ඇයත් පතිනියකි 18

18_කොටස

“මචන්…මන් මේ වචන ටික අහන්න අවුරුදු ගානක් බලන් හිටියා…කියපන්…..”

කොල්ලා කිවුවේ කලකිරීමෙන්…එහ් වචන වල දුක වැඩි කමට ම සමහර වචන වල සද්දෙ පවා පිටතට නොඇසුනේ රූම් එකේ ඉදන් කොල්ල කතා කරනවා අහන් හිටපු සේයා ගේ වේදනාව තවත් වැඩි කරමින්… කොල්ල කියන දේ කෙල්ලට අගේට ඇහුනත් ෆෝන් එකෙන් කොල්ලට කතා කරන කෙනා කියන කිසි දෙයක් කෙල්ලට ඇහුනේ නෑ…කෙල්ල තවත් කොල්ලා කියන දේවල් වලට ඇහුම්කන් දෙන්න ගත්තේ හිතේ වේදනාව මොහොතකට අමතක කරලා….

” එහ් මගෙ පන ටික…. මට බෑ මචන් එහෙම කරන්න….. “

“……………………………..”

“මට උබ කියන දේ තේරෙනවා…ඒත්…මන් කොහොමද මචන් හිත හදාගෙන එහෙම කරන්නේ….”

“…………………………….”

” උබ මට මේ වචන ටික දවස් දෙකකට කලින් කිවුවනම් මේ දේවල් මෙහෙම වෙන්නේ නෑ මචන්… ඒත් එහෙම කියලා මගෙ හුස්ම ටික ආයෙත් දකින්න තියන ආසාව මට නැති කරගන්න බෑ… මට කියපන්…උබ හොයා ගත්ත ද එහ් අහිංසකී ඉන්න තැනක් ගැන……..”

“………………………………”

“ප්ලීස් මචන්…ඉක්මනටම මට කියපන්… මාව තවත් පිස්සෙක් වෙයි……”

“…………………………………”

“හරි මචන්… bye…”

කෙල්ල උන් තැනම ගල් ගැහිලා මොහොතක් බලන් හිටියේ හැගීම් විරහිතව…ඊලග තත්පරේ කෙල්ලගේ කම්මුල් දිගේ කදුලු ගලන් යන්න පටන් ගත්තේ පපුව මැදින් කවදාවත් නැති වේදනාවක් දැනෙන්න ගද්දි…තේජාන් කිවුව වචන ආයේ ආයෙත් කෙල්ලගේ කන් වල දෝන්කාර දෙන්න ගත්තයින් කෙල්ල අඩ අඩම අත් දෙකෙන් කන් දෙක වහා ගත්තේ ලග තියන බිත්තියට හේත්තු වෙලා බිම ඉද ගන්න ගමන් මයි… තේජාන් ගේ එහ් වචන එක්ක කෙල්ලගේ හිත කෙල්ලගෙන් ම ප්‍රශ්න කරන්න ගත්තේ පිස්සියක් වගේ……..

“එහ් කතා කරේ කවුද දෙයියනේ… තේජාන් පන කිවුවේ කාට ද… එහ් අහිංසකී කිවුවේ එයා කලින් ආදරේ කරපු කෙනාට ද… එතකොට…එ..ත..කො..ට…දවස් දෙකකට කලින් කිවුවනම් මේ දේවල් වෙනස් වෙන්න තිබ්බා කිවිවේ…අනේ දෙයියනේ..එහ් කිවුවේ අපේ වෙඩින් එක ගැන ද….. දවස් දෙකකට කලින් කිවුවනම් මාව මැරි කරන් නෑ කියල ද කිවුවේ…….අනේ…අනේ දෙයියනේ……..”

කෙල්ල රිදුම් දෙන තමන් ගේ පපුව එක අතකින් අල්ලගෙන එක අතක් ටයිල් පොලව මත තියලා අමාරුවෙන් නැගිට්ටේ ඇස් වල තිබුනු කදුලු එහ් විදිහටම ගලන් යන්න දීලා අවුල් වෙලා තිබුන හිස කෙස් හදාගෙන… කිසිත් නොවුන විදිහටම ඉන්න ඕනි කියලා කෙල්ල හිතා ගත්තේ හැමදාම තමන් ගේ දුක හංගගෙන හිනා වෙන එක කෙල්ලට උපතින් ම ලැබුන දෙයක් නිසාමයි… තෙජාන් රූම් එකට එන්න කලින් ඇස් වල තිබුන කදුලු පිහිදගෙන කෙල්ල මූනට හිනාවක් මවා ගත්තේ පුදුම වෙහෙසක් දීලා…..ඒත් එහ් හිනාව තවත් එක තත්පරයක් වත් තියගන්න කෙල්ලට ශක්තියක් තිබුනේ නෑ…අවුරුදු 22ක් පුරාවට කෙල්ලගේ හිතට දැනුන එකම ආදරෙත් තමන් ට අයිති නැති දෙයක් කියලා දැනෙද්දි කෙල්ල අමාරුවෙන් නවත්තගෙන හිටපු කදුලු ආයෙත් ගලන් යන්න ගියේ කලින්ටත් වඩා වේගෙන්.. තේජාන් කිවුව වචන ආයේ ආයෙත් කෙල්ලගේ හිතේ දෝන්කාර දෙන්න ගත්තයින් කෙල්ල බිත්තියේ ඔලුව ගහා ගත්තේ පිස්සියක් වගේ අඩ අඩ….. එහ් සද්දෙ බැල්කනි එකේ ඉදන් රූම් එකට එන ගමන් හිටපු තේජාන් ට පවා ඇහුනේ කොල්ල හොදටම බය වෙද්දි… කොල්ලා දුවගෙන රූම් එකට ආවේ කිසි දෙයක් හිතා ගන්න බැරුව…කොල්ලා එනකොට කෙල්ල වේදනාව දරා ගන්න බැරුව බිම වැටිලා හිටියේ කෙල්ලගේ නලලින් ලේ ගලන් යද්දි… හීනෙකින්වත් නොහිතපු මේ සිදුවීම දකිද්දි කොල්ල තත්පර ගානෙන් සේයා ලගට ගියේ අතේ තිබුන ෆෝන් එකත් කොල්ලගේ අතින් ගිලිහිලා බිමට වැටෙද්දි….

“සේයා….අනේ දෙයියනේ…මොකද මේ..මොකද මේ කරගත්තේ….”

බිම වැටිලා හිටපු කෙල්ලව තමන් ගේ අතට අරන් පරිස්සමට ඇදෙන් තියපු කොල්ලා ඇහුවේ කලබලෙන්… කෙල්ලගේ ඇස් අඩලා අඩලම ඉදිමිලා තිබුනත් කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන තේජාන් දිහා බැලුවේ එහ් ඇස් වලට අලුතින් කදුලු උනද්දි….. කෙල්ලගේ නලල දිගේ ආව ලේ පාරවල් මේ වෙද්දි කෙල්ලගේ මුන දිගේ ඇවිත් ගෙල පෙදෙස දක්වාම ඇවිත් තිබුනේ… එහ් දසුන දැකපු කොල්ලගේ ඇස් වලට කදුලු පිරෙන්න තත්පරයක් වත් ගියේ නෑ…කොල්ලා ඇස් වල කදුලු පුරවගෙනම කෙල්ලගේ මූන දිගේ ඇවිත් තිබුන ලේ පාරවල් තමන් ගේ අතින් ම පිහ දැන්මත් ගොඩක් තුවාල වෙලා තිබුන නිසාම එහ් ලේ පාරවල් නවතින පාටක් පෙනුනේ නෑ . කොල්ලා කෙල්ලව එහෙම්මම තියලා කිචන් එකට දුවලා ගිහින් අයිස් කැටයක් ගෙනත් නලලේ තිබ්බේ ලේ ගලන එක නවත්තන්න… ඊලගට ඉක්මනට රූම් එකේ තිබ්බ ලෑන්ඩ් ෆෝන් එක ලගට දිවුවේ කෙල්ලගේ ලේ ගලන් යන නලල දිහා වේදනාවෙන් බලලා…

“මචන්…මන්…මන්..තේජාන්….සේයා ගේ නලල තුවාල වෙලා …ගොඩක් ලේ යනවා…ඉක්මනට වරෙන් මචන්….”

කොල්ලා එහෙම කියලා ෆෝන් එක තියලා ආයෙත් සේයා ලගට ගියේ කලබලෙන්… මේ වෙද්දි ත් කෙල්ලගේ ඇස් වලින් වැටෙන කදුලු වලනම් අඩුවක් තිබුනේ නෑ…. කෙල්ල හිටියේ හොදට ම අඩ අඩ…. අඩලා අඩලම ඉදිමිලා තිබුන ඇස් දිහා තේජාන් මොහොතක් බලන් ඉදලා ඊලග තත්පරේ තමන් ගේ අත් දෙකෙන් ම කෙල්ලගේ ඇස් වල තිබුනු කදුලු පිහදැන්මේ කෙල්ල ගේ නිකටෙන් අල්ලලා කෙල්ලගේ ඇස් තමන් ගේ ඇස් දිහාට හරවමින්… ….

“සේයා….මොකද උනේ….”

කොල්ලා ඇහුවේ පුදුමයෙන් වගේම වේදනාවෙන්…ඒත් තේජාන් ගේ මේ වචනත් එක්කම කෙල්ලගේ ඇස් වලින් ආයෙත් කදුලු ගලන්න පටන් ගත්තේ කලින්ටත් වඩා හයියෙන් අඩන්න පටන් ගෙන…

තේජාන් කෙල්ල දිහා බලලා මොකක්දෝ කියන්න හදද්දිම පහලින් ඇහුනේ කවුදෝ කෙනෙක් කලබලෙන් තේජාන් ගේ නම කියනවා… එහ් මොහොතකට කලින් තමන් කෝල් කරපු තමන් ගේ යාලුවා ඩොක්ටර් සහස් ගේ කටහඩ කියලා කොල්ලා තේරුම් ගත්තයින් කොල්ලා රූම් එකේ ඉදන් ම කතා කරේ සහස් ට රූම් එකට එන්න කියමින්..

“මචන්…ඉක්මනට වරෙන්…”

තේජාන් කිවුවේ කෙල්ල දිහා වේදනාවෙන් බලලා… කොල්ලා එහෙම කියලා විනාඩියක් යන්නත් කලින් සහස් රූම් එකට ආවේ කලබලෙන්…

“මචන්…මොකද උනේ..”

සහස් ඇහුවේ සේයා ගේ නලල දිහත් තේජාන් දිහත් මාරුවෙන් මාරුවට බලමින්…

“දන්නේ නෑ මචන්..මන් උබත් එක්ක කෝල් කරලා රූම් එකට එද්දිම සේයා….”

කොල්ලා ඉතුරු වචන ටික කියන්න කලින් ම කොල්ලගේ ඇස් වල කදුලු පිරුන නිසා කොල්ලා අතින් සේයා ව පෙන්නලා වචන ටික ගිල ගත්තේ ඇස් වලට ආව කදුලු අත්ලෙන් පිහින ගමන්…

“උබත් එක්ක කෝල් කරලා කිවුවේ…එහ් කියන්නේ තේජාන් කලින් කතා කරේ මෙයා එක්ක ද…”

තේජාන් ගේ කිවුව දේ ඇහුන ගමන් කෙල්ල ඇස් දෙකේ කදුලු පුරවන් සහස් දිහා බැලුවේ කවදාවත් නැති අසරන බැල්මකින්…

ඩොක්ටර් සහස් බණ්ඩාර… තේජාන් ට හිටපු එකම විශ්වාසවන්ත යාලුවා…තේජාන් වගේම සහස් පොඩි කාලේ ඉදන් හැදුනේ එකට මයි.. අදටත් තේජාන් ගේ ජිවිතේ සහස් නොදන්න සහස් ට නොකියපු කිසිම දෙයක් නෑ… කොල්ලගේ දුකේදි සහස් තරම් මිස්ටර් මුනසිංහ වත් කොල්ලා ලග ඉදලා නෑ… ඉතිම් සහස් ගෙයි තේජාන් ගෙයි බැදීම යාලුකමට එහා ගිය එක සහෝදර බැදීමක්… කවදත් හිනා වෙලා ඉන්න සහස්ට තේජාන් තරන් නොවුනත් කෙල්ලෙක් දෙපාරක් බලන තරම් ලස්සනක් තිබුනා…කොල්ලගේ වෛද්‍ය ජීවිතේ අත්දැකීම් අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් උනත් කොල්ලගේ දක්ශකමනම් අවුරුදු 20 ක පලපුරුද්දත් ඉක්මවා යන තරම්…. එහ් වගේම කොල්ලට තිබ්බේ කාටවත් ම නොතිබුන කෙනෙක් දැක්ක ගමන් හිතේ තියන හැමදේම කියවන්න පුලුවන් අපූරු හැකියාවක්…

සේයා ගේ අසරන බැල්ම දැක්ක ගමන් ම සේයා ගේ හිතේ තිබ්බ හැගීම් වගේම උනේ මොකක්ද කියලත් තේරුම් ගන්න කොල්ලට වැඩි වෙලා ගියේ නෑ… සහස් වේදනාවෙන් සේයා දිහා බලලා ඊලග තත්පරේ තුවාල වෙලා තිබ්බ කෙල්ලගේ නලලට බෙහෙත් දාන්න පටන් ගත්තේ පොඩි ලමයෙක් වගේ මෙච්චර වෙලා හිතේ වේදනාවට අඩමින් හිටපු කෙල්ල බෙහෙත් වල වේදනාවට අඩද්දි…. කෙල්ල ට තියෙන්නේ පොඩි ලමයෙක් ට තියන ඇක්ශන් මයි කියලා සහස් ට පවා තේරුම් ගියේ කොල්ලා හිනා වෙවීම තේජාන් දිහත් සේයා දිහත් බලද්දි…

“මචන්…මේ කෙල්ලව මලක් වගේ පරිස්සම් කරපන්…තාම පොඩි ලමයෙක් වගේ…”

බෙහෙත් දාලා ඉවර කරපු සහස් කිවුවේ තේජාන් දිහා හිනා වෙලා බලමින්…

ඊලගට කෙල්ලගේ ඔලුව සීරුවට පිරිමැදලා සහස් කිවුව දේට කෙල්ලගේ ඇස් වලට ආයෙත් කදුලු පිරෙන්න ගත්තේ සහස් උන හැමදේම තේරුම් ගත්තා කියලා කෙල්ලගේ හිතට දැනෙද්දි මයි…

“හැමදේම හරියයි නංගි…ආයෙත් මෙහෙම මෝඩ වැඩ කරලා අහු වෙන්න එපා…”

කවදාවත් කෙල්ල සහස් ව මීට කලින් දැකලා තිබුනේ නැති උනත් සහස් තමන් ගෙම සහෝදරයෙක් තරම් සෙහෙහසින් කිවුව දේට කෙල්ල අසරනව ඔලුව හෙල්ලුවේ හා කියන්න… සහස් හිනා වෙලාම කෙල්ලගේ හිසෙන් අත ගත්තේ තේජාන් දිහා රවලා බලමින්…

“මේ කෙල්ලව බලා ගනින් බූරුවා…මන් ගිහින් එන්නම්…”

“සහස් තේ එකක්…”

“අනේ බොරුව දාන් නැතුව හිටපන් තේජාන්..උබ ට පුලුවන්නම් ඔච්චර දෙයක් කරන්න…”

සහස් එහෙම කියලා සේයා දිහත් තේජාන් දිහත් හිනා වෙවීම බලලා පහලට ගිහින් කාර් එක ස්ටාට් කරේ තේජාන් රූම් එකේ ඉදන් ම සහස් දිහා බලන් ඉද්දි….

සහස් ගියාට පස්සේ කොල්ලා ආයෙත් සේයා දිහා බැලුවේ කලින් උනේ මොකක්ද කියලා දැනගන්න හිතාගෙන මයි…

මේ වෙද්දි සේයා සාමන්‍ය තත්වෙට ඇවිත් තිබුන හින්දම කෙල්ල තමන් ව පාලනය කරගෙන මොහොතකට කලින් උන හැමදේම තත්පර ගානකට හිතින් අයින් කරලා තිබුනේ…..

ඒත් තේජාන් තමන් ලගට එද්දි කලින් වගේම තමන් ට තමන් වම කන්ට්‍රෝල් නැති වෙයි කියලා කෙල්ලගේ හිතට බයක් දැනෙන්න ගත්තේ කෙල්ල තේජාන් ට මේ වෙද්දි අසීමාන්තිකව ආදරේ කරන්න පටන් අරන් තිබුන නිසාමයි….

කොල්ලා කෙල්ල ලගට ඇවිත් කෙල්ල නිදාගෙන හිටපු ඇදේ පැත්තකින් වාඩි උනේ කෙල්ල හිතුවා වගේම කෙල්ලට තමන්වම කොන්ට්‍රෝල් නැතිව ඇස් වල කදුලු පිරෙද්දි මයි….

19 කොටසින් හමුවෙමු…

ඊලග කොටස අද රෑ 7 ට….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

කතාව ගැන අදහස් කියන් යන්න යාලුවනේ…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *