~~~ආදර පාරමී ~~~ 28 කොටස

‘ආන්ටි … මම පාඩම් කරන්න පබ් එකට යනවා …. පාරමිත් එක්කන් යන්නද ..’ ඒ ඉරිදා උදෑසනින් ඉන්දුවරී පැමිණියේ මහජන පුස්ථකාලය වෙත මා කැටුව යෑමට අවසර ගැනීමටය .. ‘පාරමී උබ එනවාද හෙට අපිත් එක්ක පබ් එකට යන්න පාඩම් කරන්න .’ ‘මට කොහෙද එහෙම වාසනාවක් … මට තනියම ගෙදරින් එලියට බහින්න බැහැනේ දැන් …’ ‘මම හෙට ඇවිත් ඇන්ටිගෙන් පර්මිෂන් ගන්නම් ..උබ දුක් වෙන්න එපා ‘ පෙරදින පාසලේදී අප අතර සිදුවූ කතා බහ සිහිවී හසරැල්ලක් මුවට ආවත් මා සිනා නොපා සිටියෙමි ‘ අනේ මන්දා දරුවෝ …පාරමී තනියම යවලා බැහැ …එයාගේ තාත්තාත් කොළබින් පිට ගිහින් ඉන්නේ .’ ‘ආන්ටි කිසිදෙයකට බයවෙන්න එපා ..මම එක්කන් ගිහින් මමම ආපහු ගෙනත් ඇරලන්නම් ..’ ‘හා එහෙනම් පරිස්සමින් ගිහින් එන්න ..’ මංජු අම්මා අවසර දුන්නේ බෑ කියන්න බැරිකමට විය යුතුය … ‘තෑන්ක්ස් කෙල්ලේ …උබ කරපු මේ උදව්ව මම අමතක කරන්නේ නැහැ ..’ බොහෝ දිනකට පසු තනිව පාරට බැසි මා නිදහසේ හුස්මක් පහලට හෙළුවෙමි… ‘හරි හරි තෑන්ක්ස් ඕනි නැහැ …උබ සතුටින් නම් ඒ ඇති ..’ සතුටින් සිනාසලන මා දැක ඉදුවරි තුටු වෙන්න ඇත … ‘අනිත් කට්ටිය එන්නේ නැද්ද පාඩම් කරන්න අද ..’ ‘උන් කට්ටිය පබ් එක ලගට එනවා කිවුවා …මම උබව එක්කගෙන එන්නම් කියලා කියුවා ..’’ කතාවෙන් කතාවෙන් අප දෙදෙනා පුස්තකාල ගොඩනැගිල්ල වෙත පැමිණ තිබුණි .. ‘පාරමී අර කොල්ලෝ සෙට් එක ගොඩක් වෙලා අපිව ෆලෝ කරනවා ..’ මා නොදුටු දෙයක් ඉඳුවරී දැක තිබුණි …. ‘කෝ ..කෝ කවුද ….කොහෙද …’ කලබලයෙන් මා දසත බැලුවෙමි … ‘ඔහොම එකපාරට බලන්න එපා සයිඩ් එකෙන් බලපන් ඔය එහා පැත්තේ ෂොප් එක ලග නැවතුනේ’ නෙත් අගින් එදෙස බැලු මා දුටුවේ කිසිදාක දැක නැති කොලු නඩයකි … දැක පුරුදු එකම රුවක් හෝ නොමැති නිසා මම කලේ ඉවත බැලීමය …. ‘ නංගි ඔයා නේද හිම්සරගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් …’ කොලු නඩයේ උන් පිරිමි ළමයෙක් මා වෙත ලංව විමසිය .. ඔහු මදක් උස කළු පැහැති මුහුණක් තිබුණු පිරිමි ළමයෙකි….. ‘ඔයා කොහොමද ඒක දන්නේ …’ මදක් දෑස් විසල් කෙරූ මා ඔහු දෙස එක එල්ලේ බැලුවෙමි .. ‘හිම්සර කියන්නේ ඉසිපතනේ පේමස් චරිතයක් නේ … එයා ගැන හැම විස්තරයක්ම අපි දන්නවා …’ ‘ඉතින් ඔයාලා ඒක නිසාද හිම්සරගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ෆලෝ කරන්නේ …’ ඉඳුවරීට ඔවුන් හිතට අල්ලා නැති බව ඇගේ මුහුණෙන් පෙනුනි … ‘අපි වැදගත් දෙයක් කියන්නයි ඔයාට කතා කලේ .. මටත් නංගි කෙනෙක් ඉන්නවා .. මම කැමති නැහැ කොල්ලෝ බොරුවට අහිංසක කෙල්ලෝ රට්ටනවාට .. ‘’ ‘ ‘දැන් කවුද මාව රැවැට්ටුවේ …’ ‘ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් තමා ….. ඌට හැමතැනම කෙල්ලෝ ඉන්නවා …’ පිරිමි ළමයා ගැන අප්‍රසාදයක් හිතට එබෙද්දි මා ඔහු දෙස රවා බැලුවෙම් … ‘හිම්සරව මට මටත් වඩා විශ්වාසයි ….ඉතින් ඔයා මොනවා කියුවත් මම එයා ගැන සැක කරන්නේ නැහැ .. .’ කිසිදාක නොදුටු කොල්ලෙකුගේ කතාවක් නිසා හිම්සර මා සැකකල යුතු නැත …ඔහු මට බෙහෙවින් පෙම් කරන බව මා දැන උන්නෙමි … ‘හරි මම කිව්වාට විශ්වාස කරන්න එපා ඔයා හොයලා බලන්න ….. ඔයා වගේ ලස්සන කෙල්ලක් නිකන් ජිවිතේ නාස්ති කරගන්න එපා .. ඔයාට සැක නම් ගල්කිස්සේ බීච් එකට යන්න ..අද හිමසර එතන ඉන්නවා ’ ‘ඔයා ඒ ගැන වද වෙන්න එපා …. මම බලා ගන්නම් …. කවදාවත් දැකලා නැති කොල්ලෙක් කියන කතාවක් නිසා මම එයාව බිංදුවක්වත් අවිශ්වාස කරන්නේ නැහැ ..වදින්නම් ආයේ ඔහොම ආදරෙන් ඉන්න පවුල් කඩන්න එපා ….. දැන් යන්න ….ආයෙත් මගේ ඉස්සරහට ඇවිත් ඔය වගේ බොරු කතා කියන්න එපා .. ‘’ උන්නේ පාරේ බව හෝ නොසලකා මා මදක් හඩ නගා ඔහුට බැනවැදුනෙමි .. ‘ඕක තමා කියන්නේ වදින්න ගිය දේවාලේ ඔළුවේ කඩන් වැටෙනවා කියලා .. වරෙන් මධුක චා නොවී යන්න ..’ ඔහු සමග උන් මිතුරා කියුව අසා මධුක නම් පිරිමි ළමයා යන්න ගියේ මහා බරක් මගේ හිතේ ඉතිරි කරමිනි .. හිම්සරව සැක නොකරමි කියා සිතුවද ඔහු පිළිබද සැකයක් ශරීරය පුරා ඔඩු දුවන්නාක් මෙනි මට හැගුනේ .. ‘දැන් උබ කිව්වා නේ හිම්සරව සැක කරන්නේ නැහැ කියලා නේද … ඉතින් මොකද දැන් මුහුණ දික් කරගත්තේ ..’ නිහඩවම පුස්ථකාලය වෙත යන මා දැක ඉඳුවරී කියවන්න වුවාය …. ‘මට මහා ලොකු බයක් දැනෙනවා ඉන්දු ….. හිම්සර විශ්වාස කරනවා කියලා කොච්චර හිතුවත් මට හිතෙනවා එයා දැන් වෙනස් වෙලා කියලා .. එයාට දැන් මාව ඕන නැහැ කියලා මට හිතෙනවා ..ඉස්සර හිටිය හිම්සර මාව දැක්කේ නැතිවුනාම ගෙදරටම ඇවිත් හරි මාව බලලා යයි … ඒත් දැන් එහෙම නැහැ එක දිගට මාස ගානක් දකින්නේ නැතිව හිටියත් කිසි ගානක් නැහැ එයාට ..’ හිත බොහෝ දුක්ගෙන තිබුණි …. ප්‍රේමය නිසා දෑසට උනන කදුළු ලේන්සුවෙන් පිසදමා මා සිනාසෙන්න තැත් කලෙමි … ‘ පාරමී උබ ඔය ලව් එක නතර කරලා දාපන් … හිම්සරව හිතින් අමතක කරපන් … මම උබව අදුරගත්ත දවසේ ඉදලා ඔය ලව් එක නිසා උබ හිනාවුනාට වැඩිය ඇඩුවා ….’ වියළි තිබුණු කදුලැල් අලුත් වුවේ ඇගේ කතාව නිසා ය … ‘ ඉංදු මට එයාව හම්බවෙන්න ඕන …. හම්බවෙලා මට අහන්න ඕනේ ආදරේද කියලා ..’ පාඩම් කරනවාට වඩා මට උවමනා වුවේ හිම්සර නමින් හිතේ වූ ප්‍රශ්න නිරාකරණය කරගැනීමටය … ‘දැන් පාඩම් කරලා පස්සේ ගිහින් හම්බවෙමු ….කලබල වෙන්න එපා පාරමී ..’ ‘මට ඕන එයාව දැන් හම්බවෙන්න .. ඔව් මේ දැන්ම මට එයාව හම්බවෙන්න ඕනේ ..’ හිම්සර නම්න් හිතේ වූ උමතුව වැඩිවෙද්දී මට ඔහුව දැකීමට උවමනා වුනි … ‘හරි හරි කලබල වෙන්නේ නැතිව හිටපන් … අපි ගිහින් කොල්ලව හම්බවෙමු …’ ****** සති අන්ත දිනයක් වූ බැවින් ගල්කිස්ස මුහුදු තිරය පුරාම දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගෙන් පිරි තිබුණි ….. සයුර සිසාරා හමා සුළග ඇගේ දැටෙද්දී දැනුනු රශ්මිය නොතකා මා හිම්සරව වෙරල තීරය පුරා සෙව්වෙමි …. ‘ ඉංදු අන්න අතන පාර්ටි එකක් වගේ නේ …අපි පොඩ්ඩක් ලගට ගිහින් බලමුද ..’ වෙරළේ ඈත කෙළවරක් පෙන්වමින් මා අසද්දී ඉඳුවරී මුවින් නොබැන මා පසු පසම ආවාය … ‘ ඉංදු එක්කෝ අපි ආපහු යමු …’ ‘මේ ආව එකේ ගිහින්ම බලමු … හිතේ තියෙන සැකෙත් නැති කරගන්න එපායැ ’ ඉදුවරී උන්නේ කෝපයෙන් විය යුතුය … ‘එයා නැතිව ඇති ඉංදු …. කොහෙවත් ඉන්න කොල්ලෙක් කියපු කතාවක් නිසා මම එයාව සැක කරන එක අසාධාරණයි .. අනික ඉන්නවා නම් මෙතැන ඉන්න එපැයි …කෝ පේන්න නැහැනේ ’ ‘අර අතන ඉන්නේ හිම්සර නේද ..බලපන් ඈතට හරියට පේන්නේ නැහැ පොඩ්ඩක් ලංවෙලාම බලමුද ..’ ‘වෙන්න බෑ ඉංදු එතන කෙල්ලෙකුත් ඉන්නවා නේ …’ ‘හරි අපි ලගටම ගිහින් බලාගමුකෝ ..’ විසල් බෝට්ටුවකට පිට දීගෙන උන් යුවළ අසලට යන දුර බොහෝ වැඩි බවකි මට හැගුනේ … මගේ ලය ගැහෙන හඩ මටම ඇසෙද්දී පය පැටලී දෙතුන් වතාවක් මා වැටෙන්න ගියෙමි …. මට සිතුනේ එය අසුභ පෙර නිමිතතක් බවය …. අවු කන්නාඩියක් පැළද යුවතියකට බොහෝ ලංව කියවමින් උන් තරුණයා හිම්සරම දැයි වටහා ගැනීමට මා දෙතුන් වරක් එදෙස බැලුවෙමි ..මගේ දෑස දුටු දසුනේ හිමිකරු ඔහු නොවුනා නම් ඒ තප්පරයට ලක්ෂ වාරයක් මට සිතුනි … කොට ගවුමකින් සැරැසී උන් යුවතිය උන්නේ හිම්සරට උවමනාවට වඩා ලංවය … ‘හිම්සර මේ ඔයාමද …’ හිම්සර මා දුටුවේ පමාවය … හොල්මනක් දුටුවාක් මෙන් මද වෙලාවක් මදෙස බලා උන් ඔහුට තමා අසල උන් යුවතිය සිහි නොවන්න ඇත … ‘පාරමි ..පාරමී ….ඔයා ..ඔයා මේ කොහෙද …’ කතා කරන්න සිහිවුන විගස ඔහු කතා කලේ ගොත ගසමිනි … ඉහලට ගත් හුස්ම පහලට නොදමා මා අදහාගත නොහැකි දසුන දෙස බලාගත් වනම බලා උන්නෙමි … ඉහ මොළ රත්වි මුළු සිරුරම රත්වී මට හුස්ම ගැනීමට අපහසුවකි දැනුනේ …. ‘තමුසේ මහා බල්ලෙක් … හලෝ …මාව රැවැට්ටුවා …. ඇයි ..ඇයි …මටම …. මෙහෙම වෙන්නේ ’ කතා කරන්න සිහිවූ විගස මම නොමනා කතා බොහොමයක් කියමින් බැන වදිද්දී හිම්සරට කතා කරන්න අමතකව යන්න ඇත ‘පාරමී රිලැක්ස් වෙයන් ….හොද වෙලාවට මෙයාගේ වෙස් මුහුණ ගැලවුනා … අර කොල්ලා දෙවියෝ බලලා වගේ අද අපිට හම්බවුනේ ..’ කි ඉඳුවරී මගේ අතකින් තදින් අල්ලා ගත්තේය …. ‘ඔයා … ඔය මුහුණ අරන් ආයෙත් මගේ ඉස්සරටහ එන්න එපා … මට ඕන නැහැ මෙහෙම ආදරයක් ..’ මට උවමනා වුවේ හිතේ දුකේ අවසන්වන තුරු ඔලුවේ වියරුව පහවෙන තුරුම ඔහුට බැන වැදීමටය … ‘පාරමී මම මෙයාට ආදරේ කරන්නේ නැහැ …මම මෙයා එක්ක පොඩ්ඩක් කතා කළා විතරයි …’ යුවතියගේ රෝස දෙකම්මුල් කළුවී අඩන්න ආසන්නව උන්නාය … ඇය උන්නේ සිදුවූ කිසිවක් අදහාගත නොහැකිවා මෙනි .. ‘ඒ කියන්නේ ඔයා ටයිම් පාස් කරන්නද මේ ගර්ල් එක්ක ආශ්‍රය කරන්නේ …චි චි …මම හිතුවේ නැහැ ඔයා ඔය තරමට නරක පිරිමියෙක් කියලා … ‘ ‘පාරමී මාව තේරුම් ගන්න …. ඔයාට විතරයි මට ආදරේ කරන්න පුළුවන් ..’ ඉතින් මට තවත් ඔහුගේ සුරංගනා කතා ඇසීමට උවමනා නොවුනි ….තවත් වරක්වත් ඔහු දෙස නොබලා මා කලේ කලේ ආපසු හැරීමය …. ‘පාරමී පොඩ්ඩක් නවතින්න …. මට ඔයා එක්ක කතා කරන්න ඕන …’ පිටුපසින් දිව එමින් හිම්සර පැවසු දේවල් අසන්නට උවමනා නොවුනි …

මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *