~~~~ආදර පාරමී ~~~~~ 23 කොටස

සිතෙහි උවේ පහදා කිව නොහැකි ආකාරයේ සතුටකි . … හිම්සර ඔහු පෙම් කල යුරු අපුරුය .. ..ඔහු ලබා දුන්නේ මා කිසිදාක නොලද සතුටකි … ඒ සතුට මගේ මුළු ජිවිතයම වෙනස් කරමින් තිබුණි … අලස කමින් ගෙවුණු ජීවිතය නිමාවී …. ජීවත්වීමට ආශාවකි මා සිතෙහි වුවේ …. ‘ඔයා ගොඩක් වෙලා බලාගෙන හිටියාද හිම්සර …’ බස් නැවතුමේ මා එනතුරු බලා හිදිනා හිම්සර වෙත දිව ගොස් මම ඔහු ඉදිරියේ නවතින්නේ හති අරිමිනි … ‘කොච්චර වෙලා ගියත් කමක් නැහැ ..ඔය විදිහට දුවගෙන එන්න එපා … ’ හිම්සර පවසන්නේ තරවටු ස්වරයෙනි ‘ඒ ඇයි ….මම ලේට් කියලා හිතුන නිසා එක පිම්මට දුවගෙන ආවා …’ හිස ඇලකර ඔහු දෙස බලමින් මා මද සිනා පාමි ‘කෙල්ලක් ඔය විදිහට දුවද්දී කැතයි …. බලාගෙන ඉන්න පිරිමි මිනිස්සු ඒ කෙල්ල දිහා ජරා විදිහට බලාගෙන ඉන්නවා අසංවර විදිහට දුවද්දී …මම කැමති නැහැ මිනිස්සු ඒ විදිහට ඔයා දිහා බලනවාට …’ ‘ ඒ ඔයා හිතන විදිහ ..ඔය ඕනි තරම් කෙල්ලෝ ඔය විදිහට දුවන්නේ ..’ එකටෙක කියා මා හඩ නගා සිනාසුනේ හපන්කමක් කල කුඩා එකියක මෙනි … ‘ඔය විදිහට මහා හයියෙන් හිනාවෙන්න එපා පාරමී මම ආස නැහැ ..මම ආදරේ උනේ ඉස්සර යාන්තම් හිනාවෙලා බිම බලාගෙන පාඩුවේ ගිය පාරමිට නැතිව ඔය විදිහට කෑ ගහලා හිනාවෙන පාරමිට නෙවෙයි …තේරුනාද පාරමී …’ මගේ මුහුණට බොහෝ ලංවී පවසන ඔහුගේ වදන් වල තිබු තරවටුව දෑස් තුලද උවේය …… ‘මට සමාවෙන්න මම ආයේ එහෙම කරන්නේ නැහැ …’ ඔහු වෙත මා හෙළුවේ සමාව යදිනාකාර බැල්මකි … ‘අන්න එහෙමයි ගැහැණු ළමයි උනාම ඉන්න ඕන …. කවුරු හරි වැරද්දක් පෙන්නලා දුන්නම ඒ වැරැද්ද පිළිගන්න එකට මම ආසයි … අන්න බස් එක ආවා දැන් යමු …’ බස් නැවතුමේ නතර කල පාසල් බස් රථයට ගොඩවී හිම්සර අසුන් ගත්තේ මා අසලිනි …. හිම්සර ලගින් හමන විලවුන් සුවදින් ලය පුරවාගත් මා දෑස් කොනින් ඔහු දෙස බැල්මක් හෙළුවෙමි …ඒ දෑස් නතර වී තිබුනේ මගේ මුහුනේය … හදවත පුරා සියුම් කිතියක් පැතිර යද්දී දෙකොපුල් තුලින් ආවේ සියුම් දැවිල්ලකි .. ‘ඔය විදිහට බලන්න එපා ..’ හිම්සරගේ සොදුරු බැල්ම මගහැර බස් රියෙන් පිටත බැලු මා හෙමින් කියා ගතිමි … ‘ මම බලන්නේ මගේ ගැහැණු ළමයා දිහා … මට බලන්න එපා කියන්න කාටවත්ම අයිතියක් නැහැ හරිද .. ‘ ‘හරි ….ඉතින් ඕන තරම් බලන්න …..ආයේ නම් මම මොකුත් කියන්නේ නැහැ ..’ ‘ අන්න හොද ළමයා … ‘’ හිම්සර මගේ අතක් තදට අල්ලා ගත්තේය … ****** ප්‍රේමය බොහෝ සොදුරුය … එය මා උගත්තේ හිම්සර ඇසුරෙනි … ඔහු මා ආරක්ෂා කලේ කුඩා දැරියක් රකින්නාක් මෙනි …. පාසල් යනතුරු මා සමග යෑමටත් නැවත නිවසට අසලට ඇරලා යාමත් ඔහු කිසිදිනක අතපසු නොකළේය … ප්‍රේමය මා බොහෝ සැහැල්ලු යුවතියක් කරන තිබුණි …..නිවසේදී මෙන්ම පාසලේදීත් මා හැසිරුනේ සැහැල්ලුවෙනි …. විෂය මෙන්ම බාහිර වැඩවලටත් අන් දිනවල නොමැති උනන්දුවකි මා දැක්වුවේ .. ‘උබ ගොඩක් වෙනස් වෙලා පාරමී ..’ අනවශ්‍ය උනන්දුවකින් ඕනෑම දෙයකට ඉදිරිපත්වෙන මා දැක ඉඳුවරි අසන්නිය …. ‘මොනවද මගේ වෙනස් වෙලා තියෙන්නේ ….’ නොදන්නා බවක් හගවා මා නළල රැලි ගන්වාගෙන ඈ දෙස බලමි ‘උබ සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා …. හැසිරීම …. ගතිගුණ … එකී නොකී හැමදේම ..’ එක දිගට කියවගෙන ගිය ඉඳුවරි මා දෙස බලන්නේ පිළිතුරක් අපේක්ශාවෙනි ‘සමහර විට එහෙම වෙන්න ඇති ….එහෙම හොද නැද්ද ..’ ‘හොදයි … ඒ උනාට මට බයයි ..’ ‘ඇයි බය වෙන්නේ ඉංදු …’ ‘එකපාරටම උබගේ ලෝකෙට ආපු සතුට දරාගන්න තේරෙන්නේ නැති කෙල්ල ලොකු දුකක් ආවොත් කොහොම හැසිරෙයිද කියලා හිතද්දී බයයි … ‘බය වෙන්න එපා මට එහෙම වෙන්නේ නැහැ … හිම්සර කවදාවත් මට දුකක් දෙන්නේ නැහැ … එයා මගේ ජීවිතේට සතුට අරන් ආවේ … කවදාවත් මට දුකක් දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙලා ..’ මා හිම්සර ඇදහුවෙමි ….කිසිදිනක මගේ ලොවට දුක බිදුවක් හෝ ඔහු නමින් විදීමට හිම්සර ඉඩ නොදෙන බව මා ඇදහුවෙමි … ‘ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරන්න යන්න එපා … මිනිස්සු වෙනස් වෙනවා … ‘’ ‘මිනිස්සු වෙනස් වෙයි ..ඒ උනාට කවදාවත් මගේ හිම්සර වෙනස් වෙන්නේ නැතිවෙයි ..’ ‘මාත් ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා … මොන දෙයක් උනත් සතුටින් ඉදපන් ..’ ඉඳුවරි එලෙස පවසා කතාව නතර කර දැමුවේ මා සමග කතාකිරීමෙන් පලක් නොමැති බව දැන විය යුතුය .. ******* ‘අද සර් ක්ලාස් එකට එන්නේ නැහැලු ..’ ඒ ඉරු දින ඉංග්‍රීසි පංතිය ට යනතුරුම පංති නොපැවෙත්වෙන බව මා නොදැන උන්නෙමි … ‘ කට්ටිය දැන් මොකද කරන්නේ …’ ‘ මම යනවා පබ් එකට පාඩම් කරන්න …’ ඉඳුවරි එලෙස පවසා මා දෙස බැලුවේ පැමිණෙන්න ආරාධනා කරන්නාක් මෙනි ‘යමු අපිත් එන්නම් …’ ‘හම්මේ ඉරිදාට පබ් එකට එන කොල්ලෝ ගොඩ …මාර හැන්ඩ්සම් බන් පිස්සු හැදෙනවා උන් දැක්කාම .’ මයන්ති එක දිගට කියවන්න වුවාය ‘ට්‍රෙන්ඩ් එකට තමා ඔය කොල්ලෝ පබ් එකට එන්නේ …. එදාට ඉතින් අපි වගේ ලස්සන සුකුමාල කෙල්ලොත් එනවානේ පාඩම් කරන්න .. .’ රිකි ඈනුමක් පිටකලේ එලෙස පවසමිනි ‘එතකොට අපිත් මේ ට්‍රෙන්ඩ් එකටද පබ් එකට යන්නේ ..’ මයන්ති චිකිස් ගා සිනාසුනේ මා කියුවට වෙන්න ඇත ‘ඉංදු මම පටාස් ගාලා එන්නම් කෝල් එකක් අරන් ….. ‘’ හිම්සර මට ඔහු සිහිවුවේ කමියුනිකේෂන් එකක් දුටු පසුවය .. ‘හෙලෝ හිම්සර ඉන්නවාද …..’ අනිත් පසින් දුරකථනය එසවූවේ කාන්තාවකි .. ‘ ඉන්න පොඩ්ඩක් ..’ දඩාස් ගා මහා හඩින් දුරකථනය තැබූ ඇය හිම්සර අමතන හඩ ඇසුණේය … ‘හෙලෝ ..’ ‘හෙලෝ හිම්සර ..’ ‘පාරමී . ඔයා කොහෙද ඉන්නේ .. මොකක් හරි හදිස්සියක්ද ..’ මා ඔහුගේ නිවසට ඇමතුමක් ගැනීම පිළිබද හිම්සර කලබල වෙන්න ඇත …. ‘ අද ක්ලාස් නැහැ …. අපි පබ් එකට යනවා පාඩම් කරන්න …’ ‘ඔයා කොහෙද දැන් ඉන්නේ ..’ ‘පබ් එක ලග …’ ‘මම විනාඩි දහයෙන් ඔතනට එනවා … ඇතුලට යන්නේ නැතිව ඔතනම ඉන්න ..’ මා දුරකථනය තැබුවේ හිම්සර දකින්න ලැබීම ගැන සතුටිනි .. ‘ඉංදු හිම්සර එනවා කිව්වා …. ඔයාලා යන්න …. මම එන්නම් ..’ ඉඳුවරි ඇතුළු මිතුරියන් පබ් එක දෙසට පියමනිද්දී මා මාවත දෙස බැලුවෙමි .. ‘මම පරක්කු උනේ නැහැ නේ …’ හරියටම විනාඩි දහයක් යෑමට පෙර හිම්සර මා ලගය … නිල් පැහැ ඩෙනිම් කලිමටත් ටිෂර්ටයටත් ඔහු බෙහෙවින් කඩවසම්ය … මොහොතක් යනතුරු මා සොදුරු ඒ මුහුණේ දෑස් ඉවත් නොකර උන්නෙමි ‘නැහැ …. අපි කොහෙද දැන් යන්නේ ..’ ඔහුගේ අතක එල්ලුණු මා දෑස් කුඩාකර ඔහු දෙස බැල්මක් හෙළුවෙමි ‘අපි යන් අද ඔයාලාගේ නෑයෝ බලන්න …’ ‘ඒ කොහේද …’ ‘ගිහින්ම බලමුකෝ …’ ‘අනේ කියන්නකෝ …’ ‘සප්‍රයිස් එකක් ඒක …’ ‘නරකයා …’ බොරු අමනාපයක් මවාගත් මා ඔහු වෙතින් දැස් ඉවතට ගතිමි … ‘හරි බබෝ …ඔය තරම් තරහා ගන්න එපා ..සුදු මුහුණ කැත වෙයි …’ ‘ඉතින් මම කැත උනාම දුක් වෙන්න කවුරුත් නැහැ නේ …’ ‘ඇයි මේ මම ඉන්නේ … මම කොහොමද කළු කැත කෙල්ලක් එක්ක පාරේ බැහැලා යන්නේ ..’ තරහා වෙමින් යාළු වෙමින් බසයක නැගුනු අපි දෙදෙනා කොතරම් දුරක් ගියේ දැයි මා නොදැන උන්නෙමි … ‘ඔන්න ආවා ….. බලන්න අපි කොහෙද ආවේ කියලා ..’ ‘දෙහිවල සත්තු වත්ත …. අනේ යන්න මම තරහයි …මගේ නෑයෝ නැහැ මෙහෙ හරිද ..’ ‘එනවකො මම පෙන්නන්නම් නැතිද කියලා ..’ මගේ අතකින් තදින් අල්ලා ගත් හිම්සර බොහෝ පෙම්වත් බැල්මකි මා වෙත හෙළුවේ … නිවාඩු දිනක් බැවින් සත්තු වත්ත නැරබීමට පැමිණි අයවළුන්ගෙන් සත්තු වත්ත පිරි පැවතුනි …පැහැසර බොහෝ පරිස්සමට මා අසලින්ම ඇවිද ගියේ මා අතරමන්වෙයි කියා මෙනි … ‘අපි හංස පොකුණ බලමු හිම්සර …’ හිම්සරගේ දෑතින් මිදී හංස පොකුණ අසලට දිව ගිය මා හිස පොවා බැලීමි …. ‘අර බලන්නකෝ හිම්සර අර හංස ජෝඩුව ගොඩක් ආදරෙන් ඉන්න හැටි .. …ආස හිතෙනවා නේද ..’ ‘හ්ම්ම්ම්ම් …. ඔව් ….ඔයා දන්නවාද පාරමී …’ ‘මොනවාද …’ ‘හංසයෝ තමන්ගේ සහකාරියට පුදුමාකාර බැදීමක් දක්වන්නේ …’ හිම්සරගේ දෑස් නැවතී තිබුනේ හංස ජෝඩුවක් ලගය … ‘මම ඒක දැනගෙන හිටියේ නැහැ ..’ ‘අර බලන්න අර දෙන්නා ඉන්න ලස්සන තුඩින් තුඩ ලංකරගෙන …හරිම ලස්සනයි නේ … දන්නවද …හංසයන්ට ජිවිත කාලෙටම ඉන්නේ එකම එක සහකාරියයි …කවදා හරි සහකාරී නැතිවුනොත් හංසයා දුකටම මැරෙනවා .. ‘’ හිම්සරගේ හඩ බෙහෙවින් හැගිම්බරය ‘එහෙනම් ඔයත් හංසයෙක් වෙන්න … මම වෙනුවෙන් ජිවත් වෙන්න මම වෙනුවෙන් විතරක්ම ..’ ‘ සත්තයි ….පාරමී මම ජීවත්වෙන්න ඔයා වෙනුවෙන් විතරයි …ඔයා නැතිවුනොත් ඒ දුක දරාගන්න බැරිව මාව මැරිලා යයි …’ දෝතින්ම මගේ මුහුණ අල්ලාගත් හිම්සර ගේ මුවින් ඒ වදන් පිටවුවේ බොහෝ ස්ථිර ස්වරයෙනි …. ඒ හිම්සර මා වෙනුවෙන් දැක්වූ ආදරයයි …..
මතු සම්බන්ධයි

‘ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *