ඇයත් පතිනියකි 22

22_කොටස

“සොරි මචන්…වැස්ස හින්දා ලේට් උනේ….”

රූම් එකට එනවත් එක්කම සහස් කිවුවේ වැස්සට තෙමිලා තිබුන හිසකෙස් අතින් හදන ගමන්…ඒත් ඊලගට කොල්ලා දැක්ක දේ නිසා කොල්ලා තේජාන් දිහා බැලුවේ පුදුමයෙන්…

“මචන්….මොකද උනේ….නංගි…ඔයා…ඔයා වෙවුලනවා…ඔයාට උනද…මොකද මේ ඇදුමත් එක්ක තෙමිලා……”

තේජාන් දිහත් සේයා දිහත් මාරුවෙන් මාරුවට බලලා සහස් කිවුවේ කිසි දෙයක් හිතා ගන්න බැරුව..ඒත් තේජාන් ගෙන් වත් සේයා ගෙන් වත් පිලිතුරක් නොලැබුනම සහස් තේජාන් දිහා බැලුවේ තරහින්…

“උබ මේ කෙල්ලට බැන්නද…මන් උබට කී පාරක් කිවුවද මේ කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ හොදට බලාගනින් කියලා…”

සහස් ගේ ඇස් තේජාන් දිහා තරහිනුත් සේයා දිහා අනුකම්පාවෙනුත් බැලුවේ පොඩි කාලේ ඉදන් තමන් ගේ සහෝදරයා වගේ හිටපු යාලුවා මොන වැරැද්ද කරත් යාලුවගේ පැත්ත ගන්න මේ සහස් අද සේයා ගේ අසරන අහිංසක ආදරේ තේරුම් ගත්ත නිසාම සේයා ගේ පැත්ත ගනිමින්..ඒත් තේජාන් ගැන තිබුන එහ් තරහා තත්පරෙන් නැති වෙලා ගියේ කොල්ලගේ ඇස් වලින් කදුලු වැටුන හින්ද මයි…

“අනේ..මචන්…උබ අඩනවද…කතා කරපල්ලකෝ දෙයියනේ..මෙතන මොකක්ද උනේ…”

“සහස්…සේයා…සේයා කතා කරන් නෑ බන්….මන් ගොඩක් කතා කරා…බලාගත්තු අතම බලාගෙන ඉන්නවා…මන් වොශ් එකක් දාන් පහලට යද්දි අර අකුනු ගහන වැස්සේ ගානක් නැතුම තෙමීගෙන හිටියා..මන් ගේ දෙකක් වෙන්න ගෑ ගැහුවත් මේකි නෙමෙයි වචනයක් වත් කතා කරේ…. මන් මිදුලේ ඉන්නවා දැක්කේ නැත්නම් තාමත් තෙමෙනවා…මන් ලගට යද්දි ත් ඇග හොදටම වෙවුලනවා…බීච් එකේදි තුවලේ රිදෙනවා කිය කිය හිටපු කෙල්ල තුවාලෙට වට්ගුර වැටිලා පෙගිලා යද්දො ත් ගානක් නැතුව ඉන්නවා…මන් රූම් එකට එක්ක ඇවිත් පිහලා පැනඩෝල් එකක් බීලා වොශ් එකක් දාගන්න කිවුවා…ඒත් වචනයක් වත් කතා කරන් නෑ මචන්..බලාගත්තු අතම බලන් ඉන්නවා…අනේ මචන්…මගේ සේයාට කතා කරන්න කියපන්…මාව මැරෙයි…..”

තේජාන් බීච් ගිහින් මේ වෙනකම් උන හැමදේම කියන්න ගත්තේ purse එකේ කතාව සහස් ටත් හංගමින්…සහස් හැමදේම මවාගත්ත සන්සුන් කමකින් අහන් ඉදලා ඊලග තත්පරේ සේයා හිටපු ඇද ලගට ගිහින් කෙල්ලගේ මූන දිහා මොහොතක් බලන් හිටියා….ඊලගට කෙල්ලගේ ඔලුව සීරුවට අත ගාන්න ගත්තේ සැබෑම සොහෝදරයෙක් ගෙ සෙනෙහසින්…

“නංගි….තේජාන් මට කියලා තියනවා උබ ගැන…මන් දන්නවා උබට මන් කියන දේ ඇහෙනවා …තේජාන් මට කිවුවා උබට ඉන්නේ නංගි කෙනෙක් විතරයි කියලා… අද ඉදන් මේ අයියා උබගෙම අයියා කියලා හිතපන් නංගි….තේජාන් මගෙ යාලුවා තමයි..හැබැයි අයියා කෙනෙක්ගෙයි නංගි කෙනෙක්ගෙයි බැදීම යාලුකමට වඩා ගොඩක් ලගයි…”

කොල්ලා කිවුවේ කෙල්ල මේ වෙලාවේ ඉන්න තත්වේ හොදටම තේරුම් අරන් හරි පරිස්සමට වචන ගලපමින්…ඒත් එහ් වචන වල ඉදිකටු තුඩක තරම් වත් වන්චාවක් බොරුවක් ගෑවිලාවත් තිබුනේ නෑ…ඒත් කෙල්ලගෙන් තාමත් ප්‍රතිචාරයක් නොලැබෙද්දි කොල්ලා ආයෙත් කතාව පටන් ගත්තේ කෙල්ල දිහා අනුකම්පාවෙන් බලලා…

“උබ දන්නවද..මට කෙනෙක් ව දැක්කම හිතේ තියන ගොඩක් දේවල් කියන්න පුලුවන්…මන් දන්නවා උබ ඉන්නේ දුකින්..මෙතන මූ කියන දේට වඩා වැඩියෙන් මොනවහරිම වෙලා තියනවා..ඒකයි මගෙ නංගි ඔහොම ඉන්නේ….හැබැයි මොන දේ උනත් උබ තනි වෙලා කියලා හිතන්න එපා…මොන දේ උනත් උබට මේ අයියා ඉන්නවා….”

කොල්ල එහ් වචන ටික කෙල්ලගේ ඔලුව සීරුවට අත ගාලා කියද්දි මේ තරම් වෙලාවක් නිහඩව කදුලු පවා මොහොතකට නතර කරගෙන බලා ගත්තු අතම බලන් හිටපු කෙල්ල මහා හයියෙන් අඩන්න පටන් ගත්තේ දෝතින් ම මූන වහගෙන හිතේ තිබ්බ දුක තවත් හිර කරගෙන ඉන්න බැරිම තැන…

“මන් උබට මේ දැන් පොරොන්දු වෙනවා කවදාවත් උබට අසදාරනයක් වෙන්න මේ අයියා ඉඩ තියන් නෑ… අඩන්න එපා නංගි…උබව උබගෙ අම්මයි තාත්තයි මෙහෙට එවුවේ උබ ඔහොම අඩනවා බලන්න නෙමෙයි….”

කොල්ලා එහෙම කියනවත් එක්කම කෙල්ල ඇස් වල තිබ්බ කදුලු දෝතින්ම පිහිද ගත්තේ මොහොතකටවත් තේජාන් දිහ බලන් නැතුව…කොල්ලගේ හිතට කියාගන්න බැරි දුකක් දැනෙන්න ගත්තේ පපුව පවා රිදෙන්න ගද්දිමයි… ඒත් කොල්ලා නිහඩවම සහස් දිහත් සේයා දිහත් බලන් හිටියේ ජිවිතේ තමන් අසරන උන ගොඩක් වෙලාවට කොල්ල විසදුම් හෙවුවේ සහස් මාර්ගයෙන් හින්දමයි….

“මේ බෙහෙත් ටික බීලා ලාවට මූන ටිකක් හෝදගන්න…උණු වතුරෙන්.. බීච් ගිහින් හොදටම නටලා වගේ කෙල්ල…”

සහස් මුවට මද සිනාවක් අරන් සේයා දිහා බලලා කියද්දි කෙල්ල නිහඩවම බෙහෙත් ටික බීලා ඇදුමක් අරන් වොශ් රූම් එකට ගියා…සේයා යන දිහා සහස් බලන් හිටියේ ලොකු හිත් වෙදනාවකින්…එහ් තමන් ගේ ම නංගි ගැන හිතන හැගීමෙන්..

“මචන්…”

මෙච්චර වෙලා නිහඩව හිටපු තේජාන් බිදුනු කටහඩින් සහස් ට කතා කරද්දි සහස් තේජාන් දිහා බැලුවේ ඇස් රතු වෙන්න තරම් තරහකින්…

“ඇත්ත කියපන්…මොකද උනේ…ඇයි අර අහිංසකී අර විදිහට හැසිරෙන්නේ…”

සහස් ඇහුවේ කොල්ලගේ ඇස් දිහා කෙලින් බලලා…

“බීච් ගිහින් ගෙදර ඇවිත් ගේ ඇතුලට එන්න හදද්දිම මන් අතින් purse එක වැටුනා… මන් ඒක අහුලන්න හදද්දිම සේයා purse එක ඇහුලුවා…එතකොට purse එකේ තිබ්බ මායි නිසලි යි තුරුල් වෙලා ගත්ත ෆොටෝ එක සේයා දැක්කා මචන්…”

කොල්ලා කිවුවේ එහ් උන හැම සිදුවීමක් ම තමන් ගේ හිතේ ආයේ ආයෙත් මැවෙද්දි ලොකු හිත් වේදනාවකින්…

ඒත් සහස් කොල්ලා ගැන අනුකම්පා නොකරම ඇස් දෙක රතු කරන් තවත් තරහා ගත්තේ තේජාන් පවා ගැස්සිලා යද්දි… මොකද තේජාන් මේ තරහා ජීවිතේ එකම එක පාරක් විතරක් ම දැකලා තිබුන නිසා… අතීතයේ එක දවසක සහස් ගේ නංගි සහස් ගෙම යාලුවෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් තියනවා කියලා දැනගත්ත දවසේ සහස් තරහා ගත්තටත් වඩා තරහක් අද සහස් ගේ මූනේ තියනව දකිද්දි කොල්ලාගේ දුක මොහොතකට අමතක වෙලා ගියේ හිතට බයක් දැනෙද්දි මයි…එහ් සහස් ගේ ඊලග ඇක්ශන් එක මොකක්ද කියලා දන්න හින්දමයි….

23 කොටසින් හමුවෙමු….

ඊලග කොටස හෙට රෑ 7 ට….

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

විහා දිසානායක 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *