~~~~~ ආදර පාරමී ~~~~~08

08 කොටස

පාසල අවසන්ව පංති කාමරයෙන් පිටතට පැමිණි මා බොහෝ සැහැල්ලුවෙන් මදහසක් නැගුවෙමි … සැබවින්ම මා හදවතින්ම සිනාසුනේ බොහෝ කලකට පසුවය … ‘මොකද බන් තනියම හිනාවෙන්නේ ..’ මලිති පැමිණ මා ඉදිරියේ හිටගන්න තුරුම මා උන්නේ තනිව සිනාසෙමිනි ‘මට හිනාවෙන්න අමතක වෙලා හිටියේ මලිති …ගොඩක් කාලෙකට අස්සේ මේ මුහුණට හිනාවක් ආවේ …’ මගේ මුහුණට ශෝකයක් එක්වීමට එතරම් වෙලාවක් ගතවී ගියේ නැත … ‘හරි ….හරි දැන් ඕක අමතක කරපංකෝ … දුකින් ඉද්දි ඔය මුහුණ ගොඩක් කැතයි …ඒ නිසා ඉස්සරලා අර හිනාවුනේ එන්න ඒ විදිහට හිනාවෙලා ඉදපන් …. එන්න එතකොටයි උබේ ලස්සන ගොඩක් හොදට පෙන්නේ ….’ මලිති බොහෝ හැගීම්බරව උන්නාය … ‘මලිති පොඩ්ඩක් හිටපං මාත් එනවා … ’ කොහේදෝ සිට දිවවිත් අප අසල නතරවූ නෙතුලි හති අරින්න වුවාය ‘උබ කොහෙද හිටියේ මම හොයලා නැති නිසා පාරමී එක්ක එන්න ආවා …’ ‘ මම පිස්සු දීපා හම්බ වෙන්න ගියා …. නිකිල්ට පණිවිඩයක් දෙන්න කියන්න ..’ ‘ඕකි මොනවා කියයිද දන්නේ නැහැ නිකිලට … උබ කොලේක ලියලා දෙන්න තිබ්බේ …ඕකිට ලූස් නේ …’ ‘ඒවා හරි මම සන්දේශයක් ලියලා දුන්නා ..ඒකිට තියෙන්නේ සැලලිහිණිගේ වැඩේ කරන්න විතරයි .. ’ කතාවෙන් කතාවෙන් බස් නැවතුමට ගිය අප බස් රථයක් එනතුරු බස් නැවතුමේ හෙවනකට ගියෙමු … ‘සිසිවන උවන ඉග සුග ගත හැකි මිටින …. නිසි පුළුලුකුල රියසක තුරු …….’ අප උන් තැනට මදක් එහායින් උන් බාලකයන් රැලක් අප දෙස බලමින් මහා හඩින් ගායනා කරන්න වුවෝය .. ‘මලී …මුන් අපිටද ඔය කියන්නේ …’ ඔවුන්ට පිටුපා උන් නෙතුලි මලිති දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකි .. ‘හ්ම්ම්ම්ම් …ඒ වගේ ….’ ‘හිටපන් මන් උන්ට කියලා දෙන්නම් තව පද දෙකක් …’ නෙතුලි හැරී බලද්දී මා ඇගේ අතකින් අල්ලා ගතිම්… ‘ එපා නෙතු කොල්ලෝ එක්ක එකට එක කියන්න ගියොත් උන් කියන දේවල් වැඩිවෙනවා …අපි අපේ පාඩුවේ ඉම්මු ..’ මම සෙමින් තෙපලද්දී නෙතුලි නිහඩ වුවේ මුහුණ රත්පැහැ කොට ගෙනය ‘කණ්ඩුල ඇතා හැරුණා වගේ බන් …මට නම් බය හිතුනා හැරුන විදිහට අපිව පාගලා දායි කියලා …’ ‘ බලපන්කො මුහුණ කොච්චි කරල වගේ කරගෙන ඉන්න හැටි …. ’ බාලකයන්ගේ විහිලු තහළු නෑසෙන උන්නද නෙතුලි උන්නේ කෝපයෙනි .. ‘හිටපන්කෝ මම හොද දෙකක් කියන්න …’ නෙතුලි දත්මිටි කමින් කොලු නඩය දෙස බලද්දී මම මලිතිගේ අත තරයේ අල්ලා ගතිමි ‘ඇයි කට කහනවාද කෙල්ලෝ දකිද්දී ….. ’ නෙතුලිගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්න ඇත ‘ අපි හිතුවේ මේ ගැහැණු ළමයින්ට කතා කරන්න බැහැ කියලා …. කතා කරන්න පුළුවන් නේද ..’ අසංවර විහිළු තහළු කරමින් සිනාසෙන ඔවුන් දෙස නොබලා මා බිමට යොමා උන්නෙමි … ‘ඉන්නවකෝ මම බෝයි ෆ්‍රෙන්ඩ්ට කියලා හොද පාඩමක් උගන්වන්නම් ..’ ‘අපි බය වෙයි ඔයාගේ මහා ලොකු පෙම්වතාට …’ ‘නෙතු උබ කට වහගනින් …. උන් එක්ක කතා කරලා දිනන්න බෑ … ‘’ කෝපයෙන් දැවෙමින් උන් නෙතුලිගේ සිත සන්සුන් කලේ මලිතිය … ‘අපි පස්සේ හම්බවෙමුකෝ …. ගිහින් එන්නම් චුටියෝ …’ කොලු නඩය නෙතුලිට අත වනා ඉදිරියේ නැවතූ බස් එකකට නැගී යන්න ගියේය … ‘හිටපන්කෝ මම නිකිල් ට කියලා හොද පාඩමක් උගන්වන්නම් මුන්ට ..’ කොලු නඩය ගොස් බොහෝ වෙලා යනතුරු ත් නෙතුලි උන්නේ ඔවුන්ට බැන වදිමිනි .. ****** මම උන්නේ බොහෝ සතුටෙනි …. අළුත් යෙහෙලියන් සේම පාසලද උදාසීනව කලකිරී උන් මට ජීවිතය යනු කිමදැයි කියාදෙමින් උන්නේය …. ‘ මලිති කට් කරමුද ඉංග්ලිෂ් පීරියඩ් එක …’ සිංහල කාලපරිච්ඡේදය අවසන්ව සිනුව එක නාද කල සැනින් නෙතුලි විමසද්දී මලිති නැගිට අහවරය ‘යමු බන් … කොහොමත් සර් කාරයාගේ දේශනාව අහගෙන නිදාගන්න එකනේ අපි හැමදාම කරේ ..’ ‘යමු යමු …. සර් එන්න ඉස්සරලා එලියට පැනගමු …’ අසල උන් මගේ අතින් අල්ලා ගත් නෙතුලි පංති කාමරයෙන් එළියට දිව යද්දී මලිතිද පසු පස දිව ආවාය .. ‘හරි …. දැන් ඉතින් නිදහසේ කයියක් දාගෙන මුල්ලකට වෙලා ඉමු ..’ ‘මට බයයි අනේ … ’ ‘බය වෙන්න එපා පාරමී අපි හැමදාම ක්ලාස් කට් කරනවා ..’ මලිතිට ඇහැක් ගසමින් නෙතුලි කිවේ මගේ බිය දුරු කරන්න විය හැක… ‘නෙතු .. නිකිල් දැක්කේ නැහැ කාලෙකින් …මොනවා වෙලාද උබේ අනංග කුමාරයාට ..’ ‘එයාට මේ දවස් වල මැචස් අනේ … ඔන්න කියලා කියලා අද එනවා කියලා පිස්සු දීපා අතේ මැසේජ් එකක් එවලා ..’ ‘ එනකොට අපිට පුද පඩුරුත් අරන්ම එන්න කියහන් ….’ ‘මගේ කොල්ලා පුද පදුරු පුජා කරන ජාතියේ කෙනෙක් නෙවෙයි … ‘’ ‘අද හම්බවෙයි නේ ඔය නිකිලා …. අපි ඌගෙන් ඉල්ලා ගන්නම් ….උබට දෙන්න බැරිනම් ..’ මලිති නෙතුලිට විරිත්තුවේය … ‘ඔය …ළමයි …. ඔතන මොනවාද කරන්නේ ….’ ‘අඩේ මිරංගි මැඩම් …ඉදලා ඉවරයි ……’ නෙතුලි හැරී බැලුවේ එලෙස පවසමිනි .. ‘මැඩම් මේ …මේ අපි ටොයිලට් යන්න කියලා ආවේ …’ මලිති බොරුවක් ගොතද්දී නෙතුලි බකස් ගා හිනාවක් පිට කලේය ‘බොරු කියනවා නේද ….. මෙහෙ වරෙල්ලා ….ටොයිලට් එක කොහෙද උබලා කොහෙද ’ නෙතුලි හා මලිති මුවා වෙමින් මා ඇය වෙත ගියේ සිත බියෙන් සැලෙද්දීය … ගුරුවරිය ඉදිරියේ අපි තිදෙනාම උන්නේ මුහුණු බිමට යොමාගෙනය ‘ මේ වෙලාවේ උගන්වන සබ්ජෙක්ට් එක මොකක්ද ..’ ‘ ඉංග්ලිෂ් ….’ ‘ … උබලා ඉංග්‍රීසි මහාචාර්යවරුද ක්ලාස් එක කට් කරේ … නෙතුලි ඔය ළමයා ක්ලාස් කට් කරලා මේ අහුවුන හතරවෙනි සැරේ …. මේ පීරියඩ් එක ඉවරවෙනකන් ඔෆිස් එක ඉස්සරහා දන ගහගෙන හිටපල්ලා තුන්දෙනාම ..’ ගුරුවරිය යන්න ගියේ විදුහල්පතිනිගේ කාර්යාලය ඉදිaරිපිට අප තිදෙනා දණගස්සවමිනි .. ‘ඉන්ටර්වල් එකේදී ඇවිල්ලා මාව හම්බවෙලා යන්න ඕන ..’ නැවත අප දෙස බලා ගුරු විවේකාගාරය දෙසට යන මිරංගි මැඩම් දෙස බැලු නෙතුලි ඇයට ව්රිත්තන්න විය .. ‘අර මර අංගනාට හොදක් වෙයිද බන් …අපි වගේ අහිංසක සුකොමාල … සුචලිත ..ගැහැණු දැරිවියෝ මේ වගේ පට්ට අවුවේ වැලි ගොඩක් උඩ දණගැස්සුවාට ..’ නෙතුලි පවසන්නට සිනානොවී සිටිය නොහැකිය … මලිතිගේත් මගෙත් මුවෙන් හිනාවක් එළියට පැන්නේ නෙතුලිගේ කතාවලටය ….. ‘දණහිස් රිදෙනවා බන් …වැලි ඇනිලා …’ ‘මට නම් හරි සනීපයයි බන් පුළුන් ගොඩක් උඩ වාඩිවෙලා ඉන්නවා වගේ දැනෙන්නේ …’ නෙතුලි මුහුණ කළුකරගෙන උන්නද ඇගේ කටට නිවනක් නැත … විවේක වෙලාවට සීනුව නාද කරන තුරුම අප උන්නේ දණගසාගෙනය … ‘ඉක්මනට නැගිටපල්ලා ..අපේ පන්තියේ මාර දුතිකාවෝ දැක්කොත් එහෙම දිව හපාගෙන මැරෙන්න වෙන්නේ ..’ කඩිසරව නැගී සිටි නෙතුලි ගවුම පුරා තැවරී තිබු වැලි කැට පිස දමද්දී අපිද ඇය අනුගමණය කළෙමු …. ‘ ඔය ළමයි ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්න නේ … බොරුවට ක්ලාස් කට් කරලා විහිළුවක් වෙන්න එපා .. නෙතුලි ඔයානේ මේ කණ්ඩායමේ නායකයා ….. …ආයෙම අවේලාවක පංතියෙන් පිට ඉදලා අහුවුනොත් ප්‍රින්සිපල් මැඩම්ට කම්ප්ලේන් කරනවා …තුන්දෙනාම මතක තියාගන්න .. දැන් යන්න විනාඩි ගානක් දිගු දේශනයක් දපැවැත්වූ මිරංගි මැඩම් යන්නට අවසර දෙද්දී හොර පුසියන් මෙන් නිහඩව අපි පිටතට ඇවිද ගියෙමු …

****** ‘මේ නිකිල් තාම නැහැ නේ ….’ පාසල නිමවූ සැනින් දිවවිත් බස් නැවතුමේ නැවතුනු නෙතුලිගේ නොඉවසිලිමත් නෙතු වරින්වර පාර දෙසට යොමු වෙද්දී මලිති මා දෙස බලා සිනාසෙන්න වුවාය … ‘පොඩ්ඩක් ඉවසලා ඉදපන් …. දැන් එයි …ඔච්චර හදිස්සි වෙන්න එපා …උබට හදිස්සිය තිබ්බාට …. ඌ එන්නත් එපැයි මෙහාට …’ ‘ මට බය අර පිස්සු දීපා ලියුම දුන්නේ නැද්ද කියලා … ඒත් අද උදේ අහද්දිත් ඒකි කිව්වානේ නිකිල්ගේ අතටම ලියුම දුන්නා කියලා ..’ මුහුණ පුරා සිහින් දුකක් පැතිර යද්දී නෙතුලි ගේ ඇස් වලට කදුලක් එබිකන් කර තිබුණි …ආදරය යනු මෙතරම් දුකක්ද … පෙම්වතාගේ පුංචිම වෙනසකට උව ආදරේදී කදුලක් උනන බව මා උගෙන ගත්තේ නෙතුලිගෙනි …කිසිදිනෙක ආදරය අත්විද නැති මට නම් මේවා නුහුරු අත්දැකීම්ය ‘අන්න … උබගේ ප්‍රේම කුරුල්ලා එනවා … පිහදාගනින් ඔය කදුළු .. නිකිල් දැක්කොත් හිතයි උබ බොළද කෙල්ලක් කියලා …’ නෙතුලි ගවුම් සාක්කුවෙන් ගත් ලේන්සුවෙන් කදුළු පිසදමද්දී හිස එසවූ මා පාර දෙසට නෙතු යොමු කලෙමි … යහළුවන් දෙතුන් දෙනෙකු සමග සිනාසෙමින් අප දෙසට එමින් උන්නේ එදා මා බේරාගත් පිරිමි ළමයාය .. අදහන්න හිත අස්සේ විදුලි කෙටුවේය … හිත හිරවෙන්නාක් මෙන් හැගීමක් සමග සියුම් වේදනාවක් දැනෙද්දී මා කලේ එසවූ දෑස් බිමට යොමු කිරීමය .. දෙවියනේ නෙතුලි ආදරය කරන නිකිල් මොහුද … එදායින් පසුව නිකමටවත් ඔහුව සිහියට නාවද නොමැකෙන ලෙස සිතෙහි ඒ රුව ධාරණය වී ඇති බව මට වැටහුනේ දැන්ය … එදා යහළුවා ඔහු ඇමතුවේ හිම්සර ලෙස නොවේද …එවිට ඔහු නිකිල් හිමසරද …. සීමාවක් නොමැතිව ප්‍රශ්න ගොඩක් හිතට ගලාගෙන ආවේය .. ‘නෙතු…. පොඩ්ඩක් ලේට් උනා සොරි …’ පිරිමි ළමුන් කීපදෙනා අප ඉදිරියේ නවතිද්දී මගේ හිත මහා සද්දෙට ගැහෙන්න ගත්තේය .. ‘මම තරහයි කොච්චර වෙලා බලාගෙන හිටියාද මම …’ නෙතුලි නෝක්කාඩු කිවාය .. ‘විනාඩ් පහයි පරක්කු උනේ …. හරියට පැය ගානක් පරක්කු උනා වගේ බනින්නේ ..’ ‘හරි ඉතින් අදට සමාව දෙන්නම්කො ..’ ‘කව්ද මේ අළුත් යාළුවා … මම කලින් දැකලා නැහැ නේ …’ ‘මෙයා අපේ කොන්වන්ට් එකට අළුතින් ආවේ .. පාරමී … පාරමී මේ තමා මම කිව්වේ නිකිල් …මගේ පණ …’ නෙතුලි ඔහු හදුන්වා දෙද්දී මා හිස එසවුවෙමි … හිත සැනසුනේ එව්ටය ….. නිකිල් ලෙස හදුන්වා දුන් තරුණයා ඔහු නොවේ …. ඔහු උන්නේ නිකිල්ට පසුපසින් යහළුවන් සමග සිනාසෙමිනි .. නිනිල් දෙස බලා සිනාසුනද මගේ අකීකරු නෙත් නතරවී තිබුනේ හිමසර ලගය … ‘ මේ නිකිල් ඔයා වෙනුවෙන් අපි කන කට්ටට …. ඔයාට ලේසියෙන් බේරෙන්න දෙන්න බැහැ අපිට පාර්ටි එකක් ඕන ..’ ‘සුළු දෙයක් නේ .. යමු මම දෙන්නම් ..’ නිකිල් ඉස්සර උනේ නෙතුලි සමගිනි ….ඔවුන්ට බාධාවක් නොවී අපි පසුපසින් ඇවිද ගියෙමු …. ‘වෙනදා නම් නිකිලා ශතයක් හොල්ලන්නෙ නැහැ ..අද බලපන්කො දිනිත මූ දානපතියා වෙලා ..’ හිමසර නිකිල් දෙස බලමින් විහිලු කරන්න විය ‘අපෝ උබලාට ඉතින් කොච්චර අරන් දුන්නත් පිරිමහන්න බැහැ නේ .. මුන් එක්ක නිදහසේ ලව් කරන්නවත් බැහැනේ…. අපි යමු නෙතු .. ’ ඉක්මන් පියවර තබමින් පෙම්වතුන් දෙදෙනා ඉදිරියට යද්දී මලිතිගේ අතින් අල්ලාගෙන මාද අන් අය සමග ඔවුන් ගිය දෙසට සෙමින් පියවර තැබුවෙමි .. ‘මේ හලෝ …’ පිටුපසින් ඇසුනේ හිමසරගේ කටහඩයි .. ආපසු හැරී ඔහු දෙස බැලීමට සිතුනද නෑසුනා සේ ගමන් කලෙමි … ‘මේ ඔයාගේ කන් බිරිද …’ තවත් මොහොතකින් හිමසර යාළුවන් සමග අප සමග එක පෙලට වැටුනේය … ‘ඔයා මාව දන්නවා ද ..’ ඔහු මා දෙසට එබී මුහුණ දෙස විමසිල්ලෙන් බලද්දී මුහුණ ලැජ්ජාවෙන් රතුවෙනවා සේ මට දැනුණි ‘මම …මම ඔයාව දන්නේ නැහැ …’ මම උත්තරයක් ගොතා ගතිමි ….එසේ නම් එදා මා පාරේදී බේරාගත් බව ඔහුට අමතකව ගොස් ඇත …. ‘ඒ උනාට ඔයා උරුලෑ මුහුණ මට හොදට මතකයි නේ හලෝ …’ මුහුණට බැරෑරුම් පෙනුමක් නගා ගනිමි න් හිමසර පවසද්දී මලිති බකස් ගා සිනාසුනාය … වරලස ගස්සා ඉවත බලා ගත්තා මිස මා ඔහුට පිළිතුරු ලෙස යමක් නොකියා උන්නෙමි ….

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *