~~~~ආදර පාරමී ~~~~~ 18 කොටස

පැරණි මතයක් අමතක කිරීම කොතරම් අපහසු උවත් සතුටින් ජිවත් වීමට නම් සියල්ල අමතක කර දැමිය යුතු විය … හිම්සර ඔහු සිහි නොවුනා නොවේ .. එහෙත් පැරණි සොහොන් වලවල් ගොඩ කර එහිම වැළලී විනාශ වෙනවාට වඩා මා කල යුතු වුවේ සියල්ල ඒ අයුරින්ම තිබෙද්දී අළුතින් ජීවිතය පටන් ගැනීමයි … ඒ මා වෙනුවෙනි ..කිසිදාක සතුටක් නොලද මා වෙනුවෙන්මය … අලුත් පාසල තුලදී මා බොහෝ කාර්යබහුල වූවෙමි … බාලිකාවන් අතර ඉගෙනුම වෙනුවෙන් තිබුන තරගකාරිත්වය හමුවේ …. මාද තරගකාරියක් බවට පත්වීමි ….. කෙල්ලන් සිනාසෙද්දී කෙලි කවටකම් කරද්දී උවද මා ඔවුන් සමග එක්වෙන්න නොගියෙමි …..ඔවුන් සිතන්න ඇත්තේ මා ආඩම්බර කාරියකැයි කියාය … ‘පාරමී බයෙන් වගේ ඉන්නේ ඇයි ….’ ඉඳුවරි මා හා කතාවට පැටලුනේ .. විවේකයේදී …..මා බොහෝ නිහඩව පොතේම ඇලි උන් නිසා විය යුතුය …. විසල් දෑස් ඈ දෙස පා මද සිනාවක් පෑවා මිසක මා ඇයට පිළිවදන් නොදුන්නෙමි … ‘මේ දවස් ටිකේම මම ඔයා දිහා බලාගෙන හිටියා …ඔයා ඕනෑවටත් වඩා නිහඩයි … මම කතා කලාට කමක් නැද්ද …’ ගෙල දක්වා කෙටිකර තිබු කෙස්වැටිය නිසා ඉඳුවරිගේ පෙනුම දගකාර කොල්ලෙකු මෙන් විය …. ‘මේ මගේ හැටි …මම වැඩිය කාත් එක්කවත් කතා කරන්නේ නැහැ …. ඒ මම ආඩම්බර නිසා නම් නෙවෙයි …ඒ තමා මගේ හැටි ….’ කියවමින් උන් පොත පසෙක තැබු මා ඈ වෙත හැරී මද සිනාවක් පෑවෙමි .. ‘මම ඉඳුවරි ….ඔයාගේ නම පාරමී ඉරුගල්බණ්ඩාර නේද ..’ ඩෙස්ක් එක මත ගොඩ ගසා තිබු පොත් ගොඩෙන් එකක් අතට ගත් ඉඳුවරි එය ඒ මේ අත පෙරළුවේය .. ‘ඔයා මගේ නමත් දන්නවා නේ …’ ‘ම්ම්ම් දැන් තමා දැනගත්තේ …මේ පොතේ ලොකුවට ගහලා තියෙන්නේ ඔයාගේ නම ..’ ඉඳුවරි මා සමග මිතුරු වුවේ ඔය ලෙසටය …. ඉහල පැලැන්තියට අයත් සුපිරි ජිවිත ගෙවූ සිසුවියන් අතර ඕ මට බෙහෙවින් කාරුණික වුවාය ..මා නොදන්නා බොහෝ දේවල් කියාදුන් ඇය එතැන් පටන් මගේ හොදම මිතුරිය උවාය … ‘ පාරමිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද …’ වරෙක ඕ මගෙන් අසන්නේ මා කිසිසේත් නොසිතන පැනයක්ය … ‘ඉංදු මොකද එහෙම ඇහුවේ …’ ‘නැහැ ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට කොල්ලෙක් නැහැ කියන්නේ පුදුමයක් ….’ ආදරය කියා නොකීවාට ….. දෑත් පටලවාගෙන පෙමබස් මුමුණමින් පාරක් පාරක් ගානේ නොකියාට මා හිම්සරට බොහෝ පෙම් කලෙමි …. ඉතින් ඔහු මගේ හීන ලෝකයේ සදාදරණිය පෙම්වතා විය…. හිම්සර ඔහුවත් නොදැන උන්නද මා හදවතින් ඔහුට පෙම්කරමින් සිටින්නෙමි . ‘ එහෙම කෙනෙක් මට නෑ …’ හිතට හොරා මා ඉඳුවරිට උත්තර බැන්දෙමි ‘බොරු නොකියා කියපන් මට ’ මා පිරිමි ළමයෙක් නැති බව කොතරම් පැවසුවද ඉඳුවරි එය ඇදහුවේ නැත … ‘මොකද මාව නෑනා කරගන්නද යන්නේ මට කොල්ලෙක් නැති නම් …’ විහිළුවක් කර මට උවමනා වුවේ ඇගේ කතාව මගහැරීමටය ‘ උඹ කැමති නම් ඉතින් බැරි කමකුත් නැහැ …’ ඉඳුවරි එය පැවසුවේ නම් විසුළු ස්වරයන් නොවේ … ‘පිස්සු උඹට විකාර කියෝනවා … ’ මට තිබුනේ හිම්සර ගැන ඉඳුවරිට කියන්නය ….. මට නොතෙරුනේ ඔහු පිළිබද මා නොපැවසුවේ මන්ද යන්නයි …. පාසලේදී ඉඳුවරි උන් නිසා මා කිසිවෙකුට බිය නොවුනෙමි …….. කෙල්ලන් ඇයට දැක්වුවේ බියකි … ‘ඉංදු නංගි ඉන්නවා මම කතා කරලා එන්නම් …’ පාසලේදී යෙහෙලියන් පිරිවරා උන් නැගණිය දැක මා ඈ වෙත දිව ගියෙමි … මට උවමනා වුවේ මගේම සහෝදරිය දම්සාරි බව සියල්ලටම පෙන්වීමටය … ‘නංගි කෑවාද …’ දිව ගොස් ඈ අසල නැවතී හති අරින මා දෙස බැලු ඇය අමනාපෙන් මෙන් මුහුණ හකුලා ඉවත බලාගත්තේය … ‘අපි දන්නේ නැහැ නේ දම්සාට අක්කියෙක් ඉන්නවා කියලා …ෂෝයි අක්කි …’ දම්සාරිගේ යෙහෙලියන් මා අගය කරද්දී ඇය නිකමට හෝ මා දෙස නොබලා උන්නාය … ‘මම යන්නම් නංගි ..’ ශෝකයක් සිතට එබෙද්දි මා ඔවුන්ගෙන් සමුගෙන ඉඳුවරි උන් දෙසට ඇවිද ගියේ බිම බලාගෙනමය … ‘මොකද මේ ලස්සනට හිනාවෙවී හිටිය එක්කෙනා බුම්මට්ටි වගේ ඉන්නේ … ’ ඉඳුවරි මගේ වෙනස හදුනාගෙන උන්නාය … ‘මොකුත් නැහැ …’ මුසාවක් කියා මා සිනාසුනෙමි ‘වෙන්න බෑ ….’ ‘මොනවාද …’ ‘මොකුත් නැති වෙන්න බෑ …’ ‘ඉංදු ඔයා නම් ’ ‘ඔව් පාරමී මම ඉංදු තමා …..මොකක්ද ප්‍රොබ්ලම් එක ..’ ‘නෝ ප්‍රොබ්ලම් ..’ ඉඳුවරිගේ ඔවැනි කතා නිසා දුක අතුරුදහන්ව ගොස් මගේ මුවට සිනාවකි පිවිසෙන්නේ .. ‘උඹ වරෙන්කො අපේ ඉංග්ලිෂ් ක්ලාස් එකට ’ ඉඳුවරි එලෙස පැවසුවේ වරක් දෙවරක් නොවේ …. ‘මම කල්පනා කරලා කියන්නම්කො …’ ‘මොනවා කල්පනා කරන්නද ….මේ වික්එන්ඩ් එකේ ඉදලා ඔන්න එන්න ඕන …ආවේ නැති නම් මම තරහා වෙනවා …’ ‘හරි හරි … මම තාත්තාගෙන් අහලා කියන්නම්කො …’ අවසානයේ මා ඇයට එලෙස පොරොන්දු දුන්නෙමි … *********** ඒ ඉරිදා උදෑසනින් මා සුදානම් වුවේ ඉංග්‍රීසි පන්තියට යෑමටය …. දිගු ගවුමකින් සැරසුණු මා උවමනාවට වඩා කැඩපත ලග ලතවුනෙමි …… විසල් දෑස් වල පතුලේ වූවේ මහා ලොකු වේදනාවකි … ‘බබී මේ කොලඹ ඉන්න මිනිස්සු ඉන්නවා නේද ඒ අය හිතන්නේ එයාලා ගැනම විතරයි …. ඒ නිසා මෙහෙ කවුරු එක්ක හරි එක්ක සම්බන්ධකමක් ඇතිකරගද්දි දෙපාරක් හිතන්න ..’ පෙර දින ඉංග්‍රීසි පංතියට යෑමට අවසර දුන් තාත්තා මා හිස පිරිමැද උපදෙස් දුන්නේ ඔය ලෙසටය … ‘තාත්තා බය වෙන්න එපා ….මම නරක අය ආශ්‍රය කරන්නේ නැහැ …’ ‘මට මගේ දුව ගොඩක් විශ්වාසයි ….’ තාත්තා මා බොහෝ විශ්වාස කළේය ….ඉතින් ඔහු මා කෙරෙහි දැක්වූ අචල විශ්වාසය මම කිසිදිනක බිද නොදමන බව හොදාකාරව දැන උන්නෙමි …. ‘බබී පොඩ් මේකප් එකක් දාගෙන යන්න … ‘ මංජු අම්මා තාත්තා සමගින් මා සමීපයට විත් කැඩපතින් පෙනෙන මගේ රුව දෙස බලා උන්නේය .. ‘මගේ කෙල්ලට මේකප් ඕන නැහැ ….. මේකප් දැම්මට වඩා මගේ මැණික ලස්සනයි ..’ තාත්තා මා තුරුළු කොට හිස සිප ගත්තේ බොහෝ සෙනෙහසිනි … ‘බබිට පාරවල් මතක නැති නිසා මල්ලි එක්ක අද යන්න . …මංජු පුතාට කතා කරන්න .’ ‘දම්සිත් පුතා තාත්තා කතාකරනවා ..’ මල්ලි උන්නේ පංති යෑමට සුදානම්වය … ‘තාත්තා මට කතා කරේ ඇයි ..’ ‘පුතා ඔයාට පුළුවන්ද අක්කාව ක්ලාස් එක ලගින් දාලා යන්න …’ ‘සිම්පල්නේ …. මම අක්කිව ක්ලාස් එක ලගින්ම දාන්නම් .. ‘’ ‘පරිස්සමින් පුතා …’ ‘බයවෙන්න එපා අම්මා …..මම පරිස්සම් වෙන්නම් .. අක්කිවත් පරිස්සම් කරන්නම් .’ දම්සාරි හැර පවුලේ අනිත් සියල්ලෝම මට ආදරය කළේය ….දම්සාරි මා නොසලකන්නේ ඇයට පමණක් හිමිව තිබු තාත්තාගේ ආදරය අප දෙදෙනා අතරම බෙදී ගිය නිසා විය යුතුය … ‘මම හවස එන්නද ඔයාව ගන්න …’ පංතිය අසලින් යතුරු පැදියෙන් බැසගත් මා මල්ලි දෙස බැලුවෙමි … ‘අනේ එපා මල්ලියෝ …මම යාළුවට කියන්නම් බස් එකට දාන්න කියලා ….’ ‘ඕන නම් කියන්න ..එහෙනම් අපි ගියා ..පරිස්සමින් ඉන්න .. ’ දුහුවිලි අවුස්සගෙන නොපෙනී යන යතුරු පැදිය දෙස බලා උන් මා අවසන පංතිය දෙස බැලුවෙමි …… ඉඳුවරි පේන්න උන්නේ නැත …. මා සෙමින් සෙමින් පංතිය දෙසට ඇවිද ගියෙමි ‘ පාරමී මම මෙහෙ …’ කෙල්ලෝ ගොඩක් මැද්දේ සිට මගේ නම කියමින් කෑ ගැසූ ඉඳුවරි ඔවුන්ගෙන් මිදී මා වෙත දිව ආවාය … ‘ක්ලාස් එක හොයාගන්න අමාරු උනාද …’ ‘නැහැ මල්ලි මාව ක්ලාස් එක ලගින් දාලා ගියේ … ‘ ‘වරෙන් මගේ යාළුවො අදුන්වලා දෙන්න …’ මිතුරියන් රංචුව දෙසට යන ඉඳුවරි අසලින්ම මා ගමන් කලෙමි …. ‘මේ ඉන්නේ සුපිපි …මෙයා මයන්ති …මේ පිංකි …. මේ රිකි ..’ ඉඳුවරි සේම ඇගේ යෙහෙළියන්ද බොහෝ මිත්‍රශීලී වුවෝය …. ඔවුන් සමග එක්වූ මා බොහෝ සැහැල්ලුවට සිනාසුනෙමි … ******* කාලය ගෙවී යද්දී මා දුක අමතක කර සිනාසීමට පටන්ගත්තෙමි …… හිම්සර සේම ඒ අතීතයද මගේ සිතින් යටපත්ව ගොස් තිබුණි ….. අතීතයේ උන් පාරමීට වඩා මා හාත් පසින්ම වෙනස් තැනැත්තියක වීමි … තාත්තා සේම මංජු අම්මාද මා දෙස බලා උන්නේ බොහෝ සතුටෙනි … ‘පාරමී මේ කොහෙද ..’ පාසල් නිමවී ඉඳුවරි සමගින් හයිලෙවල් පාර දිගේ ඇවිද ගිය මා ඉදිරියේ උන්නේ රහල්ය …. ඔහු මා මේ දුටුවේ හරියටම වසරකට පමණ පසුවය ….. ඒ සිනාව බැල්ම මදකුදු නොවෙනස්ය … ‘මම දැන් කොළඹ ඉන්නේ …..’ දෑස් සිහින් කරගෙන මා දෙස බලා උන් ඔහුගේ මුහුණේ තිබුනේ පුදුමයකි ‘ ඔයා කොහොමද කොළඹ ආවේ …. ‘’ ‘මම තාත්තා ලග ඉන්නේ …මහරගම … ’ මා ඔහු සමග දොඩමළු වෙද්දී ඉඳුවරි අපිට ඉඩදී මදක් ඉදිරියට ඇවිද ගියේය … ‘මම දැනගෙන හිටියේ නැහැ ඔයා කොළඹ ඉන්නේ කියලා ..දවසක් මම අක්කාගෙනුත් ඇහුවා …ඔයා ගැන … එයා කිව්වා ඔයාට සිද්ද වුන හැම දෙයක්ම … ඒත් එයා දැනගෙන හිටියේ නැහැ ඔයා කොහෙද ඉන්නේ කියලා …. ’ රහල්ගේ කටහඩ බොහෝ දුක්බරව තිබුණි … ‘ගෙවුණු අතීතය ගැන හිතලා මට අඩන්න ඕන නැහැ රහල් …මට ඕන ඉස්සරහට එන හැම දවසකම හිනාවෙලා ඉන්න … ’ ‘ මතකද දවසක් මම කිව්වා ඔයා ලස්සන හිනාවෙද්දි කියලා …. ඔයා හිනාවෙලා ඉන්න … හැමදාම … මම කැමති ඒ විදිහට ….’ රහල් ඔහු කොළඹ පැමිණියේ මටවත් නොකියාය …මට දැනගැනීමට උවමනා වුවේ ඒ ඇයි කියාය .. ‘රහල් ඔයා මාත් එක්ක ඕනෑම දේකට ඉන්නවා කිව්වා මතකද … එහෙම කියපු ඔයා මට නොකියාම කොළඹ ආවා නේද …. ඔයාට කියලා එන්න තිබුනා නේද …පාරමී මම යනවා කියලා … ‘’ ‘මට සමාවෙන්න පාරමී මට වෙලාවක් තිබුනේ නැහැ ඔයාට කියලා එන්න ..’ රහල්ගේ කටහඩේ තිබුණේ පසුතැවීමක්ය නමුදු ඔහු වෙනුවෙන් පෙරා තිබු විශ්වාසය මා සිතට දැනුනේ නැත …. ‘මම යනවා රහල් …පරක්කු වෙනවා ….’ තව දුරටත් කතා කිරීමෙන් සිදුවන්නේ පැරණි මතකයන් සිහිවී හිතට දුකක් එක්වීමය …මා අමතක කර දැමු ඒ අතීතයට සම්බන්ධ අයවළුන් සමග නැවත සම්බන්ධකම් ආරම්භ කර දුක් වීමට මට උවමනා නොවුනි … ‘මම ආයෙම ඔයා හම්බවෙන්න එන්නද ..’ රහල් පසුකර මද දුරක් ගිය මා නැවත ඔහු දෙස හැරුනෙමි … නැවත නැවත ඔහු මුණගැසී හිතවත්කම් ගොඩනගා ගැනීමට මට නොවුමනා විය .. ‘වැඩක් නැහැ රහල් අපි හම්බ නොවීම ඉමු …’ රහල්ගේ මුහුණ දුකින් අදුරු වෙද්දී ආපසු හැරුණු මම දිවගොස් ඉඳුවරිට එක්වුනෙමි … මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *