~~~~ආදර පාරමී ~~~~~24 කොටස
උදේ හවහා හිම්සර නොදැක සිටිමට බැරි තරමට ඔහු දැකීමට මා ඇබ්බැහි උනෙමි … හිම්සරගේ මුහුණ නිරන්තරයේ දැක එක් දිනක් හෝ ඔහු නොදැක උන්නොත් එය මසිතට ගෙනාවේ වේදනාවකි ….සමහර විට එය වියරුවක් වෙන්න ඇත …. එහෙත් ඒ මගේ සිතෙහි ඔහු වෙනුවෙන් වූ සෙනෙහසයි .
ඒ උදෑසන උදෑසනින් අවදිව පාසල් යෑමට සුදානම් වූ මා කැඩපත තුලින් පිළිබිඹු වෙන මගේ රුව දෙස බැලුවෙමි ….. සැබැවින්ම මා බොහෝ වෙනස්ව උන්නෙමි … වේදනාවෙන් මුකුලිත වී තිබුණු මුහුණෙහි වේදනාවේ කටු සටහන් මැකී ගොස් තිබුණි … මේ සියල්ලම හිම්සර නිසාය ..
දෑස් දල්වාගෙන මා එනතුරු බස් නැවතුමේ රැදී සිටිනා හිම්සරගේ මුව විකසිත වෙන්නේ මගේ දසුනිනි …ඔහු වෙත දිව ගොස් දෑතෙහි එල්ලීමට සිත් වුවද මා හිම්සර වෙත ගමන් කරන්නේ සංවර ගමනිනි …
‘මොකද මේ ඉබ්බි වගේ එන්නේ …’ හිම්සර සිනාසෙන්නේ දෑස් වලිනි
‘මට එක්කෙනෙක් කිවා …… කෙල්ලෙක් උනාම ඉබ්බ්යෙක් වගේ ඇවිදින්න කියලා … ’ හිම්සරගේ අත්ලෙන් අල්ලාගෙන මා ඔහුට ලන්වෙන්නේ මා උන්නේ නිල ඇදුමෙන් බව අමතක කර දමාය
‘ කව්ද දන්නේ නැහැ ඒ මෝඩයා .. ’
‘මගේ ඇස් දෙක දිහා බලන්නකෝ …’ මා ඔහුගේ මුහුණට එබුනෙමි …
‘හරි බැලුවා දැන් කියන්නකෝ …’
‘ඔයාට පෙන්වාද මගේ ඇස් දෙක ඇතුලේ විරිත්තගෙන ඉන්න කොල්ලෙක් අන්න ඒ මෝඩයා තමා ‘’ මුවෙන් ඉගි කරමින් පැවසු මා පැත්තට පැන්නත් ඔහුගේ ශක්තිමත් අතින් බේරීමට මට හැකි වුවා නොවේ …
‘අපි ඉන්නේ පාරේ නෙවෙයි නම් දනී මම කරන දේ … පිස්සි …’ බස් නැවතුමේ කෙටි බිත්තියේ නැවතී තිබුණු මගේ අතක් උඩ බරට අතක් තැබූ හිම්සරගේ මුවෙහි වුවේ දගකාර කමකට අර අදින කොලුවෙකුගේ පෙනුමකි … හිමසරට බොහෝ ලංවී උන් මා නැගණිය දම්සාරි බස් නැවතුමට පැමිණෙනවා දුටුවේ බොහෝ පමාවය … අන් දිනවල පාසල් වෑන් රියෙහි ගමන් කරන ඇය අද බස් නැවතුමට පැමිණියේ වෑන් රිය අද නොපැමිණි බැවින් විය යුතුය ..
‘ අත ගන්න හිම්සර නංගි …’ හිම්සරගේ අතට අසුවී තිබුණි අත මුදාගත් මා නැගණිය දෙස බැලුවෙමි … හිම්සර මගේ අතින් අල්ලා සිටිනවා ඇය දක්න්න ඇත ..
‘අද ස්කුල් වෑන් එක ආවේ නැද්ද ..’ හිම්සර වෙතින් මිදී මා නැගණිය අසලට සෙමින් පිය නැගුවේ හිම්සර බලාගෙන ඉද්දීමය ..
‘ස්කුල් වෑන් එක ආවා නම් මම ඔයාගේ නාඩගම් දකින්නේ නැහැ නේ ..’ දම්සාරිගේ මුහුණේ උවේ මා පිළිබද පිළිකුලකි ……
‘ නංගි ….’ මගේ සිතෙහි ඕ පිළිබද ඇතිවුවේ කලකිරීමකි …
‘මට අක්කා කෙනෙක් නැහැ තමුන් මගේ කවුරුත් නෙවෙයි …තමුසේ මගේ තාත්තාගේ පවක් …. එන්න එපා මගේ ඉස්සරහට …’
බොහෝ කලකට පසු දරා ගැනීමට නොහැකි තරමට මගේ සිත රිදුනේය …. අඩන්න උවමනා උනිද ඇසින් එකම කදුලක් හෝ නොපැන්නේය … මා හුස්මක් උව නොගෙන ඈ දෙස බලාගෙන ඉද්දි ඉදිරියට ආ බසයට නැගුනු දම්සාරි යන්න ගියාය ..
‘පාරමී ඇයි දෙයියනේ ඔහොම ඉන්නේ ..’ මා උන් අයුරු දැක හිම්සර බිය වෙන්න ඇත …
‘පාරමී ගල් ගැහිලා වගේ ඉන්න එපා මැණික කතා කරන්න …’ හිම්සරගේ කටහඩ බිදී තිබුණි
‘ඇයි …ඇයි …හිම්සර මගේ නංගිත් මට වෛර කරන්නේ .’ වචන වලට පෙර මගේ මුවින් පිටවුවේ ඉකිබිදුමකි
‘ පාරම්… ඔයාට ආදරේ කරන්නේ නැති කෙනෙක් ගැන හිතලා අඩන්න එපා … එයාලා මොනවා කියුවත් හිත ශක්තිමත් කරගන්න … ඔයා ගොඩක් ඉවසගෙන හිටපු කෙල්ලක් …මේවගේ සුළු සුළු දේවල් වලට හිත රිද්දගන්න එපා .. ‘
හිම්සරට ඕන වෙන්න ඇත්තේ මගේ හිත හදන්නය
‘මම අඩන්නේ නැහැ හිම්සර ඒ උනාට මගේ ඇස් වලට ඉබේම කදුළු එනවා …’ කදුළු නවතා ගැනීමට කොතරම් වෑයම් කලත් දෑස් කදුළු ගලන්නේ නොනැවතීල්ලේය ..
‘පාරමී මේ විදිහට අඩන්න එපා … මට දරාගන්න බැහැ ….’
හිමසරගේ දුක්ගත් මුහුණ දැක මා සිනාසෙන්න වෙර දැරුවෙමි ….එහෙත් සිනාවක් නම් මුවට නාවේමය ..
*****
එදින පාසල් නිමව මා නිවසට ගියේ එහි නොගිහින් යෑමට තැනක් මා හට නොමැති නිසාය … දම්සාරි සියල්ල තාත්තාගේ කනෙහි තබන බව මා දැන උන්නෙමි ….බොහෝ සාමකාවීව ගෙවී ගිය සවස් භාගයෙන් පසු එළැබියේ රාත්‍රියයි …. මම හැකි සෑම විටම දම්සාරි මග හැර උන්නේ ඈ මා සමග පැටලෙයි කියා බියෙනි ….
‘බබී පොඩ්ඩක් පහලට එන්න ..’ තාත්තාගෙන් ඇමතුම ආවේ රාත්‍රී අටට පමණය …
මා සාලයට යනවිට තාත්තා මංජු අම්මා සේම පවුලේ සියල්ලන්ම එහි වුවේය …. සිදුවන්නේ කුමක්ද යන දෙගිඩියාවෙන් හිත සැලෙද්දී තාත්තා ඉදිරියේ සිටගෙන උන්නෙමි …
‘බබී මෙතැන වාඩිවෙන්න …’ තාත්තාගේ කටහඩ අන් දිනවල මෙන්ම බොහෝ නිවී තිබුනේය ..
තාත්තා ඉදිරියෙහි අසුන්ගත් මා උන්නේ බිම බලාගෙනය …. විනාඩි ගානක් යනතුරු නිවස පුරා පැතිර ගොස් තිබු නිහැඩියාව බිද දැමීමට කිසිවෙකුට උවමනාවක් නොවුනා සේය …
‘බබී ….. ඔයා මේ දවස් වල ගොඩක් සතුටින් නේ ඉන්නේ … ඔයා සතුටින් ඉද්දි ඔයාගේ තාත්තට ඊට වඩා සතුටක් නැහැ කියලා දන්නවා ද …’ බොහෝ වෙලාවකට පසු තාත්තාගේ කටහඩ නිවස පුරා පැතිර ගියේය …
‘මම දන්නවා තාත්තා …’ මා බොහෝ සෙමින් කටහඩ අවදි කලෙමි
‘මම හිතුවේ ඒ සතුට ලැබුනේ ඔයාල ලැබුණු අළුත් පවුල නිසා කියලා … ….. මම හිතුව විදිහ හරිද බබී …’
තාත්තා මගෙන් බලාපොරොත්තු වූ පිළිතුර ඔව් යන්න උවත් මට මුසා පැවසිය නොහැකිය …මා මෙහි ආවාට වඩා සතුටක් ලැබුවේ හිම්සරගේ ප්‍රේමය ලද හෙයිනි …. ඉතින් මා තාත්තාට පිළිතුරු බදින්න නොගියෙමි ..
‘මෙයා උත්තර දෙන්නේ කොහොමද තාත්තා …. කට ඇරියොත් බොරුනේ කියන්න වෙන්නේ ..’
දම්සාරි මැද්දට පැන්නේ මම නිහඩව ඉද්දිය … ඕ සියල්ල පවසන්න ඇත ..තාත්තා එය විමසන්නේ මගේ මුවින්ම දැනගැනීමට විය යුතුය ..
‘දම්සාරි ඔයා කට වහගන්න ….’ මංජු අම්මාගේ කටහඩේ වුවේ තරවටුවකි …
‘මම කතා කරොත් තමා අම්මාටයි තාත්තාටයි දෙන්නටම තරහා යන්නේ …මෙන්න මෙයා පාරවල් ගානේ කොල්ලෝ එක්ක මුකුළු කර කර ඉන්නවා කවුරුත් මොනවත් කියන්නේ නැහැ තවත් හුරතල් කරන්න යනවා …’
නංගිගේ වචනවල මා වෙනුවෙන් උවේ තරහාවකි ….
‘පාරමී …බබී මට ඔයාව විශ්වාසයි …කියන්න මේ දම්සාරි නංගි කියන්නේ බොරු කියලා …’ තාත්තාගේ මුවෙහි මා වෙනුවෙන් වුවේ විශ්වාසයකි
‘ ඇත්ත තාත්තා …නංගි කිව්ව හැම වචනයක්ම සහතික ඇත්ත .. ‘’ තාත්තාගේ මුහුණ දෙස එක එල්ලේ බලමින් මා කියා දැමුවෙමි … තාත්තාගේ මුහුණ අදුරුවී ගියේ බලාගෙන ඉද්දි වාගේය ….
‘ කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගන්න ඔයා තාම පුංචි වැඩි මගේ දුවේ … ‘
තාත්තා තරවටු කරා නම් ……පාරක් දෙකක් ගැහුවානම් මට දුකක් නොදැනෙනු ඇත ..හිත බොහෝ රිදුම් දුන්නේ තාත්තා මට දැක්වූ සෙනෙහස වදනකින් හෝ නොවෙනස් වූ බැවිනි …ඉතින් මට තනිවී අඩන්න වුවමනා උනි තවත් මොහොතකදු එහි නොරැදී මා කාමරයට දිව ගියෙමි …
*****
පෙරදින රාත්‍රිය පුරා අඩා වැටුණු බැවින් දෑස් ඉදිමි රිදුම් දෙද්දී මා පාසල් යෑමට මගට බැස්සෙමි … හිත පුරා වුවේ පහදා කිව නොහැකියාකාරයේ දුකකි වේදනාවකි …. හිම්සර හමුවී සියල්ල කිවයුතු යැයි මා සිතා උන්නෙමි
වෙනදා මා එනතුරු බස් නැවතුමේ නැවතී මග බලනා හිම්සර අද පේන්න නැත … බලාපොරොත්තු කඩවූ බවක් සමග තනිකමක් දැනෙද්දී මා ඉදිරියේ නැවතූ පාසල් බසයට ගොඩවීමි …
‘මොකද කෙල්ලේ අප්සට් එකේ ඉන්නේ ..’ ඉඳුවරි පසෙකට වී උන් මා දැක මට ලන්වුවාය
‘අපේ තාත්තා හිම්සර ගැන දැනගෙන ඉංදු ….’ දෑසින් පනින්නට ලංවූ කදුලක් මා අත්ලෙන් පිස දැමුවෙමි
‘ඉතින් තාත්තා උබට බැන්නද ..’
‘බැන්නා නම් මට දුකක් නැති වෙයි … ඒත් එයා මගේ හිත රිදෙන්න වචනයක්වත් කිව්වේ නැහැ ඒකයි මට දුක … ‘’
‘ආදරය කරනවා නම් ඔය හැමදෙයකටම මුහුණ දෙන්න හිත හදාගනින් … ඔහොම අඩන්න වැළපෙන්න ගියොත් උබ දැම්ම පැරදුනා වෙනවා ..’
ඉදුවරී බොහෝ දේ කියද්දී මා ඔහේ අසා උන්නෙමි ….
පාසල් නිමවෙන තුරුම මා උන්නේ ව්‍යාකුල බවකිනි …. මේතරම් දුකින් හිදිනා දවසක හිම්සර නොදැකීම ගැන ඔහු සමගද මට ඇතිවුවේ අමනාපයකි …..
‘මොකද බුම්මගෙන ඉන්නේ …’ පාසල් ගේට්ටුව අසල රැදී උන් හිම්සර නොදුටු ලෙස ඉදිරියට ඇවිද ගිය මා පසුපස ආ ඔහු මගේ මුහුණට එබුණේය …
‘ඇයි ආවේ මාව බලන්න ….’ නෝක්කාඩු බැල්මක් ඔහු දෙසට හෙලුවා මිස මා නොනැවතිමි
‘හරි හරි මට තේරෙනවා ඇයි තරහා වෙලා ඉන්නේ කියලා …උදේ එන්න බැරි උනේ වැදගත් වැඩකට යන්න උන නිසා ..සොරි කියන්න බැරි උනා ..’ හිම්සර මගේ අතක් තදින් අල්ලා ගත්තේය ..
‘මටත් වඩා වැදගත් වැඩක් තිබුනද ..’ මගේ ඇස් වලට කදුළු ඉනුවේ ඉබේටමය ….
‘පාරමී බබෙක් වෙන්න එපා තේරුම් ගන්න … පුංචි පුංචි දේවල් වලට ඔහොම අඩන්න ලැහැස්ති වෙන්න එපා ….අද අපේ ස්කුල් එකේ රගර් කෝචර් අද උදේම ඇවිත් එයාව හම්බවෙන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බා ….. මාත් එක්ක කතා කරාට පස්සේ …. මගේ දක්ෂ කම සලකලා මට ස්කුල් ටීම් එකට ප්ලේ කරන්න චාන්ස් එකක් දුන්නා …මට මේක ලොකු දෙයක් ….මම ජිවිතේ ගොඩක්ම ආස කලේ රගර් වලට ..මට ආදරේ නිසා ඒ හැමදෙයක්ම අමතක කරලා දාන්න බැහැ පාරමී … මම ඔයා වෙනුවෙන් මගේ ටීම් එක අත ඇරලා ආවා …. මම වෙනුවෙන් මට ආදරේ නම් මට මේක කරගෙන යන්න උදව් කරන්න …’
හිමසර කියවාගෙන ගියේ ආවේගයෙනි …. දෑස් වල කදුළු පුරෝගෙන බලා උන්නා හැර ඔහුට එරෙහිව මා කිසිවක් කියන්න නොගියෙමි …
‘ දැන් හැමවෙලේම ඔයාව හම්බවෙන්න බැරිවෙයි … ඒ උනාට මම ඔයාට ආදරෙයි ….ඒ ආදරේ වෙනස් වෙන්නේ නැහැ .. ඔයත් මට ආදරේ නම් ප්ලීස් මේ දේට විතරක් ඉඩ දෙන්න ..’
හිත රිදුම් දුන්නේය ….. හිම්සරගේ ඉල්ලීම හමුවේ මා කිසිවක් කීමට ගියේ නැත … ඔහුගේ කැමැත්ත නොසලකා හරින්න මට උවමනා නොවුනි .. ඉතින් මා නිහඩව ඔහු කරන්නකට කැමැත්ත දුන්නා හැර කිසිවක් කියන්න නොගියෙමි …. ඔහු නැවත රගර් කණ්ඩායමට එක්වීමට උත්සහ කරන බව හෝ මට නොකියා උන්නේ මා ඊට එරෙහි වෙයි කියා සිතාද …. නැත ඔහු මා හදුනාගෙන නැත …. එවැන්නක් දැන උන්නා නම් හදවතින්ම ඔහුට ආශිර්වාද කරනවා මිසක මා කිසිව්ටෙක ඔහුට එරෙහි වෙන්න නොයමි .. .
නිවැසියන් අප පෙම දැනගත් බව හෝ ….. තාත්තා මගෙන් ඒ පිළිබද විමසූ බවවත් මා ඔහුට නොකියා උන්නෙමි …. ඒ ක්‍රීඩා කණ්ඩායමට එක්වීම පිළිබද සතුටින් උන් ඔහුගේ සිත බිදීමට නොහැකි බැවිනි
මතු සමබන්ධයි