~~ ආදර පාරමී ~~ 16

පරණ ජිවිතයෙන් මිදී මා අලුත් ජිවිතයට හැඩගැසිය යුතුව තිබුණි … බහ තෝරන වියෙහි පටන් තනිව උන් මට විසල් නිවසක ජීවිතයකට හුරුවිය යුතු ආකාරට නොවැටහුනේය … කාලයත් සමග සියල්ල නිවැරදි වෙනු ඇතැයි මා සිතුවෙමි …අම්මා …. හිමසර … බාලිකාවේ යෙහෙලියන් සේම දිනුකි අක්කා මට සිහිනොවුනා නොවේ …. එහෙත් අතීතයේ මතකයන් අතර අතරමං තවත් ජීවිතය කාලකන්නි කරගැනීමට මට උවමනා උවා නොවේ … ‘මම දැනගෙන හිටියේ නැහැ නේ මට මෙච්චර ලස්සන අක්කි කෙනෙක් ඉන්නවා කියලා …’ දම්සිත් මල්ලි මා බොහෝ අගය කළාය … ‘අපිට තව කොච්චර සහෝදරයෝයි සහෝදරියෝයි ඉන්නවාද දන්නේ නැහැ … ‘ අවඥා සහගත සිනාවකින් දෙතොල සරසාගත් දම්සාරි මා දෙස බලා උන්නේ අමාපයෙනි …. හිත රිදුනත් මා නිහඩව උන්නෙමි …මා ලෝකයාගෙන් අපහස විද ඇත්තෙමි ….. වෙනත් කෙල්ලෙකු නම් එවන් අපහසයන්ට මුහුණ දීමට නොහැකිව දිවි නසාගෙනය … ඉතින් එවැනි දේවල් දරාගත් මට නැගණියගේ වදන් දරා ගැනීමට අපහසු නොවිය … සියල්ල මා දරාගත්තේ තාත්තාගේ සෙනෙහස නමින් යැයි කිවොත් වඩා නිවැරදිය .. ඔහු මට ආදරය කලේ අසිමිතවය … කාර්යාලයට යෑමට පෙර මෙන්ම ගොස් ආ පසුවත් ඔහු මා සොයා පැමිණ තොරතුරු විමසීමට අමතක නොකළේය …. ඉතින් ඔහුගේ ඒ ආදර සැලකිල්ලට මා බොහෝ සේ ප්‍රිය කලෙම් … ‘බබිව හොද ඉස්කෝලෙකට දාමු නේද මංජු ..’ ඒ රාත්‍රියේ සතුටු සාමිචියේ යෙදෙමින් සිටියදී තාත්තා සිහිකලේ මා අමතක කරදමා උන් කරුණකි .. ‘ඔව් …දැන් සතියක් විතර උනානේ මෙහෙ ඇවිල්ලත් … අපි විසාඛා එකට ට්‍රයි කරලා බලමු නේද …’ ‘ඒක හොදයි .. මිනිස්ටර්ට කියලා කොහොම හරි ස්කුල් වැඩේ නම් කරගන්න පුළුවන් වෙයි … බබිගේ අස්වීමේ සහතිකේ ගන්න හෙට අනිද්දාම නුවර යන්න වෙයි එහෙමනම් …’ ‘දම්සාරිත් ඉන්න නිසා බබිට පාළු වෙන එකකුත් නැහැ …. ‘’ මංජු අම්මා දම්සාරි දෙස බලා එලෙස පවසද්දී නංගි මුහුණ හකුළුවා ගත්තාය … මෙහි පැමිණි දින සිටම ඕ මා මග ඇරියාය … නංගි මා පිළිකෙව් කරනවා වත්ද …පළමු වතාවට මට එලෙස සිතුනි …. ‘අනේ අම්මි ….’ මොනවදෝ කියන්න මෙන් කට හැදු ඈ නැවත නිහඩ වුවේ තාත්තා අසල උන් නිසා විය හැකිය .. ‘ඇයි දු මොකද …’ මංජු අම්මා දම්සාරි දෙස නෙතු යොමු කලාය ‘නෑ අම්මි මොකුත් නැහැ ..’ දම්සාරි ඉන් පසුව කිසිවක් නොකියා උන්නාය … ‘ මම බබී එක්ක හෙට නුවර ගිහින් ඒ වැඩ ටික කරගෙන එන්නම් එහෙනම් …’ තාත්තා අවසන් තීරණය ගත්තේය …. නුවර යෑමට මා ප්‍රිය කලේ නැත …අමිහිරි මතකයන් ගොඩක් පමණකි මා එහි දමා ආවේ …. ඉතින් ඒ මතකයන් අතරට ගොස් යලි යලිත් සිත රිදවා ගැනීමට මට කිසිසේත් උවමනා නොවුනි .. ‘ බබී මොකද කල්පනා කරන්නේ …’ තාත්තිට මගේ මුහුණේ සුළු වෙනසක් හෝ සැගවීමට හැකිවුවේ නැත … ‘ මම යන්නම ඕනද තාත්තා …’ ‘ ඔයා යන්න කැමති නැද්ද ….’ ඔහු සමග ලෝකයේ ඕනෑම තැනකට යැමට මට බියක් නැත …තාත්තා තම පණ දෙවෙනි කොට හෝ මා ආරක්ෂා කරන බව මා දැන උන්නෙමි… ‘ ඔයා කියනවා නම් මම ඕනෑම තැනකට යනවා තාත්තා …’ ඒ අප අතර මේ දින කීපයට ගොඩනැගුණු බැදිමයි ….. ******** ඒ බදාදා දින තාත්තාගේ කාරයේ නැගී අපි නුවර බලා පිටත් වුනෙමු ……. පෙරට ඇදී යන රිය කවුළුවෙන් පිටතට එබී උන්නා මිස මට තාත්තා සමග දෙඩීමට උවමනා නොවුනි …. පැය තුනකට පමණ පසු සුපුරුදු බිමට පිවිසෙද්දී බොහෝ මතකයන් හෙමින් අවදිවෙන්න පටන්ගෙන සිත බොහෝ රිදෙමින් තිබුණි …හිමසර මා ඔහුට හෝ නොදන්වා නොවේද සියල්ල අතහැර ගියේ ….ඔහු බොහෝ දුක්වෙන්න ඇත … විවේක වෙලාව නිසා කෙල්ලන් සියල්ල පංති කාමර වලින් පිටතට පැමිණ කෑ ගසමින් උන්නෝය …මා තාත්තා පිටුපස යමින් මගේ යෙහෙළියන් සෙව්වෙමි …. ඔවුන් පේන්න නැත ….. මේ බිමෙන් පිටවීමට පෙර ඔවුන් හමුවිය යුතු යැයි මා සිතා ගත්තෙමි .. ‘ ප්‍රින්සිපල් මැඩම් ඉන්නවද … ‘’ කාර්යාලය අසලට ගිය තාත්තා කිසිවෙකුගෙන් විමසිය … ‘මැඩම් අද අධ්‍යාපන කාර්යාලයට ගිහිල්ලා … අද දවසම ඔෆිස් එකට එන්නේ නැහැ ….. ආයේ හෙට තමා මැඩම් හම්බවෙන්න පුළුවන් ..’ ‘දැන් මොනවාද කරන්නේ බබී …..’ කාර්යාලයෙන් පිටතට ආ තාත්තා මදක් කල්පනා කරන්න විය . ‘දැන් ගිහින් ආයේ දවසක එමු තාත්තා …’ ‘බෑ බෑ මේක කල් දාන්න පුළුවන් වැඩක් නෙවෙයි .. අපි අද නුවර ඉදලා සෙටිෆිකෙට් ටිකත් අරන් හෙට උදේම ගෙදර යමු …’ තාත්තා තීරණය කලේ නිවැරදි දේය …. ඉතින් මා කලේ හිස සොලවා ඔහු පවසන්නට එකග වීමය .. ‘පාරමී උබ කොහෙද අතුරුදහන් උනේ මේ දවස් ටිකේ …දන්නවද අපි උබලාගේ ගෙදරත් ගියා උබව බලන්න ..’ මලිති සහ නෙතුලිට මා පාසලට පැමිණි ආරංචිය කිසිවෙකු පවසන්න ඇත .. පාට ගවුමකින් සැරසී දැවැන්ත පුදගලයෙකු සමගින් උන් මා දැක නෙතුලි නෙත් විසල් කළාය .. ‘මේ මගේ තාත්තා …දැන් මම ඉන්නේ එයා ලග …’ මා බොහෝ සතුටින් සිනාසුනෙමි … ‘එතකොට ඔයා අම්මා එක්ක නෙවෙයිද ඉන්නේ …’ ‘නැහැ … තාත්තා එක්ක කොළඹ ඉන්නේ මම ….. දන්නවද මලි දැන් මම ගොඩක් සතුටින් ..’ තාත්තා යෙහෙලියන් සහ මා කතා කරද්දී පසෙකට වී උන්නා මිස අපට බාධා කරන්න නොපැමිණියේය .. ‘ අන්න බෙල් එක ගැහුවා ….. පාරමී උබට කියන්න දෙයක් තියෙනවා …පුළුවන් නම් දෙකට විතර හෝල්ට් එකට වරෙන් …. ’ පංති කාමරය දෙසට යෑමට පෙර මා දෙසට හැරී නෙතුලි කලේ ඉල්ලීමකි …. ‘සුවර් …’ මා ඔවුන්ට එන බවට පොරොන්දු දුන්නෙමි ‘ ඔයා කැමති නම් අපි අම්මාව බලලා එමුද .’ පාසලෙන් නික්ම ගේට්ටුවෙන් එළියට බසින ගමන් තාත්තා විමසු පැනයෙන් මා තිගැස්සී ගියෙමි ‘මේ වෙලාවේ අම්මා ගෙදර නැහැ ….අපි හවස් වෙලා යමු …’ එරෙහි විය නොහැකි නිසාම මා ඔහු පවසන්නට එකග වීමි … ‘ බබී දන්නවාද මම ඉස්කෝලේ ගියේ නුවර ධර්මරාජෙට …… මම කරපු පිස්සු වැඩ නිසා අපේ තාත්තාට මාව ගෙදර තියා ගන්න අමාරු උනා …පස්සේ හොස්ටල් එකට දැම්මා ….. ඒ කාලේ තමා ජිවිතේ සුන්දරම කාලේ ….’ ආපන ශාලාවකට ගොඩවී බිම වීදුරුවක් තොල ගාමින් සිටියදී තාත්තා තම අතීතයට සිහි කළේ …මා මෙතැන සිටින බව හෝ අමතක කරමිනි … ‘මට මංජුව හම්බවුනේ ඒ කාලේ ….එයා දැක්ක දවසෙම තමා මම එයාට කැමති උනේ ….මංජුට මොකුත්ම තිබ්බේ නැහැ …සල්ලිවත් …දෙම්ව්පියෝවත් කවුරුත් හිටියේ නැහැ ….පුදුම තරම් අහිංසකයි එයා … ඉතින් මට එයාට ආදරේ නොකර ඉන්න බැරිවුණා …’ තාත්තා බොහෝ දුර බොහෝ දුර අතීතයේ දවසක තනිවෙන්න ඇත … මංජු අම්මා ඔහුට හමුවූවේ මගේ අම්මාට පළමුවද …එසේ නම් ඔහු තම ආදරය අමතක කර දමා අම්මාව විවාහ කරගත්තේ ඇයි … මට සිතන්න බොහෝ දේ විය …නමුත් මට ඒවා තාත්තාගේ මුවින්ම අසා දැනගැනීමට උවමනා විය .. ‘මම මොනවාද මේ කියවන්නේ … ….. ඔයාගේ යාළුවො හම්බවෙන්නඕන කිවා නේද …ඔයා දැන් යන්න …යාළුවො එක්ක කතා කරලා ඉවර වෙලා මට කෝල් එකක් දෙන්න …’ කතාව අතරමග නවතා තාත්තා මට යෑමට අවසර දුන්නේය … ඉතින් මා ඔහුගෙන් සමුගෙන පිටතට ආවේ තාත්තාගේ ජිවිත කතාව අසා ගැනීමට නොහැකිවීම ගැන කනගාටුවෙනි … ****** ‘අපි හිතුවේ උබ එන එකක් නැහැ කියලා ..’ බස් නැවතුමේ උන් නෙතුලි සේම මලිති මා දැක පෙරට ආවෝය … ‘මම පොරොන්දු වුනානේ එනවා කියලා ..’ මද සිනාවක් මුවට නගා ගත් මා ගෙල ඇල කලෙමි ‘ උබ නුවර අත ඇරියා කිව්වේ ඇත්තටමද …’ මලිතිට මා කියුව විශ්වාස නැති හැඩය … ‘මට මේ නුවර එපා උනා කිව්වොත් මම හරි …. මිනිස්සු මට මොනවාද නොකිව්වේ හැමෝම මට විහිලු කළා ….දන්නවාද මම තව ටික දවසක් මෙහෙ හිටියා නම් පපුව පැලිලා මැරෙනවා… එච්චරකට මට ජිවිතේ තිත්ත වෙලා තිබ්බේ … අම්මා මාව තාත්තාට ගිහින් භාර දුන්නාම තමා මට ජීවත්වෙනවා කියන්නේ මොකක්ද කියලා තේරුනේ .. ’ ඈත නිල් අහස දෙස බලාගෙන මා කතා කලේ බොහෝ සැහැල්ලුවෙනි … ‘ උබ දන්නවද පාරමී උබ නිසා කොල්ලෙක් පිස්සු නටනවා කියලා …’ නෙතුලි කියුව අදහා ගත නොහැකිව මා ඈ දෙස බැලුවෙමි .. ‘ඒ කිව්වේ … ‘’ ‘උබ දන්නේ නැති වෙන්න බබෙක් නෙවෙයි නේ .. හිමසර ඌ උබට ආදරේ කියලා උබ දන්නේ නැද්ද …. මම දැනගත්තේ නිකිල්ගෙන් …. උබ නිකමටවත් අපිට ඔය දේවල් කියලා තිබ්බේ නැහැ නේ ….‘’ නෙතුලිගේ වදන් තියුණුය …..මා ඔහුට බැල්මකින් හෝ බලාපොරොත්තුවක් දී නැත … එසේ නම් ඔහු මා නම්න් දුක් විදිනවා යැයි අදහන්නේ කෙලෙසද … ‘හිම්සර ට කොහොමද නෙතු …’ ඇසින් කදුලක් වැටුනේ හිතන්නටත් පෙරය ‘ඌ පිස්සෙක් වගේ උබව හොයනවා …. දවසක් නෑර ඉස්කෝලේ ඉස්සරහට ඇවිත් ඇස් රිදෙනකන් උබ එයි කියලා බලාගෙන ඉන්නවා …. නිකිල් අතින් උබ ගැන කියවා කියවා දුක් වෙනවාලු …. වෙනදා දවසක් නෑර ප්‍රැක්ටිස් ගිය හිම්සර දැන් මැච් එකකට ප්ලේ කරන්නේවත් නැහැලු …ප්ලීස් පාරමී ලොකු පිනක් පොඩ්ඩක් ඌට කතා කරලා හිත හදලා පලයන් … ‘’ නෙතුලි කතා කලේ ආයාචනකය ස්වරයෙනි … ‘මට හිම්සරව හම්බවෙන්න ඕන …. ප්ලීස් නෙතු මාව එක්කන් පලයන් ‘’ මට ඕන උවේ හිම්සරගේ සිත හැදීමටය …මා වෙනුවෙන් තැබූ බලාපොරොත්තු අමතක කර දමා පෙර මෙන් සිටින ලෙස පැවසීමටය …. මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *