~ආදර පාරමි ~~38 කොටස
“ඉදං ඛෝ පන භික්ඛවෙ දුක්ඛං අරිය සච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො පියෙහි විප්පයෝගෝ දුක්ඛො යම්පිච්චං නලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චූපදානක්ඛන්ධා දුක්ඛා” ‘ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් ඒ උනාට කවදා හරි මරණය කියන ධර්මතාවයට මේ ඇත්ති මුහුණ දෙන්න ඕන … ඔය කාරණය ගැන හිත හිතා දුක්වෙන්වාට වඩා මේ ඇත්ති වෙනුවෙන් කරන්න පුළුවන් පිනක් ඔය දැරිවි පුළු පුළුවන් විදහට කරන්න ….. .’ අවසන් කටයුතු ඉටු කිරීමට පැමිණි භික්ෂුව නෙතුලිගේ මවගේ ඥාතීයෙකු විය …. නෙතුලිගේ මවගෙන් මා පිළිබද විස්තර අසා දැනගෙන සිටි එතුමා මගේ හිත හැදීමට බොහෝ දේ කිවේය …ඉතින් මා දුක දරාගෙන එකදු කදුලක් හෝ නොසෙල්වා බලා උන්නෙමි … ‘ඔහොම හිරකරගෙන ඉන්නේ නැතිව අඩපන් පාරමී .. ‘’ අම්මා මිහිදන් කරන වල අසල හිටගෙන ගහක් ගලක් සේ හිදින මා දෙස බලා උන් නෙතුලි පැවසුවේ බියවී වාගෙය … ඇයට පිළිතුරක් දීමට හෝ මා මුව විවර නොකළේ ඉකිබිදේවි කියා බියෙනි .. බොහෝ මිතුරන් උන්නද ඔවුන් කිසිවෙකුගෙන් සමු නොගෙන අවසන් ගමන් යෑමට සැරසෙන අම්මා සිහිවී පපුව හොස් ගා පත්තු වුවත් … මොහොතින් මා හිත යළිත් ගල් කරගතිමි … අවසාන මොහොතේ දිනුකි අක්කා මහිල් අයියා නෙතුලිගේ මව සහ නෙතුලි පමණි මා අසලින් උන්නේ … ඔවුන් නොමැති වන්න කුමක් කරන්නදැයි මම නොදැන උන්නෙමි ….‘අම්මාගේ වලට පස් අහුරක් දාපන් පාරමී …’ හිත කඩාගෙන වැටුනේ ඒ වේලාවේය …. මගේ ආදරණිය අම්මා …කිසිදිනක සෙනෙහස නොපෑවත් ඈ මගේ ආදරණිය අම්මාය …. තාත්තා අම්මාට ආදරේ කරානම් ඔවුන් සමගිව හිටියා නම් මා මෙලොව වාසනාවන්ත දියණිය වෙනු ඇත … ඈ ලොව වාසනාවන්තම බිරිද වෙනු ඇත …එහෙත් දෛවය ඇයට සියල්ලම අහිමි කළේය … රුවින් බොහෝ ඉහලින් උන් අම්මා මියගියේ අකලටය … අම්මා … නමට හෝ අම්මා කියන්න ඈ උන්නා නම් කෙතරම් නම් හොදද … ‘මගේ අම්මා …’ අතේ ගුලිවී තිබුණු පස් අහුර අතැගිලි අතරින් ලිස්සා ගියෙත් මා උගුර යටින් කෑ ගැසුවේ දුක දරාගැනීමට අපහසුම මොහොතේය ….‘අම්මා මගේ අම්මා ආපහු එන්න … ආයෙත් මම ඔයාව දාලා යන්නේ නැහැ මගේ අම්මා …ඔයාගේ බබී ඔයා ලගම ඉන්නම් මගේ අම්මා ….ඔයා ආපහු එනවා නම් ඉස්සර වගේ මහා රෑ මැද වෙනකන් හරි ඔයා එනකන් බලාගෙන ඉන්නම් මගේ අම්මා ….’ පස් වලින් වල ටිකින් ටික වැහෙද්දී මා කෑ ගැසුවේ උමතු එකියක මෙනි .. මට සිතුනේ අම්මාගේ සිරුර මිහිදන් වෙන වලටම පැන මියෙන්නය .. එවිට මටද අම්මා ලගින්ම සිටිය හැකිය …. කිසිදිනක කිසිවෙකුට එවිට අප වෙන්කළ නොහැකි වෙනු ඇත .. ‘මාත් එනවා මගේ අම්මා …මට මේ ලෝකේ ඔයා තරම් කවුද ඉන්නේ .. මාවත් අරන් යන්න … මට ඔයා ලගින්ම ඉන්න ඕන මගේ අම්මා ’ නෙතුලි සහ ඇගේ මව අතරින් දිව ගිය මා වල තුලට එබුනෙමි … මට සිතුනේ මගේ සිහිය විකල්ව ගොස් ඇති බවකි … ‘පාරමී සංසුන් වෙන්න …… ඔය විදිහට හැසිරුනොත් ඒ මනුස්සයාගේ ආත්මයටත් සැනසීමක් ලැබෙයිද .. ’ බොහෝ අපහසුවෙන් මා වත්තම් කරගත් මහිල් අයියා සහ දිනුකි අක්කා සොහොන් කොත් අතරින් මා රැගෙන යද්දී මා ඉකිබිද බිද අඩා වැටුනෙමි ..‘නංගි දැන් හිත හදාගන්න ….ඔයා දුක් උනා කියලා අම්මා ආපහු එන්නේ නැහැනේ …’ දිනුකි අක්කා මා සනසා බොහෝ සනසා මහිල් අයියා සමගින් යන්න ගිය පසු මගේ තනි නොතනියට ඉතිරි උනේ නෙතුලි සහ ඇගේ මව පමණි … ඔවුන්ද හෙට දින මෙම නිවසින් නික්ම යනු ඇත ..ඉන් පසු මා කල යුත්තේ කුමක්දැයි මම නොදැන උන්නෙමි ….‘ උබ හෙටම මෙහෙන් පලයන්….’ නෙතුලි බිය වෙන්න ඇත්තේ මා තනිව මෙහි ඉදිවී කියාය ‘ අම්මා වෙනුවෙන් බණක් කියවලා හත් දවසට දානයක් දීලා මිසක් මම මේ ගෙදරින් අඩියක් එළියට තියන්නේ නැහැ … එයා වෙනුවෙන් පිනක් කරන්නවත් කවුරුත් නැහැ නෙතු මම විතරමයි එයාට හිටියේ ’ ‘අනේ මන්දා කෙල්ලේ … උබ හැමදාම මුරණ්ඩුයි ..කිවොත් කිවාමයි …. ‘’ මා තීරණය වෙනස් නොකරන බව දැන නෙතුලි ඉන්පසු ඒ පිළිබද කිසිවක් නොකියා උන්නාය ‘මට මේ ගෙදර තනියම ඉදලා හොදට් පුරුදුයි නෙතු …දන්න කාලේ ඉදලා ම්ම් මේ ගෙදර තනියම හිටියේ . …. අම්මා එනකන් මේ පිල උඩ වාඩිවෙලා අර අහසත් එක්ක කතා කර කර හිටිය දවස් තමා මගේ ජිවිතේ වැඩියෙන්ම ඇත්තේ …ඉතින් මට මොන තනියක්ද ..’‘පාරමී උබ අම්මාගේ මරණේ තාත්තාගේ ගෙදරට කිව්වේ නැද්ද …’ හදිසියේ යමක් සිහිවූවා වගේ නෙතුලි මා දෙසම බලා උන්නාය ..‘කියන්න තරම් සිහියක් තිබ්බේ නැහැ නෙතු …’ ‘දැන් කියාපන් …’ ‘කිව්වා කියලා වැඩි වෙනසක් වෙන්නේ නැහැ …තාත්තාත් ලංකාවේ නැහැනේ
’ ‘උබ ඒ ගෙදර මිනිස්සු එක්ක තරහෙන්ද ඉන්නේ ..’ ‘අම්මාගේ ලියුම කියෙව්වට පස්සේ මගේ හිත අස්සේ මංජු අම්මා ගැන තරහක් තියනවා … එයා ආපහු ආවේ නැත්තම් අම්මාගේ ජිවිතේ මේ විදිහට වෙනස් වෙන්නේ නැහැ නේ … ඒ තරහා මට එලියට දාන්න ඕන නැහැ නෙතු …. එයා මේ වෙලාවේ ආවොත් මගේ කටින් මොනවා කියවෙයිද දන්නේ නැහැ … මම ඒ ගෙදරට ගියාට පස්සේ එයා මගේ හිත පොඩ්ඩක්වත් රිද්දලා නැහැ … ආදරෙන් සැලකුවා මට … ඒ තරම් හොද මංජු අම්මාට මගේ කටින් නරකදෙයක් කියවුනොත් … ඒක හරි පවක් ..’රාත්‍රී අදුර වැටෙන තුරුම අම්මා ගැන බොහෝ දේ දොඩමින් උන් මා නින්දට ගියේ නෙතුලිගේ බලකිරීම නිසාය …******‘මම අද ස්කුල් යන්න ඕනම නිසා මිසක් උබව දාලා යන්නේ නැහැ පාරමී …’ දින තුනකට පසු නෙතුලි පාසල් යෑමට සුදානම් උවේ නොයා බැරි කමටය …‘උබ මම නිසා කි දවසක් ක්ලාස් පාඩු කරගත්තද …මගේ කිසි තරහක් නැහැ … එක්සෑම් එක කට උඩ තියාගෙන ඔහොම යාලුවෙක් වෙනුවෙන් කැපකිරීම් කරපු උබට පින් ..’‘මම පිං ගන්න නෙවෙයි උබ ලගින් ඉන්නේ ….. උබ මගේ හිතට දැනුන යාලුවෙක් … මට උබ වෙනුවෙන් ඕන උදව්වක් කරන්න පුළුවන් …. අනික මම විතරක් නෙවෙයි එක්සෑම් උබත් මේ සැරේ එක්සෑම් කරන්න ඕන ..’ ‘මම මේ සැරේ එක්සෑම් කරන අදහස අත ඇරියා ….. නෙතු ..’ ‘මෝඩියක් නොවී එක්සෑම් කරපන් ..’ ‘බලමුකෝ …’ ‘මම හවස් වෙලා එන්නම් එහෙනම් …’ ‘උබ අද එන්න ඕන නැහැ …මම රෑට දිනුකි අක්කලාගේ ගෙදර ඉන්නම් ..’ ‘හ්ම්ම්ම් …. මම එන්න ඕන නම් කෝල් එකක් දීපන් … බායි ..’ ගේට්ටුවෙන් පිටතට ඇවිද යන නෙතුලි දෙස බලා උන් මා ඉන් පසු කලේ අම්මාගේ කාමරයට ගොස් ඇගේ යහනේ වැතිරී අම්මාගේ සහ තාත්තාගේ පින්තුරයක් අතට ගෙන ඒ දෙස බලා හිදිමය …. ඔවුන් දෙදෙනා කොතරම් ගැලපෙනවාද …. මා සිතා බැලුවෙමි …. අම්මා තුරුණු වියේ බොහෝ රූමත්ය …ඈ වැනි රූමත් බිරිදක් සිටියදී මංජු අම්මා වැනි රූමත් බවින් අඩු කාන්තාවක් නැවත සොයා යන්න ඇත්තේ ඔහු ඇයට බොහෝ පෙම් කෙරු නිසා වෙන්න ඇත … ‘ ගෙදර කවුද ඉන්නේ …’ අම්මා සහ තාත්තාගේ පින්තුරය දෙස බොහෝ වෙලා බලා උන් මා තිගැස්සී ගියේ කිසිවෙකු දොරට ගසමින් උස් හඩින් කතා කිරීම නිසාය ..‘මේ මිසිස් ඉරුගල් බණ්ඩාරගේ දුව වෙන්න ඇති ..’ පැමිණ උන්නේ පොලිස් නිලධාරින් කීප දෙනෙකි … ‘ඔව් ඉස්පෙක්ටර් …’ ‘මිස් අපි ඇතුලට එන්නද .. ‘’‘එන්න එන්න ..’ සාලේ සෙටියේ අසුන්ගත් පොලිස් නිලධාරියාගේ තීක්ෂණ දෑස් මොහොතකින් නිවෙස සිසාරා ගියේය ..‘මේ ගෙදර වෙන වැඩිහිටියෙක් නැද්ද ..’ ‘තාත්තා මේ දවස් වල ලංකාවේ නැහැ …. ’‘අම්මා තාත්තාගෙන් ඩිවෝස් වෙලාද ඉන්නේ ..; ‘ඔව් ඉන්ස්පෙක්ටර් …’ ‘මේ ළමයාගේ අම්මාට වෙනත් සම්බ්න්ධකම් තිබ්බාද …’ පොලිස් නිලධාරියාගේ දෑස් තිබුනේ මගේ මුහුනේය … අම්මා පිරිමින් කීප දෙනෙක් සමගම රවුම් ගැසූ බව දැන උන්නද …ඇය ඔවුන් සමග යහන්ගත උවාද කියා මා නොදන්නෙමි …. ඉතින් මා කලේ පිළිතුරක් නොදී නිහඩව ඉදිමය … ‘පී සී ඔය ජීප් එකේ ඉන්න මිනිහාව පොඩ්ඩක් මෙහාට ගේන්න …’ පිටව ගිය පොලිස් කොස්තාපල් වරයා සමග පැමිණි පුද්ගලයා දුටු මගේ දෑස් විසල්ව ගියේය … මොහු අවසන් කාලයේ අම්මා සමග එක්ව උන් පුද්ගලයායි …මොහු …එවිට මොහුද මගේ මව මරාදැමුවේ .. ‘මෙයාව අදුරනවාද ..’ මා හිස සෙලෙව්වේ එය එසේ වෙන බව පැවසීමටය … චමින්ද ඔහු මගේ අම්මාගේ හොදම මිතුරෙකි ‘මිසිස් ඉරුගල්බණ්ඩාර හැප්පිලා තියෙන්නේ මේ මනුස්සයාගේ කාර් එකට ….. සිසිටිවී කැමරා ක්ලිප්ස් වලින් තමා අපි මේ ගැන තහවුරු කරගත්තේ …’ මේ මගේ මවගේ මිනිමරුවාය …. අම්මා මරාදැමීමට ඇය මොහුට කල වරද කුමක්ද … ‘ඇයි යකෝ මගේ අම්මාව මරාගත්තේ මොකක්ද අම්මා තමුසෙට කරපු වැරැද්ද …’ අසල උන්නේ කවුරුන්ද කියා මතක තිබුනා නොවේ …මා කලේ ඉදිරියට පැන ඔහුගේ කම්මුල් රතු වෙන තුරු පහර දීමය …‘ඇයි….ඇයි මගේ අම්මාව මැරුවේ …..හේතුව කියපන් ’’ අම්මාගේ මිතුරෙකු වූ ඔහු අම්මා මැරීමට තරම් දරුණු උවේ ඇයි කියා නොදැන ගත්තොත් මගේ හිස පුපුරනවා සත්තය … ‘හේතුව …හේතුව තමුන්ගේ තාත්තා ….’ ‘ තාත්තා …’ ‘ඔව් ඒකා තමා … ඒකා නිසා අර ගැහැණි හැමදාම මාව මග ඇරියා …. මගේ සල්ලි වලට මට ගැහැණු ඕන තරම් ගන්න පුළුවන් කම තිබ්බා … හැම ගැහැනියක්ම මගේ පස්සේ ආවා …. රුච්රා විතරයි මාව ප්‍රතික්ෂේප කලේ… ඒ තමුන්ගේ අර තාත්තා නිසා … පාලිත පාලිත … අසිහියෙන් ඉද්දිත් ඔය නම විතරයි ඔය ගැහැනිගේ කටේ තිබ්බේ ….. කසාද ගැහැනියක් දරුවෙක් ඉන්නවා කියලා හිතන්නේ නැතිව මම කිව්වා අපි බදිමු කියලා …. ඒත් මේ ගැහැණි මාව ප්‍රතික්ෂේප කළා … ඉවසන්න බැරි තැන මම ප්ලෑන් කරලා උබලගේ මහා එකාට වෙඩි තිබ්බා …ඒත් උගේ වෙලාව හොද කමට බේරුනා …. ‘ ‘තමුසේ මහා නරුමයෙක් ඕයි ..’ මට හිතුනේ පෙරට හුස්ම යනතුරුම ඔහුගේ ගෙල මිරිකීමටය …..‘ඉතුරු ටිකත් අහගනින් ….දැන් මට වෙන දෙයක් උනාවේ … ඔය ගැහැණි නිසා මම මගේ ගෑණිගෙන් ළමයින්ගෙන් ඈත් උනා …. මේකි කොච්චර කිවත් මාව කසාද බැන්දෙත් නැහැ .. අන්තිමේට ….මගේ පවුලේ උන් මාව එපා කිවුවා … රුචිරා ඉස්සරහා වැදලා කිවුවා මාත් එක්ක එන්න කියලා ….නැත්තම් පාලිත මරනවා කිවුවා … මේකි පිළිගත්තේ නැහැ පොලිසි යන්න ආවා … මම හිතුවා මේක ඉවරයක් කරන්න …පොලිසියෙන් දැනගත්තොත් මගේ නම විනාස වෙනවා කියලා මම දැනගෙන හිටියා … මම හිතින් තීරණය ස්ථිර කරගත්තා …. ඒ වෙලාවේ පාරේ කවුරුත් නැහැ …ඒ උනාට සිසිටිවී එක මට අමතක වුනා …. තප්පරයක් යන්න නැතිව ඇති රුචිරා වැටිලා හිටියා ලේ ගොඩක් උඩ … එක මොහොතකට හිත මොනවදෝ උනා …මම කාර් එකෙන් බැහැලා එතෙන්ට ගියා ..තාම පණ තියෙනවා …රුචිරාගේ තොල් හෙල්ලෙනවා …බබී …මගේ රත්තරන් මට සමාවෙන්න .. ඔය වචන ටික දෙතුන් සැරයකට වඩා කියන්න ඇති …. මට හිතුනා එයාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න …ඒත් තප්පරයකින් මගේ හිතේ තිබ්බ යක්ෂයා එලියට ආවා …පණ අදින ඔයාගේ අම්මව දාලා මම එතැනින් එන්න ආවා … මේ ගෑනිට කාටවත් ආදරය කරන්න බැරි තරම් තරම් පාලිතට ආදරේ කරලා ….. මට ඕකව මරාගන්න පුළුවන් උනා නම් …. මාව මැරුණත් කමක් නැහැ .’චමින්දගේ මුහුණේ කිසිදු දුකක් නැත … දිනක් හෝ අම්මාට පෙම් කළා නම් ඔහුට මෙලසට ඉන්න බැරිවෙනවා නියතය …. ඔහුට තිබෙන්න ඇත්තේ අම්මාගේ සිරුර සම්බන්ධයෙන් කාමයක් පමණි … ‘මේකාව මෙතැනින් එක්ක යන්න … නැත්තං මම මොනවා කරයිද කියලා මමවත් දන්නේ නැහැ ..’ ගේ දෙවනත් වෙන්න මා කෑ ග ගැසූ හඩ අහල පහල ගෙවල් වලටත් ඇසෙන්න ඇත …. ‘මූව එක්කන් යන්න …. ඔය ළමයා දුක් වෙන්න එපා … වැරදිකාරයාට නීතියෙන් දඩුවම් කරන්නම් …’ පොලිස් නිලධාරියා යන්න ගිය පසු දොරගුළු තදින් වසාගත් මා සාලයේ පුටුවක වැතිරී ගතිමි … ‘අම්මා ඇය නරක ගැහැනියක් නොවේ … ලෝකයට පෙනෙන්න අනෙකුත් දෑ කලත් ඇයට තාත්තා අමතක කරන්න බැරිවෙන්න ඇත ….. දෙවියනේ මගේ අම්මා …… මම අඩා වැටුනෙමි ….. දුක පැවසීමට හෝ යමෙක් උන්නා නම් . …මට සිහිවුවේ රෝසි බෝනික්කියයි …. ඇයවත් උන්නා නම් නිසලව මගේ දුක අසාගෙන ඉදිනු ඇත …. ******සෙමින් සෙමින් අදුර වැටීගෙන එද්දී සුදු පාට දිගු ගවුමකින් සැරසුණු මා නිවසින් එළියට බැස්සෙමි …. ‘පාරමී කොහෙද යන්නේ …’ රාහුලයේදී මට වෙනස්කම් කල මල්ෂි මා දැක කතාවට ආවේ බලෙනි … ‘මම අම්මාගේ සොහොනට යනවා …’ පෙර දිනවල කෙතරම් නපුරුකම් කලද . …සුහදව කතා කරන්න එන්නියකට කතා නොකිරීම නොහොබිනා කමකි …‘කරදරයක් උනාලු නේද … මට හරිම කනගාටුයි … ’ කම්පා දෑසින් මා දෙස බලා උන් මල්ශිගේ නෙතක කදුලකි .. ‘පාරමී … මාත් එක්ක තරහද …. පුංචි කාලේ ඉදලා දන්න කාලේ වෙනකන් මම ඔයාට කලේ නපුරුකම් … මට ඒවා තේරුම් කරලා දුන්නේ දිසල් …..මම ගොඩක් පසු තැවිලි උනා …. ‘ ‘ඕවා අමතක කරන්න මල්ෂි …. ’ මල්ශිගේ අතක් උඩ දෝතම තැබූ මා මද සිනාවක් පෑවෙමි ‘එහෙනම් මම හිතන්නද ඔයා මාත් එක්ක තරහා නැහැ කියලා ..’ ‘ෂුවර් … ‘ පාසලේ තොරතුරු සියල්ල එක හුස්මට පැවසූ ඇය දිසල්ට පෙම්කරන බව පැවසු පසු මා හදවතින්ම ඇයට සුභ පැතිමි …… මල්ෂි සමුගෙන යන්න ගියේ සිතේ සතුටිනි …කනත්ත පුරා පැතිරී තිබු මද අදුර මගේ සිතට කිසිදු බියක් ඇති නොකළේය … අම්මාගේ මිහිදන් කල ස්ථානයට ගොස් මා පළමුවෙන් කලේ පිදිගෙන ආ පුංචි වල් පැලෑටි කිපය උදුරා දැමීමය … කඩයෙන් මිලදී ගෙන ආ ඉටිපන්දම් කීපය දල්වා මා කලේ ඒ දෙස බලාගෙන ඉදිමය …. මේ වල තුල මිහිදන්ව ඇත්තේ අම්මාගේ ප්‍රාණය නිරුද්ද ශරීරයයි ..ඇගේ ආත්මය මේ අවට සැරිසරනවා ඇත …. ඇගේ කුඩා දියණිය බොහෝ විදවනා බව දැනුනොත් ඇයට බොහෝ දුක සිතෙනු ඇත …. ඉටි පන්දම් සීල නිවී යන්න ආසන්නය … එක්වරම මට දැනුනේ කිසිවෙකුගේ බරැති අතක් උරහිස මත නවතින අයුරුයි …. මතු සම්බන්ධයි