~~~~~~ආදර පාරමී ~~~~ 50 කොටස ( අවසානය )

වසරක් දෙකක් නොව පස් වසරක් නිහඩවම ගෙවී ගියේය … ගෙවී ගිය වසර පහේදී එකම එක දවසක් හෝ හිම්සර සිහිනොවුනා කිවොත් බොරුය ….. හිම්සර ගැන මතකය වේදනා ගෙන දුන්නත් මා ජිවත් වුවා නම් ඒ දිනයක ඔහු එනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි… ගෙවුණු කාලය තුලදී බාහිරව මෙන්ම අභ්‍යන්තරයෙන්ද මා බොහෝ සංවර යුවතියක් බවට පත්වුනෙමි …. සියල්ල දෙස උපේක්ෂාවෙන් බැලීමට මා හුරු උවේ වඩ වඩාත් ධර්ම පුස්ථක කියවීම නිසාය …. පාසල් යන දිනවල බොහෝ මට කෙනෙහිලිකම් කල මල්ෂා දැන් හොද යුවතියකි … දිනපතා නිවසට පැමිණ මා සමග දොඩමළු වෙන ඇය තාමත් පෙර අතීතය ගැන පසුතැවිලි වන්නිය … ‘උබ හැමදාම මෙහෙ ඉන්නද කල්පනා කරන්නේ … ’ විටෙක ඇය මගෙන් විමසන්නිය … ‘ කොළඹ කලබලකාරී පරිසරයට වඩා මේ නිහඩ පරිසරයට මම ගොඩක් ආදරෙයි ..’ ‘තනියම ඉන්න හොද නැහැ කෙල්ලක් ..නරක මිනිස්සු ඉන්නවා …. අනික උබ අවලස්සන කෙල්ලක් නෙවෙයි මේ ..’ මල්ෂා මට නෝක්කාඩු කියන්නේ යම් කිසි දිනක මට කරදරයක් වේ යැයි බියෙනි .. ‘වටපිටාවේ මිනිස්සු ඉන්නවා ….බයවෙන්න දෙයක් නැහැ ..’ ‘අනේ මන්දා කෙල්ලේ ..මම නම් කියන්නේ කොළඹ පලයන් කියලා ….කාත් කවුරුත් නැතිව මෙහෙ ඉන්නවට වඩා තමන්ගේ එකෙක් ලග වැටිලා ඉන්න එක සතුටක් නේ ..’ පෙර දිනවල මට නපුරුකම් කල ඈ දැන් මා කෙරේ අවංකව කනගාටු වෙයි …. ඕ පිටව යන්නේ මා සමග අමනාපයෙනි …. එහෙත් පසුදින මා දැකීමට එන බව මා අත්දැකීමෙන් දැන උන්නෙමි … ‘බබී අපි ගෙදර යමු …’ සතියකට වරක් සති අන්ත නිවාඩුවට පැමිණ දින දෙකක් මා සමග කල් ගතකරන තාත්තා නිවසට යෑමට සුදානම්ව මා දෙස බලා සිටින්නේ කදුළු දෑසිනි .. ‘මට තව ටික කාලයක් දෙන්න තාත්තා ….’ ‘මේ අවුරුදු පහේදීම මම ඔයාගෙන් ගෙදර යමුද අහද්දී ඔයා හැමදාම කියන්නේ මට ටික කාලයක් දෙන්න කියලා …. එක දවසක් දෙකක් නෙවෙයි බබී ඔයා අවුරුදු පහක් තනියම මෙහෙ හිටියා . දැන් ඔයාට අවුරුදු විසි හතරක් …. ඔයා දැන් බදින්න ඕන වයස …හෙට අනිද්දා මම මැරිලා ගියාම කව්ද ඔයාව බලාගන්නේ …’ තාත්තා හඩා වැටෙද්දී හදවත කෑලි කැඩී විසිරෙන්නාක් දැනුනත් මම දරාගෙන බොහෝ සංසුන්ව උන්නෙමි ‘තාත්තා .. ඔයා දුක් වෙන්න එපා … ඔයාගේ ඇස් වල කදුළු දකිද්දී මගේ හිතට දුකයි ..ප්ලීස් අඩන්න එපා ..මම පොරොන්දු වෙනවා ලගදීම ඔයා ලගට එනවා කියලා ..’ තාත්තාගේ හිසේ අත තබා දියුරන මා දෙස මද වෙලාවක් බලා උන් ඔහු මගේ කතාව අදහන්න ඇත … ‘පරිස්සමින් ඉන්න බබී … මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න .. ‘’ තාත්තා මට ජන්ගම දුරකතනයක් ගෙන දුන්නේ මෙහි පැමිණි මුල් දිනවලය … සෑම දිනයකම දුරකථනයෙන් වරින් වර අමතන තාත්තා මා පිළිබද සොයා බලන්න අමතක නොකළේය …. ‘බුදුසරණයි තාත්තා …පරිස්සමින් යන්න ..’ ‘බුදුසරණයි බබී …’ තාත්තා යන්න ගියේ බොහෝ දුකිනි ….. ^^^^^^^^^^* සතියකට වරක් මහමෙව්නාවේ භාවනා අසපුවට යන මා සිත නිවෙන භාවනාක් කරමි …එවිට සිත සැහැල්ලුය .. පිරිසිදු වූ සිතේ බැදීම් ගැන අල්ප මාත්‍රයක් හෝ දුකක් ඇතිවෙන්න නැත …සියල්ල දිනක නැතිවී යන බවත් ලෞකිකවස්තු වලට ලොභ බැදීම අනුවණ කමක් බවත් මට වැටහෙමින් තිබුණි … ඉතින් මා කලේ බොහෝ දේ ගැන තිබු ආශාව අතැර දැමීමයි …ඇදුමින් පැළදුමින් බාහිර ගත ලක්ෂණ වලින් මා වසර ගානකට පෙර උන් යුවතිය නොවන බව කිසිවෙකුට වැටහී නොගියොත් පුදුමයකි … ‘පාරමී …..’ ඉගෙනුම නිමාවූ විගස බැංකුවක රැකියාවක් ලැබී කොළඹ ගිය නෙතුලි හදිසියේම දිනයක මා දැකීමට පැමිණියාය …. ‘නෙතු …..මම හිතුවේ නැහැ එයි කියලා …’ ‘සමාවෙයන් කෙල්ලේ උබ ගැන හොයන්න වෙලාවක් තිබුනේ නැහැ මට ..’ ‘පිස්සි උබ හිතනවාද උබත් එක්ක මට තරහා වෙන්න පුළුවන් කියල …. මම තරහා නැහැ ..’ මා සංවරව සිනාසුනෙමි … මද වෙලාවක් මා දෙස නෙතු යොමා උන් නෙතුලිගේ දෑසට කදුලක් ඉනුවේ ඉබේටමය .. ‘ඔය විදිහට සංවර වෙන්න එපා පාරමී .. උබට ඕක ගැලපෙන්නේ නැහැ …’ ස්වභාවයෙන්ම හිතුවක්කාර දැරියක වුන මගේ මේ සංවර කම දැක නෙතුලි බියවුවාය .. මා කලේ මුවගින් සිනාවක් පෑම පමණකි … ‘පාරමී …..මම මැරී කරනවා…’ හදිසියේ සිහිවූවා සේ අත් බෑගය ඇද ඕ විවාහ ආරාධනා පත්‍රයක් මා අත තැබුවාය .. ‘කාවද …’ ‘කවුද ඉතින් මගේ උතුම් අති පිවිතුරු ප්‍රථම ප්‍රේමය නිකිල් තමා …’ නෙතුලිගේ මුව සිනාවෙන් ඔපවත් වෙද්දී ඇගේ දෝතින් අල්ලා ගත් මා ඇයට සුභ පැතීම් … වෙඩින් එක තියන්නේ ගලධාරි එකේ උබ අනිවාර්යෙන් එන්න ඕන … ‘’ ‘මම එන්නම් නෙතු මට කවදාවත් අමතක වෙන්නේ නැහැ උබ

මට කරපු උදව් ..’ ‘මම බලාගෙන ඉන්නවා පාරමී …’ නෙතුලි පිටව ගියේ මා එයි කියා බොහෝ විශ්වාසයකිනි …. *** පසු සති අන්තයේ මා තාත්තා සමග කොළඹ බලා ගියේ නෙතුලිගේ විවාහයට සහභාගී වීමට ඇති නිසාවෙනි …. වසර පහකට පසුව තාත්තාගේ නිවස බොහෝ වෙනස් නොවී තිබුනත් එහි මිනිසුන් වෙනස්වී උන් බව මට වැටහෙන්න ඒ තරම් වෙලාවක් නොගියේය …මංජු අම්මා මල්ලි සේම නැගණියද කාරයෙන් බසින මා දැක ඉදිරියට ඇවිද ආවේය … මංජු අම්මා මදක් වයසට ගොසිනි …. එහෙත් ඒ මුහුණේ උවේ මම මෙහි පැමිණි පළමු දිනවල මා කෙරෙහි පෑ සෙනෙහසයි …. ‘අක්කා අපි ඔයා එනකන් හැමදාම බලාගෙන හිටියා …මට සමාවෙන්න අක්කා ..’ දම්සාරි මට සිතීමටදු ඉඩ නොදී මා වැලද ගද්දි මා කලේ ඇගේ හිස අතගෑමය .. වයසින් වැඩෙද්දී ඕ තේරුම් ගන්න ඇත ..ඒ මා කිසිවකට වරදකාරිය නොවන බවය …. ‘ඔයාට සමාව දීලා තියෙන්නේ නංගි ..මම තරහා නැහැ …’ මම පැවසුවේ හිතේ කිසිම කහටක් නොමැතිවමය … ‘අක්කා මාත් එක්ක තරහා නැත්තම් අපිව දාලා ආයේ යන්න එපා ..’ ‘ඔව් බබී ඔයා ආයෙමත් මෙහෙන් යන්න එපා …ඔයාගේ තාත්තා පව් ..’ කතාකලේ මංජු
අම්මාය … සියල්ලන්ගේම ඉල්ලීම උවේ මට එහිම නවතින ලෙසටය … සිත් රිදවිය නොහැකි නිසාවෙන් කිසිත් නොකියා උන්නා මිස මේ කලබලකාරී නගරයේ ව්සිමට මට කිසිදු කැමැත්තක් උවා නොවේ … ‘අක්කා ඔයා වෙඩින් එකට මේ සාරියක් අදින්න ..’ නෙතුලිගේ විවාහයට ඇදීමට සාරියක් තෝරා දුන්නේ දම්සාරිය … ‘මට තේරෙන්නේ නැහැ අනේ අදින්න ..’ ‘ඉතින් මම අන්දන්නම් …. මමත් බියුටි කචල් කෝස් එකක් කරලා තියෙනවා …’ රෝස පැහැති හැඩදැමු සාරියෙන් හැඩවූ මා ලස්සනය …. ‘ඔය ඉන්නේ ලස්සනට …දැන් අපි පොඩි මේකප් එකක් දාමු . …’ ‘අනේ මේකප් ඕනේ නැහැ නංගි …’ ‘ලිප්ස්ටික් ටිකක් විතරක් ගාමු ..’ මා එපා කියද්දී මගේ දෙතොලේ ආලේපන තැවරු නැගණිය සතුටින් සිනාසුනාය .. ‘අපේ කෙල්ලගේ ලස්සන බලන්නකෝ පාලිත…..’ මංජු අම්මා සහ තාත්තා දෙපසින් පැමිණ මගේ අත්දෙකෙන් අල්ලා ගත්තේය …. ‘මමනේ හැඩ කරලා ගත්තේ නේද අක්කා ..’ ‘මේකප් දැම්මත් නැතත් බබී ලස්සනයි …’ තාත්තා මගේ හිස පිරිමැද්දේ බොහෝ ආදරයෙනි .. ‘දැන් යමු ..පෝරුවේ චාරිත්‍ර දහයයි ගානකට නේද තියෙන්නේ ..’ මංජු අම්මා තාත්තා සේම නැගණියද මා හෝටලය ලගින් ඇරලා යන්න ගියේය … සැබවින්ම ඒ ආදරය සෙනෙහස ලග මා උන්නේ බොහෝ සතුටිනි … ‘පාරමී …. මේකිගේ හැඩ වෙලා …පින්පාට වෙලා …’ මලිති මා දැක ඉදිරියට ආවේ එලෙස පවසමිනි … ඇය නම් බාලිකාවේ උන් මලිතිමය ….මදක්වත් නොවෙනස් ඒ සිනාව එලෙසමය … ‘මලි ගොඩක් දවසකින් …’ ‘ඔව් කෙල්ලේ මම දැන් පොඩ්ඩක් බිසී …. දන්නේ නැද්ද ජොබ් එකක් කරද්දී ….’ කතා බහ කරමින් අසුන්ගත් අපි පෝරුවේ උන් නෙතුලි සහ නිකිල් දෙස බැලීමි ….සැබවින්ම ඔවුන් සතුටිනි …. නෙතුලි ප්‍රේමය ජය ගත්තාය …. එය සතුටකි … ‘පාරමී …’ මා පිටුපසින් ඇසුනේ හැමදාමත් මා බලාපොරොත්තුවෙන් උන් ඔහුගේ කටහඩයි .. හදවත නවතිනවා වගේ දැනෙද්දී …මා ගල් ගැසුනා සේ සෙල්වී උන්නෙමි .. ‘පාරමී …’ නැවතත් ඒ කටහඩ ආවේ මා ඉදිරියෙනි … අවසරයක් නොගෙනම අප ඉදිරියෙන් අසුන්ගත් ඔහු දෙස බැලීමට ….. බලා සිනාසීමට උවමනා උනිද …මේසය මත තබාගෙන උන් දෑස් එලෙසම තබාගෙන උන්නා මිස මා හිස ඔසවා නොබැලීම් … ‘පාරමී ඔළුව උස්සලා මගේ දිහා බලන්න …’ මා බලාපොරොත්තු නොවූ නිමේෂයක හිම්සරගේ අතක් මගේ නිකටේ නතර වී ගියේය … බොහෝ කලකින් දැනුනු ඒ උණුසුම් පහස හමුවේ මුළු ශරීරයම දැවෙද්දී සටස් ගා දෑසින් එළියට පැන්න කදුළක් මේසය මත නතරවිය … ‘මාත් එක්ක තරහෙන්ද ඉන්නේ …’ මගේ මුහුණ ඔසවා දෑස් දෙස බලා ඔහු විමසුවේය ….පිළිවෙලට රැවුල කපා කොණ්ඩය කොටට කපා උන් හිම්සරගෙන් දිස්වුවේ වැදගත් පෙනුමකි …පෙර පැවති දගකාර බව යටවී ඔහුගේ මුහුණේ වුවේ බරපතල පෙනුමකි … මට උවමනා වුවේ තරහා නෑ කීමට උව එකම වචනයක් හෝ උගුරින් පිටට ගැනීමට බොහෝ අපහසුවිය … මේ මගේ ආදරයයි ….මා බලා උන්නේ ඔහු එනතුරුයි …. ‘මෙච්චර කල් මාව බලන්න ආවේ නැත්තේ ඇයි හිම්සර ..’ වචන ගැට ගහගන්න හැකිවූ විගසම මා දෙතොල සෙලවුවෙමි …. ‘එන්න බැරි උනා පාරමී ……. ගොඩක් වැඩ තිබුනා …’ පුනරුත්ථාපන කදවුරෙන් පිටවී වසර දෙකක් යනතුරුම ඔහු මා සිහි නොකර උන්නේ කෙලෙසද …. මා තප්පරයක් ගානේ මැරී මැරී උපදිද්දී හිම්සර ආආආ සිහි නොකර වැඩ කරමින් උන්නාද …. ඉතින් මට හිම්සර ගැන ඇතිවුවේ තරහාවකි …. තවත් වචනයක් හෝ නොදොඩා මා අසුනෙන් නැගිට හිම්සර නොපෙනන මානයකට දිව ගියෙමි …පෙම් කලේ මා පමණක්මද …. පාරමී මම හොදින් දුරකථනයෙන් අමතා හෝ එලෙස පැවසුවා නම් මෙයාකාර ලෙස සිත නොරිදෙනු ඇත ….දුක හිතෙන්නේ ඔහු මා සිහි නොකරම මෙතරම් කලක් සිටීම ගැනය …. හදිසි කාර්යක් ඇති බව පවසා මනාල යුවළට සමුදුන් මා හෝටලයෙන් පිටව ආවේ හිම්සර මා හබා ඒම නිසාය ..ඔහුට කුමක් හෝ කියන්න උවමනා විනිද මට අසන්න උවමනාවක් නොවුනි .. ^^^^^^^^ හදාගෙන උන් සිත සී සී කඩ විසිරුනේ හිම්සර නැවත හමුවූ දා සිටය .. මා නොහඩමි දැඩි ලෙස සිතා උන්නද දෑස් වලට උනන කදුළු නවතා ගැනීමට අපහසු උනි … ‘ අක්කා රගර් මැච් එකක් තියෙනවා බලන්න යමුද ..’ මල්ලි කතා කලේ මා කල්පනාවේ ගැලී වේලි සිටියදීය ‘මට බෑ …’ ‘බෑ කියලා බෑ …අන්න ගෙදර හැමෝම ලැහැස්ති වෙනවා ..’ මා රගර් තරගය බැලීමට සුදානම් වුවේ අම්මා මෙන්ම තාත්තාද විත් බලකළ පසුවය .. ඩෙනිම් කලිසමකට ටීෂර්ට් එකක් දමාගත් මා සුදානම් උවේ උවමනාවට එපාවටය … පහල මාලයට බසින මා දැක ලොකු කතාවක උන් නිවසේ අය එය නවතා දැමුවේය …. ‘ යමු යමු වෙලා ගිහින් තියෙන්නේ ….මැච් එක පටන්ගෙන ඇත්තේ ..’ අප යනවිට පිටිය මහා සෙනගකින් පිරි ඉතිරි ගොසිනි … කලින් වෙන්කරගත් ප්‍රවේශපත්‍ර නොවෙන්න අපට සිදුවෙන්නේ ආපසු හැරී යෑමටය .. පිටිය පුරා ක්‍රීඩකයෝ දුවමින් උන්නේය … එක පිලක ලකුණු ලෙස පුවරුවේ දැක්වුවේ 6 කි අනිත් පිල 1 කි … එකවරම තරගයේ විස්තර විචාරය කරන්නාගේ මුවින් ඇසුණු හිම්සරගේ නම නිසා මා පිටිය දෙස බැලීමි …අදහන්න ඒ මගේ හිම්සරමය .. හිම්සර උන්නේ මා දෙස බලාගෙනය .. දෙවියනේ … මා සිනාසුනෙමි ….ඔහු බලාපොරොත්තු වෙන්න ඇත්තේ මගේ එකම එක සිනාවකි …. ඉන් පසුව හිම්සර පිටිය පුරා දිව ගියේ පවනක් මෙනි ….ඔහු මතුවෙන තැන සොයා ගැනීමට පවා නොහැකිව අනිත් පිල ක්‍රීඩකයෝ අසරණ වෙද්දී එකක් ලෙස සටහන්ව තිබුණු හිම්සරගේ පිලේ ලකුණු ප්‍රමාණය එකින් එක ඉහල යන්න විය … ලකුණු පහළොවට අටක් ලෙස ජයගත්තේ හිම්සරගේ පිලය … ක්‍රීඩා පිටිය මහා ජය ඝෝෂාවකින් ගිගුම් දෙද්දී මා අසුනෙන් නැගී උන්නේ ඉබේමය ….. කෙදිනකවත් නැති සතුටකින් මා ඉපිල ගොස් මුළු ලොවම අමතකව යද්දී මා උඩ පනිමින් අත්පුඩි ගැසීමි .. ‘තරගයේ වීරයා හිම්සර …. ’ හිම්සර කුසලානය ලබාගත්තේ බොහෝ ආඩම්බරයෙනි .. ඉතින් මේ ඔහුගේ සිහිනයයි …. ‘හිම්සර ඔබට සතුටුදායක පුවතක් මේ අවස්ථාවේ අපි කියන්න යන්නේ ….ඔබ ලංකා ජාතික රගර් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස තෝරාගෙන තියෙනවා …. ‘ ‘බොහොම ස්තුතියි … ‘ ‘ඔබගේ ක්‍රීඩා රසිකයන් වෙනුවෙන් යමක් පවසනවාද …’ ‘ඔව් ඇත්තෙන්ම …. මගේ ජිවිතේ එකම සිහිනය උනේ මේක …. කාලයක් මම මේ බලාපොරොත්තුව අත ඇරලා හිටියා ….. ගොඩක් කරදර වලට මුහුණ දුන්නා …. අන්තිමේට මම ජය ගත්තා … මේ හැම දෙයක් දිහාම බලාගෙන මන් ගැන මටත් වඩා සතුටු වෙන කෙනෙක් මෙතන ඉන්නවා …ඒ පුංචි හිත මම නිසා ගොඩක් දුක් වින්දා …ඔව් ..පාරමී .. මම ඔයාට කියනවා ….මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා අද මම කියනවා ….පාරමී මම ආදරේ ඔයාට විතරමයි කියලා … මගේ හිතේ ආදරයක් ඇතිවුනා නම් ඒ ඔයා ගැන විතරමයි ….. ඔයා මට ආදරේ නම් මේ හැමෝම ඉස්සරහා මට ආදරෙයි කියන්න . ප්ලීස් පාරමි …’ හිම්සර ඔහු මේ පවසන්නේ මා ගැන නොවේද මෙතරම් ආදරයක් දෙවියනේ …. මගේ දෙපා වෙව්ළුවේය දැනුනේ නොසිතු විටෙක ලද සතුට නිසාවෙන් මගේ හුස්ම නවතීවි කියාය … ‘අක්කි යන්න එයා ඔයාටයි කතාකරන්නේ …’ මල්ලි මගේ අතකින් ඇද පෙරට තල්ලු කරද්දී මා තාත්තා දෙස බැලීමි ඔහු සිනාසුනේ විරුද්ධ නොවෙන බව පවසන්නය … ‘යන්න බබී …’ ‘පාරමී ..පාරමී යන්න එයා ලගට …’ ක්‍රීඩා ගාරයේ හැම මුවකින්ම නික්මුනේ එම වාක්‍යයි දස දහසක් සෙනග අතරින් දිව ගිය මට මා අමතක වී ගොසිනි ….. කිසිවෙකු උන්නා කියා සිහි නොවුනි මා නතර වුනේ හිම්සර ලගය …. තවත් මොහොකදු නොසිතා මා කලේ හිම්සරගේ ගෙලේ එල්ලීමය ..දෑසට කදුළු ඉනුවේ සතුටටය … ‘මම ආදරෙයි හිම්සර …’ මා ලෝකයටම ඇසෙන්න කෑ ගැසුවෙමි …. හිම්සරගේ උණුසුම් දෙතොල මගේ නළලත තැවරෙද්දී පිටිය පුරා අත්පොළසන් හඩින් ගිගුම් දුන්නේය …. ‘ඔයා දන්නවාද මම ඔයා හොයාගෙන ආවේ නැත්තේ මේ දේ ලබාගන්න ඕන නිසා …. මට ඕන උනේ මුළු ලෝකෙම ඉස්සරහා මගේ ආදරේ ඔයාට විතරයි කියලා කියන්න …’ ‘මම වැරදි විදිහට හිම්සර ඔයාව තේරුම්ගත්තේ …ආයේ නම් මගෙන් ඈත් වෙන්න එපා ..දරාගන්න අමාරුවෙයි මට …’ ‘ආයේ කවදාවත් ඔයා එලෙවුවත් මම යන්නේ නැහැ .. ඔයා දන්නේ නැතිවුනාට අපේ ගෙදර අය එක්ක ගිහින් මම ඔයාලාගේ ගෙදර අය එක්ක කතා කළා …අපේ වෙඩින් එකට ඩේට් එකකුත් ෆික්ස් කරා …. ලබන සතියේ ඔයා මගේම වෙනවා පාරමී …’ මේ මා ඇසු සොදුරුම ආරංචියයි … ඉතින් දැන් මිය ගියද කම් නැත …මට උවමනා උවේ මෙය නොවේද ‘හොරා වගේ හැමදෙයක්ම කරලා ඉවර වෙලා ..මට කීවෙත් නැහැ …’ ‘එහෙම තමා මම …දැන් ඔයා මගේ ….’ ‘ආදරේ හිම්සර ..’ ‘මාත් ආදරෙයි පාරමී …’ මා විදි දුක් වේදනා සියල්ල නිමය ..හිම්සර අසලින් සිටින හැමදිනයකම ඔහු මා සතුටින් තබන බව මට විශ්වාසය …… මා සිනාසුනෙමි …..හිම්සර වශීවී වාගේ බලා ඉද්දි මා සිනාසුනෙමි ..ඒ මගේ ජිවිතේ ලස්සනම සිනාව මගේ ආදරවන්තයා …ආනාගත සැමියා වෙනුවෙනි …. අවසානයි … කතාව කියවූ සියලුම දෙනාට මගේ ස්තුතිය පළකරනවා ….මේ කතාව සාර්ථක ලෙස නිමවුවා නම් ඒ ඔබගේ අදහස් ප්‍රාර්ථනාවන් නිසාවෙනි .. කතාව ගැන ඔබගේ වටිනා අදහසක් තබා යනවා නම් මා එය ඉතා අගය කරමි …ස්තුතියි… 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *