~~ආදර පාරමී ~~~~~~09 කොටස
ආපන ශාලාව තුළ පෙම්වත්වෙමින් උන් යුවළට අප සිහිනැතුවා මෙනි … ‘මේ අපිත් මෙතන ඉන්නවා හරිද …’ විසල් මේසය කෙලවර වාඩිවූ උන් හිමසර එලෙස පවසද්දී මුහුණ රත්පැහැ කරගෙන නෙතුලි අප දෙස බැලුවාය ‘කට්ටිය මොනවාද බොන්නේ …’ මෙනු පත අතට ගත් නිකිල් කතාව වෙනතකට හැරවුවේය ‘කූල් නෙස්කැෆේ …’ එකිනෙකා තමන් කැමති දේවල් ඇණවුම් කරන්න විය ..‘මට නෙල්ලි ජුශ් එකක් …..’ ඒ ඇණවුම හිමසරගෙනි … ‘ඈයියා …. ඒවා හරි ඇබුල් නේ අනේ ..’ මලිති උරහිස් අකුලා මුහුණ ඇබුල් කරගත්තාය …‘ඇබුල් කියන්නෙත් රසයක් සහෝදරි …. බිලාම බලන්නකෝ නෙල්ලි ජුෂ් එකක් ….. ඔයත් හැමදාම ඉල්ල ඉල්ලා බෝයි …’ හිමසර කතා කලේ දෑස්වලින් සිනාසලමිනි …‘එහෙනම් මටත් නෙල්ලි එකක් ඕන …බලමුකෝ එහෙම වෙයිද කියලා ’ මලිති හිම්සර අනුව යමින් නෙල්ලි යුෂ ඇණවුම් කළාය ‘එතකොට පාරමී මොනවද බොන්නේ … ‘’ නිහඩව ඔවුන්ගේ කෙලිකවටකම් දෙස බලා උන්නා මිස මා සදහා යමක් ඇනවුම් කිරීමට මට අමතකව තිබුනි ‘ මට දිවුල් එකක් ….අයිස්ක්‍රීම් දාලා ..’ ඇණවුම රැගෙන ගිය වේටර් කොළුවා එනවිට සිසු නඩයේ හඩ අවන්හල පුරාම රැවුදෙමින් තිබුනේය ..‘මේ මිස්ගේ නෙල්ලි එක …මේ සර්ගේ නෙල්ලි එක … මිස්ගේ දිවුල් එක ..’ වේටර් කොළුවා පිලිවෙලින් බීම විදුරු අප ඉදිරියේ තැබුවේය .. මම සෙමින් බිම බටය තොල ගෑවෙමි …… බටය දිගේ ඉහලට ගලාගෙන ආ දිවුල් උගුර හරහා කුස තුළට ඇදී යද්දී පිපාසය නිවී ගතට දැනුනේ සිසිලසකි …. ‘ඊයා අනේ මේ මොනවාද … ඇබුල් නේ …’ මලිති නෙල්ලි වීදුරුව පසෙකට කර අඩන්න මෙන් මුහුණ හදාගත්තාය …. ‘ඒකනේ … කෙල්ලෝ කියන්නේ …කිසිම රසයක් තේරුම් ගන්න බැරි ජාතියක් .. ‘’ හිම්සර කලේ අඩන්න හිටිය මිනිහාගේ ඇහැට ඇනීම වැනි වැඩකි ‘අනේ යන්න …. මේ ජරාව බොන්න දීලා එක එක දේවල් කියන්නත් එනවා …මට තිබහයි …වෙන මොනවා හරි ඕන මට …’ ‘මගේ එකෙන් බොන්න ….’ අඩක් නිමවූ දිවුල් වීදුරුව මා ඇය අසල තැබූවෙමි …‘මේ මට ඔයාව හොදට දැකලා පුරුදුයි …. ෂිට් මට මතක් වෙන්නේ නැත්තේ ඒ කොහෙදිද කියලා නේ ..’හිම්සර මා වෙත දෑස් පෑවේ ඒ අවසරයෙනි …..‘මම ඔයාව දැකලා නැහැ …’ මා ඒ දෑස් මග ඇරියෙමි … ‘ඉන්නකෝ මම මතක් කරන්නම් ….. ‘’ හිමසර මද වේලාවක් කල්පනාබරව උන්නේය …‘මතක් වෙන්නේ නැහැ නේ …හරි කමක් නැහැ … මම මතක් කරගන්නම්කෝ ..’ ඔහු ඕනෑවට වඩා මා දෙස බලද්දී හැකි තරම් ඒ බැල්ම මග හැරීමට මා වෙර කලෙමි .‘මතක් උන දවසක කියන්නකෝ …. ’ මා එදා අනතුරට ලක්වූ දැරිවිය බව අමතක වීමට තරම් ඔහුගේ මතකයේ කොතරම් යුවතියන් ඇතිද … ලයට මහා බරක් දැනුනේ ඔවැනි දේවල් සිහිවෙද්දිය …ඔවැනි පිරිමි ළමයෙකු ගැන සිතීමටවත් මට බියය … අම්මා ගැන අවලාද කියන මිනිසුන්ට මා එවන් පිරිමි ළමයෙකු ලගින් ඇසුරු කලද කතා හදනු ඇත …කල යුත්තේ හිමසරගෙන් ඈත්ව හිදිමය ….. ‘මචං මම යනවා ….තුනට ප්‍රැක්ටිස් තියෙනවා ….’ තවත් මද වෙලාවකින් හිම්සර නික්ම යනතුරු අපහසුවෙන් උන්නද …ඔහු නික්ම යන බව ඇසීම උව මගේ සිතට ගෙනාවේ කාන්සියකි … ****‘රෝසි …දන්නවද …. එදා මාව හැප්පෙන්න යද්දී බේරාගත්තේ … අන්න එයා මගේ ඉස්සරහාට ආවා …. දන්නවාද මට දැනුනේ මුළු ලෝකෙම මගේ ඉස්සරහා නැවතුනා වගේ …ඒත් එයාට මාව අමතක වෙලා රෝසියෝ …එක අතකට එහෙම උන එකත් හොදයි .. ’නිවසට පැමිණි විගස මා කලේ රෝසිව තුරුළට ගැනීමය …‘ මට කවදාවත් කොල්ලෙක්ට ආදරේ කරන්න බැරිවෙයි රෝසියෝ …. ආදරේ දැනුනත් ….මට බයයි ආදරේ කරන්න ….ආදරේ කරලා අම්මාට උනා වගේ මටත් උනොත් … මට ජීවත්වෙන්න බැරිවෙයි …. ඒ නිසා මම මගේ හිතට සිමාවක් දාගෙන ජීවත්වෙනවා … කවදාවත් මගේ හිතට ආදරයක් දැනෙන්න එපා කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා මම ..’ බොහෝ වෙලාවක් රෝසි හා දොඩමින් උන්නා මිස මුහුණ සෝදාගැනීමටදු මට සිතුනා නොවේ .. බෝනික්කිය තුරුලට ගෙන යහනේ වැතිර උන් මා යහනෙන් නැගී උන්නේ මෝටර් රථයක් ගේට්ටුව ඉදිරියේ නවත්වන හඩිනි.. ගේට්ටුව ඉදිරියේ නවතා තිබු කාරයෙන් බැස නිවස දෙසට එමින් උන්නේ …අම්මාය .. පසෙකින් ඇයට බොහෝ ලංව චමින්ද උන්නේය විවාහක යුවලක් මෙන් නිවසට එන ඔවුන් පිළිබද කලකිරීමක් හිත පුරා පැතිරෙද්දී දැනුනේ අප්‍රිය බවකි ….‘බබී ….දොර අරින්න අම්මා ආවා …’ බොහෝ වෙලාවක් සීනුව නාද කර ප්‍රතිචාරයක් නැති තැන අම්මා දොරට ගසන්න වුවාය .. ‘පොඩ්ඩක් ඉන්න මේ එනවා ..’ විවර කරගෙන උන් නිල ඇදුමේ බොත්තම් පියවමින් මා දොර දෙසට ඇවිද ගියේ කිරීමට දෙයක් නැතිකම නිසාය ‘මොකද නිදාගෙන හිටියාද ….විනාඩි කියක් මෙතැන හිටගෙන හිටියාද .. ‘ අම්මා මුහුණ කලුකරගෙන බලද්දී ඇයට බොහෝ ලංව උන් චමින්ද මා දෙස බැලුවේ දෑසින් ගිලගන්න මෙනි ‘චමි …ඔයා වාඩිවෙලා ඉන්නවාද … මම වොෂ් එකක් දාගෙන එන්නම් ..’ ‘ ඕකේ ඩාලින් … ‘’ ‘බබී චමින්ද අයියාට බොන්න තේ එකක් හදන්න ..’ පිටුපා යන අම්මා දෙස මද වෙලාවක් බලා උන් චමින්ද මා දෙස බැලුවේ කපටි සිනාවකින් මුව සරසාගෙනය …‘බබිගේ අලුත් ස්කුල් එක හොදද …’ මා කතාවට පටලවාගන්න ඔහු මාන බලද්දී මම කලේ ප්‍රති උත්තර නොදී සිටීමය .. ඇරත් මට බබී කීමට ඔහුට කිසිදු අයිතියක් නැත …‘පොඩ්ඩක් හිනාවෙන්න ළමයෝ …. ගල් ගිල්ලා වගේ බලාගෙන ඉන්නේ නැතිව …’ මා දෙසට යොමුව තිබු ඒ දෑස් වල පෙරේත බැල්ම දකිද්දී මට සිතුනේ ඒ දෑස් උදුරා දැමීමටය …‘කොහෙද යන්නේ මේ …. පොඩ්ඩක් ඉන්නකො …’ ඉවසාදරා සිටිය නොහැකි තැන මා කලේ කාමරයට වැදී දොර තදින් වසා දැමීමය . … මිනිසුන් කතා හදන්නේ ඔවැනි දේවලටය …. තරුණ වියට එළබි තරුණියක් සිටින නිවසට පිට පිරිමින් සමග ඒම නොහොබිනා බවට නොසිතෙන්නේ මන්ද …. ‘ඇයි රෝසි අම්මා මම ගැන හිතන්නේ නැත්තේ …. ඒ මිනිහා හරි නරක විදිහට මගේ දිහා බලන්නේ …. ඇත්තමයි අතට අහුවෙන එකකින් දමලා ගහන්න හිතෙනවා ඒ මුහුණට ..’ දෑසින් කදුළු වැටෙන්න වුවේ අවසරයක් ඇතිව නම් නොවේ … කාත් කවුරුත් නැති කතරක තනිවුවා මෙන් හැගීමකින් හිත පිරියද්දි මට උවමනා වුවේ මහා හයියෙන් කෑ ගසා හඩා වැටිමටය …. ‘බබී දොර වහගන්න …. මම ෆන්ෂන් එකකට යනවා …. පොඩ්ඩක් එන්න වෙලා යයි …’ දොරට පිටතින් සිට අම්මා මා ඇමතුවද මා නෑසෙන ලෙස උන්නෙමි … ‘අපි යමු ….’ ඔවුන් නිවසෙන් එළිටය බහින්න ඇත …කව්ළුව අසලට ගිය මා ගෙමිදුලට එබුනෙමි …. ඔවුන් ගමන්කරමින් උන්නේ බොහෝ ලංවය …අදහන්න හිත මහා හුගක් රිදුනේය …. වෙනත් ගැහැණු ළමුන්ගේ මව්වරුන් මෙන් නොවුනත් මගේ අම්මාට මා බෙහෙවින් ආදරය කලෙමි ..එහෙත් ඇය පිලිබදව තිබු සෙනෙහසට කැළලක් ඇති කලේ ඈ විසින්මය .. ******එක දිගට දින ගානක් නොකා නොබී උන්නද මට හුස්ම වැටුනේය ….. අම්මා වෙනස් වුවේ බලා සිටියදීමය … මහා රෑ මැද වුව නිවසට පැමිණෙන ඇය එක දිගට දින ගණන් නිවසට නොපැමිනෙ දින වැඩිවෙන්න විය … මා උන්නේ බොහෝ කලකිරීමෙනි … සැබවින්ම මට මගේ ජීවිතය පිළිබද තිබුනේ අප්‍රියාවකි …. ‘ නංගි …. අම්මා ඊයේ රෑ ගෙදර ආවේ නැහැ නේද ..’ මම මිදුලට බහින තුරු බලා උන් දිනුකි අක්කා මා දැක ගේට්ටුව ලගට දිව ආවාය .. මද සිනාවක් මුවට නගා ගන්න අපහසු උත්සාහයක යෙදුනා මිස සිනාවක් මුවට ආවාද නොවේ …‘ මේ දවස් ටිකේ ඉස්කෝලේ ගියෙත් නැහැ නේද …’ මගෙන් පිළිතුරක් නොවු තැන ඇය නැවත පැනයක් විමසිය ‘ යන්න බැහැ කියලා හිතුනා …’ මගේ මුහුණේ වෙන්න ඇත්තේ මහා අසරණ බැල්මකි ‘ඔයා කාලාද ඉන්නේ …’ ‘කන්න බැහැ අක්කා . …’‘පිස්සු කරන්නේ නැතිව මෙහෙ එන්න ..’ දිනුකි අක්කා පෙරට විත් මගේ අතින් අල්ලාගෙන බලෙන් මෙන් ඇගේ නිවසට ඇදගෙන ගියේය ..‘දැන් කන්න …. ‘’ බත් පිගානක් බෙදා මගේ අතින් තැබූ ඈ බොහෝ දුකින් මා දෙස බලා උන්නේය ‘ කන්න පිරියක් නැහැ අක්කා …’ සටස් ගා බත් පිගානට වැටුණු කදුළු බින්දුව දිනුකි අක්කාට බොහෝ කතා කියන්න ඇත ..‘ නාඩා ඉන්න …හැමෝටම ප්‍රශ්න තියෙනවා … කාලය ඒවා විසදයි …පහු ගිය දවස් ටිකේ ගොඩක් සතුටෙන් හිටියේ ඔයා …. ඔයා ලස්සන සතුටෙන් ඉද්දි … දැන් මේ විදිහට දුකෙන් ඉන්න එපා …. ප්‍රශ්න වලට බයේ පැනලා යන්නේ නැතිව හැම දෙයකටම මුහුණ දෙන්න පුරුදු වෙන්න ..’ දිනුකි අක්කා මගේ සිත සනහා නොකා අත තබාගෙන උන් බත් පිගාන ගෙන මට කවන්න වුවාය …..
මතු සම්බන්ධයි
Real good info can be found on blog.Raise your business