ඇයත් පතිනියකි 02

02_කොටස

“මන්…මන්….මුනසිංහ සර් ගේ පුතාව මැරි කරන්න කැමති තාත්තේ…….”

කෙල්ල කිවුවේ වෙවුලන කටහඩින් හිත හයිය කරගෙන….. කෙල්ලගේ එහ් වචන ටිකට තාත්තාගේ වගේම අම්මාගේ මූනුත් හිනාවෙන් පිරුනේ දැනුනේ සතුටට….

“අනේ ඇත්තමද මගේ දුවේ…….”

තාත්තා ඇහුවේ ඇස් වල කදුලු පුරවගෙන…..

“ඔව් තාත්තේ…අපි සර් ට ඇත්ත කියලා නංගිගේ වෙඩින් එකටයි දෑවැද්දටයි සල්ලි ඉල්ල ගමු… සර් කිවුවනේ කැමති උදවුවක් කරන්න කැමති කියලා… ඊට පස්සේ කවුරුත් නංගි ගැන දැනගන්න කලින් නංගිගේ වෙඩින් එක ගමු තාත්තේ…ඊට පස්සේ මට පුලුවන්නේ මුනසිංහ සර් ගේ පුතාව මැරි කරන්න…….”

කෙල්ල කිවුවේ තමන් ගේ නංගි දිහා ආදරෙන් බලලා… පහන්දි ගේ ඇස් වලට කදුලු ආවේ තමන් ගේ අක්කා තමන් වෙනුවෙන් කරන්න යන කැපකිරීම දරා ගන්න බැරුව…..

“අනේ මගෙ අක්කී…ඔයා…මන් වෙනුවෙන්…මුනසිංහ සර් ගේ පුතාව…අනේ අක්කී…අනේ මට මැරි කරන්න ඕනි මෑ..මන් මේ දරුවා එක්ක කොහෙට හරි ගිහින් ඉන්නම්…”

පහන්දි කිවුවේ තමන් ගේ හිස් කුසට අත තියාගෙන……

“පිස්සි…. මන් මේ තීරනේ ගත්තේ ගොඩක් සතුටින්… තාත්තා කියන කතාව ඇත්ත..මුනසිංහ සර් ගොඩක් හොද මනුස්සයෙක්…අපි හැමෝටම සතුටින් ඉන්න පුලුවන් එහ් පවුලට එකතු උනොත්….”

කෙල්ල කිවුවේ අමාරුවෙන් මූනට හිනාවක් අරන් කිසිම වෙනසක් පෙන්නන් නැතුව……

මිස්ටර් සිසිර මුනසිංහ….පලාතෙම ඉන්න දක්ශ කෝටිපති බිස්නස්මන්ට් කෙනෙක්… ඒත් දාහාකින්වත් හොයාගන්න බැරි දේව ගති තිබුන රත්තරන් මනුස්සයෙක්… සේයා ගේ තාත්තාට මුනසිංහව මුන ගැහුනේ ඔහු ගුරුවරයෙක් විදිහට සේවය කරපු කාලේ පාසලේ තිබුන උත්සවේකට ප්‍රධාන අමුත්තා විදිහට මිස්ටර් මුනසිංහ ට ආරාධානා කරන්න ගියපු වෙලාවේ… ඊට පස්සේ මුනසිංහ උත්සවේට ආපු වෙලාවේ සේයා ගේ අහිංසක ගතිගුන වලට පැහැදිලයි සේයා ව තමන් ගේ එකම පුතා තේජාන් ට යෝජනා කරේ… ඒත් කවදත් සල්ලි කාරයන්ට අකමැති උන චාම් ගතිගුන තිබුන සේයා කවදාවත් නොදැකපු තේජාන් ට කැමැත්ත දුන්නේ නෑ…සේයාගේ තාත්තා දැන් විශ්ශාමික ගුරුවරයෙක්..ඔහු විශ්ශාමික ගිහිනුත් දැන් මාස 5 කට කිට්ටුයි…ඒත් තාමත් සැරින් සැරේ මිස්ටර් මුනසිංහ සේයාගේ කැමත්ත ගන්න සැරින් සැරේ සේයාගේ තාත්තට කෝල් කරනවා.අන්තිමට කෝල් කරේ පෙරේදා..සේයා සල්ලි කාරයන්ට අකමැති උනත් තමන් ගේ නංගිගේ ජිවිතේ ලස්සන කරන්න ඕනි නිසාම කවදාවත් නොදැකපු තේජාන් ව මැරි කරන්න තීරනය කරේ දැන් කරන්න ඉතුරු වෙලා තියන එකම දේ එහ් දේ නිසා…..

සේයා සදෙවුමි දිසානායක… දිසානායක නම් දක්ශ ගුරුවරයගේ ලොකු දූ… මිස්ටර් දිසානායක ට හිටියේ දූ ලම දෙන්නෙක්..පොඩි දූ පොඩි කාලේ ඉදන්ම කරේ අම්මට තාත්තට අකීකරු උන එක… ඒත් ලොකු දූ උන සේයා කරේ හැමදාම අම්මට තාත්තට ගවුරවයක් උන එක… මේ වෙද්දි ඇයත් HNDE ගුරුවරියක්…. තාම පාසල් ගුරුවරියක් ලෙස ට්‍රේනින් වෙන ඇය තව මාස කිහිපයකින් ස්තීර ගුරුවරියක්….උපතින් ම ඇයට ආභරණයක් ලෙස ලැබුන හීන් ඇස් වගේම ක්‍රේල් කොන්ඩේ පැහැපත් රන්වන් සම කෙල්ලට ගෙනාවේ ලස්සනකට වඩා අහිංසක චාම් බවක්… ඒත් තාමත් පුංචි ලමයෙක් තරමට ම හුරතල් කෙල්ල ලොකු දූ උනත් කවදත් තාත්තාගේ හුරතලී….

“තාත්තා මුනසිංහ සර් ට උන හැමදේම කියන්න තාත්තේ… සර් ට කියන්න ඉක්මනටම නංගිගේ වෙඩින් එක ගන්න ඕනි කියලත්… “

සේයා කිවුවේ තාත්තා දිහා හිනා වෙලා සතුටින් බලලා… තාත්තාගේ ඇස් සතුටින් දිලිසුනේ පහන්දි ගේ වෙඩින් එක වෙනවටත් වඩා තමන් අවුරුදු ගානක් තිස්සේ බලන් හිටපු තමන් ගේ ලොකු දූ ගේ විවාහයත් ලගදිම වෙන නිසා…. තාත්තා හිනා වෙවීම කෙල්ල ලගට ඇවිත් කෙල්ලගේ ඔලුව අත ගෑවේ හිතේ උතුරන පිය සෙනෙහසින්…

කෙල්ල තාත්තට හිනා වෙලා පහන්දි ගේ අතින් අල්ලගෙන පහන්දි ගේ රූම් එකට ගියා..

“කෝ…දැන් ඔයාගේ සිහින කුමාරය ට කියන්න ඉක්මනටම අම්මලට කියලා වෙඩින් එක ගන්න කියලා…. හොදද… “

සේයා කිවුවෙ පහන්දිගේ දිලිසෙන ඇස් දිහා සතුටින් බලලා…

“අනේ…තැන්කූ අක්කී…”

කෙල්ල සතුටු කදුලු වලින් මූන පුරවගෙන තමන් ගේ අක්කට තුරුල් උනා…

“අඩන්න එපා මැට්ටී…මේ බඩේ ඉන්න දගයත් එලියට ආවම අඩන්න ගනියි අම්මගෙන් පුරුදු වෙලා…”

සේයා කිවුවේ පහන්දි ගේ බඩට අතක් තියලා ආදරෙන්….

අම්මාගේ ඇස් වල වගේම තාත්තගේ ඇස් වලත් කියා ගන්න බැරිතරමට සතුට දෝරේ ගලනවා…තමන් ගේ නංගිගේ ඇස් වලත් තිබුනේ අසීමාන්තික සතුටක්… එහ් තව ටික දවසකින් ලස්සන වෙඩින් එකක් අරන් කුසේ ඉන්න පුංචි පැටියා එක්ක සතුටින් ඉන්න හීන මවමින්…

මේ හැමෝගෙම සතුට ඉස්සරහා සේයාගේ හිතට සියුම් වේදනාවක් දැනෙන්න ගත්තේ නංගිගේ වෙඩින් එකෙන් පස්සේ කවදාවත් නොදැකපු තේජාන් එක්ක ගෙවන්න යන විවාහා ජීවිතේ ගැන හිතද්දි… ඒත් කවදත් අනිත් අය ගැනම හිතපු කෙල්ල අම්මගේ තාත්තගේ වගේම තමන් ගේ නංගිගේ සතුට ගැනත් හිතලා හිතට ආපු වේදනාව යටපත් කරගත්තේ ආයෙත් එහ් වේදනාකාරී හැගීම වලට තමන් ගේ හිතේ ඉඩක් නොදෙන්න තදින් හිතාගෙන…

” ඇයත් පතිනියකි “

03 වෙනි කොටසින් හමුවෙමු..

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *