අහම්බෙන් හිමි වූ ඔයා… 13

13 කොටස

” ච්..ච්..චූටි අයියෙ මං…..” මං චූටි අයියා දිහාම බලාගෙන වෙව්ල වෙව්ල කටට එන දෙයක් කියන්න හදද්දි චූටි අයියා තවත් ළං වුනේ මගෙ මූණට….
ඒ හුස්ම තවත් හයියෙන් මගේ මූණෙ වදිද්දි මං කියන්න ගියපු දේත් මට කියාගන්න පුළුවන් උනේ නෑ…

” චූටි පුතා…මොකද වුනේ…කවුද කෑගැහුවෙ…” චූටි අයියා මගෙ මූණට තව තවත් ළං වෙද්දි එළියෙන් ඇහුනෙ නැන්දගෙ කටහඬ…
ඒත් එක්කම අපි දෙන්නම අපි දෙන්නගෙන් ඈත් වුනේ විදුලියක් කෙටුවා වගේ….

” මේ…මේ මුකුත් නෑ අම්මා…..මේ කැරපොත්තෙක් දැකලා බය වෙලා….” චූටි අයියත් හඬ උස් කරලා එලියට ඇහෙන්න කිව්වෙ මං දිහාම බලාගෙන….

” ඉක්මනට ලෑස්ති වෙන්න…” එහෙම කියපු චූටි අයියා එයාගෙ ඇඳුම් අරන් නානකාමරේට ගිහින් ඇඳන් ආවා…

එයා එනකන්ම මං ඇස් වටේ කරකවකව බැලුවෙ මගෙ ඇඳුම් බෑග් ටික කොහෙද කියලා….
අශිකා අක්කා කිව්ව විදිහට ඒ ටික චූටි අයියගෙ කාමරේ තියෙන්න ඕන…ඒත් පේන්නවත් නෑ….

” ඇඳුම් කබඩ් එකේ….” මං කරගන්න දෙයක් නැතුව බලන් ඉද්දි එයා එහෙම කියලා ඔලුවෙන් එයාගෙ ලොකුම ලොකු අල්මාරිය පෙන්නුවෙ මගෙ හිත කියෙව්වා වගේ…

මං ඒ ලොකු අල්මාරියේ දොර පියන් දෙකක් තුනක් ඇරලා බැලුවත් තිබ්බෙ චූටි අයියගෙ ඇඳුම්ම විතරයි…
ඊළඟට ඇරපු පැත්තෙ ලස්සනට පිළිවෙලට තනිකරම අහුරලා තිබ්බෙ මගේ ඇඳුම්…..කවුද මේවා මේ විදිහට පිළිවෙලට තියලා තියෙන්නෙ..සමහරවිට සෝමා නැන්දා වෙන්නැති…නැත්තන් මේ ගෙදර වෙන කවුද මං වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙකුට ඉන්නෙ…

මං නානකාමරේට වැදිලා ඇඟපත සෝදගෙන අද කැන්ඩි ගිහින් චූටි අයියා අරන් දුන්න කලු පාට ෆ්‍රොක් එක ඇඳලා ශූස් දෙකත් දාගෙන කොණ්ඩෙත් කඩලා පුංචි කට්ටක් විතරක් ගැහුවෙ පාර්ටි එකක් නිසා….

ඒත් එක්කමයි චූටි අයියා කාමරේට ආවෙ…එයත් ෆුල් සූට් ඇඳලා කොණ්ඩෙ උඩට කරලා හදලා ගොඩක් කඩවසම්….
චූටි අයියා එනවත් එක්කම එයාගෙ පැත්තට හැරුණ මං එයා දිහා බැලුවෙ කරගන්න දෙයක් නැතුව….

” අපි ආවට කමක් නෑ නේද……අම්මේ බලන්නකො රුහී ඔයාගෙ පුංචිගෙ ලස්සන…..නේද…” එහෙම කියාගෙන චූටි දෝණිවත් වඩාගෙන කාමරේ දොර ළඟට ආවෙ අශිකා අක්කා…

” එන්න අක්කා…” එහෙම කියලා චූටි අයියා ආපහු එයාගෙ පර්ෆියුම් එක අරන් ඇඟ වටේටම ස්ප්‍රේ කරන්න ගත්තා…

” බාප්පි..පුංති තෝයි නේද…ලත්තනයි….” රුහිනි දෝණි එහෙම කියාගෙනම මං ළඟට ආවාම මං දෝණිව වඩාගත්තෙ හරි ආදරෙන්…

ඒ වෙද්දිත් චූටි අයියා මං දිහා බලන් ඉන්න බව දැක්කෙ මං ඇස් කොනෙන්…

” අම්මෝ ඇස් වහ වැදෙයි කෙල්ලෙ…කොණ්ඩෙ මෙහෙම කඩන් යන්න එපා….” අක්කා එහෙම කියාගෙනම මගෙ දණටත් පහළින් තියන කොණ්ඩෙ අල්ලලා ගොතන්න ගත්තා….

මං මුකුත්ම කියන්නෙ නැතුව දෝණිවත් උකුළෙන් තියාගෙනම ඇඳෙන් ඉදගත්තෙ අක්කා මගෙ කොණ්ඩෙ අමුතුවට පැත්තට දාලා ගොතලා ලස්සන හෙයාස්ටයිල් එකක් දාද්දි….
ඇත්තටම එහෙම ලස්සනයි…
ඒ කරලා මේකප් සෙට් එකකුත් උස්සන් ඇවිත් ලාවට පොඩි මේකප් එකකුත් දැම්මෙ එතනට එන හැමෝම එන්නෙ එම්බාම් කරපු මල මිනී වගේ කිය කිය…
ඇත්තටම මට දැනුනෙ මේ මගේම අක්කා කෙනෙක් කියලා…ඒ තරමට අපි ළෙංගතු වුනා මේ ටික වෙලාවට…

” මේකත් අතට ගන්නකො…දැන් නම් පර්ෆෙක්ට්…” එහෙම කියලා මගෙ අතට අක්කා දුන්නෙ පර්ස් එකක්….බැලු බැල්මට රුපියල් පන්දාහක් හයදාහක්වත් වටිනවා ඇති…මගෙ ගවුමටම ගැළපෙනවා…

” දැන් ලස්සනයි නේද මල්ලි…” ඉවර වෙලා මාව චූටි අයියගෙ පැත්තට හරවන ගමන් අක්කා ඇහුවෙ චූටි අයියගෙන්…

” හ්ම්ම්ම්…ලස්සනයි….” මං ලැජ්ජාවෙන් බිම බලන් ඉද්දි එයා කියනවා මං අහගෙන…

පැය බාගයක් විතර ගියාට පස්සෙ අපි ආවෙ ලොකු හොටෙල් එකකට….බලන බලන හැම පැත්තෙම ලයිට්ස් වලින් සරසලා ගොඩක් ලස්සනයි….ඒ වගේම අක්කා කිව්වා වගේම එම්බාම් කරලා වගේ මේකප් උලාගත්ත ගෑණුයි… ඉන්ග්ලිශ් වලින් හරි හරියට කතා කරන ෆුල් සූට් ඇඳගත්තු පිරිමියි විතරයි…වෙනසක් නැතුව දෙගොල්ලන්ගෙම අත් වල එක එක වීදුරු නම් තිබ්බා…

කීප දෙනෙකුටම චූටි අයියා මාව අඳුන්වලා දුන්නෙ එයාගෙ බිරිඳ විදිහට…මාත් ඒ අය එක්ක සුහදව කතා කලේ අපේ විවාහ ජීවිතේ ඇතුළාන්තෙන් මොන වගේ වුනත් ගෙයි ගිණි පිටට දෙන්න ඕන නැති නිසා…

” අදිති..මේ ඉන්නෙ ඒකනායක අන්කල්..අපේ තාත්තිගෙ හොඳම යාළුවෙක්…”

” හෙලෝ දූ…”

” හෙලෝව් අන්කල්…”

” එතකොට මේ ඉන්නෙ ශේන් ඒකනායක…ඒකනායක ගෲප් එකේ අනාගත ඕනර්….අන්කල්ගෙ පුතා…” චූටි අයියා මට අඳුන්වලා දුන්නෙ චූටි අයියගෙම වයසෙ විතර කඩවසම් පෙනුමක් තිබ්බ පිරිමි ළමයෙක්…

” හෙලෝව්…”

” හෙලෝව්…” මං හිනා වෙලා අතට අත දුන්නත් මං ඉක්මනට මගෙ අත ඒ අතෙන් ගලවගන්න හැදුවෙ ඒ මූණෙ තිබ්බ අමුතු බැල්මට…
මහා අමුතු බයක් ඒ මූණ දකිද්දි මට ඇති වුනේ ඒ විදිහටම එයා මං දිහාම බලන් හිටපු නිසා…

ටිකකින් චූටි අයියා මාව තනි කරලා එයා අඳුරන කෙනෙක් එක්ක කතාවට ගියාම මං කලේ පැත්තකට වෙලා මේ වෙන දේවල් පාඩුවෙ බලන් හිටපු එක…
ඇත්තටම මං ජීවත් වෙච්ච පරිසරයයි චූටි අයියා ජීවත් වෙච්ච පරිසරයයි කොච්චර වෙනස් ද කියලා මට තේරුනේ මේ දේවල් දිහා බැලුවම…

” හායි….” එහෙම කියාගෙනම මං හිටපු ටේබල් එක ළඟට ආවෙ වෙන කවුරුත් නෙවෙයි චූටි අයියා කලින් බඳින්න හිටපු ශාරාන්‍යා…
ඇඟට හිර වෙච්ච කොටම කොට ගවුමකුත් ඇදගෙන මෙතන ඉන්න හැමෝගෙම අතේ තියන වීදුරුවකුත් අතේ තියාගෙන මං ඉස්සරහින් ඉන්න ශාරාන්‍යා දිහා බලාගෙනම මං කල්පනා කලේ නැන්දා මේ කෙල්ලව චූටි අයියට බන්ඳන්න හැදුවෙ මේ කෙල්ලගෙ මොනා බලලද කියලා…
මං හිතින් හිත හිතම එයා එක්ක හිනා වුනේ එයත් මං දිහා හිනා වීගෙනම බලන් ඉන්න නිසා…

” අදිති…? ඈම් අයි කරෙක්ට්…” එයා මං හිටපු ටේබල් එකේ ඉස්සරහින් ඉදගෙනම ඇහුවෙ මගෙ දිහාට ඇගිල්ල දික් කරලා…

” යාහ්…” මාත් හිනා වීගෙම උත්තර දුන්නෙ අපි අතර මොනවගේ දෙයක් තිබුනත් මාත් එක්ක හිනා වෙලා කතා කරන නිසා මනුස්ස කමට…

” එදා ආපු වෙලාවෙ මට ඔයත් එක්ක කතා කරන්නවත් හම්බුනේ නෑ නෙ….මං ශාරාන්‍යා…එතකොට ඔයා අදිති…තුහිනගෙ ෆයිෆ්..නේද..” ශාරාන්‍යා ඒක කිව්වෙ සුහදව ද හිතේ තරහක් පිරිමහගන්නද කියලා මට තේරුම් ගන්න බැරි වුනා…

මං කලේ එයාට හිනා වෙච්ච එක විතරයි…

” තුහින එයාගෙ අලුතින් ගෙනාපු මනමාලිට ගොඩක් ආදරේ පාටයි…” එයා කිව්වෙ කට කොණින් හිනා වෙලා එයාගෙ අතේ තිබ්බ වීදුරුව තොල ගාන ගමන්…

” ඇයි එහෙම කියන්නෙ…” නිකන්ම කටවහන් ඉන්නත් බැරි නිසා ශාරාන්‍යාගෙන් මං එහෙම ඇහුවා…ඊටත් වඩා මට එයා ටිකකට කලින් කියපු දේ නිසා ඇති වුනේ ඒ ගැන දැනගන්න කුතුහලයක්…මොකද අපි දෙන්න අතර කිසිම සම්බන්ධයක් මේ වෙනකන් නෑ…කසාඳ බැඳපු පලියට දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙන්නෙත් නෑ….

” නෑ ඉතින්…තුහින ඔයා නිසා මාව එපා කියන්න තරම්…මට නම් හිතාගන්නත් බෑ එයාගෙ චොයිස් එක කොහොමද එච්චරටම වෙනස් වුනේ කියලා..” ශාරාන්‍යා ඒ ටික කිව්වෙ මං දිහා උඩ ඉදන් පහළට බලන ගමන්…

මං එයා මොනව කිව්වත් ලාවට හිනා වෙලා බිම බලාගෙනම හිටියා…

” ඒ වලින් වැඩක් නෑ…දැන් ඉතින් ඔය දෙන්න මැරි කරලනෙ…මට මැද්දට එන්න තුහින කොහෙත්ම ඉඩ තියන්නෑ ඔය දෙන්නගෙ…බයි ද වේ….විෂ් යූ අ හැපි මැරේජ් ලයිෆ්…” එහෙම කියලා ව්‍යාජ හිනාවක් මූණට ආරූඪ කරගෙන ශාරාන්‍යා මගෙ පැත්තට දකුණු අත දික් කරාම මං මගෙ අත එයාගෙ පැත්තට දික් කලේ නොදී ඉන්න බැරි කමට වගේ…

” ආහ් වේයිට්….ඔයාට බොන්න මුකුත්ම ලැබිලා නෑ නෙ….වේටර්…..වන් ශැම්පේන් ග්ලාස් ප්ලීස්…” එහෙම කියලා ශාරාන්‍යා වේටර් ගෙනාපු වීදුරුවක් ට්‍රේ එකෙන් අරන් මගෙ පැත්‍තට දික් කලේ මගෙ මූණ හැකිලෙද්දි…

” නෝ තෑන්ක්ස්…” මං එහෙම කිව්වත් ශාරාන්‍යා බලෙන්ම මගෙ අතට වීදුරුව දුන්නත් මං ඒක බොන්න තියා හිතුවෙවත් නෑ..
මේ වගේ සැර ජාති කොච්චරවත් මෙතන ඉන්න ගෑණු බිව්වට මං ඒ විදිහට හැදුනු කෙල්ලෙක් නෙවෙයි…

” අයියෝ මොකද්ද අදිති…තුහිනගෙ ෆයිෆ් වුනාට පස්සෙවත් ඔයාගෙ ඔය ගොඩේ ගති ඇරගන්න හිතෙන්නෙ නැද්ද….තුහිනටත් එක්ක ලැජ්ජයි…කෝ කෝ ඕක බොන්න…මුකුත් වෙන්නෙ නෑ ළමයො…” එහෙම කියලා ශාරාන්‍යා මං ගාවට ඇවිත් මට බලෙන්ම ඒ වීදුරුවෙ තියන ඒවා පෙව්වෙ මට කරගන්න දෙයක් නැති වෙද්දි….

පපුව පිච්චෙනවා වගේ දැනෙද්දි විනාඩි කීපයක් ගියාට පස්සෙ මට දැනුනෙ මාව කරකැවෙනවා වගේ…

” ශාරාන්‍යා…” වටපිටාව ඔක්කොම බොඳ වෙලා වගේ පේද්දි මං මගෙ ළඟ හිටපු කෙනාව අල්ලගත්තෙ ශාරාන්‍යා කියලා හිතලා…

” හේයි බේබි…වට් හැපන්ඩ්…ආ යූ ඕකේ…” එහෙම කියාගෙම මාව ඒ ඇඟට වත්තම් කරගත්තෙ ශේන් කියන අර මහ මූසළ මනුස්සයා…

” චූටි අයියාහ්….”

” ඕහ්….ඔයා පොඩ්ඩක් ටූ මච් අරන්..ඉන්න මං ඔයාව ඔයාගෙ තුහින ළඟට එක්කන් යන්නම්..” මං අමාරුවෙන් වචන කියද්දි ඒ මිනිහා එහෙම කියලා මාව වත්තම් කරන් එක්කන් ආවෙ කොහෙටද කියලවත් මං දන්නෑ….
ඇඟට පණ නැති කැරකැවිලි ගතිය නිසා මට ඒ මිනිහගෙන් අයින් වෙන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඔන්න පොරොන්දු වෙච්ච විදිහට මං ආවා ආපහු….දැන් මොකක් වෙයි කියලද හිතන්නෙ….අදිතිට කරදරයක් වෙයිද….

කොටාගෙන යමුකො බලන්න….

ලයික් කමෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි…..
ගොහින් එන්නම්…මේ කොටස පොඩ්ඩයි කියන්න එපා දෙනෝ ඩෝං ගාලා…
🔫

මතුසම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *