ඇයත් පතිනියකි 16

16_කොටස

“එනවා…මට නිදිමතයි…..”

කොල්ලා සේයා දිහා බලලා රවලා කියද්දි කෙල්ලට එක පාරම සැනසුම් සුසුමක් පිට උනේ කෙල්ල බයෙන් හිටපු දේ නොවුන නිසාමයි….

“මොකද ඔතන ගල් පිලිමේ වගේ අහ්…එනවා නිදා ගමු…..”

කෙල්ල ඇද දිහා බලාගෙනම හිටපු නිසා කොල්ලා කිවුවේ ටිකක් තරහින්….

“ඔයත්…එක්ක…එකම ඇදේ….”

කෙල්ල කිවුවේ වචන පටලවමින්…

“හරි තමුසේ බිම නිදා ගන්නවා…”

ටයිල් අල්ලලා තිබුන රූම් එකේ බිම දිහා බලාගෙන කොල්ල මූනට බොරු තරහක් මවාගෙන කිවුවේ කෙල්ලගේ මූනේ වෙනස් වෙන ඉරියවු දිහා බලලා හිත යටින් හිනා වෙමින්…

“බි..ම..මට බෑ….”

කෙල්ල ගත් කටටම කියලා දැන්මේ එක පාරක් බිමත් කොල්ලා දිහත් බලමින්…..

“හරි…තමුසේ එහෙනම් එහා රූම් එකට යනවා…ඒකේ කවුරුත් නැ…”

කොල්ලා කිවුවේ කොල්ලගේ රූම් එකට ලගින්ම තිබුන ඊලග රුම් එක ගැන…ඒත් කෙල්ල මොකුත් නොකියම ගල් ගැහිලා බලන් හිටියේ තනියම රූම් එකක ඉන්නවට වඩා බිමම නිදා ගන්න එක හොදයි කියලා හිතමින්…

“හරි…මන් බිම නිදා ගන්නම්…”

කෙල්ල එහෙම කියලා ඇද උඩ තිබුන ශීට් එකයි කොට්ටෙයි අතට ගත්තා..මෙච්චර වෙලා බොරු තරහක් නවන් හිටපු කොල්ලා ඒත් ඊලග තත්පරේ දෝන්කාර දෙන තරමට ම හයියෙන් කෙල්ලගේ නම කියද්දි කෙල්ල ගැස්සිලා ගියේ අතේ තිබුන බෙඩ් ශීට් එකත් අතින් ගිලිහිලා බිමට වැටෙද්දි මයි…..

“සේයා…….”

කෙල්ල කොල්ලා දිහා බය වෙලා බලන් ඉද්දි කොල්ලා අඩියට දෙකට ඇදෙන් බැහැලා කෙල්ල ලගට ආවේ එහ් ඇස් තරහින් වගේම මොකක්ද දුකකිනුත් පිරිලා තියෙද්දි…. කොල්ලා ආව ගමන් ම කෙල්ල අතේ තිබුන කොට්ටය ඇදට දාලා කෙල්ලගේ මූන දිහා බැලුවේ ඇස් රතු කරගෙන……..

“ඇයි…තේ…ජා…න්…”

කොල්ලගේ හැසිරීම තේරුම් ගන්න බැරි නිසාම කෙල්ල ඇහුවේ හොදටම බය වෙලා….

“උබ මගෙ ගෑනි… මට උබව මගෙ කරගන්න බැරි උනාට දැන් උබ මගෙ ගෑනි…….”

හීනෙන්වත් නොහිතපු වචන ටිකක් තේජාන් ගේ මුවින් පිටවෙද්දි කෙල්ල ඇස් වල කදුලු පුරවගෙනම තේජාන් දිහා බලාගෙන හිටියේ නිහඩවමයි…

“ඇදේ නිදා ගන්නවා…මන් එහා රූම් එකට යන්නම්…”

කොල්ල එහෙම කියලා එහා රූම් එකට යන්න හදද්දිම කෙල්ල කොල්ලගේ අතින් අල්ලා ගත්තේ අඩ අඩ මයි..

“එහ් පාර මොකද……”

“මට…මට තනියම ඉන්න බයයි තේජාන්….” .

කෙල්ල කිවුවේ බිම බලාගෙන…කොල්ලගේ ඊලග ප්‍රතිචාරේ මොකක් වෙයි ද කියලා බයෙන් හිතමින්..

කොල්ලගේ තරහා පිරුන මූනට හිනාවක් ආවේ ඉබේමයි…

“හරි…මන් බිම නිදා ගන්නම්…”

කෝටිපති ව්‍යාපාරික් මිස්ටර් මුනසිංහ ගේ එකම පුතා එහෙම කියද්දි කෙල්ලට දැනුනේ ලොකු අසරනකම්ක්…තමන් නිසා කවදාවත් තේජාන් නොකරපු දෙයක් කරන්න හදද්දි කෙල්ල ඇස් වල කදුලු පුරවගෙනම කොල්ල දිහා බැලුවා..ඒත් ඊලගට කෙල්ල කොල්ලගෙන් අහපු දේට කොල්ල කටත් ඇරගෙන කොල්ලා දිහා බැලුවේ කෙල්ල කරන්න යන දේ හිතා ගන්න බැරුව..

“තව කොට්ට තියනව ද..”

“එහ් මොකට ද අහ්…”

කොල්ලා ඇහුවේ ඇස් දෙක ලොකු කරන්..

“මට තව කොට්ට 4ක් ඕනි..ගෙනත් දෙනව ද…”

“මොකටද කියනවා..ගෙනත් දෙන්නම්…”

“ඔයා ගෙනත් දෙන්නකෝ…එතකොට කියන්නම්…”

කෙල්ල කොල්ලට දෙවෙනි නොවී කොල්ල කතා කරාටත් වඩා සැරෙන් කතා කරද්දි කොල්ලා නිහඩවම ගිහින් එහා රූම් එකේ දොර ඇරලා කොට්ට 4ක් ගෙනත් කෙල්ලගේ අතින් තිබ්බා…

කෙල්ල නිහඩවම ඇදේ හරි මැදට වෙන්න කොට්ට තියලා මැදින් පවුරක් හැදුවේ කොල්ලා කටත් ඇරන් බලන් ඉද්දි….

“හරි…දැන් ඔයා මෙතන..මන් මෙතන…”

කෙල්ල ඇදේ එක පැත්තක් කොල්ලට පෙන්නලා අනිත් පැත්තෙන් මොහොතකට කලින් තමන් අතින් බිම වැටුන ශීට් එක අරන් දමමින් කිවුවේ හිනා වෙවීමයි…

කොල්ලා මොකුත් නොකියම ඔලුව හෙල්ලුවේ හා කියන්න…

“හැබැයි ඇදෙන් එහා පැත්තට ඇවිත් තිබුනොත් බලාගමු…”

කෙල්ල මාපට ඇගිල්ල දිග් කරලා කොල්ලට තර්ජනය කරමින් කියලා ඇදට ගිහින් ශීට් එක පොරවගත්තේ dress කරපු ඇදුම් මේකප් පවා මූනේ තාමත් එහෙම්මම තියෙද්දි….

“ඔහොම ද නිදා ගන්නේ අහ්…”

කොල්ල ඇහුවේ වොශ් එකක්වත් නොදා නිදා ගන්න හදන කෙල්ල දිහා ඇස් ලොකු අරන් බලමින්…

“ඔව්…ඔයත් නිදා ගන්න ඔහොම…උදේට වොශ් කරමු…”

කෙල්ල එහෙම කියද්දි කවදාවත් වොශ් නොදා නිදාගන්න තේජාන් එහ් අණට කීකරු වෙලා වගෙ ඇවිත් එහෙම්මම ශීට් එක පොරව ගත්තේ ඇස් දෙක පියන් ඉන්න කෙල්ල දිහා හිනා වෙලා බලලා…

“සේයා…”

කොල්ලා කෙල්ල දිහා බලලා කිවුවත් කෙල්ල ඇස් දෙක පියාගෙනම ඉද්දි කොල්ලා හිනා වෙවිම ඇස් දෙක පියා අත්තේ හිතට නුහුරු සතුටක් දැනෙද්දිමයි…

“දැන් සතියක් ඉන්න ඕනි තාත්තා නැතුව….මේ සතියේ මොනා ද කරන්නේ…”

කොල්ලා තමන් ටම කියා ගත්තත් කෙල්ල එක පාරටම නැගිටිද්දි කොල්ලා ගැස්සිලා ගියේ කොල්ලා හිතන් හිටියේ කෙල්ල නිදි කියලා නිසා….

“මට අයිස් ක්‍රීම් අරන් ඕනි…තව බීච් යමු…තව කවදාවත් කාලා නැති ගොඩක් කෑම අරන් ඕනි…තව තව තව මන් කියන කියන හැමදෙම…”

කෙල්ල ඇස් දෙක බෝල කර කට උල් කරගෙන කියද්දි ඉටිපන්දම් එලියට පෙනුන කෙල්ලගේ මූනේ ලස්සන දිහා ලෝබ කමින් බලන් හිටපු කොල්ලා මොකුත් නොකියම ඇස් දෙක පියාගත්තේ කෙල්ලව තරහා ගස්සවමින්…

“ඔයාට ගොඩක් සල්ලි තියනවනේ තේජාන්…අනික සතියයි නෙහ්…”

කෙල්ල කිවුවේ මූන දෙක කරන්..කොල්ලට හිනා යන්න ආවත් කොල්ලා එහ් පවක් පෙන්නන් නැතුවම හා කිවුවේ කෙල්ලගේ ඇස් සතුටින් පිරෙද්දි…

“නියමයි…”

කෙල්ල එහෙම කියලා ඇස් දෙක පියා ගත්තේ හිනා වෙවීමයි….

17 කොටසින් හමුවෙමු…

ඊලග කොටස අද රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *