~~~ආදර පාරමී ~~~~ 45

කොටස ‘බබී ඇයි මේ කාමරෙන් එළියට බහින්නේ නැතිව ඉන්නේ …’ තාත්තා මා සොයා ආවේ දින ගානක් මා නොදුටු නිසා විය යුතුය .. තාත්තා මට බෙහෙවින් ආදරය කල බව මා දනිමි …. මේ ලෝකේ මට සෙනෙහෙ පානා කිසිවෙකු වේ නම් ඒ ඔහුම විය හැකිය .. ‘පාඩම් කරනවා තාත්තා ..’ මම කිවේ බොරුවක් බව මගේ දෑසේ වූ බැල්මෙන් තාත්තා වටහා ගන්න ඇත .. ‘බබී කියන්න ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද ..’ හිස් දෑසින් බලා ඉන්නා මා දැක තාත්තාගේ මුහුණට ආවේ බියකි ‘මට ගොඩක් දුකයි තාත්තා ..’ ‘ඔන්න දැන් අඩන්න ගත්තා ..ඔය ඇඩිල්ල නවත්තලා …. කියන්න මට දුක් වෙන්න කාරණේ …’ මා අසලට විත් තාත්තා මගේ හිස අතගෑවේ ආදරයෙනි …. කිසිදිනක අම්මා උව මා ගැන මෙලෙස සොයා බලා ආදරයෙන් කතා කර නැත …. මට තාත්තා ගැන දැනුනේ අප්‍රමාණ ආදරයකි ‘තාත්තා … ’ මට ඇඩුනේ තාත්තාගේ ඒ දරාගන්න බැරි සෙනෙහෙස නිසාමය ‘කියන්න බබී ඔයාට මොකද වෙලා තියෙන්නේ …’ තවත් නම් තාත්තාට කිසිවක් සගවා පලක් නැත … ඉතින් මා ඔහුට සියල්ල කීමට සිතා ගත්තෙමි .. ‘තාත්තා මම පිරිමි ළමයෙක්ට ආදරේ කරනවා …’ මගේ මුවින් ඒ වචන කීපය පිටවෙන්න විනාඩි ගානක් ගතවෙන්න ඇත .. ‘බබී .. ඔය වයසේදී කොල්ලෝ කෙල්ලෝ ආදරේ කරන්න ඕන …මාත් ආදරේ කරලා තියෙනවා …හැබැයි වැරදි විදිහට හැසිරෙන්නේ නැතිව …. ඔයාගේ එක්සෑම් එක ඉවර වෙලා පිරිමි ළමයාගේ ගෙදරට ගිහින් මේ ගැන කතා කරමු ’ තාත්තා ලෝකය දෙස බලන්නේ කොතරම් පුළුල් ආකාරයෙන්ද … මෙතරම් හොද තාත්තා කෙනෙක් ලැබීම කොතරම් වාසනාවක්ද … ‘ඔව් තාත්තා මම එයාට ගොඩක් ආදරේ … මට එයාව ඕන ..’ මම සිනාසුනේ දිනගානකට පසුවය … හිතේ තිබු බිය කොහේ ගියාද නැත … ‘ඔයාගේ එක හිනාවක් වෙනුවෙන් මට මේ ලෝකේ තියෙන ඕන දෙයක් ගෙනත් දෙන්න පුළුවන් මගේ දුවේ ..’ තාත්තා …. තාත්තා යනු දරුවෙකුට මිහිපිට දෙවියෙකුට සමානය ..මගේ තාත්තාද දෙවියෙකි ….. දරුවන්ගේ දුක ලග හඩන …. සතුට ලගදී සිනාසලන මගේ තාත්තා සැබවින්ම දෙවියෙකි .. මට සිතුනේ එලෙසිනි … ***** හිම්සරගේ ජංගම දුරකථනයට කොතරම් ඇමතුම් ප්‍රමාණයක් ගත්තද සැමවිටම ලැබුණු ප්‍රතිචාරය උනේ ප්‍රතිචාරයක් නොමැත යනුවෙනි …සිත බියෙන් සැලෙන්න වුවේ එවිටය … හිම්සර ගැන කිසිවක්ම නොදැන මට හුස්මක් උව ගැනීමට නොහැකිය .. එදා සිද්දියෙන් පසු සිදුවූ කිසිවක් මා නොදන්නෙමි …රහල් ගැන සෙවිය යුතු උවද එයට මගේ සිත ඉඩ නොදුන්නේය .. ‘ඉඳුවරී ….’ මා ඉඳුවරී ඇමතුවේ කිසිවක් කර කියාගත නොහැකිම මොහොතකය …. ‘අද නම් වහියි වගේ පාරමිට මාව මතක් වෙලා නේ ’ ඉඳුවරී විහිළුවක් කලද පෙරලා විහිළුවක් කිරීමට තරම් මගේ හිතේ සැනසීමක් නොවිය … ‘ඉංදු මට උබෙන් උදව්වක් ඕනේ .. ’ ‘ මොකක් කියපන් …’ ඉඳුවරී මගේ කටහඩේ වූ වේදනාව හදුනාගන්න ඇත … ‘හිම්සර ගැන කිසිම ආරංචියක් නැහැ …. පුළුවන් නම් මොකද උනේ කියලා හොයලා කියපන් ….’ ‘ඇයි උබලා රණ්ඩු උනාද ..’ ‘ එදා ලොකු කේස් එකක් උනා …’ සිදුවූ සියල්ල කෙටියෙන් පැහැදිලි කල මා ඇගෙන් ඉල්ලා සිටියේ හිම්සර පිළිබද තොරතුරක් හැකි විගස සොයා දෙන ලෙසය … ‘උබ කලබල වෙන්නේ නැතිව හිටපන් ..ඉසිපතනෙ රගර් ගහන අපේ මල්ලි කෙනෙක් ඉන්නවා මම හොයලා බලන්නම් ..’ ඉඳුවරී දුරකථනය තැබුවේ හිම්සර පිළිබද කිසියම් තොතුරක් දැනගෙන හැකි විගස ඇමතුමක් දෙන පොරොන්දුව පිටය මා කාලය ගෙවුවේ දුරකථනය දෙසටම සවන් යොමාගෙනය …. කිසියම් මොහොතක ඉන්දුවරිගේ ඇමතුම ලැබෙනු ඇත …. එතෙක් මගේ සිත සනසා ගැනීමට නම් නොහැකිය .. ‘’පාරමී …කෝල් එකක් …’ මා බලාපොරොත්තු වූ ඇමතුම ලැබුනේ පැය ගානකට පසුවය … ‘හෙලෝ …’ රිසීවර් එක තදින් අල්ලාගෙන මා එහා පසට කන් දුන්නෙම් ‘හෙලෝ පාරමී .. ’ ‘මොකද වෙලා තියෙන්නේ ඉන්දු ..’ ‘උබ කලබල වෙන්න එපා මේ දේවල් අහලා ..’ ‘ප්‍රොමිස් කියපන් මොකද වෙලා තියෙන්නේ කියලා ..’ ‘මට ආරන්චි උන විදිහට …එදා රන්ඩුවේදී රහල්ට ගොඩක් damege වෙලා .. … පොලිසියෙන් හිම්සරව හොයනවාලු රිමාන්ඩ් කරන්න …. ඒ උනාට හිම්සර හැංගිලාලු ….ඇත්තමයි මට පුදුමයි පාරමී …ඔච්චර ලග හිටපු උබව සාක්ෂියක් ගන්නවත් පොලිසියට ගෙන්නව්වේ නැති එකට ..’ ‘මගේ හිම්සර දැන් කොහේ ඇතිද ඉන්දු …’ මම සියුම් ලෙස ඉක්බින්දෙමි .. ‘ ඒක තමා ප්‍රශ්නේ … අපි ටිකක් හොයලා බලමු …උබ පිස්සියක් වෙන්නේ නැතිව හිටපන් ..’ ඉඳුවරී මා සැනසීමට වෙර දැරුවද මට සිත සනසාගත නොහැකිය ..හිම්සර ගැන කිසිවක් නොදැන මගේ හිතේ වූ ගින්න නොනිවෙන බව මා දැන උන්නෙමි … ‘ දුර දිග සිතන්න මට උවමනා නොවුනි ..අතට අහුවුණ ඩෙනිමකට ටීෂර්ට් එකක් දාගත් මා කිසිවකුට නොකියා පාරට බැස්සේ හිම්සර ගැන කිසිවක් නොදැන නැවත නොඑමි යන අදිටනිනි .. ***** පාසල් අවසන් වෙන වෙලාව බැවින් පාර පුරා ළමුන්ගෙන් පිරි පැවතුනි … …මා ඉසිපතනය පෙනෙන මානේ සිට බලා උන්නේ හිම්සරගේ මිතුරෙකුගෙන් හෝ ඔහු පිළිබද විමසා දැනගැනීමටය … පිරිමි පාසලක් අසල රැදී සිටින ගැහැණු ලමයෙකුට පිරිමි ළමුන්ගේ ප්‍රතිචාර වැඩිය …පාර දිගේ ඇවිද ආ පිරිමි ළමෝ හැමකෙකුගේම පාහේ දෑස් මා ලග මොහොතකට නවතිද්දී මා කිසිවක් නොදන්නා ආකාරයෙන් බලා උන්නෙමි ‘ඔයා හිම්සරගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද …’ හිම්සරගේ මිතුරෙකු මා දැක තිබුණි ‘ආ ..ඔව් ඔයා කව්ද ..’ පිරිමි ලමයාගේ පෙනුම බොහෝ සංවරය …ඉතින් මට ඔහු හා කතාකිරීමට කිසිදු පැකිලීමක් නොවුනි … ‘මම හිම්සරගේ යාලුවෙක් …. දිමුත් ’ දිමුත් ඔහු හදුන්වා දෙද්දී මා මද සිනාවක් පෑම් ‘දිමුත් …. හිම්සර එයාට කොහොමද ..එයා ගැන කිසිම ආරංචියක් දැනගන්න නැහැනේ …’ ‘ඔයා දන්නවා ඇතිනේ සිද්ද උන දේ …පොලිසියෙන් මුව හොයනවා කියලා මේකා පිස්සා වගේ හැංගි හැංගි ඉන්නවා … ඒ වෙලාවේ ඔච්චර දරුණු උනාට ඔයා දන්නවා නේ හිම්සර කියන්නේ ගොඩක් සංවේදී පිරිමි ළමයෙක් කියලා ..පොළිසියට ගිහින් කට උත්තරයක් දුන්නා නම් මේ සිද්දිය දැනටමත් ඉවරයි … අර පිරිමි ළමයා හිම්සරට විරුද්ධව මොකුත් කියලා නැහැ … ෂොප් එකේ අයිතිකාරයා තමා හිම්සරට විරුද්ධව සාක්ෂි දීලා තියෙන්නේ ..’ රහල් ඔහු සැබවින්ම මහත්මාගති ඇත්තෙකි … මෙතරම් නපුරුකම් කල හිම්සරටද ඔහු සමාව දී ඇත … හිම්සරට තිබුනේ පොලිසියට ගොස් කට උත්තරයක් දීමටය … හිම්සර ගැන සියුම් කෝපයක් ඉස්මතු වීමට දගලද්දී මා එය යටපත් කර ගත්තෙමි .. ‘දිමුත් … මට හිම්සරව බලන්න ඕන …ඔයා දන්නවාද එයා ඉන්න තැනක් …’ ‘ඉන්න තැන නම් දන්නවා …ඒත් ඔයා ගොඩක් අවුල් වෙයි ….’ ‘මට තැන කියන්න …මම හොයාගෙන යන්නම් …ලොකු උදව්වක් ..’ මට උවමනා වුවේ හිම්සර හමුවී කරුණු පැහැදිලි කර දීමටය … රහල්ගෙන් සමාව ගන්නා ලෙසට පැවසීමටය .. ‘මෙන්න මේ ඇඩ්රස් එකට යන්න … ’ දිමුත් කොලයක සටහන්කර දුන් ලිපිනයේ වුවේ මහරගම ලිපිනයකි …. ‘තැන්ක්යූ දිමුත් කරපු උදව්ව අමතක කරන්නේ නැහැ මම ..’ ස්තුතිපුර්වක බැල්මක් හෙලා මා පාරට බැස්සේ කෙලෙස හෝ හිම්සර මුණගැසෙම් යන අදිටනිනි … දිමුත් ලියාදුන් ලිපිනය තිබුනේ තට්ටු ගෙවල් පෙලකය නිවෙස් වල අංකයන් පරික්ෂා කරමින් මා ඉදිරියට ඇවිද ගියෙමි …. අවසානයේ සෙවූ නිවස මා දෑස් ඉදිරියේ විය ….. ගැහෙන ලයේ හඩ පිටතට ඇසෙන තරමට වැඩිවෙද්දී මා නිවසේ විදුලි සිනුව නාද කලෙමි … වරක් දෙවරක් සීනුව එක දිගට නාද කල පසු නිවසේ දොර විවර වී එතුලින් එළියට එබුනේ මා හොදින්ම දැක පුරුදු මුහුණකි …මින්දුලි ඒ ඇයයි .. පපුව හිර උවාක් මෙන් දැනෙද්දී මා අවසරයකින් තොරවම ඒ නිවසට ඇතුළු වූවෙමි .. ‘ කෝ මගේ හිම්සර …’ ඇගේ මුවේ වූ සමච්චල් සිනාව ගණන් නොගෙන මා වටපිට බැලීමි … හිම්සරගේ සාලේ පසෙක තබා තිබු සපත්තු යුවල හිම්සරගේය …ඉතින් මට සහතිකය ඔහු මෙහි වෙන බව ‘මෙහෙ ඇති හිම්සර කෙනෙක් නැහැ ..’ ඇගේ පිස්සුව හොදවී ගොසිනි … මින්දුලි කලේ රගපෑමක්ද මගේ සිතේ සිතේ ඈ පිළිබද ඇතිවූ කලකිරීමෙන් මා ඇය දෙස බැලීමි ‘එතකොට මේ සපත්තු දෙක …ඒක හිම්සරගේ නෙවෙයිද ..’ ඇය තවත් කිසිවක් කීමට පෙර මා නිවසේ කාමරයක් කාමරයක් ගානේ ගියෙමි … හිම්සර උන්නේය … අසිහියෙන් මෙන් යහන උඩ වැටි උන් ඔහු වෙතින් හමා ආවේ මත්පැන් ගදකි .. යන්න එපා කියා මින්දුලි කෑ ගහද්දි මා අඩියට දෙකට ඔහු වෙත ලන්වුනෙමි …

. මුහුණ පුරා වැවී ගොස් තිබුණු රැවුල නිසා ඔහුගේ මුහුණේ කිසිදු හිඩැසක් නොවුනි .. ‘හිම්සර …. හිම්සර … ඇයි දෙවියනේ මේ විදිහට විනාෂ වෙන්නේ …. ඇයි රත්තරන් මේ විදිහට මට දුක් දෙන්නේ …’ මගේ දෑසින් ගලා ගිය කදුළු වලින් හිම්සරගේ මුහුණ තෙත් වෙන්න ඇත .. ‘’පාරමී ..පාරමී …මගේ පාරමී … ඔයා ආවාද ….මම ඔයාට කොච්චර ආදරේද කියලා දන්නවාද ’ මද වෙලාවක් අසිහියෙන් මා දෙස බලා උන් හිම්සර කදුළු සලන්න විය … මා කලේ ඔහුගේ මුහුණ මගේ ලය මත හොවා ගැනීමය … ‘ඇයි හිම්සර මට ආදරෙයි නම් ඔයා මේ විදිහට එක එක ගෙවල් වල ඇවිත් වැටිලා ඉන්නේ … මට කොච්චර දුකද දන්නවාද …’ ‘ඔයා මට ආදරේ නැහැ පාරමී …ඔයා කවදාවත් මට ආදරේ කරලා නැහැ ..ආදරේ නම් කව්ද අර රහල් කියන මිනිහා එක්ක ඔයා සම්බන්ධකම් තියාගන්නේ නැහැ ..’ හිම්සර දෙඩවුවේ හොද සිහියෙන් නම් නොවේ …ඉතින් ඔහුට කරුණු පැහැදිලි කළා කියා ඔහු එය වටහා නොගනු ඇත … මගේ ලය මත මුහුණ හොවාගෙන උන් හිම්සරට නින්ද යන්න ඇත … ‘ඔයා යන්න අක්කි ..හිම්සර අයියා මගේ …ඇයි ඔයා ඇවිත් එයාව මගෙන් උදුර ගන්න හදන්නේ ..’ දොර තිරය අල්ලාගෙන කාමරයට එබුනු මින්දුලීගේ දෑසේ කදුලකි .. ‘මින්දුලි එයා ඔයාට ආදරේ නැහැ ..’ ‘ඒ උනාට මම එයාට ආදරෙයි …. එයා කාලෙත් එක්ක මට ආදරේ කරයි ..’ ‘එහෙම වෙන්නේ නැහැ …හිම්සර ආදරේ කරන්නේ මට විතරයි ..’ ‘අක්කි ඔයාට නම් අර අයියා රහල් ඉන්නවා ..මට ඉන්නේ හිම්සර විතරයි …. අපි හරි දුප්පත් අක්කි …තාත්තිත් නැහැ …. අම්මි විතරයි මට ඉන්නේ … හිම්සර අයියා තමා අපිට උදව් කරන්නේ …මම අසනීප වෙලා ඉද්දිත් එයා මට කරපු උදව් අනන්තයි …. හිම්සර දෙවියෙක් වගේ කොල්ලෙක් ..එයා නිසා තමා මම අද මේ තත්වෙන් ඉන්නේ …නැත්තම් මම අංගොඩ ඉදිවී … … එයාට මට දෙන්න බැරි දෙයක් තිබ්බේ නැහැ …ඒත් හිම්සර අයියා කවදාවත් මගෙන් වැරදි දෙයක් ඉල්ලලා නැහැ …. හැම වෙලේම ඔයා ගැන කියෙව්වේ … එයා ඔයාට ආදරෙයි තමා … ඒත් මම ඔයා කරනවාට වැඩිය එයාට ආදරෙයි …. මට හිම්සරව දෙන්න …. මට එයා නැතිව ඉන්න බැරිවෙයි අක්කි ..’ මින්දුලි දණින් වැටි අඩා වැටෙද්දී මට දැනුනේ මගේ මුළු ලෝකයම ඇය ඉදිරියේ කඩා වැටුනා මෙනි .. හිම්සරගේ දඩබ්බර කම් …. නපුරුකම් සියල්ල මා වෙත බැදී අනුපමේය ප්‍රේමය නිසාවෙනි …. එතරම් මට ආදරය කරන හිම්සරව මා වෙන එකියකට දී හිත හදාගන්නේ කෙලෙසද ..

මතු සම්බන්ධයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *