අහම්බෙන් හිමි වූ ඔයා… 29

29 කොටස

අපි අඩියට දෙකට ගේ ඇතුළට ගියේ අම්මා එළියට එන්න කලින්….
මං ඇතුළට ගිහිල්ලත් බැලුවෙ චූටි අයියා දිහා…මෙච්චර වෙලා කිසිම දෙයක් කලේ නෑ වගේ හොර පූසා වගේ අම්මයි තාත්තයි එක්ක හිනා වෙවී කතාව දැන්…
ඔයා මාව පිස්සු හදවලා දැන්……

ටික වෙලාවක් එහෙමම ඉඳලා අපි දහය විතර වෙද්දි එන්න ලෑස්ති වුනේ රෑ වෙලා නිසා…
මං අම්මයි තාත්තයි බදාගෙන ඒ දෙන්නට දණ ගහලා වඳිද්දි චූටි අයියත් මාත් එක්කම අම්මටයි තාත්තටයි වැන්දෙ හිතේ සතුටින් කියලා මට තේරුණා…

ඒ කරලා අපි දෙන්නම වාහනේට ගොඩ වෙලා චූටි අයියා වාහනේ මිදුලෙන් පාරට දැම්මෙ අම්මයි තාත්තයි දොරකඩ ඉඳන් අපි යනකන්ම බලාගෙන ඉද්දි….
මං ජනේලෙනුත් බලාගෙන හිටියෙ ඒ දෙන්නා දිහා…..

ඒත් එක්කම චූටි අයියා වාහනේ සෙටප් එක දැම්මෙ මාව උඩ විසි වෙද්දි….එකපාරට ගියේ වේග රිද්ම ඉන්ග්‍රීසි සිංදුවක් නිසා මාව ගැස්සුනා….ගැස්සුණ මාව දැකලා චූටි අයියා හිනා වෙද්දි මං ඉක්මනට බිම බලාගත්තෙ දැනුන ලැජ්ජාවට….

” හිහිහ්හ්හ්…දැන් තව කොච්චරකල් ඔහොම ලැජ්ජ වෙනවද මාත් එක්ක….ආහ්….” චූටි අයියා මං දිහාත් වතාවක් බලලා එහෙම කියලා මගේ අත අරන් ඒ අතට තද කරගෙනම ආපහු වතාවක් මගේ අතට ඒ දොතොල් තද කරගෙනම හිටියා තප්පර ගානක් යනකන්ම…

මාත් ඒ මූණ දිහා බලන්ම හිටියෙ ලැජ්ජාව පැත්තකට දාලා….ඒ මූණ බලන්න ලස්සනයි….ගානට වවලා තියන රැව්ල….හීන් දිගටි ඇස්….ඝණ ඇහි බැම…..කූරු කූරු කොණ්ඩෙ….
මං ඒ හැමදෙයක් දිහාම බලන් හිටියා හුඟ වෙලාවක් යනකන්….

දන්නෙම නැතුව අපි ඇවිල්ලා….මං හිටියෙ චූටි අයියගෙ ලෝකෙ නිසා මට සිහියක් වුනේ නෑ….මං චූටි අයියත් එක්කම වාහනෙන් බැහැලා ගේ ඇතුළට ආවෙ කිසිම දෙයක් පේන්නෙ නැතුව මුළු ගෙදරම අන්දකාරයක් තියෙද්දි….
යන්න කලින් අපි ලයිට්ස් දාලා ගියේ නැති නිසා දැන් කළුවරම කළුවරයි….
ඒත් එක්කම චූටි අයියා ගෙදර ලයිට්ස් ටික එකින් එක දැම්මෙ මුළු ගෙදරම ආලෝකමත් වෙද්දි….

” අපේ රූම් එකෙන් වොෂ් දාගන්න….මං පහළින් වොෂ් දාන්නම්…” එහෙම කියලා චූටි අයියා උඩට ගිහින් එයාගෙ ටවල් එකත් අරන් ආයෙම පහළට ආවෙ මං සෝදගන්න කියලා හිතාගෙන උඩට යද්දි….

චූටි අයියා පහළින් සෝදගන්නම් කියපු නිසා මං අපේ කාමරේ තියන නානකාමරේට යන්න කියලා හිතාගෙන තුවායයි හීනි අත් පටි තියන නයිට් ඩ්‍රස් එකකුයි අතට ගත්තෙ චූටි අයියා එන්න කලින් ඇවිත් වෙන ඇඳුමකට මාරු වෙනවා කියලා හිතාගෙන….
මොනවා වුණත් තාමත් මට එයා ඉස්සරහා එහෙම ඉන්න හිතක් නෑ…..ඒ තරමට මට තාමත් ලැජ්ජයි….
චූටි අයියා නාගෙන එද්දි විනාඩි හතළිස් පහක්වත් යයි….මේ ටික කාලෙට එයාගෙ හැම හැසිරීමක්ම මට හුරු වෙලා….ඒ නිසා මං සෝදගෙන ඇවිත් ගවුමකට මාරුවෙන බලාපොරොත්තුවෙන් නානකාමරේට ආවා…..

මං ඇඟ සෝදගන්නවට වඩා කල්පනා කර කර හිටියෙ අද අපේ ගෙදරදි වෙච්ච දේවල්…
අන්තිමට චූටි අයියා මට එයාගෙ අයිතිය දුන්නා කියලයි මට හැමතිස්සෙම හිතුනෙ…
ඒ ආදරණීය මොහොත මං කීවතාවක් නම් ආයෙ ආයෙ සිහි කර ගන්නැතිද…..
ඒ ආදරණීය ඇස්…..මගේ දිහා බලන් හිටපු විදිහ….චූටි අයියා මාව ඒ දොතොල් වලින් ඉස්පාසුවක් නැතුව සිපගත්ත විදිහ මං මතක් කලේ මගේ හිතට තටු එද්දි…..
ඒ තරම්ම මට කියාගන්න බැරි සතුටක් දැනෙනවා……

මං ඇඟපත විතරක් සෝදගෙන නයිට් ඩ්‍රස් එකට මාරු වුනේ දැන් ගොඩක් රෑ වෙලා නිසා….මේ මහ රෑ නෑවොත් අනිවාරෙන් හෙට වෙද්දි මට උණ ගැනිලා…..
මං එහෙම හිත හිතම නානකාමරේ දොරත් ඇරගෙන එළියට ආවෙ මගේ බෙල්ල හරිය තුවායෙන් පිහිදන ගමන් ඉක්මනට වෙන ඇඳුමක් දාගන්න ඕනෙ කියලා හිතාගෙන….

ඒත් එතනම මගෙ කකුල් ගල් වෙලා මං කරගන්න දෙයක් නැතිව පුදුමෙන් ඇස් ලොකු කරන් බලන් හිටියෙ වෙනදට පැය ගානකට නානකාමරෙන් එළියට නොයෙන් චූටි අයියා අද පැය භාගයක් යන්නත් ඉස්සර සෝදන් ඇවිත් නිසා…..කළු ශෝට් එකක් විතරක් ඇඳන් උඩට මුකුත් නැතුවම චූටි අයියා ඔලුව පිහිදනවා…..ඒ හරියට තෙත මාත්තු කරන් නැති ඇඟේ වතුර බිංදු තවම….ඔලුව පිහිද පිහිද හිටපු චූටි අයියා මාව දැක්කම තුවායත් එක්ක අත එයාගෙ ඔලුවෙම තියාගෙන මං දිහා බලන් හිටියෙ ඒ ඇසුත් ගැස්සෙද්දි….

ඒත් එක්කම මගෙ දොලොව රත් වුනේ මං ඇඳන් ඉන්න විදිහ මතක් වෙලා…..මං සන්තකේටම ඇඳන් හිටියෙ නයිට් ඩ්‍රස් එක විතරයි…ඒකත් අත් හීනි පටි නිසා මගේ ඇඟ ඕනවටත් වඩා එළියට පේනවා…
ඊටත් වඩා දුහුල් , සිනිඳු රෙද්දකින් මේක මහලා තියන නිසා මගේ ඇඟේ හැම කෝමළ රේඛාවක්ම හොඳින් කැපිලා පේනවා ඇති…..
චූටි අයියත් මගෙන් ඇස් අහකට නොගෙනම බලන් ඉද්දි මං ඉක්මනට අතේ තිබ්බ තුවාය අරන් මගේ ලැම වහගත්තෙ දැනුන ලැජ්ජාවට…..
ඒත් එක්කම මං එයාට පිටුපාලා අනිත් පැත්ත හැරුනෙ එයාට මූණ දෙන්න බැරිකමට…

ඒත් එක්කම මට දැනුනෙ චූටි අයියා මං දිහාට එනවා වගේ….මං කරගන්න දෙයක් නැතුව ආපහු එයාගෙ පැත්තට නොහැරිම ඇස් දෙකත් තදට වහගෙන තුවායත් පුළුවන් තරම් පපුවට තද කරගෙන උන්නෙ බයෙන්…..

” සුදූ….” එයාට පිටුපාලා හිටපු මාව චූටි අයියා උරහිස් වලින් අල්ලලා එයාගෙ පැත්තට හරවගද්දි නිකන්ම මගේ ඇස් ඇරුනා….
මං බැලුවෙ මං දිහාම බලාගෙන ඉන්න චූටි අයියගෙ මූණ දිහා….

” ම්ම්ම්හ්..”

” මට බයද…” එක පාරට චූටි අයියා මගේ උරහිස් ඒ විදිහටම ඒ අත් වලට මැදි කරගෙන අහද්දි මං පුදුම වුනේ ඒ වචන වලට…
ඒත් එක්කම මං නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට කලේ තවමත් අතේ තියන තුවාය පපුවට එහෙම්ම තියාගෙන….
මං නෑ කිව්වහම චූටි අයියගෙ මුවේ ඇඳුනෙ හීන් හිනාවක්…

” මට ආදරෙයි ද….” ඒ හිනා මූණෙන්ම චූටි අයියා මගෙන් ඇහුවෙ මගේ බිමට පාත් කරන් හිටපු මූණ නිකටෙන් අල්ලලා උඩට කරලා….

” හ්ම්ම්ම්…” දෙපාරක් හිතන්නත් කලින්ම මටත් හොරෙන් මගෙන් එහෙම පිටවුනා…
පෙරටත් වඩා ලස්සන හිනාවක් ඒ මූණට අරන් චූටි අයියා මං දිහා බලාගෙනම හිටියා තප්පර ගානක්….
දැන් නම් පපුව වේගෙන් ගැහෙනවා එන්න එන්නම…..කියාගන්න බැරි අමුතුම ලැජ්ජාවකින් හිත පිරිලා….මට ගළපගන්න තේරෙන්නෙ නෑ මේ හැඟීම්….

” කොච්චරක් ආදරේද මට….” චූටි අයියා ආපහු වතාවක් මගෙන් ඇහුවෙ මගේ මූණම ඒ දෝතට අරන් මගේ මූණට ළං වෙන ගමන්….හිත සීතල වෙලා වගේ….වෙන්නෙ මොනවද කියලවත් තේරුමක් නෑ මට…..
ඒත් එක්කම මගෙ හිතට ආවෙ චූටි අයියා මගෙන් අහපු දේ….මං චූටි අයියට කොච්චර ආදරේද….ඒක මංවත් දන්නෙ නැතුව ඇති…..ඒ තරමට මට දැන් එයා නැතුව බෑ…..මං දන්නෙ නෑ එයාට තියන ආදරේ තරම මගේ හිතේ…..ඒ තරමට මට නමක් දෙන්න දන්නෙ නෑ….මං දන්නෙ මගෙ පණටත් වඩා දැන් මට එයාව වටිනවා කියලා….එහෙම එකේ මං කොහොමද චූටි අයියට කියන්නෙ….

” ම්ම්හ්….කොච්චර ආදරේද මට…..???” චූටි අයියා නැවත වතාවක් මගේ මූණට තව ටිකක් ළං වෙලා මගේ නළල මතට නළල තියාගෙන ඇහුවෙ මං උත්තරයක් නැතිව ගොළු වෙලා ඉද්දි….

” ද්..ද්.දන්නෙ නෑ මං…” මං එහෙම කිව්වත් අනිවාරෙන් චූටි අයියට ඒක ඇහුනෙ නැතුව ඇති….
ඒ තරමට මට වචන පිට වෙන්නෙ නෑ……

ඒත් එක්කම මං එහෙම කියනවත් එක්කම ඒ මූණ ටිකක් පහතට නැඹුරු කරලා චූටි අයියා එයාගෙ දොතොල් වලින් මගේ දොතොල් අල්ලගත්තෙ මගේ ඇස් තදින් පියවෙද්දි….මගේ මුළු ඇඟම හිරිවැටිලා යද්දි චූටි අයියා තව තවත් මාව ඒ ගතට තුරුළු කරගන්න ගමන් ඒ දොතොල් වලට තවත් වැරෙන් මගේ දොතොල් මැදි කරගත්තා….
ඇස් පියාගෙනම මං ඒ පහසට ඉඩ දෙද්දි චූටි අයියා මගෙ දොතොල් වලින් නවත්වන්නෙ නැතිව මගේ කන් පෙති….බෙල්ල සිපගත්තෙ ඒ මූණෙ තියන රැව්ල් කොට ඇනිලා සියුම් කිතියක් මට දැනෙද්දි….
ඒ කිතියට ඉඩ නොදී මගේ බෙල්ල ඉබේම හැකිළෙද්දි මං වෙච්චර වෙලාවක් තුවායත් එක්කම පපුවට තද කරගෙනම හිටපු මගේ අත චූටි අයියා මාව සිපගන්න ගමන්ම මෑත් කරලා බෙල්ලෙන් නොනැවතී ඒ දොතොල් රැගෙන ගියේ ඊටත් පහළට…..
සියුම් ලැජ්ජාවක් එක්ක නුහුරු අත්දැකීම් හිතට දැනෙද්දි මං ඇඳන් හිටපු නයිට් ඩ්‍රස් එක මගේ උරහිස් වලින් චූටි අයියා ලිහිල් කරලා මගේ ගතේ එහා මෙහා ඒ දොතොල් රැගෙන ගියේ ඉස්පාසුවක් නෑ වගේ….ඒත් එක්කම මාව හරහට ගත්ත චූටි අයියා මාව ඇඳට රැගෙන ගිහින් මගේ වතට බර වෙද්දි මං ඇස් වහගෙනම ඒ ආදරේ වින්දා …
ආදරණීය හැඟීම් පෙළක් එක්කම ගෙවෙන රාත්‍රිය මං විඳගත්තෙ ඇස් වහගෙනම…..ජීවිතේට තාත්තගෙන් ඇරෙන්න මීට කලින් පිරිමි උණුහුමක් නොදැනුණු මං චූටි අයියගෙ පහසින් හිතෙන් වගේම ගතිනුත් චූටි අයියටම අයිති වෙලා චූටි අයියගෙම වුනේ පිටතින් මල් වැස්සක් අපි දෙන්නට ආශිර්වාද කරන්න වගේ වහිද්දි….

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈 අතුරුදහන් වෙනෝ මං දැන්….

කතාව ඉක්මනට ඉවර කරන්න එපා කියලා තමයි ගොඩක් දෙනෙක් කියලා තිබ්බෙ කලින් කොටසෙ….ඒ වුනාට මේක මං පටන් ගද්දිම කිව්වා….මං මේ කතාව ගොඩක් දිගට අදින්නෙ නැතුව සරලව ලියලා ඉවර කරන්න තමයි හිතන් ඉන්නෙ කියලා….ඉතින්…ටික ටික කතාව ඇදිලා යනවා අවසානයට…නෑ නෑ…දැන්ම නෙවෙයි……බය වෙන්න එපා…කොහොමහරි අවසානය වෙනකන්ම රැඳී ඉඳී කියලා හිතනවා මේ හැමෝම….

හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරගන්න වෙන්නෙ නෑ…ඔයාලා තරහා නෑ නේද….ගිහින් එන්නම්…..

මතුසම්බන්ධයි….

මතුසම්බන්ධයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *