අහම්බෙන් හිමි වූ ඔයා… 23

23 කොටස

චූටි අයියගෙත් පුංචි පුංචි උදව් වලින් මං කෑම ටික හදාගත්තෙ අපි හතර දෙනාට ඇති වෙන්න….
චූටි අයියා නම් වැඩි හරියක් කලේ කුස්සියේ තියන කෑම මේසට වැළමිට ගහන් මං දිහා බලන් හිටපු එක…
මං ඒ ඇස් වලින් මිදිලා කෑම ටික හැදුවෙ ඕන තරමක් මං දිහා එයාට බලන් ඉන්න දීලා…
නැත්තන් ඉතිං අද කෑම කන්න වෙන්නෙ නෑ….

පුංචියට හදාගත්ත කෑම ටික කෑම මේසෙට ඇරලා අපි ඔක්කොම එකට ඉදන් කෑම කෑවෙ කතා බහ කර කර….
තාත්තගෙ හිතෙත් චූටි අයියා ගැන කිසිම කහටක් නෑ…ඒක මට තේරුනේ තාත්තගෙ කතා බහෙන්….
චූටි අයියා කොහොමත් කටපුරා මගේ අම්මටයි තාත්තටයි අම්මා තාත්තා කියලා කතා කරන්නෙ එයාළට කොහොමත් තියන ළෙංගතු කමට වගේ…..

” පුංචි කාලෙ මගේ අතින් කොච්චර කෑම කවලා ඇතිද මං චූටි පුතාට….” අම්මා කිව්වෙ චූටි අයියට….

” මට මතක නැහැනෙ අම්මාහ්…” චූටි අයියා කිව්වෙ පුදුමෙන් වගේ…

” කොහෙ මතක් වෙන්නද…..පුතා ගොඩක් පුංචි එතකොට……අපේ සුදූ එතකොට විජිතට හම්බෙන්න ඉන්නවා…..පුතාව පුංචි කාලෙම අයියා රට යැව්වනෙ ඊට පස්සෙ……” තාත්තා කිව්වෙ චූටි අයියා මං දිහා බලලා හිනා වෙද්දි…
මාත් හොරෙන් බැලුවෙ එයා දිහා…..එයා ඇස් වලින් හිනා වෙවී අපේ අම්මගෙයි තාත්තගෙයි කතා අහනවා…

එක පාරට කොහෙවත් නැති වැස්සක් කඩා පාත් වුනේ කෑම කාලා ටිකක් වෙලා ඉඳලා අම්මලා යන්න හදද්දිම….
චූටි අයියා වාහනෙන් ගිහින් දාන්න හැදුවත් අම්මලා කිව්වෙ එයාලා ත්‍රීවීල් එකක් අරන් යන්නම් කියලා…
ඒත් චූටි අයියා කැමති වුනේම නෑ…..
බැරිම තැන තමා චූටි අයියා අද අම්මටයි තාත්තටයි මෙහෙ නවතින්න කිව්වෙ….
අම්මලා අකමැති වුනත් මාත් කියපු නිසා අන්තිමට එයාලා අද මෙහේ ඉන්න කැමති වුනා….

” සුදූ මේක දෙන්න තාත්තට…” මං අම්මලට එයාලගෙ කාමරේ පෙන්නලා අපේ කාමරේ ඇවිත් ඇඟසෝදන් සැහැල්ලු ගවුමක් දාගෙන නානකාමරෙන් එද්දි චූටි අයියා අලුත්ම සරමක් මගෙ පැත්තට දික් කලේ තාත්තට දෙන්න කියලා…චූටි අයියා සරමුත් අඳිනවද….දැක්කොත් ඇත්නම් ශෝර්ට් ඇඳන් ඉන්නෙ…..මට ඇති වුනේ පුදුමයක්…

මං ඒකත් අතට අරන් අම්මට අඳින්න නයිට් ඩ්‍රස් එකකුයි එයාලට ටවල් එකකුයි අරන් එයාලගෙ කාමරේට ගියේ ඒ ටික දෙන්න….

” සුදු දූ….” මං එද්දි අම්මා මගේ ළඟට ඇවිත් මගේ ඔලුව අත ගෑවෙ හරිම ආදරෙන්….

” අම්මාහ් මෙන්න…..” මං එහෙම කියලා ඒ ටික ඇඳ උඩින් තියලා අම්මව එක්කන් ගිහින් ඇඳෙන් ඉන්දවලා ඒ උකුළෙ ඔලුව තියාගත්තෙ කාලෙකින් අම්මගෙ උකුලෙ ඉන්න බැරි වෙච්ච නිසා ආසාවට….

” මගෙ දූ සතුටෙන් ද ඉන්නෙ චූටි පුතා එක්ක….” අම්මා ඇහුවෙ මගෙ ඔලුව පිරිමදින ගමන්…

මං අම්මට උත්තර දෙන්න කලින් ඒ ප්‍රශ්නෙ මගෙන්ම ඇහුවා….ඇත්තටම මං සතුටින්ද ඉන්නෙ…..
ඔව්….මුල් දවස් වල එහෙම නැතත්…චූටි අයියා ගැන වැරදි චිත්‍රයක් මවාගෙන හිටියත්…දැන් එහෙම නෙවෙයි….දැන් මගෙ හිත චූටි අයියා නිසාම සතුටින් නේද….

” ඔව් අම්මාහ්….ගොඩක්…” මං අම්මට ඇත්තම කිව්වෙ චූටි අයියව හිතින් මතක් කරන ගමන්…

” හ්ම්ම්ම්ම්….මං බය වුනා මගෙ දූ….ඒත් හිතුවට වඩා චූටි පුතා මගෙ දූට ආදරෙයි මැනික…ඒක ඒ කොල්ල මගෙ දූ දිහා බලන විදිහෙන් පේනවා…..” අම්මා එහෙම කියනවත් එක්කම මගෙ හිතට උඩ පනින්න හිතුනෙ ඒ වචන වල තේරුමට….

ඇත්තටම චූටි අයියා මට අකමැති නෑ නේද…..එයා නැත්තන් මට මෙහෙම ළං වෙන්නෙ ඇයි…..
මට දැනෙන විදිහටම එයාටත්…….

මං මගේ හිතේ ප්‍රශ්න කෝටියක් එක්ක පොර බැද්දා…
කාලෙකින් හම්බෙච්ච අම්මගෙ පහසට මගෙ ඇස් පිය වුනේ අම්මගෙ උකුලෙම….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

” සුදූ….” මට ඇහුනෙ චූටි අයියා කතා කරනවා….මම තව ටිකක් ඇඟ වකුටු කරන් ගුලි වුනත් මං ආයෙත් ඇස් ඇරලා බැලුවෙ නිදිමතෙන් මිදිලා හරි සිහියට එද්දි…

” නැගිටින්න….අපි යං…අම්මල නිදාගන්න ඕනෙ නෙ මැනික….” හීනෙන් ද ඒ…..
මගේ මූණටම එබිලා ඉන්න චූටි අයියගෙ කටින් වචන පිට වෙද්දි මං වටපිට බැලුවෙ මේ හීනයක්ද කියලා….
බලද්දි මං හොඳට අම්මලගෙ ඇඳ උඩ ගුලි ගැහිලා නිදි….චූටි අයියා මං ළඟින්ම ඇඳේ ඉඳන් මගේ මූණට එබිලා මං දිහා බලන් ඉන්නවා…..අම්මයි තාත්තයි හිනා වෙවී අපි දෙන්නා දිහා බලන් ඉන්නවා…
මං නිදිමතේම ඇස් පිහිද පිහිද ඇඳෙන් නැගිටින්න හදද්දිම චූටි අයියා මාව හරහට අරන් කාමරෙන් එළියට ආවෙ අම්මලට දොර වහගන්න කියන ගමන්….

මං නිදිමතේ වුනත් පුදුමෙන්ම මාව හරහට අරන් ඉස්සරහා බලන් යන චූටි අයියා දිහා බැලුවෙ මං මේ දකින්නෙ හීනයක් නෙවෙයි නිසා…
චූටි අයියා ආවෙ අපේ කාමරේට…..ලයිට් දාලා නැති නිසා කළුවරම කළුවරයි….ඒ වුණත් මගේ ඇස් තිබ්බෙ කළුවරේම මාව කාමරේට එක්කන් යන චූටි අයියාගෙ මූණ දිහාවට…
කළුවර නිසා මොනවත් නොපෙණුනත් මට දැනුනෙ චූටි අයියා මාවත් හරහට වඩාගෙනම ඇඳට ආවා කියලා…..
ඒ කරලා මාව තුරුළු කරන්ම ඇඳේ හාන්සි වෙලා මාව තවත් එයාට තද කරගත්තෙ මාව බයට සීතල වෙද්දි…..

වෙන්නෙ මොනවද කියලා සිහියක් නැතුව මං ඒ පහසින් මිදිලා ආපහු නැගිටින්න හැදුවත් ආපහු මාව ඒ පපුවට ඇඳලා අරන් එයාගෙ අතින් මගෙ හිස තවත් ඒ පපුවට තද කරගත්තෙ නුහුරු අත්දැකීමකින් මගෙ හිත තව තවත් ගැහෙද්දි….

” හෙට කැම්පස් යන්න ඕනෙ…නිදාගන්න….” එහෙම කියපු චූටි අයියා ඒ පපුවෙන් මගෙ හිස මෑත් කරලා එයාගෙ දෙතොල් වලින් ආයෙත් වතාවක් මගෙ නළල සිපගෙනම හිටියෙ මගෙ අතින් එයා ඇඳන් හිටපු ටී ශර්ට් එක ගුලි වෙද්දි….

දෙතොල් මුදවගත්‍ත ගමන් ආයෙත් වතාවක් මාව ඒ පපුවට ගුලි කරගත්ත චූටි අයියා මගේ ඔලුව අත ගාන්න ගත්තෙ මගේ හිතත් ටික ටික නුහුරු හැඟීම් වලින් මිදිලා ඒ පහසට හුරු වෙද්දි….
තාමත් මගේ ඔලුව එයා අතගානවා…මාව ඒ පපුවෙන් පොඩ්ඩක්වත් මෑත් නොකරම….
මේ සම්බන්ඳෙට කියන්නෙ මොකක් කියලද….මේ එයා මට ආදරේ කරනවා නෙවෙයිද….
මාත් නින්දක් නැතුවම කල්පනා කලේ විනාඩි ගානක් යනකන් ඒ දේ…..
ඒත් ඇයි චූටි අයියා මේ සම්බන්ඳෙට නමක් දෙන්නැත්තෙ…….
මගෙ හිත ප්‍රශ්න වැලක් අහනවා……
ඒත් එක්කම ටික ටික මගෙ ඔලුව එයා අතගාන එක නතර වෙද්දි මං ඒ පපුවෙන් ඔලුව අරන් බැලුවෙ ඒ මූණ දිහා…..
හයියෙන් මගෙ මූණට වදින එයාගෙ සුසුම් වලින් තේරුනේ චූටි අයියට නින්ද ගිහින් කියලා….
ඒත් ඒ තුරුළෙන් මාව පොඩ්ඩක්වත් ඈත් කරලා නෑ එයා තාම…..
මටත් ඒ පහසින් මිදෙන්න ඕන කමක් තිබ්බෙ නෑ….නමක් නොදුන්නත් මේ හැඟීමට මගෙ පණටත් වඩා ආස කලා…..

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

මං මුකුත් කියන්නෙ නෑ ඕං….😂😂😂😂😂😂🔫

කතා අරණට දැම්මට පෙන්නන්නෙ නෑ…..වෝල් එකේ දැම්මා……ඔයාලා මේක අරණට ශෙයාර් කරන්න….අනිත් අය පව් නැත්තන්……

කලින් කොටසෙ හැමෝටම රිප්ලයි කරන්න වුනේ නෑ සමාවෙන්න ඕන ඔක්කොම…..

ගොඩක් කමෙන්ට්ස් වල තිබ්බෙම #හසී බාල්දි එහෙම පෙරළලා අහුවෙන්න එපා කියලා….

මං දුස්ට නෑ එච්චල…පොඩ්ඩම පොඩ්ඩයි දුස්ට 😛😛😛😛😛😛
අපි බලමුකො නේහ්….😜😜😜

අනේ ඉතින් කලින් කොටසට ලයික්ස් හත්සිය ගානක් තිබුනා…😍😍😍 අනිත් කතා ලියන අයට පොඩි ගානක් වුනත් මට නම් ඒක මහලොකු ගානක්…මොකද කතාව පටන් ගද්දි කතාවට ලයික්ස් වැටුනෙ එකසිය ගානක් වගේ පොඩි ප්‍රමාණයයි….
ඒ කොහොම වුනත් මං මෙච්චර දුරකට කතාව ලිව්වෙ කියවන පිරිස වෙනුවෙන්….ඉතින්…ගොඩක් සතුටුයි….මැරෙන්න හිතුනා යකූ මට 😍😍😍😍😂🔫ආදරෙයි හැමෝටම මගේ කතාවට වහ වැටිලා ඉන්න…..

යන්නම් ඈහ්…😂

මතුසම්බන්ධයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *