අහම්බෙන් හිමි වූ ඔයා… 38

38 කොටස

දොර ගාව හිටපු අර ගෑණු කෙනා දුවන් ඇවිත් මගෙන් ෆෝන් එක උදුරලා අරන් ආයෙත් හැට්ට කර අස්සටම දාගත්තෙ මගේ සියළු බලාපොරොත්තු ආපහු වතාවක් බිඳ වැටෙද්දි….

ඒත් එක්කම කලින් බාප්පත් එක්ක හිටපු අර හැඩි දැඩි මිනිහා ගබඩාකාමරේට ආවෙ මාව තව තවත් බයට ගැහෙද්දි…
මං චූටි අයියට කතා කරනවා මේ මනුස්සයා ඇහිලද….
ඒ මිනිහා මගේ ළඟට එද්දි මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ මං මේ මගේ අවසානෙ කියලා හිතද්දි…
ඒත් මං නොහිතපු විදිහට ඒ මනුස්සයා ඇවිත් මගේ කකුළ් දෙක බැඳලා තිබ්බ ලණුවත් ලිහලා අර නැන්දට හෙමින් මොනවද කියලා යන්න ගියා….
ඒ වෙලාවෙයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ….

” නෝනෙට දොට්ටපිලට එහෙම යන්න ඕනෙයි…”

ඒත් එක්කම ඒ නැන්දා ඇහුවාම මං ආයාසයෙන්ම ඔව් කිව්වෙ මේ ගබඩා කාමරෙන් මද වෙලාවකට හරි එළියට යන්න මට ඕන වෙච්ච නිසා…

මං ඒ ගෑණු කෙනාගෙ පිටිපස්සෙන් ගියේ ලණුවලට කැපිලා මගේ පාද වල වළලු කර ළඟින් රිදුම් දෙන්න ගද්දි…

ඒත් එක්කම වටපිටාව දැක්කමයි මට තේරුනේ මේ පරණ බංගලාවක් කියලා….
මේ කොහේ වෙන්න පුළුවන්ද…මේ බංගලාවෙ විදිහෙන් මට තේරුනේ මේ කොළඹ නොවන බව…..මේ කොහේ හරි ගම්බද පළාතක් වෙන්න ඕන….මේ ගෑණු කෙනා කතා කරන විදිහෙන් ඒක හොඳටම පැහැදිලී….
කොහෙද දෙයියනේ මේ මිනිස්සු මාව හංඟන් ඉන්නෙ…….මට කෙලින් හිටගන්නවත් පණක් නොතිබුනේ වතුර පොදක් වත් මේ පැය ගානට නොවැටිච්ච නිසා වෙන්නැති….

මං ඒ ගෑණු කෙනා පෙන්නපු නානකාමරේට ගිහින් මගේ මුහුණ සීතල වතුරෙන් හෝදගත්තෙ ඇස් පිහාටු කඳුළු වලටම බර වෙලා වගේ නිසා….
ඒත් කොච්චර කළත් මේ ඇස් වලින් කඳුළු වැටෙන එක නවත්තගන්න බෑ…
මේ මොන විදිහෙ දඬුවමක්ද දෙයියනේ…මං මොන වරදක් කරාටද මේ…..

ආපහු වතාවක් මාව අරන් ආවෙ පෙර ගබඩාකාමරේටමයි…..මමයි අර නැන්දයි පිටිපස්සෙන් හැම තිස්සෙම වගේ අර හැඩි දැඩි මනුස්යා හිටියෙ අපිට කිසිම වෙලාවක හොරෙන් කතා කරන්න බැරි වෙන විදිහට…
මාව ගබඩා කාමරේට එක්ක ආවත් අර ගෑණු කෙනත් එක්කම ගබඩා කාමරේ දොර ළඟ අර මනුස්සයා හිටියා…සමහරවිට බාප්පා කියන්නැති එහෙම ඉන්න කියලා….මට බාප්පත් එක්ක ඇති වුනේ පුදුම තරමෙ තරහක්….

මං කලේ පැය ගානක් තිස්සෙ බලාගත්තු අත බලාගෙන හිටපු එකම විතරයි…. හොඳටම රෑ වෙලා…….අර පොඩි කවුලුවෙන් එළියක් ගබඩා කාමරේ ඇතුළට වැටෙන්නෙ නෑ….

” කමලා….මං දැන් ලොකු මහත්තයගෙ වැඩකට යනවා කොළඹ…..අනිත් උන් ඉන්නවා එළියෙ….මේකිට කොහෙවත් යන්න නොදී බලාගනින් තේරුනාද……මේකි නැති වුනා කියන්නෙ උඹගෙයි අපෙයි දගොල්ලොන්ගෙම අවසානෙ…..පාන්දරට අපි මේකිව අරන් යනවා….එතකන් මේකිට නටන්න දෙන්න එපා…”

මට අඬ සිහියෙන් වගේ ඇහුනේ අර මනුස්සයා අර නැන්දට කියනවා…..
ඒත් මට ඇස් ඇරගන්න තරම් පණක් තිබ්බෙ නෑ……මං එහෙම්මම හිටියෙ හෙල්ලෙන්නවත් ඇඟට පණක් නොතිබ්බ නිසා…

ආයෙම ටිකකින් මගේ මූණට කවුරු හරි වතුර ඉහ ඉහ මගේ කම්මුල් වලට තට්ටු කරනවා වගේ දැනිච්ච නිසයි මං අමාරුවෙන් වුණත් ඇස් ඇරලා බැලුවෙ…..

” නෝනා……” අර ගෑණු කෙනා රහසින් වගේ මට කතා කලේ ඒ එක්කමයි…

මං ඇස් පිහිදගෙන ඒ ගෑණුකෙනා දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයක් මුහුනේ රඳවාගෙන…
ඇයි මේ……

” නෝනා දෙකයි වෙලාව…….තව ටිකකින් නෝනෙව එක්කන් යාවි අරුන්……මං උන් කතා වෙනවා අහගෙන උන්නා……උන් නෝනව ගෙනිහින් මරන්ඩ යන්නෙ…” අර නැන්දා රහසින් එහෙම කියද්දි මගේ ඇඟ කිලිපොලා ගියේ ඇති වෙච්ච බයට……

දෙයියනේ….. දැන් මං මොනවද කරන්නෙ….

” ඊට කලින් නෝනෙ පැනලා යන්න නෝනෙ….මටයි මගෙ කෙල්ලටයි සාප වෙයි නෝනෙට මෙහෙම මැරෙන්න දුන්නොත්…නෝනෙ යන්න මෙහෙන්…” ඒ ගෑණු කෙනා එහෙම කියලා මාව වත්තම් කරගෙන නැගිටිද්දි මාත් අපහසුවෙන් වුනත් කොහොමහරි නැගිටලා ඒ ගෑණු කෙනා පස්සෙන් ගියේ මේ වෙලාවෙ මගේ හිතේ තිබ්බ එකම සිතුවිල්ල මේ මර උගුලෙන් ගැළවිලා මගේ චූටි අයියා ළඟට යන එකම විතරක් නිසා…

ඒ නැන්දා මාව එක්කන් ආවෙ පරණ බංගලාවක් කියන්න පුළුවන් මේ ගොඩනැගිල්ලෙ කුස්සිය පැත්තට….කුස්සියේ පිටිපස්සෙ දොරෙන් මාව කැලේකට එක්කන් ආපු ඒ නැන්දා මට අඩි පාරක් පෙන්නලා කිව්වෙ තනියෙන් ඉස්සරහට යන්න එතනින් පස්සෙ එයාට එන්න බෑ කියලා….

” නෝනෙ කොහොමහරි මෙතනින් පැනලා යන්න නෝනෙ…..මට මෙච්චරයි කරන්න පුළුවන්….” ඒ ගෑණු කෙනා මට එහෙම කියද්දි මං මේ වෙලාවෙ හිතේ තියන හදිස්සියට ඉස්සරහට යන්න අඩිය තිබ්බත් මං ආපහු වතාවක් හැරුනෙ මට මෙතනින් බේරිලා යන්න උදව් කරපු ඒ නැන්දා දිහාට…..

මට මේ වෙලාවෙ මෙහෙම පැනලා යන්න උදව් කලත් මේ මනුස්සයට මොනවා වෙයිද දෙයියනේ ඊට පස්සෙ….බාප්පා මරලා දායි……
මගේ හිතට ආපු සිතුවිල්ල මං හිතේම තියාගෙන බැලුවෙ ඒ රූපෙ දිහා….

” හිත හිත ඉන්න වෙලාවක් නෑ නෝනෙ…මං මොනවහරි කරලා බේරෙන්නම් නෝනෙ….නෝනෙ මෙතනින් ගැළවිලා යන්න දැන්…” මගේ හිත කියෙව්වා වගේ එහෙම කියලා ඒ ගෑණු කෙනා මාව ඉස්සරහට තල්ලු කරද්දි මං කළුවරේ වුණත් පහත් වෙලා ඒ කකුල් දෙක අල්ලලා වැන්දේ මේ වෙලාවෙ මට දෙවියෙක් වුනේ මේ නැන්දා විතරක් නිසා….

” බුදුසරණයි නෝනෙ…..පරිස්සමින් යන්න….” ඉකියත් එක්ක ඒ නැන්දා කියද්දි මං සෙරෙප්පු දෙකක්වත් නැතිව තණකොළ පැලවෙලා නොතිබ්බ හරියට අඩි තිය තිය හයියෙන් පාරෙ ඉස්සරහට ඇදුනෙ අර නැන්දා කියපු අතුරුපාර හම්බෙනකන්…..

යටි පතුල් ගස් වල තියන කටු ඇනිලා රිදුම් දෙන්න ගත්තත් මං නවතින්නෙ නැතුවම ඉස්සරහට දිව්වෙ අරමුණක්වත් නැතුව…..කොහෙද මං මේ යන්නෙ….මංවත් දන්නෙ නෑ….
ඒත් මට ඕන වුනේ මැරෙනවට වඩා මෙහෙම හරි අතරමං වෙලා බේරෙන්න….දුවලා දුවලා හති වැටුණත් මං නොනවත්වා ඉස්සරහට ඇදුනා..

ටික වෙලාවකින් හම්බුනේ තාර දාපු පටු පාරක්….මේක වෙන්නැති ඒ පාර…..
මේ පාරෙ මොන පැත්තට යන්නද කියලා හිතාගන්න බැරුව මං ටිකක් වෙලා හති ඇර ඇර කල්පනා කරද්දි මං දැක්කෙ කැලේ පැත්තෙන් එළි මතු වෙනවා….
මං නැහැයි කියලා ඒ මිනිස්සු දැනගෙනවත්ද….

මං එහෙම හිත හිත හිස හැරුණු පැත්තට දිව්වෙ ආපහු ඒ මර උගුළට අහුවෙන්න බැරි නිසා……
පිළිසරණක් හම්බෙනකන් මෙහෙම ඉස්සරහට යනවා කියලා හිතාගෙන මං දිව්වා…..

ටිකක් වෙලා දිව්වට පස්සෙ මට ඇහුනෙ වාහනේක සද්දයක්….
මේ වෙලාවෙ මේ ගම්බද පාරක වාහනයක්….
නෑ……ඒ නිකන් වාහනයක් වෙන්න බෑ……
මාව හොයන් එනවා ඇති…….
ඒ වාහනේ සද්දෙ ඒ මිනිස්සුන්ගෙ…..මාව මරන්න හොයන මිනිස්සුන්ගෙ…….

මගේ හිතින්ම මං එහෙම හිතාගෙන තව තවත් ඒ පටු තාර පාරෙ ඉස්සරහට ගියා……
අතුරු පාර ඉවර වෙලා ප්‍රධාන පාරට මං ආවෙ හිතට පොඩි සහනයක් දැනෙද්දි….
ඒත් ප්‍රධාන පාරෙත් මේ වෙලාවෙ වාහනයක් ගියේ නැති තරම්……
මට පිහිට වෙන්නවත් කවුරුත් නෑ……මං එහෙම හිත හිත හති දදා ප්‍රධාන පාරෙ තිබ්බ පඩියක ඉඳගත්තෙ ඇඟට දැනිච්ච මහන්සියට….හිතට බයක් දැනුනෙ මේ වෙලාවෙ තනියෙන් ගෑණු ළමයෙක් මෙහෙම පාරෙ ඉන්න හොඳ නෑ කියලා සිහියට එද්දි…ඒත් මොනවා නම් කරන්න මං…..
දවස් දෙකක් තිස්සෙ කෑමක් නැතුව හති දදා දුවද්දි මෙහෙම මගේ ඇඟට පණක් නැති වෙන එක අහන්න දෙයක් නෙවෙයි……මං හිත හිත හිටියෙ මෙතනින් එහාට මං මොනවද කරන්නෙ කියලා…..අරුන්ට මාව හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි කියන්න මං දන්නවා…ඒත් මට උන්ට බිලි වෙන්න බෑ…..

මං ගැස්සිලා හරි සිහියට ආවෙ මං ඉඳගෙන ඉන්න හරියට ටිකක් ඈතට වෙන්න පොලිස් ජීප් එකක් ඇවිත් නතර කරපු නිසා…..ඒත් එක්කම පොලිස් නිළධාරීන් කීප දෙනෙක් එක්ක ජීප් එකෙන් බැස්සෙ මං දවස් දෙකක් තිස්සෙ නොදුටුව ඒ රුව….

ඔව්…මගේ චූටි අයියා…….ඒත් එයා මාව හරියටම දැක්කෙ නැත්තෙ මං ඈතට වෙන්න හිටපු නිසා වෙන්නැති…..පොලිස් ජීප් එක නැවැත්තුවෙ මට වඩා ගොඩක් දුරින්……ගතේ වේදනාව නැති වෙලා යද්දි මං ඒ පැත්තට දිව්වෙ මගෙ හිතේ තිබ්බ බය නිදහස් වෙද්දි… අන්තිමට මගේ පණ මාව හොයාගෙන ඇවිත්….මගේ හිත සතුටින් පිරුණා…..

” චූටි අයි………….” මං සතුට වැඩි කමට අඬ අඬම එයාට ඇහෙන්න කෑගහගෙන එයා ඉන්න පැත්තට දිව්වා…. මගේ සද්දෙට ඒ පොලිස් නිළධාරීන් කිහිප දෙනයි මගේ චූටි අයියයි මං ඉන්න පැත්ත බැලුවත් ඊට එහා දෙයක් මට කියාගන්න බැරි වුනේ අතුරු පාරෙන් ආපු වෑන් එකක් මගේ දිහාට ආපු නිසා…. ඒ වෑන් එකේ මගේ ඇඟේ පහළ කොටස තදින් වැදිලා මං පියවර ගානක් ආයෙත් පිටිපස්සට විසික් වෙලා වැටෙද්දි මගේ හිස තදින් පොළවෙ වැදුනා…
ඒත් එක්කම මගේ උදරයෙන් වගේම ඔලුවෙන් දැනුනෙ කියාගන්න බැරි වේදනාවක්……

” ආපහු රිවස් කරගෙන යමන්…..කෙල්ල හැප්පුනා…….ඉක්මනට ගනින්…..අරූ පොලීසියත් එක්ක ඇවිත්……” වෑන් එකේ හිටපු මිනිස්සු කියනවා ඇහුනේ මගේ ඇඟ අඩපණ වෙලා මං පොළව මත වැටිලා ඉද්දි….
ඒත් එක්කම ඒ වෑන් එක ආයෙත් අතුරු පාර දිගේම ගිහින් නොපෙනුනා….

කාපට් කරපු පොළව දිගේ මගේ හිස් මුදුනින් වගේම උදරයෙන් ලේ ගලාගෙන යනවා දැක්කෙ මගේ ඇස් භාගෙට පිය වෙද්දි….

” අදිතී…………………………………………………..! “

චූටි අයියා කෑගහගෙන මගේ පැත්තට දුවගෙන එනවා වගේ දැක්කත් මට ඇස් ඇරන් ඉන්න පුළුවන් කමක් තිබුනෙ නෑ…..මගේ ඇස් මටත් නොදැණිම පියවුනා……

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

අදිතිට මොනවා වෙයිද…….😔😔😔😔😔😔😔

ඔන්න 38 කොටස දැම්මා….මේ දවස් වල පාඩම් වැඩ කටයුතුයි පුහුණුවීම් කටයුතුයි එක්ක ගොඩක් කාර්‍යබහුල වෙලා හිටියෙ…..
ඒකයි දාගන්න බැරි වුනේ…..
පොරොන්දු වුනත් දාන්න බැරි වෙච්ච අවස්තා ගොඩක් තිබ්බා කතාව…..
අදින් පස්සෙ දිගටම කතාව දෙන්න තමා හිතාගෙන ඉන්නෙ…පොරොන්දු වෙන්න නම් බෑ…..ඒත් උත්සහ කරන්නම්…ගිහින් එන්නම්…..

මතුසම්බන්ධයි…

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *