අහම්බෙන් හිමි වූ ඔයා… 11

11 කොටස

තාත්‍තා චූටි අයියා දිහත් බලාගෙන ඉදලා ආපහු මං දිහා බැලුවෙ මායි අම්මයි දෙන්නම බය වෙලා බලන් ඉද්දි…
මං හිතුවෙම තාත්තා දුම්මල වරම අතට ගනී කියලා…

” විජිතා…මේ චූටි පුතාට තේ එකක්වත් හදලා දුන්නද…”
ඒත් මුකුත්ම නොකියා ගෙට ගොඩ වෙච්ච තාත්තා චූටි අයියා දිහා බලන් ඉදලා අම්මගෙන් ඇහුවෙ මාව පුදුම කරලා…
අම්මත් බැලුවෙ බලාපොරොත්තු වෙච්ච නැති විදිහට…
විශ්වාසයි… චූටි අයියත් පුදුම වෙන්නැති….

” හදනවා සරත්….” අම්මා එහෙම කියලා කලබලෙන් ආපහු කුස්සියට දිව්වෙ මං තාමත් මේ වෙන්නෙ මොනවද කියලා එතන ඉදන් පුදුමෙන් බලන් ඉද්දි…

” තාත්තා මං නංගිව එක්කන් යන්න ආවෙ….”

චූටි අයියා එහෙම කියද්දිම මට ඇහුණ එකම වචනෙ තාත්‍තා…චූටි අයියට හරි නම් නෑකමට වෙන්නෙ මාමා…ඒත් දැන් මාව කසාද බැන්ද නිසා තාත්‍තා…ඒත් එයා මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් කටපුරෝලා එහෙම කතා කරාම අපේ තාත්‍තත් බැලුවෙ මං බලපු තරම් පුදුමෙන්…

ඒත් එක්කම තාත්තා බැලුවෙ මං දිහා….මං දිහා බලාගෙනම හිටියා තප්පර ගානක්….

” මං දවස් දෙක තුනක් හිටියෙ ශාරාන්‍යාගෙ ප්‍රශ්නෙ විසදගන්නකන් තාත්තා…දැන් ආපහු එයාලගෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ….ඒ නිසා…”

” සුදු දූ….ඔයාගෙ මහත්තයා එක්ක යන්න ලෑස්ති වෙන්න…”

චූටි අයියා කියද්දි එයාගෙ කතාවට බාදා කරලා තාත්තා මට කිව්වෙ මාව ආපහු වතාවක් පුදුම වෙද්දි…
හීනෙකින්වත් මං මෙහෙම දෙයක් හිතුවෙ නෑ…ඒත්…තාත්තා චූටි අයියට මුකුත් නොකියම මාව එයත් එක්ක යවන්න හදන්නෙ ඇයි…. සාධරණ වුනත් කොච්චර තරහක්ද තාත්තගෙ හිතේ තිබුනේ…
එහෙම එකේ මාව මෙහෙම එක පාරම යවන එක ගැන මගේ හිතේ ඇති වුනේ ලොකු ගැටළුවක්…
ඒත් මට තාත්‍තා යන්න ලෑස්ති වෙන්න කිව්වා විතරයි චූටි අයියගෙ කට කනේ…
අනේ මන්දා….මේ හැසිරීම් මට ගෙනාවෙ හරි ප්‍රෙහෙලිකාවක්…අපි එකිනෙකාට කැමත්තක් ඇත්තෙත් නෑ….ඒත් එයා එයාගෙ ආදරේ අත් ඇරලා… දැන් මාව එක්කන් යන්න හදනවා…
මොනා වුනත් ශාරාන්‍යා ගැන මට ඇති වුනේ දුකක්….එයත් මං වගේම කෙල්ලෙක්…එයාගෙ ආදරේ එයාට අහිමි වුනේ මං නිසා නේද…
මගෙ හිත මගෙන්ම ප්‍රශ්න කරන්න වුනා…

මං එහෙම හිත හිතම තාත්තවයි චූටි අයියවයි සාලෙ තනි කරලා කාමරේට එන්න ආවෙ බඩු ලෑස්ති කරගන්න…
එදා හදිස්සියට ආවා මිසක් මං නවතින්න ගෙනියපු ඇඳුම් බෑග් ඔක්කොම එහේ…ඒ නිසා ගන්න වැඩියමක් තිබ්බෙ නෑ….

” සුදු දූ…”අතට අහුවෙච්ච ලට්ට ලොට්‍ට ටිකක් මං බෑග් එකට ඔබාගද්දි තාත්‍තා කාමරේට ඇවිත් මගෙ උරහිසට අත තියලා කතා කරේ මං ගැස්සෙද්දි…

” තාත්‍තා…”

” මගේ කෙල්ල ගමේ උන්ගෙන් කතා අහන්න ඕනෙ නැති නිසයි මං යවන්නෙ…කොහොමත් චූටි පුතා නරක ළමයෙක් නෙවෙයි…නැන්දා මොනවා කිව්වත් කරබාගෙන ඉන්න…ඒ මගෙ දූගෙ නැන්දම්මා…” තාත්තා මගෙ ඔලුව අතගාලා කිව්වෙ මට තේරුම් ගන්න බැරි හැඟීම් ගොඩක් මූණෙ රඳවගෙන…

ඒත් මට එක දෙයක් පැහැදිලී… තාත්තා මාව ආයෙත් යවන්නෙ මං ගැනම හිතලා… මං කතා අහයි කියලා බයට…කසාදෙ කටු ගෑවෙයි කියලා තියන බයට….
චූටි අයියම මාව එක්කන් යන්න ආපු නිසා තාත්‍තා තරහා නිවාගෙන මගෙ අනාගතේ ගැන හිතලා…

” හා තාත්තා….මං ගිහින් ඉක්මනට එන්නම් මගෙ තාත්තව බලන්න…” මං එහෙම කියලා පොඩි කාලෙ ඉදන් විඳපු ඒ පපුවට තුරුල් වුනා…තාත්තා තරම් මට ලෝකයක් නැති තරම්….මගෙ තාත්තටත් එහෙමයි….

” හ්ම්ම්ම් දැන් ලෑස්ති වෙන්න මයෙ මැනික…” එහෙම කියලා තාත්‍තා මගෙ ඉස්මුදුන සිඹලා කාමරෙන් යන්න ගියා…

මං ඉක්මනට ලෑස්ති වුනේ චූටි අයියා බලන් ඉන්න එක ගැන හිත හිත…මට ලෑස්ති වෙන්න කියලා කොයි වෙලේද…මං තාම ලෑස්ති වෙනවා….
තද රෝස පාට හීනි අත් තියන ගවුම ඇදලා ඒකටම පොඩි ශයින් බෙල්ට් එක දාලා ගැලපෙන්න සෙරෙප්පු දෙකකුත් දාගෙන , කොණ්ඩෙටත් පොඩි කටුවක් ගහගෙන වනා දාගෙන එලියට ආවෙ හදිස්සියට….

වෙන කොහෙද බලන් හිටපු චූටි අයියා මං දිහා බැලුවෙ තප්පරේට….
මගෙ උඩ ඉදන් පහළටම ඒ ඇස් යැව්වා.. මං ඉක්මනට කුස්සියට දිව්වෙ මාව රතු වෙන්න කලින්… නැත්‍තන් ලැජ්ජාව….

අම්මටයි තාත්තටයි කියලා වැඳලා අපි එලියට ඇවිත් එයාගෙ ප්‍රාඩෝ එකට නැග්ගෙ වචනයක්වත් කතා නොකර….
වචනයක් කතා කලේ නැති වුනත් ඒ ඇස් සැරින් සැරේ මං දිහා බලනවා කියලා තේරුනේ අපි ටික දුරක් යද්දි…මං කළු වීදුරුවෙන් එලිය බලාගෙනම එන්න ආවෙ ඒ නිසාමයි…

ටිකකින් වාහනේ ඇවිත් නතර කලේ කැන්ඩි එක ළඟ… ඒ එක්කමයි මං එයා දිහා බැලුවෙ…

” බහින්න…” මං බලනවත් එක්කම මං දිහා බලපු චූටි අයියා කිව්වෙ දොර ඇරලා බහින්න හදන ගමන්…

මාත් මුකුත්ම නොකියා බැහැලා එයා පස්සෙ ගියා….කැන්ඩි එකේ ෆ්‍රොක්ස් තියන පැත්තට ගිහිල්ලා එයා එතන හිටපු ගෑණු ළමයෙක්ට මොන මොනවදෝ කිව්වා…
මට ඇහුනේ නෑ….

” එන්න මැඩම්…” එහෙම කියලා ඒ ගෑණු ළමයා මාව එක්කන් ගියේ පාර්ටි ෆ්‍රොක්ස් තියන රැක්
එකක් ළඟට…

ඒ එක්කම එයා නිල් පාට ගවුමක් අරන් මගෙ ඇඟට තියලා චුටි අයියා දිහා බැලුවා…
ඒත් එක්කම චූටි අයියා ඔලුව දෙපැත්තට වැනුවෙ හරි නෑ කියන්න වෙන්න ඕන…
ඒ විදිහට ගෑණු ලමයා ගවුම් කීපයක්ම මගෙ ඇඟට තිය තිය බැලුවත් චූටි අයියා නෙවෙයි හොඳයි කිව්වෙ….

බැරිම තැන වෙන්නැති චූටි අයියා ඊට එහා තිබ්බ රැක් එකක් ළඟට ගිහිල්ලා ටිකක් වෙලා ඇඳුම් එහා මෙහා කර කර බලලා කළු පාට දිග ලේස් ගවුමක් අරන් ඇවිත් මගෙ ඇඟට තිබ්බෙ මං පුදුම වෙලා එයා දිහා බලද්දි….
ඇත්තටම ඒක ගොඩක් ලස්සනටයි මට පෙනුනෙත්…

” වාව් සර්…ඒක නම් මැඩම්ට ලස්සනයි ගොඩක්…” එහෙම කියලා ඒ ගෑණු ළමයා මට පෙන්නුවෙ ෆිටෝන් රූම් එක…

මං ෆිටෝන් කරල බැලුවා…ඇත්තටම ගොඩක් ලස්සනයි…එළියට ගිහින් චූටි අයියට පෙන්නන්න හිතුනත් ආයෙම එපා කියලා හිතුනෙ එයා මොනවහරි හිතුවොත් කියලා බය හිතුන නිසා…

මං එළියට එද්දි චූටි අයියා ශූස් තෝරනවා…ලස්සන සිල්වර් හයි හීල්ස් ශූස් දෙකක් එයා අරන් ඇවිත් නැවිලා මගේ කකුල් දෙක ගාවින් තිබ්බම මං දාන් හිටපු සෙරෙප්පු දෙක ගලවලා ඒ දෙක දැම්මෙ වටපිට බල බල…
ඇත්තටම ගොඩක් මිනිස්සු අපි දිහා බලාගෙන…ශොප් එකේ මිනිස්සුත්….චූටි අයියා ක්‍රිකටර් කෙනෙක් නිසා වෙන්නැති…
වටපිට බලන්න ගිහින් සපත්තු දෙක දාද්දි ඇදගෙන වැටෙනවා තව පොඩ්ඩෙන්…හදිස්සියට අල්ලගත්තෙ චූටි අයියගෙ ශර්ට් එක…
එයත් ලාවට හිනා වුනේ මං ආපහු ලැජ්ජාවෙන් අත ගද්දි…

මං දැනුවත්ව ගත්තෙ ජාති දෙක‍යි වුනත් චූටි අයියාගෙ අතට බෑග්ස් ගොඩක් කැෂියර් එකෙන් දුන්නා…
මොනවද මේවල මෙච්චර…මං ෆිටෝන් කරන අතරතුර මෙයා එයාට බඩු ගොඩක් අරගෙනද කොහෙද….
මං අත දික් කරලා ඒ බෑග් දෙක තුනක් ගන්න හැදුවත් එයා මුකුත් නොකියම ගිහින් ප්‍රාඩෝ එකේ පිටිපස්සෙ දොර ඇරලා බෑග්ස් ටික ඇතුළට දාල ඩ්‍රයිවින් සීට් එකට ආවා…
මේ ඇඳුම් ගත්තෙ මොකටද කියන එක තමා මට මේ වෙලාවෙ තියන ලොකුම ප්‍රශ්නෙ වුනේ…
ඒකත් හිත හිතම මං වාහනේට නැග්ගෙ මේ ලෝකෙ සිහියකින් නෙවෙයි…

ගෙදරට එනකන්ම අපි දෙන්නා අතර තිබ්බෙ ආපහු ලොකු නිශ්ශබ්දතාවක්….
විසාල ගේට්ටුවෙන් ඇතුලට වාහනේ දාලා අපි ගෙදරට ගොඩ වෙද්දි පේන්න කවුරුත්ම නෑ…

” ආහ්…අදිතිව එක්කන් ආවද…” එහෙම කියාගෙන පඩිපෙළ බැස්සෙ නැන්දා….

” ඔව් අම්මා…”

” හොඳ වෙලාවට…නැත්තන් අද මිස්ටර් ඒකනායකලගෙ පාර්ටි එකට යන්න වෙන්නෙ නෑ….අලුත ගෙනා ලේලි නෑ කිව්වම ලැජ්ජ වෙන්න තමා වෙන්නෙ..”

නැන්දා එහෙම කිව්වම මගෙ ඔලුව උඩ අකුණක් පිපිරුවා වගේ දැනුනා…
එතකොට මේ දේවල්….පාර්ටි එකටද….
හදිස්සියේ මාව එක්කන් ආවෙ පාර්ටි එකකට යන්න ඕන නිසාද..එයාලට ලැජ්ජ වෙන්න බැරි නිසාද…
ඇස් වලට කඳුළු පිරෙන්න වගේ එද්දි මං බැලුවෙ චූටි අයියා දිහා…

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

කතාව දාන්න මෙච්චර පරක්කු කලාට සමාවෙන්න… කොහොමහරි දැම්ම එක ගැන තතුටු වෙන්න 😂

ඉතින් කතාව ගලාගෙන යන විදිහට ඔයාල කැමතිද….
කියන්න බලන්න…..
මං හිතනවා මං වගේම අදිතිටයි තුහිනටයි ඔයාලා ආදරේ කරනවා කියලා ගොඩක්…

සමාවෙන්න ඕන ඒත් මේක කියන්නම ඕන… මට ඊළඟ දවස් දෙකේම කතාව දාන්න වෙන එකක් නෑ….
මොකද මගෙ ඉස්කෝලෙ කෑම්ප් එකකට මං සහභාගි වෙන්න ඉන්නවා…ඉතින් ඒ වගේ තත්වයක ඉදන් මට කතාව ලියන්න බෑනෙ….ලිව්වත් ලස්සනට ලියවෙන්නෙ නෑ කියන්න ඔයාලා දන්නවනෙ….
හිතනවා තේරුම් ගනී කියලා…. ගිහින් එන්නම්

මතුසම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *