~~~~ ආදර පාරමී ~~~~~~ 29 කොටස

හිම්සර නමින් හැදු සිහින මාළිගා මගේ පය පාමුලම බිද වැටෙමින් තිබුණි … ඔහුගේ ප්‍රේමය නොමැති හෙටක් ගැන මා දැන නොසිටි තරම්ය … ඉතින් අද සිට මට ඉගෙනගත යුතුව ඇත … ඒ හිම්සර නොමැතිව ජීවත්වෙන අයුරුය …. මට වටහා ගැනීමට නොහැකි වුවෙත් ඒ කෙලෙස කරන්නේද යනුවෙනි .. ‘පාරමී මට ඔයා නැතිව බැහැ …. යන්න එපා පාරමී ….යන්න එපා මාව දාලා …’ වෙරළ තිරය දිගේ බොහෝ දුර පසු පසින් හිම්සර පැමිණියද මා උන්නේ ඔහු කියූ කිසිවක් නෑසුණු කනිනි …. ‘එයාට එන්න එපා කියපං ඉංදු …. මට එයාව දකින්න ඕන නැහැ …’ තවත් ඒ මුහුණ දෙස බලා වදනක් හෝ දෙඩීමට මව උවමනා උවා නොවේ ‘ඔයා යන්න … හිම්සර තේරුමක් නැහැ පාරමී පස්සේ ඇවිල්ලා …. ’ තවමත් පසු පසින් එන හිමසර දෙස බලා ඉඳුවරී මහා හඩින් පැවසුවාය … ‘තේරුමක් තියනවා …. පාරමී මේ බලන්න … ’ ඉඳුවරී පැවසු කිසිවක් කනකට නොගත් හිම්සර ඉදිරියට පැන ඔහුගේ දෑත මගේ උරහිස මත බරට තැබුවේය … ‘පාරමී මගේ ඇස් දෙක දිහා බලන්න … ’ මුහුදු රැල්ලේ හඩ නිසා වරින් වර යටපත් වන හිම්සරගේ කටහඩ නොතකා මා වැල්ල දෙසම බලා උන්නෙමි …. ‘පාරමී ඔයා නැතිව මාව පිස්සෙක් වෙයි … ’ හිම්සර ඔබ මා පිස්සියක කර අවසානයේ ඔබ පිස්සෙකු වෙයි යැයි පැවසීම කොතරම් මුසාවක්ද … මා ඔබට පෙම් කලද ඔබ මට පෙම් කර නැත ….. මා වෙනුවෙන් ඔය හිතේ පුංචිම සෙනෙහසක් හෝ වුවා නම් ඔබ ඔය ලෙසට අන් යුවතියක් දෙස බලන්නේද නැත …. ඔබට තිබුනේ අන් යුවතියක් ලග සැලෙන හිත උව මට එලෙස නැත මගේ සිත සැලෙන්නේ නම් ඒ ඔබ නමින්ම පමණි … ‘පාරමී ඇහෙන්නේ නැතිව වගේ ඉන්න එපා මැණික … ඔය තරම් හිත ගල් කරගන්න එපා දෙයියනේ …’ මා අඩියක් දෙකක් ආපස්සට ගියේ හිම්සර නොපෙනන මානයකට දිව යෑමටය .. එහෙත් හිම්සරගෙන් ඊට ඉඩක් නොවිය …… ඔහු පලා යන්නට සැරසෙන මගේ අතකින් අල්ලා ඔහු වෙතට ඇද ගත්තේය … පුළුන් රොදක් මෙන් ඔහු වෙත ඇදී ගිය මගේ මුහුණ නැවතුනේ ඔහුගේ උර තලයේය … අදහන්න මොහොතකට සියල්ල අමතකව ගොස් මා ඒ උණුසුමේ අතරමන් වී ගියේය …. ‘මට යන්න දෙන්න ….මට යන්න දෙන්න ….’ පළමුවෙන් මා කලේ ඉල්ලීමකි … ‘බෑ …බෑ …ඔයා මම කියන දේ අහනකන් ඔයාට යන්න දෙන්නේ නැහැ ..’ මොහොතකට හිත කියුවේ ඔහු කියනා දේ අසන ලෙසටය … එහෙත් නිමේෂයකින් මට සිහිව්ය …. ඒ හිමසර මට පිටුපෑ බවයි ….. තවත් මොහොතකදු ඔහුගේ සුවද දැනෙන මානයක හෝ සිටීමට මට උවමනා නොවුනි … ඔහුගේ දැඩි ග්‍රහණයෙන් මිදිය නොහැකිව මා දැගලුවෙමි ….. කිරීමට දෙයක් නොමැති කල මා කලේ මුවට හසුවූ ඔහුගේ උරහිස තදින් සැපිමය … ‘ඌයියියි ….’ මා සපා කෑවා සැරවැඩි වෙන්න ඇත … මගේ උරහිස මත තබාගෙන උන් හිම්සරගේ දෑත් ගිලිහුනේ ඉබේටමය … ‘පලයන් උබ ….’ දෑතට විරිය ගෙන රත්වූ වැල්ල මතට ඔහුව තල්ලු කල මා ඔහු දෙස බලා සිනාවක් පෑවෙමි . ….එහි තිබුනේ ඔහු නමින් මගේ සිතේ වූ ද්වේශයයි …..වේදනාවෙන් කෙදිරියක් නැගු හිම්සර වැටි උන් ලෙසම හිද මා දෙස බලද්දී ඒ මුහුණේ තිබුනේ පුදුමාකාර දුකකි ….. මා විදින වේදනාවම ඔහුත් විදිය යුතුය …මගේ සිත පැවසුවේ එයයි …. ‘මගේ හිතේ තිබ්බ ආදරේ කියන හැගීම අද ඔයා මරලා දැම්මා ….ඒ හිතේ ආයෙත් ඔයා වෙනුවෙන් ආදරයක් ඇති වෙන්නේ නැහැ … ආදරය ඉල්ලගෙන මගේ පස්සේ එන්න එපා ආයෙමත් …’ අවසාන වරට ඔහු දෙස බැලු මා එලෙස පවසද්දී ඔහුගේ මුහුණේ වුවේ මහා දුකකි …මා වැල්ල දිගේ පාර දෙසට දිව ගියෙමි …දෑසිනි වැටුණු කදුළු වලට සීමාවක් වුවා නොවේ …. පිස්සියක මෙන් අඩමින් දිව ගියා හැර ඉංදු කි කිසිවක් වුව මට ඇසුනා නොවේ .. ‘උබ බාගෙට මැරිලා වගේ ගෙදර යන්න එපා …පොඩ්ඩක් හිනාවෙලා පලයන් .. නැතිනම් ගෙදර මිනිස්සු බයවෙයි ..’ නිවසේ ගේට්ටුව ලගට මා ඇරලා යන්නට පෙර ඉදුවරි පැවසුවාය …මද සිනාවක් නැගීමට වෑයම් කළා මිස මා කිසිවක් නොකියා උන්නෙමි ….. ****** හිම්සර සිහිවී පපුවේ පටන්ගෙන ආත්මය වෙලා ගන්නා ඒ වේදනාවෙන් මා රැය පුරා වේදනා වින්දෙමි ….මදක් දෑස් පියවෙද්දී හිම්සර සිහිවී අවදිවී වෙන මා හිතේ දුක පහව යනතුරු අඩා වැටෙන්නෙමි … ඉතින් ප්‍රේමය මට කලේ මහා හදියකි .. පෙර දිනවල අම්මා නිසා පාසලේ ළමුන් සච්චල් කරද්දීවත් මට මේ තරම් වේදනාවක් නම් දැනී නැත …හිම්සර ඔබට මා පෙම් නොකලා නම් හොදය … එසේ වුවා නම් මේ තරම් දුකක් මේ හිතට නොදැනෙනු ඇත … ‘බබී මොකද ඇස් දෙක ඉදිමිලා …’ උදෑසන ආහාර මේසයේදී තාත්තාට මගේ වෙනස වැටහී තිබුණි .. ‘ඊයේ රෑ පාඩම් කරා තාත්තා ..’ මා මුසාවක් කීවද තාත්තාගේ දෑසේ වුවේ සැකයකි … තාත්තාගේ දියණිය ප්‍රේමය නිසා විදවන බව තාත්තා දැන ගත්තා නම් ඔහු බොහෝ දුක් වෙනු ඇත …. ඉතින් මා දුක යටකරගෙන තාත්තාට පේන්න සිනා නැගුවෙමි … ‘ බබී අද හවස මාත් එක්ක පොඩි ගමනක් යමු ….හවසට ලැහැස්ති වෙලා ඉන්න …’ මා නොපෙන්වා උන්නද තාත්තාට මගේ දුක සැගවීම බොරුවකි …. ඔහු ඔය සැරසෙන්නේ මා නිවසින් පිටතට ගෙන ගොස් සතුටු කිරීමට විය යුතුය … ‘හරි තාත්තා මම ලැහැස්ති වෙලා ඉන්නම් ..’ සතුටු වීමට කිසිදු හිතක් නොතිබුනද තාත්තාගේ හිත රිදවීමට බැරි හෙයින් මා එලෙස පැවසුවෙමි . පෙරදා සිදුවුවේ කුමක්ද කියා මගේ සිතට වටහා ගැනීමට නොහැකි වූ තරම්ය … පාසල් වෑන් රියට ගොඩවී මා උන්නේ වෙනත් ලොවකය … පාසල් වෑන් රියෙන් බැසගත් මා අවට කිසිවක් දෙස නොබලා පාසල් ගේට්ටුව දෙසට පිය මැන්නෙමි … ‘මේ ඔයාට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද … ’ කොහේදෝ සිට මතුවූ පිරිමි ළමයෙකු මා ඉදිරියේ රැකගෙන සිට ගද්දි මම ඔහු හදුනා ගැනීමට වෙර දැරුවෙමි .. නොවේ මා කිසිදිනක ඔහු දැක ඇතිවා නොවේ .. ‘ මොනවාද …’ පෙර දින මෙන් මොහුගේ පැමිණියේ හිම්සරගේ වැරදි කියන්නද ‘මම චමීර … හිම්සරගේ ටීම් එකේ යාලුවෙක් ….. ඌ ඊයේ ඉදලා පිස්සෙක් වගේ කියවනවා ඔයා ගැනම විතරක් ….ප්ලීස් ඔයා හිම්සර හම්බවෙලා පොඩ්ඩක් කතා කරන්න … ’ ඔහු කලේ ඉල්ලීමකි ….එහෙත් මට එය පිලිගත නොහැකිය … ‘සොරි මට ඒ දේ කරන්න බෑ …හිම්සරට කියන්න මගේ පස්සේ එන්න එපා කියලා ..’ මදක් හෝ තෙතමනයක් නොපෙන්වා එලෙස පැවසු මා පාසල් ගේට්ටුව දෙසට පියමැන්නෙමි … පාසල තුල මා ගමන් කලේ සිහියෙන් නම් නොවේ …. තබන හැම අඩියක්ම මට දැනුනේ බරටය .. ‘පාරමී හීනෙන් ඇවිදිනවාද …’ කෙල්ලක් ඇසුවේ මා ගලක වැදී ඇදගෙන වැටෙන්න යද්දීය .. ‘තව පොඩ්ඩෙන් වැටිලා මහා ජරමයක් වෙන්නේ ….මෙන්න මෙහෙ වරෙන් යන්න ..’ ඉදුවරි කොහෙදෝ සිට පැමිණ මා ඇදගෙන පන්තියේ පැත්තකට ගියේය … ‘පාරමී උබට කතාවක් කියන්න තියෙනවා ..’ ‘මොකක්ද ..’ ‘ හිම්සර මාව හම්බවෙන්න ආවා ..’ ‘මොකටද …’ ‘ මේ අහපන් පාරමී ඌ වෙච්ච දේ ගැන ගොඩක් දුක් වෙනවා … එක සැරයක් උබ කතා කරලා බලපන් … අනික මම දන්නවා උබත් ඌට පණ ඇරලා ආදරෙයි කියලා …එක සැරයක් සමාව දීපන් …’ පෙර දින හිම්සර සමග කෝපයෙන් උන් ඉදුවරී සැරසෙන්නේ අප මිතුරු කිරීමටය .. ‘එක සැරයක් සමාව දෙන්න පුළුවන් …. එයා ආයෙම ඒ වැරැද්ද නොකර ඉදි කියලා කාටද කියන්න පුළුවන් ආ … ’ ‘මේ අහපන් පාරමී … කෙල්ලෙක් බලෙන් කොල්ලෙක්ට ලව් කරන්න ආවොත් කෙල්ලත් ලස්සනයි නම් මොන කොල්ලද ඒ කෙල්ල ලංවෙන්නේ නැත්තේ …… මේක හිම්සර පස්සෙන් ගිහින් ඇති කරගත්ත එෆෙයාර් එකක් නෙවෙයි … ඌ ට පිස්සු වැටුණු කෙල්ලක් උගේ පස්සෙන් ගිහින් ආදරේ හිගා කද්දී උගේ හිත උනත් පොඩ්ඩක් සැලෙන්න ඇති නේ .. ඌ මොන ජරා වැඩේ කරත් ආදරේ කරන්නේ උබට විතරයි ඒක නිසා එක පොඩි චාන්ස් එකක් දීපන් ඌට හැදෙන්න ..’ ඉඳුවරී බොහෝ දේවල් පවසද්දී හිම්සර වෙනුවෙන් මගේ හිත ලිහිල් වෙන්න විය … සිටත් කිව්වේ ඔහුට එක වරක් සමාව දිය යුතු බව ….. ඉතින් මා තීරණයක් ගත්තෙමි අපේ ආදරය වෙනුවෙන් එකම වරක් ඔහු මුණ ගැසීමට …. **** පාසල් නිමවී පාසල් වෑන් රිය මගහැර මා සුදානම් වුවේ හිම්සර මුණ ගැසීමට යෑමටය … හිම්සර ඔහු මගේ හුස්ම සරිය ….මට කෙසේවත් ඔහු අමතක කල නොහැකිය … ‘අක්කි ….. අක්කි ..’ පාසල් මාවතේ මා ඉදිරියට විත් සිට ගත්තේ කුඩා යුවතියකි .. මැය කොතනකදී හෝ පෙර දිනක දැක ඇති බවකි මට හැගුනේ …ඒ කොහෙදිද යැයි මා මදක් සිහිකිරීමට උත්සහා කලෙමි .. ‘අක්කිට මාව මතකද …’ ප්‍රශ්නාර්ථයක් දෑසේ රදවාගෙන උන් මා දෙස බලා යුවතිය සිනාසෙන්න වෙර දැරිය …. මගේ මතකය නිවැරදි නම් මේ ඇයයි …පෙර දිනෙක හිම්සර සමගින් වෙරළේ තනිවූ වූ උන් යුවතිය මැයයි … මා හිස සැලුවේ කීමට කිසිවක් මුවට නා නිසාය … ‘මම මින්දුලි …එදා ගල්කිස්සේ බීච් එකේ හිම්සර අයියා එක්ක හිටියේ මම තමා ..’ ‘ඉතින් ඇයි මාව හම්බවෙන්න ආවේ ..’ ‘අක්කි මට හිම්සර අයියාව ඕන ….මම එයාට ගොඩක් ආදරෙයි …මගෙන් එයාව ඈත් කරන්න එපා … පහු ගිය මාස තුනේම එයා මාත් එක්ක ගොඩක් හොදට හිටියා …ඒත් ඊයේ ඉදලා මාත් එක්ක කතා කරන්නේ නැහැ …. මට එයා නැතිව බැහැ අක්කි ,…. ප්ලීස් මට එයාව දෙන්න ..’ මට අඩන්න උවමනා වුනි . … දෙතොල තදින් විකා ගත්තා මිස කිවයුත්තේ කුමක්දැයි මා නොදැන උන්නෙමි .. මට ඇගෙන් අසන්න උවමනා වුනි ඇයි මගේ හුස්ම පොද ඉල්ලන්නේ යැයි මට අසන්න උවමනා වුනි … එහෙත් කිසිවක් කතාකර ගත නොහැකිව මගේ මුව අගුලු වැටි තිබුණි …. මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *