ඇයත් පතිනියකි 17

17_කොටස

“සේයා…. නැගිටිනවා..දැන් 8 ටත් කිට්ටුයි….. “

පහුවදා කෙල්ල ඇහැරුනේ තේජාන් ගේ කටහඩින්…කෙල්ල යන්තන් එක ඇහැක් විතරක් අමාරුවෙන් ඇරලා තේජාන් දිහා බලලා ආයෙත් කොට්ටයක් තුරුල් කරගෙනම ඇස් දෙක පියා ගත්තේ තේජාන් ට මොකුත් නොකියමයි… තේජාන් මේ ඇහැරලා ඉන්නෙ පැය බාගෙක විතර ඉදන්..කෙල්ලට ඇහැරෙවුවේ නැත්තේ පවු කියලා..ඒත් සේයා ගේ මේ හැසිරීම දැකලා තේජාන් ට තරහා ගියේ ඉබේමයි…කොල්ලා තරහට ම රූම් එකේ දොර හයියෙන් වහලා පහලට යද්දි කෙල්ල ගැස්සිලා ඇහැරුනේ කොල්ලා දොර වහපු සද්දෙට.. රූම් එකේ ක්ට්න් ඔක්කොම ඇරලා තිබුන නිසා මේ වෙද්දි මුලු රූම් එකටම එලිය වැටිලා තිබුනේ රෑ ඉටිපන්දම් එලියෙන් විතරක් දැක්ක රූම් එකේ ලස්සන කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දි…

විනාඩි දෙක තුනක් හොල්මන් වෙලා වගේ රූම් එක දිහා බලන් හිටිය කෙල්ල ඊලගට බිත්තියේ එල්ලලා තිබුන ඔරලෝසුව දිහා බැලුවේ කලබලෙන්… එහ් තේජාන් ආයේ පාරක් ආවොත් හොද දෙකක් අහගන්න වෙනවා කියලා කෙල්ල හොදටම දන්න හින්දා… ඉක්මනට ඇදෙන් බැහැපු කෙල්ල ඊලගට වට පිට බැලුවේ වොශ් රූම් එක හොයාගන්න… ඊලගට කොල්ලා වොශ් රූම් එකේ දාලා තිබුන ඊයේ කොල්ලා ඇදපු ඇදුම් ටිකයි තමන් ඇදන් හිටපු සාරි එකයි වොශ් කරලා කෙල්ල රූම් එකට එනවත් එක්කම දැක්කේ කවදාවත් දැකලා නැති තරම්ම ලස්සන ගවුම් ගොඩක්…කෙල්ල ඇස් දෙකත් ලොකු කරන් එහ් දිහා බලන් හිටියේ කෙල්ලට ඇදුම් ටික පේන්නම අල්මාරිය ඇරලා තිබුන හින්දමයි…මේ ඔක්කොම තේජාන් ගේ වැඩ කියලා දැනෙද්දි කෙල්ලගේ හිතට දැනුනේ පුදුම සතුටක්.. කෙල්ල එතන තිබුන කෙල්ල ආසම කරන ලා රෝස පාටට තිබුන දිග ගවුම ඇදලා තෙත බේරෙමින් තිබුන කොන්ඩය කඩලා දැන්මේ කන්නාඩිය ලගට ගිහින් තමන් ගේ රූපේ දිහා බලාගෙනමයි… කෙල්ල කන්නාඩියෙන් තමන් දිහා බලලා යන්තන් හිනා වෙද්දිම කෙල්ල හිතන්නත් කලින් තේජාන් රූම් එකට ආවා… කෙල්ල මූනට ආව හිනාව එහෙම්මම යට කර ගත්තේ තේජාන් ආව නිසා..

“ඇති යන්තම් ඇහැරලා…”

කෙල්ල තමන් ටම කන්නාඩියෙන් හිනා වෙවී ඉන්නවා කොල්ලා අගේට දැක්කත් කොල්ල ඒක නොදැක්ක ගානට කිවුවේ කෙල්ල දිහා සුපුරුදු විදිහටම රවලා බලලා…

කෙල්ල කොල්ලා කිවුව කිසි දෙයක් ගානට නොගෙනම කන්නාඩි මේසේ උඩ තියලා තිබුන spray එක අතට ගත්තේ ඒකේ සුවද බලනගමන් මයි…

“මේ සේයා..ඕක මගෙ…ආයේ මගෙ දේවල් අල්ලලා තිබ්බොත්…”

“මං අන්කල් ට කියනවා…”

කොල්ලගේ කතාව ඉවර වෙන්නත් කලින් කෙල්ල කිවුවේ තේජාන් ට රවමින් කන්නාඩි මේසේ උඩ තිබුන තේජාන් ගේ අනිත් දේවලුත් අදින ගමන්… කොල්ලා මොකුත් නොකියම බලන් හිටියේ මූන මෙරි කරන්…

කෙල්ල කන්නාඩියෙන් කොල්ලගේ මෙරි වෙලා තිබුන මූන දිහා බලලා කොල්ලා දිහාට හැරුනේ සීරියස් පාට් එකකින්…

“තේජාන්…මන් දැන් ඔයාගේ වයිෆ් නේද ..”

කෙල්ල ඇහුවේ ඇස් දෙක තවත් ලොකු කරලා එක ඇහිබැම්මක් උස්සලා කොල්ලා දිහා බලලා.. .

“ඔව් ඉතිම්….”

කොල්ලා කෙල්ලගේ බැල්ම ගානකටවත් නොගෙන ඇහුවේ කෙල්ල ගේ මූනට හිනාවක් එද්දිමයි….

” හරි… දැන් එතකොට අන්කල් ගියේ අපි දෙන්නට තනියම ඉන්න දීලා නෙද…සතියක් ම…”

“ඔව්…ඉතින්…”

“දැන් මේ සතියේ අපි එකට ඉන්නත් ඕනිනෙහ් නේද ..”

“ඔව් ඉතින්… “

” මට… මට අයිස් ක්‍රීම් ඕනි… තව බීච්…”

“තමුසෙට පිස්සුද ආහ්..මේ උදේ පාන්දර…”

“මන් අන්කල් ට කියනවා…”

කෙල්ල අතේ තිබුන කොල්ලගේ පනාවත් බිමට දාලා දුවන් ගියේ ෆෝන් එක ලගට… කොල්ලා තරහට ම කෙල්ලගේ අතින් ඇල්ලුවේ කෙල්ලට රිදෙන තරමට මයි….

“සේයා මේ..හැම මගුලට ම තාත්තාට කියනවා කිවුවොත් ඊලග පාර මන් තමුසෙට හොද වැඩක් කරනවා…”

“ඇයි ඔයා මට මොනා කරන්නද අහ්..”

” මන් තමුසේ අර ශොප් එකේදි මට කියපුවයි ඊට පස්සේ උන හැමදේමයි තාත්තට කියලා දානවා…එහ් හින්දා පාඩුවේ ඉන්නවා…”

මෙච්චර වෙලා කොල්ලා එක්ක ගේමට ආව කෙල්ල කොල්ලගේ එහ් වචන එක්ක එක පාරටම ගොලු වෙලා ගියේ තමන් අහිංසකයි කියලා හිතන් ඉන්න මුනසිංහ මේ දේවල් දැනගත්තොත් තාත්තා කෙනෙක් වගේ තමන් ට ආදරේ කරන එහ් මනුස්සයා ගේ හිතේ තමන් ට තියන ආදරේ නැති වෙයි කියලා හදවතේ ගැබුරින්ම වේදානවක් වගේම බයක් දැනුන නිසාමයි…

සැරින් සැරේ වෙනස් වෙන කෙල්ලගේ ඉරියවු දකිද්දි කොල්ලා යටි හිතින් සතුටු උනේ කෙල්ලව පරද්දලා මේ පාරනම් කොල්ලා දිනුවා කියලා හිතමින් මයි…

“මට අයිස් ක්‍රීම් එපා..බීච් යන්නත් ඕනි නෑ…ප්ලීස් අන්කල් ට මොකුත් කියන්න එපා… “

කෙල්ල පොඩි ලමයෙක් වගේ අඩන්න ලන් වෙලා කියද්දි කොල්ලා කෙල්ල දිහා බලලා දත් තිස් දෙකම පේන්න හිනා උනේ බලමු කියන්න වගේ…

අවුරුදු 22ක් වෙලත් අවුරුදු තුනක හතරක පොඩි ලමයෙක් ගේ හැසිරීම් තිබ්බ කෙල්ලව දකිද්දි කොල්ලට හිතේ තිබ්බ හැම දුකක් ම අමතක වෙලා යන්නේ කොල්ලටත් නොදැනිමමයි…

” හරි හවසට යන්න ලෑස්ති වෙනවකෝ….”

කොල්ලා කෙල්ල දිහා යන්තම් හිනා වෙලා කිවුවත් කෙල්ලගේ ඇස් උඩ ගියේ සතුට වැඩි කමට මයි…

“අනේ…ඇත්තටම…අනීයී…ඔයානම් තේජාන්… තැන්කූ….”

කෙල්ල හිනා වෙවීම කියද්දි කොල්ලා පොඩි ලමයෙක් වගේ හිනා වෙන සේයා දිහා බලන් හිටියේ ලෝබ කමින්… ඒත් එහ් සතුට තිබුනේ විනාඩි දෙක තුනක් විතරයි…

කොල්ලගේ ෆෝන් එක රින්න්ග් වෙන්න ගත්තයින් කොල්ලා ඇද ලග තිබුන පුංචි මේසේ ලගට ගිහින් ෆෝන් එක අතට ගත්තා…ඒත් ස්ක්‍රීන් එකේ තිබුන නම්බර් එක දැක්කම කොල්ලා පුදුම විදිහට කලබල උනා… කොල්ලා ෆෝන් එක අරන් රූම් එකෙන් එලියට යන්න හැදුවේ සේයා දිහත් කලබලෙන් බලලා…කොල්ලා මේ විදිහට කලබල වෙලා ඉන්නවා කෙල්ල දැකලා නැති නිසා ම කෙල්ල කොල්ලා දිහා බැලුවේ පුදුමයෙන්…

” කවුද තේජාන්…”

කෙල්ල ඇහුවේ ෆෝන් එක ආන්සර් කරන් නැතුව ෆෝන් එක දිහා බලන් ඉන්න කොල්ලා දිහා පුදුමයෙන් බලලා…

“මේ…ඔෆිස් එකෙන්…මන්…කතා කරලා එන්නම්…”

කෙල්ල මොකුත් කියන්න කලින් ම කොල්ලා එහෙම කියලා රූම් එකෙන් එලියට ගියේ රූම් එක එහා පැත්තේ තිබුන බැල්කනි එකට…

ඒත් කොල්ලා කතා කරපු දේ කොල්ලා නොහිතපු විදිහට කෙල්ල හිටපු තැනට ඇහුනේ කෙල්ලගේ හිතට මොකක්දෝ දුකක් දැනෙද්දි මයි….

18 කොටසින් හමුවෙමු…

ඊලග කොටස හෙට රෑ 7 ට…

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

පුලුවන් උනොත් හෙට උදේටත් කොටසක් දාන්නම්…

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ… 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *