~~~~ආදර පාරමී ~~~~~~ 11

කොටස දෑස් රිදෙන තුරු මග බලා උන්නද ගෙවුණු දින කීපයේම අම්මා නිවසට පැමිණියේ නැත …. හදිසියේ නිවස පසුකරගෙන යන වාහනයක් ගේට්ටුව අසල නවත්වනු දකින මා බලාපොරොත්තු දෑසින් බලා ඉන්නෙමි ….. එය සිතුවිල්ලක් පමණක්මවී වාහනය තවත් මොහොතකින් දුහුවිලි අවුස්සාගෙන ඉගිල යද්දී ශුන්‍ය වූ බලාපොරොත්තුව ගැන වේදනාවක් පමණි සිතේ ඉතිරිවුවේ .. … බලා හිද අවසානයේ මම තීරණයක් ගත්තෙමි … අතට අහුවුණ ගවුමක් ඇද සෙරෙප්පු යුවලක් පැළදගත් මා පාරට බැස්සේ කෙලෙස හෝ අම්මා සොයා යන්නෙමි යන සිතුවිල්ලෙනි … වේගයෙන් නුවර දෙසට යෑමට පමණි බසයක් නතර කරගෙන ඊට නැගුනු මා අම්මා රාජකාරී කරන හෝටලය ලගින් බැසගත්තෙමි… ‘රුචිරා ඉරුගල්බණ්ඩාර …. හම්බවෙන්න පුළුවන්ද … ’ ‘රුචිරා ඔෆිසියල් ට්‍රිප් එකක් ගියා …. මේ දවස් ටිකේ එයා වැඩ නැහැ ..’ පිළිගැනීමේ කවුන්ටරයේ උන් තරුණිය මා දෙස බලා උන්නේ සමච්චල් සිනාවකිනි ‘කොහෙද ඒ ..’ මට දැනුනේ හුස්ම හිරවුනා වැනි හැගීමකි .. ‘බැංකොක් …’ යුවතිය යලිත් වරක් මා දෙස බැලුවේ තීක්ෂණ බැල්මකිනි ‘කවද්ද එන්නේ ලංකාවට ..’ ඒ වචන කීපය මගේ උගුරෙන් පිටවුනේ සිහින් කෙදිරියක් මෙන් වෙන්න ඇත … ‘ඔයා කවුද එයාගේ ඇයි රුචිරා ගැන හොයන්නේ …’ ඇය මා උන් ආකාරය දැක බියවෙන්න ඇත ‘ එයා මම අදුරන කෙනෙක් …’ රුචිරා යනු මගේ මව බව පවසන්න මට උවමනා නොවුනි … ‘හෙට රෑ ප්ලයිට් එකෙන් එයාලා ලංකාවට එනවා … පණිවිඩයක් තියේ නම් මට කියලා යන්න … රුචිරා ආව ගමන් කියන්නම් …’ ‘පණිවිඩයක් නැහැ පාරමී ඇවිත් ගියා කියන්නකෝ …’ විසල් හෝටලයෙන් පිටතට මා ඇවිද ගියේ මලගිය අයෙකු මෙනි …. අඩන්න ඕන උනිද එකම කදුලකදු දෑසට නොඉනුවේය .. මේ තනිකමට වඩා මරණය යෙහෙකි මට සිතුනේ එලෙසටය ….. අම්මට තිබුනේ මා තාත්තා ලග දමා එන්නය …මව් සෙනෙහස නොමැති උවද ..පිය රැකවරණය හෝ එවිට මට ලැබෙනු ඇත .. අම්මා ගැන කලකිරීම පරදවා පිළිකුලක් බොහෝ සෙමින් හිස ඔසවන්න විය .. ‘පාර බලාගෙන යනවා …පාර මැද නටන්නේ නැතිව ’ නොසරුප් වදන් කීපයක් පවසා කිසිවෙක් බැන වදින තුරුම මා ගමන් කලේ වේගයෙන් වාහන ඇදෙන මාවත මැද බව මට සිහියක් නොවුනි … එක්වරම අහස කළුවී මහා හඩින් හෙනයක් පුපුරා ගියේය … මහා වැස්සක් කඩා හැලෙන්න ඒ හැටි වෙලාවක් ගතවී ගියේ නැත … මොර සුරන මහා වැස්සේ සෙවනකට දිව ගොස් සැගවෙන්න දගලන යුවතියන් අතරට එක්වීමට තරම් මගේ දෙපා වලට සවියක් තිබුනේ නැත … ‘සු සැට බරණින් සැරසිලා නා කපනා වැහි වැටෙන වෙලේ විශාඛා තොමෝ පැමිණි විලාසෙන් මට එන්නට බෑ නිසංසලේ …’ බස් නැවතුමේ රැදී උන් කොලු රැලක් මා පැමිණි විලාසය දැක ගීතයක් ගායනා කරන්න විය …. ‘මොකද නෑවේ ….’ බස් නැවතුම අයිනකට වෙන්න සිටගෙන එක දිගට වැටෙන ලොකු වැහි බිංදු දෙස බලා උන්නා හැර අවට සිදුවෙන කිසිවක් ගැන මගේ අවදානයේ නොවුනි …. ‘මේ හලෝ …මම ඇහුවේ ඔයාගෙන් තමා …. මොකද මේ වැස්සේ නෑවේ …’ තවත් නිමිශයකිනි මා ඉදිරියේ උන් හිමසරව දුටුවේ … ‘ආශාවට …’ ‘අර ෆිල්ම් වල නිලියෝ වගේ තමුසෙටත් ආශාවක් ආවාද වැස්සට පාර මැද්දට පැනලා නටන්න ..’ ඔහුගේ දෑස නතරව තිබුනේ වැහිවතුරෙන් තෙත්ව මගේ ලය මත නතර තිබු වරලස ලගය .. ‘ ඔව් මට හිතුනොත් මම නටනවා …. ඒ ගැන කවුරුත් වදවෙන්න ඕන නැහැ ..’ එක්වරම මට සිහිවුවේ එදා ක්‍රීඩා පිටියේදී ඔහුගේ අතක එල්ලී උන් යුවතියයි .. ඉතින් මට ඔහු හා කිසිවක් දෙඩීමට හිතවත් වීමට කිසිදු ඇල්මක් නොවුනේය … මගේ දෑස් අද්දර මැවී මැවී නොපෙනී ගියේ එදා අර යුවතිය හා ඔහු උන් අයුරුයි …. හිම්සර බලා සිටියදීම ඔහුට පිටුපා මා අන් දෙසක් බැලුවෙමි .. .. ‘පුදුම කටක් තියෙන්නේ …..මම නම් හිතුවේ අහිංසකයි කියලා …’ මදක් ඈතින් උන්නද ඔහු කි දේ පැහැදිලිවම ඇසුණත් මා කලේ නෑසුනා සේ ඉදිමය …. විනාඩියෙන් විනාඩිය ගෙවී යද්දී පරිසරයේ තිබු මද එලියද යටකරගෙන වැහි අන්ධකාරය පැතිර යන්න විය … බසයක් එන පාටක්වත් නැති තැන හිතට බියක් එබෙන්න විය … පැත්තට වී උන් හිම්සර නොවෙන්න මේ බිය දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තිබුණි … මදක් පායා තිබු වැස්ස එක්වරම වැඩිවෙද්දී මගේ හිත ගැහුනේ වේගයෙනි .. ‘මුළු රෑම බස් හෝල්ට් එකේ ඉන්නද කල්පනාව ….’ හිම්සර කතා කලේ ඉවසීමේ සීමාව ඉක්මව ගිය තැන විය හැකිය .. ‘ගෙදර එකෙකුවත් කෝල් කරලා ගෙන්න ගන්නවා කවුරු හරි … ‘’ මා පිළිතුරු නොදුන් තැන සාක්කුවට අත දමා පිටතට ගත් ජංගම දුරකථනය හිමසර මා දෙසට පෑවේය …. මේ වෙලේ මට කාත් කවුරුත් නැති බව කියා ඔහුගෙන් අනුකම්පාව ලබා ගැනීමට මට උවමනාවක් නොවුනි … ‘පිස්සියක් මහා …’ මා දුරකථනය පිළිනොගත්විට ඔහු මහා වැස්සේම බස් නැවතුමෙන් එළියට බැස්සේය …යන්න එපා …. කීමට උවමනා වුනිද මා කලේ මුවෙන් වදනක් නොදොඩා හිදිමය … දන්නා හදුනන කිසිවෙක්ම නොමැතිව නාදුනන නගරයේ තනිවීම නුසුදුසු බව මතක් වී ඔහු ගිය මග දෙස බලද්දී හිමසර නොපෙනී ගොස් අහවරය … ‘නගිනවා … මම ලිෆ්ට් එකක් දෙන්නම් ’ බියෙන් සැලුණු සිතට සැනසුමක් ගෙනෙමින් විනාඩි කීපයකට පසු හිම්සර කුලී රියකින් යලි පැමිණ තිබුණි …ඉතින් මා දෙවරක් නොසිතා රියට ගොඩවුවෙමි … ‘කොහෙද ගෙදර තියෙන්නේ …’ මද දුරක් ගිය පසු හිම්සර මා දෙස බැලුවේ පිළිතුරක් අපේක්ෂාවෙනි ‘උයන්වත්ත …’ පිළිතුරු නොදී බැරිකමට මා මුව විවර කලෙමි ‘හ්ම්ම්ම්ම් …මේ රෑ වෙලා කොහෙද ගියේ .. ගැහැණු ළමයි බිමට කළුවර වැටුනාම එලියට බහින්න හොද නැහැ ..’ හිම්සර දොඩමළු වෙන්න ගත්තේ ඇස් වලින් සිනාසෙමිනි …. ඔහු ලගින් හමා ආ … පිරිමි ලමුන් පාවිච්චි කරන සැර විලවුන් සුවද නාස් පුඩුවෙන් ඇතුළුවෙද්දී මා අසුනේ කෙලවරටම වීමි … ‘ඔතැන නවත්තන්න … ’ නිවසට හැරෙන පාර ලංවෙන විට මා හිම්සර දෙස බැලුවෙමි ‘ කොයි හරියේද ගෙදර තියෙන්නේ …’ ‘ඔතැනින් පොඩි දුරයි ….. මම පයින් යන්නම් ඔය ටික ..’ මා වාහනයකින් ගොස් බසිනු කිසිවෙකු දුටුවහොත් කතා ගොතනු ඇත … එවැනි දෙයකට මුහුණ දීමට තවත් නම් මට සවියක් නැත … ‘පිස්සු නටන්නේ නැතිව ඉන්නවා …. මම ගෙදර ලගින් දාන්නම් ..’ හිම්සර කතා කලේ තරවටුවක් විලසිනි … ඉතින් මට ඔහුට එරෙහිවිය නොහැකිය … ‘ඔතන ඉස්සරහා ගේට්ටුව ලග ….’ ගේට්ටුව අසල නැවතූ මෝටර් රියෙන් බසින මා දෙස බලා උන් හිම්සර දෙස බැලු මම සිනාවක් මුහුණට නගා ගන්න වෙර දැරුවෙමි … ‘බොරුවට හිනාවෙන්න ට්‍රයි කරන්න එපා … දැන් යන්න ….’ කිසිදු විදුලි බුබුලක් නොදැල්වුණු නිවස දෙසට පියවර මනින මා දෙස බලා උන් හිම්සර පිටව යන හඩ මට ඇහුනේ සාලයේ විදුලි බුබුළුද දැල්වූ පසුයි …. ඔහුට ස්තුති නොකලා යැයි මට මතක් වුනේ ඊටත් බොහෝ වෙලාවකට පසුවය … මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *