~~~~ආදර පාරමී ~~~ 49 කොටස

අම්මා මෙන් මාද ප්‍රේමය නිසාවෙන් බොහෝ විදවමින් උන්නෙමි …. ප්‍රේමයේ විරහව දරාගත නොහි අම්මා කලේ බීමට ඇබ්බැහි වීමය … එහෙත් මට එලෙසින් කල නොහැකිය ඒ තාත්තාට දුකක් දී මට සතුටු විය නොහැකි නිසාවෙනි … පෙම් සිත දරාගෙන මා ඔහේ උන්නා පමණි …. මෙයාකාර දුකක් වේදනාවක් අන් යුවතියක් ලැබුවේ නම් ඈ ජීවිතය විනාශ කරගෙනය … එහෙත් මා ..මා බොහෝ දුක්විදගෙන ජීවිතය දෙස බලා උන්නා පමණි … ‘අන්න අක්කා හෙට ඔයාලාගේ රිසාල්ට් එනවාලු …’ මල්ලි කාමරයට එබුනේ එලෙස පවසමිනි ….මේ නිවසේදී තාත්තා මංජු අම්මා ඇරුණු විට මා පිළිබද සොයා බැලුවා නම් ඒ දම්සිත් මළනුවන් පමණමය ‘ඉතින් …..’ විභාග ප්‍රථිපල පල බැලීමට උව මට කිසිදු උවමනාවක් නොවුනි …. ‘ඔයා බලන්න යන්නේ නැද්ද ..’ ‘බැලුවා කියලා වැඩක් වෙන්නේ නැහැ ..’ ‘ඒ මොකද …’ ‘මම ෆේල් ..’ ‘අනේ මේ පණ්ඩිතයා නොවී හෙට රිසාල්ට් බලන්න යමු …මම උදේම ඔයාව එක්කන් යන්නම් ..’ මල්ලිගේ බලකිරීම නිසා නොවෙන්නට මට විභාග ප්‍රථිපල දැනගැනීමට උව උවමනාවක් නොවුනි … පාසල ලගින් මා ඇරලා මල්ලි යන්න ගිය පසු මා පාසල් බිම දෙසට ඇවිද ගියෙමි ‘මට ඒ 3යි … පාරමී ’ කදුළු සලමින් මා ඉදිරියට දිව ආ ඉඳුවරී මා වැළදගත්තේය ‘ඉතින් මේ ඇස් වල කදුළු ඇයි .. මගේ සුභ පැතුම් ඉන්දු ….’ ‘සතුට දරාගන්න බැරිවුනාම කදුළු ආවා පාරමී …යමු උබගේ රිසාල්ට් බලලා එමු ’ දෑසේ උතුරන කදුළු ලේන්සුවෙන් පිසදමා ඕ සිනාසුනාය දැන්වීම් පුවරුවේ මගේ නමට ඉස්සරහින් තිබුනේ එස් අකුරු පෙළකි ….මෙය මා බලාපොරොත්තු වූ පිළිතුරයි … ඉතින් මා අසමත් කියා මගේ සිතට දුකක් නාවේය … ‘පාරමී උබ හිනාවෙන්නේ රිසාල්ට් බලලා …. ඔබ ෆේල් වෙලා එකම එක සබ්ජෙක්ට් එකක්වත් පාස් වෙලා නැහැ ..’ ඉඳුවරීගේ කටහඩේ වූ වේදනාව මගේ අසමත්වීම සම්බන්ධයෙනි …. ‘මම පාස් වෙයි කියලා එක්සෑම් ලියුවා නෙවෙයි නේ ඉංදු …ඒ නිසා මට දුකක් නැහැ …’ ඇගේ සිත සැනසීමට එලෙස පවසා මා සිනාසුනෙමි .. ‘ඉන්දු කැම්පස් යනවාද …’ ‘තාම හිතුවේ නැහැ පාරමී ..’ ‘උබ ඉහලට ඉගෙනගනින් ඉන්දු මට හරිම සතුටුයි …. උබ ඉගෙන ගෙන හොද තැනකට ආවාම මට කොච්චර ආඩම්බරද ..’ ‘ පාරමී මම දන්නවා උබ හදවතින්ම සතුටු වෙනවා කියලා … පාරමී උබත් ලබන සැරේ එක්සෑම් කරලා පාස් වෙන්න ඕන ….. ‘ ‘බලමුකෝ ….’ කතාවෙන් කතාව පාසලෙන් පිටතට ඇවිද බස් නැවතුම වෙත යනතුරුම අප පාසලේදී කල කි දෑ සිහිකරමින් මහා හඩින් සිනාසුනෙමු .. අප අසලින් ඇවිදගෙන පෙරට ගිය කිසිවෙකු ලග මගේ දෑස් නවතිද්දී මා ඔවුන් දෙස වඩාත් විමසිල්ලෙන් බැලීමි … මා ඉදිරියෙන් යමින් උන්නේ මින්දුලිය …..ඇගෙ අතකින් අල්ලාගෙන ගිය කාන්තාව ඇගේ මව වෙන්න ඇත … ‘මින්දුලි … ‘’ මග ඇරේවි යැයි බියෙන් ඉන්දුවරිවත් අතින් ඇදගෙන දිවගිය මා නැවතුනේ ඔවුන් දෙදෙනා ඉදිරියේය … මින්දුලි ඕ වෙතින් දිස්වුවේ අසරණ පෙනුමකි … මා මෙන්ම ඇයද ප්‍රේමය නිසාවෙන් දුක් විදිනවා වෙන්න ඇත … මට පිහිපාර එල්ල කලේ ඇය යැයි දැන උන්නද … සිතෙහි පුංචිම තරහවක් හෝ ඈ වෙනුවෙන් ඇති නොවුනේමය …. ‘මින්දුලි කතාකරන්නේ නැහැ දරුවෝ… මම මින්දුලිගේ අම්මා …’ කතාකලේ මින්දුලිගේ මෑණියන්ය .. අත තිබු විසල් ගමන් මල්ල පසෙක තබා ඈ සෙවනට උවේය ‘ඇයි ඇන්ටි ඒ …’ ඕ මා දෙස බැල්මක් හෙළුවේ විමසිල්ලෙනි ‘ඔය දරුවා නේද පාරමී කියන්නේ ….’ ‘ඔව් ඇන්ටි දන්නේ කොහොමද …’ ‘ඔය දරුවා ගැන අපේ දු හැමවෙලේම කියවනවා …පාරමී මෙහෙමයි අරහෙමයි …. මම හිතේ ඇදගත්ත රූපේමයි ඔය දරුවාට තියෙන්නේ .. මගේ කෙල්ලගේ කාලකන්නි කමට අර දරුවට හිත ගියේ .. මෙච්ච්චර සීදේවි කෙල්ලක් දාලා හිම්සර පුතා ඒවිද මගේ කෙල්ල ලගට …. සමාවෙන්න දරුවෝ එදා මගේ කෙල්ල ඔය දරුවට පිහියෙන් ඇන්නා කියලා මම දන්නවා …ඒත් මම කොහොමද අම්මා කෙනෙක් විදිහට මගේ කෙල්ල අපරාධකාරියක් වෙනවා බලන්නේ … ඒකයි හිම්සර පුතාගෙන් උදව් ඉල්ලුවේ … මට සමාවෙන්න දරුවෝ …’ මින්දුලිගේ හිස අතගෑ ඇය යුවතිය තුරුළු කරගද්දී කිසිදු හැගීමක් දැනීමක් නැති එකියක ලෙසටය ඈ උන්නේ ..ඒ දෑසේ උවේ හිස් බැල්මකි ‘ඔය දරුවාට පිහියෙන් ඇන්න දවසේ ඉදලා මේ කෙල්ල තාම හරියට කතාකරේ නැහැ …. හරියට කන්නේ බොන්නෙත් නැහැ …රෑ මැද හිනෙන් බය වෙනවා …මේ දරුවා මෙච්චර දුක් විදිනවා බලාගෙන මට ඉන්න බෑ ….. අපි අද ගමේ යනවා …..අපේ ගමේ හොද වේද හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ..උන්වහන්සේට කියලා වෙදකම් කරන්න මම හිතාගෙන ඉන්නේ … අනික මේ කොළඹ අපිට කාත් කවුරුත් නැහැ ..ලෙඩ දරුවා දාලා රස්සාවකට යන්නත් බෑ …. මම ගමේ ගිහිල්ලා කොහොම හරි දරුවා සනීප කරගන්නවා …’ දෑසට ඉනු කදුලැල් සාරිපොටින් පිසදැමු මින්දුලිගේ මෑණියන් ගමන් මල්ල අතට ගත්තාය …. මින්දුලිගේ මවගේ මුහුණේ වූ අසරණකම මා කම්පාවට පත් කළේය …. මදක් හෝ නොසිතා මා කලේ ගෙල බැද තිබු රන් දම්වැල ගලවා අතට ගැනීමය …මෙය අම්මා මට තිලින කල එකකි .. ‘ඇන්ටි මේක තියාගන්න …..මින්දුලිව කොහොම හරි හොද කරගන්න ..’ මින්දුලිගේ මව වෙත මා දිගුකල රන් මාලය ඈ අතට ගත්තේ බොහෝ අසරණව උන් නිසා වෙන්න ඇත .. ‘ඔය දරුවාට පින් … මින්දුලි කරපු වැරදි වලට සමාව දීලා මේ විදිහේ උදව්වක් කරන්න තරම් උතුම් හිතක් තියෙන ඔය ළමයාට කවදාවත් වරදක් වෙන්නේ නැහැ … අපි ආයෙත් කවදාවත් කොළඹ එන්නේ නැහැ … යන්න ඉස්සර වෙලා මම තව දෙයක් කියන්නම් … හිම්සර පුතාට සමාව දෙන්න .. ඒ ළමයා වැරදි නැහැ .. ‘’ මින්දුලි තුරුළු කරගත් ඇගේ මව යන්න ගියේ මගේ හිතේ දුකක් ඉතිරිකරමිනි … මින්දුලි ගැන කිසිදු තරහාවක් මගේ හිතේ නොවුණු තරම්ය …. ***** සතිගානක් ගෙවීගියේ නිසොල්මනේය …. ඒ හවස අසල පන්සලට ගොස් හිම්සර වෙනුවෙන් බෝධිපුජාවක් කර මා නිවසට පැමිණියෙමි …. ඇරදමා තිබු නිවසේ ගේට්ටුවෙන් ඇතුළු වූ මට නිවස තුල කිසිවෙකු කතාකරන හඩක් ඇහුනත් උන්නේ කව්ද කියා හෝ නොබලා මා පියගැටපෙළ වෙත ඇවිද ගියෙමි … ‘බබී …’ කතා කලේ තාත්තාය ….මා හැරී බැලුවෙත් රහල්ව දුටුවේත් එකමවරය …. මා නිසා හිම්සරගෙන් පහර කෑ රහල් බැලීමට නොයෑම පිළිබද දුකක් සිතට එබෙද්දි මම සිනාසෙන්න වෙර දැරුවෙමි … ‘බබී හම්බවෙන්න පරණ යාලුවෙක් ඇවිල්ලා ..ඔයාලා කතාකර කර ඉන්නකෝ …’ අපට කතාකරන්න ඉඩදී තාත්තා යන්න ගිය පසු ඔහු ඉදිරියේ පුටුවේ අසුන්ගත් මා හිස හිසවා ඒ මුහුණ දෙස බැලීමි … ‘මට සමාවෙන්න රහල් ..’ ඔහු ගැන නොසොයා උන් මා ගැන මට ඇතිවුවේ දුකකි .. ‘සමාව ඉල්ලන්න තරම් වරදක් කරලා නැහැ ඔයා ..’ ‘ඔයාව බලන්න ආවේ නැති එකට තරහද ..’ ‘කවදාවත් නැහැ …මට ආරංචි උනා වෙච්ච දේවල් … මට දුක ඔයා ලගින් ඒ දවස් ටිකේ ඉන්න බැරිවුණ එකට …’ ඉන් පසු විනාඩි ගානක් යනතුරු නිවසපුරාම පැතිර තිබුනේ නිහඩතාවයකි ‘පාරමී …’ බොහෝ වෙලාවක් නිහඩව බලා හිද අවසානයේ කතාකලේ රහල්ය … ‘ම්ම්ම් …’ ‘එක්සෑම් රිසාල්ට් ආවාලු නේද …’ ‘ඔව් .. ප්‍රථිපල අහන්න නම් එපා ….’ මට දුකක් නැති බව පෙන්වීමට මා මදක් හඩින් සිනාසුනෙමි .. ‘පාරමී ආයෙම එක්සෑම් කරමු ..’ ‘බෑ … ’ රහල්ගේ බැල්ම රැදී තිබුනේ මගේ දෑසේය …මදකදු ඉවත නොබලා උන් ඔහු එක්වරම මා දෙසට නැබුරු විය .. ‘පාරමී මම තාම ආදරෙයි ….. ‘’ ඔහු බොහෝ සෙමින් එලෙස පැවසුවේය ‘ මං ගැන බලාපොරොත්තු තියාගන්න එපා රහල් ….හිම්සර වෙනුවෙන් මම හැමදාම ජීවත්වෙන්න හිත හදාගෙන ඉන්නේ …එයා කවදාහරි මාව හොයාගෙන එයි ..එදාට මම වෙන කෙනෙක් ලග හිටියොත් එයාට දුක හිතෙයි … ‘’ ‘එයා වෙන කෙල්ලෙක් බේරන්න හිරේ ගියේ ..’ ‘ඒක එයාගේ මනුස්සකම .. හිම්සර උතුම් මනුස්සයෙක් ..කිසිම කොල්ලෙක් නොකරන දෙයක් එක කෙල්ලක් වෙනුවෙන් එයා කලේ …’ මට උවමනා වුවේ හිම්සර නිවැරදි කිරීමටය … ‘මම ඔය උත්තරේ බලාපොරොත්තුවෙන් ආවේ පාරමී .. …. මට හිතෙනවා …මම රාහුලේ අත ඇරලා ආවේ නැත්තම් තාමත් මම ඔයා මට ආදරේ කරයි කියලා ..ඒත් මම ගොඩක් පරක්කු උනා …’ රහල්ගේ දෑසේ කදුලකි .. ‘ඒ අතීතය අමතක රහල් …අනාගතය ගැන හිතලා සතුටින් ජීවත්වෙන්න ..’ ‘මම උත්සහ කරන්නම් පාරමී … ඔයාට මම කිව්වානේ මම ස්ටඩිස් වලට ඇමරිකා යනවා කියලා … ප්ලයිට් එක තියෙන්නේ හෙට ….යන්න ඉස්සර වෙලා මට ඔයා බලන්න ඕන උනා ….ඒකයි මෙහෙම ආවේ …. පාරමී ඔයා මගේ ජීවීතේ කවදාවත්ම අමතක නොවෙන කෙනෙක් ..’’ ‘සතුටින් පරිස්සමින් ඉන්න රහල් …’ කුඩා එකෙකු සේ ඉකිබිදින රහල් දෙස බලා සිටිය නොහැකි තැන මා කලේ කාමරයට දිව ගොස් යහනේ වැටි හඩා වැටීමය …. ***** මා තීරණයක් ගතිමි ඒ කොළඹ අතහැර මා හැදී වැඩුණු නිවසට යෑමටය …. එහි අම්මාගේ සුවද ඇත …. මට උවමනා බොහෝ තනිවිමටය … ‘ තාත්තා මට ගෙදර යන්න ඕන ..’ ‘කොයි ගෙදරද දරුවෝ .. ‘’ ‘අම්මාගේ ගෙදර … මට මෙහෙ ඉද්දි හුස්ම හිරවෙනවා වගේ තාත්තා … මට මෙහෙ හිටියොත් ජීවත්වෙන්න අමාරු වෙයි …මට ටික දවසකට තනියම ඉදලා හිත හදාගන්න ඕන ..’ ‘එහෙ ගිහින් ඔයා තනියම බබී …’ ‘මම අවුරුදු පහළොවක් ඒ ගෙදර හිටියේ තනියමනේ තාත්තා ..’ ‘බබීගේ හිත හැදෙනවා නම් යන්න මම මොකුත් කියන්නේ නැහැ ..’ තාත්තා එලෙස පැවසුවා පමණි … ඔහු බොහෝ දුක්ගන්න ඇත ..එහෙත් …මගේ සතුට වෙනුවෙන් සියල්ල ඉවසා දරාගෙන නුවර යෑමට ඉඩදෙන්න තාත්තා හිතාගන්න ඇත … රහල් ඔහු ලංකාවෙන් පිටවෙන හෝරාවේ මා නුවර බලා යෑමට තාත්තාගේ කාරයට නැගුණෙමි … හිත ගැලවී යනවා වගේ දැනෙද්දී මා දරාගෙන බොහෝ දරාගෙන නොහඩා උන්නෙමි . ගේට්ටුවෙන් එළියට දැමු කාරයෙන් හිස දමා නැවත මා සුවිසල් නිවස දෙස බැලීමි … මංජු අම්මා සදළු තලයේ හිටගෙන බලා උන්නිය ….දුකක් නොපෙන්නුවද ඇය සමුදීමට හෝ මා වෙත නොආවේ ඒ දුක නිසාම වෙන්න …ඇත .. අම්මාගේ අතක එල්ලී මේ නිවසට පැමිණි මා අද ආපසු යන්නේ තාත්තාගේ නිවස හැරදා අම්මා නැති අම්මාගේ නිවසටය … මතු සමබන්ධයි අවසාන කොටස හවසට බලාපොරොත්තු වෙන්න 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *