~~~~~ආදර පාරමී ~~~~~ 33 කොටස

‘පාරමී බබී මොකද මේ අඩන්නේ …’ රෝහල් කොරිඩෝව පසෙක සිටගෙන අඩා වැටෙමින් උන් මා දැක තාත්තා කලබල වෙන්න ඇත … ‘තාත්තා අපි ඉක්මනට මෙතැනින් යමු …මට හුස්ම ගන්න බැහැ වගේ … ‘’ ලොකු ගුලියක් පපුව තුල හිරවී ඇතිවාක් මෙන් දැනෙද්දී …. හුස්ම ගැනීමට නොහැකිව මා මියතැයි බියකි සිතෙහි වුවේ … ‘මොකක්ද මගේ මැණික උනේ …’ ‘අහන්න එපා තාත්තා …. මට ඒ දේවල් ඔයාට කියන්න බෑ …මට සමාවෙන්න මගේ තාත්තා ..’ ‘ බබී කියන්න කැමති නැත්තම් … ඒ ගැන මම අහන්නේ නැහැ …මම දන්නවා මගේ දූ වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා …’ තවත් කිසිවක් නොකියා මගේ අතින් අල්ලාගත් තාත්තා දිගු අඩි තබමින් රෝහල් ගේට්ටුව වෙත ගමන් කලේ බරැති කල්පනාවකිනි …. ලොකු කණුවකට මුවාවී බලා උන් හිම්සර දැක දැකත් මා ඇවිද ගියේ නොදැක්කා සේය …. ජීවිතය වෙනස්වී ගියේ හරි ඉක්මනටය …මා සතුට බලාපොරොත්තු උවද …ජීවිතය මට ලබා දුන්නේ දුකම පමණි … යලිදු කිසිදිනෙක හිම්සර ගැන නොසිතමි යන සිතුවිල්ලෙන් උන්නද මට හිම්සර සිහිනොවූ දිනක් නොමැති තරම්ය …. අමතක කරමි සිතා සිටින විට මට වැඩි වැඩියෙන් හිම්සර සිහිවෙන්න විය . ‘දම්සිත් පුතා කෝල් එකක් …’ මංජු අම්මා සාලයේ සිට මල්ලි අමතන හඩ මට ඇසුනේ හිම්සර ගැන සිතුවිල්ලෙන් සිටියදීය … කාමරයෙන් එළියට බැස සාලයට ගිය මා පුටු සෙටියේ අසුන්ගත්තේ මල්ලි කතාවට අල්ලා ගැනීමේ අරමුණිනි … ‘හෙලෝ … කළුවා ද …. මොකද බන් අද මැච් එකට උනේ ..’ මල්ලි කතා කරන්නේ මිතුරෙකු සමග විය යුතුය … ඔවුන්ගේ කතාවට සවන් දෙමින්ම මා පුටු ඇන්ද මත දමා තිබුණු සගරාවක් අතට ගතිමි .. එහි අකුරු අතර දෑස් තබාගෙන මා මල්ලිගේ කතාවට සවන් යොමු කලෙමි .. ‘හුටා ඉසිපතනේ මැච් එක අනාගත්තාද …ඇයි හිම්සර උන්ගේ බුලට් එක අද මැච් එකට ප්ලේ කරේ නැද්ද …’ මල්ලි මිතුරා සමගින් කතා කරන්නේ හිම්සර සම්බන්ධයෙනි … මා වඩාත් උවමනාවෙන් ඔවුන්ගේ කතාවට සවන් යොමු කලෙමි … ‘ගෝඩ් …ඉතින් මිනිහා මැච් එකට ප්ලේ කරේ නැද්ද … කෙල්ලක් නිසා හැමදෙයක්ම අත ඇරලා දාන්න මුට පිස්සුද ඇත්තට …. ‘’ මල්ලි කම්පා වෙන්නේ හිම්සර වෙනුවෙන් විය යුතුය … ‘හරි …හරි මම හවසට ප්‍රැක්ටිස් එන්නම් මචෝ …’ දුරකථනය තබා ආපසු හැරුණු මල්ලි මා දුටුවේය … ‘අක්කා දැක්කේ දවස් ගානකට පස්සේ …’ ‘මේ දවස් ටිකේ ඉස්කෝලේ නිවාඩු හින්දා කාමරේ ඇතුලටම වෙලා හිටියා … මල්ලි කොහේ හරි යන්නද ලැහැස්ති …’ මා අසලින් අසුන්ගත් මල්ලි රූපවාහිනිය ක්‍රියාත්මක කර ක්‍රීඩා නාලිකාවක් දැමුවේය … ‘දැන්ම යන්නේ නැහැ අක්කා හවස නම් ප්‍රැක්ටිස් යනවා … මේ මම බැලුවේ අද රගර් මැච් එක පෙන්නවාද කියලා ’ ‘කවුද මල්ලි ප්ලේ කරන්නේ …’ ‘ඉසිපතනෙයි ආනන්දෙයි .. . මගේ යාලුවෙක් කිවා ඉසිපතනෙ මැච් එක පැරදුනා කියලා … අපරාදේ හලෝ … අර හිම්සරයා පිස්සු කෙලිනවාලු මේ දවස් වල …. ඌනේ ටීම් එකේ වැඩ්ඩා ’ මල්ලි පවසන වචනයක් ගානේ මගේ හිත බොහෝ රිදුම් දෙන්න විය …. ‘මොකක්ද මල්ලි හිම්සරට වෙලා තියෙන්නේ ..’ ‘කෙල්ලක් එක්ක පැටලිලාලු …. ඒකි අසනීප වෙලා කියලා මු ඒ මත්තෙම නැහෙනවාලු …’ අදහන්න සිතේ හැම අංශු මාත්‍රයක් පුරාම සියුම් රිදුමක් පැතිර ගියේය …. ඔහු අන් යුවතියක් වෙනුවෙන් මේ තරම් දුක් වීම මගේ සිත ආවේ පුදුමාකාර රිදුමකි ….. ****** ‘ගේ අස්සට වෙලා ගේ ගෙම්බි වගේ ඉන්නේ නැතිව මෙන්න මෙහෙ වරෙන් ක්ලාස් යන්න ..’ ඒ ඉරුදා ඉඳුවරී විත් පංති යෑමට කතා කරද්දී මා සුදානම් වුවේ සිතෙහි කිසිදු කැමැත්තකින් නම් නොවේ … ‘මොකක්ද පාරමී ගල් ගිල්ලා වගේ ඉන්නේ …වචනයක් එළියට දාන්න බැරි උබ ගොළු වෙලාද ..’ ඕනෑවට වඩා නිහඩව උන් මා දැක ඉඳුවරී බැන වදින්න වුවාය … ‘මට හිම්සරව නැති උනා ඉංදු සදහටම …. එයා අර කෙල්ල වෙනුවෙන් හැම දෙයක්ම කැප කරලා … දරාගන්න අමාරුයි ඉන්දු ගොඩක් අමාරුයි .. ‘’ මා කදුළු සැලු අකාරය දැක ඉදුවරි කම්පා වෙන්න ඇත … හුස්මක් උව නොගෙන මද වෙලාවක් මා දෙස නෙතු යොමා උන් ඉඳුවරිගේ දෑසේද වුවේ කදුළකි .. ‘ හිම්සර උබට ගැලපෙන්නේ නැහැ පාරමී …ඌ උබ ගැන හිතන්නේ නැහැ … කවදාවත් ආයෙම ඌ ගැන හිතන්න එපා හිත හදාගනින් පාරමී …. අමාරු වෙයි ඒත් උත්සහා කරපන් ..’ ඉඳුවරීට උවමනා වෙන්න ඇත්තේ මගේ හිත හදන්නය …. ‘මට ක්ලාස් ගිහින් ඉගෙන ගන්න තරම් හිතක් නැහැ ඉන්දු … මාව පොඩ්ඩක් නිදහසේ ඉන්න පුලුවන් තැනකට එක්ක පලයන් …’ ‘ අපි විහාරමහා දේවි පාරක් එකට යමු එහෙනං …’ වේගයෙන් ආ 140 බසයකට අත දමා නවතා ගත් පාරමී මා ඇදගෙනම ඊට ගොඩවිය … ඉඳුවරී මා නිසා පංති මග ඇර ඒමද මගේ හිතට හරි මදිය … එහෙත් ඇය හැර මේ විසල් නගරයේ මගේ දුක ඇසීමට කිසිවෙක් නොවේ .. ‘පාරමී එක්සෑම් එකට තව මාස කීයද ..උබ ඔහොම පිස්සි වගේ හිම්සරයෙක් ගැන හිත හිතා ඉන්නේ නැතිව පාඩම් කරපන් …’ උයනේ බංකුවක අසුන්ගෙන උයන පුරා සැරිසරන පෙම්වතුන් දෙස බලමින් හුල්ලන මා දෙස ඉඳුවරී බලා උන්නාය … ‘මම එයාව අමතක කරන්න ට්‍රයි කරද්දී මට එයාව වැඩි වැඩියෙන් මතක් වෙනවා …. මට ඕන එයාව අමතක කරන්න උනාට මට මතක් වෙන්නේ එයා විතරයි … ඇයි ඉංදු මට එයාව අමතක කරලා සතුටින් ඉන්න බැරි .. ‘’ ‘ඒ මොකද උබ කොච්චර හිතුවත් උබේ යටි හිතේ තාමත් ඌ ඉන්නවා කියන එක …. ‘’ ‘මම එයාව කොහොම හරි අමතක කරන්න ඕන ඉංදු ….. නැත්තම් මගේ පපුව පැලිලා යයි ..’ බොහෝ වෙලාවක් ඉදුවරී සමගින් දුක පවසා අවසානයේ මගේ හිතට දැනුනේ සැහැල්ලුවකි … ‘දැන් වරෙන් පබ් එකට යමු පාඩම් කරන්න ‘ ඉදුවරී කියුවට එකග වී මා ඈ සමගින් ඉදිරියට යෑමට නැගී උන්නෙමි ….විහාර මහා දේවි උද්‍යානයට මායිම්ව පිහිටා ඇති මහජන පුස්ථකාලය වෙත අප ගමන් කලේ බොහෝ සෙමිනි …. ‘පාරමී පාඩම් කරන්න ආවාද …’ පුස්ථකාලය ඉදිරියේ හිටගෙන සිටියේ රහල්ය ….ඔහු මග හැර යාමට තැනක් නොවූ නිසා මා මදහසක් මුවගට නගා ගතිමි … ‘ඔව් ….රහල් කොහෙද මෙහෙ …. ‘’ ඔහු සිනාසුනේ දෑසිනි … ‘ලයිබ්‍රි එකට ආවා ..පොතක් ගන්න . ..ඔයාව දැකලා මෙතන නතර උනේ කතා කරලා යන්න ..’ අත තිබු පොත මවෙත පෑ ඔහු මා දෙස බැලුවේ උවමනාවට සැලකිල්ලෙනි … ‘මම ඇතුලට යනවා …උබ වරෙන් …’ අප දෙදෙනාට ඉඩදී ඉදුවරී පුස්ථාකාලය දෙසට ඇවිද ගියාය .. ‘ පාරම් ඇදිලා ගිහිල්ලා හොදටම ‘ ඉවත බලාගෙන උන්නා මිස මට ඔහුට පිළිතුරු බැදීමට උවමනා නොවුනි .. ‘පාරමී මාත් එක්ක තරහා වෙලා වගේ ඉන්නේ එදා මම ඔයාට නොකියාම කොළඹ ආව නිසාද …’ ‘මම තරහා නැහැ රහල් … මම පිට කෙනෙක් …. ඔයා මොකටද මට කියලා ගමන් එන්නේ ‘’ ‘ඔහොම කතා කරන්න එපා බබී …මගේ හිත රිදෙනවා …’ සිනාසෙන දෑස් වේදනාවෙන් පිරෙද්දී ඔහු බිම බලාගත්තේය … බබී …ඔහු මට බබී කීමට පටන්ගත්තේ කෙදිනක සිටද .. සිත සංවේදී වුවේ ඔහු කතා කල අපුරුව නිසාවෙනි … විහාර මහා දේවි උද්‍යානය දෙස සිට පිටතට පැමිණෙන්නන් අතරට දෑස් යොමා උන් මා ඔහු දෙස නොබැලීමට ප්‍රවේශම් උනෙමි …. විශ්වාස කරන්න මගේ හුස්ම හිරවී මිය නොගියා පුදුමය …. හිම්සර ඔහු උද්‍යානයෙන් පිටතට ආවේය … ඒ දැරියක් තරම් පරිස්සමට මින්දුලිගේ අතින් අල්ලාගෙනය .. රිදෙන්න කියා ඉතුරුව තිබුනා නම් හිතේ යම් තැනක් රිදුනේ එතැනය … හිම්සර දුකින් උන්නා නම් ..සිනානොවී උන්නා නම් මට එය සතුටක් වෙනු ඇත ….නමුත් ඔහුගේ මුවේ වූ හසරැල්ල පැවසුවේ ඔහු සතුටින් බවය … පාරේ ඇති විසල් ගලක් අහුලාගෙන ඔහුට ගැසීමට තරම් ආවේගයක් එද්දී මා සිත බොහෝ තැත් කර පාලනය කර ගතිමි .. ‘රහල් ..’ හිම්සර දකින්න පෙර මා රහල්ගේ අතක එල්ලුනේ දෙවරක් නොසිතමිනි …. රහල් පුදුමයෙන් වගේ මාදෙස බැලුවෙත් හිම්සර අපව දුටුවේත් එකම වරය …. යමක් කීමට මුව විවර කල රහල් කියම්දෝ නොකියම්දෝ යැයි සිතාගත නොහැකිව බලා උන්නේය … හිම්සර අපි ‘ හිම්සර ඇවිදින්න ආවාද … ‘’ පළමුවෙන් කතා කලේ මාය … සිනාවෙන් පිරි තිබුණු හිම්සරගේ මුහුණ අදුරුවී යෑමට එතරම් වෙලාවක් ගෙවුනේ නැත .. …. මට උවමනා වුවේ ඔහු මා නමින් වේදනා විදිනු දැකීමටය .. ‘ඔව් ….’ පිළිතුර මා වෙනුවෙන් උවද හිම්සරගේ දෑස් නැවතී තිබුනේ රහල් ලගය … ‘හිම්සර ගර්ල් ෆ්‍රෙන්ඩ්ට දැන් හොදයිද ..’ රවාගත් බැල්මෙන් මා දෙස බලා උන් මින්දුලිගේ අතින් හිම්සර අල්ලාගත්තේ පෙරලි කරනු ඇතයි සිතා විය යුතුය .. ‘දැන් ගොඩක් දුරට හොදයි … ඩොක්ටර් කිව්වා … තව් ටික දවසකින් මේ තත්වේ යටපත් වෙයි කියලා ..’ ‘ඔයා හොදට එයාව බලාගන්නවා නේ …ඉතින් බෙහෙත් මොනවාටද … ’ මා සිනාසුනේ ඕනෑවට වඩා ශබ්ද නගමිනි … හිම්සර මෙන්ම රහල්ද බලා උන්නේ පාරමිට එකවර සිදුවූ විපර්යාශය කුමක්දැයි සිතාගැනීමට නොහැකිව මෙනි … ‘අපි එහෙනම් යන්නම් …’ හිම්සර පයක් පෙරට තැබුවේ මේ නාඩගම දෙස බලා හිදිමෙන් සිත රිදෙන නිසාවෙන් විය යුතුය …. ‘පරිස්සමින් යන්න … ආයෙම දවසක් හම්බ වෙමුකෝ ..’ මා පැවසුවේ අසංවර ස්වරයෙනි … මුළු ලෝකෙම නැතිවූ මිනිසෙකු සේ අසරණ බැල්මකින් මදෙස බැලු හිම්සරගේ දෑසේ කදුළක් දිලිසුවේය … මදකදු අනුකම්පාවක් නැති අයුරින් සිනා පෑ මා රහල්ට බොහෝ සමීප වීමි ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *