~~~~~ ආදර පාරමී ~~~~~ 47 කොටස

ලය තුලින් පැමිණි තදබල කැපුම් වේදනාවත් සමග දෑස් ඇරියේ කොතරම් කාලයකින්ද කියා මම නොදැන උන්නෙමි …. මා වැතිරී උන් යහනට ඉහලින් එල්ලෙමින් තිබුණු ලේ පිරුණු බෝතලය තුලින් ගලාගෙන ආ ලේ බිදු නලයක් දිගේ විත් කැනියුලාව හරහා ශරීරය තුලට ඇතුළු වෙමින් තිබුණි …මද වෙලාවකින් මට වැටහුනේ මා තවමත් ජිවතුන් අතරබවයි … සිදුවුවේ කුමක්දැයි සිහිකිරීමට මා වෙහෙස ගත්තත් හිම්සර මා ඔසවාගෙන පියගැටපෙළ බැස එනවා පමණි මගේ මතකයේ වුවේ … ‘හිම්සර …හිම්සර ..’ මගේ මතකයට නැගුනු පළමු සිතුවිල්ල ඔහුය … මට උවමනා වුවේ හිම්සර සොයාගෙන ගොස් ඔහු වැළදගැනීමටය … මදක් උත්සහ කර යහන මත අසුන්ගත් මට බිමට පය තැබීමට අවසර නොවිය ‘ඔය පේෂන්ට් …මොකද ඔය නැගිටින්න යන්නේ … ආයෙම හාන්සි වෙන්න තුවාල වල මැහුම් ගැලවෙයි . ’ මගේ ගමන නැවතුනේ හෙදියකගේ කෑ ගැසීම නිසාය .. ‘මට යන්න දෙන්න …මගේ හිම්සර කොහෙද ඉන්නේ … එයාව බලන්න ඕන ..’ මා කලේ කෙදිරි ගෑමකි …කෑ ගැසීමට තරම් මට සවියක් වුවේ නැත ….. ‘සිහිය ආවා විතරයි කොහේ යන්නද … හෙලවෙන්නවත් එපා … දන්නවද කි දවසකින්ද ඔයාට සිහිය ආවේ කියලා …හරියටම දවස් තුනකට පස්සේ … ඔයා මෙහෙට ගේද්දී හොදටම ලේ ගිහිල්ලා අමාරු වෙලා හිටියේ .. ..අපිටම පුදුමයි ඔයාව මේ තත්වෙන් බේරාගන්න පුළුවන් උන එක …කරුණාකරලා දගලන්නේ නැතිව ඉන්න ..’ හෙදියගේ වදන් තියුණු වදන් හමුවේ මා නිහඩවම යහනට ගොඩ වූවෙමි .. මදක් හෝ සෙලවුණු විට ලය තුලින් එන කැපුම් තුවාල වේදනාව දරාගත නොහැකි තරම්ය .. ‘ආ … කෙල්ලට සිහිය ඇවිල්ලා තියෙන්නේ ………කොහොමද ඔයාට ගොඩක් රිදෙනවාද පපුව ’ වෛද්‍යවරියක් පැමිණ පරික්ෂා කරන තුරුම ඉන්පසුව මා යහනෙන් සෙලෙවුනා හෝ නොවේ .. ‘ඔව් ඩොක්ටර් ඒ වේදනාව කියාගන්න තේරෙන්නේ නැහැ ….’ ‘හොද වෙලාවට පිහි පාර ගොඩක් යටට ගිහිල්ලා නැහැ දරුවෝ … ඔයාව බේරලා තියෙන්නේ දෙවියෝ ….’ ‘ඩොක්ටර් මගේ ගෙදර අය බලන්න ඕන මට …’ ‘වැඩිය කතාකරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා නම් මම ඔයාට එයාලාව හම්බවෙන්න දෙන්නම් …’ ‘මම කතාකරන්නේ නැහැ ඩොක්ටර් මට එයාලාව බලන්න දෙන්න ..’ වේදනානාශක ඔසුවක් ලබාදුන් වෛද්‍යවරිය පිටවී ගියපසු නැවත කාමරයේ දොර විවරවී එයින් ඇතුළු වුවේ තාත්තාය … රතුවී ඉදිමි දෑස් කියා පෑවේ ඔහු දින ගානක් එක දිගට නිදි මැරූ බවකි …. කිසිවක් නොකියා මා අසලට විත් හිස පිරිමැද්දා විනා ඔහුට කතාකිරිමටදු සවියක් නොවෙන්න ඇත .. ‘තාත්තා …’ පළමුවෙන් කතාකලේ මාය ‘බබී
මොනවද මේ කරගත්තේ ..’ ‘මම හිතලා කරගත්තේ නැහැ තාත්තා …. ‘’ ‘මම දන්නවා බබී …’ විසල් පපුවට මා හිස තුරුළු කරගෙන උන්නා විනා මගෙන් සමුගන්න තුරුම අප අතර කතාවක් නම් ඇති නොවිය … රෝහලේ ගතකල ඒ දින කීපය බොහෝ දිගුවිය … හිම්සර ඒවි යැයි කොතරම් බලා උන්නත් ඔහු මා දැකීමට නාවේ හිතේවූ වේදනාව දෙගුණ තෙගුණ කරමිනි .. එදා සිද්දියෙන් පසු හිම්සරට සිදුවූ කිසිවක් නොදැන මගේ හිසද අවුල් කරමින් තිබුණි … හිම්සර ගැන ඇසීමට කියා හෝ කිසිවෙක් නොවුනි … තවත් සති දෙකකට පසු තුවාල වල මැහුම් කපා රෝහලෙන් පිටව යනතුරුම මට හිම්සර ගැන විමසීමට කිසිවෙකු නොවිය … නිවසේදී මංජු අම්මා සොයා බැලුවත් පෙර දිනවල තරම් ලෙන්ගතුකමින් නම් නොවේ … ඇගේ සිතේ මා කෙරෙහි වූ දයාව වියැකී යෑමට තරම් මා ඇයට කල වරදක් නැත ….දම්සාරි නම් මා දෙස නොබැලු තරම්ය .. මා මිය ගියා නම් හොද යැයි ඇයට සිතෙන්න ඇත ‘පාරමී …’ ඉදුවරී මා සොයා ආවේ මා රෝහලෙන් නිවසට ආ දෙවෙනි දිනයේය .. ‘ඉංදු ..’ ‘උබට මොකද උනේ … අරූ උබට මෙහෙම දෙයක් කරන්න තරම් දරුණුද …’ ඉඳුවරී වදන් පිටකලේ කලකිරීමෙනි ‘කවුරු ගැනද ඉන්දු උබ ඔය කියවන්නේ …’ ‘කව්ද ඉතින් හිම්සරයා මිසක් ….’ ‘හිම්සර මොකුත් කලේ නැහැ ඉන්දු …’ ‘උබ ඉතින් උබව මරලා දැම්මත් හිම්සර වැරදි නැහැ කියාවි … ඌ වැරැද්ද භාරගෙන ඉන්නේ ..’ හිම්සර ඔහු මේ සිදුකර ඇත්තේ කුමක්ද …නොකළ වැරද්දක් වෙනුවෙන් වරද භාරගැනීමට තරම් ඔහු ඉදිරියට ආවේ කිනම් අසරණකමටද … මට පිළිතුරු නොවුනේ ඔය පැනයන්ටය ‘මට හිමසරව බලන්න ඕන ඉන්දු ..’ ‘උබට පිස්සුද ..ඌ ඉන්නේ හිරේ …. උබ එක්ක පොලිසි ගානේ ගියොත් අංකල් මට මොනා නොකියයිද … ප්ලීස් පාරමී උබ ඔය විකාර හිතන්නේ නැතිව රිලැක්ස් වෙයන් …’ ‘එයා වැරද්දක් කරලා නැහැ ඉන්දු … වැරද්දක් නැතිව එයා වැරදිකාරයෙක් වෙන එක දරාගන්න බැහැ මට ..’ කොතරම් ඇවිටිලි කලද ඉඳුවරී නොවේ මා ඔහු දැකීමට රැගෙන යෑමට එකග වුවේ .. ******** හිමසර ඔහුට යම්කිසි වරදක් වී නම් එය දරාගැනීමට නම් මට අපහසු වෙනවා නියතය … ‘අනේ මගේ හිම්සර ඔයා කිසිම වැරද්දක් නොකර ඇයි වැරදි කාරයෙක් උනේ …’ තනිව දොඩවමින් මා වැළපුනෙමි … ‘බබී ඇයි රත්තරන් මේ අඩන්නේ …’ තාත්තා මා අඩනු දැක බියවෙන්න ඇත ‘තාත්තා ….’ මට උවමනා වුවේ හිම්සර නිදහස් කර දෙන මෙන් පැවසිමටය …වියළුණු උගුරෙන් වචන පිටනොවුනත් දෙතොල සෙලවුනේය … ‘ඇයි බබී තුවාල රිදෙනවාද ..’ තාත්තා හිතන්න ඇත්තේ තුවාල වල වේදනාව ඉවසාගනු නොහැකිව මා ඉක්බිදින්න ඇති බවකි ‘ තුවාල වලට වඩා මගේ හිත රිදෙනවා තාත්තා ..’ වියළුණු දෙතොලෙන් වදන් පිටවුවේ බොහෝ අපහසුවෙනි … ‘ඇයි බබී මේ …..කියන්න මොනවද උනේ ..’ ‘තාත්තා මට හිම්සරව බේරලා දෙන්න ..එයා වැරදි නැහැ ..’ මගේ කටහඩ බාලවි අඩන්න ආසන්නවී තිබුණි …. ‘හිම්සර කිව්වේ ඔයාට පිහියෙන් ඇන්න ළමයාද …’ තාත්තාගේ දෑස් විසල්ව නළලට ගියේය ‘නෑ තාත්තා එයා එහෙම කලේ නැහැ ..’ ‘එහෙනම් කව්ද ..’ තාත්තාගේ පැනයට මා පිළිතුරු දෙන්නේ කෙසේද මින්දුලි නම් යුවතිය විසින් හිම්සරගේ ප්‍රේමය වෙනුවෙන් මා මරා දැමීමට තැත් කල බව පැවසුවොත් තාත්තා හිම්සරව වරදවා වටහා ගනු ඇත .. ඉතින් මා නිහඩව උන්නෙමි ‘ඒ ළමයා වැරැද්ද පිළිගත්තා … ඔයා කොහොමද කියන්නේ වැරදි නැහැ කියලා . මේ අහන්න බබී ..මම දන්නවා ඔයා ඒ ළමයාට ආදරය කරනවා කියලා …ඒ උනාට ඒ ළමයා ඔයාව මරන්න උත්සහා කළා … ඒ ළමයාව බේරාගත්තා කියමු ඔයාට ගැරන්ට් කරන්න පුලුවන්ද ආයෙම එයා අතින් ඒ වැරැද්ද වෙන්නේ නැති වෙයි කියලා ..’ කොතරම් පැවසුවත් හිම්සර වැරදි නොවන බව තාත්තා පිළිගත්තේ නැත …. ‘තාත්තා … මම ඉල්ලන්නම් එකම එක ඉල්ලීමක් ප්ලීස් මට ඉඩදෙන්න ඒ දේ කරන්න …’ ‘මොකක්ද බබී …’ ‘මාව එකම එක සැරයක් හිම්සරව බලන්න එක්ක යන්න ..’ මගේ ඉල්ලීම හමුවේ තාත්තා අසරණ වෙන්න ඇත …කල්පනාකාරී ලෙස මද වෙලාවක් උන් තාත්තා මා දෙස බැලුවේ දුක්ගත් දෑසිනි .. ‘හරි ….මම ඔයාව එක්ක යන්නම් …හැබැයි පොරොන්දුවක් දෙන්න ඕන ..’ ‘මොකක්ද තාත්තා ..’ ‘ඔයා එතෙන්ට ගිහින් කලබල කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕන … ‘ මට උවමනා උවේ හිම්සර දැක මෙලෙස කිරීමට හේතුව විමසීමට පමණි ….ඉතින් මා කලේ තාත්තාගේ ඉල්ලීමට එකග වීමය … **** තාත්තා හිම්සර බැලීමට මා රැගෙන ගියේ පොරොන්දු දහසක් නොව එකම එක පොරොන්දුවක් ගෙනය .. ඉතින් මා සියල්ල දෙස සංයමයෙන් බැලීමට සිතාගෙන මගට බැස්සෙමි …. තාත්තා දන්නා අදුනන පොලිස් අධිකාරිවරයා සමග කතාකිරීමෙන් අනතුරුව හිම්සර අප වෙත රැගෙන ආවේ කොස්තාපල් කෙනෙකි… හිම්සරගේ පෙනුම එදාටත් වඩා අසරණය ….. මදක් වැවුණු කොණ්ඩය මුහුණට වැටි ඔහුගේ පිළිවෙල බොහෝ වෙනස්කර තිබුණි …… අදහන්න හිතට බොහෝ දුක දැනුනි …. හිම්සර මා දැක පුදුමයට පත්වෙන්න ඇත …ඒ දෑසට කදුලක් උනද්දී මා කලේ අත්ලෙන් පිසගැනීමය…. ඒ මුහුණේ වූ කලකිරීම මගේ හිත බොහෝ වේදනාවට පත්කරන්න ඇත … ‘හිම්සර …’ හිම්සර මා අසල නවතිද්දී තාත්තා මදක් ඈතට ගියේ අපිට කතාකිරීමට ඉඩ සලසමිනි .. ‘ පාරමී ඔයාට හොදයිද දැන් ..’ මට හිම්සරට පිළිතුරු බදින්න උවමනා වුවේ නැත ‘ඇයි .. ඇයි හිම්සර මේ ඔයා නොකරපු වැරද්දකට මේ විදිහට දඩුවම් විදින්නේ ..’ හිම්සරගේ දෝතම අල්ලාගෙන මා ඒ දෑසට එබුනෙමි ‘පාරමී …..මම කොහොමද මින්දුලිව වැරදිකාරයා කරන්නේ …. එයා ගොඩක් දුප්පත් ළමයෙක් …අම්මා විතරයි ඉන්නේ …. ගොඩක් දුක් වින්දා මින්දුලි …. මට බැහැ අසරණ කෙල්ල හිරේ වැටෙනවා බලන්න …’ හිම්සර ඔහුට දුක මින්දුලි ගැනද …මා ගැන කිසිම දුකක් හිමසරට නැතිද …හිත කඩාගෙන වැටෙද්දී මට මහා හයියෙන් අඩන්න සිතුනි ‘ඔයාට මම ගැන දුක නැද්ද හිම්සර ..ඔයාට දුක කොහෙවත් ඉන්න අර කෙල්ල ගැන විතරයිද ..’ කෑ ගසා හිමසරට බැන වැදීමට උවමනා වුනිද තාත්තාට ඇසේවි කියා මා සිත පාලනය කරගතිමි ….. ‘පාරමී … කොල්ලෙක් හිරේ ඉන්නවා කියන එක සාමාන්‍ය දෙයක් කොලු කමට කියලා කවුරු හරි කියාවි …. ඒත් කෙල්ලක් හිරේට වැටුනොත් ඒ කෙල්ලගේ මුළු ජීවිතේම ඉවරයි …. දන්නවද එදා මින්දුලිගේ අම්මා මාව හම්බවෙන්න ආවා ….. එයා මට වැදලා කිව්වා ගෙදර එන්න කියලා …. මම ගියා ….ඒ අම්මා අඩනවා බලාගෙන ඉන්න බැරි නිසා .. ඔයා දන්නවද පාරමී …. මින්දුලි හිටියේ ඇද යට හැංගිලා …එයාව පොලිසියෙන් ගෙනියයි කියන බයට … ගැහි ගැහි අඩනවා .. පොලිසියෙන් ගෙනියයි කියලා …. . මම කොච්චර කිව්වත් එලියට ආවේ නැහැ ….ගොඩක් වෙලා කතා කරලා හිත හැදුවට පස්සෙයි එයා එලියට ආවේ …ඒ අම්මාට ඉන්නේ මින්දුලි විතරයි .. මට වැදලා කිව්වා මින්දුලි බේරලා දෙන්න කියලා ….. කරන්න දෙයක් තිබ්බේ නැහැ … මම ඇවිත් පොලිසියට භාරඋනා … ’ හිම්සරට ඔහු කල දෙය ගැන පසුතැවිල්ලක් නැත ..දුක ඇත්තේ මට පමණක්මය ‘හිම්සර ඔයා දන්නවාද ඔයා නැතිව මාව මැරිලා යයි …. හිම්සර මම වෙනුවෙන් ඇත්ත කියන්න …. මම කියන්නම් මින්දුලිව සමාව දෙන්න කියලා … ඒත් හිම්සර ඔයා ඇත්ත කියන්න ඕන ….. මම වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් හිම්සර ….’ දෑත් එක්කොට මා ආයාචනා කරද්දී හිම්සර ගේ දෑසේ වුවේ හැගීම් විරහිත බවකි .. ‘ඔයා මෙහෙන් යන්න පාරමී … කෙල්ලෙක්ට එන්න සුදුසු තැනක් නෙවෙයි පොලිසිය කියන්නේ මෙහෙන් යන්න …. මාව අමතක කරලාම දාන්න …’ හිතක් පපුවක් නැති ලෙසට පවසන හිම්සර දෙස මා බලා උන්නේ හුස්මක් උව නොගෙනය ‘මාව මැරෙයි හිම්සර … මම ඔයාට ගොඩක් ආදරෙයි ..එකම එක සැරයක් මම ගැන හිතලා ඔයාගේ තීරණය වෙනස් කරන්න ..’ යලි යලිත් මා හිම්සරගෙන් ඉල්ලා සිටියත් ඔහු නෙවෙයි හිත ලිහිල් කරගත්තේ … ‘මම යනවා පාරමී … ඔයා හිත හදාගෙන ජීවත්වෙන්න … ’ හමුවීමට දුන් කාලය අවසන් වෙන්නටත් පෙර හිම්සර පිටව ගියේ හිතක් පපුවක් නැති අයෙකු ලෙසටය … ‘බබී දැන් යමු ..’ හිම්සර ගැන කිසිවක් නොවිමසා තාත්තා මගෙන් අසද්දී මා කලේ තදින් ඔහුගේ අතක එල්ලිමය අඩනවා නම් මට මහා හඩින් කදුළු සලා හැකිව තිබුනද මට අඩන්න තරම් සවියක් තිබුනේ නැත … රිදුනු හිතේ වේදනවා දරාගෙන මා පෙරට අඩියක් තැබුවෙමි ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *