~ආදර පාරමී ~~~ 43 කොටස

~~~~~ආදර පාරමී ~~~ 43 කොටස

වේදනවා කාලයත් සමග සමනය වෙමින් තිබුණි ….. සියල්ල යථා තත්වයට පත්වුවත් වරින් වර අම්මා ගැන මතකයේ වේදනාව සුසුමක් ලෙසින් මුවින් පිට නොවුනාද නොවේ .. මගේ ඉල්ලීම පිළිගත් තාත්තා මත්පැන් පානය නොකර උන්නත් ඔහු බොහෝ නිහඩ පුද්ගලයෙක් බවට පත්වුණි …. මංජු අම්මා සියල්ල නිහඩව බලා උන්නා මිස කිසිවෙකුට දොස් නොකිවාය … දම්සාරි තම සුපුරුදු දිවියම ගතකල අතර ඉඩ ලද විගස මගේ සිත රිදවීම ඇගේ සතුට විය …වෙනස් නොවී උන්නේ දම්සිත් මළනුවන් පමණි … ඔහු සැමවිට මා ගැන සොයා බැලීමට අමතක නොකලේමය … රහල් ඔහු වරින් වර මා දැකීමට උත්සහා කලත් මා කලේ ඔහු මග හැරීමය … මගේ එකම එක බැල්මකින් උව රහල් බොහෝ බලාපොරොත්තු තබාගනු ඇත ….ඉතින් මට උවමනා නොවුනි ඔහු වැනි මහත්මා ගති ඇති පිරිමි ලමයෙකුට බොරු බලාපොරොත්තු දීමට …. සති ගානකට පසු මා පාසලට ගියේ උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීමටය ‘පාරමී එක්සෑම් එකෙන් පස්සේ මොනවද කරන්නේ …’ ඉඳුවරි ඇසුවේ විභාග ප්‍රවේශපත්‍රය ගෙන කාර්යාලයෙන් එළියට බසිද්දිය .. ‘තාම හිතුවේ නැහැ ඉංදු …..’ ‘ මම නම් කරන දේවල් ඔක්කොම ප්ලෑන් කරලා තියෙන්නේ …. යන්න ඕන දිහාවල් …කරන්න ඕන දේවල් ලිස්ට් එකක්ම මම අයියාට දුන්නා …’ ඇය සිනාසලන්නේ බොහෝ සතුටිනි … ඉහල පංතියේ නිවසක හැදි වැඩුණු ඇය පවුලේ සියල්ලන්ගේම හුරතලියයි …. සියල්ල සිදුවුවේ ඇයට උවමනා පරිදිය .. ඉතින් මා නොලද සතුට ආදරය ඇයට ලැබීම ගැන මා සිතෙහි කිසිදු ඉර්ශාවක් නොවුනි .. මෙහි පැමිණි දින පටන් ඕ මට මිතුරියක් නැත සොයුරියක් තරමට් ලංව උන්නාය …ඉතින් මා ඇගේ සතුට ලග බොහෝ තුටු උවෙමි .. ‘ ඔයාට නම් ශෝක් … මට නම් හිතාගන්න බෑ එක්සෑම් එකෙන් පස්සේ කොහොමද ගෙදරට වෙලා ඉන්නේ කියලා …’ හිතෙහි වූ ශෝකය නොපෙන්වා මා සිනාවක් පෑවෙමි ‘උබට දුකද පාරමී ….. උබ කැමති නම් එක්සෑම් එකෙන් පස්සේ අපේ ගෙදර වරෙන් … උබ ආවොත් අපිට ජොලියේ ඉන්න පුළුවන් ..’ මගේ මුහුණේ ඇදුණු දුක ඉඳුවරීට සැගවිය නොහැකි විය ‘බලමුකෝ තව දවස් තියෙනවා නේ …’ ‘හරි හරි මම අංකල්ගෙන් පර්මිෂන් ගන්නම්කො ..’ කතාවෙන් කතාව පාසලෙන් පිටව ආ අප දෙදෙනා පෙරට ඇවිද ගියේ අත්වැල් බැදගෙනමය … ‘පාරමී අයිස්ක්‍රීම් කමු .’ ඉඳුවරී අයිස්ක්‍රීම් කඩයකට ගියේ මාවත් ඇදගෙනමය .. අයිස් ක්‍රිම් කඩය පාසල් ළමුන්ගෙන් පිරි ගොසිනි .. විවිධාකාර මුහුණු සහිත ළමයි අතරින් පෙරට ගිය ඉඳුවරී අයිස්ක්‍රීම් දෙකක් ගෙන එනතුරු මා පසෙකින් හිදගෙන බලා උන්නෙමි … ‘ පාරමී …’ බොහෝ ලංව ඇසුණු කටහඩ හිමසරගේය .. ක්‍රීඩක ඇදුමින් සැරසී උන් හිම්සරගේ දාඩියෙන් පිරුණු මුහුණ දෙස බලාගෙනම උන්නා මිසක මා කිසිවක් නොපවසා උන්නෙමි ‘පාරමී මාව මතකද …’ හිම්සර උවමනාවට වඩා මට ලංව උන්නේය ‘ඔයාට මාව මතකද හිම්සර …’ මා පැවසුවේ උවමනාවට වඩා තද ස්වරයෙනි ‘’ඔයාව අමතක වෙන්න මම මැරිලා ඉපදුනේ නෑනේ ..’ ‘ එහෙනම් මෙච්චර දවස් කොහෙද අතුරුදහන් වෙලා හිටියේ …’ ‘ මම ඉන්දියා ගියා මැච් එකකට … සති දෙකකට පස්සේ පෙරේදා ආවේ ..’ ‘ඔයාට තිබ්බේ මට කියලා යන්න …’ ‘මම තරහෙන් හිටියේ ඔයා එක්ක …’ ‘තරහෙන් ඉන්න මම ඔයාට මොනාද කලේ හිම්සර ..’ ‘’ඔයා අරුට ලංවෙලා ඉද්දි මට මාව පාලනය කරගන්න බැරි උනා .. ඔයත් එක්ක පුදුම තරහක් හිතට ආවේ ’ ‘ මම කිව්වා ඔයාට අපි අතර තියන්නේ යාළුකමක් විතරයි තියෙන්නේ කියලා .. ඔයාට තිබ්බේ මාව විශ්වාස කරන්න හිම්සර ’ මා හිම්සර දෙස බලාගෙන කියවද්දී ඔහු මගේ දෑස දෙසම බලා උන්නා මිස කිසිවක්ම නොකීවේය …. ඔහුට වැටහෙන්න ඇත සියල්ලම අසත්‍ය උවද මගේ දෑසේ ඔහු නමින් වන ප්‍රේමය නම් මුසාවක් නොවන බව .. ‘පාරමී මට ඔයාව විතරයි ඕන …… ඔයා තේරුම් ගන්න …. ඔයාගෙන් කොච්චර ඈතට දුවන්න හිතුවත් ආපහු මම ඔයා ලගමයි නවතින්නේ …’ හිමසර මගේ අතක් ගෙන පපුවේ තියා ගත්තේ කිසිවකු දෙස බලමින් උව නොවේ ….. ‘මටත් ඔයාව ඕන හිම්සර ….. මට පිස්සු හැදෙයි ඔයා නැති උනොත් ’ මගේ කුළුදුල් එකම ප්‍රේමය හිම්සරය … ඔහු මොන වැරැද්ද කලද මට ඔහුට සමාව නොදී බැරිය … ඔහුට මා උවමනා කරනවාට වඩා බොහෝ සෙයින් මට ඔහුව ඕන විය … ‘පාරමී අයිස්ක්‍රීම් එක කාලා ඉදපන් මෙන්න දියවෙලා වැක්කෙරෙනවා … ‘’ අයිස්ක්‍රීම් දෙකක් අතින්ගෙන උන් ඉඳුවරී බොහෝ වෙලාවක් අප දෙස බලා ඉන්න ඇත .. ‘ කෝ මට අයිස්ක්‍රීම් නෑද ..’ ඉන්දුවරිගේ අත තිබු අයිස් පලම අතට ගෙන තොල ගාන මා දෙස බලා උන් හිම්සර පැවසුවේ බොහෝ සෙමිනි … ‘ඉන්න මම ගෙනත් දෙන්නම් …’ ඉඳුවරී සැරසුණේ අයිස් පලමක් ගෙන එන්නය … ‘එපා …එපා ..මට ඕන පාරමිගේ අයිස්ක්‍රීම් එකෙන් …’ බොහෝ පෙම්බර ඒ බැල්ම දරාගත නොහි මම ඉවත බැලීමි .. ‘ඊයා අයියෝ මේකේ කෙලත් එක්ක නේ …’ ‘ ම්ම්ම් කමක් නැහැ … ඉතින් … ඔයා මගේ නේ ..’ ‘ඒත් ..’ ‘ඒත් …මේත් නෙවෙයි දෙනවා ඔන්න ඕක මෙහාට ..’ අඩක් කා නිමකළ අයිස් පලම ගෙන ආශාවෙන් තොල ගාන හිම්සර ගැන හිතෙවූ අපැහැදීම කලකිරීම යටව ගොස් ප්‍රේමයෙන් පිරි යද්දී මා බොහෝ දිනකට පසුව සතුටින් සිනා සැලුවේමි … ‘පාරමී හිනාවෙද්දි හරි ලස්සනයි …’ හදවතින්ම සිනාසෙන මගේ හිනාවට වශීවී බලා ඉන්නා හිම්සරගේ දෑසින් මිදී මා දෑස් බිමට පෑමි … ‘ ඒ උනාට පාරමී ඔය විදිහට හිනාවෙන්න ඕන මගේ ඉස්සරහා විතරයි …’ ‘ඒ මොකෝ ….’ ‘ඔයා ඔය විදිහට හිනාවෙද්දි කාට හරි හිතෙයි ඔයාව උස්සගෙන යන්න …’ ‘ අනේ යන්න …’ ‘මේ ඇත්තමයි පාරමී …. ’ ඉන්දුවරිගෙන් සමුගත් මා ඇරලීමට හිම්සර නිවස දක්වාම පැමිණියේය … කෙදිනකටවත් වඩා දොඩමලු වෙන ඔහු ගේ කතා වශී වුවා මෙන් මා අසා උන්නෙමි .. ‘පාරමී ….’ නිවසට යාර ගානකට මෙහායින් නතරවූ හිම්සර සාක්කුවට අත දමා යමක් සෙවුවේය .. කලිසම් සාක්කුවෙන් කුඩා පෙට්ටියක් පිටතට ගත් හිමසර ඉන් පිටතට ගත්තේ රන්මුදුවකි .. ‘හිම්සර ..’ මා දෑස් විසල් කොට බලා උන්නෙමි ‘කෝ ඔය ඇගිල්ල දෙන්න මට …’ ‘ මේක ගත්තේ මම ඉතිරි කරගත්ත සල්ලි වලින් … ඔයා වෙනුවෙන් මට මොකුත්ම අද වෙනකන් දෙන්න බැරිවුනා …. මේක හැමදාම මේ ඇගිල්ලේ තියා ගන්න … මේ මුද්ද දකින හැමවෙලේම ඔයාට මාව මතක් වෙයි …’ අත තිබු රන්මුදුව මගේ අතක් ගෙන ඇගිල්ලකට පැළදු හිම්සර එහි හැඩ බලමින් දෑස් කුඩාකර මා දෙස බැලුවේය …. ඉන් පසුව එම අත මුවට ලංකර සප ගත්තේ පාරේ යන එන කිසිවෙකු ගැන හෝ නොසිතමිනි … ‘හිම්සර මේ පාර …’ මා මුවින් පිටවෙන්න ඇත්තේ සියුම් කෙදිරියකි .. ‘ උස්සගෙන යන්න හිතෙනවා ඔයාව අපේ ගෙදරට .. ‘’ ‘ඒවාට තව කල් තියෙනවා ..’ ‘මට තව ගොඩක් කල් ඉන්න බෑ පාරමී ඔයා එක්සෑම් කරපු ගමන් අපි බදිමු …’ හිම්සර එකවරම පැවසු දේ සත්‍ය දැයි දැනගැනීමට මා ඔහු දෙස විමසිල්ලෙන් බැලීමි .. ‘ මෙච්චර ඉක්මනට …… ගෙදර අය මොනවා නොකියයිද ..’ ‘අපි හොරෙන් බදිමු … ටික කාලෙකට පස්සේ ගෙදරට කියමු ..’ හිම්සරගේ ස්වරය ස්ථිරය … ‘මට බයයි හිම්සර …’ ‘බයවෙන්න එපා මැණික …මම ඔයාව ගොඩක් ආදරෙන් බලාගන්නම් .. ‘ ‘ඔයා මගේ ලග ඉන්නවා නම් මට ඔයා එක්ක මැරෙන්න උනත් එන්න පුළුවන් හිම්සර …’ ‘මම කියලා තියෙනවා නේද මැරෙන කතා මාත් එක්ක බෑ කියලා …ඔයා මාත් එක්ක එන්න ඕන ජිවත් වෙන්න පාරමී . ‘’ හිම්සර බොහෝ දේවල් පවසද්දී මා ඔහු කියන්නක් කිරීමට එකග වීමි .. මින්දුලි ඈ සිහිනොවුනා නොවේ .. මා කලේ අපේ ප්‍රේමය විශ්වාස කිරීම පමණි ….මින්දුලිලා සීයක් ආවත් ආයේ නම් හිමසර කිසිදු එකියකට නොදෙමියි මා එක හිතින් හිතාගත්තෙමි …හිම්සර ලබා ගැනීමට නම් මා මින්පසු කා සමග උවද සටන් කරන්නෙම් …සියල්ල අහිමිවුවද හිම්සරව නම් අහිමිකරගත නොහැකිය … මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *