~~~~ආදර පාරමී ~~~~~44 කොටස
මගේ ජීවිතය හිම්සරගෙන් මුදාගත නොහැකි තරමට මගේ හදවත ඔහු වෙත බද්ධවී තිබුණි … හැම සිතුව්ල්ලකම වුවේ ඔහු පිළිබද හැගීමක්ම පමණකි ….. හැකි සෑම නිමේෂයක හිම්සරව දැක වදනක් හෝ දොඩමළු වීමට මා බොහෝ ප්‍රිය කලෙමි …දුරස් බව දුරුවී අපි නැවත ලංවෙමින් උන්නෙමු .. ‘පාරමී මම නුවර යනවා රගර් මැච් එකකට ..’ විභාගයට තවත් තිබුනේ සතියක් පමණි …විභාග කටයුතු අතපසු කරගෙන තරග වලට සහභාගී වෙන හිම්සර ගැන මගේ සිතේ ඇතිවුවේ අමනාපයකි ..‘ එක්සෑම් එක හොදටම ලංවුනා … හිම්සර ඔයාට නම් කිසිම ගානක් නැහැ එක්සෑම් එකට ලියන්න .. හැමවෙලේම කටේ තියෙන්නේ මැච් එක ගැනමයි ..’ ‘මේ මැච් එක අත අරින්න බෑ පාරමී …. මගේ ජීවිතේම තමා රගර් කියන්නේ ..’ ‘ඒ උනාට ඉගෙනීම අත අරින්න එපා හිම්සර …’ ‘හරි ආච්චි අම්මේ මම එක්සෑම් එකට කොහොම හරි ලියලා පාස් වෙනවා කියලා පොරොන්දු වෙනවා ..’ මා අමනාපයෙන් බව දැක හිම්සර මගේ සිත සැනසුවේය ‘හැබැයි ඔන්න එක්සෑම් අනාගත්තොත් බලාගමුකෝ ..’ ‘ මම දැන් කීවානේ කොහොම හරි ගොඩ යනවා කියලා …දැන් අපි පොඩි ගමනක් යමු ….’’ හිම්සර මගේ අතකින් අල්ලාගෙන ඉස්සර උවේ එලෙස පවසමිනි ..‘කොහෙද යන්නේ …’ ‘හෙට අම්මාගේ බර්ත්ඩේ එක … මට එයාට සාරියක් ගන්න ඕන … සාරි තෝරන්න මට තේරෙන්නේ නැහැ ඒකයි ඔයාව එක්ක යන්නේ …’ හිම්සර නගරයේ තිබු සුපිරි රෙදි සාප්පුවකට ගොඩවුවේ මගේ අතින් අත නොහැරමය .. විවිධාකාර සාරි වලින් යුතුවූ සාප්පුව පුරා ඇවිද අවසන හිම්සරගේ මව වෙනුවෙන් වටිනා සාරියක් තෝරාගෙන මා ඔහු අත තැබීමි.. ‘’මේක නම් අම්මාගේ හිතට අල්ලයි … අම්මා කොහොමත් මේ පාටට කැමති … ’හිම්සර සතුටෙන් සිනාසෙද්දී මට බොහෝ සතුටුය …‘මගේ නැන්දම්මාට කියන්නකෝ ලේලි තෝරලා දුන්නා කියලා …එයා ගොඩක් ආස වෙයි ..’ ‘පාරමී ඇත්තමයි මම අද ඔයා ගැන අම්මාට කියනවා …’ ‘ අම්මා බනියි හිම්සර …’ ‘බයවෙන්න එපා අම්මා එච්චර නපුරු නැහැ …එයා දන්නවා පුතා තෝර ගන්නේ හොදම දේ කියලා ..’ හිම්සර ආදරෙන් බොහෝ ආදරෙන් එලෙස පවසද්දී මා ඔහු දෙස බලා උන්නේ සෙනෙහසිනි …‘පාරමී ඔයත් මොනා හරි ගන්න …’ හිම්සර ඒ බැල්ම එලෙසම රදවාගෙන පැවසුවේය .. සාප්පුව පුරාම ඇත්තේ වටිනාකිමින් අධික ඇදුම් පැළදුම්ය … හිම්සර තවමත් මුදල් උපයන්නෙක් නොවේ …ඉතින් මිල අධික වටිනා ඇදුමක් ගැනීමට මගේ සිත මට ඉඩ නොදුන්නේය ‘මට මෙන්න මේක ඇති … ’ හිම්සරගේ හිත රිදවනු නොහැකි නිසාවෙන් මා තෝරාගත්තේ සේල් යනුවෙන් නම් කර වෙන්කර තිබු කොටසේ තිබු ගවුමකි … ‘මේක හරි යන්නේ නැහැ පාරමී …. බලන්නකෝ ඒක ඔයාට ගැලපෙන්නේ නැහැ …අනික මෙච්චර අඩු ගානකට ඔයාට විකිණෙන්නේ නැති ඇදුමක් අරන් දෙන්න තරම් මම පහතට වැටිලා නැහැ කියලා තේරුම් ගන්න …’ හිම්සර මුහුණ කළු කරගත්තේ මා තෝරා ගත් ගවුම දැකය ..‘මේක හොදයි හිම්සර …ඔයා බොරුවට සල්ලි වියදම් කරන්න එපා…. මම කැමති නැහැ බොරු දේවල් වලට සල්ලි විනාශ කරනවාට ඒ සල්ලි ටික ඉතුරු කරගත්තොත් අනාගතේට ප්‍රයෝජනයක් වෙයි ..’ මා බොහෝ ආදරයෙන් පැහැදිලි කරදුන්නත් හිම්සරගේ මුහුණේ හිනාවක් නැත ..‘ඔයා හිතුවාද මම හිගන්නෙක් කියලා පාරමී .. බයවෙන්න එපා මගේ ලග සල්ලි තියෙනවා …ඔයාට ගවුමක් අරන් දුන්නා කියලා මම සල්ලි විනාශ කරා වෙන්නේ නැහැ …සල්ලි විනාශ කරා වෙන්නේ යාළුවො එක්ක එකතු වෙලා බිලා කාලා නැත්තම් ගැහැණු පස්සේ ගිහින් එහෙම උනා නම් …. ආදරේ කරන කෙල්ලට ගවුමක් ආරන් දුන්නාම සල්ලි විනාශ වෙන්නේ නැහැ ‘’ හිම්සර මා තේරුම් ගත්තේ වැරදියටය.. ඉතින් මා තවත් කිසිවක් කියා ඔහුගේ කෝපය වැඩිනොකර කරන්නකට ඉඩදී බලා උන්නෙමි …‘මේ ගවුම හොදයි …. ඇදලා බලන්න ඇතිද කියලා …’ ගවුම මගේ ඇගට මදක් ලිහිල්ය … සාමාන්‍ය මේ ජාතියේ ගවුම් අදින්න මගේ කිසිදු කැමැත්තක් නැත …‘ආ …. ලස්සනයි ඕක ගමු …’කකුලේ වළලුකර දක්වා දිගු වූ ගවුමෙන් සැරසී උන් මා දෙස බලා බලමින් හිම්සර ඉහටත් උඩින් එයට කැමැත්ත පල කළේය … ‘ අනේ හිම්සර මේක ගොඩක් ලොකුයි වගේ නේ …අනික මේ බිමත් ඇදෙනවා වගේ ’ ‘මොකක්ද ඔයා ඔය කියන්නේ ඕක කොච්චර ලස්සනද … ඔයාට ඕන ඇගට හිරට කොටට කොටේ අදින්නද … එතකොට ඉතින් පාරේ යන කොල්ලෝ එහෙමත් බලනවා නේ …මේ අහන්න පාරමී …මාත් එක්ක ඕවා තියාගන්න එපා හරිද … ‘’ හිම්සර බොහෝ නපුරුවී උන්නේය … ඔහුට උවමනා වෙන්න ඇත්තේ මා රැකීමට යැයි සිතා හිතා හදාගන්න වෙහෙසුනද …හිත බොහෝ රිදෙමින් තිබුණු බව සැබෑවකි ‘මම මේක බිල් කරගෙන එනකන් මෙතැන ඉන්නවා .. අතනට ගියොත් මිරිකිලා මැරෙන්න වෙන්නේ ..’ හිම්සර මා දොරටුව අසල රදවා කැෂියර් එක වෙත ගමන් කරද්දී මා සුසුමක් පිට කලෙමි …හිම්සර මට ආදරේ බව දැන උන්නත් ඔහු මෙලෙස ආත්මාර්ථකාමී ලෙස ආදරය කිරීම ගැන මගේ හිතේ කැමැත්තක් නැත … මොහොතක් දෙකක් මා සාප්පුවේ පිවිසුම් දොර දෙස බලා උන්නේ ඔවැනි කල්පනාවලින් හිත රිදෙද්දිය … එක්වරම ඇස් මානයේ දිස්වූ රුව දිනුකි අක්කගේය …ඇගේ අතකින් අල්ලාගෙන පැමිණි ෂෙහාරා මා දැක මගේ ලගට දිව ආවාය ‘පාරමී අක්කි …ඔයා කොහෙද ආවේ ..’ ‘මම ඇදුම් ගන්න ආවා පැටියෝ ..ඔයා ගොඩ දවසකින් දැක්කේ …’ මම ෂෙහාරා වෙත පාත්වී ඇගේ නළල මත හාදුවක් තැබුවෙමි .. ‘පාරමී අක්කි නිකන්වත් කෝල් එකක් දෙනවා කියලද නේද ෂෙහා ..’ දිනුකි අක්කා සිනාසෙමින් මා අසල නතර වුවේ එලෙස පවසමිනි .. මම ලැජ්ජාවෙන් සිනාසුනා විනා ඇයට පිළිතුරු බදින්න නොගියෙමි ..‘අක්කලා දැන් කොළඹද ආවාද ..’ ‘අපි දැන් ඉන්නේ නුගේගොඩ … අයියාගේ මාරුව ලැබුනා නංගී ..’ මහිල් අයියා ලගදීම කොළඹ පදිංචියට එන්නේ යැයි රහල් පැවසු බව මට සිහිවුවේ එවිටය …‘අක්කලා තනියමද ආවේ … කෝ අයියා ..’ ‘අයියා අද වැඩ රහල් මල්ලි එක්ක ආවේ …මල්ලි කාර් එක පාර්ක් කරන්න ගියා දැන් එයි ..’ දිනුකි අක්කා එලෙස පවසා මුව වසන්න වුවේ නැත රහල් පිවිසුම් දොර මානයේ දිස්විය …මා දැක පුදුමයෙන් දෑස් විසල් කරගත් රහල් සිනාවක් මුවට නගා ගන්න වෑයම් කරනවා මම දුටුමි ….‘පාරමී ඇදුම් ගන්න ආවාද …’ රහල් කතා කරේ වේදනාව පිරුණු බැල්මකින් මුව සරසාගෙනය ..‘අපි අර පැත්තට ගිහින් එන්නම් යාළුවො දෙන්නා කතාකර කර ඉන්නකෝ ..’ දිනුකි අක්කා ෂෙහාරා සමග ළමා ඇදුම් ප්‍රදර්ශනය කර ඇති කොටසට යද්දී මා රහල් දෙස බලා මද සිනාවක් නැගුවෙමි ..‘ඔව් රහල් කොහොමද … ’ ‘ම්ම්ම් නරකක් නැහැ බබී … ඇමරිකා යන්න වෙලා මට …අපේ ඇකඩමි එකෙන් යවන්නේ කෝස් එකකට …’‘කොච්චර කාලෙකටද ..’ ‘අවුරුද්දකට …’ රහල් ලංකාවෙන් යන එක ගැන මා දුක්විය යුතු නොවුනද නොදන්නා වේදනාවකින් මගේ සිත ඔත්පල වෙන්නාක් මෙනි මට දැනුනේ .. ‘පාරමී …යමුද …’ හිම්සර පැමිණියේ ඔය මොහොතේය .. ඔහු රහල්ව දකින්න ඇත්තේ මදක් පමාවය ‘මෙයා මොකද මෙතන … ‘’ හිම්සරගේ බැල්මේ උවේ සැකයකි … රහල් දෙස බලා උන් එම බැල්මම මා දෙසට පෑ හිම්සරගේ දෑසේ උවේ මා පිළිබද සැකයකි … ‘මේ ….මේ …රහල් …’ මම වදන් ගලපා ගත නොහි ගොත ගැසුවෙමි ..‘උබ කීවාද මූට හම්බවෙන්න මෙතෙන්ට එන්න කියලා ..’ හිම්සර බොහෝ කෝපගෙන උන්නේ කිසිවක් සොයා බලා නොවේ ඔහුම පැනයක් විමසා ඔහුම පිළිතුරු සපයාගෙන නිදොස් මට ඔහු කරන මේ චෝදනාව සාධාරණ නොවේ ‘හිම්සර මෙතන බොරුවට කෑ ගහන්න එපා …අර මිනිස්සුත් බලනවා ..’ හිම්සර සන්සුන් කිරීමට උවමනා වුවද ඉන් සිදුවුවේ ඔහු වඩ වඩාත් කෝප වීමය ..‘රහල් මම උබට කිව්වා ….. උබ ඇවිත් අපේ පවුල කඩන්න එපා … ’ හිම්සර දත්මිටි කමින් රහල් වෙත කඩාගෙන පැන්නේය .. ‘හිම්සර නිකන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා .. මෙතන වැරදි දෙයක් වෙලා නැහැ ..’ ‘එතොකොට උබ මගේ ගෑනි හොයාගෙන එන එක මම පො %%## වගේ ඉවසගෙන ඉන්න ඕනිද ..’ ‘හිම්සර අපි අහම්බෙන් හම්බවුනේ …. අනික බබී තාම උබේ ගෑනි උනෙත් නැහැනේ ..’ ‘බබී …මොන අයිතියක්ද උබ පාරමිට බබී කියන්නේ …
මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා …උබට මම ..’ හිම්සර අත තිබු ඇදුම් බෑගය බිම දමා රහල් දෙසට පනිද්දී මා බලා උන්නේ සිදුවන දේ ගැන සිතාගැනීමට නොහැකිවය …හිම්සරගේ අතට අහුවු රහල්ගේ හිස ටයිල් පොලවේ කීපවරක් වදිද්දී ඔහුගේ ලෙයින් පොළව තෙත් විය … ‘හිම්සර ඕක නවත්තන්න …’ කතා කරන්න සිහිවූ හැටියේම මා කලේ කෑ ගැසීමය ….දෙනෝ දාහක් අප වටා රැස්වෙන්න ඇත …මා උමතු වූ එකියක් ලෙස කෑ ගසද්දී හිම්සර නොවේ පහරදීම නැවැත්තුවේ …‘’හිම්සර ඔයා තිරිසනෙක් අත අරින්න … රහල් ව අත අරින්න…’ ‘උබ මේකාගේ කව්ද ඔච්චර රිදෙන්න …. කට වහගනින් ….’ හිම්සරගේ දෑසේ වූ වියරුවකි … මට බිය සිතුනේ රහල් මියයයි කියාය … එසේ උවොත් සිදුවන දේ සිතාගැනීමට හෝ නොහැකිය ‘මම රහල්ට ආදරෙයි ….. එයාට මොනවා හරි උනොත් මගෙන් කිසිම දවසක ඔයාට සමාවක් නැහැ ‘’ මා කියුවේ සිතේවූ දෙයක් නම් නොවේ ….. හිම්සරගේ දෑතට මැදිව තිබු රහල්ගේ හිස ඔහුත් නොදැනීම ලිහිල්ව අත ඇරෙද්දි මුවත් විවර කොටගෙන හිම්සර මා දෙසම බලා උන්නේ පුදුමයෙනි … ‘රහල් මල්ලි මේ මොකද උනේ …කවුරු හරි මෙයාව හෝස්පිටල් ගෙනියන්න උදව් කරන්න ..’’ දිනුකි අක්කා එතැනට එනවිට සියල්ල සිදුවී හමාරය .. කිසිවෙකු විසින් රහල්ව ඔසවාගෙන යද්දී මා ඔහේ බලා උන්නෙමි … ‘මෙන්න මුව පොලිසියට භාර දෙන්න …මුන්ට තරුණ විසේ ගහලා තැනක් බලන්නේ නැතිව රණ්ඩු කරනවා …’ වෙළද සැලේ ප්‍රධානියා පැමිණ හිම්සරව ආරක්ෂක නිලධාරින්ට භාර දෙද්දී මා හිත ගල් කරගෙන බලා උන්නෙම් … හිම්සරගේ දෑසේ වූවේ මා පිළබද පිලිකුලකි ….‘මිස් මේ බෑග්ස් ඔයාගේද ..’ වෙළදසැලේ සේවකයෙකු විසින් මට ලබාදුන්නේ හිම්සරගේ බෑගයයි … අසිහියෙන් මෙන් උන් මට සිදුවූ සියල්ල නිසියාකාරව පැහැදිලි වුවේ එවිටය … හිතේ ගැබුරුම තැනකින් පටන්ගත් වේදනාවක් මුළු ශරීරය පුරාම පැතිර යද්දී හිම්සර නමින් ඉනු කදුලක් දෑසින් ගලා විත් කම්මුල මතට වැටුනේය .. හිම්සර මේ සියල්ල සිදුකලේ මා නිසාවෙනි …ඔහු ගැන උපන් අප්‍රමාන වේදනාවක් මගේ හිත බොහෝ රිදෙව්වේය .. ඉතින් ආයේ නම් හිම්සර කෙදිනකවත් මා දැකීමට නොයෙනු ඇති …ඔහු සිතනු ඇත්තේ මා චපල කෙල්ලක කියාය … මට හිම්සර නැතිව බැරිය …. මගේ හදවත සොයන්නේ ඔහුම ඔහුගේ ආදරයම පමණකි .. සිදුවුවේ මහා වරදකි …හිම්සර අකැමැති නිසාවෙන් මට තිබුනේ රහල් හා කතා නොකර මග ඇරීමටය … සිදුවුවේ මිතුරාත් පෙම්වතාත් දෙදෙනාම මට අහිමි වී යාමය හිම්සර සමගින් මා මැවූ සිහින සියල්ල මගේ දෙපා මුලම කඩාගෙන වැටේ යැයි බියෙන් සිත ඔත්පල වෙද්දී මා ප්‍රාණය අහිමිවූ එකියක ලෙස ඉදිරියට පිය මැන්නෙමි … මතු සම්බන්දයි