~~~ආදර පාරමී ~~~~17 කොටස

‘නිකිල්ට අද රගර් ප්‍රැක්ටිස් …. ෂුවර් එකටම හිම්සරත් ඇති ….’ දුක්බරව තිබු මාගේ මුහුණ දෙස බලමින් නෙතුලි සුසුමක් හෙළුවාය …
හිමසර නමින් සිත බොහෝ අඩමින් තිබුණි … දරාගෙන බොහෝ දරාගෙන මා නෙතුලි පසුපසින් වැටුනෙමි … මට උවමනා උවේ ඔහු හමුවී මා ඔහුට ආදරය නැති බව කියා ඔහුගේ සිත හැදීමටය …
‘උඹ එතැන ගිහින් පිස්සු නටනවා එහෙම නෙවෙයි …’ මලිති කිවේ ක්‍රීඩා පිටිය පාමුලදිය … මා හිස වනා ඈ කියුව පිළිගත් බව හැගෙව්වෙමි ….
ක්‍රීඩා පිටිය ඇතුළුවූ මා සෙල්ලම් කරමින් උන් ළමයින් අතර ඔහු සෙව්වෙමි …. … ලය දැවුණේය ඒ හිම්සර උන් අයුරු දැකය …. ක්‍රීඩා පිටිය පසෙක වෙන්න තිබු ගල් බැම්මේ හිදගෙන ඔහු අන් අතක බලා උන්නේය … මට නෙතුලි හෝ මලිති මා සමග උන් බව සිහිවුවේ නැත …… ඇසිපිය හෙලන නිමේෂයෙන් මා උන්නේ ඔහු ලගය ….
‘හිම්සර …’ දෙතොල් වෙව්ලා වචන සැලි ගියේය …. මා කතාකල බව ඔහුට නෑසෙන්න ඇත ….
‘හිම්සර මම ආවා ..’ ඉදිරියට ගොස් ඔහු සමීපයේ අසුන්ගත් මා නැවත කටහඩ අවදි කලෙමි …. තිගැස්සී මෙන් හිස ඔසවා බැලු හිම්සර ඇසිපියකදු නොසලා මොහොතක් මා දෙසම බලා උන්නේ සැබෑවක්ද සිහිනයක්ද කියා තෝරාගන්න මෙනි
‘මොකද පුදුම වෙලා වගේ බලන්නේ …මේ මම පාරමී තමා …’ ඉහලට එසවුණු ඔහුගේ අත නැවතුනේ මගේ මුහුණේය …
‘පාරමී මම දකින්නේ හීනයක් නෙවෙයි නේද … ’ හිමසර ඇසුවේ මගේ මුහුණ පිරිමදිමිනි …. සැලුනේ ඔහුගේ උණුසුම් අතේ පහස හිත පිස්සු වට්ටනවා මෙන් දැනෙද්දී මා කලේ මගේ මුහුණේ නතර තිබු ඔහුගේ අත ඉවත් කිරීමය …
‘හීනයක් නෙවෙයි මම ඇත්තටම ආවා ….’
‘ඔයා කොහෙද හිටියේ පාරමී ….. මම ඔයාට මෙච්චර ආදරේයි කියලා දැනගෙන හිටියේ නැහැ මම .. මාව දාලා යන්නේ නැහැ නේද ..’ හිම්සර දෙඩවුවේ උමතුවෙන් මෙනි …මට උවමනා උවේ ඔහුට පැහැදිලි කිරීමටය …මා අමතක කර දමන ලෙස පැවසීමටය … එහෙත් මට කතා කිරීමට කිසිම අවසරයක් නොවිය
‘පාරාමි , ඔයා දන්නවාද මට මතක් උනා අපි ඉස්සරලම හම්බවුන විදිහ …. එදා උදේ මම කොලේජ් යද්දී සුදු ගවුම ඇදගත්ත කෙල්ලක් අසිහියෙන් වගේ ඇවිදගෙන ඇවිත් අච්චර වාහන යන පාර මැද්දෙන් පාර මාරුවෙන්න හැදුවා … වේගෙන් ඉස්සරහට ආපු මෝටර් සයිකලයක වැදිලා පස්සට විසික්වෙන්න ගිය කෙල්ල තව ටිකක් පරක්කු උනා නම් මහා පාර මැද හතරගාතෙන් වැටෙනවා….මම හිතන්න පරක්කු උනේ නැහැ ඉස්සරහට පැනලා එයාව අල්ලා ගත්තා .. . මට එදා හම්බවුනේ ඔයා කියලා අමතක වුනේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ … ‘’ ඔහුට හිතේ තිබු සියල්ල එළියට දැමීමට උවමනා වෙන්න ඇත …

‘හිමසර …එදා ඒ කරපු උදව්වට ඔයාට පින් .. ‘’ එදා මා බේරාගත් දින ඔහුට ස්තුති කිරීමට නොහැකි වීම ගැන මා කොතරම් කනගාටු උවාද ….ඉතින් මා ස්තුතිපුර්වක බැල්මකි ඔහු වෙත පෑවේ…
‘හ්ම්ම්ම් …..පාරමී මම කවදාවත් පිට කෙල්ලකගේ අතකින්වත් අල්ලලා නැහැ …… කවදාවත් කෙල්ලක් ලගට අරන් කිස් එකක් දීලා එයාට ආදරේ දෙන්න ඕන කියලා හිතිලත් නැහැ ..ඒ උනාට ඔයාව දකිද්දී මට ඕන උනා ..ඔයාව මගේ ලගට අරන් ගොඩක් ආදරෙන් තුරුළු කරගන්න .. ආදරෙයි කියලා කියන්න … පාරමී මට ජීවත්වෙන්න ඔයා ඕන ….මාව දාලා යන්න එපා …’
‘මම ආයේ නුවර එන්නේ නැහැ හිම්සර …කවදාවත්ම එන්නේ නැහැ …..මන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා ‘
අවසරයක් ලත් ඇසිල්ලෙන් මා ඒ ටික කියා දැමුවෙමි … හිම්සර බලා උන්නේ පුදුමයෙන් මෙනි … ඒ හැගීම්බර දෑස් මැලවී බොහෝ දුක්ගෙන තිබුණි …. ඉතින් මට ඔහු සනසාලිය යුතු උවද ඉන් සිදු වන්නේ ඔහු තව තවත් මා කෙරේ බැදීම හෙයින් මා නිහඩව බලා උන්නෙමි ….
‘දුක නැද්ද මාව දාලා යන්න …. ’ ඔහු කතා කලේ බොහෝ සංයමයෙනි ….
‘දුකයි ….ඒත් …. කරන්න දෙයක් නැහැ …’
මගේ දෑස් මටත් හොරා තෙත්ව ගොස් තිබුණි …. ඉවතට හැරී දෑසට නැගුනු කදුළු අත්ලෙන් පිසදමා මා හිම්සරට පේන්න මදහසක් නගා ගත්තෙමි …
‘මට ආදරේ නැද්ද …’ හිම්සර බොහෝ ලංවී මගේ දෑසට එබෙද්දි මා දෑස් බිමට හරවා ගතිමි ….
මා ඔහුට ආදරේ කරන බව දන්නේ නම් ඔහු මට මේ නගරය හැරදමා යන්න නොදෙන බව මා දැන උන්නෙමි …
‘මගේ හිතට කවදාවත් ආදරයක් දැනෙන එකක් නැහැ …. මම කවදා හරි බදින්නේ මගේ තාත්තා කියන කෙනාව … ඒ නිසා මන් ගැන හිතන්න එපා …මට වඩා ගොඩක් හොද ගැහැණු ළමයෙක් ඔයාගේ ජීවිතේට එයි …’
මම බිමට යොමා උන් දෑස් ඔසවා නොබැලුවේ ඔහුට මගේ හොරය අසුවේ යැයි සිතාය …ඔහුට මා ආදරය කරන බව බොහෝ ආදරය කරන ඔහු දැන උන්නා නම් …. එසේ වුවා නම් සදාකාලිකව ඔහු මා නමින් දුක් විදිනු ඇත ….මෙතරම් වටිනා ඔහුගේ ජීවිතය විනාශ කල පවුකාරිය වීමට මට කෙසේවත් කල නොහැක …
‘මට ආදරේ කරන්න පාරමී …. මම ඔයා වෙනුවෙන් ඕනෑම කාලයක් බලාගෙන ඉන්නම් ..’ ඔහුගේ සිතෙහි වන ගින්දර මට නොදැනුනා නොවේ ….මටම කියා පැහැදිලි අනාගතයක් පිළිබද නොපෙනෙන මා ඔහුට බලාපොරොත්තු දෙන්නේ කෙලෙසකද …ඉතින් මා ඔහුට පිළිතුරු නොදී නිහඩව උන්නෙමි

‘පාරමී …පාරමී …’ මගෙන් පිළිතුරක් නැති තැන ඔහු යලි යලිත් මා ඇමතුවේය
‘මම ඔයාට ආදරේ කරන්නේ නැහැ ….. ඔව් මම ආදරේ කරන්නේ නැහැ .. ..’ බිමට යොමා උන් නෙතු ඔසවා ඔහු දෙස බැලු මා සිත් පිත් නැත්තියක කියා දැමුවෙමි …මා දැකීමෙන් ඒ මුහුණේ ඇතිවූ සතුට මැකී අදුරු රේඛා මුහුණ පුරා පැතිර යද්දී මා ඒ මුහුණෙන් දෑස් ඉවතට ගතිමි ..
‘පලයන් මගේ දෑහට නොපෙනී පලයන් ….එන්න එපා කවදාවත් මගේ ඉස්සරහට …පාරමී මගේ හිතින් මැරුණා …. අද ඉදලා …මගේ ජිවිතේ පාරමී කියලා කෙනෙක් නැහැ ..’
හිම්සර කෑ ගැසුවේ පිට්ටනිය දෙවනත් වෙන්නය …සෙල්ලම් කරමින් උන් ළමුන් සියල්ලෝම අප දෙදෙනා වට කරගද්දී ඔහු දෑතින්ම කෙස්වැටිය ඇදගනිමින් තමාට වදදී ගත්තේය … මගේ හුස්ම හිරවී මැරී මෙතැනම ඇද වැටෙතැයි කියා සිතුවත් එසේ වුවේ නැත …
‘ හිම්සර මට සමාවෙන්න…පාරමී ආයෙම ඔයා ඉස්සරහට එන්නේ නැහැ ….’ වචනයක් කතාකර ගත හැකිවූ පළමු නිමේශයේදීම මා මුවින් වදන් පිට කලෙමි … ඔහු ලගට බොහෝ ලංවී මා බලා ඉද්දි ඒ දෑස් ගිනිගත්තේය …ඒ ගින්නෙන් තවත් දැවී අළුවී යෑමට මට උවමනා නොවිය …
‘පාරමී මේකා පිස්සෙක් කරන්නේ නැතිව යනවාද …’
ඒ කෑ ගැසුවේ හිම්සරගේ මිතුරෙකි ..
‘ප්ලීස් මෙතැනින් යන්න …කොල්ලොන්ට බොරු බලාපොරොත්තු දීලා ඔය තරම් පවු කරගන්න එපා ..’
‘ඔය ගති එන්නේ ජාන වලින්මයි …’
ඔවැනි කතා පිට්ටනිය පුරාම කසුකුසුවක ස්වරයෙන් පැතිර ගියේය …
‘වරෙන් යමු …’ නෙතුලි ඉදිරියට පැන මගේ අතින් අල්ලා ගන්නා තුරුම මා උන්නේ හිම්සර වෙත දෑස් දල්වාගෙනය …
‘හිම්සර මට නැතිවුනාද මලිති …’
ක්‍රීඩා පිටියේ ගේට්ටුවෙන් එලියට නොබැස මලිති මෙන්ම නෙතුලිද මා දෙස බැලුවේ පුදුමයෙනි …
‘උබට පිස්සුද ඇත්තට …’ කතාකරගත හැකිවූ පළමු නිමේශයේම කතා කලේ නෙතුලිය
‘මම ආදරෙයි නෙතු එයාට …..මහා ගොඩක් ආදරේ ….. ඒත් මට බයයි …ආදරේ කරලා අම්මා වගේ මාත් කාලකන්ණි උනොත් …මට ශක්තියක් නැතිවෙයි ජිවත් වෙන්න … ඒ නිසා මම මගේ ආදරේ මගේ හිත ඇතුලෙම තියාගෙන සදහටම මෙහෙන් යනවා … ‘’
කෑ ගසා අඩන්න ඕන ඕනිද මා කලේ සිහින් ලෙස ඉකිබිදීම පමණකි ..
‘උබ පව් …. ගොඩක් මිනිස්සු උබට නපුරුකම් කළා තමා …ඒත් හැමෝම එක වගේ නැහැ … ඌ ඇත්තටමයි උබට ආදරේ කරන්නේ …’

‘එයා මටම ලැබෙනවා නම් …..මොන ලෝකේ හිටියත් මටම ලැබෙයි ..එතනක් මම ඉවසලා ඉන්නම් … ’
‘උබට වරදින්නේ නැහැ කෙල්ලේ …හැමදෙයක්ම අමතක කරලා සතුටින් ඉදපන් …… හිම්සර උනත් කාලයක් යද්දී හැමදෙයක්ම තේරුම් ගයි….’
තාත්තා සමග පිටව යෑමට පෙර ඔවුන් මගේ සිත සැනසීමට බොහෝ දේ කීවෝය ….
******
‘රුචිරා තාම ගෙදර ඇවිල්ලා නැහැ වගේ …’
නිවසට ගොඩවෙන විට වෙලාව රාත්‍රී හත පසුවී තිබුනද අම්මා පෙනෙන්න නොසිටියේය ….
‘එයා එද්දී කොහොමත් ටිකක් රෑ වෙනවා ..’
කාරයෙන් බැස ආලින්දයේ සුපුරුදු ස්ථානයේ අසුන්ගත් මා තාත්තා දෙස බලා උන්නෙමි
‘හැමදාම එයා මේ තරම් වෙලා ගිහින්ද ගෙදර එන්නේ …’ නිවස හා වටපිටාව දෙස නරබමින් මා අසලට පැමිණි තාත්තා මා අසලින් අසුන්ගත්තේය….
‘මම දන්න කාලේ ඉදලා ගොඩක් දවස් වලට අම්මා ආවේ රෑ මැද්දේ ….ඒ එද්දිත් එන්නේ කට ගොන්නක් බීගෙන යාලුවෙක්ගෙ කාර් එකකින් …’
අතීතයේ මතකයන් අතර සිරවූ මා අඩන්නද සිනාසෙන්නද නොදැන වාගේ බලාගෙන උන්නෙමි …
‘ඔයා ගොඩක් දුක්වින්දාද මගේ දුවේ ..’ තාත්තා කතා කාලේ ඇඩුම්බර ස්වරයෙනි …
‘රුචිරාට එහෙම උනේ මගේ වැරදි නිසා ….. මට කවදාවත් රුචිරාට ආදරේ කරන්න පුළුවන් උනේ නැහැ’
‘ඇයි තාත්තා ඔයා ආදරේ නැතිනම් අම්මාව මැරී කලේ …’
‘ ඒක දිග කතාවක් .. පස්සේ වෙලාවක කියන්නම් ..’ තාත්තා කතාව නතර කලේ ඒ මතකය ඔහුට වේදනාවක් වූ නිසා විය හැකිය …..
කතාවක් නොමැතිව අපි හිත්වලින් බොහෝ දුර ගොස් සිටි නිසා අම්මා පැමිණෙන තුරු වෙලාව ගෙවී ගිය අයුරු හෝ අපිට දැනුනා නොවේ ..
‘ බබී ඔයා ආවාද .. අම්මව මතක් උනාද මගේ රත්තරන් කෙල්ලට …’ කාරයකින් බැස වැනෙමින් ගේ දෙසට ආ අම්මා අප අසල නතරවෙද්දී මා උන් තැනින් නැගිට ගත්තෙමි
‘පාලිත ඔයත් ආවාද මගේ පුංචි පැල්පතට …එන්න .. ’
අප නිවසතුලට කැදවාගෙන ගිය ඕ අප බලාසිටියදීම පුටුවක වැටි නිදන්න වන්නිය … තාත්තා බලා උන්නේ කම්පාවෙමිනි .. ඔහු ඔහුටම දොස් නගා ගන්න ඇත …
දින ගානකට පසු මා මගේ සුපුරුදු කාමරයට ගියෙමි …මා නිවසින් ගිය පසු කිසිවෙකු මේ කාමරයට නොඑන්න ඇත … වැටුණු වැටුණු තැන වූ භාන්ඩ දෙස බලා මා හිල්ලුවෙමි ….
*****
‘බබී ….’ පසුදා උදෑසන මා අවදිවුවේ අම්මාගේ හඩිනි …. නිදිබර දෑස් වලින් ඈ දෙස බලා මා යලිත් දෑස් පියන් වසා ගත්තෙමි …
‘බබී තේ එක බිලා ඉන්න ..අන්න තාත්තා යන්න ලැහැස්ති වෙලා ඉන්නේ ..’
යහනෙන් බිමට බැස තේ එක එක හුස්මට බීගෙන ගිය මා දෙස අම්මා බලා උන්නිය ……ඇගේ දෑසේ වුවේ නිමා නොවන ශෝකයකි …අදහන්න මගේ සිත බොහෝ රිදුනේය …මොහොතකට් මට සිතුනේ ඈ තනිකර දුරකට ගිය මා වැරදි බවකි …
‘ඔයා සතුටින්ද අම්මා ..’ මා ඇයට වෛර කල බව මා අමතක කලෙමි … ඈ මගේ අම්මාය .. දස මසක් කුස හොවා උන් මගේ සදාදරණිය මෑණියන්දෑය ..
‘ඔයා සතුටින් නම් මගේ සතුට ඒක තමා ..’
අම්මා බලෙන්ම මා තුරුළු කොටගෙන සුසුම් හෙලන්න උවාය …
‘බබී ලැහැස්තිද ඔයා .’ මා අම්මාගෙන් මිදුනේ තාත්තාගේ හඩටය
‘විනාඩි පහක් දෙන්න තාත්තා …’
අම්මාගෙන් මිදී නාන කාමරය වැදුණු මා මුව දොවාගෙන සුදානම් උනෙමි …
‘මගේ බබිව පරිස්සන් කරගන්න පාලිත …’ පිටව යෑමට පෙර මගේ නළල සිපගත් අම්මා තාත්තාගෙන් කලේ ඉල්ලීමකි … ‘
‘රුචිරා ඔයාගෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනවා ..’ ගෙදරින් එළියට බැසගත් තාත්තා ආපහු හැරී අම්මා දෙස බැලුවේය ….
‘මොකක්ද ….’
‘අපේ බබි වෙනුවෙන්වත් ඔයා හොද අම්මා කෙනෙක් වෙන්න ..එයාට ආඩම්බරයෙන් අම්මා කියන්න පුළුවන් කෙනෙක් වෙන්න …’
අම්මා නොසෙල්වී බලා උන්නා මිස එසේ කරන්නේ යැයි පොරොන්දු දුන්නේ නැත ….
පාසැලට ගොස් අස්වීමේ සහතිකය ගෙන කිරීමට තවත් විශේෂ කාර්යක් නොමැති හෙයින් අප කොළඹ යෑමට සුදානම් වීමු … …. මට නිරන්තරයෙ සිහිවුවේ හිම්සරවයි … හිම්සර ආයේ කිසිදිනක ඔහුට දැකීමට නොලැබෙනු ඇත … කාරයේ කවුළුවේන් පිටත පසුවෙන විසල් ගොඩනැගිලි දෙස බලාගෙන මා කලේ හිම්සර සිහිකිරීමය … තවත් වරක් හෝ ඔහු දැකීමට ඇති නම් …..
රිය පුල්ලෙයාර් කෝවිල පසුකර ඉදිරියට ඇදෙමින් තිබුණි …. හිත නැවතුනා වගේ දැනුනේ හිත ඉල්ලුව ඒ රුව දුටු හෙයිනි …. ඔහු උන්නේ නෙතු බිමට යොමාගෙනය ….ඒ මුහුණේ වූ වේදනාව දුරට උව මට පැහැදිලිවම පෙනුනේය … තවත් එකම වරක් ඔහුට යනවා යැයි කියා යෑමට මට උවමනා විය ..
‘තාත්තා මගේ යාලුවෙක් ඉන්නවා පොඩ්ඩක් කාර් එක නවත්වනවාද ..’
මට කතා කරන්න සිහිවුවේ කෝවිල පසුකරගෙන කාරය ඉදිරියට ඇදෙද්දිය ….තාත්තා රිය නැවතූ ඇසිල්ලෙන් ඉන් බිමට පැනගත් මා හිමසරව දුටු ස්ථානයට දිව ගියෙමි … ඔහු මාව දුටුවේය …. එකම එක මොහොතකදී අපේ ඇස් හතරම එකම එක තැනක නතරවෙද්දී මගේ මුව ගොළුව ගියේය …. යමක් සිහිවී වාගේ කලබලවූ ඔහු මා උන් බව අමතක කර දමා එකවරම මා අසලින් ඉදිරියට යන්න ගියේය .. හිත එකම එක තප්පරයකදී හිත නැවතුනා සේ දැනෙද්දී ඇසටකදුලක් ඉනුවේය …
‘හිම්සර මම යනවා ….සතුටින ඉන්න ..’ මම ඔහුට ඇසෙන සේ කෑ ගැසුවත් නෑසුන ලෙසට ඉදිරියට ගියා මිස ඔහු නිකමට හෝ හැරී මා දෙස නොබැලුවේය …
ඉතින් මා කෝවිල දෙසට හැරී එකම පැතුමක් පැතුවෙමි …ඒ ඔහු සතුටින් තබන්න යැයි කියාය …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *