~~~~~ ආදර පාරමී ~~~~~~~ 04

04 කොටස

‘අද රෑට අපි මොනවාද කන්නේ …’ බොහෝ වෙලා මා තුරුළු කරගෙන උන් අම්මා නැගී සිටියේ එසේ අසමිනි ‘ අම්මා කැමති දෙයක් මම කනවා …’ ‘එහෙනම් අපි දෙන්නත් එක්ක එකතු වෙලා අද රෑට උයමු .. ඔයා කන්න ආසා මොනවාද …’ මතක ඇති කාලයක මේ ගෙදර අම්මා අතින් කෑමක් ඉදි නැත . … ඇගේ අතින් පිළියෙළ කල කෑමක් කන්න මා කොතරම් ආශා කලත් අම්මාට ඒ වෙනුවෙන් මිඩංගු කිරීමට කාලයක් නැත … ‘අම්මා උයලා දෙනවා නම් සම්බෝලයි බතුයි උනත් කන්න පුළුවන් ..’ මගේ මුහුණේ තිබු අසමාන සතුට අම්මා හදුනාගන්න ඇත .. මද සිනාවක් පෑ අම්මා කාමරයට ගියේ මගේ හිස පිරිමදිමිනි ….. බොහෝ කාලයකට පසු මම බොහෝ සැහැල්ලුවෙන් උන්නෙමි .. අම්මා කෑම පිළියෙළ කරන තුරුම පසෙකින් උන් මා ඇයට උදව් කලෙමි .. ‘ හැමදාම ඔයාට මේ විදිහට කලින් ගෙදර එන්න බැරිද අම්මා …’ ‘පුළුවන් උනා නම් මම නෑවිත් ඉන්නේ නැහැනේ බබී ..’ ‘ අම්මාට පුළුවන් නම් ඉදලා හිටලා හරි ටිකක් කලින් එන්න ….මට ගොඩක් පාළුයි මේ ගෙදර තනියම ඉන්න ..’ බොහෝ දුකින් මා ලංකරගෙන හිස පිරිමැදී අම්මා සුසුමක් හෙළුවා පමණි ‘අම්මා මගේ සියා පප්පලා කොහෙද ඉන්නේ ….’ මා විමසුවේ නොදන්නා දෙයකි ‘කොළඹ …’ ‘අපි එයාලාව බලන්න යන්නේ නැත්තේ ඇයි …’ කුතුහලය පිරි මගේ දෑස දෙස නොබලා ඉන්නට අම්මා බොහෝ වෙර දැරුවාය ‘දවසක මම ඔයාට කියන්නම් වෙච්ච හැමදෙයක්ම ….. එතකන් මගෙන් මොකුත්ම අහන්න එපා …’ ගෑස් උදුන දෙස නෙතු දල්වාගෙන උන් අම්මාගේ කටහඩ වේදනාවෙන් පිරි ඇත .. අම්මා කුමක් හෝ සගවා ගත් වේදනාවකින් කල්ගෙවන බව ඇයගේ දෑස් සාක්ෂි කීය …. අම්මාගේ සිත රිදවනු බැරි නිසාම ඈ පවසන තුරුම නෑදෑයන් පිළිබද නොවිමසිමට මා සිතා ගත්තෙමි .. ‘කව්ද බෙල් එක ගහනවා …. බබී පොඩ්ඩක් ගිහින් බලන්න …’ මේ රෑ සීනුව නාද කරන්නා ගැනද මගේ සිතට ආවේ තරහකි .. මට උවමනා උවේ අම්මා සමග නිදහසේ කතා කරමින් සිට්මට පමණක් උවද ..ඒ සතුට උදුරා ගැනීමට කව්රුන් හෝ නිවසට පැමිණ ඇත .. මා දොරටුව විවර කරේ කෝපයෙන් පුපුරමින් කිවොත් නිවැරදිය …. ‘නංගි …..අම්මා ඉන්නවාද ….’ විවර කල දොර අසල වුවේ දිනුකි අක්කාය … ඈ ලගින්ම ඇගේ සැමියා විය හැකි තරුණයෙක්ද කුඩා දියණිය ෂෙහාරාද වුවෝය .. සිත තුල වූ තරහා අතුරුදහන් වී ගියේ නිමේෂයකිනි .. ‘ඔව් අක්කා එන්න ඇතුලට ….’ පළමුවෙන්ම ගෙට ගොඩවුවේ දිනුකි අක්කා සහ ෂෙහාරාය …ඔවුන් පිටුපසින් උන් රහල්ව මම දුටුවේ මදක් පමාවය … ඒ දෑසේ වූ අපුරු බැල්ම දැක මා බිම බලාගද්දී ඔහු මා අසලට වඩාත් සමීප විය .. ‘මට ගෙට එන්න කියන්නේ නැද්ද ..’ රහල් මගේ දෑස් වලට එබිකම් කරද්දී මම ඒ බැල්ම මග හැරියෙමි ‘එන්න ගේ ඇතුලට ….’ රහල් ගෙට ගොඩවුවේ මගෙන් අවසරලත් විටය .. ‘වාඩිවෙන්න ….මම අම්මාට කතා කරන්නම් …’ ෂෙහාරා අක්කා ඇගේ සැමියා සහ දියණිය සමග සෝපාවෙ අසුන්ගද්දී රහල් මදක් එහායින් වූ තනි පුටුවක අසුන්ගත්තේය … ‘අම්මා පොඩ්ඩක් එන්නකෝ …. ’ මම අම්මා සොයා කුස්සියට ගොස් ඇයව පිටුපසින් වැලදගතිමි ‘මොකද මේ හුරතලේ . ….කව්ද බබී දැන් ආවේ ..’ ‘අර මම කිව්වේ ඉස්සරහා ගෙදරට අළුතින් කට්ටියක් ඇවිල්ලා කියලා අන්න එයාලා ඇවිල්ලා ..’ ‘ඒ මොකෝ හදිස්සියේ …’ අම්මා කපමින් උන් ගොටුකොළ මිටිය පසෙක තබා දෑත් සොදාගත්තේ මා දෙස විමසිල්ලෙන් බලමිනි … ‘මම දන්නේ කොහොමද ඔයාම ගිහින් අහන්නකො … මොකද කියලා ..’ ‘එන්නකෝ බලමු ..’ අම්මා පසුපසින් වැටුණු මම අමුත්තන්ගේ කාමරය වෙත ඇවිද ගියෙමි ‘හෙලෝ ආන්ටි … අපි තමා ඉස්සරහා ගෙදරට අලුතින් ආවේ …. මම දිනුකි ..මේ මගේ හස්බන්ඩ් මහිල් අතන ඉන්නේ මගේ හස්බන්ඩ්ගේ මල්ලි රහල් …. එතකොට මේ මගේ චුටි සුරංගනාවී ෂෙහාරා ..’ දිනුකි අක්කා පිලිවෙලින් තමන්ව හදුන්වා දුන්නාය ‘ මම රුචිරා … දන්නවා ඇතිනේ මේ මගේ දුව පාරමී … මට දුව ඔයාලා ගැන කිව්වා …අපිටත් හොදයි ඉතින් නේබර් කෙනෙක් ඉන්න එක .. මම වැඩට ගියාම මගේ දුත් තනියම නේ ගෙදර ඉන්නේ …’ අම්මා ඔවුන් සමග අල්ලාප සල්ලාප යෙදෙමින් හිතවත් වෙද්දී ෂෙහාරා මා වෙත දිව ආවාය … ‘අක්කිගෙ රූම් එක කෝකද .. ’ ඇයගේ බැල්ම බොහෝ සුරතල්ය ‘අන්න අතන තියෙන්නේ ඒක තමා මගේ කාමරේ …’ ‘අපි යමු බලන්න …..’ ෂෙහාරා මගේ අතින් අදිද්දී මා නැගිසිටියෙමි …. කාමරය වෙත යන අතරම මම යටැසින් රහල් දෙස බැලුවෙමි … අදහන්න ඒ ඇස් නතර වී තිබුනේ මා ලගමය … හිත කීරි ගැසෙනවා වගේ දැනෙද්දී හදවත මහා සද්දෙට ගැහෙන්න ගත්තේය .. ඉක්මනින් ඇස් ඉවතට ගෙන මා කලේ ෂෙහාරා ගේ අතින් අල්ලාගෙන කාමරයට දිවීමය …. ‘අක්කි මොකද හති අරින්නේ ….’ ෂෙහාරා මා දෙස බලා උන්නේ දෑස් විසල් කොටගෙනය .. පුංචි එකිටද මගේ වෙනස තේරීම ගැන හිතට ආවේ ලැජ්ජාවකි ‘දන්නවාද ෂෙහාරා මෙන්න මෙයා තමා මගේ හොදම යාළුවා …’ කතාව වෙනස් කල මම ඇස් නටවන බෝනික්කිය අතට ගෙන ෂෙහාරාට පෑවෙමි … ‘ෂෝයි අක්කි … ’ ඇය බෝනික්කිය අතට ගෙන හැඩ වැඩ බලද්දී මා බෝනික්කියට ලන්වුනෙමි ‘රෝසි දන්නවාද මේ පුංචි යාළුවා තමා අපේ ඉස්සරහා ගෙදරට ඇවිත් ඉන්නේ …. ඔන්න එයා ගොඩක් ලස්සනයි …ඔයාටත් වඩා … හරි හරි තරහා ගන්න එපා .. මම ඉතින් ඇත්තනේ කිව්වේ ..’ බෝනික්කිය දෙස බලමින් මා ඇයට කුඩා මිතුරිය හදුන්වා දුන්නෙමි … ‘බබී ….මේ අක්කිලාට තේ හදන්න …’ ෂෙහාරාගේ අතින් අල්ලා ගත් මා අමුත්තන්ගේ කාමරය හරහා කුස්සියට ගියේ රහල් දෙස නොබලන්න ප්‍රවේසම් වෙමිනි …. ඔහුගේ හැගීම්බර බැල්මට මගේ සිත බොහෝ බියවන්නේ මන්ද කියා නොතේරේ … මම තේ එක හැදුවේ බර කල්පනාවක හිදිමිනි … ‘අයියා තේ බොන්න ….’ පළමුවෙන් තේ එක මහිල් අයියාට පිළිගැන්වූ මා ඔහු දෙස බලා මද හසරැල්ලක් නැගුවෙමි … මහිල් අයියාද රහල් ගේ හැඩරුවම ඇත්තෙකි …මුහුණේ තිබුනේ කරුණාවන්ත බැල්මකි … දිනුකි අක්කාට සහ ෂෙහාරාට තේ පිළිගැන්වූ මා රහල් දෙසට හැරුනෙමි … දෑසින් මා ලුහුබදිමින් උන් ඔහු හසරැල්ලක් පාද්දී මා කලේ රැව්මය .. ‘ තේ බොන්න …’ රහල් දෙස නොබලා ඉදීමට මම වෑයම් කලෙමි ‘ බෑ මම තේ බොන්නේ නැහැ …’ ඔහු නම් ආඩම්බර කාරයෙකි … ඔහුට දෙවැනි වී තේ බොන ලෙසට අයැදීමට නොහැකිය .. දුකක් දැනුනත් මා තවත් යමක් නොකියා හැරි එන්න ආවේ හිතේ තිබු ආඩම්බර කමටය …. රහල් නොබී ඉතිරිවුණ තේ එක එහෙම පිටින්ම සින්ක් එකට හැලූ මා ඔවුන් යනතුරුම කුස්සියෙන් පිටතට අඩියක් නොතියා උන්නෙමි … ඔහු මා පිළියෙළ කල තේ එක ප්‍රතික්ෂේප කිරීම මේ තරම් දුකක් වේ යැයි මම කිසිවිටෙක නොසිතුවෙමි .. ඒ රැයේ සිහිනෙන් පවා රහල් උන්නේ මගේ ලගය …. ඒ අමුතු බැල්මට මා ආකර්ශනය නොවුනා කිවොත් බොරුය ….. මේ ප්‍රේමයවත් ද …නැත … මම කිසිවිටෙක පෙම් නොකරමි … ********* පෙරදින පාසලේදී අම්මා කැදවාගෙන එන ලෙස පැවසු බව මට සිහිවුවේ උදෑසනදීය …කඩිමුඩියේ අවදිව නැගීසිටි මම අම්මා සොයා දිව ගියෙමි … ‘අම්මා ..’ රැකියාවට යෑමට සුදානම්ව කැඩපත ඉදිරියේ සිටගෙන තොල් ආලේපන තවරමින් උන් අම්මා මා දෙස බැලුවේ දෑසින් සිනාසෙමිනි ….ඊයේ දුකින් සිටියා කියා පාටක්වත් ඇගේ මුහුණේ නැත ….සියල්ල අමතක කරදමා ඈ සුපුරුදු සතුටෙන් උන්නාය .. ‘බබී අද උදේම ඇහැරිලා ඉන්නේ …. මොකද ඊයේ රෑ නින්ද ගියේ නැද්ද …’ අම්මා කතා කලේ බොහෝ සැහැල්ලුවටය .. ‘අම්මා ඔයාට අද මාත් එක්ක ඉස්කෝලෙට එන්න පුළුවන්ද …’ මා කැඩපතින් දිස්වෙන ඇගේ රුව දෙස දෑස් රදවාගෙන උන්නෙමි ‘ඒ මොකද මොකක් හරි වැරද්දක් කලාද ඔයා …’ ‘මන්දා …. ඔයාව අද එක්කන් එන්න කියලා දයානි මැඩම් කිව්වා ..’ ‘බබී මට අද එන්න බැහැ ..අද හොටෙල් එකට මිනිස්ටර් ජයනාත් එනවා …’ මා ඇයට ලංවෙන්න කොතරම් වෙර කලත් ඇය මා වෙතින් පලා යන්න උත්සහා කරන යුරු ගැන මට ඇතිවුවේ කනගාටුවකි ඇද පැළද අවසානයේ මා බලාසිටියදීම මිදුලට බැස්ස අම්මා ගේට්ටුව අසලටම යනතුරුම මම නොසෙල්වී උන් තැනම සිටගෙන බලා උන්නෙමි ‘එහෙනම් මම ස්කුල් යන්නේ නැහැ …’ ගේට්ටුව වසා දමන අතරම මා දෙස බැලුවත් කිසිවක්ම නොකියූ අම්මා යන්න යද්දී නෙත් කෙවෙනි කකියන්න ගත්තේය …. රෑ ගවුම පිටින්ම කාමරයට වැදුණු මා නැවත යහනේ වැතිරුනෙමි …. ‘රෝසි අම්මා මට ආදරේ නැහැ නේද .. මම ආයේ ඉස්කෝලේ යන්නේ නැහැ …. හැමෝම මට නපුරුකම් කරන්නේ ඇයි …මට ගොඩක් දුක හිතෙනවා ..ඒත් මම ඉවසගෙන ඉන්නවා …’ බෝනික්කියගේ දෑස් දෙස බලා මම දුක කීවෙමි ‘මම දන්නවා රෝසියෝ ඔයා නම් කියයි ඉස්කෝලෙ යන්න කියලා …. ඒත් දයානි මැඩම් අම්මා එක්කන් ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවාම … මම දෙන උත්තරේ මොකක්ද … පංතියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මගේ දිහා බලාගෙන හිනාවෙයි … මම ගොඩක් අසරණ වෙයි … මට එතකොට ඇඩේන්න පුළුවන් …මම ආස නැහැ නපුරු කොල්ලෝ කෙල්ලෝ ගොඩක් අස්සේ අඩන්න ..’ බොහෝ වෙලා යනතුරු බෝනික්කියට දුක කියමින් උන් මට එතැනම නින්ද ගොස් තිබුණි … මා අවදිවන විට දිවා දොළහද පසුවී ගොස්ය උදෑසන ආහාර නොගත් නිසා බඩගින්නක් දැනුනත් යහනෙන් නැගීට ගොස් යමක් පිළියෙළ කර ගැනීමට තරම් හිතක් නොතිබූ නිසා මා නොසෙල්වී උන්නෙමි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *