකද දෙයියනේ වුනේ…..මං මගෙන්ම ප්‍රශ්න කරගත්තා…

ගෙදරට යනකන්ම තාත්‍තා තරහෙන් වෙව්ලනවා ඇරෙන්න වචනයක්වත් කිව්වෙ නෑ…ඒ තරහ සාධාරණයි….
අම්මට නම් වාවගන්න බැරුව ඇති…හොඳටම අඬනවා….තමන්ගෙ දුවගෙ කසාදෙ ගැන අම්මෙක් කොච්චර හීන මවනවද…කොච්චර දුකෙන් වුනත් දුවව පිට ගෙදරකට යවන්නෙ දුව අලුත් කූඩුවක් හදාගන්නවා බලන්න…එත් තමන්ගෙ දුවගෙ කූඩුව හැදෙන්නත් කලින්ම විනාස වෙලා ගියා කියල හිතද්දි ඒ හිතට දුක දැනෙන එක අහන්න දෙයක්ද…
ත්‍රීවීල් එකේ මනුස්සයත් සැරින් සැරේ පිටිපස්ස බලනවා….
හිතේ දුක පිටකරගන්න බැරුව මං උකුලෙ ඔලුව ගහගත්තෙ ඇස් වලින් නවතින්නෙ නැතුව කඳුළු බේරෙද්දි….
තමන්ගෙ අක්කව පැත්තකට දාලා මං වෙනුවෙන් මෙහෙම දෙයක් කරපු මගෙ තාත්තට මගෙ කඳුළු පේනවට මං පොඩ්ඩක්වත් කැමති නෑ….

” උන් මගෙ කෙල්ලගෙ ජීවිතේ සෙල්ලමකට ගත්‍තා…ඕකුන් මගෙ පවුලෙ අය නොවුන නම් මං තියන්නෑ….” තාත්‍තා ගෙදරට ආව ගමන් මෙච්චර වෙලා හිතේ තියන් හිටිය ආවේගෙ පිට කරලා දැම්මෙ හයියෙන් කෑගහලා…

” අනේ තාත්තා ඔහොම කේන්ති ගන්න එපා ඔයා අසනීප වෙයි…” මං අඬ අඬම තාත්‍තා ළඟට දුවන් ගිහින් එහෙම කිව්වෙ තාත්‍තා ගැන බය හිතිලා…

” මං ඔයාට කිව්වා සරත්…ඒ පවුලෙ උදවිය අපට පෑහෙන්නෙ නෑ කියලා…දැන් මගෙ කෙල්ලගෙ අනාගතේට මොකද වෙන්නෙ….කවුද මගෙ කෙල්ලව බාරගන්නෙ..” අම්ම කිව්වෙ තාත්‍තගෙ පැත්තට හැරිලා කිව්වෙ සාරි පොටෙන් කඳුලු පිහිද පිහිද…

” මට සමාවෙයන් රත්තරනේ…උඹ මං නිසා උන්ට හා කිව්වා….මට උඹ වෙනුවෙන් මුකුත් කරගන්න බැරි වුනා…උඹට මං නිසා තමයි මෙහෙම වුනේ…ඔව්..මං නිසා….මං නිසා…”
තාත්‍තා එහෙම කියාගෙන අඬ අඬම පපුවට ගහගත්තෙ අම්මයි මමයි ලතෝනි දෙද්දි…

” අනේ තාත්තෙ එපා මගෙ තාත්තෙ….”

” අනේ සරත් නවත්තන්න දෙයියනේ……..”

අන්තිමට තාත්‍තා අම්මවයි මාවයි දෙන්නවම වාරු කරගෙන බිම ඉදගත්තෙ අපි තුන් දෙනාම තුන් දෙනාට තුරුළු වෙලා අඬද්දි…
මේ දුක මගෙ අම්මටයි තාත්තටයි දරාගන්න බෑ….
ඇයි දෙවියනේ අපිට මෙහෙම දුකක් දුන්නෙ…ඊයෙ වෙනකන් අපි තුන් දෙනා කොච්චර සතුටකින්ද හිටියෙ…ඒ හැමදේම එකම එක තීරණේකින් විනාස වෙලා ගියා….

අපි කොච්චර වෙලා අඬ අඬ හිටියද දන්නෑ….ඕවා ගැන හිතලා තාත්‍තා අසනීප වුනොත් මං මටම සාප කරගනී…
අම්මා නැගිටලා කොණ්ඩෙත් එකට කරලා ගුලිය බැදන් නැගිටලා කුස්සියට ගියේ දවල්ට කන්න මොනවහරි උයන්න වෙන්නැති….

තාත්තගෙත් හිත හදලා මං ඇදට එක්කන් ගිහින් හාන්සි කලේ හිත හයිය කරගෙන…මං මේ වෙලාවෙ වැටිලා බෑ…කොච්චර හිත හැදුවත් මාව ඒ පවුලට කසාද බැන්දුව එක ගැන දහස්වාරයක් ඒ හිත පසුතැවෙන බව මං දන්නවා…ඒත්…දැන් කිසිම දෙයක් ආපස්සට ගන්න බෑ….
වෙච්ච දේවල් නිවැරදි කරන්නත් බෑ…
දවල්ට කන්න අම්මා හැදුවත් කන්න පිරියක් නෑ….බඩගින්නට වඩා හිතේ දුක වැඩී…
ඒත් අම්මගෙයි තාත්‍තගෙයි හිතට තව දුකක් එකතු කරන්නෙ කොහොමද මං…අමාරුවෙන්හරි බත් කටවල් දෙක තුනක් කාලා මං මගේ කාමරේට ඇවිත් ඇල වුනේ ඇස් අගට චූටි කඳුළු බිංදුවක් එකතු වෙද්දි….
ඒත් මං වැටෙන්න කලින් ඒ කඳුළු බිංදුව පිහිදගෙන කොට්ටෙට මූණ හංගන් ඉකිය නවත්තගන්න අසාර්ථක උත්සහයක් ගත්තා….
ටිකකින් අම්මා ඇවිල්ලා මගෙ ඔලුව අතගෑවම මගේ ඇස් ටික ටික පියවුනා වගේ දැනුනේ අම්මගෙ උණුහුම කාලෙකින් ලැබුනා වගේ දැනිච්ච නිසා වෙන්නැති….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔන්න දැම්මා ඉතින්…..
දැන් මාව මරන්න කැති පොලු උස්සන් එනවා එහෙම නෙවෙයි අදිතිව ගෙදර යැව්වා කියලා…
හම්මේ ඉතින් කලින් කොටසෙ කමෙන්ට්ස් ගැන නම් කතා කරලා වැඩක් නෑ….ඒ තරමට බයානකයි…ශහ්..වෑව්!
පෙර දිනයේ වගේම බයානක කමෙන්ට්ස් ටිකක් මේ කොටසත් ලැබෙයි කියලා මට සාධාරණ සැකයක් තියනවා….😂
කොහොමහරි කියන්න තියෙන්නෙ මෙච්චරයි…කතාවට ගොඩක් හොඳ ප්‍රතිචාර තියනවා…අනිත් කතෲ වරුන්ගෙ කතා තරමටම නැති වුනත්…මගෙ කතාවට ආදරේ කරන පිරිසක් ඉන්නවා…
මං ඉතින් අරණට අලුත් නෙහ්…මේ මං අරණෙ දාන පළවෙනි කතාව….
හිතුවට වඩා කතාවට ඔයාලගෙන් ඉල්ලුමක් තියනෝ….
ඇත්තටම මගෙ හිතට නිකන් අදහසක් ඇවිත් තමයි මේකෙ පලවෙනි කොටස ලිව්වෙ….
ඒත් දැන් නම් මං “අහම්බෙන් හිමි වූ ඔයා..” කියන මේ කතාවට ඇත්තටම ගොඩක් ආදරේ කරනවා….
ඒ වගේම ගොඩක් හොඳ යාළුවො පිරිසක් මාත් එක්ක දැනටම එකතු වෙලා…ගොඩාක් සතුටුයි….

මං ස්කූල් යන නිසා සතියෙ දවස් වල ඉතින් කතාව රෑට තමයි දාන්න වෙන්නෙ….තරහා වෙන්න එපා….මගෙ පැත්තෙනුත් සුට්ටක් හිතන්නකූ උයාලා…මං ඉතින් ආදලෙයිනෙ…

මතුසම්බන්ධයි….

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *