~~~~~ ආදර පාරමී ~~~~~~~ 05

05 කොටස

මින්පසු කෙදිනකවත් පාසල් නොයමි යන දැඩි තීරණයේ මා එල්බ උන්නෙමි … බොහෝ වෙලා එකම තැන එකම ඉරියව්වෙන් උන්නා මිස මා මිදුලට හෝ නොබැස්සෙමි… ‘පාරමී අක්කි .. අක්කි ..’ උන් ඉරියව්වෙන් මිදී මා දොර වෙත ඇවිද ගියේ පිටතින් ඇසුණු ෂෙහාරාගේ කටහඩ නිසාය .. ෂෙහාරා සමගින් මිදුලේ උන් රුව දුටු විට මට සිතුනේ දොර විවර නොකලා නම් හොදයි කියාය … ‘අක්කියා අද ස්කුල් ගියේ නැද්ද …’ ෂෙහාරා දිව විත් අතක එල්ලෙද්දී මා බිමට සිනාසුනෙමි … ‘අද ස්කුල් ගියේ නැහැ පැටියෝ …’ මා උත්තර දුන්නේ ෂෙහාරාගේ මුහුණේ දෑස් රදවාගෙනමය … ‘අපේ බාප්පි ගෙදර ආව වෙලේ ඉදලා ඔයා ගැන අහනවා ඉවරයක් නැතිව …’ කට උල් කරගෙන නොදන්න කමට දොඩවන දැරියගේ කටට නිවනක් නැත … මම හෙමින් දෑස් ඔසවා මා දෙසම දෑස් රදවාගෙන උන් ඔහු දෙස බැලුවෙමි … ‘ෂෙහාරා පැටියෝ අර ලේන් පැටියාට දෙන්න කියලා ඔයා ගෙනාපු පලතුරු ටික දීලා එන්නකෝ ..’ මගේ මුහුණේ රදවාගෙන උන් දෑස් ඉවතට නොගෙනම රහල් ෂෙහාරාට පැවසු සැනින් ඇය පලතුරු ලෑල්ල වෙත දිව ගියාය ‘මොකද අද ස්කුල් ආවේ නැත්තේ …’ රහල්ගේ හඩ බොහෝ දැඩිය ‘මම ආයේ ස්කුල් යන්නේ නැහැ ..’ මම ඔහුගේ දෑස් මගහැර අපට පිටුපා ලේන් පැටියාට පලතුරු කවන දැරිය දෙස නෙතු රදවාගෙන උන්නෙමි .. ‘ ඒ මොකද ඒ ..’ රහල් ඕනෑවට වඩා මට ලංවී උන්නේය … ‘ මට ඉස්කෝලෙට එක්කන් යන්න අම්මා කෙනෙක් නැහැ නේ .. දයානි මැඩම් මට හොදටම බනියි අම්මා නැතිව ඉස්කෝලේ ගියොත් …’ මගේ දෑසේ වූ දුක ඔහු දකින්න ඇත ‘ මම ආන්ටිට කතා කරන්නද ….. ’ ඔහු මා වෙනුවෙන් ඕනෑවට වඩා වදවෙයි ‘වැඩක් වෙන්නේ නැහැ ….අම්මාට වෙලාවක් නැහැ මම වෙනුවෙන් … ‘’ ‘ මම කතා කලොත් එයා නෑවිත් ඉන්න එකක් නැහැ ..’ ‘ ඔයාගේ වචන ටික අපරාදේ වෙයි ..’ ‘එහෙනම් හෙට ඉස්කෝලේ එන්න ..කවුරුත් මොකුත් කියන්නේ නැහැ …හැමදෙයක්ම මම බලාගන්නම් ..’ රහල්ගේ කටහඩේ තිබුනේ ආයාචනයකි …. කෙදිනකවත් කිසිවෙකු මා වෙනුවෙන් මෙලෙස කතා කර නැත … ඔහු පැවසු ඒ වදන් කීපය නතර වුනේ මගේ හදවත පතුලේය …ජිවිතේ පළමුවැනි වතාවට පිරිමි ලමයෙකු දෙස මම උවමනාවෙන් බැලුවෙමි ..ඒ ඇස් වල කිසිම වංචාවක් බොරුවක් නැත …තිබුනේ පිරිසිදුම හැගීමක් පමණි … ‘පොරොන්දු වෙන්න හෙට ඉස්කෝලේ එනවා කියලා ..’ රහල් ඔහුගේ දෝතම මා වෙත පෑවේය … හිත කිව්වේ විශ්වාස කරන්නැයි කියාය …. ඉතින් මම ජිවිතේ පළමු වතාවට පිරිමියෙක් විශ්වාස කලෙමි … තවත් තප්පර ගානකින් මගේ අත නිරායාශයෙන්ම ඒ උණුසුම් දෑත් මත නතර වී තිබුණි .. ‘මම හෙට ඉස්කෝලේ එන්නම් ..’ මම ඔහුට පොරොන්දු දුන්නෙමි …. හිතේ කිසිදු බියක් සැකයක් නොවුණු තරම්ය .. හමුවී දින ගානකින් මා පිරිමි ළමයෙක් විශ්වාස කරා කියන එක පුදුමයක් නමුදු එය එලෙසම විය … ‘බාප්පි … මම ලේන් පැටියාට පලතුරු දුන්නා ..’ ෂෙහාරා අප වෙත දිව එද්දී රහල් ගේ දෝත මත රැදී තිබුණු අත මා හනික පසෙකට ඇදගත්තෙමි ‘අපි ගිහින් එන්නම් පාරමී … ඔයා එනකන් මම බලාගෙන ඉන්නවා ‘’ ඔහු නික්ම ගියේ බලාපොරොත්තු දෑසේ පුරවාගමිනි ********** රාත්‍රිය එලබියේ බොහෝ සෙමිනි …. දෑස් රිදෙන තුරු බලා උන්නද දහය පසුවෙන තුරුත් අම්මා පැමිණෙන පාටක් නැත … ඉස්තෝප්පුවේ තිබුණු පුටුවක වාඩිවී මම මග බලා උන්නෙමි …. යුවතියකට තමා මැහැල්ලකටවත් තනිව නිවසක වසන්න බැරි යුගයක අම්මා තම දියණිය ගැන වගේ වගක් නොමැතිව ඉන්නායුරු නම් පුදුමයකි .. මට රහල් සිහිවිය ..ඔහු නම් පුදුම කෙනෙකි .. මගේ හිතේ ඔහු ගැන තිබු අකැමැත්ත යටපත්ව තිබුණි …මා දෑස් පියන් ඇරියේ ගේට්ටුව අසල මෝටර් රථයක් නවත්වන හඩිනි … උන් තැනම හිද මා ගේට්ටුව දෙස බැලුවෙමි …. ‘රුචිරා ඔයාට තනියම යන්න බෑ මම උදව් කරන්නම් ..’ තවත් විනාඩි ගානකින් ගේට්ටුව විවර වී ගියේය … අම්මා වාරු වී උන් පුද්ගලයා කව්දැයි හදුනා ගැනීමට උත්සහා කලද මේ මා දැක නැති පුද්ගලයෙකි … අම්මාගේ වයසට ආසන්න පෙනුමක් තිබු ඔහුගේ දෑස් ලොවි ගෙඩි මෙන් රත් පැහැතිය… ‘සර් යන්න දැන් මට යන්න පුළුවන් .. මම තාම කෙලින් ඉන්නේ ..’ අම්මා අර පුද්ගලයාගෙන් මිදෙද්දී ඔහුගේ දෑස් නතර වුවේ ඉස්තෝප්පුවේ උන් මා ලගය … ‘රුචිරාගේ දු පොඩ්ඩද මේ …’ ඔහුගේ රත් පැහැ දෑසේ උවේ සල්ලාල බැල්මකි ‘ඔව් මේ මගේ දුව …. … බබී මේ තමා මිනිස්ටර් ජයනාත් ගේ සෙකට්‍රි චමින්ද දෙණිපිටිය …. මගේ හොදම යාලුවෙක් ….’ මත්බර අම්මාගේ වදන් වැනෙන සුළුය … මට ඇය පිලිබදව ඇතිවුවේ පිළිකුලකි .. මේවන් වෙලාවක පිට පිරිමියෙකු සමගින් නිවසට පැමිණීම කොයිතරම් වැරදිද .. මිනිසුන් කතා හදන්නේ මේ නිසාය …. ‘දුව දන්නවාද චමින්ද කිව්වා ඔයාව කැන්ඩි වල හොදම ගර්ල්ස් ස්කුල් එකට දන්න උදව් කරනවා කියලා …. එතකොට ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ … අම්මා එක්කන් එන්න කියලා කවුරුත් කියන එකකුත් නැහැ …’ මට ඔය කිසිවක් එපා යැයි කීමට සිත්වුනිද මම සිත බොහෝ හික්මවාගෙන උන්නෙමි … මට උවමනා වුවේ නාදුනන පුද්ගලයා හැකි ඉක්මනින් මෙතැනින් නික්මෙනු දැකීමටය ‘ ඔයා බය වෙන්න එපා … කව්ද ඔයාට බනින ටීචර් ගේ නම හෙට උදේ වෙද්දී මම එයාව මාරු කරලා දාන්නම් …’ ඔහුගේ දෑස් කීපවරක් මගේ ඉහේ සිට පාදයන් දක්වා එහා මෙහා යද්දී හිතට දැනුනේ ඉවසා දරාගත නොහැකි තරහාවකි ….. ‘ඔයාලා මොකුත්ම කරන්න එපා …. මගේ ප්‍රශ්නේ මම බලාගන්නම් ..’ මගේ හිත තුල වූ තරහා පිටව ගියේ අකුණු සැරයක් ලෙසිනි …. තවත් මෙතන සිටියොත් මා මොනවා නොකියාවිද කියා හිතාගනු නොහි මම ඇතුල්ගෙට දිව ගොස් කාමරයට වැදී දොර වසා ගත්තෙමි .. ඉන්පසු මා කලේ යහනට වැදී සිත්සේ හඩාවැටීමය … ****** වෙනදාට වඩා උදෑසනින් අවදිවූ මා කැඩපතට එබී බැලුවෙමි …මුළු රැය පුරාම අඩා වැටීම නිසා දෑස් ඉදිමි රතුවී ගොස් තිබුණි .. මට මා පිළිබදවම ඇතිවුවේ කනගාටුවකි …. අම්මා අවදිවීමට පෙර පාසල් යෑමට සුදානම් වූ මා ගෙදරින් එලියට බැස්සේ පාන්දර එලිය බිමට වැටෙද්දීම වාගෙය … රහල්ගේ නිවසේ කිසිවෙකුගේ හැලහොල්මනක් නැත්තේ ඔවුන් තාම අවදිවී නැති නිසා විය යුතුය …. බස් රථයෙන් ගොස් පාසල ලගින් මා බසින විට උදෑසන හයටවත් නැත …. මෙතරම් වේලාසනින් පාසලට ගොස් පලක් නැත …. හෙමි හෙමින් කටුගස්තොට පාලමෙන් මෙහා තිබුණු ඝටිකාරාම පන්සලට ගොස් බුදුන් වැද දන්නා ගාථා හැම එකක්ම කියූ මම පන්සලෙන් එලියට බැස්සේ හතට ආසන්න වූ විටය …. කොලේජ් එක අසල පාලම පසු කර යනතුරුම මා උන්නේ දෑස් බිමට යොමාගෙනය … බර කල්පනාවක නිරතව පාර මාරු වූ මම ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය හෝ නොදැක්කෙමි … වේගයෙන් ආ යතුරු පැදියේ ගැටුණු මා වැටෙන්න යද්දී කිසිවෙකු විසින් මා අදිනවා මතකය ….. සුළු මොහොතක් යනතුරුම මට සිදුවන්න ගිය දේ ගැන සිහියක් නොවිය …මා බේරාගත් තැනැත්තා දුටුවේ සුළු වෙලාවකට පසුවය … ඝන ඇහි බැමැති සිහින් දෑස් මුහුණ පුරා විසිරි තිබුණු ගෙල දක්වා වැවී තිබුණු අකීකරු කොණ්ඩය සහ මුහුණේ රැදී තිබු හසරැල්ල ඕනෑම කෙල්ලක් වශිවෙන සුළුය .. ඒ අකීකරු දෑස් ලග මගේ හිත නතර වෙනවා වගේ දැනෙද්දී මම දෑස් පිය ගසාගෙන ගසාගෙන ගියෙමි …. ‘පාර මාරු වෙද්දී අසිහියෙන් යන්න එපා හලෝ ….අතන කලර් ලයිට්ස් තියෙනවා නේද එතනින් මාරු වෙනවා …’ ඒ කටහඩ නැවතුනේ හදවතේ නොදන්නා ඉසව්ව කය තද නිල් පැහැති පසුබිමේ කුණු ලේ හා අහස් නිල් පැහැයෙන් තීරු දෙකක් සටහන් ව තිබු කමිසය කියා පෑවේ ඔහු ශාන්ත අන්තෝනියන්ස් රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු බවයි …. ‘මේ හලෝ ඇහෙනවාද … ඔයාට …මිස් ඔයාටයි මම කිව්වේ ..’ ඔහු මා ඉදිරියේ සිටගෙන බොහෝ දේවල් කිවත් මට ඔහු කි කිසිවක්ම නෑසුන තරම්ය .. ‘ හිමසර මචං ප්‍රැක්ටිස් පටන් ගයි වරෙන් යන්න …’ ඔහු මෙන්ම ක්‍රීඩා ඇදුමෙන් සැරසුණු බාලකයන් දෙදෙනෙක් ඔහුගේ අතකින් ඇදගෙන යද්දී මම උන් තැනම හිද නොපෙනී යන ඔහු දෙස බලා උන්නෙමි …කෙදිනකවත් දැනුනේ නැති මේ හැගීම කුමක්ද …හිත ගැහුනේ වෙනදා ලෙස නම් නොවේ මහා වේගයකිනි …. පාරමී මේ මොකද මේ ඔයාට වෙන්න යන්නේ .. මගේ හිත මගෙන් අහද්දී මම තවත් කිසිවක්ම නොසිතා පාර මාරුවුනෙමි .. මතු සම්බන්ධයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *