~~~~~ආදර පාරමී ~~~~~ 42 කොටස

ඒ රාත්‍රියේ බොහෝ වේලාවක් ගෙවී යනතුරුම තාත්තා නිවසට පැමිණියා නොවේ …. තාත්තා මෙලෙස පරක්කු වී නිවසට පැමිණීමට පටන්ගත්තේ අම්මාගේ මරණයෙන් පසුවය … අම්මාගේ මරණයේ වේදනාව ඔහුගේ හිත තුල නිරන්තරයේ හොල්මන් කරනවා වෙන්න ඇත …. ‘තාත්තා තවම නැහැනේ …’ මංජු අම්මා දම්සාරි දෙස බලමින් හුල්ලන්න වුවාය .. ඇයට තම පෙම්වත් සැමියාගේ මේ වෙනස දරාගැනීමට බොහෝ අපහසු වෙන්න ඇත … ‘තාත්තා දැන් එයි අම්මා …’ මංජු අම්මාගේ උරහිසේ හිස හොවාගෙන දම්සාරි තම මව සනසන්න විය ‘කවදාවත් එයා ඔය විදිහට පරක්කු වෙලා ගෙදර ඇවිල්ලා නැහැ ..’ ‘මේ ඔක්කොම උනේ …අන්න අරයා මේ ගෙදරට ආව නිසා තමා .. බලන්නකෝ රවාගෙන ඉන්න හැටි විතරක් ..’ පාඩම් මේසය මත තබාගත් පොතක් දෙස බලාගෙන උන්නද මගේ සවන් තිබුනේ ඔහුගේ කතාව ලගය….දම්සාරි මට පෙරටත් වඩා වෛර කරනවා විය හැකිය ….එහෙත් ඇය ගැන මගේ සිතෙහි කිසිම කහටක් නොවුනි…. ‘දම්සාරි ඒ ඔයාගේ අක්කා … එයා මොනවා කරන්නද මේ දේවල් වලට් …’ මංජු අම්මා තරවටු කරද්දී දම්සාරි නිහඩ උවාය …. තාත්තා නිවසට ගොඩවූවේ ඊටත් පැය දෙකකට පමණ පසුවය … වැනෙමින් ගෙට ගොඩවෙන තාත්තා දකිද්දී පපුව හෝස් ගා ගිනිගද්දී මා උන් තැනින් නැගිට ඔහු උන් තැනට දිව ගියෙමි ….මා මෙන්ම මංජු අම්මාද දම්සාරිද තවත් මොහොතකින් තාත්තා ලගය … ‘බබී …මට සමාවෙන්න …මම මහා පව්කාරයෙක් මුළු ජීවිතේම මට හිත හදාගන්න බැරිවෙයි ..’ තාත්තා මා ඔහු වෙත ඇදගෙන පපුවට් තුරුළු කරගත්තේය … ඔහු මෙලෙස ජීවිතය විනාස කරගන්නවා බලා සිටිය නොහැකිය ….ඉතින් මා ඔහු දෙස බැලුවේමි …. ‘තාත්තා මට ආදරෙයි නම් මට පොරොන්දුවක් දෙන්න ඕන …’ ‘ඕන දෙයක් ඉල්ලන්න බබී …. ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැහැ .. ‘තාත්තා ආයේ බොන්නේ නැතිව ඉන්න … ඔයා ඔය විදිහට බිලා ඉද්දි මට බලාගෙන ඉන්න අමාරුයි …’ ‘මම කොහොමද බබී හොද සිහියෙන් ඉන්නේ ..මට ඔයාගේ අම්මාව මතක් වෙනවා …මම එයාට කරපු වැරැද්ද මතක් වෙනවා .. ඔක්කොම මගේ වැරදී …. මට ඔයාලාව හරියට බලාගන්න බැරිවුනා … මට පණ වගේ ආදරේ කරන ගැහැනියක් ඉද්දි … මම අතීත ආදරේ හොයාගෙන ගියා ….එතැනදී මම වැරදි … මම ඒ විදිහට මගේ ආදරේ පස්සේ නොගියා නම් රුචිරා එයාගේ ජිවිතේ විනාශ කරගන්නේ නැහැනේද ’ තාත්තා වේදනාවෙන් කියවද්දී මංජු අම්මා අඩාගෙන කාමරයට දිව ගියාය … දම්සාරි මා දෙස බලා උන්නේ දෑසින් ගිනි පිටකරමිනි … ‘තාත්තා ඔය විදිහට කතා කරාම මගේ අම්මාගේ හිත රිදෙනවා …ඔයා මැරිච්ච ගැහැනියක් ගැන බොරුවට හිත හිතා ජීවත්වෙලා ඉන්න මගේ අම්මාට දුක් දෙනවා ..’ දම්සාරි කෑ ගැසුවේ දරාගැනීමට නොහැකිවා මෙනි ‘දම්සාරි කට වහපන් උබ …’ ‘මම දන්නවා තාත්තා අයියටයි මටයි වඩා මේකිට ආදරේ කියලා … මෙකි අපේ හැතිරියක්ද කොහෙද …මගේ තාත්තාව මගෙන් උදුරගත්තාට උබට හොදක් වෙන්නේ නැහැ ..’ හිතට ආ කෝපය වචනවලින් පිටකර දම්සාරි පියගැටපෙල නැග යද්දී මා තාත්තා දෙස බැලුවේ අසරණවූ බැල්මකිනි … ‘තාත්තා ආයේ බොන්න එපා …මේ ගෙදර මිනිස්සු මටයි අම්මාටයි ශාප කරයි …’ මම හෙමිට කියද්දී තාත්තා මගේ හිස පිරිමැද්දේය ‘මම පොරොන්දු වෙන්නම් …මගේ දුවට මං නිසා කාගෙන්වත් මොකුත් අහන්න ඉඩ තියන්නේ නැහැ …’ හිස මත අත තියා තාත්තා පොරොන්දුවක් දුන්නේය … මා කාමරය වෙත ගියේ තාත්තාට කෑම කනතුරුම රැදී සිටීමෙන් අනතුරුවය .. කාමරයේ තිබුනේ බොහෝ අවුල්වය … රෝසි බෝනික්කියගේ කෑලි දසතම විසිර ගොසිනි …. දහ අට වසරක් මගේ තනියට ලගින් උන් අජීවී හිතවතිය .. මේ තරම් කුරිරු වැඩක් කිරීමට මේ නිවසේ දම්සාරි හැර අන් කෙනෙක් නොවෙන බව මා දනිමි … ‘මගේ රෝසි බෝනික්කි …’ බෝනික්කිය කැඩී ගොස් තිබුනේ යලිත් සැකසිය හැකි අයුරින් නම් නොවේ …. අම්මා සදහටම දෑස් පියාගත් දින දැනුනාකාර දුකකින් හිත හිරි වැටෙද්දී මා බෝනික්කියගේ විසිරුණු කොටස් කැබලි එක් කලෙම් .. දම්සාරි ඔය ගත්තේ මගෙන් ගත නොහැකිවූ පලියයි .. ‘මගේ කියන හැම දෙයක්ම මගෙන් ඈතට යනවා … කිසිම සැනසීමක් නැහැ මට… අම්මත් යන්න ගියා දැන් ඔයත් මට නැති උනා … හිමසර එයත් දන්නේ මගේ හිත රිද්දන්න විතරමයි .” දැනුනේ ඇගෙන් කොටසක් ගැලවී ගියාක් මෙන් වූ වේදනාවකි ..එය දරාගත හැකි නම් නොහැකි තරම් රුදුය … හිතේ දුක අහවර යනතුරු අඩාවැටුණා මිස මා කිසිවෙකුට දොස් නොකියා උන්නෙමි … සියල්ල අහිමිවී යෑම මගේ දෛවය නම් එය දරා ගැනීමට මා හුරු විය යුතුමය .. ***** පසු ඉරුදින මා පුස්ථකාලයට යෑමට සුදානම් වුවේ …පාඩම් කිරීමට වඩා මේ නිවසින් මිදී සිටීමට මා ප්‍රිය කල බැවිනි …එදා සිද්දියෙන් පසු මංජු අම්මාද මට මුහුණ දී කතා නොකළාය …. දම්සාරි පවා මා දුටු විට පෙරට වඩා ඔරවන්න ගොරවන්න පටන්ගෙන තිබුණි … ඉතින් නිවසේ ගතකිරීමට මට ටිකෙන් ටික අප්‍රිය වෙන්න පටන්ගෙන තිබුණි .. නිවසේ දොර පාමුලට පැමිණි මා එතනම නතර උනේ ගේට්ටුවෙන් ඇතුල් වූ ඔහු දැකය …මොහොතකට හිතේ ඇතිවූ තිගැස්ම මගේ මුහුණෙන් පිලිබිබු වෙන්න ඇත .. ‘ පාරමී … ’ මා සොයාගෙන නිවසට පැමිණ තිබුනේ රහල්ය … ‘රහල් ඔයා මෙහෙ …’ ‘මම ඔයා හම්බවෙන්න කීප දවසක්ම ඉස්කෝලේ ලගට ආවා … ‘’ ‘මම ස්ටඩි ලිව් මේ දවස් ටිකේ …..’ ‘පාරමී මම ඔයාව හොයාගෙන ආවේ සුභ ආරංචියක් කියන්න …. එක්සෑම් එකෙන් මම උනා … පාස් මුළු ඇකඩමි එකේම ෆර්ස්ට් ප්ලේස් එක හම්බවුනේ මට …. ’ රහල්ගේ මුවේ වූ සිනාව උතුරා යන්න තරම්ය … ‘මට ගොඩක් සතුටුයි රහල් … ’ මා සුභ පැතුවේ මුළු හදිනි … ‘දැන් කොල්ලන්ව ගෙදරටත් ගෙන්න ගන්න පටන්ගත්තාද …’ දොර ලග කතාකරමින් උන් අප දැක දම්සාරි ඇනුම්පදයක් කියමින් එතනින් යන්න ගියාය …. හිත රිදුනත් මා කිසිවක් නොකියා ගෙදරින් එලියට බසිද්දී රහල් ද මගේ පසු පසින් ඇවිද ආවේය … ‘නංගි එහෙම කිව්වේ මම ඔයා හම්බවෙන්න ආපු නිසාද ..’ රහල් ඇසුවේ නිහඩවම බිම බලාගෙන යන මා දැකය ‘මට සමාවෙන පාරමී …’ කතා නොකර පෙරට ඇවිද යන මා පසු පසින් එමින් රහල් සමාව අයැදිය ‘ඔයා සමාව ඉල්ලන්න ඕන නැහැ රහල් …නංගි හැමදාම ඔහොම තමා ..’ ඇසට ආ කදුලක් රහසේම ගලාගෙන ගියේය .. “පාරමී අඩන්න එපා …’ මගේ දෑසේ කදුළු දැක රහල් කලබල වෙන්න ඇත … ‘මම අඩන්නේ නැතිව ඉන්නේ කොහොමද රහල් මට මේ ගෙදර තාත්තයි මල්ලියි හැර කවුරුත්ම කතා කරන්නේ නැහැ … එතකොට හිම්සර එයාත් හැමවෙලේම මාව සැක කරනවා … මට දැන් ඇති වෙලා තියෙන්නේ …’ මම සිහින් සරින් ඉකිබිදිද්දී රහල් බොහෝ දුකින් මා දෙස බලා උන්නේය ‘ඔයා පව් පාරමී … ඔයා ගොඩක් විදවනවා .. මට හිතෙනවා ඉස්සර නුවර ඉද්දි විදෙව්වාට වැඩිය ඔයා විදවනවා කියලා ..’ රහල්ට මට ලංවී මා සනසන්න උවමනා වෙන්න ඇත …එහෙත් ඔහු එසේ නොකළේ කිසිවෙකුගෙන් මට ප්‍රශ්නයක් වෙනු ඇතැයි සිතා විය යුතුය … ‘මම දුක උරුම කරගෙන ඉපදෙන්න ඇති … ඒක මගේ ඉරණම වෙන්න ඇති ’ ‘පාරමී ….. මම කැමැති ඔයාගේ දුක බෙදාගන්න …ඔයාට සතුටක් වෙන්න … ඒත් මම දන්නවා ඔයා කවදාවත් මට ඒකට ඉඩදෙන්නේ නැහැ කියලා .. ‘’ රහල් මා දෙස බලා උන්නේ රහසෙනි .. ‘ඔයා මොනවද රහල් මේ කියන්නේ ..’ ඔහුට මා පවසා ඇත මට හිම්සර හැර අනෙකෙකුට පෙම් කල් නොහැකි බව පැහැදිලිව පැවසුවත් රහල් තවමත් මා ගැන බලාපොරොත්තුවෙන්ද …. ‘ඔව් පාරමී මට ඔයාව අමතක කරන්න බෑ … ’ ‘ ඒ උනාට මට ලංවෙන්න බැහැ … ඔයා යන්න රහල් …මට තනියම යන්න දෙන්න …’ මා රහල් දෙස වරක් බලා ඉදිරියට පා තැබීමි .. ‘පාරමී …. ඔයා මගෙන් කොච්චර ඈත්වෙන්න හැදුවත් ..මම ආදරෙයි කියලා මතක තියාගන්න ..’ රහල් පිටුපා යන මා දෙස බලමින් පවසද්දී නෑසූ කන් ඇතිව ඉදිරියට පියවර තැබුවෙමි …රහල් රාහුලේදී මා වෙනුවෙන් සටන් කරන බව පවසා මටත් රහසින් නුවර හැරදා පැමිණි බව මට කිසිවිටෙක අමතක හැකි නොවේ ..එදා ඔහු මා තනි නොකර මා වෙනුවෙන් රැදී උන්නා නම් සමහර විට මා ඔහුට පෙම් කරන්න පවා තිබුණි .. අතීතය සිහිවී මුවින් සුසුමක් පිටවෙද්දී සියුම් වේදනාවක් ශරීරය පුරා පැතිර යන්න විය .. මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *