අහම්බෙන් හිමි වූ ඔයා… 06

06 කොටස

මං කොහොමහරි හැදුවෙ ගවුම කරේ තියන්හරි තනියම දොරට වාරු වෙලා බැහැගන්න…කකුල් දෙකත් පණ නෑ වගේ මාව ආපහු සීට් එකෙන් ඉන්දෙද්දි එයා බලෙන් වගේ මගෙ අතින් ඇදලා අරන් එලියට ගත්තා…
මාත් පරඬැල වගේ එලියට ඇදුනා…

කොහොමහරි අපි හාබර් එකේ ඇතුළට ඇවිල්ලා ආවෙ ටිකක් ලොකු නැවකට…
කවදාවත් නැවක ගිහිල්ලා තියා නැවක් ළඟ නිකමට හිටගෙනවත් ඉදලා නැති මම බය නොවුනා කිව්වොත් නම් බොරුවක්…
හැබැයි මම බය වුනත් ඒක පේන්නෙ නැති වෙන්න මගේ බය මං ඇතුළෙම හංගගත්තෙ මොනා වුනත් චූටි අයියා ඉස්සරහ ලැජ්ජ වෙන්න බැරි නිසා…

අපි මේ කොහෙ යනවද මන්දා…. මධුසමය නැවක ගන්න ප්ලෑන් කරන්න තරම් නැන්දලාට කොච්චර සල්ලි ඇතිද…ඒ ඇරත් චූටි අයියා ක්‍රිකටර් කෙනෙක් නිසා සල්ලි වහිනවා ඇති…
මං ඒ ගැන හිත හිතම ගිහින් ඉස්සරහ තිබ්බ පඩියක පැටලිලා වැටෙන්න ගිහින් බේරුණේ අනූ නවයෙන්….

මං එකපාරම බැලුවෙ චූටි අයියා දිහා…එයත් බලන් හිටියෙ මං දිහා….
අපිව වෙල්කම් එකකින් පිළිගත්තට පස්සෙ මං පඩිපෙල නගින්න ගවුමත් අතින් ටිකක් ඉහළට උස්සන් කකුල තිබ්බා විතරයි…මං හිතන්නවත් කලින් චූටි අයියා මාව හරහට වඩාගෙන පඩිපෙළ නගින්න ගත්තෙ මං බයට රත් වෙද්දි….

අපි ආවෙ ලස්සන කාමරයකට….කාමරේ ඇතුලටම ආවට පස්සෙ තමයි මාව එයා බිමින් තිබ්බෙ… ලස්සන රෝස මල් වලින් හැඩ කරපු කාමරේ ඇද මත රෝස පෙති වලින් සරසලා තිබ්බම මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා…
ඇත්තටම මට මේ අවස්ථාවට මුහුණ දෙන්න වෙනවමද…..

මං මේ දේවල් වලට එපා කියන්නද…එහෙම කියන්නෙ කොහොමද….චූටි අයියා දැන් මගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා….මට එහෙම කියන්න පුළුවන්ද….මං මගෙ හිතෙන්ම ප්‍රශ්න කරගත්‍තා….

බයටම ඇස් වලින් කඳුළි එළියට පනිද්දි මං චූටි අයියා දිහා බැලුවෙ මොනා වුනත් මේ දේවල් මට නුහුරු නිසා….කවදාවත් කිසිම කෙනෙක්ට ආදරේ කරන්න තියා හිතලවත් නැති මං මේ වගේ දේවල් ගැන හීනෙකින්වත් හිතන්න ගිහින් නෑ…..

එයා ඒ වෙද්දි කාමරෙන් එළියට ගිහිල්ලා…. ඒත් එක්කම කාමරේට ආවෙ යුනිෆෝර්ම් එකක් ඇදගත්ත තරුණ ගෑණු ළමයෙක්….

” මැඩම්…මං ඔයාට චේන්ජ් කරගන්න උදව් කරන්නම්…” එයා මං ගාවට ඇවිත් ලස්සනට හිනා වෙලා කිව්වම මමත් එයාගෙ උදව්වෙන් චේන්ජ් කරගත්තෙ මට කොහොමත් තනියෙන් චේන්ජ් කරගන්න බැරි නිසා….

එයා මගෙ කොණ්ඩෙ තිබ්බ කොණ්ඩ කටු ගලවලා ජුවලරීස් ඔක්කොම ගලවන්න උදව් කරලා ගියා…..
මං ඉක්මනට තුවායත් අරගෙන අදින්න ලා කහ පාට චූටි අත් තියන දණහිසට තියන ගවුමත් අරන් නානකාමරයට වැදුනෙ චූටි අයියා ආපහු එයි කියලා බයෙන්….

මං නානකාමරයට ඇවිත් ඒකෙ තියන කණ්නාඩියෙන් බැලුවෙ මගෙම රූප දිහා….
සැරින් සැරේ අඬපු නිසා ඇස් රතු වෙලා….
චූටි අයියට නොපෙනෙන්න ඇඬුවත් එයාට මගෙ රතු වෙච්ච ඇස් වලින් තේරෙන්නැති ගොඩක් දේවල්…. ඒ නිසාම වෙන්නැති එයා ආපු ගමන් එලියට යන්නත් ඇත්තෙ….කොහොමත් එයා මට ඇති ආදරයක් නැහැනෙ… මේක නිකන් නමට කෙරුණු කසාදයක් විතරයි….

මගෙ ජීවිතේ ගැන මතක් වෙලා මටම ඇඬුනේ ඉකි ගගහා…
දවසකට කලින් මං කොච්චර සැහැල්ලු ජීවිතයක් ගත කරපු කෙල්ලෙක්ද… ඒත් අද ඉදන් මං හරියට ආදරයක් නැති..නිදහසක් නැති තැනක කොටු වෙලා…

මං පැයක් විතර අඬ අඬම මගේ කඳුළු වතුරට සේදිලා යන්න දෙන්නැති…. අතින් කට වහගෙනම මං ඉකිය නවත්තගෙන ඇස් වලින් ඔහේ කඳුළු වැටෙන්න දුන්නා…
අන්තිමට වෙන ඕන දේකට මූණ දෙන්න හිත හයිය කරගෙනම මං ඇඳුමත් ඇදගෙන කොණ්ඩෙත් පිහිදන් නානකාමරෙන් එලියට ආවා…
ඇද උඩ තිබ්බෙ චූටි අයියා ඇදන් හිටපු කෝට් එකයි එයාගෙ පර්ස් එකයි ෆෝන් එකයි….

ඒ කියන්නෙ මං නානකාමරේ ඉන්න අතරතුර එයා ඇවිත් ගිහින්….මං අඬනවා ඇහුනද…නෑ එහෙම වෙන්න බෑ…. මොකද මං කොච්චර කඳුළු පිටකලත් ඉකිගහන එක ආයාසයෙන්ම නවත්තගත්තෙ එයාට ඇහුණොත් කියලා බයට…

මං තෙත කොණ්ඩෙත් පිට මැද්දට කඩලා දාලා තුවායෙන් පිහිදන ගමන් කාමරේ තියන චූටි බැල්කනි එකට ගියේ නිකමට වගේ….

ඇස් අදහගන්නත් බෑ… හීනයක් වගේ….තනිකර මගෙ ඉස්සරහා පේන්න තිබ්බෙ නිල්ම නිල් පාට වතුර විතරයි…. ලොකුම ලොකු ගොඩනැගිලි එන්න එන්න පුංචියට පෙනෙද්දි මට තේරුනා මේ නැව යනවා කියලා…
ඇත්තටම ගොඩක් ලස්සනයි….මගෙ වටේටම මුහුද….මේ වගේ අත්දැකීමක් මීට කලින් තිබිලා නැති නිසා මං ආසාවෙන් ගොඩක් වෙලා බලන් හිටියෙ වට පිටාව…චූටි අයියට නම් මේක සුළු අත්දැකීමක් වෙන්නැති….එයාලට මොනවද අඩු….

එක පාරටම මං ගැස්සිලා කල්පනා කර කරපු ලෝකෙන් මේ ලෝකෙට ආවෙ ෆෝන් එකක් රින් වෙන සද්දෙට…
ඇද උඩ තියන චූටි අයියගෙ ෆෝන් එක රින් වෙන බව දැක්කෙ මං ඇතුලට ගියාම…ස්ක්‍රීන් එකේ වැටිලා තිබ්බෙ ‘ශාරන්‍යා’ කියලා…

අනුන්ගෙ ඇමතුම් වලට උත්තර දෙන එක එච්චර හරි නැති නිසා මං ඇහුනෙ නැති ගානට හිටියත් ෆෝන් එක දිගටම නොනවත්වා රින් වෙනවා…
එයා ඉන්න තැනකට ගිහිල්ලා දෙන්නවත් මං මේ නැවේ කොහෙ කියලා එයාව හොයන්නද…. ඊටත් වඩා මට මේ වගේ තැන් පුරුදුත් නෑ…
ඒ නිසාම මං ෆෝන් එකට උත්තර දුන්නෙ ෆෝන් එක දිගටම රින් වෙන නිසා හදිස්සියක් වෙන්නැති කියලා හිතලා…

” හෙ..”

” හෙලෝව්…තුහින….අනේ තුහින මං කියන දේ පොඩ්ඩක් අහන්න…. මං ඔයා හිතනවා වගේ රුක්ෂාන් එක්ක පැනලා ගියේ නෑ….එයා..එයා මාව කිඩ්නැප් කලා…ප්ලීස්…..අනේ තුහින….ඔයා මැරි කලාද…. අපේ ඩැඩීලා මාව රුක්ෂාන්ගෙන් බේරගද්දි ඔයා වෙන කෙනෙක්ගෙ වෙලාද…මං පරක්කු නෑ නේද… තුහින…ප්ලීස් කම් බැක් ටු මී…..තුහින ඔයාට මාව ඇහෙනවද… හෙලෝව් හෙලෝව්…”

මං හෙලෝ කියන්නත් කලින් එහා පැත්තෙන් කතා කරපු ගෑණු කටහඬ කියවගෙන ගියේ මට ආපහු වචනයක්වත් කතා කරගන්න ඉඩ නොදී…
එතකොටම තමා මට තේරුම් ගියේ මේ කතාකරන්නෙ කවුද කියලා..මේ චූටි අයියා බඳින්න හිටපු ගෑණු ළමයද…එතකොට එයා පැනලා ගිහින් නෙවෙයිද….

” අදිති….කවුද කතාකරන්නෙ…?” මගෙ හිතට එක එක විදිහෙ ප්‍රශ්න එද්දි වෙන්න යන්නෙ මොනවද කියලා තාමත් හරියටම තේරුමක් නැති වුනත් හිතට මහා අමුතුම බයක් , රිදීමක් දැනෙද්දි චූටි අයියා කතා කරපු පාරට මං ගැස්සිලා පිටිපස්ස බැලුවා…

එයා බලන් හිටියෙත් මං දිහා මං කතා කරන්නෙ කාත් එක්කද කියලා දැනගන්න….

” චු..චූටි අයියෙ….මෙහ්…..ඔ…ඔයාට කෝල් එකක්….” මං කිව්වෙ වෙව්ලන අත් වලින් එයාට එයාගෙ ෆෝන් එක දෙන ගමන්….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

හ්ම්ම්ම්…මුලින්ම සමාව ගන්නම් හැමකෙනෙක්ගෙන්ම…..
පෙරේදා තව කොටසක් දාන්න පොරොන්දු වුනාට දාන්න වුනෙත් නෑ…. ඒ වගේම ඊයෙ දාන්න වුනෙත් නෑ….ඒ හැමදේටම හේතු තිබුනත් මං ඔයාලට හේතු ඉදිරිපත් කරන්න යන්නෙ නෑ…මොකද ඔයාලා ඉන්නෙත් ආසාවෙන් මගෙ කතාව කියවන්න බලාගෙන…
මට මොන හේතුව තිබ්බත් මං ඔයාලට කරේ වැරැද්දක්……
ඒ නිසා මට නිදහසට හේතු කියන්න ඕනෙ නෑ…
ඔයාල බලන් හිටියට ස්තූතියි….

ඒ වගේම කියන්න ඕන…මේ කතාව කොටස් ගොඩාක් දිගට ලිය ලිය දිගට අදින්න මගෙ හිතේ නෑ….ලස්සනට සරලව ඉදිරිපත් කරලා ලස්සන අවසානයක් දෙන්නයි හිතන් ඉන්නෙ…
ගොඩක් දුරට මේ කතාවයි…විසේකාර සින්ඩරෙල්ලා කියන මගෙ ප්‍රොෆයිල් එකේ යන
කතාවයි…මගේ අවසන් කතා දෙක වෙයි…
මොකද ඊට පස්සෙ ඉතින් මං AL’S වලට සම්පූර්ණ අවධානය යොමු කරන්න ඕන… ඒකයි….
ඉතින් රැඳී සිටින්න කියලා ඉල්ලනවා මගේ අවසන් කතා දෙක සමඟ….
ගිහින් එන්නම්…..

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *