අහම්බෙන් හිමි වූ ඔයා… 22

22 කොටස

” අනේහ් අම්මාහ්…” දොර අරිද්දි හිටියෙ වෙන කවුරුත් නෙවෙයි මගේ අම්මයි…මගේ ආදරණීය තාත්තයි…..

මං දැකපු ගමන් ගිහින් දෙන්නවම බදාගත්තෙ ඇත්තටම හිතේ ඇති වෙච්ච සතුටින්….

” අම්මාහ්….එන්න ඇතුළට…..තාත්තා එන්න…..” මං තාත්තට තුරුලු වෙලාම ගේ ඇතුළට ආවේ ඒ දෙන්නත් එක්කම….

” කෝ ඉතින්…සුදූට අපිව චූටි පුතා එක්ක ගියාට පස්සෙ මතක් වෙන්නෙත් නැහැනෙ…අපිම ආවා බලලා යන්න….” අම්මා කිව්වෙ විහිලුවට වුනත් නෝක්කාඩුවට…

” අනේ අම්මා ඉතින් මට තනියම එන්න බැහැනෙ….චූටි අයියත් දවස් ටිකේම හිටියෙ නෑ ගෙදර හරියෙ….පෝය දවසෙ විතරයි හිටියෙ…ඒත් මං ඉතින් කියන්න ගියේ නෑ අම්මාහ්…” මං කිව්වෙ ඇත්තටම හිතේ ඇති වෙච්ච දුකෙන්…

චූටි අයියා එක්ක දවසකට වචන දහයක්වත් කතා නොකරන මං කොහොමද කටක් ඇරලා එයාගෙන් ගෙදර යමුද කියලා අහන්නෙ…
මං එහෙම කියපු ගමන් අම්මගෙ මූණ කළු වුනේ මං කියපු දේ නිසා….

” මොකද සුදු දූ….චූටි පුතයි ඔයයි අතර….” අම්මා අහන්න සැරසුනේ මොනවද කියන්න මං හොඳටම දන්නවා…

” අනේ නෑ අම්මාහ්…එයා ඉතින් ප්‍රැක්ටිස් ගිහින් මහන්සි වෙලානෙ එන්නෙ…..අනිත් එක මං තනියම එන්න දන්නෙ නෑ නෙ ඒ ගෙදර ඉදන්….දැන් නම් පුළුවන්…මං කැම්පස් ගිහින් ඒ ගමන් අම්මලවත් බලලා යන්න එන්නම්කෝ…” අම්මා අහන්න ගියේ අපි දෙන්නා ගැන වුනත් මං ඉක්මනට ඒ ප්‍රශ්නෙ අහන්නත් කලින්ම මඟ හැරියෙ නිකන් ඒ හිතට දුකක් දෙන්න ඕන නැති නිසා…

ඊටත් වඩා චූටි අයියා ගැන ඉස්සර හිතපු විදිහට නෙවෙයි දැන් මේ හිත හිතන්නෙ…..
මොකද්දෝ කියාගන්න බැරි සෙනෙහසක් මගේ හිතේ එයා ගැන තියනවා…..

” ආහ් ඒක මිසක්….” අම්මා එහෙම කිව්වෙ ආපහු පෙර හිනාව මූණට අරන්…

” ඒක නෙවෙයි අම්මා….අම්මලා කොහොමද අද අපි මෙහෙ ආවා කියලා දන්නෙ…” මං ඇහුවෙ අම්මලට බොන්න මොනවහරි හදන්න කුස්සියට යන ගමන්….

” චූටි පුතා කෝල් කරලා කිව්වෙ අද රෑට කෑමට එන්න කියලා….කොහෙද ඉතින් දෝණියැන්දෙක් ඉන්නවා….වැඩකට තියනවද….” අම්මා කිව්වෙ කුස්සිය පැත්තට එන ගමන්….

ඒ කියන්නෙ චූටි අයියා තමා අම්මටයි තාත්තටයි එන්න කියලා තියෙන්නෙ…..
මගෙ හිතට දැනුනෙ ලොකු සතුටක්….මගේ අම්මවයි තාත්තවයි එයාටත් මේ වගේ දවසක මතක් වුන එක ගැන මට ඇති වුනේ එයා ගැන ගෞරවයක්….

” ඔයාව පුදුම කරන්න ඕනෙ කියලා ඔයාටත් නොකියම එන්න කියලා කිව්වෙ ඕං…” අම්මා එහෙම කිව්වට පස්සෙ මට ඉබේම හිනාවක් ගියේ චූටි අයියා මතක් වෙලා…

ඔයා ඒ තරමට මගෙ හිතට දැන් ළං වෙලා චූටි අයියෙ….මං එහෙම හිත හිතම හදපු බීම ටික වීදුරු වලට දාන්න ගත්තා….

ඒත් එක්කම මට ඇහුනෙ තාත්තා එක්ක හරි හරියට කතා කරන චූටි අයියගෙ කටහඬ….
එයා වොශ් දාගෙන ඇවිත්ද කොහෙද….

” සුදූ….” තත්පර ගානක් යන්නැති…..
කුස්සියේ දොර දිහායින් චූටි අයියගෙ කටහඬ ඇහුනම මං ඉක්මනට එයා දිහා බැලුවෙ මගේ හිත හැමතිස්සෙම ඇස් මානෙට එයාවම හොයන නිසා වෙන්නැති….

” ආහ්…”

” හදිස්සියේම අම්මටයි තාත්තටයි ඉන්වයිට් කලාට අපිට කිසිම දෙයක් ලෑස්ති කරගන්න බැරි වුනානෙ…මං හොටෙල් එකකින් කෑම ඕඩර් කරන්නම්…මොනවද ඕනෙ….”

මං බලාගෙන හිටියෙ මගේ අම්මටයි තාත්තටයි කට පුරා අම්මා තාත්‍තා කියලා කතා කරන ඒ රූපෙ දිහා….
ආමි ශෝර්ට් එකට අලු පාටට හුරු ටී ශර්ට් එකක් ඇඳලා….කොණ්ඩෙත් වතුර බේරෙනවා….මං බලාගෙනම ඉන්නැති ගොඩක් වෙලා…

” සුදූ….”

” ආහ්…හ්..” එයා ආපහු මට කතා කරද්දි තමා මං මේ ලෝකෙට ආවෙ….

” අපි මොනවහරි හදමු…පුංචියට…..මං දැක්කා ෆ්‍රිජ් එකේ එහෙම බඩු තියනවා….” මං කිව්වෙ චූටි අයියා දිහත් වතාවක් බලලා අම්මගෙ දිහාවට හැරිලා….

” ඔව් පුතේ….මහ හැටි දෙයක් මොකටද….අනික අද ආවා විතරනෙ මෙහෙට ඔයාලා…..” අම්මත් එහෙම කිව්වම චූටි අයියා මං දිහා බැලුවෙ හිනා වීගෙනම….

අම්මා මට උයන්න උදව් කරන්න හැදුවත් මං අම්මව සාලෙට යැව්වෙ තාත්තා එක්ක ඉන්න කියලා බලෙන්මයි…..
කෑමට ආරාධනා කරලා උයවගන්න පුළුවන්ද…මාත් දැන් මගේ අම්මා වගේම වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ගෙ බිරිඳක්…මං එහෙම හිතුවෙ චූටි අයියව මතක් කර කර තනියම හිනා වෙවී…

මං හැදුවෙ පැස්ටා හදලා මීට්බෝල්ස් කරි එකක් හදන්න…මහ දේවල් ඕන නෑ අම්මටයි තාත්තටයි….කොහොමත් එයාලා මහ අටෝප කෑම බීම වලට කැමතිත් නෑ…..
ඊටත් එහා මගෙ අම්මයි තාත්තයි අපිට පිට අය නෙවෙයි….

මං එහෙම හිත හිතම කැරට් ලීක්ස් හෝදලා අරන් කපන්න ගත්‍තා…..කුස්සියේ ටයිල් බැම්ම උඩ තියාගෙන ටයිල් බැම්මට හේත්තු වීගෙනම මං එළවලු ටික කපද්දි මට දැනුනෙ කවුරුහරි මගේ පිටිපස්සෙන් ඇවිත් මාව වට කරගත්තා වගේ….

ඒ එක්කමයි මං ගැස්සිලා පිටිපස්ස බැලුවෙ….
චූටි අයියා මගෙ පිටිපස්සෙන් මාව වට කරලා ඒ අත් දෙක බැම්ම උඩ තියාගෙන මගෙ ඇඟට බර වෙලා….
මාව සීතල වෙලා ගියේ තාමත් වතුර බේරෙන කොණ්ඩෙන් වැටෙන වතුර බිංදු මගෙ බෙල්ල පාමුල උරහිස හරියට වෙන්න වැටෙද්දි…..

” උදව් කරන්න ආවෙ මං…” එයාගෙ කම්මුල් යන්තම් මගෙ බෙල්ලෙ වදින තරමට මට ළං වෙලා එයා මට හෙමින් කියද්දි ඒ ස්පර්ශයෙන් මගේ ඇඟේ හිරිගඩුත් පිපුනා….
ඒ මූණෙ ගානට වැවිලා තියන රැව්ල මගේ බෙල්ල හරියෙ වදිද්දි මට දැනුනෙ සියුම් කිතියක්….
ඒ නිසාම මං බෙල්ල හකුළගත්තෙ කිතිය ඉවසන්න බැරිකමට

” ච්.චූටි අයි…යෙ…” මං අමාරුවෙන් හරි වචන ගළපන් කතා කරන්න හදනවත් එක්කම බැම්ම පැත්තට හැරිලා හිටපු මාව එයා එයාගෙ පැත්තට හරවගත්තෙ මගෙ ඉනෙන් අල්ලලා….
මේ හැම නුහුරු ස්පර්ෂයක් එක්කම මගෙ හිතට දැනුනෙ එකම එක දෙයයි…..
මං මේ දේවල් වලට ආසයි කියන එක…. මං චූටි අයියට ආදරෙයි නේද…..
ඒ ආසාව…එයා වෙනුවෙන් මගේ හිතේ තියන ආදරේට සාක්ෂි නේද…
තාත්තගෙන් පස්සෙ ජීවිතේ පළවෙනි පාරට මං උණුහුම හොයන පිරිමියා චූටි අයියා නේද………..

මාව එයා එයාගෙ පැත්තට හරව ගන්නවත් එක්කම මං ඒ මූණ දිහා බැලුවෙ මීට කලින් තිබ්බ ලැජ්ජාව මොහොතකට අමතක කරලා වගේ….
එයත් මගෙ ඇස් ඇතුළටම කිමිදිලා මගේ මූණටම එබිලා මං දිහා බලන් ඉන්නවා…..

තප්පර ගානක් අපි අපි දෙන්නට දෙන්නා ඇස් දිහාම බලන් ඉන්නැති…නිවනක් නැතුව සැරින් සැරේ මගේ මූණ පුරාම දුවන ඒ ඇස් මගෙන් මොනවහරි හොයනවා කියලයි මට හිතුනෙ…
ඒත් එක්කම මගේ ඉන වටේ එතිළා තිබ්බ එයාගෙ අත් දෙකෙන් මගෙ මූණ දෝතට අරන් ඒ දෙතොල් මගෙ නළල මත තියලා එයා මගේ නළල සිපගත්තෙ මගේ ඇස් ඒ පහසට ඉඩ දෙන්න වගේ පියවෙද්දි…..
ඒත් එක්කම මමත් නොදැනුවත්වම මගේ අත් එයාගෙ ඉන දෙපැත්තෙන් ටී ශර්ට් එක අල්ලගත්තෙ එයා මගේ නළල තප්පර ගානක් එක දිගට සිපගෙනම ඉද්දි….
අපි ටික වෙලාවක් එහෙමම ඉන්න ඇති…..මාත් ඒ පහසට නතු වෙලා කියලයි මට හිතුනෙ….

” ඉක්මනට උයමු…..අම්මලා බඩගින්නෙහ්…” මගේ නළලෙන් දෙතොල් මුදවගෙන එයා මගේ කණට ළං වෙලා කිව්වෙ රහසින් වුනත් හිනා වීගෙන වගේ….
ඒ වෙනකනුත් ඇස් පියාගෙන හිටපු මං මේ ලෝකෙට ආවෙ එවලෙ…..
දැනුන ලැජ්ජාවට මගේ මූණ දෙපැත්තෙන් ගින්දර තියලා වගේ දැනෙද්දි මට හිතුනෙ මාව හොඳටම රතු වෙනවා කියලා…..
විනාඩි ගානකට කලින් කොච්චර ඒ පහසට නතු වෙලා හිටියත් දැන් දැනුනෙ පුදුම තරමෙ ලැජ්ජාවක්…..

මං ලැජ්ජාවෙන් රතු වෙද්දි චූටි අයියා මගෙන් මිදිලා ගිහින් මීට්බෝල්ස් පැකට් එක කඩන්න ගත්තෙ මං තාමත් වුනේ මොනවද කියලා හිතාගන්න බැරුව බැම්මට හේත්තු වීගෙනම ගල් ගැහිලා බලන් ඉද්දි….
ඒ මොනවා වුනත් මගෙ හිතට දැනුනෙ මගේ හිත ඇතුළෙ නළියන කියාගන්න බැරි සතුටක්…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

සමාවෙන්න ඊයෙ දාන්න හිටියට දාන්න වුනේ නෑ කතාව…..පොඩි කරදරයක් වුනා…..ඒකයි….
තේරුම්ගනී කියලා හිතනවා…..

අද රෑටත් කොටසක් ඕන අය ඉන්නවද දන්නෑ නේහ්…..😜😜😜😜😜😜

ගිහින් එන්නම්………

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *